බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කර්මය, කර්ම විපාකය පිළිබඳ පැහැදිලි කිරීම් කරගැනීම අවශ්‍යයයි. බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට අනුව දුන්දෙය ලැබෙයි .නොදුන් දෙය නොලැබෙයි. තමන් විසින් සමාජයට ලබාදෙන යහපත තමන් ලබනවා වගේ ම තමන් විසින් ලබා දෙන අයහපත ද පෙරළා තමන්ටම ලැබෙයි.
සිත, කට, කය යන තුන්දොරින් මිනිසා උපන් දවසේ සිට මිය යන තෙක් විවිධාකාරයේ දේවල් සමාජයට ලබාදෙයි. සිතින් සිතිවිලි සිතයි. කටින් කතා කරයි. කයින් ක්‍රියාත්මක වෙයි. දොරටු තුනෙන් යම් යම් දේ සිදුකරයි. එම කරුණු යහපත අයහපත වශයෙන් බෙදිය හැකියි. පින පව හෝ කුසල අකුසල වශයෙන් බෙදිය හැකියි. සමාජයට ලබාදුන් ආකාරයටම තමාට ලැබෙයි. එම නිසාම යහපත් දෙයම සමාජයට ලබාදිය යුතු බව බුදුදහමෙහි සඳහන් වෙයි. සංසාරායේ සැප කැමැති පුද්ගලයන් සමාජයට යහපත් දේ ලබාදෙයි. සංසාරය පුරා දුක්විඳින්න කැමැති පුද්ගලයන් සමාජට අයහපත් දෙය ලබාදෙයි.
දිනක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ සමඟ ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වඩම කළා. පහළට වැඩම කරන අවස්ථාවේ දක්නට ලැබුණු කිසියම් දර්ශනයක් හේතුවෙන් උන්වහන්සේ සිනහ පහළ කළා.
මුගලන් මහරහතන් වහන්සේ රහත්භාවයට පත්වූ භික්ෂූන් වහන්සේ නමක් නිසා සාමන්‍ය භික්ෂූන් වහන්සේලාට නොපෙනන යම් යම් සිද්ධි උන්වහන්සේලාට දක්නට ලැබෙයි . බුදුරජාණන් වහන්සේ වගේම රහතන් වහන්සේලා වැනි උතුමන් සිනහ පහළ කළ එවැනි අවස්ථාවන් වේ . ඒවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිනහ පහළ කිරීමට වඩා වෙනස් වූ වෙනත් අවබෝධපූර්වක සිද්ධීන් වෙයි. ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් විමසනවා.
අපේ හාමුදුරුවනේ, සිනහ පහළකිරීමට හේතුව කුමක්ද ? ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ එසේ විමසා සිටියත් මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහළ කිරීමට හේතුව කුමක්ද? යන කාරණය ලක්ඛණ හාමුදුරුවන්ට ප්‍රකාශ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේ ධර්මය දේශනා කරන අවස්ථාවෙහි දී සියලු භික්ෂූණ් වහන්සේලා ධර්මශ්‍රවණය කරන විට දී එම කාරණය විමසන ලෙසට මුගලන් හාමුදුරුවන් වහන්සේ ලක්ඛණ හාමුදුරුවන් වහන්සේ දැනුවත් කළා. ලක්ඛණ හාමුදුරුවන් වහන්සේත් එම ්කාරණාව හොඳින් මතකයෙහි තබාගෙන සිට සැන්දෑවේ දම්සභා මණ්ඩපයෙහි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ෙවිලාෙවි දී මුගලන් හාමුදුරුවන් වහන්සේගෙන් එම ප්‍රශ්නය විමසා සිටියා.මුගලන් හාමුදුරුවනේ, අද උදෑසන ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වැඩම කරන අතරමඟ වටපිටාවේ කිසිදු සිදුවීමක් නොමැති අවස්ථාවක ඔබවහන්සේ සිනහ පහළ කළා. ඒ සිනහ පහළ කිරීමට හේතුව කුමක් ද? ඒ් වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ ලිච්ඡවි ප්‍රේත වස්තුව වදාළා.
මනුෂ්‍ය ශරීරය අභ්‍යන්තරය වසමින් පිටත පැහැය රඳවා තබන්නේ සම හෙවත් ඡවි ඉන්ද්‍රියයි. සමක් නොමැති පේ‍්‍රතියගේ කතාවස්තුව ලිච්ඡවි ප්‍රේත වස්තුවයි.ගිජ්ජකූට පර්වතය මුදුනේ සිට පහළට වැඩම කරන අවස්ථාෙවි දී ශරීරයෙහි සම නැති ප්‍රේතියක් අහසේ පාවෙනවා දක්නට ලැබුණ බව මුගලන් මහරහතන් වහන්සේ වදාළා. ලේ පාටට, ලේ සුවඳ හමමින් සමක් නැතිව ,පණ තිබෙන පාවෙන සිරුරට ගිජුලිහිණියන් ඇන ලේ බොමින් මස් ආහාරයට ගන්නවා. ප්‍රාණය තිබෙන නිසා විශාල වශයෙන් විලාප තබමින් ෙවිදනාවෙන් කෙතරම් කෑ ගැසුවත්, බේරාගැනීමට කවුරුත් ඉදිරිපත් වන්නේ නැහැ. සත්තු කුසගින්න නිවාගැනීමට මස්කඩාගෙන ආහාරයට ගන්නවා. ඒ සිද්ධියත් සමඟ මම මේ තැනැත්තියගේ අතීතය සිහිපත් කරන විට, එක්තරා ආත්මභාවයක ඒ තැනැත්තිය සුකුමාර පෙනුමක් තිබෙන තරුණියක් ලෙස උප්පත්තිය ලබා තිබුණා. ඒ කාලය තුළ ඇය තමන්ගේ ශරීරය නීත්‍යනුකූල නොවන අනියම් ආකාරයෙන් වෙනත් පුද්ගලයන්ට පහස විඳීමට ලබාදුන්නා. ඒ තුළ මුදල් හම්බකරමින් , භවබෝග සම්පත් බහුල ජීවිතයක් ගත කළා. ඇය තමාගේ ශරීරය තුළින් සමෙන් ලබන පහස ලබමින් තමනුත් සුකාස්වාදය විඳිමින්ම මුදල් හම්බකරන මාර්ගයක් බවට පත්කරගත්තා. එවැනි ආකාරයෙන් කටයුතු කළ මේ තැනැත්තිය කර්මානුරූපව මරණයට පත්ව ඒ කර්මයේ විපාක හැටියට ඡවිය හෙවත් සම නැති ශරීරයක් සහිතව ප්‍රේතියක්ව උප්පත්තිය ලබා කාලයක් පුරාවට එවැනි ආකාරයෙන් දුක් වින්ඳා. එදා ඇය කළ අකුසලය මෙදා විපාක විඳින ආකාරය ස්මරණය කරන විට මට ඉබේටම සිනහ පහළ වූණ බවට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කළා.
මේ සිද්ධිය අසාගෙන සිටි බුදුරජාණන් වහන්සේ එම ප්‍රේතිය කාලයක සිට දන්නා බවට වදාළා. මරණයට පත්නොවී කර්ම විපාක අවසන් වන තෙක් බොහෝ දුක්විඳිමින් ෙවිදනා වින්දත් , ඒ පිළිබඳව අනෙක් පිරිසට දේශනා නොකර සිටියේ පෘතග්ජන පුද්ගලයාට මෙවැනි සිදුවීම් නොපෙනන නිසා තේරුම් ගැනීම අපහසුවීමත් සමඟ නිවැරැදිව පිළිනොගන්නා නිසා බවට වදාළා. රහතන් වහන්සේ නමකට විශ්වය තුළ ඇති ඕනෑම සියුම් දෙයක් බැලිමේ ඥානය තිබෙන නිසා මුගලන් මහරහතන් වහන්සේ අවබෝධ කරගත්තත් සාමාන්‍ය පෘතග්ජන භක්ෂූන් වහන්ේස්ලාට තේරුම් ගැනීම අපහසු බව බුදුරජාණන් වහන්සේ වදාළා.
ලිච්ඡවි ප්‍රේත වස්තුව තුළින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුන් දෙය ලබන බවත්, නොදුන් දෙය නොලබන බවත්ය. දුන් දෙයෙහි විපාක ලබයි. නොදුන් දෙයෙහි විපාක නොලබයි. ලිච්ඡවි ප්‍රේත වස්තුව තුළින් පැහැදිලි වන්නේ බුදු බණේ අර්ථයමයි.
සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම බුදුරජාණන් වහන්සේ උගන්වන මෙකී ධර්ම කාරණා පොදුයි. ආගම් බේදයක් ,ජාති ෙබිදයක්, වර්ග බේදයක් නැතිව මෙලොව උපත ලබන සෑම සත්ත්වයෙක්ම තමන් කළ දේ අරගෙන යයි. තමන් යහපත කළ හොත් එම යහපත ඔහු යන විට රැගෙන යයි. අයහපත කළ හොත් එම අහපතෙහි ප්‍රතිපලය රැගෙන යයි. එම නිසාම සෑම පුද්ගලයෙක්ම යහපත වැඩි වශයෙන් රැස්කර තබාගත යුතුයි. තමන් තමන්ගේ තුන් දොරින් අයහපත නොකර සිටීම අනිවාර්යෙන් ම කළ යුතුයි. යහපත කිරීම තවත් කාරණාවක් වෙයි. අයහපත නොකර සිටීම හෙවත් පව් නොකර සිටීම යහපත කළාය, පින් කළාය, කුසල කළාය,යන අදහස නොවෙයි. අයහපත නොකිරීම අනිවාර්යෙන්ම කළ යුතුවාසේ ම යහපත කිරීම තමන්ගේ අනාගතය පිළිබඳව සිතා, සමාජය පිළිබඳව සිතා කළ යුතුයි. පව්නොකිරීම අනිවාර්යෙන් ම නොකළ යුතුයි. පින් කිරීමත් කළ යුතුයි. පින් කළ යුත්තේ තමාගේ අනාගතය යහපත සාර්ථක කරගැනීම සඳහායි. තමන් සමාජයට අයහපත් දෙය කිරීමට ගිය පසු කරන කාලය තුළ, කරන අවස්ථාව තුළ ඇතැමුන් සිතේ සතුටින් සැහැල්ලුවෙන් කරනු ලබයි. නමුත් මෙහි විපාක අතිශය ගැඹුරුයි. බියකරුයි. ඒවා විඳීමට සිදුවෙයි.
පුද්ගලයෙකුට ධර්මානුධර්ම ප්‍රතිපදාවට අනුව හැසිරෙන්න හැකි නම්, සිත ,කය ,වචනය ක්‍රියාත්මක කරගත හැකි නම්, එය වඩාත් වැදගත් වෙයි. ඒ ආකාරයෙන් පුද්ගලයෙක් තමන්ගේ චර්යාව, හැසිරීම් රටාව සකස්කර ගත යුතුයි. හැසිරීම් රටාව කායික හැසිරීම් රටාව, වාචසික හැසිරීම් රටාව, මානසික හැසිරීම් රටාව වශයෙන් බෙදිය හැකියි. විශේෂයෙන් ම මානසිකත්වය ඇතිවන හැසිරීම් රටාව අනුව පුද්ගලයෙකුගේ කායික ,වාචසික හැසිරීම් රටාව සකස් වෙයි. සමාජයට පුද්ගලයා පිළිබඳ හැඟිමක් ,දැනීමක් ලැබෙන්නේ ඒ පුද්ගලයා කරන කතාබහෙන් සහ ක්‍රියාත්මක වන ක්‍රමය අනුවයි.
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඉල් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 03 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment