බුද්ධාදී උත්තමයන්ට ගරු කිරීම් වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දාගැබ් මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වලත් සැදැහැවත්හු කොඩි එල්ලති. කොඩි ඔසවති. කොඩිය ජනප්‍රිය දර්ශනීය වස්තුවෙකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින විශේෂයෙන් උපනුපන් තැන උසස් පුද්ගලයන් වීමටත්, ජනප්‍රිය පුද්ගලයන් වීමටත් හේතුවන බව කිව යුතුය.
* උපවාන තෙරුන් වහන්සේ...
මෙයින් කල්ප ලක්ෂයකින් පූර්වයෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ ශාරීරික ධාතුහු අප බුදුරදුන්ගේ ධාතුන් මෙන් විසිරී නොසිට ඒකඝනව සිටියහ. දෙව් මිනිස් දෙකොටසම එකතුව උන්වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට මහා දාගැබක් කළහ. මහජනයා ඉතා බැතියෙන් අනේකාකාරායෙන් ඒ චෛත්‍යය පුදනු දුටු හංසවතී නගරයෙහි කුලී වැඩ කරමින් ජීවත් වූ එක් දුගියෙක් සෝදා පිරිසිදු කොට තිබූ තමාගේ උතුරු සළුව (කරේ දමන රෙද්ද) උණ ලීයක අග එල්වා කොඩියක් කොට චෛත්‍යය සමීපයෙහි පිහිට වූයේ ය. එය සුලඟින් සැළෙනු දැක දුගියාට ඉමහත් සතුටක් ඇතිවිය. ඔහු මහත් ප්‍රීතියන් එක්තරා තෙර නමක් වෙත ගොස් තමාගේ ධ්වජ පූජාවේ අනුසස් විචාළේ ය. තෙරුන් වහන්සේ එහි අනුසස් මෙසේ පැවසූහ.
“හත්ථි අස්ස රථාපත්ති සේනාච චතුරංගනී,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානිස්සිදං ඵලං.”
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානිස්සිදං ඵලං.”
හස්ති සේනාව, අශ්ව සේනාව, රථ සේනාව, පාබල සේනාව යන සිව්රඟ සෙනග නිරතුරුව පිරිවරන්නාහ. මෙය ධවජ දානයේ ඵලය ය.
“සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලංකතා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
සැටදහසක් තූර්ය භාණඩද මැනැවින් අලංකාර කළ බෙරද තා නිරතුරු පිරිවරන්නාහ. මෙය ධ්වජ දානයේ ඵලය ය.
“ඡලාසීතිසහස්සානි නාරියෝ සමලංකතා,
විචිත්තවත්ථාභරණා ආමුත්ත මණිකුණ්ඩලා.
විචිත්තවත්ථාභරණා ආමුත්ත මණිකුණ්ඩලා.
ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා,
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සිදං ඵලං.”
විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් හා මිණි කොඬොලින් අලංකෘත වූ නිල්වන් ලැම ඇත්තා වූ මඳ සිනා ඇත්තා වූ මනා හික්මීම ඇත්තාවූ ඉතා උස් ද ඉතා මිටි ද ඉතා ස්ථූල ද ඉතා කෘශ ද නොවූ මධ්‍යම ශරීර ඇත්තා වූ අසූසය දහසක් ස්ත්‍රීහු තා පිරිවරන්නාහ. මේ ධ්වජ දානයේ ඵලය ය.
“තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි,
අසීතික්ඛන්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.”
අසීතික්ඛන්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.”
කල්ප තිස්දහසක් සැපවිඳින්නෙහි ය. අසූවරක් දේවෙන්ද්‍රව දේවරාජ්‍යය කරන්නේ ය.
“සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්ති භවිස්සසි,
පදේසරජ්ජං විපුලං ගණනාතො අසංඛීයං.”
පදේසරජ්ජං විපුලං ගණනාතො අසංඛීයං.”
දහස් වරෙක චක්‍රවර්තී රජ වන්නෙහි ය. ගණන් නැති වාරවල ප්‍රදේශ රජ වන්නෙහි ය.
“කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො,
ගොතමො නාමගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
ගොතමො නාමගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො,
පුඤ්ඤකම්මේන සංයුත්තො බ්‍රහ්මබන්ධු භවිස්සති.
පුඤ්ඤකම්මේන සංයුත්තො බ්‍රහ්මබන්ධු භවිස්සති.
අසිතිකෝටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහුං,
ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්‍යපුංගවං,
උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො.”
උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො.”
කල්ප ලක්ෂයකින් ඔබ ඔක්කාක කුලයෙහි උපන් ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නා හ. එකල දෙව්ලොවින් චුතව පිනැති බ්‍රාහ්මණයෙක් වන්නේ ය. බොහෝ දාශකර්මකාරයන් හා අසූ කෙළක් ධනය ද හැර ගෞතම බුදුන් වහන්සේගේ සස්නෙහි පැවිදි වන්නේ ය. ශාක්‍යපුංග වූ ගෞතම බුදුන් වහන්සේ ආරාධනය කොට උපවාන නමින් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය.
“සතසහස්සිතෝ කප්පෙ යං කම්මකරිං තදා,
දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.”
දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.”
මේ උපවාන තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයකි.
(අපදාන පාළියෙන් ගන්නා ලදී)
(අපදාන පාළියෙන් ගන්නා ලදී)
*** ශබ්ද පූජාවේ අනුසස් ***
බෞද්ධයන් කරන පින්කම් වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සළකති. ඒ ශබ්ද පූජාව ඉතා අතිතයේ පටන්ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පෙනේ. ප්‍රාතිහාර්යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදී තූර්ය භාණ්ඩ වලින් ඉබේම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බවය. එහෙත් මේ ශබ්ද පූජාව තථාගතයන් වහන්සේ වර්ණනා කළ තැනක් පිටකත්‍රයෙහි දක්නට නැත. ශබ්ද පූජාවේ අනුසස් ද තථාගතයන් වහන්සේ විසින් වදාළ තැනක් දක්නට නැත. පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදී ග්‍රන්ථවල මල් පූජා ආහාර පූජ වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා ඇත්තේ ය. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභ ය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබේ. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථාය.
අත්ථදස්සී බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනීය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියළු තූර්ය භාණඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් එතැන් පටන් සසර දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුසසුනෙහි පැවිදිව රහත් වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වේ.
“නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සී නරුත්තමො,
තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.
තුරියං සබ්බමාදාය අගමං බෝධිමුත්තමං.
වාදිතෙනෙ ච නච්චේන සම්මතාලසමාහිතො,
සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.
සම්මුඛාවිය සම්බුද්ධං උපට්ඨිං බෝධිමුත්තමං.
සතකම්මාභිරුද්ධොහං පසන්නො බෝධිමුත්තමං,
තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.
තෙන චිත්තප්පසාදෙන නිම්මානං උප්පජ්ජහං.
තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ ස්මූහතා,
ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”
(එකාසනියත්ථෙර අපදානයෙන්)
ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධ සාසනෙ.”
(එකාසනියත්ථෙර අපදානයෙන්)
විපස්සි බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කළ පිනින් බොහෝ සම්පත ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයෙහි දක්වා තිබේ. තවද විපස්සි බුදුරදුන්ට සක් පිඹීමෙන් දිනපතා උපස්ථාන කිරීමෙන් බොහෝ සම්පත් ලද බව බුද්ධුපට්ඨාකථෙර අපදානයෙහි දක්වා තිබේ. ඒ සක් පිඹීම කෙසේ කරන ලද ද යන බව එහි පැහැදිලි ලෙස විස්තර වශයෙන් දක්වා නැත.
*** කප්රුක් පූජාවෙහි අනුසස් ***
මෙකපට සිවනූවන කපෙහි ලොව පහළ වී වදාළ සිද්ධාර්ථ නම් බුදුරදුන්ගේ චෛත්‍යය සමීපයෙහි එක් සැදැහැවතෙක් විචිත්‍ර වස්ත්‍රයක් එල්වා කප් රුකක් සාදා තැබීය. එය චෛත්‍යස්ථානයට සැරසිල්ලක් වශයෙන් කරන ලද්දක් විය හැකිය. ඒ පිනෙන් ඔහු උපන් තැන්වලදී ඔහුගේ වාසස්ථානය අලංකාර කෙරෙමින් කප් රුක් පිහිටියේය. ඔහු හා ඔහුගේ පිරිස ඒ කප් රුක්වලින් වස්ත්‍ර ගෙන සැමකල්හි රිසිසේ පරිභෝග කළහ. මෙසේ ඒ පිනෙන් ඔහු දෙව් මිනිස් දෙගතියෙහි සිවු අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා රහත් වී නිවන් දුටුවේය. කප්පරුක්ඛීය තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය.
“චතුන්නවුතිතො කප්පෙ යං රුක්ඛං ඨපයිං අහං,
දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සිදං ඵලං.”
දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සිදං ඵලං.”
(අපදාන පාළියෙන්)
No comments:
Post a Comment