Labels

Sunday, April 29, 2018

චුතිය හා ප්‍රතිසන්ධිය අතර අන්තරාභවයක් තිබෙනවා ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 20

භික්ෂුවක් වී ඉන්න කාලයේ කෙනෙක් හොඳට ධර්මය ඉගෙන ගෙන කටපාඩම් කරගෙන දරාගෙන තියෙනවා. විශේෂයෙන් ම ධර්මය ඉගෙන ගත්තේ හොඳට ප්‍රාර්ථනා පිහිටුවාගෙන, ඊළඟ ජීවිතයේදීත් මහණදම් පුරන්න ලැබේවා යි කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ කියලා හිතන්න. ඒ හැම ක්‍රියාවක දී ම කුසල් සිත පහළ වුණා. ඒ පහළ වුණ කුසල් සියල්ලක් තුළ ම අවිජ්ජා, තණ්හා, උපාදාන පහළ වුණා.

ඇයි? නැවත හොඳ භික්ෂු ජීවිතයක් ප්‍රාර්ථනා කළේ. එතකොට මරණාසන්න වෙලාවේ දී පහළ වුණා අර බල සම්පන්න, ඒ ධර්මය ඉගෙන ගත්ත කුසල ය. ඒ කුසලයට අනුව මනුස්ස ලෝකයේ උපත ලැබුවා. ඒ උප්පත්තිය ත්‍රිහේතුක මනුස්ස ආත්මයක්! ත්‍රිහේතුක යන්නෙහි අදහස ආලෝභ, අදෝශ, අමෝහ යන විපාක හේතු තුන් දෙනා නිසා හටගත්තා යන්නයි. ත්‍රිහේතුක මනුස්ස 
ආත්මයක් ලැබූ නිසා තමයි මහණ වෙන්න ලැබුණේ. ත්‍රිහේතුක මනුස්ස ආත්මයක් ලැබූ නිසා තමයි ධර්මය ඉගෙන ගන්න, කටපාඩම් කරන්න දේශනා කරන්න මේ හැම දෙයක් ම ලැබුණේ.

ප්‍රතිසන්ධි අවස්ථාවේ පහළ වුණ ප්‍රතිසන්ධි සිත, විඤ්ඤාණය යි. එතකොට අවිද්‍යාවයි, අතීත ජීවිතේ මරණාසන්න වේලාවේ සංස්කාර පහළ වෙලා, ප්‍රතිසන්ධි විඤ්ඤාණය ඔහුට පහළ වුණා. මව් කුසේ දී ප්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පහළ වෙන්නෙ කොහොම ද? දැන් මේ සිත කියන එක පහළ වෙන්නේ කොහොම ද? එය හරියට ම කියනවා නම් මේ වගෙයි. කූඩැල්ලා තැනක් අත අරින්නෙ තව තැනක් අල්ලගෙන නේ. ඒවගේ ම තමයි ඊළඟ චිත්තක්ෂණයේ දී ප්‍රතිසන්ධි ලබනවා කොහේ හරි. මේ චුතියයි ප්‍රතිසන්ධියයි අතර අන්තරා භවයක් නැහැ.

උතුම් සරණ

සීහළවත්ථු කතා:

ඈත අතීතයේ රුහුණු දනව්වේ දීඝායු (දීඝවාපි මහා සෑය) නමින් මහා සෑයක් විය. ඒ සෑය මුදුනේ නංවා තිබු කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් එක්තරා ගොවියෙකුගේ ගොයම් කෙතකට වැටුණි.
දිනක් මේ කුඹුරු හිමියා අස්වැන්න බැලීමට කුඹුරේ ඇවිදින කල්හි ඒ කොඩිය දැක එහි ලියා තිබූ අකුරුවලින් දීඝවාපී මහා සෑයේ කොඩියක් බව දැන දැනම එය වෙන්කොට නො තබා එයට ගෞරව නො කොට ලෝභ සිතක් ඇතිව ශරීරය වටා කොඩිය ඔතාගෙන ගියේ ය.
ඔහුගේ ආයුෂ ගෙවුණි. මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු පේ‍්‍රතයෙක් ව උපන්නේ ය. දැවෙන ශරීර ඇති පේ‍්‍රතයා බෝපිටිය නම් ගමට ආයේ ය. පිණ්ඩපාතිකව ජීවත්වන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඟිලි බැඳගෙන දුරින් සිටියේ ය. ඔහු දුටු තෙරණුවෝ
”නුඹගේ මුලු සිරුර ලෝහ තහඩුවකින් වෙලා ඇති පරිදි වැසී ඇත. ගිනි පැහැයෙන් යුතු ය. මෙහි සිටින නුඹ කවරෙක් ද?”
”ස්වාමිනි, මම යකඩ තහඩු දහසකින් ආවරණය වූ ශරීරයකින් හැමවිටම දැවෙමින් සිටින පේ‍්‍රතයෙකි”
”නුඹ විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙන්නේ ද?”

සෑම ගෘහයක් ම නිවසක් ද ?


 මුදල් තිබෙන ඕනෑ ම කෙනකුට ගෘහයක් හදාගැනීමේ හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් නිවහනක් හදාගන්න එහෙම බැහැ. ආදරය, සෙනෙහස, දයාව, අන්‍ය අදහස්වලට ගරුකිරීම, ඉවසීම වැනි උතුම් යහපත් සිරිත් නිවසක් තුළ තිබිය යුතු යි. ගෘහ මන්දිරයක හා නිවස අතරේ තිබෙන වෙනස එයයි."

මනා ගෘහ පාලනය පිළිබඳ බුදු දහම කරුණු දක්වන්නේ කෙසේද? යන්න පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. සාමාන්‍යයෙන් ගෘහ මූලිකයා පිරිමියා වුව ද, නිවසෙහි නායකත්වය හිමි වන්නේ ස්ත්‍රියට යි. නායකත්වය බලෙන් ලබාගන්න යනවාට වඩා ඉබේ ම ලැබෙන ලෙසට කටයුතු කළ යුතු යි. අම්මාගෙන් ගෙදරට ලැබෙන සේවය අනුව ඇයට එහි නායකත්වය හිමි වෙයි.

තමන් කරන වැඩ කොටස සේවය ලෙස හැඳින්විය හැකියි. මෙම සේවය විෂයයෙහි මඟ පෙන්වීමක් කළ හැකිවීම සුවිශේෂී ලක්ෂණයක්. ගෙදර අන්තිමට ම නින්දට යන තැනැත්තී අම්මා විය යුතු බවට බුදුදහම අවධාරණය කරන්නේ එම නිසාම යි. විවාහක කාන්තාවක් විශේෂයෙන්ම තමන්ගේ ඇවතුම් පැවතුම් හා කතාබහ පිළිබඳ ව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. තමා කරන කියන දෙය පිළිබඳ ව පුර්වයෙන් සිතිය යුතු යි. නිවසෙහි ස්වාධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ද, නිවසෙහි ආරක්ෂාව තහවුරුවීම සඳහා ද එය බෙහෙවින් ඉවහල් වෙයි .

වාසය කිරීමට සුදුසු ප්‍රදේශයක් නොවූ තැන .


සදාචාරාත්මක වශයෙන් නිසි මඟපෙන්වීමක් හා අනුශාසනයක් නොවූ නිසා තමා පාපයට යොමුවුණු බව ඇය සඳහන් කරයි. ඇය වාසය කළ ගම පතිරූපදේශයක් නොවේ. මිථ්‍යා දෘෂ්ටික මිනිසුන් බහුල ප්‍රදේශයකි. පතිරූපදේශ වාසය මංගල සම්මත ය. එය දෙලොව දියුණුවට හේතු වේ. එසේ ම වරදින් නිදහස් වීම ට සදාචාරාත්මක මඟපෙන්වීමක් හෝ අනුශාසනයක් අවශ්‍ය වේ. එය ලොකු කුඩා සියලු දෙනාට ම වලංගු වේ."

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි මගධයේ “ඉට්ඨකාවතී” නම් ග්‍රාමයෙහි විසූ එක්තරා ප්‍රේතියක් අරභයා මෙම කථාව දේශනා කළහ.

මගධ රටෙහි “ඉට්ඨාවතී” හා “දීඝරාජී” යනුවෙන් ගම් දෙකක් විය. එහි වාසය කළ බොහෝ දෙනෙක් පවට නැඹුරු වූ අදහැමි පුද්ගලයෝ වූහ. ඉට්ඨකාවතී නඟරයෙහි වාසය කළ එක්තරා කාන්තාවක් නිතර පණුවන් හා පළඟැටියන් මරමින් බොහෝ පව් සිදු කළ අතර එම පාප කර්මයේ විපාක වශයෙන් ඇය මරණින් පසුව ප්‍රේත ලෝකයෙහි උපන්නා ය.
ප්‍රාණ ඝාතය හේතුවෙන් ප්‍රේත ලෝකයෙහි උපන් ඇය වසර පන්සියයක් මුළුල්ලේ බඩසයින් පෙළෙමින් අපමණ දුක් වින්දා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉට්ඨකාවතී ග්‍රාමයේ එක්තරා කුලයක දැරියක් ව ඉපිද සත් හැවිරිදි වියට පත්ව ගම්වාසී සෙසු දැරියන් සමඟ පාරතොටේ සෙල්ලම් කරමින් කාලය ගත කළා ය. මේ අවදියේ සැරියුත් මහ රහතන් වහන්සේ එම ග්‍රාමය ගොදුරු කොට පිහිටි අරුණවතී විහාරයේ වැඩ වාසය කළහ.

සිරිතට අනුව පිරිතට ආරාධනා කිරීම

පිරුවානා පොත් වහන්සේ

පිරුවානා යන වචනයෙහි තේරුම කටපාඩම් කරන යන අදහසයි. මෙහි ඇති සූත්‍ර අනිවාර්යයෙන් ම පැවිදි වීමට පෙර වාචෝත්ගත කරගත යුතු බව අතීතයේ පිළිගත් මතයයි. අනුරාධපුර ජේතවනාරාම ශි්ලා ලේඛනයක ‘මහණ කරත් පිරිත් සතර බණවර පිරියත් වූවන් මහණ කරනු ඉසා’ යන්නෙන් සතර බණවර කටපාඩම් අය පමණක් පැවිදි කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
බණවර සතරකින්, සූත්‍ර විසිදෙකකින් සැදුම් ලත් වර්තමානයේ භාවිතයට ගන්නා පිරිත් පොත් වහන්සේ මහා විහාර භික්ෂූන්ගේ අභිමතය පරිදි සකස් කළ බව සඳහන් වේ.
අතීතයේ දී ලංකාවේ භික්ෂු සම්ප්‍රදායන් දෙකක් දක්නට ලැබිණ. එක් සම්ප්‍රදායක් වන්නේ විදර්ශනා ධූරය සපුරමින් වහ වහා විමුක්තිය පසක් කර ගැනීමට ප්‍රයත්න දැරූ පිරිසයි. දෙවන කණ්ඩායම වන්නේ ගිහි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරමින් තමන් ද විමුක්තිය සලසා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ පිරිසයි.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී, ගිහි උපාසක උපාසිකාවන්ගෙන් සිවුපසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ ගිහියන් උදෙසා යුතුකම් හයක් ඉටු කළ යුතු බව දක්වා තිබේ. ඒවා නම්,
පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කලණ සිතින් අනුග්‍රහ දැක්වීම, නොඇසූ විරූ දහම් ඇස්සවීම, අසා ඇති දහම් පිරිසුදු කරවීම, සුගතියට මග කීම, යනාදී කාර්යයන් වේ. බුදුරදුන්ගේ මෙම උපදේශය මැනවින් වටහාගත් ග්‍රන්ථධූරය දැරූ භික්ෂූන් වහන්සේලා ගිහි ජනතාවට ලෞකික ජීවිතයේ විවිධ ගැටලු සංසිඳුවාගෙන උසස් ජීවන තත්ත්වයකට ළඟාවීම සඳහා ඇවැසි ආශිර්වාදයන් නො අඩුව ලබාදීම සඳහා වර්තමාන පිරුවානා පොත් වහන්සේ ක්‍රමානුකූලව සකස් කළ බව හඳුනාගත හැකි ය.

ශ්‍රමාභිමානවත් දැහැමි ජීවිතය

සසර වූ කලී සරු බිමක් නොව නිසරු බිමකි. සැප ඇති තැනක් නොව දුක් ඇති තැනකි. සියලු දේ දුක මතම පිහිටා ඇති බව ‘දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ” යන්නෙන් පැහැදිලි වේ. සසර වසනාතාක් දුක ම විඳිය යුතු අතර සසරින් එතෙර වීම ම සැපත වශයෙන් බුදුදහමේ මූලික ඉගැන්වීමයි. අප සැප යයි ගන්නා සියලු දේ හි ම වන්නේ දුකම ය. එය බුදු දහමේ යථාර්ථයයි.
එසේ වූවද සැපක් ගැන කතා නොකරන දහමක් නොවන බව බුද්ධ දේශිත කරුණුවලින් සනාථ කළ හැකි ය. ඒ අනුව ගිහියා විඳින සැප මෙන්ම පැවිද්දා ලබන සැප විසිහතරක් ගැන සඳහන් වේ.

ගිහි සුවය, පැවිදි සුවය නමින් හඳුන්වන්නේ සැනසීමයි. සතුටුවීමයි. මෙහිලා ගිහියා විඳින සුවයට වඩා විශාල සුවයක් පැවිද්දා විසින් විඳිනු ලබයි. එම සුඛය නම් නෙක්ඛම්ම සුඛයයි. හෙවත් නිරාමිෂ පී‍්‍රතියයි. ගිහියා විඳින්නේ සාමිෂ පී‍්‍රතියයි. සාමිෂ පී‍්‍රතිය වූ කලි තාවකාලික ය. පැවිද්දාගේ සැපය සදාකාලික ය. එනම් පස්කම් සුවය විඳීමෙන් ඈත් වීම ය. හෙවත් අත හැරීමේ සැපයයි. එය ‘නත්ථි සුඛය’ හෙවත් නැත යන සැපය ලබයි. මව්පියන්, නෑදෑ හිතමිතුරන්, ධනය, වස්තුව, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් ආදියෙන් වෙන්වීමෙන් හෙවත් අත හැරීමෙන් යුතුව කිසිවෙකුට, කිසිවකට කිසිදු බැඳීමකින් තොරව, තමාට තමාවත් නොමැති බව සිතා බ්‍රහ්මචාරී හෙවත් උත්තම ජීවිතයක් ගත කිරීමයි. පැවිද්දාට ඒ නිසාම බලාපොරොත්තු කියා දෙයක් නැත. එබැවින් ජීවිතය අල්පේච්ඡ ය. අපිස්ය, චාම් ය. සැහැල්ලුය. (අප්පකිච්ච, සල්ලහුකවුත්ති) දැමුණු ඉඳුරන් ඇත්තේ ය. ලෙහෙසියෙන් පහසුවෙන් පෝෂණය කළ හැක්කේ ය. එබැවින් උන්වහන්සේ කිසිවකට නොඇළෙන්නෙකි. මෙවැනි ලක්ෂණයන්ගෙන් පිරිපුන් පැවිද්දා විඳින්නේ පැවිදි සුවයයි. එම සුවය අන් සියලු සැපයන්ට වඩා උතුම් ය. එය එසේ වුවද ගිහියාට ඒ සියල්ල අතහැර ජීවිතයක් ගත කළ නොහැකි ය. එසේ අපේක්ෂා කිරීම සාවද්‍ය ය. එබැවින් ගිහියාට අයත් සැප දැන ගත යුතු ය. දැනගෙන එය විඳිය යුතු ය. මේ අනුව ගිහියා විඳින සැප හතරක් ගැන සඳහන් වේ. අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය වශයෙන් ඒ සැප හතර දැක්වේ.

අලසකම විනාශයේ මුල යි

යමක වග්ගය 07-08

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීනවීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං’ව දුබ්බලං
ජීවිතයේ සුභ පක්ෂය
බලමින් නො දමා ඉඳුරන්
පමණ නොදැන භෝජනයෙහි
කුසීත වී බෙල හීනව
විසුවොත් වනසයි මරුවා 
සැඬ පවනින් මහ තුරු මෙන්

සේතව්‍ය නුවර අසල වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා යුග්මය මහා කාල සහ චූල කාල යන සහෝදරයන් දෙදෙනා අරබයා දේශනා කළහ.
සේතව්‍ය නුවර චූල කාල, මජ්ක්‍ධිම කාල හා මහා කාල නමැති සහෝදරයෝ තුන් දෙනෙක් විසූහ. වැඩිමලා හා බාලයා වූ මහා කාල හා චූල කාල ගැල් රැගෙන ඈත දුර ප්‍රදේශ වලට ගොස් කරත්ත පන්සියයක් පුරාම විවිධ වෙළෙඳ භාණ්ඩ රැගෙන එති. මජ්ක්‍ධිම කාල මේවා නිවසේ තබා ගෙන වෙළෙඳාම් කරයි.
මෙසේ ගිය එක් වතාවක ගැල් පුරා විවිධ වාණිජ භාණ්ඩ පුරවා ගෙන සැවැත් නුවර බලා එන අතර සැවැත් නුවරත් ජේතවනාරාමයත් අතර කරත්ත මුදා විවේක ගත් හ. එදින සන්ධ්‍යා භාගයෙහි සැවැත් නුවර වැසියන් මල් දම් හා සුවඳ ද්‍රව්‍ය ඇතැතිව දහම් ඇසීම පිණිස යනු දුටු මහා කාල ‘ඔබ මේ කොහි ද යන්නේ?’ යි ඔවුන් ගෙන් විමසා බණ අසන්නට යන බව දැන ‘මමත් යන්නෙමි’ යි ඉටා ගත්තේ ය. තම මලණුවන් ඇමතූ හේ ‘මල්ලී කරත්ත ටික බලා ගන්න. මා බණ අහන්නට යනවා’ යි පවසා විහාරස්ථානයට ගොස් බුදුරදුන් වැඳ ධර්ම ශ්‍රවණය පිණිස හිඳ ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එදින දුක්ඛ සත්‍යය විවරණය කරමින් කාමාස්වාදයෙහි ආදීනව පැහැදිලි කරමින් කළ ධර්ම දේශනාව ඇසූ මහා කාල සසර කලකිරී පැවිදි විය.

මහා කාල පැවිදි වූ පුවත ඇසූ චූල කාල ද පැවිදි විය. එහෙත් ඔහු පැවිදි වූයේ කෙසේ හෝ සිය සොහොයුරා ද සමඟ ආපසු ගිහිගෙට ගෙන එන අරමුණෙනි.

පිසුණු බසක් නොකියමු



පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි එක්තරා කුලපුත්‍රයෝ දෙදෙනෙක් කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදි ව සමගියෙන් විසූහ.
මෙසේ පැවිදිව වාසය කරන කල එක්තරා පවිටු දුර්ගුණ අදහස් ඇති භික්ෂුවක් මේ දෙදෙනා වහන්සේ වෙත පැමිණ පිළිසඳරෙහි යෙදී, පසුදා මේ දෙදෙනා වහන්සේලා සමඟ පිඬු සිඟා වැඩි සේක. මෙසේ පිඬු සිඟා වැඩි ආගන්තුක භික්ෂුව මේ ගොදුරු ගම්මානය ඉතා හොඳ යැයි ද, එලෙස ම උවැසි උවැසියන් ද ඉතා සද්ධාසම්පන්න යැයි ද මෙම ගමෙහි වාසය කිරීම හොඳ යැයි ද සිතී ය.
දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ තම උවැසි උවැසියනට ධර්ම අවවාද අනුශාසනා කොට නිම වූ කල්හි ටික වේලාවකට පසු මෙම ආගන්තුක භික්ෂුව පැමිණ “ ඔබ වහන්සේගේ අතවැසි ගෝලයෝ ඔබ වහන්සේගේ අගුණ කියති’යි යැයි පවසා භේද කළේ ය.
පසු දා මෙම ආගන්තුක භික්ෂුව පිඬු සිඟා වැඩි සේක. ඒ අවස්ථාවේ දී උවැසි උවැසියන් විසින් අනික් තෙරුන් දෙනම කොහි ගියෝ දැයි විමසූහ. එවිට පෙර දින මුළු රැයෙහි ම ඔවුනොවුන් කලහ කරගත් බව කී ය. තමා ඔවුන්ගේ අවවාද නො අසා බැහැර ගිය බවත් පැවසී ය. ඒ ඇසූ ගම්වැසියෝ ඒ භික්ෂූන් වහන්සේ ගෙන්වා තමනට අනුකම්පා කොට එම ගමෙහි වාසය කරන ලෙස අයැද සිටියහ.

Thursday, April 19, 2018

සිත දියුණු කිරීමෙන් ලැබෙන ශක්තිය අසීමිතයි

බුදුසරණ පත්‍රයේ සතිපතා පළවූ මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් අවසන් වෙයි. අද පළ වන්නේ මරණානුස්සති භාවනාවේ සාරාංශ ගත කිරීමකි. සති ගණනාවක් පළවූ මෙම ලිපි එකතුවෙහි මරණානුස්සති භාවනාවේ උපුටා ගැනීම් සජ්ඣායනා කර මෙනෙහි කර තම තමා ම මරණසතිය යනු කුමක්දැ’යි දැනුවත් වුණා.

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ, අනුදැන වදාළ මරණසතිය දියුණු කළ යුතු යි. බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක මරණසති භවනාව පිළිබඳ වදාළා. විශුද්ධි මාර්ගයේ ග්‍රන්ථයක මරණසති භාවනාව පහදා දුන් සේ දීර්ඝ වශයෙන් සඳහන් කළා. කවුරුත් මේ ගැන හසල දැනුමකින් සිත වැඩීම නම් වූ භාවනාව දියුණු කළ යුතු යි. විශේෂයෙන් භාවනාවෙන් ඇලීම ගැටීම දෙක තුරන් වෙයි. තණ්හාව සහ තරහව විශේෂයෙන් දුරු කර ගත හැකි යි. ඕනෑම කෙනෙකුට අවශ්‍යම කරන දෙයක් වන්නේ නොඇලී නොගැටී වාසය කිරීම යි. එසේනම්, ඒ සැමටම ඉතා ප්‍රයෝජනවත් ම භාවනාව ලෙස ධර්මයේ සඳහන් වන්නේ මරණානුස්සති භාවනාව යි.
මරණසති භාවනාව සමථ භාවනාවකි. එය ධ්‍යාන තත්ත්වයට ගෙන යන්නට පුළුවනි. ‘ජීවිතය අනියත යි. මරණය නියත යි.’ යන වදන් පෙළ දහස් වර දස දහස් වර මෙනෙහි කරද්දී තමාගේ චිත්ත සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන අවස්ථාවට ගෙන යන්නට පුළුවනි. ඒ මරණ සතිය ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නත් පුළුවනි. එය හඳුන්වන්නේ විදසුන් නුවණ ලෙස යි. සෑම භාවනාවක ම අවසානය විදර්ශනාවට හැරීමෙන් මාර්ග ඵල අවස්ථාවට සමීප වෙයි. ඒ ගැන හොඳින් වටහාගෙන කවුරුත් බුදුසරණ පත්‍රය මඟින් සති ගණනාවක් පහදා දුන් මේ භාවනා ක්‍රමය හොඳින් දියුණු කළ යුතු යි.
ගමේ විහාරස්ථානයේ සිල් ගන්නා ඇත්තන්ට ද මේ ගැන පහදා දී ඒ අයත් මරණසති භාවනාවේ යොදවන්න. එවිට තමන් දන්නා භාවනා දැනුම, අභ්‍යාසය තව බොහෝ දෙනා අතරට පත් වූවිට තමන්ටත් ඉමහත් පිනක්.
බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ, භාවනාව පිළිබඳව බොහොම වැදගත් ආකාරයෙන් පහදා දෙන්නේ. එය සම්‍යයක් නුවණ දියුණු කරන භාවනාවක්. වැරැදි මත කිසිවක් නැහැ. නිවනට යන අරමුණින් ම මේ භාවනාව දියුණු කළ යුතු යි. සිත දියුණු කරගැනීමෙන් තමන්ට ලැබෙන ශක්තිය මෙපමණ’ යි යනුවෙන් සීමාවක් සිතන්නට බැහැ.

පුණ්‍ය නිධානය

පින්කම් තුනක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ලෙසින් හැඳින්වෙන ඒවා නම්, දානය, ශීීලය , භාවනාව ය. එහි පළමුවැන්න දානයයි. බෞද්ධයා ට ඉතාම හුරුපුරුදු හා නිතර කරනු ලබන පින්කම ද දානය යි.දානයට බුදුදහමේ සුවිශේෂී තැනක් හිමි වේ. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතාවන්හි පළමුවැන්න දානයයි. සතර සංග්‍රහ වස්තුවල ද, දසරාජ ධර්මවල ද, දස පුණ්‍ය ක්‍රියාවන්හි ද පළමුවැන්න දානය යි. ත්‍රිපිටකයේ මෙන් ම එහි අට්ඨ කතා ආදියෙහි ද වෙනත් බෞද්ධ ප්‍රකරණ ග්‍රන්ථවල ද, දානය පිළිබඳ නොයෙක් විස්තර මෙන් ම දානිශංස ද, ඒ හා බැඳුණු කතා ද විසීරී තිබේ. බෞද්ධයන්ගේ පින්කම් අතර දානයට මුල්තැන හිමි වී ඇත්තේ මේ හේතු කොටගෙන ය.
දානය වශයෙන් කුමක් අදහස් කෙරේ ද? සරලම පිළිතුර නම්, දානය නම්, දීම ය යන්න ය. පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත් , බලු කපුටු ආදී තිරිසන් ගත සත්ත්වයන්ටත් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම යි . පූජා බුද්ධියෙන් දන්දීම උසස් ලෙස ද ,දැඩි ආනිශංස දායක පින්කමක් ලෙස ද, සැලකේ. දානය විවිධ කොටස්වලට බෙදා දැක්විය හැකි ය. මුලින්ම දානය කොටස් තුනකට බෙදිය හැකි ය. ආමිස දානය , ධර්ම දානය හා අභය දානය යනු එම කොටස් තුනයි. පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් ආහාරපාන, වස්ත්‍ර, මල් පහන් ,ගිලන්පස ,සුවඳ දුම් ආදී පූජාවන් අයත් වන්නේ ආමිස පූජා කොටසට යි. ධර්මදේශනා පැවැත්වීම, ධර්ම ශ්‍රවණයට පහසුකම් සලසාදීම, දේශකයන්ට පුජා පැවැත්වීම, දහම් පොත පත ප්‍රචලිත කිරීම, ධර්මශාලා ඉදිකිරීමට දායක වීම ආදිය ධර්ම දාන කොටසට අයත් වේ. ජීවිත දානය හෙවත් මරණයට කැපවූවන්, එයින් නිදහස් කිරීම අභයදානය ලෙස සැලකේ. ත්‍රිවිධ දානය අතරින් ධර්ම දානය උසස්ම දානය බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක . සබ්බ දානං ධම්ම දානං ජිනාති යනු එහි දේශනා පාඨයයි.

සිත පුදුම සහගත ය, කළ හැකි දේ බොහෝම ය

මනස’ මිනිස් වර්ගයාට පමණක් සීමා වූවක් නොවේ. දේව, භූත ආදී ජීවිත ගත කරන අයට ද මනසක් ඇත. එහෙත් වෙනසක් තිබේ. ‘මනස’ දියුණු කර ගැනීමේ හැකියාව මිනිසා සතුවීම ය. මිනිස් සිත සතු වන්නේ පුදුමාකාර බලයකි. ශක්තියකි. හැකියාවකි. එහෙත් එය තේරුම් ගෙන ඇත්තේ සුළු පිරිසක් පමණි. සිත දියුණු කිරීමේ අග්‍රම ඵලය ලෙසින් උතුම් සම්මා සම්බුදු පදවිය ලබන්නට පුළුවන. රහත් බව ලබන්නට පුළුවන. ධ්‍යාන ලැබීමට ද, බ්‍රහ්මලෝකවල ඉපදීමටත්, සුවිශේෂී හැකියාවන් ලබා ගැනීමටත් පුළුවන.
මෑතක් වනතුරුම බටහිර චින්තකයින් ප්‍රකාශ කළේ ‘මනස’ යනුවෙන් සුවිශේෂී දෙයක් නොමැති බව ය. එය ශරීරයෙන් උපදින ක්‍රියාකාරීත්වයක් පමණක් බව ය.
සාමාන්‍ය අධ්‍යාපනය තුළින් ගණිතය, විද්‍යාව, කලා ශිල්ප ආදී විෂයයන් උගෙන, උගත් ලෙස දියුණුවක් ලැබුව ද, ඔහු මානසික වශයෙන් දියුණුවක් ලැබ ඇතැයි නිශ්චිතව කිව නොහැකි ය. බෞද්ධ සාහිත්‍යයෙහි එන චුල්ලපන්ථක හිමියන්ගේ කතා පුවත උදාහරණයකි. නුවණ මද අයෙකු ලෙස සලකා ගුරුහිමියන් විසින් චුල්ලපන්ථක හිමියන්ට ආපසු ගෙදර යන ලෙස දන්වනු ලැබී ය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම අනුව ක්‍රියාත්මක වීම තුළින් මනස උපරිම මට්ටමට පත්කර ගැනීමට උන්වහන්සේට හැකි විය. මෙය සිදු වූයේ කෙසේ ද? චුල්ලපන්ථක හිමියෝ පෙර බුදුවරුන්ගෙන් පවා ධර්මය අසා දැන සිටියහ. ඒ අසා දැනගත් ධර්මය උන්වහන්සේ තුළ සැඟවී පැවතිණි. ඒ දැනුම නැවත මතු වූයේ බුදුහිමියන් පෙන්වා දුන් ක්‍රමෝපාය තුළිනි. පෙර ලද දැනුම ආවරණයකින් වැසී තිබුණ ද යෙදූ උපාය මාර්ගය නිසා එය ඉවත්විණි.


මිනිසා යනු පූර්ව ආත්මවල ලබාත් ඇති විවිධ දක්ෂතා, කුසලතා හැකියාවන් නැවතත් ලබා ගන්නට සමත් අයෙකි. පූර්ව ආත්මවල හුරු පුරුදුකම්, ගති පැවතුම්, සිරිත් විරිත් බොහෝ විට මේ ආත්මයටත් උරුම වනු ඇත. මේ ආත්මයේ දී ඒවා ප්‍රකට වීමට අවස්ථාව උදාවුවහොත්, එසේත් නැතිනම් ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් යෙදුණේ නම්, නැවත් ඒ ගති ලක්ෂණ මතුවනු ඇත. බුදුදහමෙහි එන විවිධ චරිත අධ්‍යයනය කරන විට ඒ බව සනාථ වනු ඇත.

තිසරණ සමාදානයෙහි වටිනාකම

බුද්ධිමත් ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇති බෞද්ධයන්ට මේ ලෝකයෙහි වටිනාම රත්න තුන ලැබී ඇත්තේ ය.එනම් උතුම් වූ බුද්ධ රත්නයත්,නව ලොව්තුරා ධර්ම රත්නයත්,ආර්ය මහා සංඝ රත්නයත් යන රත්නත්‍රයන් ය. ශ්‍රද්ධාවන්ත වූ සැබෑ බෞද්ධයා මෙකී රත්නත්‍රයේ සරණ හැර වෙන සරණක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකරයි.
“නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං (මට බුදුන් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං (මට දහම් සරණ හැර වෙන සරණක් නැත.)” “නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං (මට සඟුන් සරණ හැර වෙන සරණක් නැත.) මෙලෙස තෙරුවන් ගුණ සමුදාය නිතර මෙනෙහි කරමින් තිසරණ සමාදන් වන සැදැහැතියන්ට නිවන් දකින තෙක් සසර පුරා අපාගත වීමක් නොමැත.
යමෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිහිට කොට, සරණ කොට වාසය කරයි නම්, ඒ අය සුගති පරායනය වෙති. “මානුසං දේහං දේවකායං පරිපූරෙස්සන්ති.” අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ‘සරණගමනීය’ නම් හිමි නමක් ‘නිසඟ’ නමැති හිමි නමකගෙන් තිසරණය සමාදන් විය.එලෙස හිත පහදා ගනිමින්, තැන්පත් සිතින් තිසරණ සමාදන් වූ පිනෙන් අසූවාරයක් සක් දෙවිඳුව ඉපදීමටත්, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වීමටත් ,අවසන අප ගෞතම බුදු සසුනෙහි හත් අවුරුදු වියෙහිදීම රහත් වීමටත් ඒ උතුම් වූ පින හේතු වූ බව දහමේ දකින්නට ලැබේ.

Monday, April 2, 2018

කරණීය මෙත්ත සූත්‍රය


" යම් කාර්යයක් ආතතියෙන් තොරව නිම කිරීමට ඒ සඳහා කුසලතා වර්ධනය කරගත යුතුය. නිපුණත්වයට පත්විය යුතුය. අප රැකියාවේ හෝ ක්‍රීඩාවක නියැළෙනවානම් නිතිපතා පුහුණූු විය යුතු ය. නමුත් පුහුණුවන්නේ ඉතා අඩුවෙන් නම් එහි ප්‍රතිඵලය ආතතියයි."
ආතතිය අද දවසේ අපට නිතර අසන්නට ලැබෙන වදනකි. මේ ආතතිය නිසා වර්තමානයේ බොහෝදෙනා පීඩා විඳීන බව අපි දනිමු. යම් කෙනෙක් ආතතියට පත් වෙන්නේ බාහිර ලෝකයේ සිදුවන සිදුවීමකට හෝ එම සිදුවීම නිසා සිතේ ඇතිවන සිතිවිලිවලට නිසි ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූ විටය .
අද දවසේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන පිරිසගෙන් 60% වඩා වැඩි පිරිසක් ලෙඩ නිවාඩු ලබාගන්නේ ආතතිය නිසා ඇතිවූ ශාරිරික හා මානසික ව්‍යාකූලත්වය නිසා බව පර්යේෂණ මගින් සොයා ගෙන අත. ආතතිය නිසා අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැඩිවීමේ අවදානම වැඩි බවත්, සොයා ගෙන ඇත. එසේ නම් බාහිර ලෝකයේ සිදුවන සිදුවීම්වලින් අපේ ශාරිරික, මානසික සමතුලිතතාවය නොසැලී පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද?
මීට වසර 2500 ට පෙරදී බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා කදිම පිළිතුරක් ලබාදී තිබේ. මේ පිළිතුර ඇතුළත් දේශනාව කරණීය මෙත්ත සූත්‍රය නමින් හැඳින්වේ.

සංසාර දුක දිය සුළියක් සේ ය


වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 19



තථාගතයන් වහන්සේ පටිච්ච සමූප්පාදය දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන් භව තුනක් සම්බන්ධ කරගෙනයි. එනම් අතීත භව වර්තමාන භවය හා අනාගත භවයයි අතීත භවයට අයත්වෙනවා. ක්ලේශ වට්ටය සහ කම්ම වට්ටය, අවිජ්ජා කියන්නේ ක්ලේශ වට්ටයටයි. සංඛාර කියලා කියන්නේ කම්ම වට්ටයටයි. දිය සුළියක් වගේ දේකට කෙනෙක් අසුවුණොත් මොකද කරන්නේ? බේර ගන්නට බෑ. දිය සුළියෙන් ඇදගෙන ඇතුළට යනවා.
මේ සංසාරයත් දිය සුළියක් හා සමානයි. වට්ට කියා කියන්නේ ඒ නිසයි. එහෙනම් මේ සංසාර දුක, සංසාර ගමන දිය සුළියක් හා සමානයි. දැන් අපේ හිතේ ඇතිවෙනවා ක්ලේශ වට්ටය. අතීත වශයෙන් ගිය ආත්මේ ඇතිවුණා ක්ලේශ වට්ටය. ඊට පස්සේ ඇතිවෙනවා කම්ම වට්ටය.

ක්ලේශ වට්ටය පැහැදිලි කිරීමේ දී අවිජ්ජා, තණ්හා, උපාදාන යන හේතු තුනක් නිසා තමයි අපි සංඛාර එකතු කරගන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, තණ්හාව කියන්නෙ ආශාව, උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. අවිද්‍යා, තණ්හා, උපාදාන යන මේ ක්ලේශ වට්ටය නිසා තමයි කර්මය රැස්කරන්නේ. ඒවා සංඛාර කම්මයි. සංඛාර කියන්නෙ කුසල අකුසල චේතනා. ඒ නිසා ඇතිවෙන කර්ම ශක්තියට කම්ම කියා කියනවා. අන්න ඒකට අපි කම්ම වට්ට කියා කියනවා. දැන් බලන්න අපේ බුද්ධ ශාසනයේ සිටියා සුමනා රාජ නමින් කුමාරිකාවක්. කවුද සුමනා රාජකුමාරිකාව කියන්නේ? කොසොල් මහ රජ්ජුරුවන්ගේ දියණිය. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී මෙතුමියගේ තාත්තා සිටුවරයෙක්. නමුත් තාත්තා මිය ගිහින්. විපස්සි බුදුරජාණන් වහන්සේ ඇතුළුකොට ඇති හැට දහසක් මහා රහතන් වහන්සේලා එදා නුවරට පිණ්ඩපාතයේ වඩිනවා.

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

බුදුසරණ පුවත්පතෙහි 2015. 04. 03 වනදා පළවූ මෙම ලිපිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරන්දර ව වැඩ විසූ ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි




වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.
ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදා ගන්නේ ඒ අනුව යි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිට ම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසි ජනතාව පුරුදු පුහුණු වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණු වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැතිනම් ඉස්කෝලේ මහත්තයා, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.

Friday, March 9, 2018

වපුරන්නේ යම් දෙයක් ද අස්වැන්න ද ඒ අනුව ය

ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, නිබඳව ම සිහි කළ යුතු කාරණා තුනක් ගැන බුදුන් වහන්සේ දේශනා කර වදාළා. එය සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පාන සූත්‍රයේ ය.


පළමුව උදේ සවස මෙසේ සිතන්නට කියනවා ‘මම කර්මය ස්වකීය කරගත් අයෙක් මි.(කම්මස්සකො හි)’ මම කර්මය දායාදය කර සංසාරයේ ගමන් කරන්නෙක් මි.(කම්ම දායාදෝ)’ මම කර්මය පිළිසරණ කරගත් අයෙක් මි. (කම්ම පටිසරණො)’ මට සිටින එකම ඥාතියා එකම නෑදෑයා මා රැස්කර ගත් කර්මය යි.( කම්ම බන්ධු)’, කර්මය මත යි මා උප්පත්තිය ලබා තිබෙන්නේ. ( කම්ම යෝනි)’ මනු ලොව ද , දෙව් ලොව ද , අපායෙහි ද මේ උපත තීරණය වන්නේ මා පෙර රැස්කරගත් කර්මය අනුව යි.

නොබියව මුහුණ දිය යුතු ය



බුදුසරණ පත්‍රයේ සතර පෝයදාටම පළවන මරණසති භාවනාව කවුරුත් හොඳින් කියවා, ඉගෙන ගත යුතුයි. ඇතැමුන් මරණසති භාවනාවට බොහොම බිය යි. එයට බිය විය යුතු නැහැ. පුළුවන්තරම් සිහි නුවණින් ම මරණ සති භාවනාව දියුණු කළ යුතු යි.
මරණානුස්සති භාවනාව තමන්ගේ මෙලොව යහපත සලසා ගැනීමට විශේෂයෙන් මහෝපකාරී වෙයි. තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මද මාන්න ආදිය මරණසති භාවනාවෙන් අඩු වෙයි. එලෙස ම තම ජීවිත වාසනාවන්ත බවට පත් කරගත හැකි යි. උසස් ධර්ම කරුණු වන කරුණාව, මෛත්‍රිය, දයාව , අනුකම්පාව, අවිහිංසාව ආදිය දියුණු කළ යුතු යි. උසස් ගුණයෙන් සීල, සමාධි, ප්‍රඥා දියුණු කළ හැකි යි. සප්ත විශුද්ධි ධර්මයන් හොඳින් දියුණු කර සිත හොඳ තත්ත්වයකට ගෙන එන්නට පුළුවනි. මරණයට නිර්භීතව මුහුණ දිය හැකි යි. හොඳින් පින් කළ අය මරණයට බිය නැහැ. මරණයට භය වන්නේ පිනක් දහමක් නොකර, සතුන් මරාගෙන, සොරකමේ යෙදෙමින්, අධර්මිෂ්ඨව ජීවත් වන්නන් ය. දරුණු පව් කරන්නන් දින ගණන්, මාස ගණන් , සති ගණන්, දුක් විඳ කෑගසා මැරී අපාගත වෙයි.
එක්තරා තැනැත්තෙක් මරණාසන්නව සත් දිනක් ම නොනවත්වා ම කෑ කෝ ගැසුවා. වේදනා නාශක එන්නත් කළත් කෑගැසීම අඩුවක් නැහැ. පවසන්නෙම දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා යනුවෙනි. ඒ තැනැත්තා ජීවත්ව සිටිනතාක් කළේ පාප කාරී ක්‍රියාවන්. අධාර්මිකව ජීවත් වුණා. මරණය යන වචනය අසන්නවත් කැමැති නැහැ. දැන් ඒ තැනැත්තා නිරා දුකට පත්වන ලකුණු පෙන්වනවා. මරණයත් සමඟ ම නරකාදියට වැටී යයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇති කරගෙන පවට බිය විය යුතු යි. පින වැඩි කළ යුතු යි. තම රැකියාව, අධ්‍යාපනය, දෛනික කටයුතු, ආර්ථික කටයුතු කරගන්නා ගමන් මරණය, අපාය, දෙව් ලොව, දුකෙන් නිදහස්ව නිවනට පත් වීමක් තිබෙනවා යැ’යි සිතිය යුතු යි. එවිට කාටවත් නොබියව , නිර්භීතව ජීවත් ව අවසන් හුස්ම හොඳින් හෙළිය හැකි යි.

ජරා මරණ උපදින සැටි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 18


ව ඇසුරු කරගෙන පහළ වන්නේ ජිව්හා විඤ්ඤාණය යි.ජිව්හා ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර රසයක් තියෙන්නට ඕනේ, මනසිකාරය තියෙන්නට ඕනේ, ආපෝ ධාතුව තියෙන්නට ඕනේ, දැන් බලන්න දිව වේළිලා නම්, වියළි දිවක් නම් රස තේරෙන්නේ නැහැ. දිවේ තෙතමනය තියෙන්න ඕන රස තේරුම් ගන්න.

‘කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං’

කාය ප්‍රසාදය තියෙන්නට ඕනේ, බාහිර ස්පර්ශ වන අරමුණු තියෙන්න ඕනේ. මනසිකාරය තියෙන්න ඕනේ. කර්මජ පඨවිය තියෙන්න ඕනේ. මොකක් ද මේ කර්මජ පඨවිය කියලා කියන්නේ. කායං ප්‍රසාදය තියෙන රූප කලාපය ගත්තොත් රූප දහයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතින්ද්‍රිය, කාය ප්‍රසාදය යන රූප දහයක මිටි තියෙන්නෙ. මේ රූප දහයේ මිටිය තුළ ඒ කලාපයට ම අයිති පඨවි යන රූපයක් තියෙනවා. මේ පඨවි යන රූපයට කියන්නෙ කර්මජ පඨවිය කියලා. කර්මයෙන් හටගත්ත රූපකලාපයක්නෙ මේ කාය දශකය කියලා කියන්නේ. ඒ කාය දශකයේ තියන පඨවියට කියනවා කර්මජ පඨවිය කියලා. දැන් මේ කර්මජ පඨවිය තිබුණහම තමයි කාය ප්‍රසාදය තුළ කාය විඤ්ඤාණය පහළ වෙන්නෙ. දැන් බලන්න, අංශභාගය හැදුණු ලෙඩෙක් ගත්තොත් ඔහුගේ එක අංශයක් පණ නෑ, අත පය පණ නැති වුණාම ඒ ඇත්තන්ට කකුලේ සංවේදිතාවය තේරෙන්නේ නෑ. ඒ කියන්නේ මොකක්ද කාය ප්‍රසාදය තිබුණට එතන පඨවි ගතිය තියනවා. නමුත් ඒවා වැඩ කරන්නේ නෑ දුර්වලයි. ඒ කියන්නේ පඨවි ගතිය හරියට වැඩකරන්නේ නෑ කියන එකයි. සිත් වර්ග හතරක් තියෙනවා.

සංවරයට උපකාරී වන සීලය

පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීමේ ආකාරය ප්‍රකාශ වන්නේ කය හා වචනය මගින් ය. එම කායික හා වාචසිකයේ සංවර බව සීලය ලෙස හැඳින් වේ. අකුසලයෙන් ඈත් වී කුසලයෙහි පිහිටීමට උපකාරි වන්නේ සීලය යි. ඒ අනුව නිර්වාණගාමී ප්‍රතිපදාවේත්, යහපත් ජීවිතයේත් පදනම වන්නේ සීලය යි. එබැවින් පුද්ගලයා නිවැරැදි ශික්ෂණයට පත්වන්නේ සීලයෙන් ය. එක් එක් ආයතනයන්, සංස්ථාවන් නිරවුල්ව පවත්වා ගැනීමට ආයතනික සංග්‍රහය ඉවහල් වේ.

එසේ යහපත් සමාජයක් පවත්වා ගැනීමට ඉවහල් වන්නේ සීලය යි. එය ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි වශයෙන් වෙන් වෙන්ව හඳුන්වා දී තිබේ. ප්‍රධාන වශයෙන් චතුපාරිශුද්ධි සීලය එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් පැවිදි පාර්ශ්වයටත් , නිත්‍ය සීලය හා උපෝසථ සීලය වශයෙන් ගිහි පාර්ශ්වයේ අභිවෘද්ධියටත් සීලය ලෙස ශික්ෂා පද වෙන වෙන ම හඳුන්වා දී ඇත.


බුදුදහම මගින් නිරතුරුව පුද්ගලයාගේ අධ්‍යාත්මික හා බාහිර අභිවෘද්ධියට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරයි. ඒ අනුව සීලය මගින්ද බලාපොරොත්තු වන්නේ එයයි. බුදුදහමින් පුද්ගලයා අර්ථාන්විත ක්‍රියා සඳහා යොමු කරන්නේ යම් ක්‍රියාවක ආදීනව ය, ආනිශංස හා නිස්සරණය හඳුන්වා දීමෙන් ය. එය මනාව හඳුනාගත් පුද්ගලයා එය තමාට අවශ්‍ය ද? අවශ්‍ය නම් ඇයි, කවර හේතුවක් නිසා ද? කෙබඳු ආකාරයෙන්ද, ආදි වශයෙන් බුද්ධිමත්ව සිතා බලයි. ඒ අනුව එළඹෙයි. අවබෝධයෙන් යමක් සිදු කළ හැකි වන්නේ එවිට ය.

Thursday, March 8, 2018

සතොසින් ඇසුවොත් මෙදහම් මනහර

"බුදුරදුන් දහම් දෙසනුයේ ශ්‍රාවකයන්ට එය දැඩිව ගැනීම පිණිස නොවේ. ඔවුනට දුකින් එතෙර වීමට මග පෙන්වනු සඳහා ය. බුද්ධ වචනයේ ධර්මය උපමා කොට ඇත්තේ පහුරකට ය. එය එතෙරවනු පිණිස මිස කර ගසාගෙන යාමට නොවේ. ධර්ම ශ්‍රවණයෙන් ම විමුක්තිය ලද නොහැකි ය. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවෙහි හැසිරිය යුතු ය."
ශාසන බ්‍රහ්ම චර්යාවෙහි නිරත වීමට යමෙකු යොමුවන්නේ ධර්ම ශ්‍රවණය තුළිනි. අනුපූර්ව ශික්ෂණයෙන්, අනුපූර්ව ක්‍රියාවෙන්, අනුපූර්ව ප්‍රතිපදාවෙන් කෙසේ නම් රහත් බව ලබන්නේ දැයි පැහැදිලි කරන බුදුදහම මෙසේ පෙන්වා දෙයි.
“මෙලොව උපන් සැදැහැ ඇති තැනැත්තා (ගුරුන් කරා) එළඹෙයි. එළඹ ඇසුරු කරයි. ඇසුරු කරනුයේ ඇසීමට කන් යොමයි. යොමුකළ කන් ඇත්තේ දහම් අසයි. අසා මතකයෙහි තබා ගනියි. නුවණින් අරුත් විමසයි. වටහා ගනී. රුචිය උපදවයි. වෙර දරයි. සසඳා බලයි.භාවනාවට යොමුවෙයි. පරම සත්‍යය පසක් කරයි.”
බුද්ධ වචනය පිළිබඳ බහුශ්‍රැත භාවය නොවේ නම් පිටක සම්ප්‍රදායයෙහි නිපුණතාවය ආර්ය මාර්ගයට අවතීර්ණව සිටින භික්ෂුවකට අවශ්‍යම කරුණකි. “මහණෙනි, භික්ෂුව සැදැහැවත් වුවද, සිල්වත් වුවද බහුශ්‍රැත නොවන්නේ නම්, එම අංගයන් අපරිපූර්ණ වන්නේ ය. කවර නම් උපායෙකින් මම සැදැහැයෙන් සිල්වත් වූයෙම්. බහුශ්‍රැත වූයෙම් වෙම් දැයි එම භික්ෂුව එම අංග පිරිය යුතුය. මෙසේ (බහුශ්‍රැත බවද ඇති කල්හි) ඒ භික්ෂුව පිරිපුන් වන්නේය”යනු බුද්ධ වචනයයි. භික්ෂුව විසින් පර්යාප්ති ශාසනය පිරිය යුතු ය.” මේ සසුනෙහි භික්ෂූන් , සූත්‍රය ,ගෙය්ය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය ප්‍රගුණ නොකරත් නම් එය සද්ධර්මයේ අතුරුදන් වීමට හේතුවන ප්‍රථම කරුණ යැයි” බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ අනුව ධර්ම ශ්‍රවණය හා ධාරණය ද ඔස්සේ උපයා ගන්නා ව්‍යක්ත බව බුදු දහමෙහි ඉතා වැදගත් කරුණක් ලෙස සලකාගෙන ඇත. ශ්‍රැතිය ධනයෙකි.

Monday, March 5, 2018

පින් වැඩෙන බෝධි වන්දනාව

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩා වලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය මෙතැන් සිට බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි

පින් ඇති දෙව්දුව (උත්තරා විමානය)

මුගලන් මහරහතන් වහන්සේ දිනක් දෙව්ලොව චාරිකාවේ වැඩි සේක. ඉතාමත් සුරූපි දෙව්දුවක් දුටු උන්වහන්සේ මෙසේ විමසූහ.
” පින්වත් දෙව්දුව, මනා රූපයෙන් යුතු ඔබ සියලු දිසා බබළුවන්නී ය. ඕසධී තරුව සේ සිටින්නී ය. කවර හේතුවකින් ඔබගේ පුණ්‍ය සම්පත් සමෘද්ධ වෙමින් මේ මන වඩන (සිතන සිතන) සම්පත් ඔබට ලැබුණේ ද? මිනිස් ලොව සිටිය දී කවර නම් පිනක් ඔබ විසින් කරනු ලැබුවා ද? මුගලන් තෙරුන් වහන්සේ කළ විමසීමට සතුටු සිත් ඇති වූ ඒ දෙව්දුවමේ දිව්‍ය සම්පත් කවර කුසල කර්මයක අනුසස් දැයි මෙසේ ප්‍රකාශ කළා ය.
දේවතාවිය – පින්වත් ස්වාමීන් වහන්ස, පෙර දා, මම මනුලොව ගිහිගෙයි වාසය කළෙමි. නිති පඤ්ච ශීලය රකිමින් පොහෝ දිනයන් හි අෂ්ඨාංග උපෝසථය සමාදන් වීමි. මසුරු බවක්, ඊර්ෂ්‍යාවක්, එකට එක කිරීමක් හෝ කිසිවකුට ක්‍රෝධ නො කරන්නියක් වීමි. කයින්, වචනයෙන් හා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව සැමියාගේ අදහස් අනුව ජීවත් වෙමින් මාගේ ගෙයි වාසය කළෙමි.
ආර්යය සත්‍ය දැන ගැනීමෙහි සිත් ඇත්තී ව පසැස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් වීමි.

දේවාශිර්වාදය ලබන්නට නම්..

බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අධිෂ්ඨාන ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ කර ගැනීමට අපි සැවොම කැමැත්තෙමු. ඒ සඳහා නිරතුරුව උත්සාහ ගනිමු. නොයෙක් ක්‍රමෝපායන් යොදමු. එහි දී ඇතැම් බෞද්ධයන් පුරුදු වී සිටින්නේ මිථ්‍යා දෘෂ්ඨික ක්‍රම අනුගමනය කිරීමට ය. තම ලාභ අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා භූමාටු මට්ටමේ දෙවියන් වැඩ හිඳින දේවාලවලට ගොස් දෙවියන් යැදීමට, භාරහාර වීමට, පූජා වට්ටි දීමට පුරුදු වී සිටිති. එයට හේතුව මොවුන් සැබෑ ලෙස ම තිසරණය තුළ ස්ථාපිත වී නොතිබීම ය. ඒ වගේම බුදුන් සරණ ගිය පින්වත් දෙවිවරු ගැන නොදන්නාකමයි.
ඒ නිසා මේ ලිපියෙන් අප කියා දෙන්නේ අවබෝධාත්මක ලෙස තිසරණය තුළ ස්ථාපිත වී සිටින පින්වත් දෙවිවරුන්ගේ වන්දනාව හා ආශීර්වාදය ලබාගැනීම පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව දිව්‍ය ලෝක හයක් ගැන අපට අසන්නට ලැබේ. ඒවා නම් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති යන දිව්‍ය ලෝකයන් ය.
චාතුර්මහා රාජිකයේ වැඩ සිටින්නේ සතරමහා දෙව්රජ දරුවන්, එනම් නැගෙනහිර දිසාවට අධිපති ගාන්ධර්වයන්ට අධිපති ධ්‍රැරාෂ්ඨ දෙව් මහ රජු, ඒ වගේම දකුණු දිශාවට අධිපති කුම්භාණ්ඩයන්ට අධිපති, විරූඪ දෙව් මහ රජු, ඒ වගේ ම බටහිර දිසාවට අධිපති නාගයන්ට අධිපති, විරූපාක්ෂ දෙව් මහ රජු, උතුරු දිශාවට අධිපතිත්වය දරන්නේ යක්ෂයන්ට අධිපති වෛශ්‍රවණ දෙව්මහ රජුන්ය.
තාවංතිසයත් චාතුර්මහාරාජිකයත් යන දෙදෙව්ලොවටම අධිපතිව කෝටි සංඛ්‍යාත දෙව් පිරිස් පාලනය කරන සෝවාන් ඵලයට පත්ව සිටින උතුම් දිව්‍ය රාජයා වන්නේ සක්දෙව් මහා රජු ය. යාමයට අධිපතිව වැඩ වසන්නේ සූයාම දිව්‍ය පුත්‍රයා ය. තුසිතයට අධිපතිව වසන්නේ මතු බුදුවන සංතුසිත දිව්‍ය රාජයා ය. සුනිම්මිත දිව්‍ය රාජයා නිම්මානරතියට අධිපතිව වැඩ වසති. වසවර්ති දිව්‍ය රාජයා වැඩ වසන්නේ පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපතිවයි.

Friday, March 2, 2018

කැඳත් පුදා දෙව්ලොව යති ( සීහළවත්ථු කතා )

මහරජ, මම ඔබට සාධුකාර නො දුන්නෙමි'. මම චුල්ලී උපාසිකාවටත්, ඇය දුන් දානයටත් සාධුකාර දුන්නෙමි. ඇය මුදිතා ගුණයෙන් පරිපූර්ණ ය. බොහෝ ශ්‍රද්ධාවන්තී ය. ඇය රහතන් වහන්සේ උදෙසා දනක් පූජා කළෙන් මම මෙසේ සාධුකාර දුන්නෙමි කී ය.
ඈත අතීතයේ පියංගුදීප නමින් දිවයිනක් විය. ඒ දිවයිනේ ෂඩ්අභිඥාලාභි වූ මහත් සෘද්ධි ඇති කනපියපුත්ත තිස්ස නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ ගේ ඇසුරෙහි චුල්ලනාග නමින් සෘද්ධිමත් කීකරු සාමණේරයන් වහන්සේ නමක් වාසය කළේ ය.
ඒ කාලයේ ම හෙළ දිවයිනේ චුල්ලී නමින් උපාසිකාවක් සිටියා ය. ඇය බොහෝ ශ්‍රද්ධාවන්තී ය. තුනුරුවන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තී ය. කුලී වැඩ කරමින් ජීවත් වන ඇය, යම් කුඹුරක ගොයම් කපා අවසන් වූ පසු ඒ ගොයම නැවත අවුස්සා එහි ඇති වී කරල් එකතු කර ඒ වී තම නිවසට රැගෙන ගොස් කොටා සහල් කරමින් ජීවත් විය.

දිනක් ඇය ‘මේ සහල් වලින් මම දානය සකසා සංඝයා වහන්සේට පූජා කරමි” යැයි සිතා විහාරස්ථානයට ගොස් එක් ස්වාමින් වහන්සේ නමකට ආරාධනා කොට සුලු සහල් කැඳක් සමඟ බත් ද පිළියෙළ කොට පිදුවේ ය.

කෘතවේදී ළමා පරපුරක් වෙනුවෙන්

සිද්ධාර්ථ කුමරු ගිහිගෙය අත්හැර පැවිදි වී බුද්ධත්වයට පත් වී කාලයක් ගිය පසුව මහාප්‍රජාපතී ගෝතමිය ඉතා ම අමාරුවෙන් පැවිද්ද ලබා කාන්තා විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කළා ය.
පැවිදි වූ මුල් කාලයේ දී එතුමිය බුදුරදුන් තමන්ගේ පුතා කියා සිතුවේ නැත. තමන්ගේ ගුරුවරයා ලෙසයි සිතා ඇත්තේ. සිරිතක් වශයෙන් පිරිස කෙළවරට ගොස් බණ ඇසූ ගෝතමිය ටික දිනකින් රහත් ඵලයට පත් වූවා ය. එක් දවසක් බුදුරදුන් ධර්මය දේශනා කරන මොහොතක උන්වහන්සේ ඉදිරිපිටට පැමිණ ධර්මාසනය ළඟ වාඩිවී බණ අසමින් සිටියා ය. අත්දෙක ඔසවා නළල මත තබා බුදුරදුන් දෙස ම බලමින් බණ ඇසුවා ය. දැන් ගෝතමියගේ දෑසින් කඳුළු වැගිරෙන්නේ ය. බුදුහාමුදුරුවෝ සුළු මෑණියන් දෙස බැලූහ. වෙනදා පිටුපසට වී බණ අසණ මෑණියන් අද මේ විශාල පිරිසක් අතරින් ඉදිරියට ම විත් බණ අසන්නී ය. මේ වෙනස, කුමක්ද? මෑණියනි, ප්‍රජාපතිනියණි, අද මා ඉදිරිපිටට ම ඇවිත් මා දෙස බලා ඉන්නේ ඇයි?

පින් කළ නොහැකි ලොව

ඔහු ඒ වන විට කවර තැනක සිටී දැයි බුදු නුවණ මෙහෙයවා බලත් ම කලුරිය කොට අරූප ලෝකයෙහි ඉපිද සිටින බව අවබෝධ විය. එයින් පැහැදිලි වන්නේ රූපය ගැන කළකිරී භාවනා කොට කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් අරූප තලයෙහි උපත ලබා දෙන බවයි.
සිත මිස කය නැති බඹලොව සතර කි 
සිත නැතිව ම කය ඇති බඹ තලය කි
මෙද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපනත් කුසලක් නොම කළ හැ කි
සිත ඇති, රූපයක් නැති අරූප බ්‍රහ්ම ලෝක සතරකි. සිත නැති, රූපය ඇති එක් අසඤ්ඤ බ්‍රහ්ම ලෝකයකි. මේවායේ වසන සත්ත්වයන් පින් කොට උපත ලබා සිටී. එහෙත් ඒ කිසිවෙකුට කුසලයක් කළ නො හැකි ය. මේ ලෝවැඩ සඟරාවෙහි එන ඉහත කවියෙහි අර්ථ යයි.
සමසතළිස් කර්මස්ථාන අතුරෙන් සුදුසු එකක් අනුව භාවනා කිරීමෙන් සිත දියුණු කොට ගත් අය ධ්‍යාන උපදවා ගනිති. එය බුදු උපතටත් පෙර සිට සමාජයෙහි ක්‍රියාත්මක ව පැවතුණු බව ආළාරකාලාම, උද්දකරාම ආදීන්ගෙන් පැහැදිලි වෙයි. සමථ භාවනා ක්‍රමයෙන් සිත දියුණු කොට ප්‍රථම ධ්‍යානය උපදවා ගත් අය මියගිය කල්හි බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහාබ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. තවදුරටත් භාවනා කිරීමෙන් ද්විතීය ධ්‍යානය ලැබූ අය කලුරිය කළහොත් පරිත්තසුභ, අප්පමාණසුභ, ආභස්සර යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනා මඟින් තෘතීය ධ්‍යානය උපදවාගෙන සිටිය දී කලුරිය කළ අය පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනාව වැඩිදියුණු කොට චතුර්ථ ධ්‍යානය ලැබුවෙක් වේහප්ඵල, අසඤ්ඤසත්ත යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. විදර්ශනා භාවනාවෙන් අනාගාමි තත්ත්වය උදාකරගත් කෙනෙක් මියගිය කල්හි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ යන සුද්ධාවාසයන්ගෙන් එකක උප්පත්තිය ලබති.

Thursday, February 22, 2018

ඇසිපිය හෙළන සැණෙකින්

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීමේ අර්ථයෙන් ද භාවනා අර්ථය වටහා ගත හැකි යි. තම ගුණ නුවණ දියුණු කර, සති, සමාධි , ඥාන වැඩි දියුණුවෙන් බෝධි පාක්ෂික ධර්මයන් සම්පූර්ණ කර ගැනීමෙන් සිතේ වැඩීම හොඳින් සිදු වෙයි. සිත දියුණු කර ගන්නා ක්‍රම බුදුරජාණන් වහන්සේ බහුලව පැහැදිලි කර තිබෙ යි. සමථ භාවනා හතළිහක් දේශනා කර වදාළේ නීවරණ සංසිඳුවාගෙන සිත දියුණු කර ගැනීම සඳහා යි. සිතේ බලවත් ලෙස පහළ වන තණ්හාව, තරහව, මෝහය, උඩඟුකම, ආදී පාපී සිතිවිලි තුරන් කර ගැනීම සඳහා භාවනාව පිටිවහලක් වෙයි. බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවත් මේ ක්‍රමවල යෙදී ගවේෂණය සිදු කරනවා. ලොවේ සෑම රටක ම භාවනා ක්‍රම තිබෙ යි. එයට අනුයුක්තව අති විශාල පිරිසක් කටයුතු කරනවා. ඒ මඟින් සිය, සිත දියුණු කර, ගත , වචනය සංවර ව වාසය කරනවා.
බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය සඳහා භාවනා ක්‍රම දේශනා කර වදාළා. මරණ සතියෙන් ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ වදන කවුරුත් සිතට ගෙන මරණ සතිය වඩන්න අවශ්‍යය යි. අපේ මහ බෝසතාණන් වහන්සේ ද ඉහත ආත්මයක මරණානුස්සති භාවනාව වඩන නිවසක උපන්නා. ඒ උත්තමයාට හදිසියේ සර්පයෙක් දෂ්ට කර මරණයට පත් වුණා. උන් වහන්සේ මරණාසන්න මොහොතේ ද ‘ජීවිත ය අනියත යි. මරණය නියත යි’. යනුවෙන් මෙනෙහි කළ නිසා මහා දෙව් රජාණන් කෙනෙක් වී උපත ලැබුවා. එතුමා මරණ සති භාවනාව පිළිබඳ පැහැදිලි විවරණයක් තම පෙර භවයේ මව් පියන්ට ද පහදා දී මරණ සතිය හොඳින් දියුණු කර දෙව් ලොවට ම පැමිණීමට අවශ්‍යය ගුණ සම්පත් දියුණු කළ යුතු බව ද පැහැදිලි කළා.

ධර්මාවබෝධය ලබන්නෝ

ආර්ය පර්යේෂණ සූත්‍රය
බුදුරජාණන් වහන්සේ විසින්, තමන් වහන්සේ සත්ත්වයන් පිළිබඳව දුටු ආකාරය පිළිබඳව උපමාවකින් දේශනා කරනු ලැබූහ. ‘නෙළුම් විලක බොහෝ පියුම් වෙති. සමහර විට ජලයෙහි ගිලී දියෙන් උඩට නො නැගී පවතී. තවත් සමහර විට මඩෙහි නො තැවරී පිපී ජලයෙන් උඩට නැඟී බබළති.
ඒ ආකාරයෙන් මේ ධර්මය පහසුවෙන් අවබෝධ කළ නොහැකි අය වෙති. පහසුවෙන් අවබෝධ කළ හැකි සත්ත්වයන් ද වෙති’යි උන්වහන්සේ දේශනා කළ සේක.
ඉන් අදහස් වන්නේ ලෝකයේ කෙලෙස් වැඩි පුද්ගලයන් ඇති බව ය. තියුණු ඉන්ද්‍රියන් නැති, පරලොව පිළිබඳව විශ්වාසයක් නැති අය ඇති බව ය. පව් පින් පිළිබඳව විශ්වාසයක් නැති, පුද්ගලයන් ඇති බව ය. පරලොව පිළිබඳව අවබෝධයක් ඇති, කෙලෙස් බිය ඇති. ධර්මය පහසුවෙන් අවබෝධ කරගත හැකි අය ද සිටිති.
බුදුරජාණන් වහන්සේ විසින් සහම්පතී බ්‍රහ්මයාට
‘අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යෙ සෝතවන්තෝ පමුඤ්චන්ත්‍ර සද්ධං’ යන ගාථාවෙන් මේ ආකාරයෙන් පිළිතුරු දුන් බව මෙසේ දේශනා කළ සේක.
“යම් කෙනෙකු ට කන් ඇත්තේ නම්, ඔවුහු දැන් ශ්‍රද්ධාව මුදාහරිත්වා. ඔවුුන් ට නිවන් දොර මා විසින් විවෘත කරන ලද්දේ ය”. බ්‍රහ්මය මට වෙහෙසකි යන කල්පනා ඇත්තෙමි. ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දේශිතය.
මෙහි පළමු දහම් පෙළ ඉතා වැදගත් ආරාධනාවකි. එනම් යම් කෙනෙකුට කන් ඇත්තේ නම්, ඔහු දැන් සිටම තම ශ්‍රද්ධාව මුදා හැර මා විසින් විවෘත කරන ලද මේ නිවන් දොරින් ඇතුළුව කෙලෙසුන්ගෙන් නිදහස්ව ලබන සසර දුකින් නිදහස්වන අමා නිවනින් සැනසේවා යන ආරාධනාවයි.

ධර්ම මාර්ගය තුළ රැකවරණය


විමාන වත්ථුවෙහි සඳහන් වෙන සේ , මුගලන් මහ රහතන් වහන්සේ දෙව් ලොව වැඩම කර, දෙවිවරුන්ගෙන් තොරතුරු විමසා බැලූහ. පින්වත් දෙවිය, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ කුමන පිනක් හේතුවෙන් ද? පින්වත් දෙව් දුව, ඔබ මෙතරම් අලංකාර දිව්‍ය ශරීරයක් ලබා ඇත්තේ කුමන පිනක් බලවත් වී ද? මෙතරම් දිව්‍ය සැප සම්පත්, ලැබුණු දිව්‍ය යානාවන් කෙතරම් ලස්සන ද? ඔබ මෙතරම් සැප සම්පත් ලබන්න පෙර ජීවිතයේ කොහේ සිටියා ද? කළ පින්කම් මොනවාදැ’යි විමසූ විට, ස්වාමීනි, මා කළ පින ම සිහි කරමින් සිටිය දී එය මරණ මංචකයේ ද බලවත් වුණා. ඒ පිනෙන් ම තමා දෙව් ලොව උපත ලැබීමට හේතුව යැ’යි පැවසුවා ය. එවිට ඒ පින්වතුන්ට මරණ මංචකයේ දී පින සිහි කරගන්නට පුළුවනි.
සිහියෙන් මිය යන්නාට අඩුම තරමින් තමා අසළ සිටින පුද්ගලයාට හෝ කළ පින සිහි කර දිය හැකි යි. ඒ නිසා අපේ අතීත මුතුන් මිත්තන් පවා පින් පොත් සටහන් කර තැබුවා. ඔවුන්, මරණ මංචකයේ ද පිනක් සිහි කරගෙන සුගතිගාමී වෙන්නට සුවිශේෂී උත්සාහයක් දැරුවා.

තෘප්තිමත් ජීවිතයක් සඳහා බුද්ධෝපදේශ


මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ‘බුදුසරණට’ ලියූ මෙම ලිපිය 2017 දෙසැම්බර් 03 වන දා පළවූවකි. උන්වහන්සේ ට උපහාර පිණිස මෙසේ නැවත පළ කරමු.
තමාට පිහිට තමා ම ය, වෙනත් කවරෙක් පිහිට වන්නේ ද? තමා ම පිහිට කොට වාසය කරව්. අනුන් පිහිට කොට වාසය නොකරව්” තමා ම තමහට දුර්ලභ පිළිසරණ කොටගන්න.” “ඔබම වෙර දැරිය යුතුය”, “ශුද්ධිය හා අශුද්ධිය තම තමන් ළඟ ය. අනෙකෙක් අනිකකු ශුද්ධ නොකරයි.”

මේ සූත්‍රපිටකයේ සඳහන් වන බුද්ධෝපදේශ කීපයක සිංහල අනුවාද කීපයකි. මනුෂ්‍යත්වයේ වගකීම, ශක්තිය හා අගය මේ ප්‍රකාශවලින් මැනවින් ප්‍රකාශ වෙයි. කිසිදා කිසිවෙකුට තමන් දෙවියෙකු හෝ වෙනත් අදෘෂ්‍යමාන බලමහිමයක ප්‍රතිඵලයක් වශයෙන් පෙනී නොසිටි, හඳුන්වා නොගත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකු වශයෙන් ප්‍රඥාවේ උත්තරීතර ශක්තියෙන් බුදුබව ලබාගත්හ. ඒ බව ප්‍රකාශ කළහ. එහෙයින් මිනිසා කිසිවෙකුටත් ගැති නොවී ප්‍රඥාවෙන් ක්‍රියාකිරීම නිසා රහත්වීමටත්, ලොව දිනීමටත් සමර්ථවන බව පෙන්වා දුන්හ.

Sunday, February 18, 2018

අගසව් ගුණ නැණ හැඳින දිවිමග සපල කර ගනිමු

“මහණෙනි, පංච වර්ගික භික්ෂුහු, යස භික්ෂුව, භද්ද වග්ගිය භික්ෂූහු, තුන් බෑ ජටිල භික්ෂූහු යන මේ සියලුදෙනා ම අනෙකක් පතාම පින් කළාහු ය. අගසව් තනතුරු නො පැතූහ. එහෙත් සැරියුත්, මුගලන් දෙනම අගසව් තනතුරු පතා ම පින් කළහ.”
බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසකගෙන් සමන්විත ය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහි මෙම සිව් පිරිසෙහි ම විශේෂ කුසලතා සැලකිල්ලට ගනිමින් ඔවුනට යෝග්‍ය තනතුරු ප්‍රදානය කළ හ. මෙම තනතුරු අතර වඩාත් විශිෂ්ට වනුයේ අගසව් තනතුරු දෙක ය. බුදු සසුනෙහි එම උත්තරීතර තනතුරු ලැබීමට භාග්‍ය සම්පන්න වූයේ සැරියුත් මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනම ය.
රජගහ නුවර දඹදිව ඉතා ප්‍රසිද්ධ නගරයකි. ඒ සමීපයෙහි උපතිස්ස නම් වූ සුන්දර බමුණු ගමක් පිහිටා තිබුණි. එහි මහාසාර බමුණු කුලයක සාරි නම් වූ බැමිණියට උපන් දෙටු පුත්‍රයා උපතිස්ස යන නමින් ප්‍රකට විය. කෝලිත නම් බමුණු ගම ද උපතිස්ස ගම සමීපයෙහි වූ තවත් ගම්මානයකි. එහි මහාසාර බමුණු කුලයෙහි මොග්ගල්ලාන බැමිණියගේ පුත්‍රයා ප්‍රකට වූයේ කෝලිත යන නමිනි.
මෙම උපතිස්ස - කෝලිත දෙදෙනා ඉතා කුඩා කල පටන්ම කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිව ජීවත් වූහ. ක්‍රමයෙන් තරුණ වියට පත් ඔවුහු තවත් මිතුරන් පිරිසක් ද සමග රජගහනුවර වාර්ෂිකව පත්වන මහා සැණකෙළියකට සහභාගි වූහ. ඔවුන් සැණකෙළිය නරඹනුයේ අපමණ විනෝදාස්වාදයකින් යුක්තව යි. එහෙත් උපතිස්ස කෝලිත දෙදෙනා මෙමගින් සෙසු තරුණ තරුණියන් ලබන විනෝදය නො ලැබූ හ. එපමණක් නොව ජීවිතය ගැන කලකිරීමක් ද ඇති කර ගත් හ.

අරුම පුදුම ඍද්ධි බලය


ඍද්ධි යන සංස්කෘත වචනය පාලි භාෂාවෙන් බුද්ධ දේශනාවේ සඳහන් ව ඇත්තේ ඉද්ධි යනුවෙනි. එය සිංහල ව්‍යවහාරයේ ඉර්ධිය යනුවෙන් ද භාවිත වේ. එම වචනයේ තේරුම උසස් බවට පැමිණීම යන්නයි. කෙනෙකු තුළ පවතින යම්කිසි ගුණ සමුදායක් ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ ඔහුගේ වැඩීමට හේතුවේ නම් එය ඍද්ධි නම් වේ.
බුදු දහමෙන් කියාදෙන දැහැමි මාර්ගය අනුගමනය කිරීමෙන් කෙනෙකුට ලැබෙන ළාමක වූ අධ්‍යාත්මික ශක්තියක් ලෙස ඍද්ධි බලය සලකනු ලැබේ. පහත දැක්වෙනුයේ ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමෙන් මෙන් ම චිත්ත සමාධිය ප්‍රගුණ කිරීම නිසා ලද හැකි එබඳු බල විශේෂයන් දහයක් පිළිබඳ විස්තරයකි. ඒවා දස ඉද්ධි ලෙස නම් වේ. භාවනාව ප්‍රගුණ කිරීමෙන් කෙනෙකුට ලැබිය හැකි ධ්‍යාන සමාපත්ති ආදිය පිළිබඳව ඔබ අසා ඇත. චිත්ත පාරිශුද්ධිය ලැබූ යෝගාවචරයෝ සමාධියෙන් මනස දියුණු කොට ඇති ආකාරය අනුව ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය ආදී ධ්‍යානවලට හා ඊට වඩා උසස් සමාපත්තිවලට එළඹෙති. එබඳු උතුමන්ට අධිෂ්ඨාන බලයෙන් යම් යම් දේ කළ හැකි ශක්තියක් පවති.

වෛර නො කිරීම සැපයකි ( කාලි යක්ෂණියගේ කතා වස්තුව )

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන අතර භාග්‍යවතුන් වහන්සේ දරු පල ඇති කතක් හා දරුපල නැති කතක් ඇරඹයා මේ කතා වදාළහ.
එක් ගෘහපතියෙක් තම බිරිඳට දරුවන් නැතිකම පිළිබඳව තැවෙන විට ඔහුගේ බිරිඳ මෙසේ සිතුවාය. ‘මේ විදියට දරුවකු නැතිව කලක් ගත වුණොත් නැන්දම්මත්, ස්වාමිපුරුෂයාත් දෙන්නම එකතු වෙලා මට වෙනස්කම් කරයි. තවත් ගැහැණු කෙනෙක් මේ මනුස්සයාට ගෙනාවොත්, එයාගෙන් ළමයි ලැබෙනවානම්, මටත් සහනයක්. එතකොට ප්‍රශ්නයක් නැතිවෙයි.” මෙසේ සිතූ ඕ තම පුරුෂයාට තවත් කාන්තාවක් අවාහ කර ගන්නට සැලසුවා ය. එහෙත් දෙවන බිරිඳ ගැබ් ගන්නා විට ඇයගේ සිතෙහි ඊර්ෂ්‍යාවක් ජනිත වී ඔසුවක් රහසේ පොවා ගැබ් නැසුවා ය. එය තේරුම් ගත් දෙවන බිරිඳ ඊළඟ වර ගැබ් ගත් විට එය රහසක් ව තබා ගත්තා ය. එහෙත් ඇය දෙස බැලීමෙන් ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් පළමු බිරිඳ නැවත ද ආහාර සමඟ මිශ්‍ර කොට බෙහෙත් යොදා ගැබ් නැසුවා ය. අන්තිමේ දරු ප්‍රසූතියකදීම මිය ගිය දෙවන බිරිඳ දැඩි කෝපයෙන් පුපුරමින් මෙසේ ප්‍රාර්ථනා කළාය. ‘මම උප උපන් ජාති නුඹෙනුත් නුඹේ දරුවන්ගෙනුත් පළි ගන්නෙමි” දිග වෛරයක ආරම්භය මෙසේ සටහන් විය
ඊළඟ ජන්මවලදී මේ දෙදෙනා බැළලියක් හා කිකිළියක්, මුව දෙනක් හා කොටියෙක් ආදි වශයෙන් ඉපිදෙමින් වෛරයෙන් වෛරය පෝෂණය කරමින් සසර සැරිසරා අවසන බුදුන් දවස සැවැත්නුවර ධනවත් සිටුවරයෙකුගේ දියණියක හා යක්ෂණියක වශයෙන් උපන්න හ.

Saturday, February 17, 2018

මිය යන මොහොතේ ම...

අප එකට පින්දහම් කර, බණ භාවනා කළා. එකට ධර්මයේ හැසිරුණා. අපට සදහම් මඟ යන්නට මඟ පෙන්වූ යහළුවන්, කල්‍යාණ මිත්‍රයන් කොහේදැ’යි යනුවෙන් කල්‍යාණ මිත්‍ර දෙවිවරු නිබඳව ම තම මිතුරන් ගැන සොයා බලති. ඒ දෙවිවරු, මනු ලොව එකට බණ භාවනා, පින් දහම් කළ තමන්ගේ මිත්‍රයෙක් මිය ගොස්, දෙව් ලොව ම උපත ලබා සිටින බව දකියි. නමුත් දෙව් ලොව උපත ලැබූ ඔහු, ධර්මයේ නොහැසිරෙ යි. විනෝදයෙන් කාලය කා දමා දිව්‍ය කාමයන්ට මුසපත්ව වාසය කරයි. එවිට කල්‍යාණ මිත්‍ර දෙවිවරු මේ පුද්ගලයා සොයා පැමිණෙ යි. ඔහු වටකරගන්නා දෙවිවරු තම මිතුරාගේ පරණ මතකය ආවර්ජනා කරයි

‘පින්වත් මිතුර, මනු ලොව අප එකට වාසය කළා මතක නැද්ද? ඔබ, අප සමඟ මෙවැනි පින්කම් කළා නේද? ඒවා මතක් කර ගන්නැ’යි පවසා ඒ කල්‍යාණ මිත්‍ර දෙවිවරු තම මිතුරාට මතකය අවධි කර දෙති. බුදුන් වහන්සේ එය උපමාවකින් මෙසේ සඳහන් කළ සේක. ‘මහණෙනි, එය කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසුණා වැනි යි.
සිතන්න, ඔබගේ ජීවිතයේ දිගු කලකට පසු පරණ හිත මිතුරෙක් හෝ, විදේශයක සිටි අයකු හෝ, නෑදෑ හිත මිත්‍රයෙක් හෝ හදිසියේ ම, මුණ ගැසුණොත් විමසන්නේ කෙසේ ද? අප ඉස්සර මෙහෙම නේද? යනුවෙන් පරණ දේ කතා බහ කරයි. බුදුරදුන් වදාළේ, ‘මහණෙනි, කාලයකට පසුව පරණ යහළුවෙක් මුණ ගැසීමෙන්, පරණ දේ සිහි කරගන්නවා වගේ දෙවිවරු තමන්ව සොයා විත් මනු ලොව දී එකට කළ පින්කම්, ධර්මය පුහුණු කළ අයුරු, බණ භාවනා කළ ආකාරය මතකයට නඟා, අපි ධර්මයෙහි හැසිරෙන්න යමු, බණ අසන්නට සුධර්මා දිව්‍ය සභාවට යමු යැ’යි පවසති.

භව ගමන කෙසේ සැකසේ ද?

යම් කුසල කර්මයක් සකස් වන්නේ නම් මල් වතු, උයන් වතු, දිව්‍ය ලෝක ආදි වශයෙන් වූ ගති නිමිති සිතෙහි පහළ විය හැකි ය. අකුසල කර්මයක් සකස් වූයේ නම්, ගින්දර, තිරිසන් සත්ත්වයන්, අවි ආයුධ, රුධිරය, අපාය වැනි ස්ථාන මතුවී පෙනෙන්නට පුළුවන.
ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පහෙන් අරමුණු දැන ගන්නා වු සිත හෙවත් පංච ද්වාරජ්ජන සිත හටගෙන නැති වන්නේ ය. ඉන්පසු මනෝ ද්වාරජ්ජණ සිත හට ගන්නේ ය. නැති වන්නේය. ඉන්පසු ජවන් සිත් පහක් වේගයෙන් හට ගනී. ඒවා ද නැතිව යයි. ඉන්පසු පුනර්භවය කරා යෑමට සත්ත්වයාට මඟ සලසා දෙමින් තදාලම්භන සිත හට ගන්නේ ය. එනම් සසරෙහි පැවැත්මට උපකාරවන අයුරින් තදාලම්භන සිත හටගෙන නැතිව යන්නේ ය.
ඉන් අනතුරුව බොහෝ කෙනෙක් නිරතුරුව සඳහන් කරන භවනාංගයේ අවසන් අවස්ථාව හෙවත් චුති චිත්තය හට ගන්නේ ය. එය ද නැතිව යන්නේ ය. චුති චිත්තය අවස්ථාවට පැමිණෙන විට මරණයට පත් වු පුද්ගලයාගේ, කර්මයේ සිට කුසල කර්ම නම් සකස් වෙමින් පැමිණ චුති චිත්තයට ද කුසල කර්මය ම හටගෙන නැතිව යන්නේ ය.අකුසලයක් නම් කර්මයේ සිට මේ අවස්ථාව දක්වා ගමන් කළේ නම්, චුති චිත්තයට අකුසල කර්ම මුදුන්පත් වී ඒ අනුව චුති චිත්තය අවසන් වන්නේ ය. චුති චිත්තය හට ගෙන නැතිව යන විට ම පුනර්භවය හෙවත් නැවත ඉපදීම සිදුවන්නේ ය. එය හඳුන්වනුයේ චුතියෙන් අනතුරුව පටිසන්ධි චිත්තයක් සකස්වීම යනුවෙනි. එම පටිසන්ධි චිත්තය ඉපදීම හෙවත් සකස්වීම පුනර්භවය යි. එනම් නැවත ඉපදීමයි.

දැවෙන තැවෙන පාපය

අපායගාමී වන පාපකාරීන්ට එයින් ගොඩ ඒම ලෙහෙසි පහසු නැහැ. එහි සා පිපාසාදී දුක, ඇඟ පත දැවෙන, තැවෙන, පිළිස්සෙන ස්වභාවය, වේදනාවෙන් විලාප නඟන හඬ සීමාවක් නැහැ. ගිනි ජාලාවන් මධ්‍යයේ වෙසෙන නිරි සතුන්ට තමන් පමණක් සිටිනා බව පෙනෙයි. අපායේ නිරි සතුන් කෑකෝ ගසන, විලාප නඟන හඬ යොදුන් ගණනාවක් දුරට ඇසෙයි. එය පසුගිය කාලයේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වුණා. එක්තරා මැෂින් එකක් පොළොව යටට කිඳා බැස්සවූ විට, එහි විළාප නඟන හඬ සටහන් වුණා. ඒ අපායේ කෑ කෝ ගසන හඬයි. ඒ නිසා මේවා හොඳින් දැන කියාගෙන අපායට බියෙන් පාපයෙන් වැළකිය යුතුයි. අනේ! මින් මතු නම්, කිසිදු පාපයක් නොකරන බවට තමන් තමන්ගේ සිතට ම එබී බලා වැරැදි නිවැරැදි කරගත යුතු යි.


ඔසුපත් නරකයන් අතර අද අප සඳහන් කරන්නේ නවවන අපාය වන කුණ්ඩරීක නරකය පිළිබඳව යි. එහි සත්ත්වයන් විඳින දුක අසීමිත යි. ඔවුහු කායික, මානසික වශයෙන් අපමණ දුක් පීඩා විඳිති. එහි නිරි සතුන්ට ඇත්තේ ගිනිගෙන දැවෙන සිරුරු ය. එහි කෑගසන, විලාප නඟන හඬ නොනවත්වා ම ඇසෙයි. පව කෙතරම් බලවත් දැ’යි සඳහන් කළොත්, නිරි සතුන් කෙතරම් පිළුස්සුණත් මිය නොය යි. ඔවුන් ගිනිගෙන දැවෙන අවි ආයුධ වලින් පහර ලබයි. තමන් අතින් ද ගිනි ගෙන දැවෙන ශරීර ලෙස පිළිස්සී යයි. එය එතරම් ම භයානක අපායකි.