පුදුම සහගත සිදුවීම් අපට දිනපතා අසන්නට, දකින්නට ලැබෙයි. බොහෝ දෙය කවුරුන් හෝ බලාපොරොත්තු නොවුන මොහොතක, බලාපොරොත්තු නොවුන අයුරින් සිදුවෙයි. පසුගිය සුනාමි ව්‍යසනය අවස්‌ථාවේ වෙරළාසන්නයේ බිළිදකු බේසමක තබාගෙන නාවමින් සිටි මවකි. නොසිතූ අයුරින් සුනාමි රළ පැමිනුණි. මව සුනාමි රළට ගොදුරු වූවාය. එහෙත් බිළිඳා සහිත බේසම ගස් මුදුනක දෙබලක් අතර රැඳී
දරුවාගේ ජීවිතය බේරුණි. එම දරුවා අදද යහතින් ජීවත් වෙයි. නෙදර්ලන්තයේ 'ඇම්ස්‌ටර්ඩෑම්' ගුවන් තොටුපලට දරුවකු රැගත් මවක් පැමිණියේ මැලේසියාවේ
ක්‌වාලාලම්පූර් ගුවන් තොටුපල බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානයට ගොඩවීමටයි. එහෙත් මාර්ග තදබදය නිසා ඇයට නියමිත වේලාවට ගුවන් තොටුපලට පැමිණිය නොහැකි විය. නියමිත වේලාවට පිටත්වූ යානය සෙසු මගීන් ද සමග අතුරුදන් විය. එම මවගේ සහ දරුවාගේ ජීවිත බේරුණි. පසුගිය සමයෙහි ලංකාවේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ නාය යාම් වලින් පවුල් පිටින් පස් කඳු අතර සැඟවුණි. එහෙත් එම පවුල්වල ඇතැම් සාමාර්කයන් උදෑසන විවිධ කාර්යයන් සඳහා නිවාසවලින් පිටව ගොස් සිටි බැවින් ඔවුන්ගේ ජීවිත බේරුණි. ඉතා මෑත සිදුවූ මීතොටමුල්ල කුණු කන්දට යටවී ජීවිත ගණනාවක් අහිමි විය. එහෙත් ඇතැම් දෙනාගේ ජීවිත බේරුණි. භූමිකම්පා අවස්‌ථාවලදී ද ඇතැමුන් දින ගණන් කොන්ක්‍රීට් තට්‌ටු යට සිරවී සිට දිවි බේරා ගත් අයුරු දැන ගන්නට ලැබුණි.
මෙවැනි දෙය සිදුවීමට හේතුවක්, කාරණයක් හෝ නිර්මාණකරුවකු සිටිය යුතුය. මේවා ගැන දාර්ශනිකයෝ විවිධ මත පළ කරති. ඔවුන් සොයාගත් මූලධර්ම අතර පෙර කරන ලද කර්මය මූලික තැනක් ගනියි. එහෙත් ඇතැම්හු මෙම කර්ම වාදය නොපිලිගනිති. එනමුත් ඉහත් සඳහන් සිදුවීම් වැනි සිදුවීම් හමුවේ ඔවුනට දිය හැකි පිළිතුරක් නැත. බුදුදහම කර්මය ඉතා සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් විග්‍රහ කරනු ලබයි. එහෙත් සියල්ල පෙර කරන ලද කර්මයන් නිසාම සිදු නොවන බව බුදු දහමෙහි පෙන්වා දෙයි. බුදු දහමෙහි උගන්වන්නේ ෙච්තනාවම කර්මය වන බවයි. දිට්‌ඨධම්මවේදනීය ආදී වශයෙන් විපාක දෙන කාලය සහ
ආකාරය අනුව කර්මයෙහි ප්‍රභේද දක්‌වයි. එසේම දුක් විපාක ලබාදෙන අකුසල කර්ම, සැප විපාක ලබා දෙන කුසල කර්ම, දුක් මෙන්ම, සැප ලබා දෙන මිශ්‍ර කර්ම, දුක් සහ ලෞකික සැප ලබා නොදෙන කර්ම වශයෙන් ද කර්මයෙහි ප්‍රභේද දක්‌වා ඇත. දුක ලැබීම මෙන්ම සැප ලැබීමද කර්ම විපාක වශයෙන් සැළකිය හැකිය.
සොරකම , වංචාව වත්මන් සමාජයෙහි නිරතුරුවම අසන්නට දකින්නට ලැබෙන අකුසලයකි. සාමාන්‍ය ජනයා පමණක් නොව, මහා ධනපතියන්, ඇතැම් දේශපාලකයන්, ආගමික නායකයන්, රජයේ උසස් තනතුරු දරන්නන් ද සොරකමට වංචාවට පෙළඹී සිටින බව රහසක් නොවේ. සොරකම් කිරීම වනාහී බරපතල පාප කර්මයකි.
පස් පව්වලට අයත් කාමයෙහි වරදවා හැසිරීම පාප කර්මයක් මෙන්ම, පිරිහීමට ද හේතු වන කරුණකි. වැරදි ලෙස ඉඳුරන් පිනවීමට උත්සාහ කිරීම නිසා මිනිසුන් විවිධ අපරාධ සිදු කරති. සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබීම සහ විවිධ ලෙඩ රෝග වැළඳීමෙන් අකාලයේ මරු වසඟයට යන පිරිස් දිනෙන් දින වැඩිවන ප්‍රවණතාවක් දැකිය හැක. බොරු කීම හෙවත්
මුසාවාදය ද බරපතළ අකුසලයකි. බොරු කියන පුද්ගලයාට කළ නොහැකි අපරාධයක් නැත. එවැන්නන්ට ලැබෙන දඬුවම් පිළිබඳ අප අසා ඇත්තෙමු. 'ලැදිව රජෙක් බොරු බස්‌කීs විගසකයා - නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා, පොළව පලාගෙන ගොස් වැටුණි නරකයා - මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා (ලෝවැඩ සඟරාව ) වැනි කවි මගින් පැවසෙන්නේ එම කරුණයි.
මත් පැන් , මත් ද්‍රව්‍ය වත්මන් සමාජයේ මහත්ම බලවත් ප්‍රශ්නයකි. මෙම විපත පිළිබඳ නොදන්නා කිසිවෙකුත් නැත. එහෙත් එය පිටු දකිනු වෙනුවට එයට ගොදුරු වන පිරිස් දින පතා වැඩි වීමේ ප්‍රවණතාවක් ඇත. කෙසේ වෙතත් මෙම පස් පව් කිරීමෙන් මෙලොව අපමණ දුක් විඳීමට සිදු වෙයි. පරලොවදී ද දුක් විඳීමට සිදුවෙයි. ' පස් පව් කර මෙතනත් ලැබ සෝකය 'ගොස් නිරයේ දුක් විඳිති අනේකය ' (ලෝවැඩ සඟරාව) යනුවෙන් පවසා ඇත්තේ එම කරුණයි.
භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඡේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයක භික්‌ෂුන් වහන්සේලා අමතා 'මහණෙනි, සත්ත්වයෝ කාය දුශ්චරිතවත් වන්නේ නම් වාග් දුශ්චරිත වන්නේ නම් මනෝ දුශ්චරිත වන්නේ නම් ආර්යෝපවාද කලාහු නම් , මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු නම් ඔව්හු ඒකාන්තයෙන්ම මරණින් පසු ප්‍රේත ආත්ම ලබන්නාහුය. එසේම තිරිසන් ජාතියෙහි උපදින්නාහු ය. එසේම එවැනි මිනිසුන් මරණින් පසු අපායට නොහොත් නිරයට පැමිණෙන්නාහු ය. මහණෙනි, එවැනි නිරිසත්ත්වයන් යම පල්ලන් විසින් යම රජු වෙත පමුණුවති. එවිට යම රජු විසින් 'එම්බා පුරුෂය, තොප උඩුකුරුව මල මුත්‍ර ගොඩෙහි වැතිර සිටින ළදරුකු නොදුටුවෙහිද?
යනුවෙන් ප්‍රශ්න කරයි. එවිට 'දුටුවෙමි ස්‌වාමීනී' යනුවෙන් පිළිතුරු දෙයි. එසේනම් තොපට මෙවැනි හැඟීමක් ඇති
නොවුණිද? මමත් මෙසේ අසරණව සිටියා නොවේද යන හැඟීම ඇති නොවුනාද? එසේ හැගීමක් ඇතිව සිතින් කයින් මනසින් සිදු කරන වැරදිවලින් වෙන්වීමට අදහස් නොකළේ මන්ද? එසේනම් තොපම දඬුවම් විඳිය යුතුය. හොඳයි කමක් නැත. තොප දෙවන දේවදූතයා නොදැක්‌කෙහිද ? එනම් උපතින් අසූ වයස් ඉක්‌මවූ, දිරාපත්වූ, වකුටුවූ, හැරමිටියක පිහිටෙන් ගමන් කරන, වෙව්ලන, දත් හැලුන, කෙස් පැසුන, කෙස් ගිලිහුන, සම රැලි වැටුන ස්‌ත්‍රියක හෝ පුරුෂයකු දකීමෙන් පසුව මටත් මෙලෙස සිදු වන්නේය. මෙසේ සිතා, කයින් වචනයෙන් මනසිaන් සිදු කරන වැරදිවලින් වෙන්ව කටයුතු නොකළේ මන්ද? එබැවින් තොපම මෙහි විපාක විඳිය යුතුය.
එසේනම් එම්බල පුරුෂය, තොප තුන්වන දේවතාවා නුදුටුවෙහිද? තොප ආබාධයට ලක්‌වූ , ගිලංවූ , සිය මළමුත්‍ර ගොඩෙහි වැතිර සිටින්නාවූ පුරුෂයෙක් හෝ ස්‌ත්‍රියක නොදැක්‌කෙහිද ? එසේ දැක මාද මෙලෙස ආබාධයට ලක්‌වෙමි කියන සිතුවිල්ලෙන් කයෙන් සිතින් වචනයෙන් සිදු කරන වැරදිවලින් මිදී කටයුතු නොකළෙහි නම් තොප විසින් දඬුවම් විඳිය යුතු වෙයි. එය වෙනත් කිසිවකු විසින් කරන ලද්දක් නොව, තොප විසින්ම කරගන්නා ලද දෙයකි. කමක් නැහැ තොප හතරවන දේවදූතයා නොදුටුවෙහිද? එම්බා පුරුෂය, මිනිස් ලොව රජදරුවන් විසින් නොයෙකුත් අපරාධ කළවුන් අල්වා දෙතිස් වදයට ලක්‌කරනු නොදුටුවෙහිද? එනම් කසයෙන් තැලීම, වේවැලින් තැලීම, පොලුවලින් පහර දීම, අත් සිදීම, පාසිඳීම, අත්පා සිඳීම, කන් නාසා සිඳීම, උල තැබීම, කඩුවෙන් ගෙල සිඳීම, මෙවැනි වද දීමෙන් දුක් විඳින සත්ත්වයන් දැක දැකත් කයෙන්, වචනයෙන්, සිතෙන් අකුසල් කළානම් තොපම එයට විsපාක විඳිය යුතුය. කම් නැත, තොප පස්‌වැනි දේවදූතයා නොදුටුවෙහිද? එනම්, මරණයෙන් දිනක් ඉක්‌මවූ, මැරී දින දෙකක්, තුනක් ඉක්‌මවූ, ඉද්මී, නිල්වන් වූ, විකෘති වූ, මල සිරුරක් දැකීමෙන් පසු වුව ද සිතින් කයින් වචකයෙන් යහපත් දෙය නොකලෙහි නම් එයට තොප විසින්ම දඬුවම් විඳය යුතු වෙයි.
මෙසේ පවසා විනිශ්චය කර , එතැන් සිට එම නිරි සත්ත්වයා අනේකවිධ වධ බන්ධන වලට පමුණුවයි. කොතෙක් වධ දුන්න ද ඔහු විසින් කරන ලද පාප කර්මය තිබෙනතාක් මරණයට පත් නොවෙයි. අප්‍රමාණ ආයු කාලයක් නිරයෙහි දුක් විඳියි. දේවදූත සූත්‍රයෙහි ඒ පිළිබඳ දීර්ඝව විස්‌තර කර ඇත. අවසන නිරය පාලකයෝ එම නිරි සත්ත්වයාගෙන් කුමක් කැමති වන්නේද'යි අසයි. හෙතෙම කුස ගිනි ඇති බව පවසයි. එවිට යම පල්ලන් ගිනියම් අඬුවෙන් ඔහුගේ මුව විවර කර ගිනිගෙන දිළිසෙන ලෝහ ගුලි මුඛය තුළට දමයි. එවිට මුඛය, උගුර, උදරය, අතුණුබහන් පිළිස්‌සී ගොස් අධොමුඛයෙන් පිටව යයි. එහෙත් ඔහුගේ පාප කර්මය තිබෙන තුරු මරණයට පත් නොවේ. නැවත යමපල්ලන් විසින් ඔහුගෙන් කුමක් කැමති වන්නෙහි ද'යි විමසයි. එවිට පිපාසිතයෙමි'යි කියයි. ඉන් පසු ගින්නෙන් දිළිසෙන යකඩ අඬුවලින් මුව විවර කර, ගිනිගෙන දිළිසෙන ලෝදිය මුව තුළට දමයි. එසේ මුවට දැමූ ලෝදිය මුඛය, උගුර, ආමාශය, ඇතුළු සියල්ල පුළුස්‌සා දමමින් අධෝ මුඛයෙන් පිටව යයි.
පාප කර්ම කළ පුද්ගලයන් මෙසේ නිරයට වැද අපමණ දුක් විඳිති. එසේම යම් පුද්ගලයකු එම උතුම් ආර්ය ධර්මයෙහි
පිහිටා කටයුතු තරයි නම් ජාති, ජරා, මරණවලට හේතු වූ තෘෂ්ණාව සහ උපාදානය අත්හැර සියලු සසර දුක් නැති කර උතුම් නිර්වාන සුවයට පත් වෙති.
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
නාලන්දේ විමලවංශ හිමි
2017 මැයි මස 10 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment