Labels

Saturday, February 4, 2017

දරුවන් ශික්ෂණය කළ යුත්තේ කෙසේද?

අවුරුදු දොළහට අඩු ළමුන් පරිසරයෙන් උකහාගන්න වෙිගයේ ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් ගනී. දරුවා එම පරිසරයට අනුගත වෙමින් වර්ධනය වෙයි. දරුවා කුඩා කල සිට ව්‍යාපාරික පරිසරයක ජීවත් වූවා නම්, එම දරුවා බොහෝ අවස්ථාවලදී ව්‍යාපාරිකයෙකු වීමේ සම්භාවිතාව වැඩියි.

දේශපාලන පරිසරයක හැදෙන වැඩෙන දරුවෙකු තුළ දේශපාලනිකව සිතීමට පෙළඹීමේ හැකියාව වැඩියි.මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වූණ පරිසරයක හැදෙන වැඩෙන දරුවාද මත්ද්‍රව්‍ය පරිසරයේ හැදෙනවා වැඩෙනවා වෙන්න පුළුවන්. අධ්‍යාපනික පරිසරයක් තිබෙන නිවෙසක දරුවන් ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්.දෙමව්පියන් ගුරුවරුන් යුවළක් නම්, ඔවුන්ගේ පරිසරය ශාස්ත්‍රීය පැත්තට යොමුවීමේ සම්භාවිතාව වැඩියි. ජිවන පරිසරය දරුවාගේ ඉදිරි ගමන සාර්ථක අසාර්ථක බව තීරණය කරන ඉතාම වැදගත් සාධකය වෙයි. රාත්‍රිය ආයෝජන කාලයක් වන අතර කුස්සිය සහ සාලය ආයෝජන ප්‍රවර්ධන කලාපයක් වෙයි. මෙම කලාප දෙකම ශික්ෂණය යන ප්‍රභේදයට අයත් වන අතර දෙමව්පියන් රාත්‍රිිය එළඹෙන විට හැසිරෙන ආකාරය ද දරුවන්ගේ අනාගතයට ඉතාම වැදගත් ලෙස බලපායි.

අම්මා රාත්‍රියට පොත්පත් පත්තර කියවනවා නම්, ලියනවා නම් තාත්තාත් ඒ ආකාරටයම පොත් පත්තරවල ගැවසෙනවා නම්, දරුවනුත් අනිවාර්යෙන්ම ඒ පැත්තට නැඹුරුවෙයි.දරුවන්ට ප්‍රහේළිකා කියා දෙනවා නම් කතන්දර, කවි , ජාතක කතා කියා දෙනවා නම්,දරුවාගේ රසවින්ඳන ශක්තිය , සාහිත්‍යමය හැකියාවයන් යන ප්‍රවර්ධනීය හැකියාවන් වර්ධනය වෙයි. ෙමි කාලය තුළ දෙමව්පියන් රූපවාහිනිය ඉදිරිපිට කාලය කෑමට පුරදු වුවහොත් දරුවන්ද බලහත්කාරයෙන් පාඩම් කිරීමට යොමු කළ නොහැකියි . දරුවන් උදෙසා පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා අම්මා සහ තාත්තා දැවැන්ත කැපකිරීමක් සහ පරිත්‍යාගයක් කළ යුතුයි. තමන් සතුව පවතින ආසාවන් ,අබ්බැහිවීම් පාලනය කර ගත යුතුයි. පර්යේෂණ තොරතුරුවලට අනුව ලංකා සමාජයේ රූපවාහිනිය සඳහා වැඩිපුරම අබ්බැහි වී සිටින්නේ තරුණ කාන්තාවන්ය. අක්කා රූපවාහිනියට ඇබ්බැහි වී ඇත්නම්, නංගීිත් එයට අනුගත වීම නිසාම අධ්‍යාපනික පරිසරය ගිලිහීයාමට ඉඩකඩ වැඩියි. රාත්‍රිය බෝවන විට පළමුවෙන්ම බුදුන් වැඳීමෙන් අනතුරුව දෙවන පියවර වශයෙන් පවුලේ සියලු දෙනාම එක්කාසුව රාත්‍රී ආහාර ගැනීම කළ යුතුයි. තුන්වන පියවර වශයෙන් පොත්පත්වල වැඩ කටයුතු කිරීම යන හැඟීම මීට දසක හතරකට පහකට පෙර බොහෝ ගැමි ගෙවල් තුළ තිබුණ අතර විශේෂයෙන්ම යාපනය වැනි ප්‍රදේශවල අදටත් පවතින ක්‍රමය සහ ඔවුන්ගේ හැඟීම රාත්‍රිය එළඹෙන්නේම පාඩම් කිරීම සඳහා යන්නයි. රාත්‍රිය එළඹෙන්නේ කවි කියන්න , කතන්දර අහන්න, පොත්පත් බලන්න කියන හැඟීම වර්තමාන දෙමව්පියන් කෙතරම් ප්‍රමාණයක් වෙන් කරගෙන තිබෙනවාද යන්න රාත්‍රිය එළඹෙන්නේ් විනෝද වෙන්න යනුවෙන් අදහස් කරනු ලබයි. ආයෝජන ප්‍රවර්ධන කාලය ආයෝජන ප්‍රවර්ධන කලාපය යන දෙකම දරුවාගේ මනසින් ඉවත්ව යයි. එම නිසා ශික්ෂණය ලබන්නේ හැන්්දෑවරුවේ නම්, අධ්‍යාපනය ලබන්නේ උදය කාලය තුළයි. .දත්ත ඥානය ලබාදීම පමණක් අධ්‍යාපනය ලෙස සිතීම ඉතාම වැරැදි අදහසක් . ළමයින්ට ආහාර පාන බේත් හේත් ලබාදීමත් , පාසල් යැවීම පමණක් දෙමව්පියන් සතු කාර්යභාරය ලෙස සිතාගෙන සිටීම ශෝචනීය තත්ත්වයක් වෙයි
දත්ත ඥානය ලබාදීම පමණක් අධ්‍යාපනය ලෙස සීතීම ඉතාම වැරැදි අදහසක්. ළමයින්ට ආහාරපාන ලබාදීමත්, පාසල් යැවීමත් පමණක් දෙමව්පියන් සතු කාර්යභාරය ලෙස සිතාගෙන සිටීම ශෝචනීය තත්ත්වයක්. මීට අවුරුදු පනහකට හැටකට පෙර ලංකාවේ එක පවුලක දරුවන් අට දෙනෙකු දස දෙනෙකු සිටිම සාමාන්‍ය තත්ත්වයක් වුණා. වර්තමානය තුළ තරම් ලොකු ආදායම් තත්ත්වයක් එකල නොතිබුණත්, හොඳට කන බොන තත්ත්වයක් තිබුණා. එයට අමතරව අධ්‍යාපනයට ගොවිතැනට ශරීර ශක්තියෙන් වැඩ කිරීමට දරුවන් යොමු කළා. අදට ගැලපෙන ජනපි‍්‍රය පාසලක්, අදට ගැලපෙන විෂය නිර්දේශයක් ඉගැන්වීමට යාම නිසා අදට ගැලපෙන අධ්‍යාපනය ,ඔවුන් වැඩිමහල් වන විට අනාගතයට ගැලපෙන තත්ත්වයක් නැහැ. පාසල්වල ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවද, වර්තමාන දෙමවිපියන්ගේ භූමිකාව හෙවත් කාර්යභාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකියි.
දරුවන්ට ආහාර සඳහා පුරුදු කරවීමේදී ශික්ෂණයක් ලැබිය යුතුයි. මොනවාද පුතේ වැඩිපුරම කන්න කැමැති පලතුරු? කියා විමසූු විට ඇපල් ,දොඩමි, මිදි යන පලතුරු දරුවන් කැමැති බවට ප්‍රකාශන කරනු ලබයි. එම පලතුරු දෙමවිපියන් විසින් දරුවන්ට පුරුදු කරනු ලැබ තිබෙනවා මිස දරුවන් විසින් පුරුදු වූ ඒවා නොෙවි මාලුුපාන් , එලවලු පාන් ,රෝස් පාන්, තැටි පාන්, පැටිස්, බනිස් වර්ග නූඩ්ල්ස් ආදී පාන් පිටි ආශ්‍රිත ආහාර උදේ ආහාරය සඳහා පුුරුදු කරනු ලැබ තිබේ. දරුවන් කව්පිවලට , මුං ඇටවලට , කඩලවලට හුරුකරවීම කුඩා අවධියේ කළ යුත්තක්.
උදේ පාන්දර නැගිට කොළ කැඳ බීපුු සංස්කෘතියක් තිබුණ රටක්, පාන්දර නැගිටල ලුණු කැඳ බීමට පුරුදුව සිටි රටක්. එම කොළ කැඳ ලුණු කැඳ බොමින් කොස් පොළොස් කාපු ජනතාව තමයි අහස සිඹින දැගැබ්ද සයුර පරයන වැව්ද තනනු ලැබුවා. විවිධ පිටි කිරි වර්ග බොන අපට එම වැව රැකගැනීමටවත් නොහැකියි. එම පරම්පරාව කළ වැඩ කොටස වර්තමාන පරම්පරාවට කරගත නොහැකියි. වර්තමානයේ ජනගහණය වැඩිවුවත් ඇතැම් විට එම වැඩි ජනගහණයට අඩු ජනගහණයක් කළ කී දේ පාලනය කරගැනීමටත් නොහැකියි

අපේ ආදී මුතුන් මිත්තන් වූ පැරැණ්නන් විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද අයවලුන් වුවත්, විධිමත් ආහාර ෙවිලක් පරිිභෝ්ජනය කළ පිරිසක් වුණා. එනිසා නූතන මව සහ පියා එම කාරණා දැනගත යුතුයි. අප වටපිටාවේ හරිත වනාන්තරයක් තිබෙන වාසනාවත්න ජාතියක්. ලෝකයේ බහුතර රටවල් අතරින් බහුතර රටකට එම වාසනාව අහිමියි. මේ රටේ තිබෙන පෝෂණීය ආහාර විශේෂයක් උදයට පානයක් වශයෙන් බීමට හුරුවන එක කිරි පිටි බොනවාට වඩා ගුණ සම්පන්නද යන්න කිහිප අවස්ථාවක් සිතිය යුතුයි.

අම්මාගේ කිරිවලට පුරුදු වුණ දරුවා මවිකිරිවලින් මුදාගැනීමට අපහසුයි. උදේ පාන්දර සිට නැගිටිමින් කිරිපිටි සඳහා පුරුදු කළ දරුවාද සමහර විිට ජීවිත කාලයෙන්ම පිටිවලින් මුදාගත නොහැකියි. . කැඳ සඳහා පුරුදු වුණ දරුවන් ජීවිත කාලය පුරාම කැඳවලින් වළකා ගැනීමත් අපහසුයි. මේ ආකාරයට පෝෂණය ඉතිරිවන්නේ කුමන ආකාරයකින් ද යන්න තෝරා ෙබිරා ගැනීම දෙමව්පියන් සතු වගකීමක් . වර්තමානය වන විට මෙනේරි යන්න මොනවාද දැක නැති පරම්පරාවක් සිටී .තල දකින්නේ තල ගුලිවලින්. රටක් වශයෙන් ජාතියක් වශයෙන් ඉදිරියට යන පිරිසකට ශික්ෂණය ලබාදීම කෙතරම් වැදගත් කාර්යභාරයක්ද? ඒ නිසා දරුවන්ට නිවැරැදි ආහාර පද්ධතියෙන් ශික්ෂණ ලබාදීමත් , පරිසරයක් වශයෙන් ගෙදර තිබෙන පරිසරය අධ්‍යාපනික පරිසරයක් කිරීමත් ඉතාම වැදගත් කාරණාවක් වෙයි. . එම කාර්යයන් දෙක සඳහාම දෙමවිපියන්ගේ වගකීම අනිවාර්යෙන්ම තිබිය යුතුයි.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බා චරියාති වුුච්චරේ


අම්මා ,තාත්තා දෙන්නාම බ්‍රහ්ම ලෙසද, පූර්වාචාර්යවරුන් ලෙසද කියවෙනවා. පුර්වාචාර්යවරුන් වන්නේත් බ්‍රහ්මවරුන් වන්නේත් මේ ආකාරයෙන් දරුවන් ශික්ෂණය කිරීමෙන් පමණයි. මේ කාරණා තේරුම් ගත හොත් මේ රෙටි ආදරණීය දෙමවිපියන්ගේත්, ආදරණීය දරුවන්ගේත් ජීවිත වෙනස් කළ හැකියි.





කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ නවම් පුරඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment