Labels

Tuesday, August 1, 2017

කළගුණ දත් ගිජුලිහිණියෙක්‌! ජාතක පොතෙන් ගිඡ්ජ ජාතකය


රන්වන් සුරත් පැහැය ගලා හැළුණු සැන්ඳෑ අහසේ වලාකුළු සැවැත්නුවර ඡේතවනාරාමයට බැඳ තැබූ මනරම් උඩු වියන් සේ ඈතට පෙනුණේය. ඒ ස්‌වර්ණවර්ණයෙන් යුතුවූ විශ්මිත විශ්ම සෞන්දර්යයේ අසිරිය අතරින් පුන් සඳ මඩල එදෙව්රම් වෙහෙර බිම පුරා ඉතිර පැතිරී ගිය නිල් මහනෙල් මල් යායක මිහිරිතම සුවඳ සම්බුදු කුටිය පුරා විසිර පවතින අයුරු එමෙන්ම අප්‍රමාණ ශ්‍රද්ධා ඇත්තවුන්ගේ සාධු නාදයෙන් මේ පින්බිම ඒක නිම්නාද වෙමින්ද තිබේ. සැබවින්ම මේ නම් කොතෙක්‌ නම් සොඳුරු සම්මා සම්බුදු අසිරියක්‌ද?

දම්සභා මණ්‌ඩපය සැදැහැවත් සිව්වනක්‌ පිරිසෙන් පිරී ගොසිනි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම් අසුනරා අමා දහම් දේශනා කරමින් සිටින සේක.

සර්වඥයන් වහන්සේගේ මේ දහම් දෙසුමට පාදකවූයේ පැවිදිව සිට දෙමව්පියන් පෝෂණය කළේ යෑයි චෝදනා ලද භික්‌ෂුවකි. 'සාදු, සාදු, මහණෙනි, එය එසේම විය යුතුය. පෙරත් ඒ උතුම් භික්‌ෂුව ගිය මඟමයෑයි දක්‌වා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ඊට අදාළ වූ අතීතාවර්ජනයයි.

ඒ අප්‍රමාණ වූ භව ගමන් කන්දරාවෙකින් වැසී ගිය දුරාතීතයේ එක්‌තරා කාල පරිච්ඡේදයකි. බ්‍රහ්මදත්ත මහරජතුමා බරණැස්‌ පුරවරයෙහි රාජ්‍ය විචාරමින් සිටියේය. අප මහා බෝසතාණන් වහන්සේ මෙක මෙපුරට නුදුරෙන් වූ එක්‌තරා පර්වතයෙකි අපූරුතම ගිජු ලිහිණියෙක්‌ම උපත ලබා සිටියේය. යහපත් කාලගුණයකින් යුතුවූ පරිසරය හිටිහැටියේම වෙනස්‌ විය. තද අව්ව බැස ගියේය. අහස වැහි මනාරමකින් වැසී යන්නට පටන් ගත්තේය. හදිසියේම ඇද වැටුණු මද වැස්‌සකින් මහ පොළොව මෙන්ම ගහ කොළ හා මල්ද තෙමිණ. මේ හැම විපර්යාසන් අතරින් හමා ගිය දැඩි සුළඟ ඒ දනව් වැසි සැම සිත්වලට ලොකු බියක්‌ ගෙන දුන්නේය. එනම් හෝ හෝ හඬින් බරණැස්‌නුවර පීරා හමා ගිය එම සුළඟ වැදී රූස්‌ස ගස්‌වල පවා තුරු මුදුන් එකිනෙකගැටිණ. වැයළි කොළ හා දඬුපත් ඒ තුරුවලින් ගැලවී වැටුණේ තොරතෝංචියක්‌ නැතිවය. ගිජුකුළු පවවේ මහතුරු මුදුනක ජීවිතය ගත කළ බෝසත් ගිජු ලිහිණියාටද මේ මහ සුළඟ තදින්ම පීඩා කළේය. වැස්‌සෙන්ද තෙමී බැටකා සිටි ගිජුලිහණියා මහ සුළඟේ සැරය දරාගත නොහී බරණැස්‌ නුවර සමීපයේ ඇද වැටුණේය.බරණැස්‌ සිටුතුමා ඒ ළඟ වූ වැවෙන් නාන්නට ගොස්‌ නෑම හමාරවී ආපසු පැමිණෙමින් සිටියේ වැටී සිටි ගිජුලහිsණියා දැක ගන්නට ලැබිණ. ඒ දුටු දසුනෙන් සිටුවරයාගේ හිත තුළ බමහත් කරුණාවක්‌ ඇතිවිය. තෙමී පියාපත් බර උසුලාගත නොහැකිව බිම වැටී සිටි ගිජුලිහිණියාවෙත සිටුවරයා ළංවුණේය. ඌ දොaතට ගත් මහලු සිටු තෙම සිය සිටුමැදුර වෙත රැගෙන ගියේය. ඉන් ඉක්‌බිති ලොකු ගිනිමැලයක්‌ ගසා ගිජුලිහිණියාගේ හොඳටෝම තෙමුණු පියාපත් පරෙස්‌සමින් තලාලූයේය. ගිනිරස්‌නයෙන් මුළු සිරුරම පෙලූ සීතලය දුරස්‌ව ගිය විට ගිජුලිහිණියාට ඉමහත්වූ සුයක්‌ දැණින. ඉන්පසුව වියපත් සිටුවරයා ගිජුලිහිණියාට ආහාර ටිකක්‌ හා බීමටවතුර ද දී එතෙක්‌ පැවති උගේ කුසගින්නද නැති කළේය.

කාලය හෙමි හෙමින් ගලා බැස්‌සේය. වැස්‌සත්, සුළඟත් නරතවී පලාගිය 

ගිම්හානය ආයෙත් බරුස්‌ නුවරට පැමිණියේය. සුවසේ වාසය කළබෝසත් ගිජුලිහිණියා මහලු සිටුවරයාගෙන් සමුගෙන තම පුරුදු නිවහන වූ ඈත ගිජුකුළු පව්ව වෙත පියාසර කළේය. ඉනික්‌බිති කාලයේ වැලිතලාවෙන් බොහෝ දේ යටපත් විණි.එහෙත් බෝසත් ගිජුලිහිණියාගේ සිsත තුළ පැවැති කෘතගුණ දැක්‌වීමේ ගුණය ඒ විසල් වැලිතලාවට යටපත්වී ගියේ නැත. තමා විපතට පත් මොහොතේ බොහෝ උපකාර කළ සිටුවරයාට තමන්ද කළගුණ දක්‌වන්නේ කෙසේදැයි ගිජුලිහිණි තෙම ගතවූ සෑම මොහොතක්‌ මොහොතක්‌ පාසාම කල්පනා කළේය. ඒ අනුව එක්‌වරම ගිජුලිහිණියා තම පිරිස කැඳවීය. එදා බරණැස්‌ නුවර ජීවත්වූ මහලු සිටුවරයා නොවන්නට තමා මළ තැන්හි අද රූස්‌ස ගහකොළ පවා වැව් තිබෙන්නට ඉඩ තිබුණේ යෑයි ගිජුලිහිණි තෙම තම පිරිසට පැවැසුවේය. ''මගේ ප්‍රිය මිතුරනි, එහෙයින් අප සැමවිටම මේ මහලු සිටුවරයා ආදරයෙන් රැකබලා ගන්න ඕනෑ' ඔහුට සත්කාර සංග්‍රහ කරන්නට ඕනෑ. ඉදින් නුඹලා වීදියෙහි කිසියම් ආභරණයක්‌ හෝ පළඳනාවක්‌ දුටුවහොත් වහාම එය අරගන්න. අරගෙන විත් මහලු සිටුවරයාගේ අතට පත්කරන්න. බෝසත් ගිජුලිහිණියා තම මිතුරු පිරිසෙන් ඉල්ලා සිටියේය.

ගිජුලිහිණියා කළ ආයාචනය සැබවින්ම යථාර්ථයක්‌ බවට පත්විය. බරණැස්‌ නුවර වීථිවල යම් ආභරණයක්‌ දුටු සැණින් එය ඩැහැගත් ගිජුලිහිණියෝ එය එසැණින්ම ගෙන ගොස්‌ සිටුමැදුර තුළට දැම්මේය. බරණැස්‌ නුවර වීදිව ස්‌වර්ණDබරණ වෙළෙඳන්ට මේ කොල්ලය ඉමහත් කරදරයක්‌වී තිබිණි. ඔවුහු තම ආභරණ කොල්ලකන ගිජුලිහිණියන් ගැන බඹදත් මහරජතුමා හට පැමිණිලි කළේය. රජතුමා ගිජුගිහිණියන් අල්ලන්නැයි රාජපුරුෂයන්ට නියෝග කළේය. කෙසේ හෝ එක ගිජුලිහිණියෙක්‌ අල්ලාගන්නට රාජපුරුෂයන්ට හැකියාව ලැබුණේය. ඒ ඒ සඳහා අටවන ලද උගුලක ගිජුලිහිණියා ඇද වැටීමෙන් පසුවය. අල්ලා ගත් ගිජුලිහිණියා බරණැස්‌ රජු වෙත රැගෙන ගියේය. එය සිටුවරයාට දැකගන්නට ලැබිණි. සිටුවරයාට එය දරාගත නොහැකි දුකක්‌වී ''අහෝෘ මා දැන් වහා රජමැදුර වෙත යන්න ඕනෑ. එසේ ගොස්‌ මේ ගිජුලිහිණියා මරණයෙන් බේරාගන්නට ඕනෑ' යි සිටුවරයා කල්පනා කළේය. ඒත් එක්‌කම ඔහු ගමනද ආරම්භ කළේය.

සිටුවරයා රජමාලිගාවට පැමිණෙන විට බ්‍රහ්මදත්ත රජතුමා නඩුව අසමින් සිටිෙaය. 

''ගිජුලිහිණිය, වහා පවසව, නුඹලා මෙසේ අනුන්ගේ සම්පත් කොල්ලකන්නේ කුමකටද? රජුකෝපයෙන් ගුගුළේය.

''මහරජතුමනි, අප මේ ආභරණ රැගෙන ගියේ වෙන කිසිවකුටවත් දෙන්නට නොවෙයි. අප විපතට පත් අවස්‌ථාවක අපහට බොහෝ උපකාර කළ මෙ aසිටාණන් වහන්සේට දී කළගුණ සැලකීමටයි. එනම් එදා මෙ aසිටුතුමන් නොසිටින්නට වැසි සුළංවලින් හරිහැට ලත් මා වැටීසිටි තැනදීම මියයනවා. එසේ වූවා නම් මගේ මහලු දෙමව්පියන්ට සලකන්නට කාත් කවුරුවත් නැතිවී ඔවුන්ටද ඉතා අසරණ ලෙස ජීවිතයෙන් සුමගෙන යන්නට ඉඩ තිබුණා'' බෝසත් ගිජුලිහිණියා කඳුළු සලමින් පැවසුවේය. මේ දසුන් පෙළින් මෙන්ම වදන් පෙළින්ද රජතුමාගේ හදවත කම්පාවට පත්විය. එමෙන්ම ඔහුගේ සිත නිරාමිස සන්තෘෂ්ටියකින්ද පිරීගියේය. බරණැස්‌ රජතුමා බොහෝ වූ සුහද ස්‌වරයකින් ගිජුලිහිණියාට කතා කළේය.

''පින්වත් ගිජුලිහිණිය, සැතපුම් දහස්‌ ගණනකටත් එහායින් තිබෙන උගුල් පවා දකිනනුඹ මේ උගුල තුළ මෙසේ සිටවූයේ කුමක්‌ නිසාද?'' රජු විමසුවේය.

''පින්වත් මහරජතුමනි, ඒ වනාහී සිදුවන්නටම තිබූ විපත්තියට අටවා තිබූ උගුලක්‌ හෙයින් මට එය දැකගන්නට නොලැබිණ. එහෙයින්ම මම ඒ උගුලෙහි සිරවී ගතිමි'' යි ගිජුලිහිණියා පැවැසුවේය.

මෙයින් පසුව රජතුමා හරුණු මහලු සිටුවරයා දෙසටය. 'සිටුවරය, මේ ගිජුලිහිණියා පවසන්නේ සැබෑවක්‌ද? ඌ නුඹට රන් ආභරණ ගෙනවිත් දුන්නාද?''

''දේවයන් වහන්ස, ගිජුලිහිණියාගේ බස සැබෑවක්‌. ඌ මා හට බොහෝ ආභරණ ගෙනැවිත් දුන්නා. නමුත් මා ඒවා සිතින්වත් බාරගත්තේ නෑ. ඒවා සියල්ල අස්‌ථානගත වන බැවින් එක්‌කොට සිටුමැදුරේ තැනක තැබුවා. ඒ සියල්ල මට ආපසු ඔබවහන්සේ වෙත භාරදෙන්න පුලුවන්. අනේ රජතුමනි, මේ අසරණ ගිජුලිහිණියා මුදාහරින්න. මා නැවත ආබරණ නොගෙන්නනැයි ඌට අවවාද කරන්නම්' යි සිටුවරයා බැගෑපත්ව 

ආයාචනා කළේය.

ලෝකය සීග්‍රයෙන් දියුණු වී ඇතැයි බොහෝ විට අසන්නට ලැබුණත් මිනිසුන්ගේ උසස්‌ මානුෂීය හැඟීම් හා ගුණ දහම්වල නම් එබඳු ඉහල යාමක්‌ නම් සිදුවී නැත. දෙමව්පිය උපස්‌ථානය, කෘතගුණ දැක්‌වීම ආදී උතුම් ඇවතුම් පැවතුම් වර්තමාන මිනිස්‌ ජීවිත තුළින් සදාකාලිකවූ පරිද්දෙන්ම වියෑකී ගොස්‌ ඇත්තේත් මේ හෙයින්ම නොවේද? එවන් සමාජයක්‌ තුළ 'තම දෙමව්පියන්ට සරණවන්නට තිබුණු ජීවිතය රැකදුන් සිටුවරයාට මෙම ජාතක කතාවේ එන ගිජුලිහිණියා තිරිසන් භවයක උපත ලද්දේ වුවත් කෘතගුණ දැක්‌වූ 

ආකාරය කොතෙක්‌ නම් අපූරු වීද?



සුගත් වීරසූරිය

2017 මැයි මස 10 වැනිදා බදාදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment