Labels

Tuesday, April 26, 2016

සකෘදාගාමි ඵලලාභී වූ සිටු කුමරිය


විමානවත්ථු ප්‍රකරණයෙන් ....

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි ඒ නුවර පුණ්ණ නම් වූ එක්තරා දුගී දුප්පත් පුරුෂයෙක් වාසය කළේ ය. ඔහු නුවර සිටාණන් යටතේ සේවයෙහි යෙදෙමින් සිටියේ ය. ඔහුටත් භාරියාවටත් එක් දියණියක් විය. ඈ උත්තරා නම් වූවා ය.

රහතන් වහන්සේ සතු බලය


තමා තමාගේ ලොකුම සතුරා වන හැටි


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙ නෙව අත්තනා
කරෙන්තා පාපකං කම්මං
යංහොති කටුකප්පලං
මෙලොව පරලොව යහපත නොදත් මෝඩයෝ කටුක විපාක දෙන පව්කම් කරමින් තමන්ටම සතුරෙකු වැනි වූ ජීවිතයකින් යුතුව හැසිරෙත්.
පින්වත්නි

Thursday, April 14, 2016

යුද්ධයද සාමයද ? ( සංවර ජාතකය)


අප බුදුන් සමයෙහි සැවැත්නුවර වැසි එක්‌තරා කුල පුත්‍රයකු බුදු හිමියන්ගෙන් බණ අසා පැහැදී පැවිදි බව ලබා ගත්තේය' අනතුරුව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගෙන් අවසර ලබාගෙන ප්‍රත්‍යන්ත ජනපදයකට ගොස්‌ වාසය කරමින් භාවනා කළේය.

සත්පුරුෂ සේවනයෙන් විද්‍යා විමුක්‌තියට


අසත්පුරුෂ ආශ්‍රය නිසා අවිද්‍යාව ඇතිවන බවත්, සත්පුරුෂ ආශ්‍රය නිසා විද්‍යා විමුක්‌තියට පත්වන බවත් අංගුත්තර නිකායේ දසක නිපාතයේ යමක වග්ගයේ ඇති අවිඡ්ජා සූත්‍රය මගින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දී ඇත.

ඊර්ෂ්‍යාව දුරු කර මෙත් වඩමු


මඳක්‌ සිතන්න. ඔබගේ ළ`ගම ඥාතියෙකු හෝ අසල්වැසියෙකු හෝ එසේත් නැත්නම් හිතවතෙකු උත්සාහයෙන් වෙරවීර්යයෙන් තමන්ට වඩා දියුණු වී සිටී ද තමන්ට වඩා හොඳින් සැප සම්පත් භුක්‌ති විඳී ද තමන්ට වඩා පරිවාර ජනයාගෙන් සමන්විත වූයේ

Tuesday, April 12, 2016

සදහම් සරණ යමු


සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහලවී තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මැනවින් මෙනෙහි කළ සේක. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් සසර තනන දුක පිළිබඳ මැනවින් අවබෝධය ලබාගත්හ. දුක දුකට හේතු, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථාවබෝධය ලබාගත්හ.

අනුත්තරීය වූ උතුම් බඹසර


'සික්‌ඛානිසංස මිදං භිකඛවේ
බ්‍රහ්මචරියං වුස්‌සති - පඤ්ඤුත්තරං විමුත්ති
සාරං සතාධිපතේය්‍යං'

'මහණෙනි, ශික්‌ෂා අනුසස්‌කොට ඇති ප්‍රඥ උතුම්කොට ඇති විමුක්‌තිය සාරකොට ඇති සිහිය ආධිපත්‍යයකොට ඇති මේ බඹසර වාසය කරනු ලබන්නේ වෙයි.''

මස්‌පිඬුවලින් සැදුම්ලත් ශරීර මායාව


අද ලෝකය තුළ ශරීරයට ලැබී ඇති වටිනාකම ඉතා ඉහළය. ශරීරය අගය කිරීම, වර්ණා කිරීම, ඒ වෙනුවෙන් කැපවීම ඉතා ඉහළය. එලෙසම ශරීරය වෙනුවෙන් ආඩම්බරවීම, උදම්වීම, මාන්‍යයක්‌ ඇතිකර ගැනීම, උඩඟුවීම ආදියද නිමක්‌ නොමැතිව සිදුවේ. මේ ආදී සිතුවිලි ධාරාවන් ඔස්‌සේ පවතින ශරීර මායාව පිළිබඳ අවබෝධය මිනිසුන් තුළ අල්පය. සත්‍යවශයෙන්ම කරුණු ඒ පිළිබඳ දැන ගැනීමට නම් බුදුහිමි ශරීරය පිළිබඳ දේශනා ධර්ම කාරණා පිළිබඳ අවබෝධයක්‌ ලබාගත යුතුව ඇත.

බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ඔබට අතහැරුණු හේතුව මෙයමයි


භීක්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල,

Monday, April 11, 2016

වෙන්වන ලොවක ළබැඳි හමුවීම


සුපසන් ජීවිතයකට ධර්ම කතා පෙළෙහි අද දවසෙහි ධර්ම කතාව සඳහා තෝරාගනු ලබන්නේ අංගුත්තර නිකායෙහි, චක්ක නිපාතයෙහි ප්‍රථම පන්නාසකයෙහි සාරාණීය වර්ගයට අයත් නකුල පිතූ සූත්‍ර දේශනාවයි. ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත්, ධර්මානුකූල ජීවිතයක සුවපත්වන ගෘහපති ජීවිත පිළිබඳව මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා.

කලහ කරනු එපා ( ධම්මපදයෙන් )


තමන් මැරෙන බව නොදන්නෝ කලහ කරති. තමන් මැරෙන බව දන්නහුගේ කලහ සංසිඳෙත්. මෙය ධම්මපද යමක වග්ග හයවන ගාථාවෙන් ලබාදෙන උපදේශයයි. යම් දිනෙක අන් අය මෙන්ම තමාද මරණයට පත්වන බව දන්නා තැනැත්තේ අන්

ජීවිතය සමඟ බැඳී ඇති සැබෑ බර හඳුනාගන්න


බර දෙන කෙනා තෘෂ්ණාව නිසා බර වැඩිවෙන විට අප දුකට පත්වෙනවා. තෘෂ්ණාව ආකාර තුනකින් බර ගෙන දෙනවා. ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස. තිබෙන බරට දැඩි ඇලීම නිසා අප තවත් බර එකතු කර ගන්නවා. දුක වැඩිවෙන විට මේ බර භාර නොගෙන ශාන්තිය කරා යන්න ඇත්නම් කියා සිතෙනවා. එනම් පරම සුවය වන “නිවන” සාක්ෂාත් කරන්න ලැබෙන්නේ මේ බර බිම තැබූ විටයි.

Sunday, April 10, 2016

අඳුරෙන් එළියට



පුද්ගලයා දහමෙන් ඈත්වීමත් සමඟ ඔහු හෝ ඇය නොදැනීම අකුශලයට, පාපගාමී, මාර්ගවලට නොදැනීම යොමු වීම නිරායාසයෙන්ම සිදුවේ. ලෝකයේ දේව ධර්ම ලෙස හැඳින්වෙන හිරි සහ ඔත්තප්ප යන ධර්මතා පිළිබඳව නොදැනීම හෝ තැකීමක් නොකිරීම මෙහිදී සිදුවන ප්‍රධාන දුර්වලතාවයයි.

සිල්වතාගේ ධනය සීලයයි


දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියා තුනක් ඇත. මේවා එකකට එකක් නොදෙවෙනි පුණ්‍ය ක්‍රියාවන් වෙයි. දානය සහ සීලය ද භාවනාමය පින්කමක් බවට පත්කර ගැනීමට හැකිය. දන් දෙනු කැමැති පින්වතුන්ට දානය ‘ත්‍යාගානුස්සති’ භාවනාව වශයෙන්ද, සිල් රකින පින්වතුන්ට සිල් රැකීම “සීලානුස්සති’ භාවනාව වශයෙන්ද වැඩීමට පිළිවන.

Saturday, April 9, 2016

අමා දහම් රසයට සමීප වීම


ස්වාමින් වහන්ස, සාර්ථක ජීවිතයකට බුදුරදුන් වදාළ මඟ කුමක්ද
බෞද්ධ අප සැමගේම ඉලක්කය විය යුත්තේ නිවනයි. වැරැද ක්‍රම වලින් වැරැදි ලෙස මවාපාන බොහෝ ආටෝප සාටෝපකාරී ක්‍රම වලින් අපට මාරයා පැරදවිය නොහැකියි. හැම මොහොතකම සතිමත් වීමෙන් මේ වැරැදි සාවද්‍ය ක්‍රම අතහැර අපේ ජීවිතයේ නිසි නියම මාර්ගයට යා හැකියි. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් කරුණු කිහිපයක් තුළින් අපේ ගමන නිවැරැදි කර ගත හැකියි.

මෙත් වැඩුමට පසුබිම


කෙනෙකු සිල්වත් විය හැක. ගුණවත් විය හැක. දැහැමි විය හැක. එහෙත් ඔහු සමාජ චාරිත්‍ර ගැන අවබෝධයෙන් තොර නම් ඔහු සමාජයට එපා වනු ඇත. සමාජයට එපා වීම යනු තමාටද සමාජය එපා වීමකි. සෙස්සන් ඔබ දොස් දකිනවිට ඒ ගැන කථා කරන විට ඔබ එයට නොදෙවෙනි ලෙස ඔවුන්ගේ දොස් දකින්නට පෙලඹීම ස්වභාවයයි. වැරැදි සිදුවීම පුහුදුන් ලොව සාමාන්‍ය දෙයකි. බුදුදහමේ ඉගැන්වීම වරද දිගින් දිගට කරගෙන යාම හෝ ඒ ගැන පසුතැවීම නොව ඉන් ඉදිරියට වරදින් වැළකීමට සිතීමයි.

කැමරා අතර දියුණුම කැමරාව ප්‍රඥා ඇසයි


ප්‍රඥා ඇස පහළ කර ගැනීමෙන් මුළු විශ්වයම දැකීමට පුළුවන. එය ලොව්තුරා බුදුහිමි විනිවිද දුටහ. ප්‍රඥා ඇස දියුණු කර ගත් බුද්ධශ්‍රාවක පිරිස්ද එයින් කීපයක් හෝ දුටු ආකාරය චරිත කතා තුළින් පැහැදිලි වේ. බුදුරදුන් ප්‍රඥා ඇස තුළින් අෂ්ට විද්‍යා පසක් කරගත් ආකාරය ඉතා ගාම්භීරය.

Thursday, April 7, 2016

දැහැමි ධනය සැප ගෙන දෙයි


භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා ගෘහපතිය, ඒ ආර්ය ශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන්, බාහු බලයෙන්, දහදිය මහන්සියෙන්, දැහැමිව හැසිරෙමින්, ධර්මානුකූලවම උපායගත්ත ධනයෙන් මෙන්න මේ විදිහට පිහිටක් ලබනවා.

Tuesday, April 5, 2016

බුදුරදුන් අගය කළ මනුෂ්‍යත්වය


බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ ක්‍රි. පූ. 6 වන ශතවර්ෂයෙහි පැවති සමාජය තුළ වැඩි නායකත්වයක් බමුණන්ට පැවතුණ අතර බමුණු දහම එකල සමාජය තුළ බෙහෙවින් ව්‍යාප්තව පැවති බැවින් මිනිස් සමාජයද සකස් වී තිබුණේ බමුණු දහමට අනුවයි.

Sunday, April 3, 2016

පව් කරන්නා දෙලොවදීම තැවේ


සම්මා සම්බුද්ධස්ස
ඉධ සෝචති පෙච්ච සෝචති
පාප කාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ


සුපින්වත්නි,

පසු තැවීමෙන් තොර ජීවිතයකට මඟ



"අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් අපට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය."

තිදොර සංවර කර ගත යුත්තේ ඇයි


බුදු දහම සම්මුති සංවරය තුළින් පමණක් නැවතිය යුතු යැයි ප්‍රකාශ කරන දහමක් නොවේ. බුද්ධ ශ්‍රාවකයන් වන අපගේ අරමුණ වනුයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමයි. ලස්සනට සංවරව ඇඳ පැළඳ අනෙකුත් පිරිසගේ සිත කලබල කරන්නේ නැතිව සිටීම පමණක් අපගේ ජීවිතයේ අරමුණ නොවේ. මිනිස් ජීව්තයක ප්‍රධානම අරමුණ නිවන් දැකීමයි. නිවන් දැකීමට නම්, අප තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ සංවරකමක්ද කයෙන් වැරැදි තුනක් නොකර සිටීම පළමු කාරණාවයි.

Saturday, April 2, 2016

යහපත් ශිෂ්‍යයා තමන්ගේ ගුරු ගෞරවය අමතක නොකරයි


රජගහ නුවර උපතිස්ස හා කෝලිත නමින් මිත්‍රයන් දෙදෙනකු ජීවත් වූ අතර එම මිත්‍රයන් දෙදෙනාටම පන්සියය බැගින් පරිවාර පිරිසක් සිටියහ.
එදා දඹදිව පැවතුණ සමාජය තුළ පිරිසක් හසුරුවාගෙන ආගමික සහ අධ්‍යාත්මික පක්ෂයට බරවුන පිරිසක් ආකාරයෙන් උපතිස්ස කෝලිත යන මිත්‍රයන් දෙදෙනා ජීවත් වුණා. ඒ නිසාම මෙම යහළුවන් දෙදෙනාටම විශාල පිරිවරක් එක්ව සිටියා. එදා සමාජය තුළ පැවතුණ නාට්‍ය උත්සවයක් නැරඹීමට දවසක් මෙම ම්ත්‍රයන් දෙදෙනාත් සහභාගි වී සිටියා. කඳු මුදුණකට නඟිමින් එම කඳු මුඳුන සිට උත්සවය පැවැත්වීම එම නාට්‍යයේ ස්වභාවය වු අතර එය ගිරග්ග සමජ්ජ නම්න් හැදින්වූවා.

සිතත් සිතිවිලිත් නිවැරැදිව හඳුනාගන්න


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අප කතා කරමින් සිටින්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් “පත්තකම්ම” නම් වූ සූත්‍ර දේශනාවයි. සැබෑවටම සතුට සංතෘෂ්ටිය සොයාගෙන යන ගෘහස්ථ ජීවිත ගත කරන සෑම කෙනෙකුටම පත්තකම්ම නම් වූ මේ සූත්‍ර දේශනාව මහත් වූ සුවදායක බවක් ඇති කරන බව පැහැදිළියි.