තමා විසින්ම තමන්ගේ පණ නසා ගන්නට වෑයම් කිරීම සිය දිවි නසා ගැනීමක් වෙයි. එසේ කිරීම පිළිබඳව වර්තමාන සමාජයෙහි ජනමාධ්‍ය ලෝකය තුළ මෙම තත්ත්වය තරමක් අර්බුදකාරී ස්වභාවයක ප්‍රශ්නයක් ලෙස විග්‍රහ කරමින් සිටී. එය එසේ විග්‍රහකරමින් දැක්වීමට වඩා මෙසේ වීමට හේතුව කුමක්ද? යනුවෙන් සොයාබැලීම වැදගත් . කිසියම් මවක් තම දරුවන් වතුරට දමා එම මවත් වතුරට පනින අවස්ථාවක් පසුගිය කාලයේ ජනමාධ්‍යයෙන් වාර්තා වී තිබිණි.. මෙවැනි සිද්ධි පිළිබඳ අධ්‍යයනය කළ එමිර් ඩුර්කයිම් නමැති සමාජ විද්‍යාඥයා “සිය දිවිනසා ගැනීම” පිළිබඳව ඊඩඥ ඵභඪජඪඤඥ නමැති ග්‍රන්ථයක් ද පළ කර ඇත. සියදිවි නසාගැනීම පිළිබඳව අධ්‍යයනය කළ ඔහු සියදිවි නසා ගන්නන් විසින් එසේ කිරීමට හේතු කිහිපයක් දක්වා ඇත.
තමා පිළිබඳව නොසිතා තමාගේ සියදිවි නසාගැනීමෙන් අනෙකාට යහපතක් සිදුවේය යන හැඟීම හෙවත් පරාර්ථය මත සිදුකරන බවයි .
සමාජය තුළ සාරධර්ම නැති බවත්, ගුණ ධර්ම නැති බවත්, සිතා තමන් ඒ පිළිබඳව කලකිරීමකින් සිතන්න පටන් ගැනීම තුළ සාරධර්ම බිඳ වැටුණ සමාජයක ජීවත්වීමෙන් පළක් නැති බවට සිතයි. එය එක්තරා ආකාරයක මානසික රෝගී තත්ත්වයකට නෑකම් කියන ස්වභාවයක් . එසේ සිතීම රෝගයක් නොවුණ ද, රෝගී තත්ත්වයක මූල බීජයක් වෙයි.
සමාජය තුළ නීතිය නිවැරැදි ආකාරයෙන් ක්‍රියාත්මක නොවෙනවාය යන අදහස හෙවත් අනෝමීයතාවය ද සියදිවි නසා ගැනීමට බලපාන බවට සඳහන්ව ඇත. ඔහුට සිතෙන ආකාරයට ඔහු සිතීමට පටන් ගනී. එසේ කල්පනාකිරීමෙන් තමාගේ ජීවිතය එපාවීම පිළිබඳ ඇතිව තිබෙන කලකිරීම මත සමාජයෙන් ඈත්ව සැඟවෙමින් සිටියි. සියදිවි නසා ගැනීම කිසියම් රෝගීමය ලක්ෂණයක් බවට ඩුර්කයිම් විග්‍රහ කර ඇත. එම රෝගී ලක්ෂණය විවිධ ස්වරූපයන් ගන්නා බව කරුණු තුළින් විග්‍රහ කර ගත හැකිය. තමන් පිළිබඳ කලකිරීම එක් ආකාරයකත් ,සමාජය පිළිබඳ කලකිරීම තවත් ආකාරයකත්, අනෙකාට යහපතක් කිරීම වෙනුවෙන් කලකිරීම ආදී වශයෙන් විවිධාකාරයෙන් පුද්ගලයන් විසින් විවිධ සිද්ධි තමන්ට සාපේක්ෂව සිතීමට පෙළඹෙයි. හැම පුද්ගලයෙකුටම හොඳ උපදේශකයෙක් සිටිය යුතු බවට ඩුර්කයිම් විග්‍රහ කර ඇත. එය බුදු දහම තුළ ද සඳහන් කාරණාවක්.තමා පමණක් දන්නා බවට සිතීමට නොපෙළඹිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. තමන් දන්නා පුද්ගලයෙකු වුවද, එසේ සිතීමට යාම සුදුසු නැත. තමන් උගතෙකු වුව ද එසේ නොසිතිය යුතු ය. තමන් පරාජයට පත්වූ පුද්ගලයෙකු වුව ද, තමන් පරාජිත පුද්ගලයෙකු බව සිතීමට යාම සුදුසු නැත. ඒ වගේම අසුභවාදී ලෙස කල්පනා කරීමට යාමද සුදුසු නැත. එවැනි ආකාරයෙන් කටයුතු කළ විට මනස ක්‍රියාත්මක වන ආකාරයේ කෙළවර මෙවැනි තත්ත්වයක් උදාවෙන බවට ඩුර්කයිම් විග්‍රහ කර ඇත. ඩුර්කයිම්ගේ විග්‍රහයත් වර්තමාන ලෝකය තුළ අසත්‍ය තත්ත්වයට පත් ව බැහැර වී නැත. වර්තමාන සාමාජය එම තත්ත්වය පිළිබඳව නිවැරැදි වැටහීමක් නැත. කිසියම් මවක් තම දරුවන් වතුරට දෑමු සිදුවීම මාතෘත්වය ගිලිහී ඇතිබවටත් , මවු සෙනෙහස විනාශ වී ඇති බවටත් විග්‍රහ කරනු ලැබුවද, එසේ විග්‍රහ කරන පුද්ගලයන් ට ඒ පිළිබඳ නිවැරැදි වැටහීමක් නැත. දිවි නසාගත් තැනැත්තියගේ මනස අධ්‍යයනය කරමින් මනසේ තිබෙන ගැටලුව විසඳා දීිමට ලෝකය තුළ තවත් පුද්ගලයෙකු නැතිකම එසේ සිදුවීමට හේතුව මිස මාතෘත්වයේ පිරිහීමක් සිදුවී නැත. එවැනි තත්ත්වයන් සඳහා අප රට තුළ සැලැස්මක් ක්‍රියාත්මක නොවීම එය ට හේතුවයි. නිවැරැදි දැක්මක් නොමැතිකමින් සත්‍ය යටපත්ව අසත්‍ය මතුවී ඇත.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ පිළිබඳව තවත් ආකාරයකින් විග්‍රහ කර ඇත. සංයුත්ත නිකායේ ගෝධික සූත්‍රයෙහි ගෝධික ස්වාමීන් වහන්සේ පිළිබඳ විස්තරයක් සඳහන්ව ඇත. ගෝධික ස්වාමීන් වහන්සේ භාවනා වඩමින් ධ්‍යාන ලැබුවද මද වෙලාවකින් ධ්‍යානය පිරිහී යයි. නැවතත් උත්සාහ කරමින් වීර්ය වඩමින් ධ්‍යානයට සමවැදුණ ද, නැවතත් සිත කැඩී ධ්‍යානය පිරිහී යයි. ධ්‍යාන භාවනවාට සමවැදීමෙන් මනස කිසියම් අරමුණකට ශක්ති සම්පන්නව යොදාගැනීම අපහසු කාරණාවක්. ඒ සඳහා මනස වැඩිය යුතුයි. පුරුදු පුහුණු කළ යුතු ය. මනස ඉක්මනින් කඩා වැටෙන පුද්ගලයන් බහුලව ජීවත් වෙයි. සමාජ අත්දැකීම් අඩු පුද්ගලයන්, සමාජයට බය පුද්ගලයන් , ජීවිතයට බය පුද්ගලයන්, ආදී වශයෙනි. ගෝධික ස්වාමින් වහන්සේ හය වතාවක් ධ්‍යානයට සමවැදුණද එය පිරිහීමට පත් විය. ධ්‍යාන තුලින් පිරිනිවන් පෑමට නොහැකි බව සිතා බියට පත් ගෝධික ස්වාමීන්වහන්සේ තමන් වහන්සේගේ ධ්‍යානය පිරීහීමෙන් නිවන් ලබාගත නොහැකි බව සිතීමට පෙළඹීමත් සමඟ ධ්‍යානයට සමවැදී සිටින අවස්ථාෙවිදී ම දැලි පිහියෙන් ගෙල සිඳ ගැනීමට පෙළඹී ඇත. මේ සිදුවීම මාරයා විසින් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේ ඔබ වහන්සේගේ ධ්‍යාන වඩමින් සිටි ශ්‍රාවකයා ගෙල සිඳලමින් සියදිවි නසාගත් බව ය. බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේ ධ්‍යාන භාවනා වඩා තමන්ගේ හිස තමන් විසින් සිඳලන අවස්ථාෙවි උන්වහන්සේගේ අරමුණ වුණේ ප්‍රාණය නිරුද්ධකර ගැනීම පමණක් නොවෙයි, වේදනාවයි. වේදනානු පස්සනා යනු භාවනාවක්. ගෙල සම්පූර්ණයෙන්ම සිඳ ගැනීමට පෙර උන්වහන්සේ රහත්ව සිටි රහතන් වහන්සේ නමක්. අපවත් වුණා නම්, හෝ යමෙකු මරණයට පත් වුණා නම්, නැවත උපදින තැනක් තිබිය යුතු යි. උපන්නේ නැත්නම්, රහත්භාවයට පත්වී අවසන්. මාරය, මගේ ශ්‍රාවකයන් වහන්සේ ගෙල සිඳ ගත්තා නොවෙයි. භාවනා කරමින් විර්යභාවයට පත්ව රහත් වුණා. බුදුරජාණන් වහන්සේ මාරයාට දේශනා කර ඇත.
හසලක ගාමිණී කොටි බංකරයට පැන සිය දිවි නසා ගැනීමත් , ඉහත සඳහන් සිදුවීමත් දෙකක් මිස එකක් නොවෙන බව අවබෝධ කරගත යුතු ය. ඩුර්කයිම් ගේ විග්‍රහයට අනුව ඇතැම් පුද්ගලයන් පරාර්ථය පිළිබඳව සිතයි.. ස්වාර්ථය හෝ පරාර්ථය පිළිබඳව සිතුව ද කිසියම් ආකාරයේ මානසිකමය ආෙවිගී තත්ත්වයක් අනතර්ගතව පවතී. එම මානසික ආෙවිගීමය තත්ත්වය ඇතැම් පුද්ගලයන්ට තමාට තමන් පාලනය කර ගත නොහැකිවීමයි. එම තත්ත්වයන් භාවනාවෙන් ගොඩනැඟිය හැකි ය.
රටේ සියදිවි නසාගැනීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා නම්, එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමෙන් පළක් නැත. වර්තමාන ලෝකයේම පවතින තත්ත්වයක් ජපානයේත් ඇතැම් කාලවලදී සියදිවි නසා ගැනීම් බහුලව වාර්තා වෙයි. මානසික පීඩනය දරාගැනීමට නොහැකි වීම එයට හේතුවයි. ලංකාවේ වාර්තා වන ප්‍රමාණයට වඩා සියදිවි නසාගන්නා ප්‍රමාණය වැඩි ය. ඒ සඳහා විසඳුමක් සොයනවා නම්, සමාජයේ පවතින අර්බුදයට යටිතල පහසුකම් සැපයිය යුතු ය. සමාජයේ ඒ ඒ පුද්ගලයන් තමාගේ මානසික තත්ත්වයන් හේතු කොට සිද්ධි පිළිබඳව සිතන ආකාරය වෙනස් කර වෙනත් ආකාරයකට සිතනවා නම්, ගැටලුවක් ඇති වන්නේ නැත. එම නිසා මිනිසා දැනුවත් කළ යුතු ය. සිය දිවි නසා ගැනීම නවත්වනවාට වඩා මනෝ උපදේශනය , හෙවත් මනසට ප්‍රශ්න දරාගැනීම , ප්‍රශ්නවලට ඔරොත්තු දීමට අටලෝ දහමට ඔරොත්තු දීමට හැකිවන මිනිසුන් නිර්මාණය කරන වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙයි. අටලෝ දහමට අනුව මිනිසුන් ගොඩනඟන්නේ නැතිව සියදිවි නසාගැනීම වැළැක්විය නොහැකි ය. බුදු දහම සමාජය තුළ කට පාඩමින් තිබුණ ද , ගැටලුවක් පැමිණි විගස එය අමතක වී යයි. ජීවිතය ගැටලු විසඳීමක් බවට අධ්‍යාපන විද්‍යාඥයෙක් ප්‍රකාශ කර ඇත. සිනහ වෙවී හැමදාමත් ජීවත් විය නොහැකි ය.තමාට පැමිණෙන හැම ගැටලුවක්ම අර්ථවත් වන ආකාරයට විසඳා ගැනීමට හැකිවන්නේ ජීවත්වීමේ අධ්ෂ්ඨාන පුර්වක චින්තනයක් තිබෙන පුද්ගලයෙකුටම පමණ ය. මනස වඩා තිබිය යුතු ය. මනස වර්ධනය කළ පුද්ගලයෙකුට එම හැකියාව ඇත.
අටලෝ දහමෙන් නොසැලෙන හොඳ පෞරුෂත්වයක් සහිත පුද්ගලයන් බිහිකිරීම අවශ්‍ය වෙයි. එම ගැටලුව පාරම්පරික ප්‍රශ්නයක් ආකාරයෙන් අම්මාගේ ප්‍රශ්නය දුවටත්, තාත්තාගේ ප්‍රශ්නය පුතාටත් පැමිණෙනවා විය හැකියි. පාරම්පරික ලේ උරුමයෙන් එන තත්ත්වයන් ද, මේ තුළ පවතී
සියදිවි නසා ගැනීමට හේතුව අටලෝ දහමට අවශ්‍ය පරිදි ච්ත්තාෙවිග ගොඩනැඟී නැතිකම ය. අටලෝ දහමේ ලාභ අලාභ දෙකෙන් ලාභ ද , යස අයස දෙකෙන් යස ද,, නින්දා ප්‍රශංසා දෙකෙන් ප්‍රශංසාව ද , සැප දුක දෙකෙන් සැපය ද පමණක් තමා ලබාගෙන සෙසු කාරණා හතරම අල්ලපු ගෙදරට පැමිණෙනවා නම්, ඇතැමුන් සතුටට පත්වෙයි.
ප්‍රශ්නවලට ඔරොත්තු දෙන ආකාරය වැදගත් . මෙවැනි සාකාච්ජාවන් පන්සල් , පල්ලි , ප්‍රජා මධ්‍යස්ථාන හරහා ආරම්භ කළ හැකියි. යකා ගැහුවා යන ස්වභාවය මනසේ පවතින කිසියම් තත්ත්යක් බව වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තිබෙන කාරණාවක්. තමනට සාපේක්ෂව අනෙකා පිළි්බඳව සිතීමට පෙළඹීමයි.
රටක් ගොඩනඟනවා නම්,ඒ පිළිබඳ හේතුව සොයා ප්‍රතිකර්ම දිය යුතු ආකාරය බුදු දහමේ උගන්වා ඇත
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment