Labels

Sunday, January 31, 2016

දානය වැළැක්වීම පේ‍්‍රත අත්බවට හේතුවකි ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 17 )


පසුගිය පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මිගලුද්දක පේතවත්ථුව හා කූටවිනිච්ඡක පේතවත්ථුව පිළිබඳ විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

Saturday, January 30, 2016

හම්බකළ යුතු ශ්‍රේෂ්ඨතම ධනය ශ්‍රද්ධාවයි


ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසුන ආලවක යක්ෂයා උන්වහන්සේගෙන් ඉතාම වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබූ බව බෞද්ධ සාහිත්‍ය තුළ ආලවක සූත්‍රයේ සදහන් වෙයි. ආලවක යනු යක්ෂයෙක්ද? නැතහොත් යක්ෂ ගෝත්‍රය නියෝජනය කරනු ලැබූ ඉතාමත්ම බුද්ධිමත් පුද්ගලයෙක්ද? යන්න ආලවක විචාරනු ලැබූ ප්‍රශ්න දෙස බැලීමේදී ප්‍රශ්නාර්ථයක් ද මතු නොවනවාම නොවේ.

Friday, January 29, 2016

රාගය ගින්නකි ජීවිතය වනසනා


මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ මංගල සූත්‍රයේ සඳහන් තිස්හත්වෙනි මංගල කරුණ වූ “විරජං” නම් වූ රාගාදී කෙලෙස්වලින් බැහැර වූ සිතක සැනසුම පිළිබඳවයි. රජස් බැහැර කිරීම නම් කෙලෙස් නම් වූ දූවිලිවලින් බැහැර වීමයි. බුදුදහමෙහි ප්‍රධාන වශයෙන් කෙලෙස් තුනක් මතුකොට දක්වයි. එනම් රාගය( ඇලීම), ද්වේෂය (තරහව) සහ මෝහය නම් වූ මුළාවයි.

Thursday, January 28, 2016

අවිද්‍යාව තුළ සිටිනවාද?


කෙනෙක් කියලා සිහිවෙනකොටම මේ ප්‍රපංච නිමිත්ත ආපු හේතු ටිකට යන්න. යාළුවා කියලා සිතෙනවිටම , මම බලන්නේ මම මෙහෙම හිතද්දිත් එතැන තියෙන්නේ ගඩොල්, වැලි , සිමෙන්තියෙන් නිර්මාණය වූ බිත්තියකුත් බිත්තිය මත ඇඳි චිත්‍රයකුත් නේද? කියලයි බලන්නේ. අන්න එතකොට තමන්ගේ මෝඩකම චුට්ටක් අහුවෙනවා.

Wednesday, January 27, 2016

යහපත් වූ ජීවිතයක ධර්මානුකූල සතුටක්


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි උඳුවප් මස අමාවක පෝය දින කුම්මෝපම සූත්‍ර දේශනාව එනම් ඉදිඹුවෙක් හෙවත් ඉබ්බෙක් උපමා කරගෙන අප තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් දහම් කතාවක් සැදැහැ සිතින් ඔබගේ ජීවිතය මනා වූ සිහියෙන් පවත්වාගැනීමට උපකාරයක් ලෙස අවධාරණය කළෙමි.

Tuesday, January 26, 2016

අල්පේච්ඡතාව අරපිරිමැස්ම හා බුද්ධ චීවරය


බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේගේ ද ඇඳුම වූයේ බුද්ධ චීවරය හෙවත් අර්හත්ධජයයි. කෙලෙස් වැඩෙන ඇඳුම් අතර මෙය කෙලෙස් තවන ඇඳුමකි. බුදුරදුන් මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා සිවුර නිර්මාණය කිරීමේ දී ද ඊට අනුකූල ක්‍රමවේදයක් සකසා ගත්හ. ඒ තුළ අල්පේච්ඡතාව හෙවත් අල්ප ආශා ඇති බව කැපී පෙනුණ ගුණාංගයකි.



මේ සෑම කාරණයකට ම වඩා වටිනා කාරණය වූයේ මේ තුළින් සමාජයට කියා දුන් අරපිරිමැස්ම හෙවත් සම්පත් අපතේ නොයැවීමයි. (බුදුරදුන්ගේ භාවිතයෙන් මෙන් ම පනවන ලද විනය නීති තුළින් එය මනාව පැහැදිළි වේ.)

Monday, January 25, 2016

සසර සයුර තරණය කරන්නේ කෙසේ ද


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධාය තරතී ඕඝං
අප්පමාදෙන අණ්ණවං
විරියෙන දුක්ඛං අච්චේති
පඤ්ඤාය පරිසුජ්ඣති
“සුපින්වත්නි”

සුගත තථාගත තිලෝගුරු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලව්නුවර ආලවක යක්ෂ භවනේදී ආලවක යක්ෂයාගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් මේ ගාථා ධර්මයද දේශනා කළ සේක.

Sunday, January 24, 2016

දවාලට ප්‍රේතයා රාත්‍රියට දෙවියෙක් වෙයි ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15 )


උඳුවප් අමාවක පොහෝ දිනයේ අපගේ අවධානය යොමු වූයේ බුදුදහමෙහි අපාය සංකල්පය ලිපි පෙළෙහි පේ‍්‍රත අපාය පිළිබඳ විස්තර කිරීමේදී පේතවත්ථුවේ සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා උක්වනයේ උපන් පේ‍්‍රතයා පිළිබඳ කතා ප්‍රවෘත්ති විමසා බැලීමටයි.
අද අපගේ අවධානය යොමුවන්නේ පේතවත්ථුවේ සඳහන් තවත් කතා ප්‍රවෘත්ති කිහිපයක් විමසා බැලීමටයි.

Saturday, January 23, 2016

සත්‍ය කථා කිරීමද, නොකිපීමද, සුළු දෙයක් හෝ දීමද සැප ලැබීමට කරුණුය



දුරුතු පුර පසළොස්වක පෝදා දම් දෙසුම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සච්චංභණෙ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්මිම පි යාචිතො
එතෙහි තීහි ඨානෙහි
ගච්ඡෙ දෙවාන සන්තිකෙ

පින්වතුනි.

Friday, January 22, 2016

උත්තරා මහරහත් තෙරණින් වහන්සේ


"මහරහත් උතුමෝ ද වසනුයේ රාගාදි කෙලෙස් මඩ වතුරින් පිරුණු ලෞකික ලෝකයේමය. එහිම පහළව එයින්ම පෝෂිතව දිවිගෙවුවද ඒ කෙරෙහි නොඇලෙති. නොඉක්මවා සිටිති. දුක් සහිත සසරින් එතෙර වූ පරතෙරට ගිය පහනක් නිවී ගියාක් මෙන් නිවීමට පත් වූ නුවණින් අග්‍රප්‍රාප්ත උතුමෝ වෙති. "

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙන් අනාවරණය වන සමබර ජීවිතය


දීඝජානු කෝලිය පුත්‍රයා අරබයා ඉහත සූත්‍රය දේශනා කරන ලදහ. එහිදී දීඝජානු බුදුරදුන්ගෙන් විමසනුයේ ලෞකික ජීවිතය ගතකරන පුද්ගලයන් දෙලොව දියුණුව සලසා ගනිමින් සමබරව තම ජීවිත කෙසේ පවත්වා ගන්නේද යන්නයි. ඊට පිළිතුරු ලෙස උන්වහන්සේ දෙලොවට වැඩදායි කරුණුූ 08 ක් දේශනා කරති. ඉන් කරුණුූ 04 ක්ම මෙලොව සැප පිණිස දේශනා කිරීම සුවිශේෂීය. අධ්‍යාත්මික දියුණුව විෂයෙහි මෙලොව ක්‍රියාකාරකම් ඉවහල් වන අයුරු මෙහිදී පළමුකොට පැහැදිළි කෙරේ. මෙලොව අරමුණු යහපත්ව ඉටුවන පරිසරයක් තුළ සංසාරික ප්‍රාර්ථනා ඉටුකර ගත හැකිය.

රහත් බව ලැබූ උතුමන්



සැවැත්නුවර එක්තරා තරුණයකු බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කර උන්වහන්සේගේ දර්ශනය අවබෝධකොට ගෙන තමනුත් පැවිදි වී නිවන් මඟට පිවිසීම සුදුසු බව සිතා ඒ පිළිබඳව කල්පනාව ඇතිකර ගනු ලැබුවා.

සිත පිවිතුරු කර ගනිමු


බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේද රඳා පවතින්නේද සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස් කරන්නේද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේද සිතයි.

දුක පිරිසිඳ දැකීම



සම්මා දිට්ඨිය නැත්නම් දැක්ම නිවන් දකින්න , බණ භාවනා කරන්න යන ක්‍රමය හොඳට හදා ගන්න. ඔන්න මෙතනයි අපට අවශ්‍යම කාරණාව. මෙතනමයි අවශ්‍යම යතුර. මම පෙන්වන විශේෂම කාරණාවක්. නිවන් දකින්න, භාවනා කරන්න කියලා කරන්නේ අවශ්‍ය වන්නේ කුමක්ද කියන එක හොඳට දකින්න. දුක පිරිසිඳ දැකල, සමුදය දුරු කළ යුතුයි. මට ඕනෑ විදිහට තණ්හාව නැති කරන්න බැහැ. දුක පිරිසිඳ දැකලා, සමුදය දුරු කරලා, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා, මෙන්න මේකයි සම්මා දිට්ඨිය කියලා දැක්කා. ඉස්සෙල්ලාම සත්‍ය ඥානය , ඊට පස්සේ කෘත්‍ය ඥානය, කළයුතු වැඩසටහනක් තියෙනවා. ඔන්න දැන් මේ සත්‍ය දැනගත්තට පස්සේ දැන් මාර්ගය වඩන්න හම්බවෙන්නේ කොහොමද?

සම්මුතියට මම මගේ යැයි කීවත් පරම සත්‍ය නම් කුමක් ද?


උඳුවප් අව අටවක ජනවාරි 02 දා පෝය දින දහම් සාකච්ඡාවේ දී කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කතාවේ පෙන්වා දුන් ඉන්ද්‍රියන් හි වැසූ දොර ඇතිව වාසය කරන්න. එනම්, ඇස් දෙක පියාගෙන සිටින්න කියන අදහස ද නොවෙයි. එසේ නැතිනම් ඇසෙන් රූප බලන්න එපා කියන අදහස ද නොවෙයි. කනින් ශබ්ද අහන්න එපා කියන අදහස ද නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලබන්න එපා කියන අදහස ද නොවෙයි. දිවෙන් රස බලන්න එපා කියන අදහස ද නොවෙයි. කයෙන් ස්පර්ශ ලබන්න එපා කියන අදහස ද නොවෙයි. සිතින් සිතිවිලි ඇති කර ගන්නට එපා කියන අදහස ද නොවෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඉපදුනා නම් මේ ඉන්ද්‍රියයන් අපට අවශ්‍යයයි. ජීවිතය පවත්වන විට රූප, ශබ්ද ආදී ඒ ආරම්මනයන් අපට ලබන්නට වෙනවා. මෙහි දී සංකේතයෙන් සඳහන් කරන්නේ කුමක් ද?

Thursday, January 21, 2016

දානයට ගැරහීම ප්‍රේත අත් බවට හේතුවකි බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 15


ගියවර අපගේ අවධානය යොමු වූයේ පේතවත්ථුවේ සඳහන් අන් අයගේ දරුවන් මැරූ පවින් තමන්ගේම පුතුන් කන ප්‍රේතියගේ කථාවස්තුව විමසා බැලීමටයි. අද අපගේ අවධානය යොමුවන්නේ දන් දෙන තම සැමියා පිළිබඳ ද්වේෂ සිතක් ඇතිකරගෙන දන් දීමට පරිභව කොට සා ගින්නෙන් දැවෙන ප්‍රේත අත් බවක් ලද ස්ත්‍රියක් පිළිබඳ තොරතුරු සඳහන් මහාපේසකාර පේතවත්ථුව හා තවත් කතාවස්තුවක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමටයි.

Tuesday, January 19, 2016

පඤ්චසීල ප්‍රතිපදාව


සීලය යනු හික්මීමයි. එනම් කය වචනයන්හි මනා වූ පාලනයයි. එය සාමාන්‍ය ජීවිතයේ දී චාරිත්‍ර වාරිත්‍ර ලෙස අරුත් ගැන්වේ. කළ යුතු දේ සහ නොකළ යුතු දේ වශයෙනි.

Monday, January 18, 2016

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය


සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.

Sunday, January 17, 2016

භවයෙන් භවයට යන සසර පුරුදු


නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි.

Saturday, January 16, 2016

ජීවිතයට ඔවදනක්


මිනිසුන් ලෙස සසර එක් භවයක් තුළ ගත කරන මෙම ඉතා කෙටි කාල සීමාව තුළ ජීවිතය මෙලොව හා පරලොව වශයෙන් ජය ගැනීම සඳහා අපි අනේකවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වන්නෙමු. එයින් මෙලොව ජීවිතය ධාර්මික ලෙස ජය ගැනීම යනු පරලොව ජීවිතය ද ජය ගැනීමක් බව අප හොඳින් දන්නා කරුණකි.
සැදැහැවත්නි,

Friday, January 15, 2016

ප්‍රේතියකට පින් අනුමෝදන් කිරීම ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 14 )



බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 13 පේත අපාය යනු කුමක්ද?

තෙරුන් වහන්සේලා තමන් වහන්සේලාගේ ගමන ප්‍රමාද කොට ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇය කී නිවෙස වෙත වැඩම කළහ. ගේ හිමියා පැමිණ භික්ෂූන් වහන්සේලා දැක පැහැදී උන්වහන්සේලාගේ පාත්‍ර රැගෙන දන් පිළිගැන්වූහ. තෙරුන් වහන්සේලා ප්‍රේතිය පිළිබඳ සියලු පුවත් ගේ හිමියා ඇතුළු පිරිසට දේශනා කළහ. එයින් කම්පාවට පත් සියලු දෙනා භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා ඇයට පින් අනුමෝදන් කළහ.

Thursday, January 14, 2016

ජීවිතයට ඇයි කරදර වැඩි?


සමාධි සුවයෙන් කරදර බාධක නොමැති ව බුදුරජාණන් වහන්සේ කෙසේ වාසය කරන්නේ ද යනුවෙන් ප්‍රශ්නයක් බුදුන් වහන්සේගෙන් විමසා සිටියා . මේ අවස්ථාවේ දී බමුණාගේ ගවයන් පිළිබඳ උපදේශය ම පාදක කර ගනිමින් බුදුන් වහන්සේ ලෞකික ජීවිතයෙහි ඇති කරදර බාධක ස්වරූපය පිළිබඳ ව ඉතා අපූරු දේශනාවක් සිදු කළහ.

සසර ගමන නවතාලන ශක්තිමත් සිත


හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින් හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි. බුදුබණ ඇසීම හරහා නිවැරැදි වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ ජීවිතය වගේම සසරත් නිවැරැදි වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක් ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න බැහැ. අවශ්‍ය දේ පමණයි කරන්න පුළුවන්.

Wednesday, January 13, 2016

දන්දීමේ යහපත සහ අනුසස්


බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මානාධික බව දුරුකරලීම සඳහා සැවැත්නුවරදී යමා මහ පෙළහර පානු ලැබූ සේක. බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානු ලබන අසිරිය දෙස බලාසිටි බොහෝ පිරිස බුදුරජාණන් වහන්සේ පිළිබදව ගෞරවයක්, පැහැදීමක් ඇතිකර ගනු ලැබූහ. සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකි, ඉතාමත් අපහසු කාරණා වුවද ඉතා සරල ආකාරයෙන් සිදුකරන නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැඟීමක් ඇතිකරගනු ලැබූහ. උන්වහන්සේගේ ගිහිකළ ඥාතීන් බුදුරදුන් පිළිබදව ප්‍රසාදයක් ඇතිකර ගනු ලැබුවේද මේ ආකාරයටයි.

Saturday, January 9, 2016

යහපත් ගුණසම්පන්න ජීවිතයක් ගතකරමු


ජිවිතය ඇති තුරා අපට කල්‍යාණ මිත්‍රයෝ ලැබේවා! හොඳ මව්පියෝ ලැබේවා. හොඳ ඥාතිවරු ලැබේවා. දන්දෙන්න ලැබේවා. භාවනා කරන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියල කවුරුත් මේ කියන උතුම් අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගත්තොත් බොහොම වටිනවා.

දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න කලින් යන ගමනේ තමන්ගේ ආලෝකයකින් ඒ ආලෝකය අතුරුදන් වුණහම ආපස්සට එද්දී අති විශාල යක්ෂ සෙන්පතියෙක් මෙහෙම කිව්වා. “සිටුවරයා ආපස්සට එන්න එපා. ඉදිරියට යන්න. ඉදිරියට යන්න කියලා මහා පුදුම ශක්තියක් දුන්නා. ඔබ යන මේ ගමනේ විශාල බලයක් ලැබෙනවා. ලොකු ශක්තියක් ලැබෙනවා. ආපස්සට එන්න එපා. ඉදිරියටම යන්න. ඇත්තු ලක්ෂයක් , අශ්වයන් ලක්ෂයක්. ගවදෙනුන් ලක්ෂයක්, කිරිදෙනුන් ලක්ෂයක්, රන් ආභරණ පැළඳගත් කන්‍යාවෝ ලක්ෂයක් , යම්කෙනකුට ලැබෙනවාට වැඩිය බුදුන් දකින්න යන පා ගමන වටිනවා කිව්වා. ඒක විශාල පියවරක්. දාහෙන් පංගුවක්වත් කලින් කියපු වස්තු වටින්නේ නෑ කිව්වා. ඒ නිසා බුදුන්, දහම්, සඟුන් වඳින්න, පුදන අය සිහිකල්පනාවෙන් යුතුව යන එනවා නම් අන්න ඒගොල්ලන්ට උත්සාහය අනිවාර්යයි. උත්සාහය පදනම් කරගෙන යන නිසා ඒ කරන කියන සිතන දේ සරුසාර බවට පත්වෙනවා.

ඒ නිසා සෑම දෙනාම උත්සාහය පදනම් කරගෙන මේ වැඩ කටයුතු කළ යුතුයි. ආරම්භ ධාතු පටන්ගන්නා වීර්යය , නෙක්ඛම්ම ධාතු විවර කරගන්නා වූ වීර්යය පරාක්‍රම ධාතු අවසානය දක්වා යන වීර්යය යනුවෙන් කොටස් තුනක් තිබෙනවා.

Friday, January 8, 2016

ඉවසීම පාරමී ගුණයකි


වර්තමාන සමාජය තුළ අනෙකා නුරුස්සන ස්වභාවය ඉතාම වේගයෙන් වර්ධනය වන ස්වභාවයක් දැක ගන්නට තිබේ. ඒ නිසාම ඉවසීම ප්‍රගුණ කිරීම පිළිබඳව යම්කිසි දැනුවත්භාවයක් සමාජය තුළ තවදුරටත් වර්ධනය කිරීම ප්‍රයෝජනවත් මෙන්ම කාලෝචිත අවශ්‍යතාවයකි.

Wednesday, January 6, 2016

බුදුරදුන් පෙන්වූ ධර්ම දේශනා මාර්ගය


ධර්මාශෝක අධිරාජයාගේ විදේශ ධර්ම ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.පූ. තෙවන සියවසේ දී සිරිලකට ද බුදු දහමේ ආලෝකය ලැබිණි. ඒ සොඳුරු ආලෝකය රැගෙන පළමු වරට මෙරටට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ය. එවකට සිරිලක රජ කළ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් මුණ ගැසුණේ මිහින්තලේදී බවත්, ඒ පොසොන් පසළොස්වක දිනයක බවත් ඉතා ප්‍රසිද්ධ කරුණකි

දුකින් පිරි සසර



ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,

ලොවුතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් මෙසේ දක්වමු. විශේෂයෙන්ම මේ දේශනාව කියවන සෑම දෙනාම බොහෝම ඕනෑකමින් සිතේ නොයෙක් තර්ක විතර්ක ගොඩනඟා ගන්නේ නැතිව, නොයෙක් නොයෙක් අරමුණු කෙරෙහි සිත දුවවන්නේ නැතිව මේ දේශනාව මොකද්ද

Monday, January 4, 2016

නාස්තිය නම් කොහෙත්ම එපා



අපේ රෙටි නාස්තිකාරකම් හතරක් පවතී. ඉඩ නාස්තිය,ආහාර නාස්තිය,ධන නාස්තිය නොහොත් සම්පත් නාස්තිය වශයෙනි. මෙම කාරණා හතරෙන් ආහාර නාස්තිය පිළිබදව අප පසුගිය පසළොස්වක පොහොය දිනයේදී ඔබ දැනුවත් කළෙමු.

Sunday, January 3, 2016

ධර්මය දකින්නාට ලෝකය සිහිනයකි


භාවනානු යෝගියා සමඟ කෙලෙස් සේනාව යුදවදී. ඒ සටනින් දිනීමට නම් සටන් විධි නම් වූ කල්පනා විධි හැගීම් මතවාද දුරුලිය යුතුය. දුක හෝ සතුටටද හේතුව මම නම් වූ උරුමකරුවා බව තේරුම් ගන්න. දුක් වර්ග දෙකක් ඇත. ඉන් එකක් දුක තව තවත් වැඩි කරගන්ට මග පෙන්වන දුකය. දෙවැන්න දුක නැත්තටම නැති කරන්නට දැනම විඳින දුකය. මේ දෙවැනි වර්ගයේ දුක් විඳින්ට අකැමැති නම් ඔබට කිසිදා දුක කෙලවර කර ගත නොහැකි වේ.