කම්ම විපාකය යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයක්. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණයි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණයි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේ ද බුද්ධ කාලයක දී පමණක් ලැබෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය පුහුණු කිරීමෙන් පමණයි.
බුද්ධ ශාසනයේ අංග නවයකින් සමන්විත වෙනවා. එහි ඇතුලත් ගාථා නම් වූ ශාසනයට පේ‍්‍රත වස්තුව ඇතුළත් වෙනවා.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරු වලට මෙම පේ‍්‍රත වස්තුවල සඳහන් වන කථා ප්‍රවෘත්ති වලින් අපට පණිවිඩයක් කියා දෙනවා. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය ඒවා අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මඟත් නො යා යුතුª මඟත් පෙන්වා දෙනවා.
ඉතාමත් දුකසේ කර්ම විපාක ගෙවා දමන ලෝකයක් තමා පේ‍්‍රත ලෝකය. තථාගතයන් වහන්සේ වදාළේ තම තමා කළ පින් සහ පවු තමා විසින්ම ගෙවා දැමිය යුතු බවයි. එසේ දුකසේ තමා කළ කර්මයක් ගෙවා දමන තවත් එක් කථා වස්තුවක් මෙසේ අප ඔබට කියා දෙනවා.
අප සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට අවුරුදු හත්සියයකට පෙර සැවැත්නුවරට ආසන්න එක්තරා ගමක එක් තරුණයෙක් වාසය කළා. ඒ තරුණයා එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරමින් ජීවත් වුණේ. ඔහු තරුණ වියට එළඹී කල්හි ඔහු මව ඔවුන්ගේ කුලයට සමාන කුලයකින් විවාහයක් කර දුන්නා. විවාහ වූ දිනයේ දී ම යාහලුවෙක් සමග දිය නෑමට යද්දී ඒ තරුණයාට නයෙක් දෂ්ඨ කිරීම නිසා මිය ගියා. ඔහු පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කිරීමෙන් බොහෝ පින් අත්පත් කර ගෙන සිටිය ද, විවාහ වූ තරුණිය කෙරෙහි මිය යන මොහොතේ සිහිවීම නිසා ඇයට සිත බැඳී තිබුණා. ඒ නිසා ඔහු විමාන පේ‍්‍රතයකුව උපන්නා. එහෙත් මහත් වූ සෘද්ධිබල හා ආනුභාව ඇත්තෙක් වුණා.
තමා විවාහ වූ තරුණිය තමාගේ විමානයට කැඳවාගෙන එන්නට කැමැතිව සිටි මේ ආනුභාව සම්පන්න පේ‍්‍රතයා එක් උපායක් කල්පනා කළා. ඇයට ඒ සඳහා පින් කළ යුතු යැයි සිතා එක් පසේබුදුවරයෙකු සිවුරක් මසනු දැක මිනිස් වෙසක් ගෙන එතැනට පැමිණියා. උන්වහන්සේ වෙත ගොස් වැඳ නමස්කාර කර මෙසේ ඇසුවා.
”ස්වාමින් වහන්සේ නූල් වලින් ඔබ වහන්සේට කිසියම් ප්‍රයෝජනයක් තිබෙනවා ද?”
”උපාසකය, නූල් තිබේ නම් මම සිවුරක් මසන්නෙමි” යි උන්වහන්සේ පිළිතුරු දී වදාළා.
”එසේනම් ස්වාමිනි, අසවල් තැනට නූල් සඳහා පිඬුසිඟා වඩින සේක්වා” ඒ තරුණිය වෙසෙන නිවස පෙන්වා කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේට එහි වැඩ ගෙයි දොරටුවෙ ඉදිරියේ වැඩ සිටියා. තරුණිය පසේබුදුරජාණන් වහන්සේ දැක පහන් සිතක් ඇති කර ගෙන මුන් වහන්සේට නූල් වුවමනා වී ඇතැයි සිතා එක් නූල් පන්දුවක් ගෙන පිදුවා. ඒ අතර අර පේ‍්‍රතයා මිනිස් වෙසක් ගෙන ගෙට ගොස් ඇයගේ මෑණියන්ට කන්නලවු කර දින කීපයක් ඒ නිවසේ විසුවා. ඉන්පසු ඔහු අර මෑණියන්ට තෑගි වශයෙන් ඒ නිවසේ තිබූ සියලු භාජනවල අමු රන් හා රත්රන් පුරවා ‘මෙය දෙවියන් විසින් දෙන ලද ධනයකි. එනිසා කිසිවකු විසින් නො ගත යුතුයි’ යි සියලු භාජන වල ලියා තබා අර තරුණියද ගෙන තම විමානයට පිටත් වුණා.
”මේ විමානයේ පුරා මල් පිරිලා තියෙනවා. රම්‍යයි. හරිම විචිත්‍රයි. දිව්‍ය පුත්‍රයන් දිව්‍ය අප්සරාවන් ගැවසිලා ඉන්නේ. මේ විමානය මමයි පරිභෝග කරන්නේ. මං කැමැති දිවසළු පොරෝන බොහෝ වස්තුව තියෙනවා. ඒවා ඉවර වෙන්නේ නැහැ” අර පේ‍්‍රතයා කිව්වා.
ඇයගේ මව මේ සියලු ධනය ගෙන දුගී මගීන්ට ද, තමාගේ ඥාතින්ට ද දී ජීවත් වුණා. කාලයකට පසු මරණාසන්න මොහොතේ මගේ දියණිය යම් දිනක ආවොත් ඇයට මේ ධනය පෙන්වන්නැයි’ නෑයන්ට පවසා මිය ගියා.
මෙයින් අවුරුදු හත්සියයකට පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළවී දහම් දෙසමින් සැවැත්නුවර වැඩ වාසය කරන කාලයේ දී අර අමනුෂ්‍යයා සමග වෙසෙන ස්ත්‍රියට කලකිරීමක් ඇතිවුණා. ඇය ඒ අමනුෂ්‍යයා අමතමින්,
’ස්වාමිනි, මා මාගේ ලොවට මාගේ නිවසට යන්න යැයි’ ඉල්ලා සිටියා. ඒ වගේම ඇය කියනවා ‘මම පෙර මා වෙත පැමිණ නූල් ඉල්ලූ පැවිදි භික්ෂූන් වහන්සේ නමකට කපු නූල් දුන්නා. ඒ දානයේ පින මහත්ඵලයි. ඒ පින මට දැන් ලැබෙනවා. මට බොහෝ වූ වස්ත්‍ර පහළ වෙලා තිබෙනවා.
දැන් ඔබ මෙහෙ ඉපදිලා අවුරුදු හත්සියක් වුණා. දැන් එහෙ ගියොත් වයසට ගිය ජරා ජීර්ණ වෙලයි යන්ට වෙන්නේ. ඔබගේ ඥාතීන් සියලුම දෙනා දැන් මැරිලා ගිහින්. මෙහෙන් එහෙට ගිහිල්ලා දැන් ඔබ මොනවා කරන්නද?
”ස්වාමි පුත්‍රය, දැන් මම මෙහෙ ඇවිදින් අවුරුදු හත්සියයක් මුළුල්ලේ දිව්‍ය සැපත් මිහිරත් වින්දා තමයි. මම ආයෙත් මනුස්ස ලෝකයට යනවා. මම එහි දී තවත් පින්කර ගන්නවා. මාව එහේ යවන්න”.
එවිට ඔහු ගොඩාක් වයසට ගිය ගොඩාක් දුර්වල වෙච්ච ඒ ස්ත්‍රියගේ අතින් අල්වාගෙන ඇවිදින් ගමට පමුණුවලා මෙහෙම කිව්වා.
”සැප ලබන්නට ඕනෑනම් පින් කරපල්ලා කියලා මෙහේ ආපු අනෙක් ජනයාටත් කියන්න”.
මම දැකලා තියෙනවා පින්කර ගන්නට බැරි වෙච්ච උදවිය ගැන. ඔවුන් පෙරේත ලෝකයේ හිටියත් මිනිස් ලෝකයේ සිටියත් දුකෙන් ගත කරන්නේ. නමුත් සුළු විපාක දෙන පින්කම් කරපු අය දෙවියන් වෙලාත් මිනිසුන් වෙලත් බොහෝ සැපසේම ජීවත් වෙනවා.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 අගෝස්තු 17 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment