සූත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ඛුද්දක පාඨ තුළ (පි.අං.20) සහ සුත්ත නිපාතයෙ හි, උරග වග්ගයේ (පි.අං.46) හි සංග්‍රහ වන මෙත්ත සූත්‍රය හෙවත් පිරිත් පොතේ සඳහන් වන පරිදි කරණීය මෙත්ත සූත්‍රය ආරක්‌ෂක පිරිතක් වශයෙන් බොහෝ දෙනෙක් භාවිතා කරති. මෙම සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් ම භික්‌ෂුන් වහන්සේලා පන්සීය නමක් අරභයා කමටහනක් වශයෙන් ද, ආරක්‌ෂක පිරිතක් වශයෙන් ද, දේශනා කරන ලදි.
එක්‌තරා ගල්තලාවක් සහිත රුක්‌ගොමුවක් සහිත වනලැහැබක් ඇසුරුකොට බ්‍රහ්මචර්යාවේ යෙදුන සිල්වත් භික්‌ෂුන් වහන්සේලා නිසා එහි සිටි රුක්‌දේවතාවන්ට ගස්‌වලින් බිමට බැසීමට සිදුවිය. එම භික්‌ෂුන් වහන්සේලා පලවා හැරීමට එම රුක් දේවතාවන් භයානක රූප, ශබ්ද, දැරිය නොහැකි ගන්ධ ආදිය මවා බියගැන්වූහ. එසේ බියට පත් භික්‌ෂුන් වහන්සේලා විසින් සංඝ ස්‌ථවිරයාණන් වහන්සේට මේ කාරණය සැළකොට, සියල්ලන් ම නැවත භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ, එම කාරණය දැනුම් දුන්හ. එහිදී සර්වඥයන් වහන්සේ මෙත්ත සූත්‍රය කමටහන වශයෙන් සහ ආරක්‌ෂක පිරිතක් වශයෙන් දේශනා කළ සේක. භික්‌ෂුන් නැවත පෙර ස්‌ථානයට ම පැමිණ, දුන් උපදෙස් අනුව කටයුතුකර අනාගාමී වී පසුව අරිහත් ඵල සාක්‌ෂාත් කර ගත්හ.
නිවන නැමති ශාන්ත පදයට කැමති පුද්ගලයා මෙසේ විය යුතුය.
සක්‌කෝ - ලෝකය අසාර බව දකිමින් ලෝකෝත්තර නිර්වාණයට ගමන් කිරීමට තිසරණ සරණ යන දක්‌ෂයෙක් විය යුතුය.
උජු ච සූජූ ච - සෘජු විය යුතුය, මනාකොට සෘජු විය යුතුය. එනම් නැතිගුණ නො පෙන්වමින් (අසඨෝ) තියෙන වැරදි නො සඟවමින් (අමායා) සීලය තුළ හික්‌මිය යුතුය. එනම් තමා සිදුකරන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ඵප්පලාප ආදී වැරදි දැකිය යුතු අතර, නැවත ඒවා නොකරන බවට අධිෂ්ඨාන කළ යුතුය.
සුවචෝ - දුවච්ච භාවයෙන් ඉවත්විය යුතුය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළ ගමන් කිරීමට කීකරු විය යුතුය. තමාගේ අභ්‍යන්තරයේ ඇති ලාමක ගති අතහරිමින් සද්ධර්මයට ඇහුම්කම් දෙමින්, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුව කටයුතු කළ යුතුය.
මුදු - තමන්ගේ දෘෂ්ටීන් වෙනස් කරගෙන සත්‍ය ධර්මයට තවදුරටත් නම්‍යශීලී විය යුතුය. එනම් ගරු කළයුතු පූජනීය ස්‌ථානවලට, පුද්ගලයන්ට සහ ධර්මයට නිසිලෙස ගරුකිරීම් සිදුකළ යුතුය.
අනතිමානී - අතිමානය නැතිකළ යුතුය. නිහතමානී වන්නේ අරහත්වයේදීය. අතිමානය යනු තමන් ම ශේ්‍රෂ්ඨයි, ජ්‍යෙෂ්ඨ යි ලෙස සිතීමයි. මානය ඇතිවන්නේ තව කෙනෙකු සමඟ සැසඳීමෙනි. තමන්ට වඩා වෙනස් බව පෙනෙන්නේ ඇත්ත නොදන්නා නිසාය. තමන්ගේ ශරීරයත්, අන් ශරීරත් අසූචි ගොඩක් බව දන්නේ නම් සහ තමන්ගේ සියලුදේ ත් අන් අයගේ සියල්ල ත් ඇතිවෙලා නැතිවෙලා යන ධර්මතාවයන් බව අවබෝධ වුවහොත්, අන් අය උස් පහත් කිරීමට කාරණා නොමැත.
සන්තුස්‌සකෝ ච - ලද දෙයින් සතුටු වී, සුභරෝ ච - පහසුවෙන් පෝෂණය වී, අප්ප කිච්චෝ ච - ස්‌වල්ප කටයුතු ඇතිව, සල්ලහුක වුත්ති - සැහැල්ලුවෙන් වාසය කළ යුතුය. අට පිරිකර පමණක් භාවිතා කරන භික්‌ෂුව ලද දෙය පරිභෝජනය කරමින්, නිවන සඳහා සැහැල්ලුවෙන් වාසය කරති. යාන, වාහන, දේපළ, වස්‌තුව, ධනය, නිලතල, බලය ආදිය සොයන කෙනාට මෙසේ ජීවත්විය නොහැක. ඊට හේතුව ඔවුන් සොයන්නේ නිවීම නොවන නිසාය.
සන්තින්ද්‍රියෝ ච - ඇස, කණ ආදී පංච ඉන්ද්‍රියන් සංවර කරගත යුතුය. ඉන්ද්‍රියන් අසංවර වුවහොත්, නැවතත් රූප වලට ජන්ද රාගයක් ඇති වී, ඒවා අත්පත්කර ගැනීමට මනෝ, වචී, කාය කර්මයන් සිදුකරයි. එහිදී කටයුතු බහුල වී සැහැල්ලු පැවැත්ම අහිමිවේ. එමෙන් ම අකුසලයන් ද සිදු කරයි.
නිපකෝ - ඉන්ද්‍රිය සංවර කරගෙන, අකුසලයන්ගෙන් වෙන්වී, සැහැල්ලු පැවැත්මක් ඇතිකර ගැනීමට වන බුද්ධිමත් ජීවිතය ම ගතකළ යුතුය.
අප්ප ගබ්භෝ - ප්‍රගල්භය නැතිකළ යුතුය. තමන්ව සිතින්, කයින්, වචනයෙන් ඉස්‌සීමක් නොකළ යුතුය. මෙසේ ඉස්‌සීම සිදුකරන්නේ අහංකාරය නිසාය. තමන් ලස්‌සන යෑයි සිතන්නේ, අන් අය තමන් දෙස බලන නිසාය. අන් අය තමන් දෙස බලනවා ද? කියා නො සොයා ඇස සංවර කරගත්තා නම් අහංකාරයක් ඇති නොවේ.
කුලේසූ අනනුගිද්ධෝ - කුලන්හි නො ඇලිය යුතුය. යම් අයෙක් කුලයක් අල්ලා ගන්නෙ මමංකාරය නිසාය. මගේ පවුල, මගේ ගම, මගේ පාසල, මගේ ඤාතීන්, මගේ පක්‌ෂය යනාදී වශයෙන් කුල අල්ලාගතහොත්, එම කුලයේ ඇලෙයි. එවිට එම අයට යම් හානියක් සිදුවන විට තම සිතේ වෛරයක්, ක්‍රෝධයක් ඇතිවේ. කුලයක් අල්ලාගෙන මෛත්‍රිය පතුරවන්නේ නම්, එම මෛත්‍රිය එම කුලයට පමණි. කුලය අල්ලාගැනීමෙන් මමත්වය ඇතිවන නිසා සක්‌කාය දිට්‌ඨිය ප්‍රහීන නොවේ.
මෙසේ නිවන කැමති පුද්ගලයා, බුද්ධා දි උත්තමයන් වහන්සේලා නින්දා කරන එවැනි කුඩා වූ වරදක් වත් නො කිරීමට අධිෂ්ඨාන කරගෙන වාසය කළ යුතුය.
මෛත්‍රිය පතුරවන අයුරු
මෙසේ කෙලෙස් වලින් ඉවත් වී සුවපත්ව, බිය රහිතව, දුක් රහිතව වාසය කරන නිවුන පුද්ගලයා ''අන් සත්වයන් ද මෙලෙස කෙලෙස්‌වලින් ඉවත්ව සැප ඇත්තෝ වෙත්වා¾ භය නැත්තෝ වෙත්වා¾ සුත සිත් ඇත්තෝ වෙත්වා¾'' යි මෙත් සිත පතුරවයි.
සියලු සත්වයන් ලෙස ''කෙලෙස් සහිත, කෙලෙස් රහිත, දිග, මහත, මධ්‍යම, කුඩා, අනුක, රවුම්, ඇසට පෙනෙන, නොපෙනෙන, දුර සිටින, ළඟ සිටින, ඉපදී සිටින, ඉපදීමට සිටින, සියලු ම සත්වයෝ'' අන්තර්ගත කෙරෙති.
එමෙන් ම නව ආකාරයකින්, ''කිසිවෙකු අනෙකකු නො රවටාවා¾ අවමන් නො කරාවා. කයෙන්, වචනයෙන් සහ සිතෙන් සිදුවන කෝපයන්ගෙන්, එකෙක් අනෙකකුට දුකක් නොම දේවා¾'' ලෙස ද මෙත්සිත පතුරවයි.
එකම දරුවෙක් සිටින මවක් තමන්ගේ දරුවාට යම් අනතුරක් සිදුනොකර ජීවිත පරිත්‍යාගයෙන් රැකබලා ගන්නා සේ සියලු සත්වයන්ට මෛත්‍රිය අප්‍රමාණව පැතරවිය යුතුය. සියලු සත්වයන් තමන්ගේ ම දරුවන් ය. සතුරා ත් දරුවෙකි.
මෙම මෛත්‍රිය උඩ සිටින දිව්‍ය, බ්‍රහ්ම ලෝක සත්වයන්ට, යට සිටින නිරය සහ නා ලොව සත්වයන්ට, මැද ඇති මනුෂ්‍ය, තිරිසන්,ප්‍රේත, අසුර යන සත්වයන්ට බාධාවකින් තොරව මෙත්තාව පැතිරවිය යුතුය.
එමෙන්ම සිටගෙන සිටින විට, ඇවිදින විට, ඉඳගෙන සිටින විට, නිදාගෙන සිටින විට සහ යම්තාක් අවදිව සිටින විට ඉහත ලෙස සිහියෙන් හා අධිෂ්ඨානයෙන් යුක්‌තව මෙත්තාව පවත්වමින්, මේ ශාසනයේ බ්‍රහ්ම විහාරව වාසය කරන ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත.
ලැබෙන ප්‍රතිඵලය
මෙසේ වාසය කිරීමෙන් මිත්‍යාදෘෂ්ටීන් බිඳ දමා, සිල්වත් වී, කාමයන් දුරු කොට, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අනාගාමී වී සුද්ධාවාස බ්‍රහ්මලෝකවල ඉපදී අරහත්වයට පත්වන්නේය.
මේ අනුව නිවනට කැමති පුද්ගලයා තම වැරදි සාදාගෙන මෙත්තාව පතුරවන්නේ නම්, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා අප්‍රමාණයන් තුළින් විමුක්‌තිය ලබන බව කරණීය මෙත්ත සූත්‍ර කමටහන තුළින් විස්‌තර වේ. එනම් නිසි ආකාරයෙන් මෛත්‍රිය වඩා නිවන් දැකීමට අධිෂ්ඨාන කරගනිමු.
පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම
2017 මැයි මස 10 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment