Labels

Saturday, August 13, 2016

දුක පංචස්ඛන්ධය නොව උපාදානය කරගැනීමයි

"ප්‍රශ්නය තිබෙන්නේ පංචස්ඛන්ධය තුළ නොවන බවත් ,පංචස්ඛන්ධය උපාදානය කරගැනීම තුළ ප්‍රශ්නය ඇති වන බව අවබෝධ කරගත යුතුයි.පංචස්ඛන්ධය, පංචස්ඛන්ධය ලෙස තිබෙනවා නමි, ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යයි. අපට එය පිළිබඳව දුකක් අසහනයක් පැමිණෙන එකක් නැහැ. තෘෂ්ණාවක් හටගන්න එකක් නැහැ. නිරන්තරයෙන් ධර්මය පරිශීලනය කිරීමෙන් මෙම සංකල්ප තේරුම් ගැනීමට උපකාරීවෙයි. එය සඳහා උපකාර පිණිස අඛණ්ඩ සිල්වත් කම, අවශ්‍යයයි. "

ලස්සන සහ කැත පිළිබඳව පූර්ව ඉගැන්වීම් මගින් ඇතිවුණ සංකල්පය වෙයි.“ මිහිරි” සහ “අමිහිරි” පිළිබඳව සංකල්ප අප තුළ ගොඩ නගාගෙන ඇත. එම සංකල්ප සමඟ රූපයක් දෙස බලන විට ඇසයි, රූපයයි, එකට සම්බන්ධ වීම තුළින් වේදනාව නිර්මාණය වී වින්දනයක් ලැබෙයි.
සංකල්පීය ලෝකය තුළ එම අරමුණ පිළිබඳව තිබෙන්නේ ඉතාම හොඳ ධනාත්මක අදහසක් නමි, සුඛ වේදනා පැමිණෙයි. සුදු නමි, ලස්සනයි. කළු නමි කැතයි. යනුවෙන් අප තුළ අදහසක් පවතියි. සුදු රූපයක් දකින විටම ලස්සනයි කියන සංඥාව පැමිණෙයි. ඇසෙන් සිතට දැනෙන්නේ සැප හැඟීමක් හෙවත් සුඛ වේදනාවක්. කළු නමි කැතයි යනුවෙන් කළු පිළිබඳව කැතයි යන සංඥාව මනසට ඇතුළු වී අවසන් වූ නිසාම දුක්ඛ වේදනා ඇතිවෙයි. එම රූපය දෙස බලන්නේම ගොඩනගා ගනු ලැබූ සංකල්ප රූපත් සමඟයි. සංකල්ප ලෝකය තුළ සිට රූපයක් නිරීක්ෂණය කළ විට සිතට දැනෙන හැඟීම වෙනස් වෙමින් සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් ඇතිවෙයි. සත්‍ය වශයෙන්ම එහි එවැනි කාරණාවක් තැන්පත් වෙලා නැහැ. . කළු පාට තුළ දුක්ඛ වේදනාවක් සටහන් වෙලා නැහැ. සුදු පාට පිළිබඳව සැප වේදනාවක් කොහෙත්ම සටහන් වෙලා නැහැ. සුදුයි, සැපයි අතර සමිබන්ධයක් නැහැ. එහෙම දෙයක් පෙන්වීමට නැති වුණත් අපගේ සම්මුතිය තුළ එහෙම කාරණාවක් තිබෙනවා. එය තුළ අපගේ වේදනාව සමිබන්ධව නිර්ණායක ගොඩනගා ගනීයි. සුඛ හෙවත් සැප ලෙස පිළිගත් යමිකිසි වේදනාවක් දැනුන විට එම වේදනාව මගේ කරගැනීමට අවශ්‍ය වෙයි. ඇසට දැනුනේ රූපයක් නිසා සැප වේදනාවක් නමි, එම වේදනාවත් මගේ කරගන්නවා. නැවත නැවතත් විඳීමට සහ ළඟ තබාගෙන විඳීමට අවශ්‍යය වෙයි. ජීවත් වෙනවා යනුවෙන් මිනිසුන් කරනු ලබන්නේ උපාදානය කරගැනීමයි.
මෙම ෙවිිදනා ඉපදෙන්නේම එම කාරණා ටිකේ සමිබන්ධයෙන් බවට අදහසක් පැමිණෙනවා නමි, අප ටිකක් හෝ එයින් මිදීමට උත්සාහ කරයි.
අප තුළ ගොඩනැගී තිබෙන්නාවූ සංකල්පවලට අනුව යමි දෙයක් ලස්සනයි කැතයි යනුවෙන් තීරණය කරයි. මිටි නමි, මහත් වෙන්න එපා. උස නමි, කෙටිටුවෙන්න එපා. සුඛ වේදනා, දුක්ඛ වේදනා මෙම දෙකම නිර්මාණය වීමට සමිමුතිය බලපානු ලබයි. සමිමුතිය නිර්මාණය වී තිබෙන්නේ සමිමුතිය තුළයි. එක රටක තිබෙන්නාවු සම්මුතිය තවත් රටක නැහැ. එම සමිමුතිය සමිමුතියෙන් ගොඩනංවපු අදහසක් පමණයි. එම නිසාම එම කාරණාවන් තුළදී එක එක්කෙනාට දැනෙන්නේ එක එක සංවේදනාවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ රූපය ඇසුරු කරගෙන ගොඩනගා ගන්නාවූ වේදනා හේතුඵල සමිබන්ධතාවකින් හටගත් දෙයක් බව තේරුමි ගත යුතුයි. එවිට වේදනාවක් දැනෙන විට දැඩි ලෝලත්වයකට යන අවස්ථාව අවම කරගැනීෙමි හැකියාව ලැබෙයි. නැත්තටම නැතිකර ගැනීම දුෂ්කර වුවත් අවම කරගැනීමටවත් හැකියාව ලැබෙයි. මම වසඟ වෙලා සිටින්නේ එම සංකල්ප තුළ බව අඩුම වශයෙන් වටහාගත යුතුයි. පණ තිබෙන රූපවල සුඛ වේදනා දැනෙන්නේ ප්‍රධාන කාරණා පහකටයි. කේසා, ලෝමා, නඛා, දන්තා තචෝ යන පහ නිසා සුඛ වේදනා දැනෙයි. කේසාවලට ඇලුමි කරනු ලබන්නේ ඔළුව සමඟ තිබෙන විට පමණයි. ලෝමාවලට ඇලුමි කරන්නේ සම සමඟ තිබෙන විට පමණයි. නඛා නඛා ලෙසද, කේසා කේසා ලෙසද, හමිබවුණ හොත් සමමිතිය නැතිව යයි. කෙස් ගසක් බත් පිඟානකදී හම්බවුණහොත් මෙම සංකල්පය දැනෙන්නේ නැහැ. එනිසා මෙය නිවැරැදිව වටහාගත යුතුයි. පංච උපාදාන පිළිබඳ දර්ශනය අපගේ මනසට පැමිණුනහොත් අවබෝධ කරගැනීම දුෂ්කර නැහැ. එය වටහා ගත හොත් ඒවා සමඟ තිබෙන්නාවු සංකල්ප කැඩීය හැකියි. වින්දනයක් සමඟම සංඥාවක් පහළ වෙයි. හඳුනා ගැනීම සඳහා තාවකාලික සංකල්ප යි. යමිකිසි දෙයක රූපයයි සිතයි සමිබන්ධ වුණාට පසුව අපට නොදැනීම එය පිළිබඳව කැතයි, ලස්සනයි යනුවෙන් සංඥාවක් ගොඩනැඟෙයි. මිහිරි, අමිහිරි සංඥාව ගොඩනැගෙන්නේ මතක් කරන නිසයි. වේදනාව මතක් කර කර සිටින්නේ නැත්නමි සංඥාව පැමිණෙන්නේ නැහැ. පළමු දර්ශනයෙන්ම අපගේ මනසෙහි සංඥාවක් ගොඩනැගුන විට අප හුදකලා වූ ගමන් එය සඳහා තවත් කොටස් එක්කාසු කරගනියී.

වේදනාව දිය බුබුලක් ද, සංඥාව මිරිඟුවක් ද,බව බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත. අප මනසෙහි ගොඩනගාගෙන තිබුණ සංකල්ප නැහැ. ගොඩනගාගෙන තිබෙන්නාවූ සංකල්ප සමඟ බොහෝ දෙනා ජීවත් වෙයි. විවාහ වීමට පෙර විවාහය පිළිබඳව තිබුණ සංඥාව විවාහ වීමට පසුව අවසන් වෙයි. අප මනසෙයි ගොඩනගාගෙන තිබෙන කාරණා ඇත්තට හමුවන්නේ නැහැ. අප කවුරුත් කැමැති සංකල්ප තුළ සිටීමට මිස සංකල්ප තුළින් ඉවත්වීමට නොවෙයි. එය පෘතග්ජන ස්වභාවයයි. මෙම භවය තුළදී මෙම කරුණු ධර්මානුකූලව වටහාගත හොත් ඊළඟ භවය තුළ අප මීට වඩා උසස් තැනක ඉපදෙයි. මේ භවය තුළ කාරණා තේරුම් ගෙන එම සත්‍ය පිළිබඳව අදහස වෙන් කරගන්නේ නැතිව අඛණ්ඩව සිටිය හොත් අප මරණයට පත්වන්නේ සම්‍යයක් දෘෂ්ටිකයකු ලෙසයි . අඩුම වශයෙන් අපාය ගාමී වන්නේ නැහැ. අවබෝධයෙන් ගොඩනැගුනු පරම විඤ්ඤාණ ධාරාව එම කළලයට එක්කාසු වී මේ භවයට පැමිණෙයි. එතැන් පටන් සංවර්ධනය කරගැනීම ඔහුගේ හෝ ඇයගේ වගකීමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුවරුන් වහන්සේලා, මහරහතන් වහන්සේලා නිර්මාණය වන්නේ එවැනි ආකාරයට මනස පිරිපහදු කිරීම තුළයි. ප්‍රශ්නය තිබෙන්නේ පංචස්ඛන්ධය තුළ නොවන බවත් ,පංචස්ඛන්ධය උපාදානය කරගැනීම තුළ ප්‍රශ්නය ඇති වන බව අවබෝධ කරගත යුතුයි.පංචස්ඛන්ධය, පංචස්ඛන්ධය ලෙස තිබෙනවා නමි, ඇතිවෙලා, පැවතිලා, නැතිවෙලා යයි. අපට එය පිළිබඳව දුකක් අසහනයක් පැමිණෙන එකක් නැහැ. තෘෂ්ණාවක් හටගන්න එකක් නැහැ. සක්කාය දිටිඨිය කැඩෙන ආකාරය බුද්ධියෙන්ම තේරුම් ගත යුතුයි. නිවරැදිව කල්පනා කරන්න. කල්පනා කරන්න කැඩිලා බිඳිලා යන සංකල්පයක්. සංකල්ප කඩාගැනීමට භාවනාව අවශ්‍ය වන්නේ නැහැ. නිරන්තරයෙන් ධර්මය පරිශීලනය කිරීමෙන් මෙම සංකල්ප තේරුම් ගැනීමට උපකාරීවෙයි. එය සඳහා උපකාර පිණිස අඛණ්ඩ සිල්වත් කම, අවශ්‍යයයි. සිත නිතර අපිරිසුදු වනවා නමි, නිතර කාමයෙන් මුසපත් ව සිටිනවා නමි,පාලනයක් නැතිව යයි. කාමයට මුසපත්ව සිටීම මෙම දර්ශනය වටහාගැනීමට බාධාවක් වෙයි. සිල්වත් කමේ අඛණ්ඩභාවය මෙම ඤාණ දර්ශනය පහළ කරගැනීමට උපකාරී වෙයි.





හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 10 වන බදාදා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment