Labels

Monday, January 17, 2022

තමන් ළඟම සිටින කලණ මිතුරා හීලෑ කළ සිතයි

 


බුදුදහමට අනුව මිනිසාගේ මනස විශ්මිත එකකි. එබැවින් එය නිසි පරිදි හීලෑ කර ගත හොත් එයින් ලැබිය හැකි ප්‍රයෝජනය අසීමිත ය. ධම්මපදයේ දැක්වෙන පරිදි මව, පියා හෝ වෙනත් ඤාතියකු විසින් කරනු ලබන යහපතටත් වඩා වැඩි යහපතක් මනාව හික්මවන ලද සමාහිත සිතට කළ හැකි ය

. එසේම සොරකු තවත් එබඳු ම සොරකුට කරන හානියටත් වඩා වැඩි හානියක් අසමාහිත අසංවර සිතකට කළ හැකි ය. ඒ අනුව පුද්ගලයා උසස් අයකු හෝ පහත් අයකු බවට පත්කරන බලවේගය එම තැනැත්තාගේ සිත බව පැහැදිලි ය.

ඒ ඒ ඉන්ද්‍රියන්ගෙන් පැමිණෙන අරමුණු මඟින් එයට අදාළ සිතිවිලි නිර්මාණය වන අතර මනින්ද්‍රියේ පැවැත්ම තීරණය වන්නේ එයට ගෝචරවන ධම්මාරම්මණ නිසයි. ඉන්ද්‍රිය සංවරය යනු හුදෙක්ම ඇස, කන, නාසය, දිව, ශරීරය පමණක් නොවේ. මනසට ගෝචරවන ධම්මාරම්මණ සම්බන්ධයෙන් ද සංවරයක් ඇතිකර ගැනීම අවශ්‍ය වේ.

මනස ඉතා බලවත් ඉන්ද්‍රියකි. එයට තමාට අදාළ විෂය සීමාව තුළ පමණක් නොව එයින් පරිබාහිර අනෙකුත් ඉන්ද්‍රියයන් පහ සම්බන්ධ අරමුණු ද ගෝචර කර ගත හැකි ය. ඇසින් දුටු රූපයක් නැවත නැවත සිහියට නඟා ගෙන එයට අදාළ විතර්ක නිර්මාණය කිරීමේ හැකියාව මනස සතු වේ.

අනෙකුත් ඉන්ද්‍රියයන්ට එවැනි හැකියාවක් නැත. මේ ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව නිසා මනසේ ගෝචර සීමාව අතිශය පුළුල් වේ. මනින්ද්‍රිය හැර අනෙකුත් ඉන්ද්‍රියයන්ට එයට අදාළ අරමුණ හැර වෙනත් අරමුණක් හා සම්බන්ධ විය නොහැකි ය.

බොදු උරුමයක අභිමානය දකින්නට ජීවිතයේ එක් වතාවක් හෝ ඓතිහාසික කූරගල පුදබිමට එන්න

 


අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” සුවඳවත් වූ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීම මේ මස 16,17, 18 යන තෙදින තුළ පැවැත්වේ. 16 දින සවස 3.00ට නිල වශයෙන් නිදන් වස්තු තැන්පත් කිරීම සිදු වන අතර 18 වැනි දින සවස 3.00 දක්වා ම අඛණ්ඩව සුවඳවත් වූ සෑ ගර්භයේ සැදැහැවතුන්ට පූජා වස්තු තැන්පත් කිරීම සිදු කළ හැකි ය.

අභිමානනීය අතීතයක නටබුන් වසා දමමින් බොදුනුවන්ට නැතිවී ගිය උරුමයක් යළි ගොඩනඟන්නට (බලංගොඩ) කුරගල කඳු මුදුනේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේ ඉදි කරන්නට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු වූයේ පසුගිය වසරේ මැදින් පෝදා ය.

" අන්තවාදී කොටස්වලින් අදටත් යම් යම් බලපෑම් පවතිනවා. විවිධ ප්‍රශ්න ගැටලු ඇති කරනවා. මම නුවර සිට මෙහි පැමිණියේ පුද බිම ඉදිකරන්න. ඒ නිසා මම අර ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පවතිනවා කියා මාධ්‍ය ඉදිරියේ නහයෙන් අඬන්න ලැහැස්ති නැහැ. මේ එන සෑම අභියෝගයකට ම මුහුණ දෙන්න අවශ්‍ය භික්ෂු පෞරුෂත්වය මට තියෙනවා. "

ඒ ආරම්භයත් සමඟ අපේ වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ, සුවහසක් බොදුනුවන්ගේ ශක්තියෙන් ඉදිවෙමින් පවතින මේ පින් බිම දෙනෙතින් දැක ගන්නට අපි වාසනාවන්ත වීමු. අප එහි යන විටත් මේ මහා සෑරදුන්ගේ සලපතළ මලුවට කොන්ක්‍රීට් ඇතිරීමේ මහා වැඩ කටයුත්ත සිදුවෙමින් පැවතුණි. ඒ උතුම් පුණ්‍ය කටයුත්තට තම ශ්‍රමදායකත්වය සපයන්නට එහි පැමිණ සිටි පිරිස පන්දහසකට ආසන්න ය. ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ දෙස් විදෙස් බොදු දනන් ඒ අතර වූහ. මේ උතුම් පින් කටයුත්ත සිදු වන්නේ මෙහි නියමුවාණන් වහන්සේ අපේ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ලක්වාසි දනන් වෙත කළ පෙර දැනුම් දීමකිනි. ඒ මෙදින සෑ රදුන් පිහිටි බිම සල පතළ මලුවේ කොන්ක්‍රීට් ඇතිරීම සිදුවෙන බවටයි. ඒ පුංචි දැනුම්වත් කිරීමට ඇහුම්කන් දෙමින් දහස් ගණනින් ජනතාව ශ්‍රම දායකත්වය ලබා දෙමින් පින් පුරවා ගන්නට මෙහි පැමිණ සිටියහ.

“අසදිසි ශාක්‍ය සුගත මහා සෑ රදුන් වහන්සේගේ” උස අඩි 130 කි. උන්වහන්සේ සබරගමුව පළාතේ ඉදිවන විශාලතම සෑ රදුන් වහන්සේ ය. විශේෂත්වය වන්නේ දිස්ත්‍රික්ක හයකටත්, පළාත් හතරකටත් උන්වහන්සේගේ පින්බර දසුන දිස් වීම ය.

අපේ උරුමය සුරකින මේ පින්වන්ත සුවිසල් කාර්ය භාරය පිළිබඳ අපේ නායක හාමුදුරුවන් වහන්සේ අදහස් පළ කළේ මෙලෙසිනි.

Tuesday, January 4, 2022

කම්සැප විඳීමේ සීමාව හඳුනා ගන්න

 


 කම් යනු කැමැත්ත ය. කැමැති දේ ලබමින් සිතේ හටගන්නා අත්දැකීම කම් සැපයයි. එය පසිඳුරන්ට පමණක් සීමා වේ. එසේ පංච කාමය වි¼දීම පිළිබඳ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුන් හමුවට පැමිණ කළ ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ අගාරික දිවියේ අරමුණු පිළිබඳවයි. "

සත්වයා ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය අවිද්‍යාව හා තෘෂ්ණාව මත පදනම් වූවක් බව අවධාරණය කරන මුල් බුදුසමය එයින් මිදීමේ මග ආර්ය මාර්ගය වන බව ප්‍රකාශ කරයි.

මිනිසා ලෞකික සැප සම්පත් පරිහරණය කරයි. ඒවා නිත්‍ය නොවන බව නොදැනීමෙන් පංච උපාදානස්ඛන්ධය සැපයක් සේ සලකයි. ඒවාම උපාදානය කොට දුකට පත්වෙයි. මේ බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

උන් වහන්සේ සත්වයාගේ දුක නැති කොට නිවන් පසක් කරලීම අරමුණු කොටගෙන ම ධර්මය දේශනා කොට ඇත. චතුරාර්ය සත්‍යයේ පළමු වැන්න දුක්ඛ සත්‍යය වූයේ ද එබැවිණි. සංයුක්ත නිකායේ දුක්ඛ සූත්‍රයට අනුව දුක ප්‍රභේද තුනකින් යුක්ත වන ආකාරය පෙන්වා දේ.

දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යනුවෙනි.

මිනිසා එදිනෙදා විඳීන ජීවිතයේ සාමාන්‍ය දුක් ගැහැට පළමුවැන්නෙන් පෙන්වා දී ඇත. එනම් කැමති දේ නොලැබීම , අකමැති දෑ ලැබීම , අලාභ , නින්දා , කායික මානසික දුක් පීඩා ආදී දෛනික ව මුහුණ දෙන දුක්ඛයන් මෙම දුක්ඛ දුක්ඛයට අයත් වේ.

මෙලොව සුරපුරක් සදන්නට මිනිසත් ගුණයෙන් සිත සවිමත් කර ගන්න

ඇතැමෙක් අවඥා සහගත සිනහවෙන් යුතුව ඔහු දෙස බැලූහ. මොහු ගැන දන්නෝ වික්ෂිප්තවැ, නොමඳ හිරු රැසින් හාත්පස ආලෝකවත් වූ දහවලක මෙතුමා ගිනිහුළක් ද ගෙන සැරිසැරීමට යම් හේතුවක් ඇතැයි සිතා එය දැනගනු රිසියෙන් මොහු ළඟට ගොස් කරුණු කාරණා විමසූ කල්හි, පඬිතුමා කියා සිටියේ පිරුණු මිනිස් ගුණයන්ගෙන් හෙබි සැබෑ මිනිසකු සොයමින් තමන් ඇවිදින බවත්, පවතින ආලෝකය ඊට ප්‍රමාණවත් නොවූයෙන් ගිනි හුළක් ද ගෙන මේ අසීරු වෑයමේ නියැළෙන බවයි.

දවසක්, දැඩි හිරු රැසින් මහපොළොව ගිනියම් වූ මධ්‍යහ්නයක දී එක් පුරුෂයෙක් ගිනි හුළක් ගෙන ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර වීථියක ගමන් කරන්නට වූයේ ය. මේ වනාහි ලෝ පතළ මහා ප්‍රාඥයකු වූ ගී‍්‍රසියේ සොක්‍රටීස් පඬිතුමා මිස සෙස්සෙක් නොවෙයි.

ඇඟ, බඩ, කඳ මනාව පිහිටි ඇත්තන් කොතෙකුත් සිටිය ද එයින් ම කෙනකු මිනිසකු නොවන බැව් මේ ප්‍රාඥයාගේ කියමනෙන් මොනවට පැහැදිලි වෙයි. ලොව අන් සතුන්ගෙන් මිනිසා වෙන්ව හඳුනාගත හැකි මූලිකාංගය මිනිසාට සිතා මතා නුවණින් වැඩ කිරීමට ඇති හැකියාව යි. ගතේ සවිය මත රැඳුණු කැලෑ නීතියෙන් සපුරා බැහැර වූ විධිමත් චර්යා පද්ධතියකට හෙතෙම උරුමකම් කියයි. තිලොව සත්වගට අසදෘශ ධර්මයකින් සංග්‍රහ කළ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ නිරතුරු මිනිස්බව අරුත් ගන්වා දිවි ගෙවීමේ අගය, වටිනාකම ලෝකයාට පෙන්වා වදාළහ. එම සදූපදේශ ඉවත ලා හැසිරීම, පුද්ගලයාගේ ද එවන් පුද්ගලයින්ගෙන් සුසැදුණු සමාජයේ ද පිරිහීමට, පරාභවයට හේතුභූත වෙයි.

සිතා මතා ක්‍රියා කිරීමේ නුවණක් නැති සියොත් කැළ උදෑසන පිබිද පරිසරය පුබුදුවා දුටුවන් සිත ද පිය උපදවා පලවැලින් කුස පුරවා තුටින් සියොත් මඟ සරති. පක්ෂි සමූහයාගෙන් අනෙකාට හිරිහැරයක් නැත. ඔවුහු වනේ පුරා සොයා ගොසින් අහර ගෙනැවිත් තම පැටවුන් රකිති. කැදලි සාදති. වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, කෙනකුගේ දියුණුවට බාධා අවහිරකිරීම් ආදී දුර්ගුණ කුරුලු ලොවැ නැත. කෑමට දෙයක් ලද විට කපුටා තම වර්ගයා ද කැඳවා ඔවුන් හා බෙදා හදා ගෙන කයි. කපුටු සිරිත කොපමණ අගනේදැයි සිතාබැලීම වටියි. තම මහලු දෙමාපියන් ද පෝෂණය කළ ජාතක කතා පොතේ එන ගිරා පෝතකයාගේ කතාව ද, නුවණින් ක්‍රියා කර විපතින් බේරුණු වඳුරු රංචුව ගැන කියැවෙන නලපාන ජාතක කථාව ද, සමඟියේ බලයෙන් උගුලෙන් බේරුණු වටු කුරුල්ලන් ගැන කියැවෙන සම්මෝදවාන කතාව ද සතුන් තුළ වූ වටිනා ගුණාංග පිළිබඳ මනා දෘෂ්ඨාන්ත ජාතක පොත් වහන්සේ ගෙනහැර පාති.

එදිනෙදා නෙත ගැටෙන කුරුලු ලොව සොඳුරු සිදුවීම් ද, තිරිසන් ලෝකයේ අන් සත්වයන්ගෙන්, බුද්ධියෙන්, මනසින් උසස් වූ මිනිසාට ලබාගත හැකි ආදර්ශ බොහෝ ය. පුංචි වේයා මහා තුඹසක නිර්මාණකරුවා වෙයි. මහාර්ඝ මී පැණි ඖෂධය මී මැස්සාගේ වෙහෙස මහන්සියේ ඵලයකි. අනලස් පුංචි කුහුඹුවා දිවා රෑ වෙහෙසී කෑම රැස් කර වැසි සමයේ අහර හිඟයකට කල් ඇතිව සූදානම් වෙයි. චිත්තාකර්ශනීය ‘වඩුකුරුලු කූඩුව ‘පුංචි සතකුගේ අපූරු නිර්මාණයකි. තමාට බත් පිඬකින් උපකාර කරන්නට සුනඛ තිරිසනාගේ “ලෙන්ගතුකම” මිනිස් අපට කදිම පාඩමකි.

සිත සනහන හදයංගම පිය තෙපුල කාගෙත් සිත් සතන් පහන් කරවයි. හයක් හතරක් නොදන්නා තිරිසනා වුව මුදු වදනට කොතරම් කැමති වේ ද යන්න නන්දිවිසාල ජාතක කතාවෙන් මොනවට පැහැදිලි ය.

දයාව, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව, මුදිතාව, ඉවසීම, කෘතගුණ දැක්වීම, මිනිස් ලොව මිනිස් වග උතුම් පුරුෂාර්ථ බබුළුවන රන්හුයක අගනා මිණිමුතු ය.

බුදු දහමේ ඉගැන්වෙන සතර බඹවිහරණ කෙනකු තුළ පිහිටා ඇත්නම් එබඳු තැනැත්තා සැබැවින් ම උසස් මනසකට හිමිකම් කියන අරුතින් පිරුණු අයෙකි. සතර බඹ විහරණ යනු මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාවයි. අන්‍යයන් කෙරෙහි දක්වන මිත්‍රත්වය, හිතෛෂි බව, මෛත්‍රිය යි. තමා මෙන් ම සමාජයේ අන්‍යයන්ට ද මිතුරුකමින් සලකන්නා, ගරු කරන්නා තුළ මෛත්‍රී ගුණය පිහිටා ඇත. හෙතෙම අනෙකාගේ හිතසුව පතයි, වරෙක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන් වහන්සේගේ පැනයකට පිළිතුරු සපයමින් ශාසනයේ පැවැත්මට අඩක් නොව සම්පූර්ණයෙන් ම කල්‍යාණ මිත්‍රත්වය හේතුවන බව තථාගත සම්බුදු පියාණෝ වදාළ සේක. මිත්‍රත්වයේ අගය ඉන් මොනවට පැහැදිලි ය.

“මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

බිතුසිතුවම් රූමෙන් පිටු නොපාවිතී” යහපත් මිත්‍රයෝ දුකෙහිදීත්, සැපේදීත්, තම මිත්‍රයන් අත් නොහරිති. ඒ බිතු සිතුවම් පරිද්දෙනි. සැලළිහිණි සංදේශය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ මිතුරුකමේ අගය එලෙසින් පැහැදිලි කළහ.

පොරණ රජ දරුවෝ අසීමිත මෙත් සිතින් යුතුව රටට, දැයට ජනතාවට වැඩ වැඩූහ. රට ධර්මද්වීපයක් වූයේ ද, සහලින් ස්වයංපෝෂිත වූයේ ද, මහ සයුර සදිසි වැව්, අහස්කුසට නැඟුණු සුදෝ සුදු දාගැබ් ඉදිවූයේ ද එදා රට කරවූ නායකයන් ජනතාව වෙත පෑ සෙනෙහස, මිත්‍රත්වය, ඇල්ම, නිසාවෙන් ම යැ. එහෙයින් ම පෙරදා ලක්වැසියෝ භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මිකව ද පොහොසත් වූ හ.

කෙනෙක් දුකකට, කරදරයකට, පීඩාවකට පත් වූ කල්හි එය තමාට වූ බව සිතා එම තැනැත්තාට උපකාරී වීම කරුණා හදක ලක්ෂණයකි. අප මෙලොව උපන් දා පටන් ලෙඩ වී මහලු වී ජරාවට පත්වී විඳින භවදුකින් සදාකාලික ව මිදීමේ මඟ අපට කියා දුන්නෝ තථාගත බුදුපියාණෝ ම ය. එදා මහ බෝසත්හු සුමේධ තවුස්වැ ඉපිද දීපංකර බුදු පා මුලදි තම අතට පත් නිවන හැරදැමූහ. ඒ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුකින් පීඩිත අසංඛ්‍ය සත්වග දුකින් මුදවනු පිණිස ය. සංසාර මහෝඝයට වැද දස පෙරුම් දම් සපුරා බුදුවැ උන්වහන්සේ අපමණ දෙව් මිනිසුනට අපමණ සුව සෙත උදාකර දුන් සේක. ඒ අසීමිත කරුණාවේ මහිමයෙනි.

සැබැවින්ම බුදුදහමේ ආභාසය ලත් අපේ ලක්වැසියෝ සැමදා කාරුණික හදින් පොහොසත් වූහ.

එදා මෙදා තුර සිරිලක් සමාජයේ බොහෝ දෙනා කරුණාබර හදින් යුතු වූහ. කෙනකුගේ දුක්ඛදායක අවස්ථාව තමා දුකට පත් කලක් මෙන් සලකා ඔවුහු විපතට පත්වූවනට උපකාර කළහ. කෙනකුගේ දුකේ දී පමණක් නොව සතුටේ දී ද ජයග්‍රහණයේ දී ද සතුටුවීම පිරුණු මිනිසකුගේ සැබෑ ලක්ෂණයකි. පෙර දා අපේ ගමක දරුවකු සරසවියට පිවිස උපාධි ලැබූ කල මුළු ගමම සතුටු විය. තොරණ බැඳ ඉතිරුණු තුටින් ජයග්‍රාහකයා පිළිගත්හ. ඒ අපේ කෙනකු ඉහළ තනතුරකට පත් වූයේ ය, යන බලවත් චිත්ත ප්‍රසාදයකිනි.

“ඇතින්නියක ලත් දරු පෙම්බෙර්යා
ඇතිනි රැලේ සැමටම කිරි එරේයා”

යන කියමනෙන් ඇත් පන්තියක සමඟිය, බැඳීම, සාමුහිකත්වය මොනවට විදහාපායි. එදා අපේ ගමක කාන්තාවක කුස දරුවකු පිළිසිඳගත් කල දොළදුක සපුරන රුචි රුචි ප්‍රත්‍යාහාර සපයා දුන්නේ ද, අද මෙන් පහසුකම් නොතිබූ එකල දරු උපතට වින්නඹුකම් කළෝ ද මව් සෙනෙහස ලොවට පළකළ ගමේ වැඩිහිටි අම්මාවරුන් ම ය. එදා සිරිලක ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් වැඩවලදී ද අපේ අය කයියට වැඩ කළහ. අන්‍යෝන්‍ය ව බැඳෙමින් එකිනෙකාට උපකාරීව තම දිවි පැවැත්වූහ. දුක, කඳුළ, ගැටලුව අභියස නොසැලී අටලෝ දහම ගැන සිතා උපේක්ෂාවෙන් සිත සවිමත් කර ගන්නට අවැසි අයෝමය මානසික පන්නරයෙන් හෙළ බොදු හද සන්තානය සවිමත් වූයේ ය.

කෙනකුගේ ජය, දියුණුව, දැක සතුටු සිත් ඇතිව ඔහුට ඇයට සෙත් පතන්නට ඔබේ හද නැමේ ද, තවකකුගේ හද ගැබ බුර බුරා නඟින සෝ ලතැවුල් මකන්නට කරුණාබර පිය මුදු වදනකට ඔබේ පිවිතුරු හදවත ඔබට විධාන නිකුත් කරයිද? “මට බඩගිනියි, අනේ, අනුකම්පාකර කෑම ටිකක් දෙන්න.” යනුවෙන් පවසන්නට, ඉල්ලන්නට විශ්ව ධර්මයෙන් වරම් නොලද, කළ පව්වලින් අසරණ වූ තිරිසන් සතකුගේ පිපාසයට දිය බිඳක්, කුසගින්නට බත් පිඬක් දිය යුතුය යන සිතිවිල්ලෙන් සරු මහාර්ඝ හදකට ඔබ හිමිකම් කියන්නේ ද?

සැබෑවට ම මෙබඳු ආකාරයෙන් කෙනකුගේ ඇවැතුම් පැවැතුම් පවතී ද? උතුම් සිතුම් පැතුම් ඇති දෙවියන් සදිසි මිනිසුන් වසන මෙවන් තැන මෙලෝ සුරපුරයක් ම යැ. බුදු දහමින් ඔපවත් වූ මිනිස් දිවිය මෙලොව සුරපුරයකට මඟ පාදයි.


මොරටුවේ ආනන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් අමාවක පෝදා 2022 ජනවාරි 02 ඉරිදා දින  බුදුසරණ පුවත්පතෙ පල වු ලිපියකි

සිතේ මායාව කරන කරදර

 


බුද්ධ කාලයේ වැඩසිටි ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් ආනන්ද මහ රහතන් වහන්සේට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මෙන්ම ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ ද වූ ආනන්ද හිමියන් මන්තානිපුත්ත නම් තම පැවිදි ආචාර්යයන් වහන්සේගේ ධර්ම දේශනාවක් අවසානයේ සෝවාන් ඵලය ලැබ සිටි, බුද්ධඅංගුත්තර නිකායේ භික්ෂුණී සූත්‍රයට අනුව ආනන්ද හාමුදුරුවන් ඝෝෂිතාරාමයෙහි වාසය කරන කාලයේ භික්ෂුණියක් උන්වහන්සේගේ රූප සම්පත්තියට වසඟ වී ආලය කරන්නට පටන් ගත්තා ය. දිනක් ඇය එක්තරා මිනිසකු කැඳවා “එක් භික්ෂුණියක් අසනීප වී හොඳටම අමාරුවෙන් සිටිනා බවත් , අවසන් මොහොතේ ඔබ වහන්සේ දැක ගන්නට ඕනෑ යැයි පවසන බවත් ඈ පිළිබඳ අනුකම්පා කොට මෙහෙණි අරමට ගොස් ඇගේ සිත සනසන්න” යනුවෙන් ආනන්ද හිමියන් වෙත ගොස් ඉල්ලා සිටින මෙන් පැවසුවා ය. ඔහු ද උන්වහන්සේ වෙත ගොස් එලෙස ඉල්ලා සිටි අතර ඈ කෙරෙහි අනුකම්පාවෙන් ආනන්ද හිමියෝ මෙහෙණවරට වැඩියහ. උන්වහන්සේ වඩිනු දුටු භික්ෂුණිය ද කාමරය වෙත ගොස් ඇඳේ වැතිරී හිසේ සිට පොරවාගෙන නිදාගෙන සිටින ආකාරයක් දැක්වූවා ය. මෙය පිළිබඳ අවබෝධ කොටගත් ආනන්ද හිමියෝ ධර්මය දේශනා කරන්නට පටන් ගත්හ.

මිතුරු වෙසින් එන සතුරන් සිහි බුද්ධියෙන් හඳුනා ගන්න

 


සමාජයේ ජීවත් වනවිට අප හැම කෙනෙකුට ම කවර හෝ මිත්‍රයෙක් ඉන්නවා. මේ මිත්‍රයාගේ සැබෑ තත්වය හඳුනා ගැනීම අප හැම දෙනාට ම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මිත්‍රයාගේ ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් අපට පෙන්වා දී තිබෙනවා.

ඒ සිඟාලෝවාද සූත්‍රයේ දී. සමාජයේ ජීවත්වන විට එක් එක් වයස් කාණ්ඩවලදී හමු වෙන මිතුරන් ගැන සිතුවොත් දරුවන්ට බොහෝ විට වැදගත් වන්නේ දෙමාපියන්ටත් වඩා ඒ මිතුරන්. ඉතින් මේ සැබෑ මිතුරා කවුද කියලා තේරුම් ගෙන ධර්මානුකූල ව වටහා ගෙන ක්‍රියා කළොත්, ඇතැම් විට සමහර මව්පියන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා නොමඟට යන දරුවන් පවා ඒ මිතුරන්ගේ ඇසුරෙන් සුමඟට හැරවීමේ හැකියාවකුත් තිබෙනවා. මවත් පියත් දෙදෙනා තමා ඇත්තට ම දරුවන්ට හමු වන පළමුවන මිතුරන් දෙපළ වන්නේ. එසේ වීමට නම් ඒ මවත් පියත් දෙපළ ම තමන්ගේ මාතෘත්වය හා පිතෘත්වය හරි හැටි අවබෝධ කර ගෙන තම දරුවන් යහපතෙහි පිහිටුවන්නට ක්‍රියා කළ යුතු වෙනවා.

පාසලේ දී දරුවාට ගුරවරු යන්නෙන් පිරිසක් හමු වෙනවා. ඒ හමු වෙන්නේත් මිතුරු පිරිසක් විදයට යි අර්ථ දක්වන්නේ. එහෙත් ගුරු වෘත්තියට නිගා දෙන ගුරුවරයා යන උතුම් වචනයේ අරුත නො වටහා ගෙන ක්‍රියා කරන ගුරුවරුත් අප ජිවත් වන සමාජයේ නැත්තේ නොවෙයි.

ඉතින් මේ අවාසනාවන්ත තත්වයන් හරිහැටි තේරුම් ගෙන මිතුරා හඳුනා ගෙන ක්‍රියා කිරිම නිසා මෙලොවත් පරලොවත් ජය ගන්නට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

මෙහි දී සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, කෝසල සුංයුත්තයේ එන කල්‍යාණමිත්ත සූත්‍රය විශේෂයෙන් පෙන්වා දෙන්නට පුළුවනි.

මෙතරම් මානසික පීඩා තමන් ගැන නොසිතීම නිසයි

 


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය එකාදසානිසංසා පාටිකංඛා, කතමේ එකාදස? සුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හොති, අමනුස්සානං පියො හොති, දේවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හො කාලං කරොති, උත්තරීං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලොකුපගෝ හොති.

කාරුණික පින්වත,

අද මම ඔබට පහදා දෙනු ලබන්නේ මෛත්‍රිය වැඩීමේ අනුසස් පිළිබඳවයි. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා සූත්‍රයක් ලෙස මා මාතෘකා කර ගත් ඉහත දේශනා පාඨය අඩංගු මෙත්තානිසංස සූත්‍රය දැක්විය හැකි ය. මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ එකාදසක නිපාතයේ අනුස්සති වග්ගයට යි. මෙහිදී උන්වහන්සේ මෙත් වැඩීමේ ආනිශංස එකොළොසක් පෙන්වා වදාළහ.

Thursday, September 30, 2021

වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

 


ඒ වගේම තමයි ද්වේෂය. රාගය තරම් ම ද්වේෂයත් බලවත් පින්වතුනි. එය වෛරයක් වීමෙන් ආත්ම සිය ගණනක් වුවත් අප පසුපස එන්න පුළුවන්.

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති
අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති.

පින්වත්නි,

අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි.

දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ.

මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා.

අටසිල් පද

 ඇතැම් අයට මේ ශික්ෂාපදවලින් ඇතැම් ශික්ෂා පදයක වැදගත්කම අවබෝධ කර ගැනීම දුෂ්කර වී ඇති බැව් පෙනේ. ඔවුන් සිතන්නේ බෞද්ධයින් නැටුම් ගැයුම්, වැයුම්, සිනමාව, සුවඳ විලවුන්, විසිතුරු ආභරණ ආදී සුව පහසු දෑ කෙරෙහි විරුද්ධ බවකි.


බෞද්ධ රටවල බැතිමතුන් පුරුදුව ඇත්තේ පුන් පොහෝ දිනවල හා සෙසු පොහොය දින වැනි විශේෂ දිනවල අටසිල් සමාදන් වීමට ය. සැදැහැවත්තු උදෑසනින් විහාර ආරාම වෙත පැමිණ සිල් සමාදන් වී මුළු දවස ම එහි ගත කරති. අටසිල් සමාදන් වීමෙන් ඔවුන් ගේ එදිනෙදා ජීවිතයේ ඉදිරිපත්වන භෞතික හා වින්දන ඉල්ලුම්වලින් වෙන් වී සිටිය හැකි වේ. අටසිල් සමාදන් වීමේ පරමාර්ථය නම් විවේකය, සන්සුන් බව වඩා ගනිමින්, සිත පුහුණු කරමින් තමා ගේ ආධ්‍යාත්මික වර්ධනය ලබා ගැනීම යි.

සිල් සමාදන් වන කාලය තුළ දී බණ පොත් කියවීමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, භාවනාවේ යෙදීමෙන් ආරාමයේ ආගමික වැඩට සහාය වෙමින් කල් ගෙවති. පසුදා උදෑසන අටසිල් මිදී පන්සිල් ගැනීමෙන් පසු ඔවුන් ගේ සාමාන්‍ය ජීවිතය ඇරඹීම වස් ගේ දොර බලා ආපසු එති. අටසිල් සමාදන් වීමෙන් අදහස් කරන්නේ මෙවන් වැළකීම් ය. සතුන් මැරීම, සොරකම, කාමයෝ වරදවා හැසිරීම, මුසාවාදාය, මත්පැන්, හිරු අවරට හැරී මෙන් පසු ආහාර ගැනීම, නැටුම් ගැයුම් වැයුම් අයොග්‍ය දර්ශන මල්දම් සුවඳ විලවුන් ආලේප ඈ අලංකාර විචිත්‍ර දෑ පරිහරණය, උස් සුව පහසු අසුන් හි හිදීම් ආදිය යි.

ඊළඟ බවය ගැන කියන මරණාසන්න මොහොතේ ගති නිමිති

 බොහෝ වෙලාවට මරණකරුට තිබෙන ලොකුම අලාභය ධර්මය නොදත් ඥාතීන් සිටීම ය. මරණයේ දී ඒ තැනැත්තා කායික වේදනා මෙන් ම, මානසික වේදනා අත්විඳී . ඒ සියල්ලට ම වඩා ප්‍රියයන් අත්හැර යාමේ වේදනාවයි."

ජීවිතයේ වඩා වැදගත් ම අවස්ථාව උපත නොව මරණය යි. මන්ද යත් සසර ගමනේ දී සුගතිය, දුගතිය තීරණය කිරීම සඳහා මෙම අවස්ථාව බොහෝ සෙයින් බලපෑම් සිදු කරන බැවිනි. එහෙයින් එම මෙහොතේ දී සිත සකස් කර ගැනිම අත්‍යවශ්‍ය වේ. සිත සැකසීමේ දී එය ඒ මොහොතේ දී සිදු කර ගැනීම පහසු නොවේ. එය සිදු කරගත හැකිවන්නේ බුදු සරණ ගිය සැබෑ ශ්‍රාවකයාට පමණි.

යහපත් ව හොඳීන් සිටින කාලයේ දී පින් සිදු කරනවා සේ ම ධර්මයෙහි යෙදීම අවශ්‍යය. එමෙන් ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස හිතන්න පුරුදු කළ යුතු ය. එසේ නොමැති ව මම ඒ මොහොත් එය බලා ගන්නම්, දැන්ම අවශ්‍ය නොවේ යන හැඟීමෙන් සිටින කෙනකුට එය කළ නොහැකි ය. මරණය හමුවේ සියල්ලෝ ම බියට පත්වේ. “සබ්බේ භායන්ති මච්චුනෝ“ නිවැරැදි ව ධර්මය තේරුම් නොගත් පිරිස් ඒ මත භව සමුදය හෝ භව නිරෝධය නො ලබයි. භව යනු පැවැත්ම යි. එය ධර්මයට අනුව කම්ම භව විපාක වශයෙන් දෙයාකාර වේ. මෙහි දී කම්ම භව යනු පවතින්නට අවශ්‍ය කර්මයෝ ය . විපාක භව යනු එය විපාක වශයෙන් ලබන ස්ථානයන් ය.

Monday, March 8, 2021

සංසාරයේ කළ කර්ම නිසා ජීවිතය විඳවනවා ද?

 


ආ දරය කියන වචනයට අප කාටවත් නිශ්චිත නිර්වචනයක් දිය නොහැකියි. විටෙක ආදරය සුන්දර අත්දැකීමක් වන අතර තවත් විටෙක එය අසුන්දර අත්දෑකීමක් ගෙන දෙයි. අද සමාජ රටාව දිහා බලනකොට පෙනෙන්නේ තාරුණ්‍යය විනාශ වෙමින් යන යුගයක් බවයි.

බොහෝ විට අද ඇතිවෙන ආදර සබඳතාවලට පැවැත්මක් නැහැ. අවාසනාවකට මේ රටේ විවාහ වන අයට වඩා දික්කසාද වන ප්‍රතිශතය වැඩියි. බොහොමයක් තරුණියන්ගේ ඉවසීමේ ගුණය, ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබෙන හැකියාව ඉතාමත් දුර්වලයි. පිරිමින්ගෙත් දුර්වලතා නැතුවම නොවේ. නමුත් සමාජීය දැනුම ගත්විට කාන්තාවන් සිටින්නේ ඉතාමත් පහළ තැනක. තම බිරියගේ හෝ සැමියාගේ මොන අඩුපාඩුව තිබුණත් එම ප්‍රශ්න පිටතට නොදී බුද්ධිමත් භාවයෙන් එය විසඳගන්නේ නම් මේ සමාජ රටාව මීට වැඩිය වෙනස් වේවි. දේවේශයෙන්, ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳාගත නොහැකියි.

වැඩිහිටියෝ ඔහේ වයසට ගියා ඇරෙන්න ධර්මයෙන් ගුණයෙන් පොහොසත් නැහැ. දරුවන් විවාහ කර දුන්නා නම් එතැනින් එහාට ඔවුන්ගේ අලුත් ජීවිතයට අඟිලි ගැසීම ඔවුන්ට අයත් කාරණයක් නොවෙයි. ඒ ජීවිතය අයිති ඔවුන්ටය. බොහෝ දික්කසාදයන්ට මුල මාපියන්ගේ අනිසි බලපෑම්.

සාමාන්‍යයෙන් දරුවෙක් ඉන්න තරුණ පවුලක් ගන්න. ඔවුන්ගේ ජීවිත ගොඩ නැඟී ඇත්තේ අනාගත සමාජ රටාවට ඔබින ආකාරයටයි. ඔවුන් හිතන විදිය ද වෙනස්. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවිට සමහර මාපියෝ, නෑයෝ, වටපිටාවේ ඉන්න අසල්වැසියෝ තමා තීරණය කරන්නේ එම තරුණ යුවළ ජීවත් විය යුත්තේ මොන ක්‍රමයට ද කියා. අන්තිමට එම පුංචි පවුල දික්කසාදයෙන් විවාහය කෙළවර කර ගන්නවා. මේ විනාශයට දායක වූ සියලුදෙනා කර්මයක් රැස් කරගන්නවා.

Tuesday, December 29, 2020

සතුටෙහිදී පොරොන්දු දීමෙන් දුකෙහිදී තීරණ ගැනීමෙන් ජීවිතයම වරදින්න පුළුවන්


 වේගයෙන් එන සිතුවිලි ආවේගයන් ය. තාරුණ්‍යයේ බොහෝ ගැටලුවලට මුල සිතුවිලි පාලනය නොවීමයි. ආවේග මත තමන් පිළිබඳ හදිසි තීරණ ගැනීම මෙන්ම, අන්‍යයන් උදෙසා ඉක්මන් තීරණවලට එළඹිය හැකි ය.

බොහෝ සිදුවීම්වල මූලය ආවේගයයි. සියදිවි හානිකර ගැනීමේ සිට පුද්ගල දේපළ විනාශය ආවේග මත සිදුවේ. කේන්තිය, වෛරය, දුක ආදී බොහෝ හැඟීම් පාලනය නොවීම මත තමන්ට මෙන්ම අනෙකාට ද හානි සිදුවේ.

ඉඳුරන්ට වහල්වීම

වේගයෙන් එන වාහනයක් වේගය පාලනය කරගත නොහැකි විට තවත් වාහනයක හෝ ස්ථානයක ගැටේ. එසේ නැතිනම් එකවර තිරිංග තද කිරීම මත වාහනය පෙරළීමට පත්වේ. පුද්ගල ආවේග හඳුනාගත යුත්තේ මේ පදනමිනි.

ආවේග වර්ග දෙකකි. එනම් ධනාත්මක හා සෘණාත්මක වශයෙනි. ධනාත්මක ආවේග පාලනය කළ යුතු ම ය. ආවේග පාලනය නොකිරීම සහ ඉඳුරන්ට වහල් වීම තරුණකමට නිගාවකි. ලොව ජයගත් සෑම තරුණයෙක්, තරුණියක් ම හැඟීම් පාලනය කළ පිරිස් ය. සියලු සත්ත්වයන්ට හැඟීම් පවතී. ඉන් මිනිසා, විශේෂ වන්නේ හැඟීම් පාලනය කිරීමට සමත් එකම සත්ව කොටස බැවිනි.

Sunday, December 27, 2020

සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩසිටිනා ලොව බලගතුම සෑය රුවන්වැලි මහා සෑ රදුන්

 


අද බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන මහසෑය හෙවත් රුවන්වැලි මහ සෑය සැබවින්ම දෙව්ලොවත් මනුලොවත් එකට සම්බන්ධ වී තනන ලද මහා නිර්මාණයකි. මෙහි ඇති සුවිශේෂිත්වය නම්, ලෝකයේ ප්‍රබලම විශ්ව ශක්තිය ඇති එකම ස්ථානය මෙය බවට නාසා ආයතනයත් තහවුරු කිරීමයි. අපි මේ නිර්මාණයේ සැඟැවුණු රහස් පිළිබඳ ගරු ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගමු.

පින්වත්නි, අද අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ, බුදුරදුන්ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේයි.

අප මේ වැඩ සිටින ස්ථානය රහතන් වහන්සේලා අනූහය කෝටියක් වැඩ හිටපු තැනක්. එමෙන්ම බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. මේ මහ භද්‍රකල්පයේ බුදුවරු හතර නමක් පහළ වුණා. එනම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුවරුන්ගේ පා පහස ලැබු ස්ථානයකි මේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවක රහතන් වහන්සේලා පන්සිය නමක් සමඟ මේ රන්කොත පිහිටි මධ්‍ය ලක්ෂයේ (සෑය හරි මැද) සමාධි සුවයෙන් වැඩ සිටියා. මේ රහතන් වහන්සේලා අතර සිටි ඇහැළ මලේ පාටින් බබළන, කල්පයක් ඇතුළත වැටෙන වැස්සේ වැහිබිඳු ගාණ ගණන්කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් සහිත සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ස්ථානයට බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළා. ඊළඟට නිල් මානෙල් මලේ පාටින් බබළන මුගලන් මහ රහතන් වහන්සේත් මේ අප හිඳින ස්ථානයට වැඩම කළා. ඉන්පසු ධූතාංග ගුණයෙන් අගතැන්පත් දුප්පතුන්ගේ මුණිවරයා කියා, ඒ කාලයේ හැඳින්වූ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ මේ සෑයට වැඩම කළා. අංගුලිමාල මහ රහතන් වහන්සේත් මේ ස්ථානයට වැඩම කළා. උපාලි මහරහතන් වහන්සේත් වැඩම කළා. එමෙන්ම නීරෝගී ගුණයෙන් අග තැන්පත් බක්කුල මහරහතන් වහන්සේත් වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ හැර අනෙක් සියලුම රහතන් වහන්සේලා වැඩම කරපු ස්ථානයක් තමයි මේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වැඩම කිරීමට නොහැකි වුණේ, උන්වහන්සේ ඒ වනවිට රහත්භාවය ලබා නොතිබූ නිසාවෙනි.

Wednesday, September 16, 2020

අඹුසැමියන්ගේ යුතුකම්



පවුලක සමගිය සතුට දියුණුව ඇතිවීමට අඹුසැමි දෙදෙනා විසින් ම ඔවුනොවුන් සම්බන්ධයෙන්
තම තමා අයත් යුතුකම් නො පිරිහෙලා ඉටු කළ යුතු ය. බොහෝ දෙනා තමාගෙන් ඉටු විය යුත්ත ඉටු නො කොට අනෙකා ගෙන් පමණක් යුතුකම් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වෙති. බොහෝ පවුල්වල අසමගිකම්වලට හා පිරිහීමටත් හේතුව එය ය. තථාගතයන් වහන්සේ විසින් “සිගාල” ගෘහපති පුත්‍ර‍යා හට සැමියකුගේ යුතුකම් පසක් හා අඹුවකගේ යුතුකම් පසක් ද වදාළ සේක
.



සැමියාගේ යුතුකම්

(1) බිරිඳ සතුටු වන පරිද්දෙන් ප්‍රිය වචනයෙන් කථා කිරීම ය.

(2) බිරිඳට අවමන් නො කිරීම ය.

(3) සිය බිරිඳ හැර අන් ස්ත්‍රීන් සේවනය නො කිරීම ය.

(4) ආහාර පිළියෙල කිරීම් ආදි ගෙයි කටයුතුවලට අධිපති බව පැවරීම ය.

(5) වස්ත්‍රාභරණ පිළියෙල කරදීම ය යන මේ කරුණු පස භාර්යාව සම්බන්ධයෙන් ඉටු කළ යුතු සැමියාගේ යුතුකම් ය.

භාර්යාවගේ යුතුකම්

කියන ලද කරුණු පසින් හිමියා විසින් භාර්යාවට සංග්‍ර‍හ කරන කල්හි භාර්යාව ද
(1) කලට වේලාවට ආහාර පිළියෙළ කිරීම් ආදි ගෙයි කටයුතු මනා කොට කිරීම ය.

(2) තමාගේ සැමියාගේ නෑ මිතුරන්ට මනා කොට සංග්‍ර‍හ කිරීම ය.

(3) සිය සැමියා හැර අන් පුරුෂයන් නො පැතීම ය.

(4) හිමියා සපයන ධනය ආරක්ෂා කිරීම ය.

(5) සියලු කටයුතු අනලසව කිරීම ය යන කරුණු පසින් සැමියාට සංග්‍ර‍හ කරන්නීය.


(බෞද්ධයාගේ අත්පොත - රේරුකානේ චන්දවිමල මහනාහිමි)

Wednesday, May 6, 2020

සැබෑ වෙසක් සැමරීමට මේ කාලය යොදා ගන්න

බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා දුකින් මුදා ගැනීම පිණිස සිදු කළ උත්තම සේවාවට උපහාර වශයෙන් බෞද්ධයන් විසින් සිදු කරනු ලබන උතුම් පූජාවක් ලෙසින් වෙසක් දින සමරනු ලබනවා.
එහෙත් මෙවර ලෝකයේ සියලුම බෞද්ධ රටවල් වෙසක් සැමරීමේදී දැඩි අපහසුතාවකට පත් වෙලා . ඒ වසංගත රෝගී තත්ත්වයන් නිසා රටවල් වසා තැබීම නිසයි. එවන් තත්ත්වයක් යටතේ බෞද්ධයන්ට වෙනදා සැමරූ ලෙසින් වෙසක් උත්සවකාරයෙන් සැමරීමට බැහැ.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයකුට එහා ගිය අති මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි උත්තුංග අසමසම අයෙක්.
උන් වහන්සේ සැමරුම වෙනුවන් අප අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම ගුණ ධර්මයන් වැඩිය යුතු වනවා. ඇත්තෙන්ම අප අවබෝධ කර ගත යුතුයි සැබෑ වෙසක් යන්න කුමක්ද කියා. අප වෙසක් උලෙළක් ලෙසින් සමරනවා. ඒ සඳහා තොරණ, දන්සල් වෙසක් පහන් කූඩු වැනි ප්‍රදර්ශනාත්මක ආමිෂ කටයුතුවල නියැළෙනවා. එහි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේට කරනු ලබන උපහාරයක් ලෙසින් අප ඒ කටයුතු කරන්නේ. නමුත් මේ අවස්ථාවේදී අපට පෙරහර, දන්සල්, තොරණ හෝ වෙනත් සාමූහික කටයුතුවල නියැළීමට හැකියාවක් නැහැ.

බුදුගුණ සිහි කරමු



"බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක."
මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ.
එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.
බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම්, අවබෝධයක් ද? තථාගතයන් වහන්සේ ම සේල නම් බමුණාට මෙසේ වදාළ සේක. දත යුතු සියල්ලම විසින් වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. හළයුතු සියල්ල හළෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙනි. දුක්ඛසමුදය නිරෝධ මාර්ගා දී ආර්යය සත්‍යය ස්කන්ධ , ආයාතන , ධාතු,බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද , සත්ත්වයා හා ලෝකයපිළිබඳ අප්පාද, භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්ෂියෙන් දත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.
බුද්ධං අනුසාරතො චිත්තං පසීදතී යන බුදු වදන් සිහියට නඟා ගැනීම මේ වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි.

සම්බුදු උපත සැපතකි

මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.
බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා.
ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.
වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.
ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.

Tuesday, February 11, 2020

භාවනාවට පෙර.



භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා.

සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.

Wednesday, June 20, 2018

සීල ධනය: දුසිල්වත් වීමේ කෙළවර සතර අපායයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමටත් පෙර සිටම විමුක්ති මාර්ගයක් සොයා ගිය අය කය, වචනය සංවර කරගන්නට උත්සාහ කර තිබේ. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ඒ කියන්නේ කයෙන් සිදුවන වැරැදි එනම් සතුන් මැරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය යන මේ දුෂ්චරිතයන්ගෙන් වෙන් වීමයි. ඒ වගේම වචනයෙන් කෙරෙන වැරැදි එනම් බොරු කිම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වාග් දුෂ්චරිතයෙන් වෙන් වීමයි. බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමග නිවන් අරමුණු කරගෙන යමෙක් සීලය උපයෝගී කරගත යුත්තේ කෙසේද යනුවෙන් දේශනා කළහ. තමන්ගේ ශ්‍රාවකයා ප්‍රථමයෙන් සම්මා දිට්ඨියේ ස්ථාපිත වී, තුන්සරණය තුළ ස්ථාපිත වී, ඉන්පසුව සීලය දියුණු කරගත යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
අද ලෝකයේ සම්මා දිට්ඨියෙන් තොර වූ, තිසරණයට පත් නොවූ එහෙත් සිල්වත් ජීවිත ගත කරන අය සිටිති. එසේ වුවද, ඒ ඇත්තන්ට විමුක්ති මාර්ගයක් කරා පියමං කරන්නට හැකියාවක් නැත. බුදුදහම තුළ තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන පිළිවෙළකට යන මාර්ගයයි. මෙහිදී අනුපුබ්බ සික්ඛා යනු සීලයට සම්බන්ධ කොටසයි.
ශ්‍රාවකයාගේ සීලය දියුණු කරගැනීමට උන්වහන්සේ ශික්ෂා පද පනවා වදාළහ. ඒ අනුව ප්‍රථමයෙන්ම සිල්වත් වී ඉන්පසුව චිත්ත සමාධිය ඇතිකරගෙන ඉන්පසුව ප්‍රඥාව පහළ කරගත යුතු යි. සිල්වත් ජීවිතයක් ගත කරන්නේ නැති කෙනාට සමාධියක් දියුණු කරගත නොහැකියි. ඒ නිසා බුද්ධ දේශනාවේ තිබෙන විමුක්ති මාර්ගයට සීලය අනිවාර්ය අංගයක් වේ. සිල්වත් නොවුනහොත් විමුක්තිය අහිමි වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයකි. බුදුන්වහන්සේ සප්ත ආර්ය ධනයතුළ සීලය ධනයක් ලෙස දේශනා කරන්නේ ඒ නිසයි.

සද්ධා ධනය: ශ්‍රද්ධාවන්තයා ඉන්ද්‍රඛීලයක් බඳු ය

" ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය"
සම්බුදු දහමට පිවිසීමේ දී අනුපුබ්බ ශික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ලෙස වැඩ පිළිවෙළක් වෙයි. එය දාන, සීල, භාවනා දක්වා විහිදී යයි. දානය අපට පුරුදු දෙයකි. දානය සහ සීලයෙන් නිර්වාණවබෝධය කළ නො හැක. ඒ සඳහා භාවනාව ප්‍රධාන වෙයි.
භාවනාව වඩන පුද්ගයා රාග, ද්වේෂ, මෝහය, ශ්‍රද්ධා ආදී වශයෙන් විවිධ චරිතයන්ට බෙදේ. චරිත යනු අපගේ චරිත ස්වභාවය යි. ශ්‍රද්ධාවන්තයා බොහෝ පරිත්‍යාගශීලී ය. ලෝභය, ද්වේෂය ප්‍රහාණය කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ය. දන්දීමට ඉතා කැමැති ය. තෙරුවනට පැහැදීමෙන් සිටින අතර ස්වාමින් වහන්සේලා දකිමින්, සුවදුක් විචාරති. ධර්ම දානය දීමට ඉදිරිපත් වේ. හොඳින් තෙරුවනට පහදී. මේ ශ්‍රද්ධාවන්තයා බුදුදහමේ ප්‍රයෝජනය ගන්නා තැනැත්තෙකි. ශ්‍රද්ධාවේ ක්‍රම දෙකකි. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවතී ශ්‍රද්ධාව යි. අමූලිකා ශ්‍රද්ධාව යනු ඔහුට තෙරුවන් කෙරෙහි කිසිදු ඇල්මක්, දෘෂ්ඨියක් නැත. පිරිදුසු අවබෝධයක් ද නැත. පදනමකින් තොරව කටයුතු කරයි. තෙරුවන් කෙරෙහි චංචල ගති ඇති වෙයි. නිතර සෙලවෙන සිතින් කටයුතු කරයි.
අකාරවතී ශ්‍රද්ධාවන්තයා එසේ නොවේ. ඉතා පිරිසුදුව කරුණු කාරණා තේරුම් ගෙන, තෙරුවන් පිළිබඳව සැකයක් නො සිතා කටයුතු කරන්නා ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලවත් වෙයි. නිතර නිතර තෙරුවනේ ගුණ සිහි කරමින් ඉන්ද්‍රඛීලයකට සම කොට සිටින්නේ ඔහුයි. තෙරුවන් ගැන පී‍්‍රතියෙන් කටයුතු කරන්නා ශ්‍රද්ධාවෙන් එහාට විහිදී එය ධනයක් සේ රැස්් කර ගනී. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබීමට ඔහු සුදුස්සෙක් වෙයි. ශ්‍රද්ධා ධනය ඇති තැනත්තා සෝවාන් ඵලයට පත්වීමට සුදුස්සෙක් ද වෙයි. එතැනින් එහාට මාර්ගඵල ලබන්නටත්, ශ්‍රද්ධා ධනය ඔහුට රුකුලක් වෙයි. ආකාරවතී ශ්‍රද්ධාවන්තයා තෙරුවන් දැක සතුටුවෙන කෙනෙකි. ඔහු කිසිවෙකුට වෙනස් කළ නො හැකි ආකාරයට තෙරුවන් කෙරෙහි පැහැදි සිටියි.

ආගමේ නාමය නොව හරය ජීවිතයට ළංකර ගමු ( වාසෙට්ඨ සූත්‍රය හා සහජීවනය )



උපත මත ලෝකය වෙනස් නොවේ. සෑම විටම ලෝකය වෙනස් වූයේ මිනිස් ක්‍රියාකාරකම් මත ය. සත්ත්ව ප්‍රජාව පවතිනුයේ ද මෙම ක්‍රියාකාරකම් මත ම ය. රථයක පැවැත්මට එහි රෝදවල කඩ ඇණය උපකාරි වන්නා සේ සත්වයන් හා කර්මය බැඳී පවතී. ක්‍රියාකාරකම් යහපත් වූ තරමට ම සමාජය යහපත් වේ. එසේ නොවන විට සමාජය භේදභින්න වී අයහපතට ඇද වැටේ.

ජාති,ආගම් , පාට,උස්මිටිකම් මත සමාජය බෙදා තමන් උසස් බවත්, අනෙකා පහත් බවත් හුවා දැක්වීම බුදු දහමෙන් අනුමත වන්නේ නැත. උපත මත උස් පහත් බව මැනිය නොහැකි බව වාසෙට්ඨ හා භාරද්වාජ බ්‍රාහ්මණයන් හමුවෙහි වාසෙට්ඨ සූත්‍රයේ දී බුදුහිමියෝ දේශනා කළහ. එසේ ම කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතුවන කාරණා රාශියක් මෙහි දී දේශනා කර ඇත. පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා සහ තමන් තුළ ඇති බොහෝ වැරැදි ආගමට ,ජාතියට මුවාවී වසාගැනීමට තැත් කිරීම ඉතා පිළිකුල් සහගත ය.

එය මනුෂ්‍යත්වයට තරම් නොවේ. උපතින් උසස් යැයි සම්මත පුද්ගලයා ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකළ ද, එය ආගමේ නාමයෙන්, ජාත්‍යාලයෙන් වරදක් නොවේ නම් එය බරපතල සමාජ ගැටලුවකට මුලකි. දේවාලයේ කපු මහතා දේවාල භූමියේ අපිරිසුදු කිරීම වරදකි. ඔහු දෙවියන් වෙනුවෙන් යාතිකා කළ ද සමාජ සම්මතයෙන් ඉවත්විය නොහැකි ය. එසේ වීම තුළ ඔහු සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසා තුළ විශ්වාසය පළිඳු වී යයි. එය බරපතල සමාජ ප්‍රශ්න රාශියකට මුලකි. වර්තමාන ලෝකය අත්විඳිමින් සිටිනුයේ එම තත්ත්වයයි. ආගම වෙනුවෙන් ජීවිතය පවා නැතිකර ගැනීමට සූදානම් වුව ද ආගම්වල ඇති හරයන් සැබෑ ජීවිතයට ලබා නොගනී.

විසිරෙන සිත එක්තැන් කර ගැනීමට..

සිත සහ කය යනුවෙන් ජීවිතය කොටස් දෙකකට බෙදෙයි. එහෙත් අපගේ ජීවිතය ගැන බලන විට ‘කය’ ගැන පමණක් මූලික අවධානය යොමුකර ඇති බවක් පෙනී යයි. මිනිසා සම්බන්ධ මූලික ගැටලුව රඳා පවතින්නේ සිත මුල් කරගෙන බව බුදුදහමෙහි සඳහන් ය. මිනිසාගේ මූලික ම බලාපොරොත්තු ව සතුටෙන් ජීවත් වීමයි.

ඒ සඳහා බලපාන ප්‍රධානම බලවේගය මිනිස් සිතයි. අප රවටන, මුලාකරන, මායාවක් ලෙස ක්‍රියාත්මකවන සිතේ ස්වභාවික ව පවතින ගති ලක්ෂණවලින් වෙන් ව සිතෙහි නියම අවංක ස්වභාවය තේරුම් ගත්විට අපට පුදුම සතුටක් ලැබිය හැකියි. සිත හා සම්බන්ධව කරුණු දක්වන වචන කිහිපයක් ම බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ය. ඒ අතරින් චිත්ත, මන, විඤ්ඤාණ යන වචන නිතර අපට දැකගන්නට පුළුවන. මිනිස් සිතේ නියම ස්වරූපය නිවැරැදිව තේරුම් ගත් මෙලොව සිටි එකම තැනැත්තා බුදුරජාණන් වහන්සේ ය. ලෝකයා සසර දුකින් එතෙර කරවීමේ කාරුණික චේතනාවෙන් බුදුරදුහු සිතේ නිවැරැදි ක්‍රියාකාරීත්වය ලෝකයාට පසක් කළහ. මානසික ශක්තියක් කියා දෙයක් තිබේ. අපි හිතනවා, අපි දකිනවා යනුවෙන් ප්‍රකාශ කරන විට මේ සිතීම, මේ දැකීම කරන්නේ කවුද? ඒ අපේ සිතයි. ලෝකය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ විට උන්වහන්සේ දුන් පිළිතුර වන්නේ ඇස ලෝකයයි. කන ලෝකයයි. නාසය ලෝකයයි. දිව ලෝකයයි. ශරීරය ලෝකයයි. මනස ලෝකයයි යනුවෙනි. මේ ඉන්ද්‍රියන් හයේ එකතුවෙන් ලෝකය සෑදෙන බව බුදුරදුහු පෙන්වා දුන්හ. ‘චිත්තේන නීයතී ලෝකෝ’ මේ ඉන්ද්‍රියයන් තුළින් සෑදෙන ලෝකය දිගටම පවත්වාගෙන යන්නේ සිතයි. මේ සිත කෙබඳු දෙයක් ද? කුමක් ඇසුරු කරමින් පවතින්නේ ද? යන්නට නිවැරදි පිළිතුරක් ධම්මපදයෙහි එන පහත සඳහන් ගාථා දෙක තේරුම් ගැනීමෙන් සිතාගත හැකි ය.

Monday, May 21, 2018

අධ්‍යාත්මික ශක්තිය බලවත් ය

අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියෙසු සුසංවුතං
භොජනම්භි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධ විරියං
තංවෙ නප්පසහති මාරො - වාතො සෙලං’ව පබ්බතං
වසමින් අසුබ බෑවුමෙන් - දමනය කළොත් ඉඳුරන්
පමණ දැන බොජුනෙහි - සැදැහැතිව වීරිය වඩමින්
වසතොත් නො වදියි මරු පහර - නො සැලෙන ගලක් මෙන් සැඩ කුණාටුවකින්
චූලකාල පැවිදිවූයේ පැවිදි ජීවිතයට තිබූ ඇල්ම නිසා නොවේ. .තම සොහොයුරා වූ මහාකාල උපැවිදි කරවා ගැනීමේ අදහසිනි.
චුලකාල හිමියන් උපැවිදි කරවා ගැනීමට ගිහි කල බිරින්ඳන් සමත් වූ බව දුටු මහාකාලගේ භාර්යාවෝ අට දෙනාද, “චූලකාලගේ බිරිඳ කළ දේ අපත් කරමුයි” කියා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට දන් පිණිස ඇරයුම් කළහ. එදින දන් වළදා අවසන “ මහාකාල ඔබ මේ අයට අනුමෝදනා බණ කියන්නැයි මහාකාල හිමි නවතා ශ්‍රාවක පිරිස සමඟ විහාරස්ථානයට වැඩම කළහ.
භාග්‍යවතුන් වහන්සේ ගම් දොරට වැඩම කරන අතරතුර බුදුරදුන් මහාකාල තෙරුන් නවතා ඒම ගැන භික්ෂූහු අමනාපයෙන් කතා කළහ. “එදා දානයේ උපදෙස් කටයුතුවලට චූලකාල තෙරුන් යාමෙන් සිදුවූයේ පරණ බිරින්ඳන් එක්ව උන්වහන්සේගේ සිවුරු ගලවා ගිහිගෙට ගැනීම යි. අද බුදුරජාණන් වහන්සේ මහාකාල තෙරුන්ට බණ කියන්න ගෙදර නවත්වා ආවා. කුමක් වේවිද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ හිතාමතා කළ දෙයක් ද?” ආදී අදහස් හුවමාරු විය.

යහපතට හේතුවන උතුම් කරුණු

නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ගය වන ආකංඛ වර්ගයට අයත් ඉතාම උදාර වටිනා සූත්‍රයක්. ඒ තමයි "ඉට්ඨ ධම්ම" සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරදී දේශනා කර වදාළ මේ සූත්‍රයෙන් කියවෙන්නේ සිතට පි‍්‍රය වූ දේ ගැනයි.
උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි,

භෝග සම්පත්තිය

කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කරුණක්.

මනා පැහැපත් බව

ලෝකයේ සෑම කෙනෙක්ම තමන්ගේ රූපය ලස්සනට තියෙනවා නම් කැමතියි. මනා පැහැපත් නම්, ආකර්ෂණීය නම් කවුරුත් ඒකට කැමතියි. ඒක දුර්ලභ කරුණක්.

අල්පෙනෙත්තක්වත් සොර සිතින් ගන්න එපා

ඔසුපත් නරකයන් අතර එකොළොස්වන අපාය වන්නේ උස්කන්ධ නරකය යි. අම්බලම්, ඒ දඬු, විහාර ඉදිකිරීම, ගස් කොළන් රෝපණයට යැ’යි මුසා බස් පවසමින් ජනයාගෙන් සම්මාදම් ලබාගෙන ඒවා අනුභව කරන්නන් උපත ලබන්නේ උස්කන්ධ නරකයේ ය. යම පල්ලන්ගෙන් කටට සහ අතට පහර ලබමින් උස්කන්ධ නරකයේ නිරි සතුන් දිගු කලක් දුක් විඳියි.
එසේනම්, ජන සමාජයේ වැඩ කටයුතු කරද්දී තමන් ලබා ගන්නා මිල මුදල් සොරකමින් තොරව විය පැහැදැම් කළ යුතුයි. ඒ පුද්ගලයා කිසි විටෙකත් අපායගාමී නොවී සුගතිගාමී වෙයි.
දොළොස්වෙනි අපාය වේහකූට නරකය යි. බුදු, පසේ බුදු සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, මහ රහතන් වහන්සේ ආදී සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්නෝ මේ අපායේ උපත ලබති. අශුචි වළක් වැනි මෙහි අපමණ දුක පිරී ඇත. එහි වෙසෙන පණුවන් නිරි සතුන්ගේ සිරුරු තැනින් තැන විද කා දමයි.

ඒ නිසා කිසිවිටෙකත් සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට නිග්‍රහ කරන්නට එපා. ඒ අයට වරදක් සිදු වුණා නම්, අතීත සංසාරයේ සිට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාට,සිල්වත් ගුණවත් උතුමන්ට, මව් පියන්ට සිතින් , කයින් , වදනින්, තමාට වරදක් සිදු වුණා නම්, වැඳ නමස්කාර කර, නිබඳව ම සමාව ගත යුතු යි. ඒ උත්තමයන්ගේ ගුණ වර්ණනා කරන්නෝ අපායෙන් නිදහස් ව, මෙලොව පරලොව සුගතිගාමී වෙති.

දහම් ඇස පහළ වූ වගයි

ආර්ය පර්යේෂණ සූත්‍රය" 
තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි."

තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ ඉසිපතනාරාමය වෙතට වැඩම කළ අවස්ථාව ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් කරනවා. “මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කර බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග මහණුන් වෙත එළඹියෙමි.

පස්වග මහණුන් දුරදීම මා වඩිනා බව දුටුවා. එසේ දැක ඔවුනොවුන් මෙසේ කතිකා කරගත්තා. ඇවැත්නි, ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ, ප්‍රධන් වීර්යයෙන් පිරුහුණු, මේ ශ්‍රමණ ගෞතමයන් අප සොයාගෙන එනවා. අප වන්දනා කළ යුතු වන්නේ නැහැ. පෙර ගමන් කළ යුතු වන්නේ ද නැහැ. ඔහුගේ පාත්‍රා සිවුරු අප විසින් පිළිගනු ලැබීමත් අවශ්‍ය නැහැ. කැමැත්තේ නම් හිඳින්නට යැයි ආසනයක් පමණක් පිළියෙළ කොට තබමු. මෙසේ පස්වග මහණුන් වහන්සේලා සාකච්ඡා කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මම ඔවුන්ගේ සමීපයට ටිකෙන් ටික ළංවන විට ඔවුන් කතිකා කරගත් පරිදි එසේ සිටින්නට නොහැකි වුණා. අයෙක් මගේ ඉදිරියට ගමන් කර පාත්‍රා සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසන පැනෙව්වා. ඇතැම්හු පා දෝවනය කරන්න දිය රැගෙන එනවා. එසේ වූවත් ඔවුන් මට ආයුශෝවාදයෙන් ආමන්ත්‍රණය කළා. එනම් වැඩිහිටි කෙනෙක් බාල කෙනෙකුට කතා කරන විලසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

උතුම් සරණ

සීහළවත්ථු කතා:

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.
දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.
ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ
”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”
”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”
”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”