බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක දී මරණ සති භාවනා ව ප්‍රගුණ කරන නිවසක උපන්නා. උන්වහන්සේට හදිසියේ ම නයෙකු දෂ්ට කළා. මරණින් මතු දෙව්ලොව උපත ලැබුවා. එසේනම්, මරණ සති භාවනාවෙන් දිගු කලක් සුගතියේ වාසය කළ හැකි යි. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයට එය විශේෂිත වෙයි.
මරණානුස්සතිය පැවිදි පිරිසට පමණක් නොව ගිහි පිරිසට ද අනිවාර්ය වේ. මරණසති භාවනාව සැවොම පුරුදු පුහුණු කළ යුතු යි. එවිට මරණයට, මෘත ශරීරයට භය නැහැ. අපේ ශරීරයේ තිබෙන කොටස් තිස් දෙක එකක් පාසා ම මෙනෙහි කරන අයුරු පෙර ලිපි මඟින් සඳහන් කළා. ඒවා විනාශයෙන් සිදු වන්නේ මරණය යි. සිත ඉවත් වූ සැනින් සිදු වන්නේ මරණය යි.
එසේනම්, මේ මරණය කෙතරම් වෙනස් දැ’යි බලන්න. එසේනම්, මරණයට සැවොම බිය වෙති. සුනඛයෙක්, අලියෙක් මිය ගියොත් එයට බිය වන්නේ නැහැ. මිනිසෙක් මිය ගිය බව පැවසුවොත් එතැනට යන්නටත් බිය වෙති.
මරණයට බිය නොවන්නාට හොඳම දේ මරණසති භාවනාව වැඩීමයි. ඒ නිසා එය ප්‍රගුණ කිරීම අවශ්‍යය යි. අද සඳහන් කරන්නේ මරණ සති භාවනාවේ තවත් වගන්ති කිහිපයකි.
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛොති - සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඇතිවීම, නැතිවීම ස්වභාව කොට ඇත්තෝ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. සත්ත්වයන්ගේ ජීවිතය වනාහි මරණයට පත්වන වයස නියමයක් නැත්තේ ය . සෑම වයසේ දී ම මරණය වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. මව් කුසතුළ දී ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. උපදින කල්හි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය.
එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ළමා වියෙහි ද මරණය වන්නේ ය . එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මැදි වයසේ ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මහලු වියෙහි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ මරණයට අනුව ලෙඩ රෝග නියමයක් නැත්තේ ය. සෑම රෝගයකින් ම මරණය විය හැකි වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. චක්ෂු රෝගයෙන් ද මරණය වන්නේ ය . එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ශෝක , රෝග ආදී රෝගයන්ගෙන් ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින්ද ජීවිතය අනියත යි. මරණය නියත යි. පිළිකා රෝග , වකුගඩු රෝග , හෘදයාබාධ, මහා ආබාධයකින් ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. සත්ත්වයන්ගේ මරණයට වනාහි කාල නියමයක් ද නැත්තේ ය. සෑම වේලාවක දී ම මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. උදය කාලයෙහි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණ ය නියත යි. රාත්‍රී කාලයේ ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. පෙරයම් කාලයේ ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. මැදියම් කාලයෙහි ද සත්ත්වයන්ගේ මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිත ය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය න ියත යි. ජීවිත ය අනියත යි. මරණය නියත යි.
මෙලෙස උපමා සංසන්ඳනය කරමින් තමනුත් මරණයට පත් වන කාරණය සිතට ගන්න. සත්ත්වයාගේ මරණයට කාල නියමයක් නැහැ. උදේ කාලය, දවල් කාලය, සවස් කාලය, රාත්‍රී කාලය මරණයට පත් වන්නට පුළුවනි. මරණයට පත්වෙන විට වයස සීමාවකුත් නැහැ. මව් කුසේ දී අපමණ සත්ත්ව කොට්ඨාශයන් මරණයට පත් වෙයි. උපත ලබද් දී ද, ළදරු කාලයේ ද මරණයට පත් වෙයි. රෝගාබාධවලින් මරණයට පත් වෙයි. මේ ගැන සිතා සතිය ම දියුණු තියුණු කළ යුතු යි. එවිට තම ජීවිත ආශාව ටිකෙන් ටික අඩු වෙයි. නමුත් ජීවිත තෘෂ්ණාව අඩු කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවෙ යි. දාන ස්වල්පයක් පූජා කළ ද තණ්හාව නැති කරන්නට බැහැ. මෙය හැකිතාක් පුරුදු පුහුණු කළ යුතු යි. තණ්හාව, තරහව යටපත් කරන, මෝහය නැති කරන පිළිවෙත් මඟ හොඳින් දැන කියාගෙන නිවැරැදි දහමට අනුව කටයුතු කළොත් ලොවුතුරා සැනසුම ලද හැකි යි. චතුරාර්ය සත්‍ය අවබෝධයට ගැඹුරු නුවණක් අවශ්‍ය යි. ඒ නුවණ ආත්ම භාව දෙක තුනකින් ඇති කරගත නොහැකි යි. දිගු කලක් ඒ නුවණ දියුණු කරමින් ඇලීම ගැටීම තුරන් කරමින් නුවණ පාවිච්චි කරමින් ඉදිරියට යා යුතු යි. එවිට ලොවුතුරා සැනසුම කරා ගමන් කළ හැකි යි.
සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අරහත් සතර මඟ, සතර ඵල පිළිවෙළින් ධර්මාවබෝධය සඳහා සවියක් වන්නේ ලොවුතුරා දහමට සවන් දීම යි. මේ කරුණු ගැන හසළ දැනුමක් කවුරුත් ලබා ගන්න.
රැකියාව, අධ්‍යාපනය , ආර්ථික කටයුතු ආදියෙහි නියැළෙද්දී ම දියුණුව සකසා ගත යුතුයි. එමෙන් ම මේ සියලු ම දේ බිඳි බිඳී , වැනසි වැනසී යන කාරණාව ද සිහි නුවණින් සිතිය යුතු යි. අකුසලයන් යටපත් කරගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තිබිය යුතු යි.
සංසාර කෙටිකරන දහමක් මෙන් ම ඉක්මනින් නිවන් සම්පත් සලසාදෙන දහමක් බව සිතා කල්පනා කර සංසාර සාගරය පුරා සිදු කළ අකුසලයන් යටපත් ව පින හැකිතාක් දියුණු කර ගන්න. එසේනම්, මරණසති භාවනාව වැඩි දියුණු කරන
පින නිවන් සුව පිණිස ම හේතු වාසනා වේවා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගා ශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගා ශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජනවාරි 16 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment