"බුද්ධං සරණං ගච්ඡාමි" කියල තුන්වතාවක් අප සරණ ගොසින් සිටින්නේ මහා බුදුරජාණන් වහන්සේය. අපගේ ශාස්‌තෘන් වහන්සේ එකම සරණ, එකම පිළිසරණ, එකම පිහිට වන්නේ ඒ බුදුරජාණෝය. තුන්ලොවට උතුම් මහා බුදුරදුන් තථාගත නමින් හඳුන්වයි. එසේ තථාගත නමින් ව්‍යවහාර වන්නේ කිනම් ගුණයන්ගෙන් යුතු නිසාදැයි සූත්‍ර පිටකයේ සඳහන් තථාගත සූත්‍ර කිහිපක් ඇසුරින් විමසා බලමු.
තථාගතයන් වහන්සේටම සුවිශේෂීවූ නාම විශේෂයක් ව්‍යවහාර වෙයි. එවැනි නාම විශේෂයක් පිළිබඳ අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ තථාගතාධිවචන සූත්‍රයේ දැක්‌වේ. එනම් ශ්‍රමණ යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. බ්‍රාහ්මණ යන්න තථාගත අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. වේදගු යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. භිසක්‌ක යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. නිර්මල යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. විමල යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. ඤාණි යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමකි. විමුත්ත යන ව්‍යවහාරය තථාගත අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්aසේට නමකි.
මෙම නාම ව්‍යවහාරයන් භාරතීය සමාජයේ විවිධ පුද්ගලයන් හෝ කණ්‌ඩායම් විසින් භාවිත කරන ලද නමුත් එහි නියම අර්ථය පහදා දී එය වඩා සුදුසු වන්නේ තථාගතයන්ටම බව පෙන්වා දුන්හ. එම වචනයන්හි ගැඹුරු බව හා තථාගත යන භාවිතයේ අර්ථයන් මෙයින් පෙන්වා දී ඇත.
සංයුක්‌ත නිකායේ මහාවග්ගයේ එන තථාගත සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේට මහාප්‍රඥව පහළවීම පිළිබඳ මෙසේ දැක්‌වේ. එනම් පෙර නොඅසන ලද ධර්මයක් වන දුක්‌ඛාර්ය සත්‍යය පිළිබඳවත් එය අවබෝධ කළ යුතු බවත් එය අවබෝධ කරගත් බවත් පිළිබඳ දහම් ඇස පහළ විය. ඥනය පහළ විය. ප්‍රඥව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
දුක්‌ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳවත් එය ප්‍රභාණය කළයුතු බවත් එය ප්‍රභාණය කළ බවටත් දහම් ඇස පහළ විය. ඥනය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳවත් එය අවබෝධ කළයුතු බවත් එය අවබෝධ කරගත් බවටත් දහම් ඇස පහළ විය. ඥනය පහළ විය. ප්‍රඥව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
දුක්‌ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යය පිළිබඳවත් එය වැඩිය යුතු බවත් එය වැඩූ බවටත් දහම් ඇස පහළ විය. ඥනය පහළ විය. ප්‍රඥව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
මේ අනුව තථාගත යන ව්‍යවහාරය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය හඳුනාගැනීමත් එය අනුගමනය කිරීමත් මෙන්ම එය අනුගමනය කරන ලදැයි යන දැනීමත් තුළින් මහා ප්‍රඥව ලබාගැනීම නිසා බව මෙයින් දැක්‌වේ.
අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ එන තථාගත අච්ඡරිය සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත කරුණු හතරක් දැකිය හැකියි. ඒවා නම් ඒ මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුතව මිනිස් ලොවේ මවුකුසක පිළිසිඳ ගන්නා විට, පංච කාමාවචර දෙවියන් සහිත හයආකාර කාමාවචර දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයේ ශ්‍රමණ බමුණන් සහිත දෙවියන් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවෙහි දෙවියන්ගේ යම් ආලෝකයක් වේ නම් එය ද සඳ හිරු දෙදෙනාගේ ආලෝකය කෙතරම් වුවත් එය තිරය ආලෝකවත් නොකරයි. එමෙන්ම ගණඅඳුරු සහිත වැසුණු ලෝකාන්තරිකය ද ආලෝකවත් නොකරයි. එසේ වුවත් බෝසත් උපතේදී දෙවියන්ගේ ආලෝකයට වැඩි ආලෝකයක් පහළ වන්නේය. නිරයාදී තැන්වල උපන් අය ඒ ඒ අය අඳුන ගනී. මෙය බෝසත් උපතේදී වන පළමු ආශ්චර්ය අද්භූත කාරණාවයි.
තවද බෝසතාණන් වහන්සේ සිහි නුවණින් යුතුව මවුකුසින් බිහිවන අවස්‌ථාවේදී ද සියලු දෙවියන්ගේ ආලෝකය ඉක්‌මවා යන මහත් ආලෝකයක් දෙව්ලොව මිනිස් ලොව සඳ හිරු දෙදෙනාගේ ආලෝකයෙන් එළිය නොවැටෙන නිරයාදියෙහි පවා පැතිර යන්නේය. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතය් වහන්සේගේ පහළවීමෙන් වන දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
එමෙන්ම තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන කල්හිද සියලු දෙව්ලොව දෙව් බඹුන්ගේ ආලෝකය ඉක්‌මවා යන සඳ හිරුගේ ආලෝකය නොවිඳින නිරයාදිය ආලෝකවත් කරන මහා ආලෝකයක් පැතිර යයි. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වැනි තුන්වැනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
එමෙන්ම තථාගතයන් වහන්සේ යම් කාලයක අනුත්තර ධර්මචක්‍රය පවත්වා ධර්මය දේශනා කරයිද එවිට දෙවියන්ගේ දේවානුභාවයට වඩා වැඩි සඳ හිරු ආලෝකය නොවැටෙන නිරයාදිය පවා ආලෝකවත් කරන මහත් ආලෝකයක් පහළ වන්නේය. මෙය ද අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වන හතරවැනි ආශ්චර්ය අද්භූත කාරණාවයි. මෙලෙස තථාගතයන් වහන්සේ කෙනෙකුටම පමණක් සුවිශේෂී වූ ආශ්චර්ය අද්භූත සිදු වී ලොව සිදු වන්නේ තථාගත බුදුගුණ බලමහිමය නිසාය.
තවද දුතිය තථාගතච්ඡරිය සූත්‍රයේ මෙසේ දැක්‌වේ. එනම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් ආශ්චර්ය අද්භූත කරුණු හතරක් ලොව පහළ වේ. එනම් ලොව වසන සත්ව ප්‍රජාව පංචකාමයෙහි ඇලී සිටියි. පංචකාමයෙන් සතුටු වෙයි. එම ප්‍රජාව තථාගතයන් විසින් ආර්ය ධර්මය දේශනා කරන විට ඇසීමට කැමැති වෙයි. ධර්මය අසයි. ධර්මය දැනගැනීමට කැමැති වෙයි. ධර්මය සිතෙහි දරාගනියි. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වන පළමු ආශ්චර්ය අද්භූත කාරණාවයි.
එමෙන්ම සත්ත්ව ප්‍රජාව මානයට කැමැතිව මානයෙහි ඇලී සිටියි. මානයෙන් සතුටු වෙයි. එසේ මානයෙහි ඇලුණු ප්‍රජාව ද තථාගතයන් විසින් මානය දුරු කිරීමට ධර්මය දේශනා කරන විට එම ධර්මය ඇසීමට කැමැති වෙයි. ධර්මය අසයි. මානය දුරුකොට ධර්මයේ පිහිටයි. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වන දෙවන ආශ්චර්ය අද්භූත කාරණාවයි.
එමෙන්ම සත්ව ප්‍රජාව කෙලෙස් වැඩීමෙහි කැමතිව කෙලෙස් වැඩීමෙහි ඇලිලී සිටින්නේ කෙලෙස් වලින් සතුටුවෙයි. තථාගතයන් විසින් කෙලෙස් සන්සිඳවීම සඳහා ධර්මය දේශනා කරන කල්හි එම ධර්මය ඇසීමට කැමතිවෙයි. ධර්මය අසයි. ධර්මය දරා කෙලෙස් සිඳ දමයි. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වන තුන්වන ආශ්චර්ය අද්භූත කාරණාවයි.
එමෙන්ම සත්ත්ව ප්‍රජාව අවිද්‍යාවෙන් යුතුයි. අවිද්‍යාවෙන් යුතුව මුළාවට පත්වේ. අවිද්‍යාවෙන් වැසුණු ප්‍රජාවට අවිද්‍යාව දුරු කිරීමට ධර්මය දේශනා කරන විටද එම ධර්මය අසනු කැමැති වෙයි. එම ධර්මය අසා සිතෙහි දරා ගනියි. අවිද්‍යාව නසයි. මෙය අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහළවීමෙන් වන හතරවැනි ආශ්චර්ය අද්භූත කාරණාවයි.
තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වුවද එම තථාගත ධර්මය මැනවින් අසන්නේ නැතිනම් එයින් ප්‍රයෝජනයක් නැත. මෙහිදී සිදුවන්නේ සියලු සත්ත්ව ප්‍රජාවම අනුසෝතගාමීව එකම මඟක ගමන් කරන විටදී පරිසෝතගාමී දහමක් ලෝකයට දේශනා කිරීමයි. සියලු දෙනාගේ ගමනට ප්‍රතිවිරුද්ධ දහමක් දේශනා කරන විට ද එම ධර්මය මැනවින් ඇසීමටත් එයින් සසර දුක නැසීමටත් දෙවියන් මිනිසුන් ඒ සඳහා යොමුවීමයි. මෙය ආශ්චර්ය කරුණක් වන්නේ ඒ නිසාය. එම අසිරිමත් කරුණින් යුතු බැවින් තථාගත ගුණයෙන් යුතු වෙයි.
තථාගතයන් වහන්සේ බලසම්පන්නය. ඒ කුමන බලයකින්ද? මෙය අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තථාගත බල සූත්‍රයේ මෙසේ දැක්‌වේ. මහණෙනි, මම පෙර නොඇසූ චතුරාර්ය සත්‍ය විශේෂයෙන් දැන අවබෝධ කොටගෙන සසර කෙළවරට පැමිණියෙමි. යම් බලයකින් යුතුව තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්‌ථානයට පත්වූ බව ප්‍රකාශ කරන්නේය. පිරිස මැද හිඳ සිංහනාද කරන්නේය. ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වන්නේය. ඒ තථාගතයන්
වහන්සේගේ තථාගත ඥාන බල පහක් වේ. එනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්ය බලය හා ප්‍රඥ බලය යනුයි.
මෙසේ තථාගතයන් වහන්සේ කෙනෙක් ශ්‍රද්ධාදී බලයන්ගෙන් සමන්විත බැවින් තුන්ලොවටම ශ්‍රේෂ්ඨ වන බවත් අභීත සිංහනාද කරන බවත් මෙයින් දැක්‌වේ. එම බලයන්ගෙන් යුතු බැවින් තථාගත නම් වේ. ලොව කිසිවෙකුටත් මැඬලිය නොහැකි බලයකින් තථාගතයන් වහන්සේ යුතුවන්නේ මේ නිසාය. ඒ නිසාම සියලු ආකාර ලෝකයන්හි අසහාය සීලාදී බලයකින් යුතුව ශ්‍රේෂ්ඨත්වයට පත්වන සේක.
සංයුක්‌ත නිකායේ මහා වර්ගයේ ඇති තථාගත සූත්‍රයට අනුව පා නැත්තා වූද දෙපා ඇත්තා වූද සිවුපා ඇත්තා වූද බොහෝ පා ඇත්තා වූද රූප ඇත්තා වූද රූප නැත්තා වූද සඤ්ඤා ඇත්තා වූද සඤ්ඤා නැත්තා වූද නේවසඤ්ඤානාසඤ්ඤා යම්තාක් සත්ත්වයෝ වෙති. එම සත්ත්වයන් අතර තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සැමටම අග්‍ර වන සේක. එමෙන්ම යම්කිසි කුසල ධර්ම වෙයි නම් ඒ සෑම දෙයම අප්‍රමාදී බව මූලික කොටගෙන පවතී. අප්‍රමාදය සමඟ පවතී. අප්‍රමාද බව ඒ සියලු ධර්මයන්ට අග්‍රයි. ඒ නිසා අප්‍රමාදී බවේ පිහිටා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ආර්ය මාර්ගය බහුලව වඩන්න. මෙය නොපමා මහණ කැමති විය යුතුයි. ආර්ය මාර්ගය වැඩිය යුත්තේ බහුල කළ යුත්තේ කෙසේද යත් විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවසට නැමෙන සුලුව සම්මා දිට්‌ඨිය වඩයි. සම්මා සංකප්ප වඩයි. සම්මා වාචා වඩයි. සම්මා කම්මන්ත වඩයි. සම්මා ආජීව වඩයි. සම්මා වායාම වඩයි. සම්මා සති වඩයි. සම්මා සමාධි වඩයි. නොපමා අය විසින් මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. මෙම මඟ දෙසන නිසා තථාගත නම් වෙයි.
මෙසේ තථාගතයන් වහන්සේ කෙනකු ලොවට පහළ වන්නේ මෙම ආර්ය මාර්ගය අනුගමනය කිරීමෙනි. එමෙන්ම එම ආර්ය මාර්ගය වැඩීම තුළින් සියලු දුකින් මිදිය හැකි බව පෙන්වා දීමටය. ඒ මහා තථාගතයන් වහන්සේ සරණ යමින් බෞද්ධයන් බවට පත්වන අප විසින් ද උතුම් ආර්ය මාර්ගය වඩමින් නිවනට නැමී නිවනින් සැනසීම සොයා ගමන් කිරීමට අදිටන් කරගනිමු. තථාගත සම්බුදු සසුන පවතින මෙම බුද්ධෝත්පාද කාලයේදී ගත හැකි උතුම්ම ප්‍රතිඵලය එයයි.
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි
2017 මැයි මස 10 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment