Labels

Wednesday, February 1, 2017

බුදු දහම මනසට කතා කරයි

මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා මිස, පින් දෙනවා යනුවෙන් ප්‍රකාශ කිරීම වැරැදි ප්‍රකාශනයක් වෙයි.යමෙකු එසේ ප්‍රකාශ කරනවා නම්, ආගම දහමට අනුව ආගමික පරිසරයට අනුව වචන හසුරුවන්න දන්න පුද්ගලයෙකු නොවෙයි. මම ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කළා මිස පිරිකර දුන්නා නොවෙයි.පිරිකර පුජා කළා ප්‍රකාශ කිරීම ආගමික වශයෙන් නිවැරැදි ප්‍රකාශය වෙයි. එසේ ප්‍රකාශ නොකරනවා නම් ඔහු හෝ ඇය ආගමක් දහමක් සංස්කෘතියක් තිබෙන පුද්ගලයන් නොවෙයි. සංස්කෘතියක් නැති, ජාතියක් නැති, ජන්මයක් නැති මිනිසුන්ට එසේ ප්‍රකාශ කළ හැකි වුවත්, සංස්කෘතියක් තිබෙන සංස්කෘතියක ජීවත් වන මිනිසුන්ට එවැනි ආකාරයට හැසිරීමට හැකියාවක් නැහැ.
සිංහල සංස්කෘතිය ලෙස හඳුන්වනු ලබන්නේ සිංහල ආගමික සංස්කෘතියකටයි.ක්‍රමානුකූල වූත්,විධිමත් වූත්, ශාසනික සම්ප්‍රදායානුකූලවූත් නිවාරැදි සංස්කෘතිය හඳුන්වා දෙමින් පුරුදු පුහුණු කරනු ලැබුෙවිද අනුබුදු මිහිඳු මා හිමියන් විසින්ය. අම්මෙක් නැති ,
අප්පෙක් නැති ,ජාතියක් නැති සංස්කෘතියක් නැති මිනිසුන් භාෂාවෙහි නිවැරැදි වහර භාවිත නොකරයි. එක්තරා තරුණ දරුවෙක් පන්සලට පැමිණි අවස්ථාවක බෝධි පූජා සිස්ටම් එක කියා දෙන ලෙස ඉල්ලීමක් කළා. එම ළමයා ප්‍රකාශ කරන කාරණාව වැටහුණත් එම භාෂා භාවිතයෙනි අවුලක් තිබෙන බව වැටහෙයි. එසේ ප්‍රකාශ කළ ඔහු සංස්කෘතික මිනිසෙක් ද?යන ප්‍රශ්නය පැන නගී. ඔහු ආගමක් දහමක් සංස්කෘතියක් ඇති පුද්ගලයෙකු නම්, එතැනට පාවිච්චි කරීමට සුදුසු වචනයක් තිබෙන බවට දැන සිටිය යුතුයි.
අපට අගනා සංස්කෘතියක් තිබෙන බව දැනගත යුතුයි. අපට දියුණු ආගමක් තිබෙන විශිෂ්ට දහමක් තිබෙන පිරිසක්. ලෝකය තුළ ආගම් කෙතරම් ප්‍රමාණයක් තිබුණත්, බුදුදහම තරමි නිශ්චිතව නිවැරැදිව පිළිවෙලට පිළිතුරු ලබාදුන්න වෙනත් ආගමක් නැහැ.බුදුදහම තුළ නිශ්චිතවම ඉතා පැහැදිලිව මෙලොව පරලොව පිළිබඳව සඳහන් සියලු කාරණා බුදුදහම තුළ අඩංගු වී තිබෙන අතර බුදුදහම නිවැරැදි කාරණා පමණක් කතාකරයි. සමාජය තුළ ජීවත් වන බොහෝ පිරිස් මායාව තුළ රැවටීමට වැඩි කැමැත්තක් දක්වන නිසා ඇත්තට රුච්යක් දක්වන්නේ නැහැ.බුදුදහම පිළිගන්නවා නම්, එම පිරිසට බුද්ධිය ස්වල්පයක් හෝ තිබිය යුතුයි. අනුවණ පුද්ගලයන්ට බුදුදහම පිළිපැදීෙමි හැකියාවක් නැහැ.බුදු දහම බුද්ධිමත් මිනිසුන්ට කතා කරන දහමක් නිසා තරමක් හෝ බුද්ධිය පැවතිය යුතුමයි. බුදුදහම සෑම ප්‍රශ්නයක්ම කතා කර පැහැදිලි කරදී තිබෙයි. බුදුදහම තුළ සෑම ප්‍රශ්නයක්ම කතා කර තිබෙන්නේද බුද්ධිමත් පිරිසට පමණයි. මොළය කළඳක්වත් නැත්නම් බෞද්ධ වීම තේරුමක් නැහැ.මොළය කළඳක් හෝ තිබෙනවා නම්, ඉතිරි අඩුපාඩු ධර්මය කියාදීමෙන්ද, කරුණු කාරණා පැහැදිලි කරදීමෙන්ද, ගෙදර දොර ගැටළු සඳහා කටයුතු කළ යුතු නිවැරැදි ආකාරය පැහැදිලි කර දීමෙන්ද ,අටලෝ දහමට අනුව මනස සකස් කරගත යුතු ආකාරයද,පහදා දිය හැකියි.
ඇතැම් බෞද්ධ පුද්ගලයන් කටයුතු කරන ආකාරය දෙස බලන විට මොළය කළඳක් වත් නැතිද? සිතෙන අවස්ථා නැතිවා නොවෙයි. බෞද්ධයෙකු ලෙස උප්පත්තිය ලබන්නට ලැබිම පිළිබඳව සතුටු විය යුතුයි. අප සංසාරය තුළ බෞද්ධයෙකු ලෙස උප්පත්තිය ලැබුණේ පෙර කළ පුණ්‍ය මහිමයක ශක්තියක් නිසයි.
මහණෙනි, මගේ ධර්මය මොළය ටිකක් හෝ තිබෙන පිරිසට පමණයි. යනුවෙන් එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. මොළය නැත්තටම නැත්නම් කළ හැකි දෙයක් නැහැ. බුදුදහම මනසට කතා කරන දහමක් මිස භෞතික කාරණා පමණක් කතාකරන දහමක් නෙවෙයි.පළමුවත් , දෙවනුවත් , තෙවනුවත් ස්ථාන තුනම මනසට ලැබී මනස ප්‍රධාන වන විට භෞතික කාරණා සඳහා පසු ස්ථානයක් ලැබෙයි. මේ ලෝකය තුළ යම් පුද්ගලයෙකු ජීවත් වනවා නම් යහපත් අයෙකු ලෙස ජීවත් විය යුතුයි. යහපත් අයෙකු ලෙස ජීවත් වනවා යන්නෙහි අර්ථය වටහාගත යුතුයි. තමන්ගේ සිත, කය, වචනය යන තුන්දොර තමා සතුටු වන ආකාරයට කැමැති පරිදි කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නාසේ තමන්ගේ සිතෙන් යමක් සිතන විට තමාට සිතෙන දෙය ඇත්තටම එය තමාට අවශ්‍ය දෙයක්ද? යනුවෙන් සිතිය යුතුයි.වෙනත් පුද්ගලයෙක් තමන් සිතන ආකාරයට අනුව ඒ පරිදිම මම පිළිබඳව සිතුවහොත් මම එයට කැමැතිද? නැතිද?සියලු සත්ත්වයෝ නිදුක් ෙවිවා යනුවෙන් සිතන සිතින්ම ඇතැම් අවස්ථාවන්හි ඔහු හෝ ඇය නැසේවා වැනසේවා යනුවෙන් ව්‍යාපාද චේතනා සිතන අවස්ථා නැතිවා නොවෙයි.එවැනි සිතිවිල්ලක් මනසට පැමිණුන විට එවැනි ආකාරයේ සිතිවිල්ලක් යම් පුද්ගලයෙකු තමා පිළිබඳව සිතුවා නම්, තමන් කැමැති ෙවිවිද?තමන් කැමැති නම් එසේ කරන ලෙසත් අකැමැති නම්, එසේ නොකරන ලෙසත්, බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
අප වෙනත් පුද්ගලයෙකු පිළිබඳව වචනයක් කතා කරන ආකාරයට අනුව වෙනත් පුද්ගලයෙකු තමා පිළිබඳව එසේ කතා කරනවා නම්, මම ඒ සඳහා කැමැතිද ?බුදුදහම බුද්ධිමතුන් අතර පමණක් පවතින දහමක් නිසා අවංකව සිතිය යුතුයි.එවැනි අකාරයට බුදුදහම තුළ තුන්දොර පිළිබඳව සඳහන් වෙයි.තුන් දොර තමන්ට කැමැති ආකාරයට හැසිරීම හොඳින් ජීවත්වීම බව අවබෝධ කරගත යුතුයි.අවංක සද්භාවයෙන්ම තමන් කැමැති ආකාරයට වෙනත් පුද්ගලයන් පිළිබඳවද සිතිය යුතුයි. අප වෙනත් පුද්ගලයන්ට කටයුතු කරන ආකාරයට අනුව වෙනත් පුද්ගලයන් තමන් පිළිබඳව කටයුතු කරනවා නම්, අප එයට කැමැති වන්නේ නැහැ. අවංකවම තමන්ගේ ක්‍රියාව පිළිබඳව සිතිය යුතු වන්නේ බෞද්ධ පිරිස බුද්ධිමත් වුවන් නිසයි. බුද්ධිමත් නැති පිරිසට මොළයට කතා කිරීමට අවශ්‍ය නැහැ.
ෙමි තරම් තිරිසන් සතුන් සිටින සංසාරය තුළ , වෙනත් භූත,ප්‍රේත ආත්ම තිබෙන සංසාරය තුළ මනුෂ්‍යයෙකු ලෙස උප්පත්තිය ලැබුවා යනු සංසාරය තුළ ලැබූ මහා පුණ්‍ය අවස්ථාවක් වෙයි. මනුෂ්‍යයෙකු ලෙස උප්පත්තිය ලබා, ලැබූ මනුෂ්‍යය ආත්මය තුළදීත් පින්කම් සිදුකරනවා නම්,එය තවත් ඉහළට යා හැකි අවස්ථාවක් වෙයි ඇතැම් මනුෂ්‍යයන් පෙර පිනට ලැබුණ මනුෂ්‍ය ආත්මය දරාගෙන අකුසල් සිදුකරයි. මනුෂ්‍යය ආත්මයක උප්පත්තිය ලබල මනුෂ්‍යයන් ලෙස ජීවත්ව මැරී ගියාට පසු වැඩි පිරිසක් ප්‍රේත ආත්ම තුළ උප්පත්තිය ලබයි. මනුෂ්‍යයන් ලෙස උප්පත්තිය ලැබී,මරණයෙන් පසුව දේව ආත්මවල උප්පත්තිය ලබන පිරිස අඩුයි. පෙර පිනට මනුෂ්‍ය ආත්මය ලබාගත් එම පිනට ලැබුණ මනුෂ්‍ය ආත්මයෙන් අකුසල ක්‍රියාවන් සිදුකරන පිරිස වැඩි බව ඒ තුළින් පහැදිලි වෙයි. බෞද්ධයන් ලෙස අප පිළිගන්න දහමට අනුව පෙර පිනට ලැබුණ මිනිස්කම දරාගෙන සමාජයට යහපත් දේ කළ යුතුයි.

යහපත් දේ කර මියගිය පුද්ගලයා යහපත් ස්ථානයක උප්පත්තිය ලබන බවත්,යහපත් දේ සිදුකළත් නැවත සුබ ආත්මයක් ලබාගැනීමට පින් මදිනම්,එම පුද්ගලයා මරණයට පසු ඥාතීන් සොයා පැමිණෙයි. අප පින් අනුමෝදන් කළ යුත්තේ මිය ගිය ඥාතීන්ට මිස මළවුන්ට නොවෙයි. අපගේ මිය ගිය ඥාාතීන්ට පින් අනුමෝදන් කළවිට එම ඥාාතීන්ට පින් අනුමෝදන් වුවාට වෙනත් පිරිසට එම පින් අනුමෝදන් වන්නේ නැහැ යමෙකු මිය පරලොව ගිය පසු ඔහුගේ ඥාතීන්ම පින් අනුමෝදන් කළ යුතුයි.මිය ගිය පුද්ගලයාගේ අනුග්‍රහය පැවතුණේ එම ඥාතීන්ට පමණයි.




ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 27 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment