"යම් ගාථාවක් තිබෙන ස්ථානය දැනගෙන ඒ සඳහා අටුවාව ලිවීම පිළිබඳ කරුණු දැනගෙන අටුවාෙවි වාක්‍ය කට පාඩම් කරගෙන නැවත සැරයක් ලිවීමට හැකි වූ විට අවබෝධයක් උගත්කමක් ලැබෙයි. එම ගාථාව ලිව්ෙවි කවුද? කිව්ෙවි කවුද? අටුවාව ලිව්වෙ කවුද? අටුවාවට ටීකාවක් ලිව්වද?ටීකාවට ටිප්පනියක් ලිව්වද?වචන හරිද? වචනවල ව්‍යාකරණ හරිද? යන කාරණා දැන ගැනීමෙන් උගත්කමක් ලැබෙයි. නමුත් අවබෝධය ලැබෙන්නේ නැහැ.එම නිසා අවබෝධය ලබන්න උගත් වෙන්නම අවශ්‍ය නැහැ. අවබෝධය ලබාගැනීම සඳහා උගත් වුවත් නොවුවත් ප්‍රශ්නයක් නැහැ."
අප බොහොම ශ්‍රද්ධාවෙන් බණ අසන පිරිසක් වගේම ශාසන කාර්යභාරයෙහි සැදැහැ සිතින් නියුක්ත වන පිරිසක්. බෞද්ධ භාවයෙහි අවසානම අපේක්ෂාව නිවන සාක්ෂාත්කර ගැනීමයි. කවුරුන් විසින් කුමන ආකාරයෙන් පින්දහම් කළත් අපගේ අවසාන බලාපොරොත්තුව නිවන් සැපත ලඟා කර ගැනීම හෙවත් නිර්වාණාවබෝධයයි. නිර්වාණාවබෝධය සඳහා බුදුපියාණන් වහන්සේගේ අසුහාර දහසක් ධර්මස්කන්ධයම දැනගෙන පාඩම් කරගෙන සිටීම පමණක්ම අවශ්‍ය වන්නේ නැහැ.බුදුපියාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අහල දැනගත් පිරිස පමණක්ම බුදුපියාණන් වහන්සේගේ සමයෙහි නිවනින් නිවී සැනසුනා නොවෙයි.
වචන තුන හතරක කුඩා වාක්‍යයක් අහල නිවන් දැකපු පුද්ගලයන් පිළිබඳව පොත පතෙහි සඳහන් වෙයි. එම නිසා බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව නිවන් සාක්ෂාත් වන්නේ නැහැ. බණ දහම පිළිබඳව දන්නා ප්‍රමාණයට විභාග ලිවිය හැකියි. බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව දැන උගත් විය හැකියි. නිවන් සැපත ලැබෙන්නේ දන්නා ප්‍රමාණයට නොවෙයි. කරුණු දැනගැනීම පමණක් වැදගත් වන්නේ නැහැ.කුඩා නිදර්ශනයකින් හෝ ඇත්ත අවබෝධ කරගැනීම වැදගත් වෙයි. නිදර්ශනය හුදෙක් නිදර්ශනයක් පමණයි. ඒ එක්තරා නිදර්ශනයකින් මහා ගැඹුරු කාරණාවක් ගැඹුරු සත්‍යයක් සත්‍යයේක්ෂණය කරගැනීමට හෙවත් හරියටම නිවැරැදිව තේරුම් ගැනීමට හැකි වෙයි. කමටහන් වඩන යෝගාවචරයන් පිළිබඳව ඔබ අසා ඇති. සමහර විටෙක ගලා බස්නා දිහ දහරක් ලඟ සිට දිය දහර පිළිබඳව කල්පනා කරමින් නිවන්
දැක්කා.තවත් සමහරෙක් නිවී දැල්වෙන පහනක්ද දැල්වී නිවෙන පහනක්ද දෙස බලාගෙන සිට කල්පනා කළා. ගඟට වඩා දිය දහරට වඩා පහන වෙනස්. පහනට වඩා දිය දහර වෙනස්. කල්පනා කරන නිදර්ශනය අනුව කර්මස්ථානය වෙනස් විය හැකියි. එම කර්මස්ථානය හරහා දකින සත්‍ය එකම එක ඇත්තක්. ළඟට වැටෙන කොළය දෙස බලාගෙනත් ලෝක යථාව තේරුම් ගන්න පුළුවන්.හිසෙහි කෙස් කපන අවස්ථාවක කෙස් රොදක් අතට අරගෙන ලෝක යථාව තේරුම් ගන්න පුළුවන්. බුද්ධ වන්දනා කරන විට වන්දනා කිරීමට පුජාසනයේ තැන්පත් කරන ලද මල දෙස බලාගෙන පුප්ඵං මිලායාති යථා ඉ ධම්මේ කායෝ තථායාති විනාස භාවං කියමින් පුදන ලද මල පිළිබඳවද කල්පනා කරමින් නිවන් දකින්නට පුළුවන්.නිදර්ශනය වැදගත් නැති වුවත් නිදර්ශනය හරහා අපට ලැබෙන සත්‍යය වැදගත් වෙයි. නිවන් දකිනවාය යන්නෙන් අදහස් කරන්නේ එම සත්‍යය ග්‍රහණය කරගැනීමටයි.
යම් ගාථාවක් තිබෙන ස්ථානය දැනගෙන ඒ සඳහා අටුවාව ලිවීම පිළිබඳ කරුණු දැනගෙන අටුවාෙවි වාක්‍ය කට පාඩම් කරගෙන නැවත සැරයක් ලිවීමට හැකි වූ විට අවබෝධයක් උගත්කමක් ලැබෙයි. එම ගාථාව ලිව්ෙවි කවුද? කිව්ෙවි කවුද?අටුවාව ලිව්වෙ කවුද?අටුවාවට ටීකාවක් ලිව්වද?ටීකාවට ටිප්පනියක් ලිව්වද?වචන හරිද? වචනවල ව්‍යාකරණ හරිද? යන කාරණා දැන ගැනීමෙන් උගත්කමක් ලැබෙයි. නමුත් අවබෝධය ලැබෙන්නේ නැහැ.එම නිසා අවබෝධය ලබන්න උගත් වෙන්නම අවශ්‍ය නැහැ. අවබෝධය ලබාගැනීම සඳහා උගත් වුවත් නොවුවත් ප්‍රශ්නයක් නැහැ. අවබෝධය පමණක් අවශ්‍ය වෙයි.
කවුරුන් හෝ පුද්ගලයෙක් පැපැදියක් ගලවා දැම්මොත් යන කාරණාව නිදර්ශනයක් වශයෙන් ගනිමු. පාපැදිය ගැලවීමට පෙර බයිසිකලය තිබුණ නිසා එය බයිසිකලය නමින් හැදින්වුවා. එම බයිසිකලයෙහි මුරිච්චි ,රෝද, ස්පෝක් කම්බි ,ටයර්, රිම්,ඩයිනමෝව හැන්ඩ්ල්, බ්‍රෙක්, බ්‍රෙක් පලු ,බෙල් ආදී සියලු කොටස් කෑලි කෑලි වශයෙන් ගලවා වෙනම ගොඩක් ගැසුවහොත් බයිසිකලයට අයත් සියලුම දේ එතැන තිබුණත් බයිසිකලය තිබෙනවාද?බයිසිකලයට අයත් සියලු අංගෝපාංග තිබුණත් බයිසිකලය නැහැ. බයිසිකලය කියා කිව හැක්කේ කුමකටද?ඉතාමත් ගැඹුරින් අවබෝධ කරගත හොත් නිවනට ලඟා වෙන්න පුළුවන්.බයිසිකලයට අදාළ සියලු දේ තිබුණත් බයිසිකලය නැහැ. කවුරුන් හෝ පුද්ගලයෙකු විසින් බයිසිකලයට අයත්ව තිබූ කොටස් කවරයකට දමා කරගසාගෙන යනවා නම්,ගෙනයන්නේ මොනවාද ? ඇසූ විට බයිසිකලයක් කරගසාගෙන යන බව කිව නොහැකියි.බයිසිකලයට අදාළ සියල්ල කරේ තබාගෙන ගියත් බයිසිකලයක් නැහැ. තිබුණ සියලු අංග එක්කාසු කරමින් කිසිවක් වැඩිපුර යොදන්නේ නැතිව පෙර තිබුණ සියල්ල සවිකරනු ලැබුවහොත් එතැන බයිසිකලයක් ඇත. බයිසිකලයට අයත් සියලු දේ ද ඇත. එහෙත් තිබුණාට වඩා වැඩියෙන් දුහුවිල්ලක්වත් නැත. ගැඹුරින් අවබෝධකර ගන්නවා නම්, බයිසිකලය කියන්නේ හුදෙක් නමක් පමණයි. බයිසිකලයට අදාළ සියල්ල තිබුණත් බයිසිකලය යනුවෙන් නමක් නැහැ.වින්කල් පාඩමක් නොවුණත් බයිසිකලයේ නිදර්ශනයෙන් ඇත්තක් දැකිය හැකියි. බයිසිකලය කියා දෙයක් නැත . ඇත්තේ බයිසිකලය නමින් නමක් පමණයි. එම නම ඉතිතහාසයේ සිට පනවන ලද සම්මුතියක් හෙවත් ප්‍රඥප්තියක් පමණක් කියා අප තේරුම් ගත යුතුයි. සත්‍යය වශයෙන්ම නමක් පමණයිි.නමට වඩා දෙයක් එහි නැහැ. වෙන් කර ගත් විට නම මිසක් වෙන කිසිවක් නැහැ.
නිදර්ශනයක් ලෙස මලක් ගනිමු. මලේ පෙති වෙන්කර දැමුවහොත් මලේ තිබූ පෙති සියල්ලම එතැන තිබුණත් මල නැහැ. මල ක් යනු මේ ආකාරයෙන් පැවතුණහොත් මලක් කියා කියනවාය මෙයද ඒ ආකාර නිසා ෙමික මලක්ය යන තර්කයට පැමිණෙයි. එම නිසා මල කියා දෙයක් නැහැ. සත්ත්වයා කියා දෙයක් තබෙනවාද? ද්වතිංසාකාර යනුවෙන් බෞද්ධයන් ප්‍රකාශ කරන ද්විතිංසාකාරය යනුවෙන්ද පොතෙහි සඳහන් වන දෙතිස් කුණුප භාවනාව නමින් ද හඳුන්වන ඉමස්මිං කායේ කේසා ආදී පාඨයෙහි කිසිදු ධර්මකාරණාවක් නැහැ. ඉමස්මිං කායේ මේ කයේ යන කොටස ඉවත් කළ විට අනෙකුත් සියල්ල ශරීරයෙහි තිබෙන අවයව හා වෙනත් දේවල් වෙයි.
ෙමි ආකාරයට අපෙගේ ශරීරයෙහි තිබෙන්නාවූ අවයවත් සෙම් සොටු ආදී දේවල් වෙන්කර ගත් විට අපගේ නම සඳහන්ව තිබෙන්නේ මෙතනින් කුමන නම් අවයව කොටසකද?යම්කිසි පුද්ගලයෙකු වයි යන නමින් හඳුන්වනවා යැයි සිතුව හොත් වයි නමැත්තාගේ නම තිබෙන්නේ කෙස්වලද ?ලොම් වලද? මහ බඩවැලේද? කුඩා බඩවැලේද? අස්ථිවලද? ඇටමිදුලු තුළද?එසේ නම්, මේ සියල්ලම එකට එක්කාසු කර රූපයක් තිබෙනවා නම්, එම රූපය තිබෙන තැනැත්තාට වයි කියා කියනු ලැෙබි. එවැනි නාම තාවකාලිකව ලබාගන්නා සම්මුති නාම වෙයි. සම්මුතියෙහි තිබෙන්නාවූ පැනවීම අප සියලු දෙනා ළඟ තිබෙයි.
ලස්සනට මනස්කාන්ත ආකාරයට කැටයම් ඔබ්බවා තනවා තිබෙන්නාවූ ධර්මාසනයක් කෑලිවලට වෙන්කළ හැකියි. කෑලි කෑලි වලට වෙන්කළ විට එය සඳහා ධර්මාසනය යැයි කියනවාද?එසේ කිව නොහැකියි. ධර්මාසනය ලෙස හඳුන්වන්නේ කුමකටද?එම සම්මුති නාමයක් පමණයි එය සම්මුති නාමය ලෝකයේ තැනින් තැනට වෙනස් විය හැකි නාමයක්.
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
No comments:
Post a Comment