Labels

Tuesday, April 5, 2016

බුදුරදුන් අගය කළ මනුෂ්‍යත්වය


බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ ක්‍රි. පූ. 6 වන ශතවර්ෂයෙහි පැවති සමාජය තුළ වැඩි නායකත්වයක් බමුණන්ට පැවතුණ අතර බමුණු දහම එකල සමාජය තුළ බෙහෙවින් ව්‍යාප්තව පැවති බැවින් මිනිස් සමාජයද සකස් වී තිබුණේ බමුණු දහමට අනුවයි.

පුද්ගලයන් ගේ ජීව්ත ඒ ඒ කාලය තුළ ක්‍රියා කළ යුතු ආකාරය තීරණය කර තිබුණේ ද බමුණු දහමට අනුවයි. කාලාන්තරයක් පුරාවටම දඹදිව බමුණු දහම සමාජය තුළ එකට බද්ධ වී තිබූ නිසාම බමුණු අදහස් වලින් මිදීමට බොහෝ පිරිස් කැමැති වූයේ නැත. ඒ පිරිස ගේ ජීවිත තුළ තිබුණේ බමුණු දර්ශනයි. ඔවුන් සිතන්නේ, පතන්නේ, කතා කරන්නේ, වැඩ කටයුතු කරන්නේ බමුණු දහමට අනුවයි. බුදුරජාණන් වහන්සේගේ දහම පහළ වන්නේ බමුණු සමාජය තුළ ජීවත් වී සිටි මිනිසුන් අතරිනි . එම බමුණු දහමට එරෙහිව නැගී සිටින පිරිස අතර බුදුරජාණන් වහන්සේගේ පිරිස මූලික තලයේ සිටි අතර බමුණු දහමට විරුද්ධව බමුණු දහම පිළිගන්නේ නැතිව වෙනත් ආගමි කුල ගෝත්‍රª නිර්මාණය කරගෙන සත්‍ය සොයාගෙන යන බොහෝ පිරිස් ද ඒ අතර වූහ. ඒ ශ්‍රමණ පිරිස් අතර බුද්ධ ශ්‍රාවකයන් බෞද්ධ ශ්‍රවකයන් විශේෂ පිරිසක් විය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තාට පසුව සමාජය දෙස මනුෂ්‍යත්වයෙන් බැලුවා වගේම බුදුරජාණන් වහන්සේ සමාජයේ දැනුම් තේරුම් තිබෙන පුද්ගලයන් පිළිබඳව සිතමින් සමාජය දෙස බැලුවා. නමුත් භාරතීය සමාජය තුළ පැවති බමුණු සමාජය දෙස බැලුවේ මනුෂ්‍යත්වය තුළින් නොවේ.

 මහා බ්‍රහ්ම මැවුම් වාදයට අනුව සමාජය දෙස බලන විට බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල සතරට සමාජය බෙදී පැවතිණි. බුදුරජාණන් වහන්සේ සමාජය දෙස බැලුවේ ඒ කුලවලට අනුකූල නොවන මනුෂ්‍යත්වය තුළිණි. මනුෂ්‍යත්වය තුළින් සමාජය දෙස බලන බුදුරජාණන් වහන්සේට ශ්‍රද්‍ර කුලය බ්‍රාහ්මණ කුලය, ක්ෂත්‍රිය කුලය ආදී පිරිස් කුලය නිසා ඇතිකර ගත් මානය බුදුරජාණන් වහන්සේට බලපෑවේ නැත. ඒ නිිසාම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුළ භික්ෂු , භික්ෂුණි උපාසක උපාසිකා යන කුල හතරක් ගොඩනැගුවා පමණක් නොව එම කුල හතර තුළ මනුෂ්‍යත්වය පැවතුණා. 

ශ්‍රද්‍ර කුලයේ අයකෙªට වුවත් එම කුලයට පැමිණිය හැකියි. එය බුදුරජාණන් වහන්සේ ගොඩන¾ගන ලද ස්වභාවයක් වූ අතර ඒ නිසාම පැවිදි බවට පත්වූ ශ්‍රමණයන්ටත් බ්‍රාහ්මණ නම පාවිච්චි කළා. බුදුරජාණන් වහන්ස් බමුණු බ්‍රාහ්මණ කියන නම පැවිදි වූ සෑම දෙනාටම භාවිත කළා. පැවිදි වූ අයට බමුණා හෙවත් බ්‍රාහ්මණයා කියල ප්‍රකාශ කරනවාට ඇත්ත බමුණන් කැමැති වුණේ නැහැ. අපේ නම කොපි කරල බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිසටත් එම නම පාව්ච්ච් කරන බවට ප්‍රකාශ කරමින් නිතර නිතර වචන හරබය රැගෙන ඉදිරියට ගියා. බ්‍රාහ්මණ පිරිස ප්‍රකාශ කරනු ලබන්නේ, උප්පත්තියෙන් තම කුලය පිරිසුදු විය යුතු බවය. බුදුරජාණන් වහන්සේ ශ්‍රද්‍ර කුලවල පිරිසත් පැවිදි කර බුදුරජාණන් වහන්සේ එම කුලවල අයටත් බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කිරීම පිළිබඳව බමුණන් තුළ පැවතියේ අකැමැති බවක් හෙවත් චිත්ත විස්සෝපයක් වූ අතර බමුණන් එම තත්වයට කැමැති වූයේ නැත. එම අදහස බමුණන් තුළ පැවතුණ අතර එක්තරා බමුණකු බුදුරජාණන් වහන්සේටම තමාගේ බලවත් අකැමැත්ත සැලකළා. බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේට ශ්‍රාවකයන් ඉන්නවා. එම ශ්‍රාවකයන් නොයෙක් කුල වලින් පැමිණි පිරිස් නොයෙක් කුල ගොත් ඇති පිරිස් එහෙයින් ඔබ වහන්සේගේ සව්වෝ බ්‍රාහ්මණයන් ලෙස හඳුන්වන්න බැහැ. ඒ අය බ්‍රාහ්මණයන් වන්නේත් නැහැ. විවිධ කුලවලින් පැමිණ පැවිදි වූ නිිසා ඒ අය බ්‍රාහ්මණයන් වන්නේ නැහැ. බ්‍රාහ්මණයන් කියන්නේ එක කුලයක් පමණයි. ඒ නිසා ඒ පිරිසට බ්‍රාහ්මණ යන වචනය පාවිච්චි කරන්න එපා. එය වැරැදි ක්‍රියාවක්. එසේ කළ යුත්තේ බමුණු කුලවල ඉපදුනු පිරිසුදු පෙළපතක් ඇති බමුණන් ට පමණයි. කියල බුදුරජාණන් වහන්සේ අමතන ආකාරයේ තිබෙන වරදෙහි ස්වභාවය බමුණන් විසින් බුදුරජාණන් වහන්සේට පහදල දුන්නා. එසේ පෙන්වා දුන්නාට පසුව බුදුරජාණන් වහන්සේ බමුණාට පිළිතුරු දෙනු ලැබුවේ ඔබ බමුණු කුලයක උපන් පිරිසුදු බමුණු පෙළපතකින් යුක්ත බ්‍රාහ්මණයකු බව මම කියන්නේ නැහැ. මම, ඔබට බමුණෙක් කියලා කියන්නේත් නැහැ. ඔබ හොඳ පෙළපතකින් උපන්න නිසාම ඔබ ඉහළ බ්‍රාහ්මණ කුලයක උපන් නිසාම මවිපිය දෙපාර්ශ්වයම පිරිසුදුව හිටියා කියා කියන නිසාම මම ඔබට බ්‍රාහ්මණයකු කියලා කියන්නේ නැහැ. ඔබ කියන ආකාරයට ඔබ බ්‍රාහ්මණයකු වීමට නම්, ඔබ කුලය පමණක් පිරිසුදු වීම , දෙමව්පියන් පමණක් පිරිසුදු වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ජටාව ඔළුවේ බැඳගෙන තිබීම පමණක් බ්‍රාහ්මණයකු වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ජාතිය කරන කොටගෙන ජාතිය නිසාම බමුණකු වන්නේද නැහැ. ඒ වගේම බමුණකු වීමට නම්, හොද ප්‍රඥාවක් තිබෙන්න අවශ්‍යයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. ලොවිතුරා ධර්මය පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. එවැනි දැනුමක් සහිත අයෙකුට පමණයි මම බ්‍රාහ්මණයකු කියල කියන්නේ, යනුවෙන් බුදුුරජාණන් වහන්සේ එම බමුණාට පැහැදිළිකර දේශනා කරනු ලැබුවා.


වර්තමාන සමාජය දෙස බලන විටත් අපේ සිංහල සංස්කෘතිය තුළ බමුණු දහමේ ආභාසය තිබෙනවා. අපේ සිංහල සංස්කෘතිය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආභාසයක් තියෙනවා. ඇතැම් අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා බමුණු දහමේ එන යම්යම් මති මතාන්තර පිළිගන්න බවත් පේනවා. කුලය පිළිබඳව වැඩිපුර සිතන්නේ බමුණු අදහස් තියෙන පිරිසයි. ඒ වගේම තම තමන්ගේ තනතුරු තානාන්තර පිළිබදව වැඩිපුර හිතල තමන්ගේ තත්වය තීරණය කරන්නේ එවැනි පුද්ගලයන්. බුදුරජාණන් වහන්සේ බමුණාය කියලා දේශනා කළේ එවැනි අයට නොව මනුෂ්‍යත්වයෙන් සමාජය දෙස බලන පිරිසටයි. තමන්ගේ දැනුම අවබෝධය ප්‍රඥාව දියුණු කරගත් පිරිස් බමුණන් වයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ශ්‍රී සද්ධර්මය මඟ යන පිරිස බමුණන්ය බුදුරජාණන් වහන්සේ බමුණාය යන නම පාවිච්ච් කර තිබෙන්නේ ද එම අදහසට අනුවයි. ඒ නාමය අදත් එලෙසින්ම වලංගු වෙයි. එදා හිටිය බමුණන් ගේ නාමය එදාට පමණක් වලංගු වෙයි. එදා පැවති තත්වය අද සමාජයට උචිතවන්නේ නැහැ ගෝචර වන්නේ ද නැත.






මහාචාර්ය 
පාතේගම ඤාාණිස්සර හිමි









ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 31 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment