නොකළ යුතු දේ නොකර සිටීමත්, කළ යුතු දේ් කිරීමත් සන්තුෂ්ෂක ජීවිතයක ප්‍රමුඛ කාර්යය වෙයි. නොකළ යුතු දේ් කළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. කළ යුතු දේ නොකළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. අප ජීවත් වීෙමිදී ජීවත් වීම සඳහා බොහෝ දේ කළ යුතු බවට නිරතුරුවම කතා වෙයි. මේ සියල්ලම කරන්නේ කෑම සඳහා බවට යමි යම් අවස්ථාවල යමිකිසි පුද්ගලයන් ප්‍රකාශ කරන අවස්ථා අපට අසන්නට ලැබෙයි.එය ජීවිතය ජීවත් කරවීමේ නියාමයට පටහැනි වෙයි. අපට ශරීරයක් තිබෙනවා සේම එම ශරීරය ඇතුළත තිබෙන පණ ශරීරය ඇතුළෙහිම ගැට ගසා තබාගැනීමට වෑයම් කිරීම සඳහා වැඩපිළිවෙළක් අපට තිබෙයි. ඊට අමතරව ජීවත්වෙනවා යන කාරණාව පවතී.
මෙම ශරීරය අතුළත තිබෙන පණ ගැටගසාගෙන සිටීම ජීවත් වෙනවා යනුවෙන් ඔබට සිතිය හැකියි. ඊට අමතරව ජීවිතයක් තිබෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේද? යනුවෙන් සිතිය හැකියි. එම ජීවිතයට සන්තුෂ්ෂකභාවය එකතු කරගැනීමට තිබෙන ප්‍රධාන පෙළේ ප්‍රමුඛ කාරණාව රැඳී පවතී. ජීවිතය වෙනත් කාරණාවක් වන අතර පණ ගැටගසා ගන්නවා යනු වෙනම කාරණාවක් වෙයි. ශරීරය ඇතුළත ශරීරය නොමැරී පවත්වාගෙන යාමට ශරීරය ඇතුළත තබාගනු ලබන ජවය පණ වෙයි.එම පණ ශරීරයෙන් ඉවත් වීමට නම්, ආහාර නොගෙන සිටිය යුතුයි. පණ ශරීරය ඇතුළත ගැටගැසී තිබීමට නම්, කාල බීල සිටිය යුතුයි. ජීවත්වෙනවා කියමින් ජීවිතය නමින් හඳුන්වන තවත් කාරණාවක් වෙනම පවතී. එම ජීවිතය සන්තුෂ්ෂකභාවය සහිත පැවැත්ම වෙයි.
පණ රැකගැනීම
සත්තුන්ගේ ශරීර ඇතුළත පණ තිබෙන අතර උන්ගේ ශරීර ඇතුළත පණ රැකගැනීම සඳහා කම්න් බොමින් නිදමින් සිටියත් ඔවුන්ට ජීවිත නැහැ. සත්ත්තුන්ට ජීවිතයක් නැති බව ප්‍රකාශ කරන විට එය එසේ සිදුනොවිය හැකි බවට අයෙකුට තර්ක කළ හැකි වෙයි.සත්තුන්ට අම්මාවරුන්, පියවරුන් ,ස්වාමිපුරුෂවරු, භාර්යාවරු, දූලා පුතාලා, නැති නිසාම ඔවුන්ට ජීවිත නැහැ. සත්ත්තුන්ට අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැති නිසා ඔවුන්ට ජීවිත නැහැ. එසේ ප්‍රකාශ කරන විට නැත්තේ මොකද ? ඕනතරම් සිටින බවට කෙනෙකුට තර්ක කළ හැකි වෙයි. ඇත්ත වශයෙන්ම නැහැ. සත්ත්තුන්ට භාර්යාවන් නැහැ. ස්වාමිපුරුෂයන් නැහැ. සත්ත්තුන්ට ගැහැනු සත්තු සහ පිරිමි සත්තු පමණක් සිටී. භාර්යාව සහ ගැහැනු සතා අතර විශාල වෙනසක් පවතී.ස්වාමිපුරුෂයා සහ පිරිමි සතා අතර විශාල වෙනසක් පවතී. ගැහැනු සතාට පිරිමි සතා පිළිබඳව හැඟීමක් දැනීමක් නැහැ. පිරිමි සතාට ගැහැනු සතා පිළිබඳව හැඟීමක් දැනීමක් නැහැ.
හැඟීම් දැනීම් නැති විඳීම්
හැඟීම් දැනීම් නැති විඳීමක් පමණක් ශරීරය සමඟ බැඳී පවතී. හැඟීම් තිබෙන්නේ ජීවිත සමඟ පමණයි. ගැහැනු සතා කෑවාද? බීයුවාද? කියා සොයා බැලීමට පිරිමි සතාට වුවමනාවක් නැහැ. පිරිමි සතා කෑවාද? බිව්වාද? කියා සොයා බැලීමට වුවමනාවක් නැහැ. ගැහැනු සතා සිටින්නේ කොතැනද? කවුරුන් සමඟද? කියා සොයාබැලිමට පිරිම සතාට වුවමනාවක් නැහැ.පිරිමි සතා සිටින්නේ කොතැනද? කවුරුන් සමඟද ? කියා සොයා බැලීමට ගැහැනු සතාට වුවමනාවක් නැහැ. එම නිසා ඔවුන්ට ජීවිත නැහැ. ඔවුන් අතර ලෙන්ගතුකම්, ස්නේහවන්තකම්, දයාබරකම් නැහැ. ඒ අනුව බලාගෙන ගිය විට ගැහැනු සතාට වඩා භාර්යාව තුළ පවතින ලෙන්ගතුකම ,ස්නේහය ,දයාව , ආදරය , රැකවරණය සැළකිල්ල යන කාරණා ජීවිතයට ඇතුළත් වෙයි.එසේ නොවන කොටස ශරීරයෙහි පවතී. ස්වාමිපුරුෂයාගේ ලෙන්ගතුකම, ස්නේහය, දයාව, සෙවිල්ල, බැලිල්ල, රැකවරණය යන කාරණා ජීවිතයට අයත් වෙයි එසේ නැත හොත් ශරීරය පමණක් ඉතිරි වෙයි.
සහෝදරකම
එම කාරණාව සද්්භාවයෙන් තර්ක කර බලන්න. සත්‍ය වශයෙන්ම සතුන්ට ජීවිතයක් තිබෙනවාද? යන වග. එක මව්කුසෙන් බිහිවුවන් සහෝදරයන් සහ සහෝදරියන් වෙයි. එක කුසෙන් එක වෙලාවට ඉපදුන විට නිවුන් සහෝ්දරයන් සහෝ්දරියන් ලෙස හඳුන්වයි. එක දවසේ සතුන්ගෙන් බිහිවුණ පැටවුන් ඔබ අප දැක තිබෙයි. ඔවුන් දරුවන් නමින් සිංහලයේද හැඳින්වීමක් කරන්නේ නැහැ. ඔවුන් පැටවුන් නමින් හඳුන්වයි. එකම දවසක, එකම වෙලාවක පැටවු ගැසූ විට එම පැටවුන් සහෝදරයන්, සහෝ්දරියන් විය යුතුයිනෙ. සැබෑවටම ඔවුන් නිවුන්නු විය යුතුයි නෙ. බල්ලන් බළලුන් අතර නිවුන් සහෝදරයන්ගේ සහෝදරකම් තිබෙනවාද? කාලය ගතවීමත් සමඟ උන් ටික වැඩි හිටි වෙයි. වැඩිහිටි වූ විට තාත්තාට දුව සොයාගන්න බැහැ. නංගිට අයියා සොයාගන්න බැහැ. මල්ලිට අක්කා සොයාගන්න බැහැ. දරුවන්ට දෙමවුපියන් සොයාගන්න බැහැ. ඔවුන් අතර ලෙන්ගතුකම් නැහැ. දරුමුණුබුරු මිනිබිරිකම් නැහැ. අඩුම වශයෙන් ආච්චි සීයාකමවත් නැහැ.ඔවුන්ට තවත් එක් ශරීරයක් පමණයි.
සන්තුෂ්ෂකභාවය
සත්තුන්ට ජීවිත නැති බවට තර්කයක් ගොඩනැඟෙයි. මිනිසුන්ට ජීවිත තිබෙයි. නැවත වතාවක් සද්්භාවයෙන් කල්පනා කර බලන්න. එක වෙලාවට බිත්තර දමන කුරුලු වර්ග, මාඑ වර්ග කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද? ඔවුන් අතර සහෝදරකම්, ලෙන්ගතුකම්, නෑදෑකම් තිබෙනවාද? එහෙම නැහැ. ඔවුන් කා කොටා වැටෙන්නේ ඒ නිසයි. ඇතැම් වෙලාවට මෙම කාරණා අතුල්පහරක් එල්ලකරන තරමට ඔබට රිදුම් දෙනවා විය හැකියි. එහෙම ලෙන්ගතුකම් ,ස්නේහ්වන්තකම්, දයාබරකම් හා සහෝදරකම් නොමැති වුවහොත් අප ළඟාවන්නේ සත්තුන්ට නිසා. එවිට අපට ජීවිත නැහැ. එම ජීවිතය නැතිව ගිය විට මිනිසුන්ට සන්තුෂ්ෂකභාවය නැහැ. මිනිසුන්ට ඉතිරි වන්නේ ශරීරයක් පමණයි.ශරිරය ඇතුළත පණක් පමණයි. ශරීරය ඇතුළත තිබෙන පණ ශරීරය ඇතුළෙහිම නඩත්තු කරවීම උදෙසා පණ රැකගැනීමේ ආකෘතියක් පමණයි. පණ රැකගැනීමේ වැඩ පිළිවෙළක් පමණයි. පණ රැකගැනීම උදෙසා කමින්, බොමින්,අඳීමින්, පළඳිමින් ගේ දොර හදම්න් කූඩු හදාගෙන සිටින සතුන් වගෙයි. මෙම කාරණා සමඟ සසඳමින් තම තමන්ට තම තමන් පිළිබඳව තක්සේරුවකට පැමිණිය හැකි වෙයි. අපට ඇත්ත වශයෙන්ම ජීවිත තිබෙනවාද? යන්න නැවත සිතිය යුතුයි.
සාමාන්‍යයෙන් සතුන්ට සංස්කෘතීන් නැහැ. සතුන්ට ආචාර ධර්ම , ආගම දහම නැහැ. සතුන්ට සමාජ ධර්මතා නැහැ. සතුන්ට අයහපත යහපත පිළිබඳ නිර්ණායක නැහැ. සතුන්ට අධ්‍යාපනය නැහැ. සතුන්ට රසවින්ඳනයක් නැහැ. සතුන්ට හැඟීම දැනීමි නැති විඳීම පමණක් තිබෙන ඔවුන් සත්තු වෙයි. එම නිසා සත්තු සහ මිනිස්සු අතර තිබෙන වෙනස සන්තුෂ්ෂක ජීවිතයක ස්වභාවය වෙයි. සත්‍ය වශයෙන්ම සතුන්ට සන්තුෂ්ෂක ජීවිතයක් නැහැ. මක් නිසාද යත්? ඔවුන්ට හැඟීම් දැනීම් නැති නිසා දරුමල්ලන් හත්අට දෙනා සිටි විශාල පවුල් අප දැකගන්නට ලැබී තිබුණා. එම ගෙදර චූටිම නංගිට ලැබුණ වෙරළු ගෙඩිය කන්න හදන විට එම ගෙදර ලොකු අයියා චුටි නංගිට තනිවම කන්න එපා චුටි නංගි, යනුවෙන් ප්‍රකාශ කළා. අප සියලු දෙනාම බෙදා හදාගෙන කෑ යුතු බවට අයියා නංගිට මතක් කරදෙයි. චුටි නංගි වෙරළු ගෙඩිය හත්දෙනාට බෙදන්න උත්සාහ කරන විට අක්කා ඇවිත් අම්මයි අප්පච්චියි දෙන්නා මතක නැතිද? යනුවෙන් නංගිට මතක් කර දෙයි.
එසේ නම්, හත්දෙනා නොවෙයි නවදෙනෙක් සිටී. ඒක නිසා චුටි නංගි වෙරළු ගෙඩිය කෑලි නවයකට කපන්න යනුවෙන් උපදෙස් ලබාදෙයි. ඒක අසාගෙන සිටි ලොකු අයියා ඇත්ත තමයි චුටි නංගි අම්මයි තාත්තයි අප සහෝදර සහෝදරියන් හත්දෙනයි නවදෙනෙක් සිටින නිසා වෙරළු ගෙඩිය කෑලි අටකට කපන්න උපදෙස් ලබාදෙයි. නව දෙනෙක් සිටින පවුලක වෙරළු ගෙඩිය කෑලි අටකට කැපිය යුතු බව ප්‍රකාශ වීමත් සමඟ ප්‍රහේළිකාවක් ගොඩනැඟෙයි.
කෑලි අටකට වෙරළු ගෙඩිය කපා අවසන් වුණාට පසුව නව දෙනෙක් සිටින පවුලේ වෙරළු ගෙඩිය කෑලි අටකට කැපුවේ ඇයිද? යනුවෙන් ලොකු අක්කා ප්‍රශ්න කරයි. එයට කරුණු පැහැදිලි කරන ලොකු අයියා ලොකු නංගියේ අම්මාටත් තාත්තාටත් එක කෑල්ලක්. ඒ ඇයි? අම්මාට කෑල්ලක් දුන් විට අම්මා ඒකෙන් බාගයක් කෑමටගෙන ඉතිරිය තාත්තාට ලබාදෙයි. තාත්තාට කෑල්ලක් දුන් විට තාත්තා කෑල්ලක් කාල ඉතිරි බාගය තබාගෙන පසුව හෝ අම්මාට දෙයි.එහෙම තමයි ආදරය. වරක ගෙඩිය කෑලි හත අටකට කපාගෙන කන්නේ කන්න බැරි නිසා. ඒත් වෙරළු ගෙඩිය කෑලි අටකට කපාගෙන කන්නේ කෑලි අටකට කපාගෙන කන්න බැරි නිසා නොවෙයි තනිවම කන්න හොඳ නැති නිසයි. වෙරළු ගෙඩිය තනිවම කෑවත් බඩ පිරෙන්නෙ නැති බව අප හොඳටම දන්නවා. ඒත් සහෝදරකම් ආරක්ෂා කරගන්න බඩ පිරෙන්න වුවමනා නැහැ.
ඒ ආකාරයෙන් වෙරළු ගෙඩිය කෑලිවලට කපාගෙන කාපු සහෝදර සහෝදරියන් හත්දෙනා ඒ සහෝදරකම් එලෙසම ඉතිරි කරගෙන ලොකු වෙනවා. එම සත්තකූට පර්වත නැත්නම් සත්කුළු පවු වැනි ගිරිසිකරයන් හතක් සුළඟටවත් සෙළවෙන්නේ නැහැ.ඒ පවුල ඒ තරමට බලසම්පන්න වෙයි. කුමන ආකාරයෙන්වත් සිඳෙන්නේ බිඳෙන්නේ නැහැ. ආදරය ගෞරවය, විශ්වාසය, ළෙන්ගතුකම, ස්නේහවන්තකම, දයාබරකම් ඒ තරමට විශාල වෙයි.එසේ තිබුණ පවුල සමිප්‍රදායට වුණේ කුමක්ද?
වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත්කුළු පවු විලාසෙන
පැල ඉණි වැටට ඇයි අද ඇන කොටාගෙන
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන
උන් අපි එදා සත්කුළු පවු විලාසෙන
පැල ඉණි වැටට ඇයි අද ඇන කොටාගෙන
අප නැවත වතාවක් ආපස්සට හැරී බැලිය යුතු කාලය එළඹ තිබෙයි. ඒසේ නම්, එදා පැවතුන සොඳුරු මනුස්සකම සොඳුරු විඳීම් සොයාගෙන අප ආපස්සට පියරවර තැබිය යුතුයි.එය ගොඩනඟා ගැනීම සඳහා අලුත් අවුරුදු සමයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් සිහිපත් කරමු.
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment