ඔබේ යුග දිවියේ සාර්ථකත්වය පිළිබඳ වඩාත් පැහැදිලි පිළිතුරක් දීමට පුලුවන් වන්නේ ඔබට පමණයි. නමුත් එම පිළිතුර ඔබගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගත් එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ නිසා එම පිළිතුර පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක් නොවීමට ද ඉඩ තිබේ. කෙසේ වුවද යුග දිවියේ සාර්ථක හෝ අසාර්ථක බව මත ඔබගේ සමස්‌ත ජීවිතය ම තීරණය වන බව නම් පිළිගත යුතුම ය.
යුග දිවිය පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය කොයිවගේ ද යන්න විමසා බැලියයුතු වන්නේ එය හුදු පෞද්ගලික අත්දැකීම් පමණක් පදනම් කරගත් පටු විග්‍රහයක් නොවන බැවිනි. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද යුග දිවිය වර්තමාන අපට වැදගත් වන්නේ මේ නිසා ය.
සිද්ධාර්ථ කුමාරයා මිනිසුන් අතර බොහෝ සැප සම්පත් විඳින ලද ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ රාජ කුමාරයෙකි. එතුමාගේ යුග දිවිය ද අතිශයින් ම සාර්ථක සහ ප්‍රීතිමත් එකක් වූ බව ඵෙතිහාසික පොත්පත් වලින් පැහැදිලි වේ. තව ද සිද්ධාර්ථ කුමාරයා තමන් විවාහ වීමට කැමති කුමරිය කෙබඳු ද යන්න පවසා ශුද්ධෝදන රජතුමාට ලිපියක් යවන ලද බව ලලිත විස්‌තරය නම් වූ මහායාන පොතේ සඳහන් වේ. එහි පරිවර්තනය මෙසේ ය,
මට කුමරියක් පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක් විය යුතු ය. ඕ රූප මදයෙන් මත් නොවිය යුතු, මවක සේ සොහොයුරියක සේ මෙත් සිතැත්තියක වියයුතු, මහණ බමුණන්ට දන් දීමෙහි ඇලුනියක වියයුතු. මානය, කිපෙන ගතිය, ශඨ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්‌වාමිභක්‌තිය ඇති, උඩඟු නොවූ, හැඩි දැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාලාගෝට්‌ටි කෙරෙහි ඇලුම් නැති, සුවඳ විලෙවුන් දැරීමෙහි ආශා නැති, ලොහොබි නොවූ, අන්සතු දෑ දැක ආශා නොකරන, සත්‍යවාදී වූ, සැපතෙහි දී ආඩම්බර නොවන, විපතෙහිදී නොතැවෙන, ඒ හැමතැනදී මධ්‍යස්‌ථ (උපේක්‍ෂා) වැඩ සිටින, ලඡ්ජා බය ඇති, දෘෂ්ටමංගල, ශ්‍රැතමංගලයෙහි (ප්‍රිය දෑ දැකුම් ආදියෙන් සුබ ඵල ලැබෙතැයි යන මතයෙහි) නොඇලුණු, ගුණ දහමින් යුත්, හැමකල්හි හිත, කය, වචනය යන තුන්දොර ම පිරිසිදු ලෙස රැකගන්නා අලස බවින්, කුසීත බවින් දුරු වූ, කුල මාන, වංශ මානයෙන් මත් නොවූ, විමසා කටයුතු කරන, ධර්මචාරී වූ, නැදිමයිලන් කෙරෙහි ගුරුන්ට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික, කුහක නොවූ එකියක විය යුතු.
(සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - 24 - 25 පිටු)
මෙයින් පැහැදිලිs වන්නේ විවාහයට ප්‍රථම සිද්ධාර්ථ කුමාරයා විසින් ප්‍රීතිමත් යුග දිවියකට ගැලපෙන කුමාරිකාවක් කෙසේ විය යුතු ද යන්න පිළිබඳ සිතා සිටි බව ය. ඒ අනුව වටිනා ගුණ ධර්ම රාශියකින් යුතු කුමරියක සරණපාවා ගැනීමට තරුණ බෝසතාණන් වහන්සේ කටයුතු කළහ.
සිද්ධාර්ථ කුමාරයා ද එබඳු ගුණයහපත් කුල කතකට නොදෙවෙනි ආකාරයේ ගුණධර්ම දියුණු කළ එකල තරුණියන් අතර ජනප්‍රිය චරිතයක් වූ බව පෙනේ. මේ අනුව උන්වහන්සේ තුළ තිබුණු තාරුණ්‍යය මුසු වූ පෞරුෂත්වය දුටු කිසා ගෝතමිය මෙබඳු ප්‍රකාශ කළාය,
මෙබඳු පුතෙකු ලද මාතාව අනිවාර්යයෙන් ම නිවීමෙන් සැනසෙන්නී ය. ඒ වගේ ම පියා ද අනිවාර්යයෙන්ම නිවීමෙන් සැනසෙන්නේ ය. මෙබඳු ස්‌වාමියෙකු ලද ස්‌ත්‍රිය ද අනිවාර්යයෙන් ම නිවීමෙන් සැනසෙන්නී ය.
ඉහත සඳහන් ප්‍රකාශය නිබ්බුත පද යනුවෙන් ප්‍රසිද්ධියට පත් ව තිබේ. ගාථාවේ පද පෙළ ඉතා සරල වුවත් එයින් ගම්‍ය වන අර්ථය එතරම් සරල නැත. ස්‌වාමිපුරුෂයෙකුට එක ම මොහොතක සිය දෙමාපියන් හා බිරිඳ සැනසීමට පත්කළ හැකි නම් ඒ ඉතා දුර්ලභ කාරණයකි. කෙනෙකුගේ විවාහක ජීවිතය වඩාත් සාර්ථක වන්නේ එබඳු දක්‍ෂතාවක් තිබේ නම් පමණි. කිසාගෝතමිය දුටු සිද්ධාර්ථ කුමාරයා එවන් දුර්ලභ ගුණාංගයන්ගෙන් සපිරි පුරුෂ ශේa්‍රෂ්ඨයෙකු වූ බව මේ අනුව අවිවාදයෙන්ම පිළිගත යුතුය. ඊට හේතුව නම් උන්වහන්සේගෙන් මාපිය, දූදරු, භාර්යා සැමටම ලෞකික සැපයත් ලෝකෝත්තර නිවීමත් යන දෙකම උරුම වූ නිසා ය.
සිද්ධාර්ථ කුමාරයා හා යසෝධරා දේවිය විවාහයට පත්වීමට පෙර පටන් අන්‍යාන්ය අවබෝධයෙන් කටයුතු කළ අය වූහ. පෙර සංසාරයේ පුරුදු කරන ලද අෙන්‍යාaන්‍ය අවබෝධය මෙන්ම පුරණ ලද පාරමිතා ධර්ම ද මෙහිදී අමතක කළයුතු නැත. මේ දෙපොල පිළිබඳ කරන ලද විවාහ යෝජනාව හා කුමරු හා කුමරිය ඒ සම්බන්ධයෙන් දරන ලද ආකල්පය පූජාවලියෙහි සඳහන් වන්නේ මෙසේ ය.
ඉක්‌බිත්තෙන් පිය මහරඡ්ජුරුවෝ යසෝධරා දේවීන් පුතණුqවන්ට අගමෙහෙසුන් කරනු කැමති ව උන්ගේ පියාණන් සුප්‍රබුද්ධ රඡ්ජුරුවන්ට කියා යෑවූහ. සුප්‍රබුද්ධ රඡ්ජුරුවෝ කියන්නාහු තමන්ගේ පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන් නොබෝ කලකින් මහණවනු සඳහා රජය හැර යෙත් . එදවස් මාගේ දුවණියෝ වැන්දඹු වෙති. මහණ නොවන රජකුහට පාවා දෙමි කියා යෑවූහ.
බෝධිසත්ත්වයෝ එපවත් අසා මහණත් වෙම්ම, යසෝධරාවනුත් මට පාවා නුදුන්නොත් රජය නොකැමැත්තමි යි කියති. යසෝධරා දේවී ද සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණවෙත් නමුත් සරණක රැකෙම් නම් උන් කෙරේ රැකෙමි යි කියති.
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කුමර කුමරියන් දෙපොල කෙතෙක් දුරට ඔවුනොවුන්ට ආදරය හා ගරු කළා ද යන්න ය.
සිද්ධාර්ථ කුමාරයා තුළ මේ සා ආකර්ෂණීය පෞරුෂත්වයක් ඇති වූයේ කෙසේද? උන්වහන්සේ බෝධිසත්ත්වවරයකු ලෙස සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා පුරණ ලද පාරමිතා ධර්මයන්ගේ ප්‍රතිඵල ලෙස මෙම අද්විතීය ලක්‌ෂණය ඇතිවිය. පාරමිතාවක් පරතෙරට යනතෙක් සම්පූර්ණ කිරීමෙන් සාමාන්‍ය මනුෂ්‍යයන් අතර උත්තරීතරත්වයට පත්විය හැකිය. උන්වහන්සේ විසින් මෙලෙස පුරන ලද පාරමිතා සංඛ්‍යාව දහයකි, ඒවා නම්,
දානං සීලං ච නෙක්‌ඛම්මං - පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චමදිට්‌ඨානං - මෙත්තුපෙක්‌ඛා ති මේ දස
01. දානය,
02. ශීලය,
03. නෛෂ්ක්‍රම්‍ය (නික්‌මීම) ය,
04. ප්‍රං (නුවණ ) ය,
05. වීර්ය ය,
06. ක්‍ෂාන්ති (ඉවසීම) ය,
07. සත්‍යය,
08. අධිෂ්ඨානය,
09. මෛත්‍රීය,
10. උපේක්‍ෂා (මැදිහත් බව) ය යන මේ දශය බුද්ධකාරක ධර්මයෝ හෙවත් පාරමීහු වෙති.
(පාරමී හෙවත් දස පෙරුම් දම්, 6 පිට)
සෑම පාරමිතාවක්‌ම පාරමී, උපපාරමී, පරමාර්ථ පාරමී යනුවෙන් බෙදෙන අතර ඒ අනුව තිස් වැදෑරුම් වේ. පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත පාරමිතා ප්‍රකරණයට අනුව පාරමිතාවල ප්‍රයෝජනය මෙලෙස සඳහන් කළ හැකිය.
නාම-රූප සංඛ්‍යාත සංස්‌කාරයන්ගේ හෙවත් ස්‌කන්ධ පංචකයාගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම නැති කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණු කිරීමෙන් පර සත්ත්වයන් කෙරෙහි ස්‌නේහය දියුණු කර ගැනීමත්, පාරමී සම්පාදනයේ උපායෝ ය. ආත්ම ස්‌නේහය තුනී කරගත් මහබෝසත්හට බෝධි සම්භාර සම්පාදනයෙන් වන දුක් ගැහැට අලාභහානි ඉවසිය හැකි වේ. පර සත්ත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා කොතෙක් වුව ද දුක් ගතහැකි වේ. වෙහෙසිය හැකි වේ. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා පරිත්‍යාග කළහැකි වේ. එබැවින් ආත්ම ස්‌නේහය තුනී කරගැනීම සහ පරසත්ත්ව ස්‌නේහය දියුණු කර ගැනීම පාරමී සම්පාදනයේ උපාය වේ.
(පාරමිතා ප්‍රකරණය 71 - 72 පිට)
මෙබඳු උසස් උත්තමයෙකු තුළ තිබෙන උතුම් ගතිගුණ සියල්ලක් ම යහපත් කුලකතුන් සතුටු කරවීමට හේතු වන අතර පුරණ ලද පාරමිතාවන්ගේ ප්‍රතිඵල ලෙස අප මහා බෝධිසත්ත්වයාණන් වහන්සේ අ`ගනන්ගේ නෙත් සිත් පැහැර ගත් අයකු වූවාසේම ඉතා ගුණයහපත් ස්‌වාමිපුරුෂයෙකු ද වූ සේක. මේ නිසා ම බෝධිසත්ත්වයන් වහන්සේ ගිහිගෙය අතහැර ගියත් යසෝධරා දේවිය උන්වහන්සේ වෙත තිබූ සෙනෙහස හා අවබෝධය කිසි ලෙසකින් වත් අඩුකර ගත්තේ නැත. ඒ බව චන්දකින්නර ජාතකයේ සඳහන් සුද්ධෝදන රජ යසෝධරා දේවිය පිළිබඳ කරන විස්‌තරයෙන් මනාව පැහැදිලි වේ.
සුද්ධෝදන රඡ්ජුරුවන් වහන්සේ ද බිම්බා දේවියගේ ගුණ කියන සේක් ''ස්‌වාමීනී, මාගේ යෙහෙළි තොම නුඹ කෙරෙහි ස්‌නේහයෙන් නුඹ මහබිනික්‌මන් කොට කාසාය වස්‌ත්‍රයක් පෙරවීය යනු අසා තුමූ අංගරාග නොගැල්වූ විරූ ය. නුඹ වහන්සේ එක්‌වේලේ වළඳති යනු අසා තුමූ ද ඒකභක්‌තියෙන් යෑපෙන්නාහ. තවද නුඹ වහන්සේ බිම වැදහොති යනු අසා තුමූ ද බිම සයනය කරන්නාහ. තව ද නුඹ වහන්සේ මහණ වූ බව අසා සෙසු රජදරුවන් එවූ ප`ඩුරු නොගෙන නුඹවහන්සේ කෙෙ රහි ස්‌නේහයෙන් වැන්දඹු ව ජීවත් වූයේ ඉතා ආශ්චර්ය යයි සිතමි, ස්‌වාමි දරුවාණෙනි.''
මෙවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක,
එපවත් අසා බුදුහු ''මහරජ, යම්බඳු මෑ දැන් වැන්දඹු ව කෙළවර අත්බැව් හි මා කෙරෙහි ස්‌නේහයෙන් ක්‌ලේශ වස`ග නොවී අනුන් ප්‍රාර්ථනා නොකළ බව ආශ්චර්ය නොවෙයි. පෙර ගියදවස තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්‌නේහයෙන් ප්‍රාර්ථනා නොකළ බව වේදැයි''
(චන්දකින්නර ජාතකය - නිදාන කතාව)
පති පතිනි දෙපොල ඉතා සරල යුග දිවියක් ගත කළත්, රට ජාතිය හා සමය වෙනුවෙන් කැප වූ කාර්ය බහුල ජීවිතයක් ගත කළත් නො එසේ නම් පරාර්ථචර්යාවටම නැඹුරු වූ බෝසත් ප්‍රතිපදාවක් අනුගමනය කළත් ඔවුන්ගේ යුග දිවිය වඩාත් ඔපවත් වන්නේ අෙන්‍යාන්‍ය කැපකිරීම හා අවබෝධය මත බව ඉහත කරුණු වලින් පැහැදිලි වේ.
බෝසත් කාලයේ තමන් ලද අත්දැකීම් මත පදනම් ව බුද්ධත්වයට පත් වූ පසු අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවස්‌ථා ගණනාවක දී ම යුග දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් කළ සේක.
මේ පිළිබඳ ඉතා අනගි විස්‌තරයක් සි`ගාලෝවාද සූත්‍රයෙහි දක්‌නට ලැබේ. එම සූත්‍රයේ සඳහන් වන පරිදි ස්‌වාමි පුරුෂයින් විසින් භාර්යාවන් කෙරෙහි කරුණු 05 කින් පිළිපදින විට භාර්යාවරු ද කරුණු 05කින් ස්‌වාමිවරුන්ට අනුකම්පා කරති. සූත්‍රයේ සඳහන් මේ පිළිබඳ විස්‌තරය මෙසේ ය,
පශ්චිම දිශාවෙන් දක්‌වන ලද භාර්යාවන් කෙරෙහි කරුණු 05 කින් පිළිපැදිය යුතුය,
1. ගරු කිරීමෙන්,
2. අවමන් නොකිරීමෙන්,
3. භාර්යාව නොඉක්‌මවා යැමෙන්,
4. සම්පත් පැවරීමෙන්
5. ආභරණ ලබා දීමෙන්.
මෙසේ කරුණු 05කින් සලකනු ලැබූ භාර්යාවෝ කරුණු 05 කින්
ස්‌වාමිපුරුෂයන්ට අනුකම්පා කරති,
1. කළයුතු දේ මනාව කිරීමෙන්,
2. පිරිවර ජනයාට මැනවින් සැලකීමෙන්,
3. ස්‌වාමියා නොඉක්‌මවා යැමෙන්,
4. ධනය රැකීමෙන්,
5. සියලු කටයුතු මැලි නොවී කිරීමෙන්.
මේ අනුව තම යුග දිවිය සැපතක් බවට පත් කර ගැනීමට හා සියලු දුකින් එතෙර වීමට විවාහය ආශීර්වාදයක් කර ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම තුළ මැනවින් දක්‌නට ලැබේ. සාර්ථක යුග දිවියක් තුළින් ලෞකික සැපය දියුණු කර ගැනීමට දෙන ලද වටිනා උපදෙස් රාශියක්‌ම මෙම සූත්‍රයේ සඳහන් වී ඇත. සිගාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ භාවිතා කරන ලද වචන ද ඉතාමත්ම වැදගත් වේ. උන්වහන්සේ වදාළේ ස්‌වාමිපුරුෂයින් විසින් භාර්යාවන් වෙත පච්චුපට්‌ඨාතබ්බා" හෙවත් පිළිපැදිය යුතුයි යනුවෙන් වන අතර භාර්යාවන් විසින් ස්‌වාමිපුරුෂයින් වෙත අනුකම්පති හෙවත් අනුකම්පා කරයි යනුවෙනි. මෙම වචන වලින් පවා දක්‌නට ලැබෙන්නේ ස්‌වාමි භාර්යා දෙපොල ඔවුන් කෙරෙහි දැක්‌විය යුතු අෙන්‍යාන්‍ය ගෞරවයේ උච්චතම අවස්‌ථාව යි. ස්‌වාමි පුරුෂයා විසින් භාර්යාව කෙරෙහි ඉහත කරුණු අනුව පිළිපදින විට භාර්යාව ස්‌වාමිපුරුෂයාට අනුකම්පා කරයි. මෙම ප්‍රතිපත්තිය සාර්ථක යුග දිවියක් තුළ ලෞකික හා ලෝකෝත්තර සැපය ළඟාකර දීමට හේතු වේ.
මහා මංගල සූත්‍රය තුළ සඳහන් මංගල කරුණු 38 අතර අඹුදරුවන්ට සැලකීම ද එකකි. මේ අනුව මෙම ප්‍රතිපත්තිය සාර්ථක යුග දිවියක් තුළින් ලෞකික හා ලෝකෝත්තර සැපය ළඟා කරදීමට හේතු වේ. ඊට හේතුව ලෙස සඳහන් කළහැක්‌කේ ලෞකික අරමුණු මෙන්ම ලෝකෝත්තර අරමුණු ද ළඟා කරගැනීමට නම් විවාහ ජීවිතයේ පති පතිනි අවබෝධය හා අෙන්‍යාන්‍ය තෘප්තිය අත්‍යවශ්‍ය වීම යි.
මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කරුණු 38 අතර අඹුදරුවන්ට සැලකීම ද එකකි. මේ අනුව "පුත්ත දාරස්‌ස සංගහෝ" යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ යුග දිවිය සාර්ථක කර ගැනීමට නම් තම පවුල නිසි පරිදි පෝෂණය කිරීම ද ඇතුළත් වන බව ය.
ලෞකික හා ලෝකෝත්තර සැපය උදාකර දෙන සාර්ථක යුග දිවියකට මනා උදාහරණයක් අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ පඨම (නකුල) සමජීවී සූත්‍රයේ සඳහන් වී ඇත. බුදුරජාණන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භේසකලාවනයේ වැඩ වසන කාලයේ දිනෙක නකුලපිතු ගෘහපතියාගේ නිවසට වැඩම කළ සේක. එහි දී බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි නකුලපිතු ගෘහපතියා හා නකුලමාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේට මෙසේ සැළකර සිටියහ.
ස්‌වාමීනි, යම් කලෙක තරුණ වියේ සිටි මට තරුණ නකුලමාතාව කැඳවාගෙන එන ලද්දි ද එතැන් පටන් ඇය හැර වෙනකෙකු ගැන සිතිවිල්ලක් පවා ඇතිවිණි දැයි මම නොදනිමි. කයින් නම් කියනුම කවරේද? අපි දෙදෙනා මෙලොව දී ඔවුනොවුන් දැකීමට කැමති වන්නා සේ ම පරලොව දී ද ඔවුනොවුන් දැකීමට කැමති වෙමු.
නකුල මාතා ගෘහපතිනිය ද බුදුරජාණන් වන්සේට මෙසේ සැල කළා ය. ස්‌වාමීනි, යම්කලෙක තරුණ වියේ සිටි මම තරුණ වියේ සිටි නකුලපිතුට කැඳවා ගෙන එන ලද්දෙම් ද, එතැන් පටන් ඔහු හැර වෙනකෙකු ගැන සිතිවිල්ලක් පවා ඇතිවිණි දැයි මම නොදනිමි. කයින් නම් කියනුම කවරේ ද? අපි දෙදෙනා මෙලොවදී ඔවුනොවුන් දැකීමට කැමති වන්නාසේ ම පරලොවදී ද ඔවුනොවුන් දැකීමට කැමති වෙමු.
ගෘහපති වැසියනි, ඉදින් අඹුසැමි දෙපොල මෙලොවදී ද ඔවුනොවුන් දැකීමට කැමති නම්, පරලොවදී ද ඔවුනොවුන් දැකීමට කැමතිනම් දෙදෙනා ම සම ශ්‍රද්ධා, සමශීල, සමත්‍යාග හා සම ප්‍රඥා ඇති අය වුවහොත් ඔවුහු මෙලොවදී ද ඔවුනොවුන් දකිති, පරලොවදී ද ඔවුනොවුන් දකිති."
මෙම සූත්‍රයෙන් පැහැදිලි වන්නේ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග හා ප්‍රඥා යන කරුණු සමසේ දියුණු කරන ලද අඔqසැමි යුවළ තමන් කැමැති වූ උසස් ආත්මභාවවල එකට ඉපිද පිං දහම් කිරීමට වාසනාවන්ත වන බව ය. කෙසේවුවද නකුලපිතු ගෘහපතියා හා නකුලමාතා ගෘහපතිනිය වර්තමානයේ ගතකරන්නේ කුමන ජීවිතයක් ද යන්න පැහැදිලි කරන 'මහරහතුන් වැඩිමග ඔස්‌සේ දේශනා මාලාවේ' 'දුක සහ සැප අතර තිබෙන පරතරය' නම් පරිච්ඡේදයේ මෙම සඳහන දැකගැනීමට පුලුවන,
''භික්‌ෂුවක් උතුම් සමාධියෙන් අරමුණු කොට බලන කොට නකුල පියාට ප්‍රභාෂ්වර තැඹිලි පාට සළුවක් පැළඳගත් උඩුකය නිරාවරණය වුණ රන්වන් පැහැති සෝවාන් දෙවියෙක් වෙලා දිව්‍යතලයක උපත ලබා සිටිනවා. සෝවාන් ඵලයෙන් ඔබ්බට යන්න නකුල දෙවියාට පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද මැරෙන වේලාවේ තව දුරටත් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යතාවය නොවැඩූ නිසා. නමුත් නකුල පියා මැරුණාට පසුව නකුල මාතාගේ තත්ත්වය මීට වෙනස් වුණා. නකුල පියාගේ අභාවය දැකලා දරුවන් සමග තමා තනිවුණ බව දැකලා නකුල මාතාවට අනිත්‍ය සංඥාවන් වැඩුවා. මොකද ඇයත් සෝවාන් ඵලය ලැබූ උපාසිකාවක්, ගෞතම සම්මා සම්බුදු ශාසනයේ ශීලයන් ආරක්‌ෂා කරන උපාසිකාවන් අතර අග්‍රස්‌ථානය ලැබූ උපාසිකාව නකුල මාතාව තම ස්‌වාමිපුරුෂයාගේ වියෝව නිසාම අනිත්‍ය සංඥාවන් වැඩුවා. ඇය මරණයට පත්වන මොහොතේ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යතාවය තවදුරටත් වැඩීමට දක්‌ෂ වුණා. ඒ නිසා ම ඇය සකෘදාගාමී දිව්‍යාංගනාවක් වශයෙන් දිව්‍යතලයේ උපත ලබන්නේ. භික්‌ෂුවක් උතුම් සමාධියෙන් අරමුණු කොට බලනවා මේ මොහොතේ නකුල මාතාව කුමන ජීවිතයක් ලැබුවාද කියලා. එවිට එම භික්‌ෂුවට දර්ශනය වෙනවාලු ප්‍රභාෂ්වරභාවයක් නැති නොදිලිසෙන කපු සුදු සාරියක්, සුදු හැට්‌ටයකින් සැරසුණු දිව්‍යාංගනාවක්. ඇය නිවුණ ගතිගුණ ඇති තැන්පත් දිව්‍යාංගනාවකි. ඉහත ලක්‌ෂණ වලින් ප්‍රකට වෙන්නේ ඇය කාම, රාග, පටිඝ ධර්මයන් තුනී කොට ගත් දිව්‍යාංගනාවක් බවයි. එහි අදහස ඇය සකෘදාගාමී දිව්‍යාංගනාවක් බවයි.''
ඉහත කතාව තුළ නකුල පියා කරගත් දුර්වල ක්‍රියාව ඔබට හඳුනාගන්න පුළුවන්, නමුත් අවසානයේ දෙදෙනා එකට එකතු වුණේ නැහැ.
අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ ම සඳහන් පඨම සංවාස හා දුතිය සංවාස සූත්‍ර වලින් ද පැහැදිලි වන්නේ ස්‌වාමිපුරුෂයා සහ ස්‌වාමි දියණිය අනුගමනය කරන ප්‍රතිපත්කි අනුව උසස් හෝ පහත් තත්ත්වයට පත්වන ආකාරය යි. මෙම සූත්‍ර දෙකේම බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
"චත්තාරෝ මේ ගහපතයෝ (භික්‌ඛවේ) සංවාසා, කතමේ චත්තරෝ ?
ජවෝ ජවාය සද්ධිං සංවසති, ජවෝ දේවියා සද්ධිං සංවසති, දේවෝ ජවාය සද්ධිං සංවසති, දේවෝ දේවියා සද්ධිං සංවසති"
මෙහි තේරුම නම්
ගෘහපතියෙනි, (මහණෙනි) සංවාස හතරකි, ඒ හතර මොනවාද?
මළ තැනැත්තෙක් මළ තැනැත්තියක් සමග වාසය කරයි, මළ තැනැත්තෙක් දිව්‍යාංගනාවක් සමග වාසය කරයි, දෙවියෙක් මළ තැනැත්තියක් සමග වාසය කරයි, දෙවියෙක් දිව්‍යාංගනාවක් සමග වාසය කරයි."
ජීවත්වන මනුෂ්‍යයෙකු මළ තැනැත්තෙකු හෝ මළ තැනැත්තියක වන්නේත් දෙවියෙකු හෝ දිව්‍යාංගනාවක වන්නේත් කුමන කරුණු මත ද යන්න පිළිබඳ පැහැදිලි විස්‌තරයක් බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දෙකෙහිදී ම පැහැදිලිකර දුන් සේක. ඒ අනුව විවාහක යුවළ මළවුන් හා සමාන වීමට තුඩු දෙන කරුණු මෙසේ ය.
1. සතුන් මැරීම,
2. සොරකම් කිරීම,
3. කාමමිථ්‍යාචාරය කිරීම,
4. බොරු කීම,
5. සුරාමේරය ආදි ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය ගැනීම,
6. දුසිල්වත් වීම
7. පාපධර්මයෙන් යුක්‌ත වීම,
8. මසුරුකමින් යුතුව ගිහිගෙයි විසීම,
9. ශ්‍රමණ බ්‍රාහ්මණාදී ආගමික පූජ්‍ය පූජකවරුන්ට බැණවැදීම.
ඉහත සඳහන් පාපකර්ම වලින් යුක්‌ත අය මළවුන් සේ ද ඒවායෙන් දුරු වූ අය දෙවිවරුන් සේ ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
ලෞකික හා ලෝකෝත්තර සැපය ගෙන දෙන සාර්ථක යුගදිවියක් ගත කිරීමට අවශ්‍ය මඟපෙන්වීම බෝසත් චරිතයෙන් මෙන්ම බුද්ධ දේශනා වලින් ද මැනවින් දැක ගතහැකි බව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව ඉහත සඳහන් වටිනා ගුරුහරුකම් පිළිගෙන නිසිලෙස අනුගමනය කර මෙලොව පරලොව දෙලොව යහපතත්, ලෞකික හා ලෝකෝත්තර සැපයත් ළඟා කර ගනිමු.
කැලණිය විශ්වවිද්‍යාලයේ, නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
අලුතෑපොල ගණේකන්ද පුරාණ රාජමහා විහාරාධිපති,
ආචාර්ය, රාජකීය පණ්‌ඩිත
පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
2016 අගෝස්‌තු 17 වැනිදා බදාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment