Labels

Friday, September 2, 2016

කුලියට ගත් එළිය කුමට.......

 අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී, අඳුරට කැමතිවූ සිත ඇතිවෙනවා. කල්ප ගණන් අපි දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ ආලෝකයත් අඳුරත් අතර දෝලනය වෙමින් ගලාගෙන පැමිණි ගමනක්‌ මේක. මේ නිසා මේ දෙයාකාරයේ කැමැත්ත තවමත් අපට තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අඳුරට වඩා ආලෝකයට කැමතියි.
ඒ නිසාමයි විදුලි බලාගාර, තාප බලාගාර ආදී බලශක්‌ති මූලයන් සොයමින් ප්‍රවර්ධනය කරන්නේ. මේ ස්‌වභාවයන්ගෙන් මිනිසා ලබාගන්නා ආලෝකය මිනිසා කුලියට ගත් දෙයක්‌. තමා අඳුරින් මිදෙන්න, තෙල් වලින් ජලයෙන්, ගල් අඟුරු වලින් නිපදවූ ආලෝකය කුලිsයට, මිලට ගන්නවා. ඒ කියන්නේ තෙල් වලින්, ජලයෙන්, තාපයෙන්, ආලෝකය ලබාගැනීමට මිනිසා මහත් අභිමානයෙන් උදම්අනන තාක්‍ෂණයෙන් මිනිසාට හැකියාව ලැබුණත් ඔබ තවම දක්‍ෂ නැහැ තම සිත තුළින් ආලෝකය නිපදවාගෙන, ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකය දකින්න. 

ඔබ ආලෝකය "ආලෝකය" විදිහටත්, අඳුර "අඳුර" හැටියටත් විදුලිය "විදුලිය" හැටියටත්, ජලය "ජලය" හැටියටත් මිස හේතුඵල ධර්මතාවයන් අනුව මේවා දකින්න උත්සහ ගන්නේ නැහැ. ජලය නැමැති ආපෝධාතුව උපයෝගීකරගෙන, එහි ඇති පඨවි ධාතුවත්, වායෝ ධාතුවත් ආධාර කරගෙන විදුලිය නමැති තේජෝ ධාතුව නිපදවනවා. ආලෝකය වශයෙන් අපි දකින්නේ ජලය සහ විදුලිබලයේ අනිත්‍යතාවයයි. ඒ කියන්නේ රූපයේ අනිත්‍යතාවයයි. ගල් අඟු=රු නමැති පඨවි ධාතුව උපයෝගී කරගෙන එහි ඇති වායෝ සහ තේජෝ ධාතුව ආධාර කරගෙන විදුලිය නිපදවනවා. විදුලිය තුළින් ආලෝකය නිපදවනවා. ගල් අඟු=රු තාපය, විදුලිය, ආලෝකය වශයෙන් අපි දැක්‌කේ රූපයේ වෙනස්‌වීමයි. රූපය වෙනස්‌වීමේ ප්‍රවේගයයි. රූපය තුළ ඇති මස්‌ ඇසට නොපෙනෙන සතර මහා ධාතූන්ගේ වේගවත් ක්‍රියාකාරීත්වයයි. වෙනස්‌වීමයි. මේ ක්‍රියාකාරීත්වය වෙනස්‌වීම ඔබ ඔබේ ජීවිතයට ගලපාගන්න. මේ ශරීරය නමැති රූපය, ක්‍රියාකාරීත්වයට පත්කරන සිත නැමැති ශක්‌ති විශේෂයෙන් ප්‍රභාශ්වර ප්‍රඥාවේ ආලෝකය උපදවා ගැනීමට උත්සහවන්ත වන්න. ඔබ පිරිනිවී යනතෙක්‌ම අනිත්‍යභාවයට පත්නොවන ප්‍රඥාවේ ආලෝකය ඇතිකර ගැනීමට ඔබට තාප බලාගාර, විදුලි බලාගාර, ගොඩනැගීමට අවශ්‍ය නොමැත. කෝටි ප්‍රකෝටි ගණන් ධනස්‌කන්දය අවශ්‍ය නොමැත. සිමෙන්ති, ලෝහ, ගල් අඟු=රු, ජලය, ඩීසල් ටොන් ගණනින් අවශ්‍ය නොමැත. ඉංජිනේරු උපාධි සහතිකයක්‌ අවශ්‍ය නොමැත. වෝල්ට්‌ 33000ට බිය විය යුතු නැත. අවශ්‍ය වන්නේ සිමෙන්ති, ගල් අඟු=රු, ජලය ආදිය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන රූපයන් බව අවබෝධ කරගැනීමයි. මේ සියලු රූපයන්ට එකිනෙකට වෙනස්‌වූ ප්‍රතිශතයෙන් යුත් සතරමහා ධාතූන්ගෙන් නිර්මාණයවූ ස්‌වභාවයන් බව අවබෝධ කර ගැනීමය. එවිට ඔබට මමය, මගේය, අනුන්ය, අනුන්ගේය යන සත්ව පුද්ගල සංඥාවන් ඉවත්ව යනු ඇත. ඔබ තුළද, අනුන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති බව අවබෝධයෙන් දකිනවිට, රාගය ද්වේශය කුමක්‌ නිසා පවතින්නද? කවුරුන් නිසා පවතින්නද? මෝහය විසින් සංසාරයක්‌ පුරාවට කරන ලද මහා නොමඟ යෑවීම අවසන්වුණුq කල්හී, අවිද්‍යාවේ අඳුරයි. අවිද්‍යාවේ අඳුර පහවීමත් සමඟ ඔබ ලබන නිදහස, සැහැල්ලුව, නිවීම මෙතෙක්‌ ඔබ දරා සිsටි රාග, ද්වේශ, මෝහ බර සැහැල්ලු වීමේ, නිරෝධය වීමේ නිදහසහි. සලකුණකුදු නොතබා, රාග, ද්වේශ, මෝහ, ඇතිවන සිත සමඟ නිරෝධයවී යන්නේ රූපයේ අනිත්‍යභාවය මිස සත්ව පුද්ගල සංඥාවක්‌ තමන් තුළ හටනොගන්නා නිසාමය. සතිය සහ සිහියෙන් යුතුව රූපය දෙස බැලීමේදී ඔබ අවබෝධයෙන් ලබන ප්‍රඥාවේ ආලෝකය අනිත්‍ය වන දෙයක්‌ නම් නොවේ. තමා පිරිනිවීයනතෙක්‌ම ප්‍රඥාවේ ආලෝකය ඔබේ ඇතිවන නැතිවන සිතේ ආලෝකය වනු ඇත. ලෝකයේ පවතින අනිත්‍යභාවයට පත්නොවන ප්‍රඥාවේ ආලෝකය ගැන මේ සටහන භික්‍ෂුව තැබුවේ එක්‌ වනවාසී භික්‍ෂුවක්‌ දර්ශනීය ආලෝක සංදර්ශනයක්‌ ගැන ඔබව දැනුවත් කරන්නටය. ඒ තුළින් ඔබටත් මේ නිවන් මඟ වැඩීමට ශක්‌තිය, උනන්දුව තීව්‍ර කිරීමටය. මේ ආලෝක සංදර්ශනය ප්‍රඥාවේ ආලෝකයක්‌ නම් නොවේ. අනිත්‍යයට අයිති ආලෝක සංදර්ශනයකි. ප්‍රඥාවේ ආලෝකය වෙනුවෙන්, එයට උපහාර වශයෙන් දෙවියන් දක්‌වන්නට යෙදුණු අතිශය රමණීය ආලෝක පූජාවකි. 

වේලාව එක්‌තරා හිමිදිරි උදෑසනක පහ පසුවී විනාඩි පහළොවක්‌ පමණය. භික්‍ෂූන් වහන්සේ නමක්‌ උතුරු ප්‍රදේශයට මුහුණලාගෙන තම කුටියේ සිට දානශාලාවට වඩිමින් සිටියහ. ක්‍ෂණයෙන් උතුරු දෙස ආකාසයෙන් සුදු පැහැති, කිරි පැහැති විශාල ආලෝක ධාරාවක්‌ භික්‍ෂුව ඉදිරියට පැමිණ එම ආලෝක ගුලි ඇතිවෙමින් නැතිවෙමින් විනාඩි දෙක තුනක පමණ කාලයක්‌ සංදර්ශනයක්‌ පැවැත්වීය. මෙම ආලෝක සංදර්ශනය ඉහත භික්‍ෂුව මුල්වරට දුටුවකි. සියල්ල සිදුවූයේ ආකාශය තුළදීය. ආලෝක ගුලි වශයෙන්, රේඛා වශයෙන් ඉතා වේගවත් සංදර්ශන විලාසයක්‌ භික්‍ෂුව දුටුවේය. මේ චමත්කාර, ආශ්චර්යය දෙස භික්‍ෂුව මොහොතක්‌ නැවතී බලා සිටියදී සංදර්ශනය තවත් ප්‍රවේගකාරී විය. එවිට භික්‍ෂුව නියත වශයෙන්ම මෙය දෙවියන්ගේ ආලෝක සංදර්ශනයක්‌ බව අවබෝධ කරගෙන දෙවියන්ට කෘතගුණ දැක්‌වීම පිණිස අනිත්‍ය සංඥාව ගැන ධර්ම දේශනයක්‌ ඉතා කෙටියෙන් කරන ලදී. 

"මේ ආලෝකය අනිත්‍යයි. ඔය දිව්‍යශ්‍රීSයන් අනිත්‍යයි. ඔය ඔබලා අතිවිඳින දිව්‍ය සතුටත් අනිත්‍යයි. ඔය දිව්‍ය ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස අනිත්‍යයි. ඔය ආශ්වාදයට ඇලෙන්න එපා. ඔබලාගේ ඔය අනිත්‍යවූ ආලෝකයෙන්, නිත්‍ය වූ ආලෝකයට පූජා පැවැත්වීම නෙවෙයි ඔබ කළයුත්තේ. ඒ නිත්‍ය වූ ආලෝකයේ උරුමක්‌කරුවන් වීමයි"

ඔය අත්දැකීම එතැනින් අහවර වුණා. සියල්ල සිදුවී අවසන්වීමට විනාඩි තුනක්‌ පමණ යන්න ඇති. දිව්‍ය ආලෝකය දෙවියාට ලැබෙන්නේ පින නිසා. ඔය පින අහවරවෙලා යද්දී ඔය ආලෝකය අහවරවෙලා යනවා. ඒ නිසා ඔබ ආලෝකයට ලොල්වෙන්න එපා. ආලෝකයට කියන්නේ රූපයක්‌මයි. තේජො ධාතුවේ ප්‍රතිශතය වැඩි ආලෝකයේ ස්‌වභාවය අනිත්‍යයයි. පිං අහවර වෙලා දෙවියන්ගේ දිව්‍ය ආලෝකය අවසන් වෙනකොට ඔය දෙවිවරුන්ද හඬනවා, ශෝකවෙනවා, දුක්‌වෙනවා. අනත්‍යවූ ආලෝකයට ලොල්වීමෙන් දුක පමණයි උරුමවන්නේ. ඒ නිසා ඔබ සතර මහා ධාතූන්ගෙන් සැදි ආලෝකය, රූපයේ අනිත්‍යබව දකිමින් අතහරින්න. ආලෝකයේ අනිත්‍යභාවය අඳුර බවත්, අඳුරේ අනිත්‍යභාවය ආලෝකය බවත් දකිමින්, අඳුරත් ආලෝකයත් අතහරිමින් පිරිනිවීයනතෙක්‌ම නිත්‍යභාවයේ පවතින ප්‍රඥාවේ ආලෝකය ඔබ තුළ ඇතිකරගන්න. ප්‍රඥාවේ ආලෝකයෙන් ප්‍රභාශ්වර වූ සිතෙන් ලෝකය දෙස බලන්න. එවිට ඔබට නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන රූපයන් මිස සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ හමුනොවනු ඇත. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති කල, රාගය ද්වේශය කුමක්‌ සඳහා, කා සඳහා පවතින්නක්‌ද? ඒවා නිරෝධයවී යනු ඇත. රාග, ද්වේශ, මෝහයන්ගෙන් නිරුද්ධවූ සිත හරියටම සුදු පිරුවටයක්‌ සේමය. කිසිදු කිලුටු බවක්‌ නොමැති සුදු පිරුවටය නිරතුරුව ප්‍රභාශ්වරය. ආලෝකමත්ය. රාග ද්වේශ මෝහයන්ගෙන් නිරෝධයවූ සුදු පිරුවටයක්‌ වැනි සිතක්‌ නැවත කිලිටිවන ස්‌වභාවයේ නොපවතී. මන්ද කිලුටු වීමට නිත්‍යවූ, ස්‌ථිර වූ, "මගේ" යෑයි සිතක්‌ නොමැති හෙයිනි. ඒ බව තමා අවබෝධයෙන් හඳුනාගත් බැවින් මා තුළ මම නැතැයි ප්‍රත්‍යක්‍ෂකොට දක්‌නා ලද හෙයිනි. 

අත හැරීම 9 කොටස

2011 නොවැම්බර් 20 ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment