සත්වයා සෑදී ඇත්තේ කොටස් දෙකක් එකතු වීමෙනි. එනම් සිත සහ කයයි. සිතක් නොමැති කයක් මළකුණක් ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයකුට වැදගත් වන්නේ තමන්ගේ කය පිළිබදව හෙවත් රූපය පිළිබඳ ව මූලිකව අවබෝධ කරගැනීමයි. ඉන් පසුව සිත පිළිබඳ අවබෝධ කරගත හැකිය. යම් අයෙක් කයේ යථාර්ථය නිවැරැදි ආකාරයෙන් අවබෝධ කරගැනීමට ධාතු මනසිකාරය,පටික්‌කූල මනසිකාරය, නවසීවතිකය, අහාරයේ පටික්‌කූල සංඥා යනා දී භාවනාවන් භාවිත කළ හැකිය.
සතර මහ ධාතුන්ගෙන් සෑඳුන මව පියා නිසා බිහිවුන ආහාර නිසා පෝෂණය වන රූපය කය ලෙස හඳුන්වයි. මව සහ පියාගේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතරමහ ධාතු කොටස් එකතුවී කළල රූපය බිහිවේ. පසුව මව විසින් ගන්නා ආහාරයන්ගෙන් හෙවත් සතරමහ ධාතු වලින් පෝෂණය වේ. මව් කුසින් එලියට ආ පසු එම ශරීරය පෝෂණය වන්නේ තමන්ම ගන්නා ආහාරයෙනි. මව පියාත් සෑදුනේ මේ ලෙසටමය. ස්‌වභාවික පරිසරය තුළ ඇති ගස්‌වැල් පර්වත ද රූප වේ. මේවාද සෑදී ඇත්තේ සතරමහ භූතයන්ගෙන්ය. මෙලෙස බැලූ විට ගස්‌වැල් ආදී රූපත් තමන්ගේ කයත් අතර වෙනසක් නැත. එනම් ස්‌වභාවික ශක්‌තීන් සමුහයක එකතුවකින් සියලු රූප සෑදී ඇත.
භාග්‍යවතුන් වහන්සේ ''මහණෙනි, 'බිදේ' නු යි එයින් රූප කියයි'' ලෙස ඛඡ්ජනීය සූත්‍රයේ දේශනා කර ඇත. ගොඩනැඟිල්ල නමැති රූපය බිඳ බැලූ විට සෑම විටම එහි පෙර සංඥාව අහෝසි වේ. එනම් ගොඩනැඟිල්ල කොටස් වශයෙන් වෙන් කළ විට එතන ඇත්තේ ලී, ගඩොල්, යකඩ, සිමෙන්ති, වැලි යනාදී කොටස්‌ය. එවිට එතන ගොඩනැඟිල්ලක් දක්‌නට නොලැබේ. එතන ඇති ගඩොල් කැටයක් නැවත කොටස්‌කර බැලු විට වැලි කැට දක්‌නට ලැබේ. එම වැලි කැටත් නැවත නැවත කුඩා අංශුවක් දක්‌වාම බිඳිය හැක. විද්‍යාඥයන් මෙසේ බිඳිය හැකි කුඩාම අංශුව පරමාණුව බව සොයාගෙන ඇත. එම පරමාණුවෙත් මැද නියුට්‍රොaන, ප්‍රොaටෝනවලින් සමන්විත න්‍යෂ්ටියක් ඇති අතර ඒ වටා ඉලෙක්‌ට්‍රොaන භ්‍රමණය වේ. එනම් එම පරමාණුවත් සෑම මොහොතක දීම වෙනස් වේ. එනම් එම පරමාණුවලින් සෑඳුන සෑම රූපයක්‌ම වෙනස් වේ.
බුදුපියාණන් වහන්සේගේ අවබෝධය පරමාණුව ළඟින් නැවතුනේ නැත. ඉන් ඔබ්බට ගියා වූ බිඳීමක් දේශනා කරන ලදී. එනම් සෑම රූපයක්‌ම මෙසේ බිඳිමින් අවසානයේ ඇති සත්‍ය ධර්මතාවක් පෙන්වා දෙන ලදී. එනම් එය රූප කලාපයක් හෙවත් ශුද්ධ අෂ්ටකයකි. එතනින් එහාට බිඳිය නොහැක. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූප හතරත් ඒ සමගම ඇති වර්ණ, ගන්ධ, රස, ඕජා යන උපාදාය රූප හතරත්ය. මෙම රූප කලාපයද වෙනස් වන්නකි. එනම් එක් ස්‌වභාවයක සිට තව ස්‌වභාවයකට පත්වන්නකි. මෙසේ වෙනස්‌වන වේගය අනන්ත වේගයකි. එය තත්පරයට මෙපමණයි කියා කිව නොහැක. මෙසේ වෙනස්‌වීම අනිත්‍යතාව ලෙස හැéන්වේ. මෙසේ වෙනස් වීමේ දී ශුද්ධ අෂ්ටකවලින් සෑදුන සෑම රූපයකම තමන් ප්‍රිය කරන ස්‌වභාවය නැතිවී, අප්‍රිය කරන ස්‌වභාවය ඇතිවේ. මෙසේ සිඳුවන ඇතිවීම නැතිවීම නිසා ඳුක ඇතිවේ. මෙම ඳුක ඇතිවන්නේ රූපයේ නොව සිතේය. මන්ද තමා රූපය පිළිබඳ දමාගත් රාමුව කැඩෙන බැවිනි. එබැවින් එසේ වෙනස්‌වන, තමන්ගේ වසඟයේ තබාගත නොහැකි, දුක් ගෙනදෙන රූපයක් මගේ කරගැනීම අසාර හෙවත් අනාත්ම දෙයෙකි.
මේ අනුව තමන්ගේ කය ලෙඩවී වයස ගොස් මරණයට පත්වේ. මෙසේ කය නැමති රූපයත් සෑම මොහොතකම වෙනස් වේ. කිසිඳු ආකාරයකින් නැවැත්විය නොහැක. එය ස්‌වභාවික ක්‍රියාවලියකි. කල හැක්‌කේ අවබෝධ කරගැනීම පමණකි. බලන්න කළලයේ සිට ක්‍රමයෙන් වෙනස් වී වයසට ගොස් අවසානයේ මරණයට පත්වන ආකාරය. මරණයට පත් වුවත් රූපයේ වෙනස්‌වීම නවතින්නේ නැත. නවසීවතිකය අනුව බැලු විට මෙම කය ඉදිමී, නිල්පාට වී, නවදොරින් ඕජාව ගලාගෙන යයි. පසුව මැස්‌සන් ඕජාව උරාබොයි. පනුවන් ගසයි. කපුටන්,ගිජු ලිහිණියන්, බල්ලන්, සිවලු¨න්, කබරයන් ආදී සතුන් කා දමයි. ක්‍රමයෙන් කුණු වී වියලී දිරා යයි. ඇට සැකිල්ල ඉතිරි වේ. එයත් තැන තැන විසිරී දිරා යයි. දැන් එතන කිසිවෙක් නැත. කයේ අංශු පරිසරයට එකතු වී ඇත. එහි පොළොවට පස් වූ අංශු එහි ඇති ගස් කොළන් වලට උරා ගනී. දැන් වෙන රූපයකි. එහි ඵල සත්වයන් ආහාරයට ගනී. නැවත එම අංශු කයවල්වලට වෙනස් වෙමින් ගමන් කරයි. මෙසේ ස්‌වභාව ධර්මයේ වෙනස්‌වන අංශු සමුහයක් තමන්ගේ කියා අත්පත් කරගැනීම කොතරම් මෝඩ ක්‍රියාවක්‌ද?. කල නොහැකි දෙයක් කිරීමට යාමෙන් සත්වයා මහත් දුකකට පත් වේ.
එමෙන්ම කය නැමති රූපයේ තවත් විශේෂත්වයක් ඇත. එනම් එහි ඇති අසුභ බවයි. කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහර, මළ, මුත්‍රා යනාදී අසූචි කොටස් තිස් දෙකකින් මෙම කය සෑදී ඇත. කෙස් ටිකක් බත් පතක තියනවා නම් බොහෝ සේ පිළිකුල් කරයි. එලෙසම ලස්‌සනයි කියන හිසේ තිබෙන කෙස් ද පිළිකුල් සහිතය. එලෙස සියලු කොටස්‌වල ඇත්ත අසාර, අසුභ, පිළිකුල්, දුර්ගන්ධ, දුර්වර්ණ ලෙස අවබෝධ කරගත යුතුය. මනවඩනා වර්ණයෙන්, සුගන්ධයෙන්, රසයෙන් යුත් දේවල් කොතරම් කෑවත් ශරීරයේ නව දොරකින් දුර්ගන්ධ, දුර්වර්ණයෙන් යුතු අසුචි පිටවේ. එනම් ඇස් වලින් කබ කඳුලු ද, කන්වලින් කන් කළාඳුරු ද, නාසයෙන් සොටු ද, මුඛයෙන් කෙළ සෙම ද, මළ මුත්‍ර මාර්ගවලින් මළ මුත්‍ර ද,අනූ දහසක් පමණ ඇති සමේ සිඳුරු වලින් ඩාදියද යන අසූචි වැගිරේ. එනම් කොතරම් හොද දේවල් කන්න දුන්නත් මෙම කයෙන් පිටවන්නේ අසූචිය. මේ අනුව ශරීරය යනු හොද ආහාර අමුද්‍රව්‍ය ලෙස ගෙන, අසූචි නිෂ්පාදනය කරන අසූචි කර්මාන්ත ශාලාවකි. සිනා සිසි සුවද ආඝ්‍රාණය කරගෙන එකට සිට කෑවත් ඒවා පිටකරන්නේ කාටත් හොරා නහය වහගෙනය.
මවගේ අසූචි ගොඩක් සහ පියාගේ අසූචි ගොඩක් එකතුකර සාදාගත්
කළලය ත් අසූචි ගොඩකි. එනම් කය මහ වස්‌තුවක් හෝ වටිනා දෙයක් නොවේ. එළියේ තියෙන කබළිංකාර ආහාරද ටික දවසක් යනවිට පිළුනු වී ගද ගසයි. එනම් එම පිළුනු වී ගද ගසන දේවල් අනුභව කරමින් සෑදු ශරීරයද කුණුවන දෙයකි. තවද ආහාර කුසට ගිය පසු ඒවා වමනය බවට පත්වේ. එම වමනය බඩවැල් දිගේ ගමන් කරන විට ශරීරයට උරා ගනී. එම වමනය ලේ බවට පත්වේ. මස් බවට පත්වේ. ඇට ඇට මිදුලු බවට පත්වේ. ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම, රෝම පවා සෑදී ඇත්තේ මෙම වමනයෙනි. මෙ අනුව කය යනු වමනෙ ගොඩකි. එනම් කයත් වමනයත් අතර වෙනසක් නොමැත. කයට කබළිංකාර ආහාරය කියනුයේ ඒ නිසාය.
එමෙන්ම කයේ ඇතුලේ එල්ලාගෙන ඇති මළු ගොඩකි. මහබඩවැල යනු අසූචි මල්ලයි. මුත්‍රාශය යනු මුත්‍ර මල්ලයි. හෘදය යනු ලේ මල්ලයි. ආමාශය යනු වමනෙ මල්ලයි. තවත් කෙළ, සොටු, කබ, කඳුළු මළු ඇත. මේවා කයට එලියෙන් අත්වල, පාදවල, බෙල්ලේ යනාදී වශයෙන් එල්ලීගෙන තිබුණා නම්, මානයෙන් පුම්බාගෙන පාරේ ගමන් කරන ඔබට ඇවිදින්න වත් සිතේවිද?. ඇතුලෙන් එල්ලාගෙන සිටියත්, පිටතින් එල්ලාගෙන සිටියත් වෙනසක් නැත. මේ අනුව මෙසේ අසූචි එල්ලාගෙන සිටීම කෙතරම් ඳුකක්‌ද? බලන්න. තවද මෙම ශරීරය ගෑවුන තැන අපවිත්‍ර වේ. ඇඳුමක ගෑවුනොත් ඇඳුම ගඳ ගසයි. ගෙයක් ඇතුලේ තිබ්බොත් ගේ අපවිත්‍ර වේ. ආහාරය, අතින් ස්‌පර්ශ කරන තැන සිට ක්‍රමයෙන් එම ආහාරය අසූචි බවට පත්වේ.
ශරීරය සෑදී ඇත්තේ ඇට කොටස් එකතු වී සෑදී ඇති ඇට සැකිල්ලට මස් එකතුවී නහර වලින් එතී, ඒවා වටා
සමකින් වැසීය. මෙම කිසිදු කොටසක මම මගේ කියා කෙනෙක් නැත. අනෙකුත් ශරීරත් මෙසේ මය. වෙනසක් නැත. සියලු දෙනාම ස්‌වභාව ධර්මයේ ප්‍රධාන ධාතු හතරකින් සෑදුන, මගේ කියා ගත නොහැකි, පිළිකුල් සහගත ශරීරයක් මගෙ කරගැනීම නිසා මහත් දුකකට පත්වී ඇත. ශරීරය වේගයෙන් වෙනස්‌වන බැවින් කිසි කෙනෙකුට මගේ කියා ගත නොහැක. පිළිකුල් සහගත බැවින් මගේ කියා ගන්න සිතුනත්, එසේ ගතයුතු නැත.
සියලු සත්වයන් මෙම රූපයේ යථාර්ථය අනවබෝධය නිසා අප්‍රමාණ දුකක් විදී. මෙම ධාතු හතරකින් සෑදුන අසූචි ගොඩක් නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුබව, මානය වැනි ක්‌ලේශයන් ඇතිකරගෙන සංසාරයේ දුක් විදී. තමන් රූපයේ ඇත්ත අවබෝධ කරගන්න අවබෝධ කරගන්න තමන්ගේ රාග, දෝෂ, මෝහ ක්‍රමයෙන් අඩුවී නිවෙන්නට පටන් ගනී. තවදුරටත් එසේ නිවෙන්නට අධිෂ්ඨාන කරමින්, අන් සත්වයන්ට ද මෙම සත්‍ය අවබෝධ වී වහාම මෙම සංසාර දුකින් අතමිදෙත්වා යන සිතෙන් මෛත්‍රිය කරුණාව පැතරවිය හැකිය.
මෙලෙස රූපය ධාතු වශයෙන් පටික්‌කූල වශයෙන් නුවණින් විමසීමේ දී රාගයට පහර වදී. එමෙන්ම සියලු සත්වයන්ද රූපය අවබෝධ කරගෙන නිවන් දකිත්වා යි, මෛත්‍රිය පතුරවන විට ද්වේෂයට පහර වදී. එමෙන්ම අවිද්‍යාවට ද පහර වැදී සම්මා දිට්‌ඨිය ඇතිවීමට රූපය පිළිසඳ දැකීම හේතු වේ. එබැවින් සැවොම රූපයේ යථාර්ථය අවබෝධකර ගැනීමට වීරිය වැඩිය යුතුය.
පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය කන්නිමහර-වතුරුගම.
2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment