’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි. එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වාසය කරන කාලයේ මෙම දේශනාව වදාළ සේක.
එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන එක් උක්දඬු කැබැල්ලක රස බලමින් ගමන් ගත්තා. ඒ වෙලාවෙහි සිල්වත් කල්‍යාණ ධර්ම තිබෙන එක් උපාසකයෙක් සමඟ ගමන්ගත් බාල දරුවෙක් උක්දඬු දැක උක්දඬු කැබැල්ලක් ඉල්ලා හඬා වැටුණා උපාසකතුමා හඬන දරුවා දැක උක්දඬු ගෙනයන මිනිසාට කථා කළා. නමුත් අර පුරුෂයා උපාසකයා සමඟ කිසිවක් කථා කළේ නැහැ. උපාසකතුමා හඬන දරුවා පෙන්වා ‘මේ දරුවාට උක්ගස් දඬු කැබැල්ලක් දෙන්නැයි’’ කියා සිටියා. ඒ අසා ඒ මිනිසා නො ඉවසමින් අවමන් සිත් උපදවාගෙන අනාදරයෙන් එක් උක් දඬු කැබැල්ලක් පිටු පසින් වීසි කරනු ලැබුවා.
ඔහු කාලයකට පසුව කළුරිය කොට බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝභකමේ විපාක ලෙස පේ‍්‍රත යෝනියේ ඉපදුනා. එහි ඵලය නම් ස්වකීය කර්මයට සමාන වුණා. අට කිරියන් (අමුණු තිස් දෙකක්) පමණ පැතිර පවතින වූ මෝල්ගස් පමණ උක්ගස් වලින් ගැවසී ගත් මහත් උක් වනයක ඒ පේ‍්‍රතයා උපත ලැබුවා. උක්දඬු කනු පිණිස පේ‍්‍රතයා උක් වනයට යනවිට උක් ගසේ පත්‍ර ඔහුට හිංසා පීඩා ගෙන දුන්නා. උක් කොළ කෙළින් වී ඔහු කැපී ගියා. පේ‍්‍රතයා ඒ වේදනාවෙන් සිහිසුන්ව වැටුණා.
එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ පිඬු පිණිස වඩින අතරමඟදී මේ පේ‍්‍රතයා දුටුවා. ඒ පේ‍්‍රතයා රහතන් වහන්සේ දැක තමන් විසින් කළ කර්මය පිළිබඳව විචාරමින් මෙසේ කියා සිටියා.
’ස්වාමිනි මට මහ විශාල උක් වනයක් පහළ වෙලා තිබෙනවා. මේක ලොකු පුණ්‍ය ඵලයක්. ඒ වුණාට දැන් ඒක මගේ පාවිච්චියට ලැබෙන්නේ නැහැ. මේ මොන වගේ කර්මයක විපාකයක් ද? කියා පවසනු මැනවි.
එක් උක් ගසක් කන්ට ඕන කියලා මම යම්කිසි උත්සාහයක් ගන්නවා. මම එහෙම අනුභව කරන්නට ඕන කියලා උත්සාහ කරද්දී ඇති වෙන්නේ මහන්සියක්ම යි. උක් කොලවලට මාව කැපෙනවා. එවිට මගේ් ශරීර ශක්තිය නැතිව යනවා. දුකට පත් වෙනවා. මම වැලපෙනවා. මේ විපාකය මට ලැබුණේ් මොන කර්මයක් නිසා ද? මම හොඳටම වෙහෙසට පත්වෙලා බිම ඇදගෙන වැටෙනවා. තද අව්වෙන් රත්වුණු පොළොවේ මාළුවෙක් වගේ දඟලනවා. මම වැළපෙනකොට ඇස්වලින් කඳුළු ගලාගෙන යනවා. ස්වාමිනි, මේ විපාකය මට ලැබුණේ මොන කර්මයක් නිසාද කියලා පැවසුව මැනව.
මම පුදුමාකාර බඩගින්නකින් ඉන්නේ. මට ක්ලාන්තයි. පිපාස යි. අධික පිපාසයෙන් දුක් විඳීන මම මිහිරි සැපයක් නම් විඳල නැහැ. ස්වාමිනි මම ඔය කාරණය ගැනයි අහන්නේ. මට මේ උක් රසය පාවිච්චි කරන්නට ලබා ගන්නේ කොහොමද?
ඔය ඇත්තා පෙර ජාතියක මිනිස් ලෝකයේ ඉන්න කාලේ තමන්ගේම අතින් පව් කෙරිලා තිබෙනවා. මම දැන් ඔබට ඒ විස්තරය කියන්නම්. ඔබ එය අසලා මේ විදිහට දැනගන්න.
ඔබ එක් දිනක් උක් දණ්ඩක් හප හපා ගියා. එතකොට ඔබේ පිටුපස්සේ එක උපාසකයෙක් ආවා. ඔහු ඔබ සමඟ කථා කළත්. ඔබ කථා කළේ නැහැ. එවිට ඔහු ආර්ය පුත්‍රය, උක්දඬු කැබැල්ලක් දෙනු මැනව කියා ඉල්ලා සිටියා. එවිට ඔබ හිත නො පහදවාගෙන පිටිපස්සෙන්ම යි ඔහුට උක් දඬුව දුන්නේ. ඒ කර්මයේ විපාකය යි මේ.
දැන් ඉතින් පේ‍්‍රතය, ඔබත් පිටුපසින් පිටුපසට ගොස් උක්දඬුව ගන්න ඕන. එහෙම අරගෙන ඇතිතාක් කන්න. එවිට එයින් ඔබට සතුටක් ඇතිවේවා. තුටුපහටු වෙලා ඔදවැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වේවි.
ඒ පේ‍්‍රතයා පිටුපස්සෙන් පිටුපස්සට ගොස් උක්දඬු අරගෙන ඇති තරම් කෑවා. ඒකෙන් ඔහුට සතුටක් ඇතිවුණා. තුටුපහටු වුණා. ඔද වැඩුණු සිතින් ප්‍රමුදිතව ඉන්නට පුළුවන් වුණා.
පේ‍්‍රතයා රහතන් වහන්සේට උක්දඬු පූජා කළා. ඔහුට අනුකම්පාවෙන් ඒ උක් දඬු ගෙන උන්වහන්සේ වැළඳුවා. ඉන්පසු පේ‍්‍රතයා විශාල උක්ගසක් රහතන් වහන්සේට පූජා කළා. ඔහුට අනුග්‍රහ පිණිස ඒ උක්ගස මුගලන් මහ රහතන් වහන්සේ විසින් වේළුවනාරාමයට ගෙනවිත් භාග්‍යවතුන් වහන්සේට පිදුවා. උන්වහන්සේ භික්ෂු සංඝයා සමඟ එය පරිභෝග කොට පේ‍්‍රතයාට පින් අනුමෝදන් කළා. පේ‍්‍රතයා පහන් සිත් ඇතිව ඒ පින අනුමෝදන් වුණා. එදා සිට සුවසේ ඔහු උක්ගස් අනුභව කළා.
කුමාර පේ‍්‍රත වස්තුව
තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේදී පේ‍්‍රතයෝ දෙදෙනෙකු අරභයා මෙම දේශනාව වදාළා.
සැවැත්නුවර වනාහි කොසොල් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකුගේ යෞවන මදයෙන්් මත්වී පරදාර සේවනයේ යෙදෙමින් බොහෝ අකුසල කරමින් ජීවත් වුණා. ඔවුන් කාලයක දී කලුරිය කොට දිය අගලක් මතුපිට පේ‍්‍රතයන් වී ඉපදුනා. ඔවුන් රාත්‍රියේ දී භයානක ශබ්දයකින් කෑ ගැසුවා. මිනිසුන් ඒ අසා බියෙන් තැතිගෙන සිටියා. ඔවුන් සාකච්ඡා කොට බුදුරාජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවනට වැඩමවා දානයක් පූජා කර මේ සියලු සිද්ධීන් භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා.භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුනි, ඒ ශබ්දය ඇසීමෙන් ඔබලාට කිසිදු අන්තරාවක් සිදු නොවේ යැයි පෙර කථා ප්‍රවෘත්තියක් මෙසේ වදාළා.
හිමාල පර්වතය පැත්තේ ‘සැවත’ කියලා නුවරක් තිබෙනවා. එහේ රාජ පුත්‍ර වූ කුමාරවරු දෙදෙනෙක් සිටියා. ඔවුන් කාම සම්පත් වලට ප්‍රමාද වුණා. ඒ ජීවිතයේදීි ලැබුණු සැපයට ගිජුවෙලා ගියා. අනාගත ජීවිතවලත් හොඳින් සිටින්න ඕන කියන කරුණු දැක්කේ නැහැ.
ඔවුන් මිනිස් ලොවින් චුතවුණා පරලොවදී පෙරේත ලෝකයට ගියා. ඔවුන් ඒ කලින් ජීවිතයේ දී තමන් විසින්් කරගත්තු පාප කර්ම නිසා මේ නුවරට ආසන්නයේම ඉපදී මේ විදිහට කෑ ගසනවා
අපට දන් දෙන්න ඕන තරම් වස්තුව තිබුණා. දන්පැන් පිළිගන්වන්නට සුදුසු බොහෝ ආර්යයන් වහන්සේලා වැඩ සිටියා. අපට යම් සැප ලබාදෙන සුළු පිනක්වත් කර ගන්න බැරි වුණා.
අප කිසිම කර්මයක් නිසා ඒ රාජ කුලයෙන් චුත වෙලා මේ බඩගින්නෙන් පිපාසයෙන් පීඩා විඳ විඳ ඉන්න පෙරේත ලෝකයේ ඉපදුනා. ආයේ ඉතින් මීටත් වඩා පවක් තිබෙනවා ද? අප මිනිස් ලොවදී හාම්පුතාලා වෙලා හිටියේ. නමුත් පෙරේත ලෝකයේ දී අප හාම්පුතුන් නොවෙ යි. උසස් මනුස්ස ආත්මයෙන් චුත වෙලා හීන වූ පේ‍්‍රතයන් බඩගින්නෙන් පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. සැප සම්පත්වලින් මත්වෙලා හිටපු නිසයි මේ ආදීනවය හටගන්නේ. මේක තේරුම් ගත් මනුස්සයා සැප සම්පතට ගන්න එක දුරු කරන්න ඕන. එතකොට දෙව් ලොවටම යනවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
මාර්තු 19 වන අඟහරුවාදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
ලක්මාල් ඔබට බොහොම පින් සහෝදරයා අපට පහසුවෙන් කියවන්නට මෙවන් වැදගත් ලිපි එකතුවක් සෑදුවාට...
ReplyDelete