Labels

Monday, March 5, 2018

පින් වැඩෙන බෝධි වන්දනාව

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩා වලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය මෙතැන් සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පංචසීලය
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
බුද්ධ රත්නය වන්දනා කිරීම
ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ භගවාති
බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි, යේ ච බුද්ධා අතීතා ච යේච බුද්ධා අනාගතා, පච්චුප්පන්නා ච යේ බුද්ධා අහං වන්දාමි සබ්බදා, නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං, උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං, බුද්ධේ යෝ ඛලිතෝ දෝසෝ බුද්ධෝ ඛමතු තං මමං
ධම්ම රත්නය වන්දනා කිරීම
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති
ධම්මං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච ධම්මා අතීතා ච යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං ධම්මං ච තිවිධං වරං
ධම්මේ යෝ ඛලිතෝ දෝසෝ ධම්මෝ ඛමතු තං මමං
සංඝරත්නය වන්දනා කිරීම
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා, ඒස භගවතෝ සාවක සංඝෝ ආහුණෙය්‍යෝ පාහුණෙය්‍යෝ, දක්ඛිණය්‍යෝ, අඤ්ජලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

සංඝං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච සංඝා අතීතා ච යේ ච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යේ සංඝා අහං වන්දාමි සබ්බදා
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං
උත්තමංගේන වන්දේහං සංඝං ච තිවිධං වරං
සංඝෙ යෝ ඛලිතෝ දෝසෝ සංඝෝ ඛමතු තං මමං

බුදු ගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ පුදමු
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සත්කාරයන් පිළි ගැනීමට අතිශයින් ම සුදුසු වන හෙයින් අරහත් නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ඇතුළු සියලු ධර්මයන් පරෝපදේශ රහිතව ම ඔබ වහන්සේගේ විශිෂ්ට ඤාණයෙන් ම මනා කොට දැනගත් හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු ආර්ය විද්‍යාවන්ගෙන් සහ පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හිතකර දෙසුම් හා යහපත් ගති ඇතිව මැදුම් පිළිවෙතින් පරම සුන්දර වූ නිවනට සපැමිණි හෙයින් සුගත නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සියලු ලෝක ධාතුව ම නිරවශේෂයෙන් ම දැන වදාළ හෙයින් ලෝකවිදූ නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දමනය කළ නොහැකි වූවන් දමනය කර සුමගට යොමු කිරීමෙහි අන් හැමට වඩා අග්‍ර වූ හෙයින් අනුත්තර පුරිසදම්ම සාරථි නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දෙව් මිනිසුනට මෙලොව පරලොව යහපතටත්, නිර්වාණ ශාන්තිය උදෙසාත් අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සෙසු දෙවි මිනිසුනට ද අවබෝධ කරවා බොහෝ සත්ත්වයන් දුකෙන් මුදවාලූ හෙයින්ද, නිවනට පැමිණ වූ හෙයින් ද බුද්ධ නම් වන සේක.
ස්වාමිනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සැම දෙනා අතර උත්තම වන හෙයින්ද, ඒ සැමගේ අප්‍රමාණ ගෞරවයට සුදුසු හෙයින් ද, භගවා නම් වන සේක.
මෙසේ අනන්ත වූ, අප්‍රමාණ ගුණ ඇත්තා වූ තෛ‍්‍රලෝක තිලක වූ, දෙවියනට දෙවි වූ, මොහඳුරට ළහිරු මඬලක් වූ, කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ, ගමනින් ශාන්ත වූ, පැවැත්මෙන් සංවර වූ, අනාථ නාථ වූ, අසරණ සරණ වූ, කරුණා නිධාන වූ මට ම ස්වාමි වූ, මගේ ම බුදු මෑණියන් වූ, මගේ ම බුදුපියාණන් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මා ඉදිරියේ ජීවමානව ම වැඩ හිඳිනා සේ සිතා ඔබ වහන්සේ උදෙසා ඉතා ශ්‍රද්ධා ගෞරව සහිතව මා විසින් පිරිසුදුව පිළියෙල කරන ලද
මෙම පහන් ආලෝක පූජා කරමි – පුජා වේවා
මෙම සුවඳ දුම් පූජා කරමි – පුජා වේවා
මෙම සුවඳ මල් පූජා කරමි – පුජා වේවා
මෙම සිසිල් පැන් පූජා කරමි – පුජා වේවා
මෙම කිරි ආහාර දානය පූජා කරමි – පුජා වේවා
මෙම දැහැත් පූජා කරමි – පුජා වේවා
මෙම බෙහෙත් පූජා කරමි – පුජා වේවා
මෙම ගිලන්පස පූජා කරමි – පුජා වේවා
මෙම සියලු ම පූජාවෝ ගෞරවාදරයෙන්, අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පූජා කරමි. පූජාවේවා, පූජා වේවා, පූජා ම වේවා!
අප කෙරෙහි අනුකම්පාවෙන් ම මේ සියලු ම පූජාවන් පිළිගන්නා සේක්වා! පිළිගන්නා සේක්වා!! පිළිගන්නා සේක්වා!!!
අතීතයේ බුදු ව වැඩ සිටි, මෙකල බුදු බව ලැබූ, මතු බුදු බව ලබන සියලු බුදුරජාණන් වහන්සේලා මම හැම කල්හි ම වන්දනා කරන්නෙමි.
මට බුදුරජාණන් වහන්සේ හැර අන් පිහිටක් නැත. බුදුරජාණන් වහන්සේ මගේ උතුම් පිහිට වේ. ඒ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගලයක් ම වේවා! ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා දූවිල්ලට ද මාගේ හිස නමා වඳිමි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා අතින් සිදු වූ වරදක් වී නම්, එයට මට සමාව දෙන සේක්වා! ඒකාන්තයෙන් ම බුදුගුණ අනන්ත යි. බුදු ගුණ විද්‍යාමන යි. බුදුගුණ සත්‍යයි/// සංසාර දුකින් අත මිදී නිර්වාණ ශාන්තිය උදෙසා ම ඒ උතුම් වූ බුදු රුවන සරණ යමි///

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍නවම් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍‍‍‍‍‍ජනවාරි 31 වනදා හා ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නවම් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ‍ ‍‍‍‍‍පෙබරවාරි 07 වන   බුදු සරණ පුවත්පතේ පල ලිපි දෙකකි 


No comments:

Post a Comment