Labels

Tuesday, December 29, 2020

සතුටෙහිදී පොරොන්දු දීමෙන් දුකෙහිදී තීරණ ගැනීමෙන් ජීවිතයම වරදින්න පුළුවන්


 වේගයෙන් එන සිතුවිලි ආවේගයන් ය. තාරුණ්‍යයේ බොහෝ ගැටලුවලට මුල සිතුවිලි පාලනය නොවීමයි. ආවේග මත තමන් පිළිබඳ හදිසි තීරණ ගැනීම මෙන්ම, අන්‍යයන් උදෙසා ඉක්මන් තීරණවලට එළඹිය හැකි ය.

බොහෝ සිදුවීම්වල මූලය ආවේගයයි. සියදිවි හානිකර ගැනීමේ සිට පුද්ගල දේපළ විනාශය ආවේග මත සිදුවේ. කේන්තිය, වෛරය, දුක ආදී බොහෝ හැඟීම් පාලනය නොවීම මත තමන්ට මෙන්ම අනෙකාට ද හානි සිදුවේ.

ඉඳුරන්ට වහල්වීම

වේගයෙන් එන වාහනයක් වේගය පාලනය කරගත නොහැකි විට තවත් වාහනයක හෝ ස්ථානයක ගැටේ. එසේ නැතිනම් එකවර තිරිංග තද කිරීම මත වාහනය පෙරළීමට පත්වේ. පුද්ගල ආවේග හඳුනාගත යුත්තේ මේ පදනමිනි.

ආවේග වර්ග දෙකකි. එනම් ධනාත්මක හා සෘණාත්මක වශයෙනි. ධනාත්මක ආවේග පාලනය කළ යුතු ම ය. ආවේග පාලනය නොකිරීම සහ ඉඳුරන්ට වහල් වීම තරුණකමට නිගාවකි. ලොව ජයගත් සෑම තරුණයෙක්, තරුණියක් ම හැඟීම් පාලනය කළ පිරිස් ය. සියලු සත්ත්වයන්ට හැඟීම් පවතී. ඉන් මිනිසා, විශේෂ වන්නේ හැඟීම් පාලනය කිරීමට සමත් එකම සත්ව කොටස බැවිනි.

Sunday, December 27, 2020

සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩසිටිනා ලොව බලගතුම සෑය රුවන්වැලි මහා සෑ රදුන්

 


අද බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන මහසෑය හෙවත් රුවන්වැලි මහ සෑය සැබවින්ම දෙව්ලොවත් මනුලොවත් එකට සම්බන්ධ වී තනන ලද මහා නිර්මාණයකි. මෙහි ඇති සුවිශේෂිත්වය නම්, ලෝකයේ ප්‍රබලම විශ්ව ශක්තිය ඇති එකම ස්ථානය මෙය බවට නාසා ආයතනයත් තහවුරු කිරීමයි. අපි මේ නිර්මාණයේ සැඟැවුණු රහස් පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු.

පින්වත්නි, අද අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ, බුදුරදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේයි.

අප මේ වැඩ සිටින ස්ථානය රහතන් වහන්සේලා අනූහය කෝටියක් වැඩ හිටපු තැනක්. එමෙන්ම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ මහ භද්‍රකල්පයේ බුදුවරු හතර නමක් පහළ වුණා. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ පා පහස ලැබු ස්ථානයකි මේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මේ රන්කොත පිහිටි මධ්‍ය ලක්ෂයේ (සෑය හරි මැද) සමාධි සුවයෙන් වැඩ සිටියා. මේ රහතන් වහන්සේලා අතර සිටි ඇහැළ මලේ පාටින් බබළන, කල්පයක් ඇතුළත වැටෙන වැස්සේ වැහිබිඳු ගාණ ගණන්කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් සහිත සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයට බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළා. ඊළඟට නිල් මානෙල් මලේ පාටින් බබළන මුගලන් මහ රහතන් වහන්සේත් මේ අප හිඳින ස්ථානයට වැඩම කළා. ඉන්පසු ධූතාංග ගුණයෙන් අගතැන්පත් දුප්පතුන්ගේ මුණිවරයා කියා, ඒ කාලයේ හැඳින්වූ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ සෑයට වැඩම කළා. අංගුලිමාල මහ රහතන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කළා. උපාලි මහරහතන් වහන්සේත් වැඩම කළා. එමෙන්ම නීරෝගී ගුණයෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේත් වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැර අනෙක් සියලුම රහතන් වහන්සේලා වැඩම කරපු ස්ථානයක් තමයි මේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වැඩම කිරීමට නොහැකි වුණේ, උන්වහන්සේ ඒ වනවිට රහත්භාවය ලබා නොතිබූ නිසාවෙනි.

Wednesday, September 16, 2020

අඹුසැමියන්ගේ යුතුකම්



පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන්
තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක
.



සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය.

(2) බිරිඳට අවමන් නො කිරීම ය.

(3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය.

(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.

(5) වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.

(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය.

(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.

(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.

(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය.


(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

Wednesday, May 6, 2020

සැබෑ වෙසක් සැමරීමට මේ කාලය යොදා ගන්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීම පිණිස සිදු කළ උත්තම සේවාවට උපහාර වශයෙන් බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් දින සමරනු ලබනවා.
එහෙත් මෙවර ලෝකයේ සියලුම බෞද්ධ රටවල් වෙසක් සැමරීමේදී දැඩි අපහසුතාවකට පත් වෙලා . ඒ වසංගත රෝගී තත්ත්වයන් නිසා රටවල් වසා තැබීම නිසයි. එවන් තත්ත්වයක් යටතේ බෞද්ධයන්ට වෙනදා සැමරූ ලෙසින් වෙසක් උත්සවකාරයෙන් සැමරීමට බැහැ.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට එහා ගිය අති මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි උත්තුංග අසමසම අයෙක්.
උන් වහන්සේ සැමරුම වෙනුවන් අප අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම ගුණ ධර්මයන් වැඩිය යුතු වනවා. ඇත්තෙන්ම අප අවබෝධ කර ගත යුතුයි සැබෑ වෙසක් යන්න කුමක්ද කියා. අප වෙසක් උලෙළක් ලෙසින් සමරනවා. ඒ සඳහා තොරණ, දන්සල් වෙසක් පහන් කූඩු වැනි ප්‍රදර්ශනාත්මක ආමිෂ කටයුතුවල නියැළෙනවා. එහි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසින් අප ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපට පෙරහර, දන්සල්, තොරණ හෝ වෙනත් සාමූහික කටයුතුවල නියැළීමට හැකියාවක් නැහැ.

බුදුගුණ සිහි කරමු



"බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක."
මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ.
එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.
බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම්, අවබෝධයක් ද? තථාගතයන් වහන්සේ ම සේල නම් බමුණාට මෙසේ වදාළ සේක. දත යුතු සියල්ලම විසින් වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. හළයුතු සියල්ල හළෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙනි. දුක්ඛසමුදය නිරෝධ මාර්ගා දී ආර්යය සත්‍යය ස්කන්ධ , ආයාතන , ධාතු,බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද , සත්ත්වයා හා ලෝකයපිළිබඳ අප්පාද, භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්ෂියෙන් දත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.
බුද්ධං අනුසාරතො චිත්තං පසීදතී යන බුදු වදන් සිහියට නඟා ගැනීම මේ වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි.

සම්බුදු උපත සැපතකි

මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.
බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා.
ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.
වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.
ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.

Tuesday, February 11, 2020

භාවනාවට පෙර.



භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා.

සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.

Wednesday, June 20, 2018

සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමටත් පෙර සිටම විමුක්ති මාර්ගයක් සොයා ගිය අය කය, වචනය සංවර කරගන්නට උත්සාහ කර තිබේ. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන වැරැදි එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වීමයි. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරැදි එනම් බොරු කිම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාග් දුෂ්චරිතයෙන් වෙන් වීමයි. බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමග නිවන් අරමුණු කරගෙන යමෙක් සීලය උපයෝගී කරගත යුත්තේ කෙසේද යනුවෙන් දේශනා කළහ. තමන්ගේ ශ්‍රාවකයා ප්‍රථමයෙන් සම්මා දිට්ඨියේ ස්ථාපිත වී, තුන්සරණය තුළ ස්ථාපිත වී, ඉන්පසුව සීලය දියුණු කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අද ලෝකයේ සම්මා දිට්ඨියෙන් තොර වූ, තිසරණයට පත් නොවූ එහෙත් සිල්වත් ජීවිත ගත කරන අය සිටිති. එසේ වුවද, ඒ ඇත්තන්ට විමුක්ති මාර්ගයක් කරා පියමං කරන්නට හැකියාවක් නැත. බුදුදහම තුළ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන පිළිවෙළකට යන මාර්ගයයි. මෙහිදී අනුපුබ්බ සික්ඛා යනු සීලයට සම්බන්ධ කොටසයි.
ශ්‍රාවකයාගේ සීලය දියුණු කරගැනීමට උන්වහන්සේ ශික්ෂා පද පනවා වදාළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිල්වත් වී ඉන්පසුව චිත්ත සමාධිය ඇතිකරගෙන ඉන්පසුව ප්‍රඥාව පහළ කරගත යුතු යි. සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනාට සමාධියක් දියුණු කරගත නොහැකියි. ඒ නිසා බුද්ධ දේශනාවේ තිබෙන විමුක්ති මාර්ගයට සීලය අනිවාර්ය අංගයක් වේ. සිල්වත් නොවුනහොත් විමුක්තිය අහිමි වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. බුදුන්වහන්සේ සප්ත ආර්ය ධනයතුළ සීලය ධනයක් ලෙස දේශනා කරන්නේ ඒ නිසයි.

සද්ධා ධනය: ශ්‍රද්ධාවන්තයා ඉන්ද්‍රඛීලයක් බඳු ය

" ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය"
සම්බුදු දහමට පිවිසීමේ දී අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස වැඩ පිළිවෙළක් වෙයි. එය දාන, සීල, භාවනා දක්වා විහිදී යයි. දානය අපට පුරුදු දෙයකි. දානය සහ සීලයෙන් නිර්වාණවබෝධය කළ නො හැක. ඒ සඳහා භාවනාව ප්‍රධාන වෙයි.
භාවනාව වඩන පුද්ගයා රාග, ද්වේෂ, මෝහය, ශ්‍රද්ධා ආදී වශයෙන් විවිධ චරිතයන්ට බෙදේ. චරිත යනු අපගේ චරිත ස්වභාවය යි. ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය. තෙරුවනට පැහැදීමෙන් සිටින අතර ස්වාමින් වහන්සේලා දකිමින්, සුවදුක් විචාරති. ධර්ම දානය දීමට ඉදිරිපත් වේ. හොඳින් තෙරුවනට පහදී. මේ ශ්‍රද්ධාවන්තයා බුදුදහමේ ප්‍රයෝජනය ගන්නා තැනැත්තෙකි. ශ්‍රද්ධාවේ ක්‍රම දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යි. අමූලිකා ශ්‍රද්ධාව යනු ඔහුට තෙරුවන් කෙරෙහි කිසිදු ඇල්මක්, දෘෂ්ඨියක් නැත. පිරිදුසු අවබෝධයක් ද නැත. පදනමකින් තොරව කටයුතු කරයි. තෙරුවන් කෙරෙහි චංචල ගති ඇති වෙයි. නිතර සෙලවෙන සිතින් කටයුතු කරයි.
අකාරවතී ශ්‍රද්ධාවන්තයා එසේ නොවේ. ඉතා පිරිසුදුව කරුණු කාරණා තේරුම් ගෙන, තෙරුවන් පිළිබඳව සැකයක් නො සිතා කටයුතු කරන්නා ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලවත් වෙයි. නිතර නිතර තෙරුවනේ ගුණ සිහි කරමින් ඉන්ද්‍රඛීලයකට සම කොට සිටින්නේ ඔහුයි. තෙරුවන් ගැන පී‍්‍රතියෙන් කටයුතු කරන්නා ශ්‍රද්ධාවෙන් එහාට විහිදී එය ධනයක් සේ රැස්් කර ගනී. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබීමට ඔහු සුදුස්සෙක් වෙයි. ශ්‍රද්ධා ධනය ඇති තැනත්තා සෝවාන් ඵලයට පත්වීමට සුදුස්සෙක් ද වෙයි. එතැනින් එහාට මාර්ගඵල ලබන්නටත්, ශ්‍රද්ධා ධනය ඔහුට රුකුලක් වෙයි. ආකාරවතී ශ්‍රද්ධාවන්තයා තෙරුවන් දැක සතුටුවෙන කෙනෙකි. ඔහු කිසිවෙකුට වෙනස් කළ නො හැකි ආකාරයට තෙරුවන් කෙරෙහි පැහැදි සිටියි.

ආගමේ නාමය නොව හරය ජීවිතයට ළංකර ගමු ( වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය )



උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ.

ජාති,ආගම් , පාට,උස්මිටිකම් මත සමාජය බෙදා තමන් උසස් බවත්, අනෙකා පහත් බවත් හුවා දැක්වීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. උපත මත උස් පහත් බව මැනිය නොහැකි බව වාසෙට්ඨ හා භාරද්වාජ බ්‍රාහ්මණයන් හමුවෙහි වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළහ. එසේ ම කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතුවන කාරණා රාශියක් මෙහි දී දේශනා කර ඇත. පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා සහ තමන් තුළ ඇති බොහෝ වැරැදි ආගමට ,ජාතියට මුවාවී වසාගැනීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගත ය.

එය මනුෂ්‍යත්වයට තරම් නොවේ. උපතින් උසස් යැයි සම්මත පුද්ගලයා ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකළ ද, එය ආගමේ නාමයෙන්, ජාත්‍යාලයෙන් වරදක් නොවේ නම් එය බරපතල සමාජ ගැටලුවකට මුලකි. දේවාලයේ කපු මහතා දේවාල භූමියේ අපිරිසුදු කිරීම වරදකි. ඔහු දෙවියන් වෙනුවෙන් යාතිකා කළ ද සමාජ සම්මතයෙන් ඉවත්විය නොහැකි ය. එසේ වීම තුළ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසා තුළ විශ්වාසය පළිඳු වී යයි. එය බරපතල සමාජ ප්‍රශ්න රාශියකට මුලකි. වර්තමාන ලෝකය අත්විඳිමින් සිටිනුයේ එම තත්ත්වයයි. ආගම වෙනුවෙන් ජීවිතය පවා නැතිකර ගැනීමට සූදානම් වුව ද ආගම්වල ඇති හරයන් සැබෑ ජීවිතයට ලබා නොගනී.

විසිරෙන සිත එක්තැන් කර ගැනීමට..

සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.

ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.

Monday, May 21, 2018

අධ්‍යාත්මික ශක්තිය බලවත් ය

අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්භි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ විරියං
තංවෙ නප්පසහති මාරො - වාතො සෙලං’ව පබ්බතං
වසමින් අසුබ බෑවුමෙන් - දමනය කළොත් ඉඳුරන්
පමණ දැන බොජුනෙහි - සැදැහැතිව වීරිය වඩමින්
වසතොත් නො වදියි මරු පහර - නො සැලෙන ගලක් මෙන් සැඩ කුණාටුවකින්
චූලකාල පැවිදිවූයේ පැවිදි ජීවිතයට තිබූ ඇල්ම නිසා නොවේ. .තම සොහොයුරා වූ මහාකාල උපැවිදි කරවා ගැනීමේ අදහසිනි.
චුලකාල හිමියන් උපැවිදි කරවා ගැනීමට ගිහි කල බිරින්ඳන් සමත් වූ බව දුටු මහාකාලගේ භාර්යාවෝ අට දෙනාද, “චූලකාලගේ බිරිඳ කළ දේ අපත් කරමුයි” කියා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිණිස ඇරයුම් කළහ. එදින දන් වළදා අවසන “ මහාකාල ඔබ මේ අයට අනුමෝදනා බණ කියන්නැයි මහාකාල හිමි නවතා ශ්‍රාවක පිරිස සමඟ විහාරස්ථානයට වැඩම කළහ.
භාග්‍යවතුන් වහන්සේ ගම් දොරට වැඩම කරන අතරතුර බුදුරදුන් මහාකාල තෙරුන් නවතා ඒම ගැන භික්ෂූහු අමනාපයෙන් කතා කළහ. “එදා දානයේ උපදෙස් කටයුතුවලට චූලකාල තෙරුන් යාමෙන් සිදුවූයේ පරණ බිරින්ඳන් එක්ව උන්වහන්සේගේ සිවුරු ගලවා ගිහිගෙට ගැනීම යි. අද බුදුරජාණන් වහන්සේ මහාකාල තෙරුන්ට බණ කියන්න ගෙදර නවත්වා ආවා. කුමක් වේවිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ හිතාමතා කළ දෙයක් ද?” ආදී අදහස් හුවමාරු විය.

යහපතට හේතුවන උතුම් කරුණු

නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ගය වන ආකංඛ වර්ගයට අයත් ඉතාම උදාර වටිනා සූත්‍රයක්. ඒ තමයි "ඉට්ඨ ධම්ම" සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කර වදාළ මේ සූත්‍රයෙන් කියවෙන්නේ සිතට පි‍්‍රය වූ දේ ගැනයි.
උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි,

භෝග සම්පත්තිය

කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණක්.

මනා පැහැපත් බව

ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ රූපය ලස්සනට තියෙනවා නම් කැමතියි. මනා පැහැපත් නම්, ආකර්ෂණීය නම් කවුරුත් ඒකට කැමතියි. ඒක දුර්ලභ කරුණක්.

අල්පෙනෙත්තක්වත් සොර සිතින් ගන්න එපා

ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.

ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.

දහම් ඇස පහළ වූ වගයි

ආර්ය පර්යේෂණ සූත්‍රය" 
තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි."

තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ ඉසිපතනාරාමය වෙතට වැඩම කළ අවස්ථාව ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් කරනවා. “මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කර බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග මහණුන් වෙත එළඹියෙමි.

පස්වග මහණුන් දුරදීම මා වඩිනා බව දුටුවා. එසේ දැක ඔවුනොවුන් මෙසේ කතිකා කරගත්තා. ඇවැත්නි, ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ, ප්‍රධන් වීර්යයෙන් පිරුහුණු, මේ ශ්‍රමණ ගෞතමයන් අප සොයාගෙන එනවා. අප වන්දනා කළ යුතු වන්නේ නැහැ. පෙර ගමන් කළ යුතු වන්නේ ද නැහැ. ඔහුගේ පාත්‍රා සිවුරු අප විසින් පිළිගනු ලැබීමත් අවශ්‍ය නැහැ. කැමැත්තේ නම් හිඳින්නට යැයි ආසනයක් පමණක් පිළියෙළ කොට තබමු. මෙසේ පස්වග මහණුන් වහන්සේලා සාකච්ඡා කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මම ඔවුන්ගේ සමීපයට ටිකෙන් ටික ළංවන විට ඔවුන් කතිකා කරගත් පරිදි එසේ සිටින්නට නොහැකි වුණා. අයෙක් මගේ ඉදිරියට ගමන් කර පාත්‍රා සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසන පැනෙව්වා. ඇතැම්හු පා දෝවනය කරන්න දිය රැගෙන එනවා. එසේ වූවත් ඔවුන් මට ආයුශෝවාදයෙන් ආමන්ත්‍රණය කළා. එනම් වැඩිහිටි කෙනෙක් බාල කෙනෙකුට කතා කරන විලසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

උතුම් සරණ

සීහළවත්ථු කතා:

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.
දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.
ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ
”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”
”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”
”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”

සෑම ගෘහයක් ම නිවසක් ද ?


 මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි."

මනා ගෘහ පාලනය පිළිබඳ බුදු දහම කරුණු දක්වන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා පිරිමියා වුව ද, නිවසෙහි නායකත්වය හිමි වන්නේ ස්ත්‍රියට යි. නායකත්වය බලෙන් ලබාගන්න යනවාට වඩා ඉබේ ම ලැබෙන ලෙසට කටයුතු කළ යුතු යි. අම්මාගෙන් ගෙදරට ලැබෙන සේවය අනුව ඇයට එහි නායකත්වය හිමි වෙයි.

තමන් කරන වැඩ කොටස සේවය ලෙස හැඳින්විය හැකියි. මෙම සේවය විෂයයෙහි මඟ පෙන්වීමක් කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයක්. ගෙදර අන්තිමට ම නින්දට යන තැනැත්තී අම්මා විය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ එම නිසාම යි. විවාහක කාන්තාවක් විශේෂයෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් හා කතාබහ පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. තමා කරන කියන දෙය පිළිබඳ ව පුර්වයෙන් සිතිය යුතු යි. නිවසෙහි ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ද, නිවසෙහි ආරක්ෂාව තහවුරුවීම සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි .

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

සිරිතට අනුව පිරිතට ආරාධනා කිරීම

පිරුවානා පොත් වහන්සේ

පිරුවානා යන වචනයෙහි තේරුම කටපාඩම් කරන යන අදහසයි. මෙහි ඇති සූත්‍ර අනිවාර්යයෙන් ම පැවිදි වීමට පෙර වාචෝත්ගත කරගත යුතු බව අතීතයේ පිළිගත් මතයයි. අනුරාධපුර ජේතවනාරාම ශි්ලා ලේඛනයක ‘මහණ කරත් පිරිත් සතර බණවර පිරියත් වූවන් මහණ කරනු ඉසා’ යන්නෙන් සතර බණවර කටපාඩම් අය පමණක් පැවිදි කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
බණවර සතරකින්, සූත්‍ර විසිදෙකකින් සැදුම් ලත් වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ මහා විහාර භික්ෂූන්ගේ අභිමතය පරිදි සකස් කළ බව සඳහන් වේ.
අතීතයේ දී ලංකාවේ භික්ෂු සම්ප්‍රදායන් දෙකක් දක්නට ලැබිණ. එක් සම්ප්‍රදායක් වන්නේ විදර්ශනා ධූරය සපුරමින් වහ වහා විමුක්තිය පසක් කර ගැනීමට ප්‍රයත්න දැරූ පිරිසයි. දෙවන කණ්ඩායම වන්නේ ගිහි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් තමන් ද විමුක්තිය සලසා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පිරිසයි.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී, ගිහි උපාසක උපාසිකාවන්ගෙන් සිවුපසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ ගිහියන් උදෙසා යුතුකම් හයක් ඉටු කළ යුතු බව දක්වා තිබේ. ඒවා නම්,
පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කලණ සිතින් අනුග්‍රහ දැක්වීම, නොඇසූ විරූ දහම් ඇස්සවීම, අසා ඇති දහම් පිරිසුදු කරවීම, සුගතියට මග කීම, යනාදී කාර්යයන් වේ. බුදුරදුන්ගේ මෙම උපදේශය මැනවින් වටහාගත් ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන් වහන්සේලා ගිහි ජනතාවට ලෞකික ජීවිතයේ විවිධ ගැටලු සංසිඳුවාගෙන උසස් ජීවන තත්ත්වයකට ළඟාවීම සඳහා ඇවැසි ආශිර්වාදයන් නො අඩුව ලබාදීම සඳහා වර්තමාන පිරුවානා පොත් වහන්සේ ක්‍රමානුකූලව සකස් කළ බව හඳුනාගත හැකි ය.

ශ්‍රමාභිමානවත් දැහැමි ජීවිතය

සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.

ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.

අලසකම විනාශයේ මුල යි

යමක වග්ගය 07-08

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා 
සැඬ පවනින් මහ තුරු මෙන්

සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ. වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’ යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’ යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.

මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.

පිසුණු බසක් නොකියමු



පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි එක්තරා කුලපුත්‍රයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි ව සමගියෙන් විසූහ.
මෙසේ පැවිදිව වාසය කරන කල එක්තරා පවිටු දුර්ගුණ අදහස් ඇති භික්ෂුවක් මේ දෙදෙනා වහන්සේ වෙත පැමිණ පිළිසඳරෙහි යෙදී, පසුදා මේ දෙදෙනා වහන්සේලා සමඟ පිඬු සිඟා වැඩි සේක. මෙසේ පිඬු සිඟා වැඩි ආගන්තුක භික්ෂුව මේ ගොදුරු ගම්මානය ඉතා හොඳ යැයි ද, එලෙස ම උවැසි උවැසියන් ද ඉතා සද්ධාසම්පන්න යැයි ද මෙම ගමෙහි වාසය කිරීම හොඳ යැයි ද සිතී ය.
දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ තම උවැසි උවැසියනට ධර්ම අවවාද අනුශාසනා කොට නිම වූ කල්හි ටික වේලාවකට පසු මෙම ආගන්තුක භික්ෂුව පැමිණ “ ඔබ වහන්සේගේ අතවැසි ගෝලයෝ ඔබ වහන්සේගේ අගුණ කියති’යි යැයි පවසා භේද කළේ ය.
පසු දා මෙම ආගන්තුක භික්ෂුව පිඬු සිඟා වැඩි සේක. ඒ අවස්ථාවේ දී උවැසි උවැසියන් විසින් අනික් තෙරුන් දෙනම කොහි ගියෝ දැයි විමසූහ. එවිට පෙර දින මුළු රැයෙහි ම ඔවුනොවුන් කලහ කරගත් බව කී ය. තමා ඔවුන්ගේ අවවාද නො අසා බැහැර ගිය බවත් පැවසී ය. ඒ ඇසූ ගම්වැසියෝ ඒ භික්ෂූන් වහන්සේ ගෙන්වා තමනට අනුකම්පා කොට එම ගමෙහි වාසය කරන ලෙස අයැද සිටියහ.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

පුණ්‍ය නිධානය

පින්කම් තුනක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙසින් හැඳින්වෙන ඒවා නම්, දානය, ශීීලය , භාවනාව ය. එහි පළමුවැන්න දානයයි. බෞද්ධයා ට ඉතාම හුරුපුරුදු හා නිතර කරනු ලබන පින්කම ද දානය යි.දානයට බුදුදහමේ සුවිශේෂී තැනක් හිමි වේ. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතාවන්හි පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තුවල ද, දසරාජ ධර්මවල ද, දස පුණ්‍ය ක්‍රියාවන්හි ද පළමුවැන්න දානය යි. ත්‍රිපිටකයේ මෙන් ම එහි අට්ඨ කතා ආදියෙහි ද වෙනත් බෞද්ධ ප්‍රකරණ ග්‍රන්ථවල ද, දානය පිළිබඳ නොයෙක් විස්තර මෙන් ම දානිශංස ද, ඒ හා බැඳුණු කතා ද විසීරී තිබේ. බෞද්ධයන්ගේ පින්කම් අතර දානයට මුල්තැන හිමි වී ඇත්තේ මේ හේතු කොටගෙන ය.
දානය වශයෙන් කුමක් අදහස් කෙරේ ද? සරලම පිළිතුර නම්, දානය නම්, දීම ය යන්න ය. පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත් , බලු කපුටු ආදී තිරිසන් ගත සත්ත්වයන්ටත් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම යි . පූජා බුද්ධියෙන් දන්දීම උසස් ලෙස ද ,දැඩි ආනිශංස දායක පින්කමක් ලෙස ද, සැලකේ. දානය විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මුලින්ම දානය කොටස් තුනකට බෙදිය හැකි ය. ආමිස දානය , ධර්ම දානය හා අභය දානය යනු එම කොටස් තුනයි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් ආහාරපාන, වස්ත්‍ර, මල් පහන් ,ගිලන්පස ,සුවඳ දුම් ආදී පූජාවන් අයත් වන්නේ ආමිස පූජා කොටසට යි. ධර්මදේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණයට පහසුකම් සලසාදීම, දේශකයන්ට පුජා පැවැත්වීම, දහම් පොත පත ප්‍රචලිත කිරීම, ධර්මශාලා ඉදිකිරීමට දායක වීම ආදිය ධර්ම දාන කොටසට අයත් වේ. ජීවිත දානය හෙවත් මරණයට කැපවූවන්, එයින් නිදහස් කිරීම අභයදානය ලෙස සැලකේ. ත්‍රිවිධ දානය අතරින් ධර්ම දානය උසස්ම දානය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක . සබ්බ දානං ධම්ම දානං ජිනාති යනු එහි දේශනා පාඨයයි.

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.
මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.
සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.


මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

තිසරණ සමාදානයෙහි වටිනාකම

බුද්ධිමත් ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය. ශ්‍රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන සරණක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකරයි.
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.) මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.
යමෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට, සරණ කොට වාසය කරයි නම්, ඒ අය සුගති පරායනය වෙති. “මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති.” අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ‘සරණගමනීය’ නම් හිමි නමක් ‘නිසඟ’ නමැති හිමි නමකගෙන් තිසරණය සමාදන් විය.එලෙස හිත පහදා ගනිමින්, තැන්පත් සිතින් තිසරණ සමාදන් වූ පිනෙන් අසූවාරයක් සක් දෙවිඳුව ඉපදීමටත්, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වීමටත් ,අවසන අප ගෞතම බුදු සසුනෙහි හත් අවුරුදු වියෙහිදීම රහත් වීමටත් ඒ උතුම් වූ පින හේතු වූ බව දහමේ දකින්නට ලැබේ.

Monday, April 2, 2018

කරණීය මෙත්ත සූත්‍රය


" යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැළෙනවානම් නිතිපතා පුහුණූු විය යුතු ය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි."
ආතතිය අද දවසේ අපට නිතර අසන්නට ලැබෙන වදනකි. මේ ආතතිය නිසා වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳීන බව අපි දනිමු. යම් කෙනෙක් ආතතියට පත් වෙන්නේ බාහිර ලෝකයේ සිදුවන සිදුවීමකට හෝ එම සිදුවීම නිසා සිතේ ඇතිවන සිතිවිලිවලට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ විටය .
අද දවසේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පිරිසගෙන් 60% වඩා වැඩි පිරිසක් ලෙඩ නිවාඩු ලබාගන්නේ ආතතිය නිසා ඇතිවූ ශාරිරික හා මානසික ව්‍යාකූලත්වය නිසා බව පර්යේෂණ මගින් සොයා ගෙන අත. ආතතිය නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැඩිවීමේ අවදානම වැඩි බවත්, සොයා ගෙන ඇත. එසේ නම් බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලින් අපේ ශාරිරික, මානසික සමතුලිතතාවය නොසැලී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද?
මීට වසර 2500 ට පෙරදී බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා කදිම පිළිතුරක් ලබාදී තිබේ. මේ පිළිතුර ඇතුළත් දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින් හැඳින්වේ.

සංසාර දුක දිය සුළියක් සේ ය


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19



තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.
මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි




වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.
ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.