මිනිස් ලොව පුහුදුන් ජීවිත ගත කරන සියල්ලෝම සිය ජීවිත වල යම් යම් බලාපොරොත්තු තබා ගනිති. තවද එම බලාපොරොත්තු කරා ළඟා වීමේ වෑයමකද නිරතුරුව යෙදෙති. පාසල් සිසුවකුගේ බලාපොරොත්තුවකට වඩා වෙනස් බලාපොරොත්තුවක් නැතිනම් වෙනස් ඉලක්‌කයවක් තරුණ වියට පත් වූවකුට තිබිය හැකිය. වයසින් මුහුකුරා ගිය අයකුට එය වඩාත් වෙනස් විය හැකිය. මෙසේ වයස, දැනුම හා බුද්ධිය, තරාතිරම අනුව මේ ඉලක්‌කය එකිනෙකට වෙනස් වේ. බලාපොරොත්තුව ඉලක්‌කය, අරමුණ, ප්‍රාර්ථනාව මේ කුමන වචනයෙන් වුවද ප්‍රකාශයට පත් වන්නේ එක සමාන වූ අරුතකි. එහෙත් එය ඉටු වනුයේ ඒ සඳහා ගන්නා වෑයම අනුවය. මෙකී වෑම බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලිs කරනතෙක් පෙරුම් පිරීමකි. නැතිනම් පාරමිතාවකි.
මහ සමුදුරේ ගමන් ගත් නෞකාවක් බිඳී විනාශයට පත්වූ කල්හි සිය මව කර මත රඳවා සත් දිනක් මුහුද පීනා එගොඩ වූ කල "පුතේ නුඹ බුදු වේවා" යන සිය මෑණියන්ට දුන් පළමු විවරණයෙන් දිරිමත්ව "මතු දිනක බුදු වෙමි"ය යන ප්‍රාර්ථනාව ඇතිව සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා සසර ඇවිදිමින් අප බෝසතාණන් පාරමී පිරූ බව බෞද්ධ සැදැහැවත්හු දනිති. මෙසේ සම තිසත් පාරමිතා පිරූ අප බෝසතාණෝ වෙසක් පුන් පොහෝ දිනක බුද්ධ ගයාවේ පිහිටි ඇසතු බෝමුල්හි දී බුද්ධත්වයට පත් වූ සේක. ඒ අයුරින් උන්වහන්සේග ප්‍රාර්ථනාව සමෘද්ධ විය.
ගරුතර මහ සඟරුවනට දන් පැන් පූජා කළ විටද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනට පත් වේවා යනුවෙන් උන්වහන්සේලා ආශිර්වාද කරති. කෙනෙකු අන් කෙනෙකුට සෙත් පැතූ පමණින්ම ඒ පැතුම් ඉටු නොවේ. ජය වේවා, දීර්ඝායුෂ වේවා. නිරෝගි වේවා. නිවන් දකීවා. යන අයුරින් ආශිර්වාද කිරීම් අද ඕනෑ තරම් අසන්නට ලැබේ. යමකුට ප්‍රාර්ථනාවක්, අරමුණක්, ඉලක්‌කයක් තිබේ නම් ඒ සඳහා වූ දෘඪතර වෑයමක් ද තිබිය යුතුය. නිවන් දකීවා යන්න බැනරයක ලියා එල්ලූ පමණටම ශෝකප්‍රකාශය මුදුනට කළ පමණටම මිය ගිය අයට නිවන් දැකිය නොහැක. ඒ සඳහා සසර සැරි සරද්දී රැස් කළ පුන්‍ය බලයක් පාරමිතාවක් තිබිය යුතුය.
කාශ්‍යප බුදුන්ගේ සමයේ එක් ගඟක් අසබඩ විහාරයක විසු තෙර නමක් උදැසන මිදුල් අමැද රැස්‌වූ කසළ ගෙන ගොස් දමන්නට එක් සාමණේර නමකට විධාන කළේය.
තුන් විටක් කළ විධානයද නොසලකා හැරියෙන් හිමිනම සාමණේරයනට මුස්‌නෙන් පහරදී සිව්වැනි වරටද විධාන කළේය. යළිත් පහර කන්නට සිදු වේයෑයි බියෙන් සිතින් නොසිතින් කසළ ඉවත් කළ ඒ සාමණේරයෝ බල කිරීමෙන් වුවත් මේ කසළ දැමීමේ පිනෙන් උපනූපන් තැන මුදුන්පත් හිර මෙන් තේජස් ඇති වෙම්වා පහර කෑයේ තේජස් නැති හෙයින් වේදැයි පළමුකොට පැතූහ. යනුවෙන් සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථයෙනි නාගසේන වස්‌තුවෙහි සඳහන්ය. එහිම මේ ජාතියේ පටන් වාද කොට හෙම්වයි අභිමාන පරව දෙවැනිව පැතූ ඇය" යනුවෙන් ද නාගසේන වස්‌තුවෙහි සඳහන්ය. පහර දුන් තැනැත්තාද ඒ ප්‍රාර්ථනාව අසා මේ ජාතියේ පටන් නිවන් දක්‌නා ජාති දක්‌වා ගඟ රළ ගැස්‌ම සේ නොගෙවෙන්නා වූ වැටහීම් ඇතිව වාද විසින් මූ විචාල දෙයක් පැකිළීමක් නැතිව කියාලිය හෙම්වයි මූගේ වාදයෙක් ඇත්නම් මා කරා පැමිණ මේ ගඟ රළ වෙරළාන්තයට පැමිණ බිඳෙන්නා සේ බිඳේවායි යනුවෙන් ප්‍රාර්ථනා කළේය. මෙසේ වූ ප්‍රාර්ථනා ඇති ඒ දෙදෙනා මිළිඳු රජු සහ නාගසේන ලෙස උපත් ලබා වාද කළ සැටිත් නාගසේන හිමියන්ට ඉන් ජය අත් වූ සැටිත් සද්ධර්ම රත්නාවලිය මනාව විස්‌තර කර ඇත.
පාප ෙච්තනාවකින් වෛර බැඳ පැතූ ප්‍රාර්ථනාවන් පිළිබඳව ප්‍රවෘත්තියක්‌ද එම ග්‍රන්ථයෙහිම අන් තැනක සඳහන්ය. එය නම් කර ඇත්තේ කාලියකින්නගේ වස්‌තුව යනුවෙනි. "මිය යන වේලේදී අනේ තොප කළ මුළාව බලවත. දරු තුන්දෙනකුත් මාත් අප සතර දෙනකු නසාපිය මමත් මිය ගොසින් යකිනිව ඉපිද තොප වැදූ දරුවනුත් තොපවත් කන්නට සමර්ථ වෙම්වයි පතාගෙන එම ගෙයි බැළල්ව උපන උයින් මිය ගොසින් එම ගෙයි කිකිළිව උපත මේ ආදී වශයෙන් සසර සැරිසරණ තාත් වෛරීව උපන් මේ දෙදෙනා ගෞතම බුදු සසුන දා දහම් අසා පෙර වෛරය දුරු කර ගත් අයුරු කතුවරයා මනාව දක්‌වා ඇත.
සද්ධර්ම රත්නාවලියෙහිම තැන් තැනක අඤ්ඥා කොණ්‌ඩඤ්ඤ තෙරුන් කළ පැතුම යන අනුමාතෘකව යටතේ ගෞතම බුදුන් බුදු වු කපට ඒකානු කප බුදුවූ විපස්‌සී නම් බුදුන් දවස චූලකාල නමින් ඉපිද දන්දී කළ ප්‍රාර්ථනාවක් ගැන සඳහන්ය. තමන් වැපූරු කුඹුරේ අග්‍ර භාගය ගෙන එක් ලක්‍ෂ සැට දහසක් බුදු පාමොක් මහ සඟරුවනට ගිතෙල්, මී, හකුරු යොදා පිසූ කිරිබත් පුදා වළඳවා අවසන "ස්‌වාමීනී මා දුන් මේ අගහස් දන සෑම දෙනාට පළමු නිවන්පුර වදනට හේතු වේවා යිෘපැතූහ" බුදුහුත් එසේම වන බව දැන "එසේම වේවායි වදාළ සේක.
මේ අයුරින් ගෞතම බුද්ධ ශාසනයේ අගසව් දෙනමගේ පටන් ඒ ඒ අයට ඒ ඒ තනතුරු තමන් වහන්සේ දෙවා වදාළේ මුහුණ බලා නොව සසරේදී පින්කම් කොට කළ ප්‍රාර්ථනා අනුවම බව බුදුන්වහන්සේ සිව්වනක් පිරිසට ප්‍රකාශ කළ සේක.
බෞද්ධ සාහිත්‍යයේ ධර්මාශෝක රජු ගැන සඳහන් පුවතට අනුව පෙර අත්බවෙක සහෝදරව උපන් තිදෙනා මී පැණි වෙළෙ¹මේ යෙදෙනුයේ වැඩිමල් දොසොහොයුරෝ වනයේ ඇවිද මී කඩාගෙන ආහ. බාල නැඟණිය ඒවා සල්පිලේ තබා විකිණීය. එහි ආ එක් පසේබුදු නමකට පාත්‍රය පුරා මී පැණි පිදූ දු ඇය එපිනෙන් සිරුරේ සන්ධියක් පවා නොපෙනෙන සේ මසින් වටව සියුමැලිව රූපශ්‍රීන් අගපත්ව ඉපදේවායි පැතුවාය. පසුව ආ දෙසොහොයුරන්ට ද පින් අනුමෝදන් වන්නැයි කීවාය. කෝප වූ එකෙක් නුඹේ පසේ බුදුන් මූදෙන් එතෙර ලවයි කීය. අනෙකා සතුටුව අනුමෝදන් වී එපිනෙන් මතු චක්‍රවර්ති රජකු වේවායි පැතීය. ආත්ම ගණනකට පසුව රජකම පැතූ අය අශෝක නමින් ඉපිද ධර්මාශෝක ලෙස අධිරාජයකු විය. මුහුදින් එතෙර ලවයි කී තැනැත්තා පසුව පින් අනුමෝදන් වුවද එසේ බුදුන්ට කළ පළමු අපහාසයෙන් මුහුදින් මෙතෙර ලක්‌දිව තිස්‌ස නමින් උපන්නේය. දේවානම් පියතිස්‌ස නමින් ප්‍රසිද්ධ වූයේ ඔහුය. ඔවුන්ගේ නැඟණිය අසන්දිමිත්‍රා නමින් ඉපිද අශෝක රජුට අග මෙහෙසුන් වූවාය.
මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන ධාර්මික පඬිවරයකු වූ දඹදෙණි පැරකුම්බා රජුගේ අගමැති පදවිය දැරූ දේවප්‍රතිරාජ අමාත්‍යවරයා සිය අඹුදරුවන් පවා දන් දී බුදු බව පැතූ අයකුසේ සඳහන්ය. එපමණක් නොව සිය මිත්‍ර රජුද බුදු බව ප්‍රාර්ථනයෙහි යොදවනු පිණිස මයුරපාද පිරිවෙන්පති හිමියන් ලවා පූජාවලිය නම් ග්‍රන්ථය ලියවූ බවද එහි සඳහන්ය. "මහ පින් රැස් කරන මහ පින්වත් රජකු බුදුබැව් පැතීමෙහි උපේක්‍ෂා වනු නොයෙදෙයි බුදු වන්නට වහා ප්‍රාර්ථනා කළ මැනැවැයි කී කල්හි'' යන පූජාවලිය පාඨය එය තහවුරු කරයි.
මෙරට සැදැහැත්තන් බුද්ධත්වය පැතූ බවට තවත් එක් නිදසුනක් ලෙස විල්ගම්මුල හිමියන් ලියු සඳකිඳුරු දා කවේ අග සඳහන් මේ පද්‍ය පාද යුගලය දැක්‌වීමට පුළුවන.
මේ ලිව් පින් පුරා
මමද බුදු වෙම්වා ලොව්තුරා
මහනුවර අග භාගයේදී ඉංග්‍රීසීන් මෙරට අයත් කර ගත් අවස්‌ථාවේ ඇතිවූ පළමු කැරැල්ලේ නායකයකු වූ වීර කැප්පෙටිපොල හිස්‌ගැසුම් කෑමට ස්‌වල්ප මොහොතකට පෙර එතුමා කළ ප්‍රාර්ථනාවක් පිළිබඳව මෙසේ සඳහනක් ඇත. වැඩසිටින ගබඩාවේ එළිපත උඩ සිටි භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දණ ගසා ගත් අධිපති තෙමේ තමන් කළ මහ පුණ්‍යකර්මයන් සවිස්‌තරව ප්‍රකාශ කළේය. මෙම පුණ්‍යකර්ම විස්‌තරයෙන් පසු
ඉතො චුතොහං වරජම්බුදීපෙ
හිමාලයෙ හෙම මයම්බිකූටෙ
කප්පායවුකො දෙවපතීව හුත්වා
මෙන්තෙය නාථස්‌ස සුතාමි ධම්මං
යන ගාථාවෙන් මින් චුතව හිමාලයේ වන දෙවියකුව ඉපිද මෙත් මුනිඳුගෙන් දහම් අසා නිවන පසක් කෙරෙම්වා යන ප්‍රාර්ථනාව කළ බවට සඳහන් ය.
තමන් විසින් කරනු ලබන පින්කම්හි අවසන ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කිරීම මගින් සිදු වන්නේ තව තවත් සසර දීර්ඝ වීම පමණමය. ප්‍රඥව නිරෝගීව බව යස ඉසුරු ලැබීම ප්‍රාර්ථනා නොකළද පිනේ විපාක ලෙස තමන් පසුපස එම ඡායාව අනපායිනී යන බුද්ධ වචනය අනුව ම සිදු වේ. එබැවින් බෞද්ධයා තුළ තිබිය යුතු වටිනාම ප්‍රාර්ථනාව විය යුත්තේ නිවන් දක්‌නා තෙක් සම්‍යක් දෘෂ්ටිකව ඉපදීම සහ කෙටි කලකින් නිවන් අවබෝධය ලැබීමත්ය. එහෙත් ලෞකික සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කිරීම වරදක් ලෙස මෙයින් නොකියෑවේ.
ඩී. ඒ. ටී. බී. දේවසිංහ
විශ්‍රාමික විදුහල්පති
2017 මැයි මස 10 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment