Labels

Thursday, January 26, 2017

අයහපත යහපතින් දිනිය හැකිය

අයහපත දිනිය යුත්තේ යහපතෙනි. බුදුපියාණන් වහන්සේගේ සමස්ත ධර්ම පර්යායෙහිම මෙම කාරණය පැහැදිලි කිරීම අරමුණු කරගෙන කාරණා සඳහන් කර ඇති ප්‍රමාණය අප සිතන ප්‍රමාණයට වඩා වැඩිවෙයි. න හි වෙරෙන වෙරානි,අසාධුං සාධුනාජිනෙ, යන හැම කුඩා ප්‍රකාශකින්ම කියැවෙන පර්යාය හෙවත් නියමය එකක් වෙයි.
කිසියම් අයහපත් තත්ත්වයක් පරාජය කිරීම හෙවත් මැඩලීම සඳහා කළයුත්තේ එහි ප්‍රතිරෝධකය බලසම්පන්න කිරීමයි.
තවදුරටත් පහැදිලි කරනවා නම්, වෛරය දිනිය හැක්කේ අවෛරයෙන් මිස වෛරයෙන් නොවෙයි. කිසියම් රෝගයක් දිනිය හැක්කේ බෙහෙත් කිරීමෙන් ද,ගින්න පරාජය කළ හැක්කේ ජලයෙන් ද,බඩගින්න පරාජය කළ හැක්කේ ආහාරයෙන් බවත්,යන කරුණු මේ ආකාරයෙන් බලාගෙන ගිය විට පැහැදිලි වන කරුණ නම්, සැම සිදුවීමකම ප්‍රතිරෝදයකින් අනෙක් පැත්තෙහි පවතින කිසියම් අකුසල මානසිකත්වයක් පරාජය කළහැකි බවයි. කිසියම් පුද්ගලයෙක් යම් සිදුවීමක් හේතුකොටගෙන අපට වෛර බඳිනවා නම් , එකී වෛර බඳින තැනැත්තා පරාජයට පත්කිරීම සඳහා අපද වෛර බඳින්නේ නමි,කිසිම දවසක ජයග්‍රහණය ලැබිය නොහැකී. ගින්නක් ඇවිලෙන විට එම ගින්න නිවීම උදෙසා යමෙකු අනෙක් පැත්තෙන් ගින්න අවුළුවනවා වගෙයි. එක ගින්නක් නිවීම සඳහා තව ගින්නක් අවුළුවාලීම නිවැරැදි වන්නේ නැහැ.

එය පරාජයට පත්කළ හැක්කේ සම්පූර්ණ ප්‍රතිරෝධකයකින් පමණයි. එය ධර්මතාවයක් වෙයි. යම්කිසි ආකාරයක කලබලයක් පරාජයට පත්කළ හැක්කේ සන්සුන් කමකින් පමණයි. ලෝභය පරාජයට පත්කළ හැක්කේ අලෝභය හෙවත් දානයෙන් පමණයි. ෙවිගය පරාජය කළ හැක්කේ නැවතීමෙන් පමණයි. ෙවිගයෙන් ගමන් කරන වාහනයක් නැවතිය හැක්කේ ෙවිගය අඩුකිරීමෙන් සහ ෙවිගය නැති කිරිීමෙන් පමණයි. එවැනි ආකාරයෙන්ම අයහපත පරාජය කළ හැක්කේ යහපතින් බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇති බව සිහිපත් කළ යුතුයි. මෙම නියාම ධර්මතාවය ඉතාම ලස්සනට බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා. කිසියම් කෝප්පයක තිබෙන ලුණු කැටයකට වතුර බිංදු ස්වල්පයක් එක්කාසු කිරීමෙන් පසු මද ෙවිලාවකින් එම ලුුණු කැටය දිය වී යයි. දියවී ගිය ලුණු කැටය ලුණු දියරයක් බවට පත්වෙයි. එහි ඉතිරි වන ලුණු වතුර ප්‍රමාණයෙහි අඩංගුව පවතින ලුනු කෝප්පය තුළ තිබියදීම නැති කළ හැක්කේ කෙසේද?කෝප්පය අපගේ ශරීරය ලෙස සැලකිය හැකියි. ලුණු අපෙග් සිත තුළ බුර බුරා නගින දේවේෂය ලෙස සැලකිය හැකියි.ශරීරය තුළ සිත ආශ්‍රය කරගෙන පවතින ද්වේශය, වෛරය,ක්‍රෝධය සෘජුවම ගලවා ඉවත් කළ නොහැකි නිසා එය නිවාදැමීම අවශ්‍ය වෙයි. ගින්න හටගත් පසු එම එම ගින්න ගලවා ඉවත් කළ නොහැකි නිසා එම ගින්න තිබිය යුතු ස්ථානයෙහිම එය නිවා දැමිය යුතුයි. එසේ නම්, ගින්න පවතින ස්ථානයට පිටතින් වතුර රැගෙනවිත් ඉසිය යුතුයි.

කෝප්පය තුළ දියවී ඇති ලුණු ු කෝප්පය තුළ තිබියදීම නැති කළ හැක්කේ කෙලෙසද?ලුණු සඳහා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ප්‍රතිරෝධකය වන වතුර පාවිච්චි කළ යුතු අතර එම වතුර පාවිච්චි කළ යුත්තේද ලුණු ප්‍රමාණය අනුවයි. ලුණු ලීටරයක් සඳහා වතුර ලීටරයක් දැමූ විට පවතින වෙනස අඩුවෙන ලුණු ප්‍රමාණයට වඩා වැඩි වන්නේ ලුණු ලීටරයකට වතුර ලීටර පහක් දැමූ විට ඊට වඩා වැඩි ෙවිගයකින් ලුණු වල ඝනත්වය අඩුවෙන නිසයි. ලුණු ලීටරයකට වතුර ලීටර දහයක් දැමූ විට ඊටත් වඩා ලුණු වල ඝනත්වය අඩුවනවා නම්,කෝප්පය තුළ ලුණු තිබියදීම වතුර දැමීමෙන් ලුණුවල ඝනත්වය අඩුකළ හැකි ආකාරයයි. විද්‍යාත්මක තර්කනයක් ලෙස අපට එය ඉදිරිපත් කළ හැකි වන්නේ කිසියම් බලයක් නිශ්ක්‍රිය කිරීම සඳහා එහි ප්‍රතිරෝධකය අධිබලයක් ලෙස ආරෝපණය කළ කළ යුත්තේය යන ප්‍රකාශය මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත. බුදුපියාණන් වහන්සේ ගේ දේශනාව නූතන විද්‍යාව හා සම්මතව සොයාගැනීමට පෙරාතුව දේශනා කළ කාරණාවක් වෙයි.කිසියම් ආකාරයක වේගයක් පවතිනවා නම් එම වේගය පාලනය කරන ආකාරයත් , කිසියම් ආකාරයක ද්වේශයක්, ලෝභයක්,මෝහයක් , පවතිනවා නම් එය පාලනය කළ හැකි ආකාරය පෙරකී ,බලය නිෂ්ක්‍රීය කිරීෙමි අධිබලත්වය ආරෝපණයෙන් පැහැදිලි කරදෙයි.

වෛරය බිඳ දැමිය හැක්කේ අවෛරයෙන් මිස වෛරයෙන් නොවෙයි. යමෙක් මට වෛර කරන්නේ නම්,මා ඔහුටද පෙරලා වෛර කරන්නේ නම්, වෛරයේ සංවර්ධනයක් සිදුවනවා මිස එකී වෛරය පරාජය කිරීම නොවෙයි. යම් පුද්ගලයෙක් අප තල්ලු කළ විට අපද එම තැනැත්තා තල්ලු කරනවා නම්, ඔහු හෝ මා බිම වැටිය හැකියි. එම කාරණා දෙකෙන්ම දෙදෙනාටම නැගිටීමට නොහැකි වනවා මිස , වැටීම වැළැක්විමට ක්‍රමයක් නැහැ. යමෙක් තමා තල්ලුකිරීමටම පැමිණෙවා නම්,එම ෙවිගයටම තල්ලුකිරීමට ඉඩහැර තමාව ක්ෂණිකව ඉවත්විය යුතුයි.
ක්ෂණිකව ඉවත්වූ විට තල්ලු කිරීමට පැමිණි තැනැත්තා ස්වේච්ඡාවෙන් බිම වැටෙයි. බුදුරජාණන් වහන්සේ මෙවැනි උපාය ක්‍රම දේශනා කර ඇත්තේ , කිසියම් ක්‍රියාවකට ප්‍රතිචාර දක්වන්නාවූ සිදුවීම සම්බන්ධවයි. යමෙකු ද්වේෂ සහගතව කටයුතු කරන්නේ නම්,නිදර්ශනයක් ලෙස "ඒ" නම් වූ තැනැත්තා "බී" නම් වූ තැනැත්තාට වෛර කරන්නේ නම්, "ඒ" නම් වූ තැනැත්තා "බී" නම් වූ තැනැත්තාට ද්වේෂ කරමින් "බී" නම් වූ තැනැත්තාට බැනවදිමින් දොස්කියනවා නම්,බී නම් වූ තැනැත්තාට එරෙහිව කටයුතු කරනවා නම්, නින්දා කරනවා නම්, අපහාස අපවාද කරනවා නම්, අවලාද නගිමින් සැහැසිකම් කරමින් කෙනෙහෙලි කම් කරනවා නම්,මේ සකල විධ ක්‍රියාවලියේදී බී නම් වූ තැනැත්තා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටී. මෙම සන්්සිද්ධි්ය පමණක් අධ්‍යයනය කරන විට එම සන්සිද්ධියේදී සිත නරක් කර ගනු ලබන්නේත්, සිත නරක් කරගැනීම නිසා ලේ නරක් කරගන්නේත් , ලේ නරක් කරගැනීම නිසා කිසියම් ශාරීරික අපහසු තාවයකට හා මානසික අසහනයකට පත්වන්නේ සියලු ක්‍රියාකාරකම් සිදුකරන ඒ නම් වූ තනැත්තායි.
සකලවිධ ක්‍රියාවලියේ තමා විසින්ම තමා දුෂණයට පත්කර ගනිමින් තමා විසින් තමා නින්දාවට අපහාසයට ස්වේච්ඡාවෙන් පත්වන්නේ ඒ නම් වූ තැනැත්තායි.

යමෙක් යමෙකුට ද්වේශ කරන්නේ නම්. එම තැනැත්තා ගිනි අගුරුවලින් පහර දෙන්නෙක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. පළමු කොටම පිළිස්සීමට භාජනය වන්නේ ගිනිඅ¼ගුරෙන් පහර දෙන තැනැත්තාමයි යමෙක් යමෙකුට ද්වේශ කරන්නේ නම්, එම තැනැත්තා අසූචියෙන් පහර දෙන්නෙක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එම නිසා දුර්ගන්ධ භාවයට පත්වන්නේ පහර දුන් තැනැත්තායි.කිසියම් වෛරයකට, ද්වේෂයකට, මෝහයකට අනුව කටයුතු කරනවා නම්, අප කළ යුත්තේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි ප්‍රතිචාර දැක්වීමයි.ක්‍රෝධය දිනිය යුත්තේ අක්‍රෝධයෙන්.

කිසියම් නිවසක ජීවත් වන දෙදෙනෙකුගෙන් එක් අයෙකු කෙළවරක් නැතිව බනිනවා නම්,අනෙක් තැනැත්තා ඒ පිළිබඳව එය නිවැරැදි බවට අඟවමින් ඔව් ඔව් යනුවෙන් පමණක් පිළිතුරු දෙනවා නම්, දෝෂාරෝපණය කරන පුද්ගලයාගේ එකී දෝෂාරෝපණය කිරීමට වටිනාකමක් නොලැබෙන නිසා ඔහුට කිසිවක් නෙළාගැනීමට ලැබෙන්නේ නැහැ. එම නිසා ඔහුට දොස් නැගීම නිරර්ථක ක්‍රියාවක් වෙයි.



කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment