ජිවිතය ඇති තුරා අපට කල්‍යාණ මිත්‍රයෝ ලැබේවා! හොඳ මව්පියෝ ලැබේවා. හොඳ ඥාතිවරු ලැබේවා. දන්දෙන්න ලැබේවා. භාවනා කරන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියල කවුරුත් මේ කියන උතුම් අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගත්තොත් බොහොම වටිනවා.
දවසක් අනාථපිණ්ඩික සිටුතුමා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න කලින් යන ගමනේ තමන්ගේ ආලෝකයකින් ඒ ආලෝකය අතුරුදන් වුණහම ආපස්සට එද්දී අති විශාල යක්ෂ සෙන්පතියෙක් මෙහෙම කිව්වා. “සිටුවරයා ආපස්සට එන්න එපා. ඉදිරියට යන්න. ඉදිරියට යන්න කියලා මහා පුදුම ශක්තියක් දුන්නා. ඔබ යන මේ ගමනේ විශාල බලයක් ලැබෙනවා. ලොකු ශක්තියක් ලැබෙනවා. ආපස්සට එන්න එපා. ඉදිරියටම යන්න. ඇත්තු ලක්ෂයක් , අශ්වයන් ලක්ෂයක්. ගවදෙනුන් ලක්ෂයක්, කිරිදෙනුන් ලක්ෂයක්, රන් ආභරණ පැළඳගත් කන්‍යාවෝ ලක්ෂයක් , යම්කෙනකුට ලැබෙනවාට වැඩිය බුදුන් දකින්න යන පා ගමන වටිනවා කිව්වා. ඒක විශාල පියවරක්. දාහෙන් පංගුවක්වත් කලින් කියපු වස්තු වටින්නේ නෑ කිව්වා. ඒ නිසා බුදුන්, දහම්, සඟුන් වඳින්න, පුදන අය සිහිකල්පනාවෙන් යුතුව යන එනවා නම් අන්න ඒගොල්ලන්ට උත්සාහය අනිවාර්යයි. උත්සාහය පදනම් කරගෙන යන නිසා ඒ කරන කියන සිතන දේ සරුසාර බවට පත්වෙනවා.
ඒ නිසා සෑම දෙනාම උත්සාහය පදනම් කරගෙන මේ වැඩ කටයුතු කළ යුතුයි. ආරම්භ ධාතු පටන්ගන්නා වීර්යය , නෙක්ඛම්ම ධාතු විවර කරගන්නා වූ වීර්යය පරාක්‍රම ධාතු අවසානය දක්වා යන වීර්යය යනුවෙන් කොටස් තුනක් තිබෙනවා.
එසේනම් පින්වත්නි, පස්වන කාරණය ලෙස උත්සාහය හොඳට පදනම් කරගෙන ආපස්සට නොයා ඉදිරියටම යෑමට වගබලා ගැනීම බොහොම වැදගත්. හයවැනි කාරණය ඉවසීමයි. මේ දේ අනිවාර්යයි. ශාන්තිය කියන්නේ ඉවසීම තියෙන පුද්ගලයාටයි. බුද්ධාදී උතුමන් තරම් ඉවසපු අය ලෝකයේ තවත් නෑ. බුදුරජාණන් වහන්සේට කොපමණ මිනිසුන් බැන්න ද, නිග්‍රහ කළාද , අපහස කළා ද , උන් වහන්සේ නෙමෙයි කම්පා වුණේ. ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ නගරය අත හැරලා අපි යමු. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළේ නෑ. ,උන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියා. ප්‍රශ්න සියල්ල නිරාකරණය කර ගත්තා. ඒනිසා යම්කිසි කෙනෙකුට ඉවසීම තියෙනවා නම් පැනයන්න එපා. ඉවසීම පාවිච්චි කරන්න, කෑ කෝ ගහන්න එපා, ගහන්න බනින්න යන්න එපා. ඉවසීමේ ආයුධය පාවිච්චි කරලා, තුනුරුවන්ගේ ගුණය සිහිපත් කරලා ක්‍රියා කරන්න. අන්න එවිට ඒ ප්‍රශ්නයට ලොකු විසඳුමක් ලැබේවි. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රශ්නයට ලොකු විසඳුමක් ලැබේවා කියලා සිතන්න.
එසේනම් පින්වත්නි, පස්වන කාරණය ලෙස උත්සාහය හොඳට පදනම් කරගෙන ආපස්සට නොයා ඉදිරියටම යෑමට වගබලා ගැනීම බොහොම වැදගත්. හයවැනි කාරණය ඉවසීමයි. මේ දේ අනිවාර්යයි. ශාන්තිය කියන්නේ ඉවසීම තියෙන පුද්ගලයාටයි. බුද්ධාදී උතුමන් තරම් ඉවසපු අය ලෝකයේ තවත් නෑ. බුදුරජාණන් වහන්සේට කොපමණ මිනිසුන් බැන්න ද, නිග්‍රහ කළාද , අපහස කළා ද , උන් වහන්සේ නෙමෙයි කම්පා වුණේ. ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ නගරය අත හැරලා අපි යමු. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළේ නෑ. ,උන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියා. ප්‍රශ්න සියල්ල නිරාකරණය කර ගත්තා. ඒනිසා යම්කිසි කෙනෙකුට ඉවසීම තියෙනවා නම් පැනයන්න එපා. ඉවසීම පාවිච්චි කරන්න, කෑ කෝ ගහන්න එපා, ගහන්න බනින්න යන්න එපා. ඉවසීමේ ආයුධය පාවිච්චි කරලා, තුනුරුවන්ගේ ගුණය සිහිපත් කරලා ක්‍රියා කරන්න. අන්න එවිට ඒ ප්‍රශ්නයට ලොකු විසඳුමක් ලැබේවි. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රශ්නයට ලොකු විසඳුමක් ලැබේවා කියලා සිතන්න.
ඒ මඟින් තමාට ලොකු ශක්තියක් උදාකරගන්න පුළුවන්. අන්න ඒක බොහොම වැදගත්. එහෙමනම් හැමෝටම අවශ්‍ය කරන ප්‍රධාන ගුණය තමයි ඉවසිම. අන්න ඒක තරමක් දුරට දියුණුකර ගත්තොත් කිසිම කෙනෙකුට අඩුපාඩුවක් නැතිව ඉදිරියට යන්න පුළුවන්. තමන්ගේ ජීවිතය හොඳ ලස්සනට ආරක්ෂා කරගන්න පුළුවන්. බුද්ධ දේශනාවේ ශීලං සමාධි පඤ්ඤානං ඛන්තී පදාන කාරාණං කියලා හොඳ කියමනක් තියෙනවා. ශීල , සමාධි , ප්‍රඥා ගුණ දිියුණුවේ ප්‍රධාන කාරණය ඉවසීමයි. ඉවසීම නැත්නම් ශීල ගුණ දියුණු කරන්න පුළුවන්කමක් නෑ. ශීලය නැත්නම් චිත්ත ,සමාධි,ධ්‍යාන උපදවන්න පුළුවන්කමක් නෑ. ඉවසීම නැත්නම් නුවණ දියුණු කරන්න පුළුවන්කමක් නෑ කියලා ධර්මයේ පෙන්නුම් කරනවා. එහෙමනම් සතර මඟ ඵල නිවන් සුව ලබන්නටත් අවශ්‍ය කරන්නේ ඉවසීමයි. තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න අධ්‍යාපනයෙන් ඉහළට යන්න රැකී රක්ෂා කටයුතු සඵල කරගන්න ගෙදර දොර වැඩකටයුතු සඵල කරගන්න හැමදේටම අවශ්‍ය කරන්නේ මෙන්න මේ ඉවසීමයි. අන්න ඉවසීමේ ගුණය දියුණු කරගන්න හැමෝම මහන්සි විය යුතුයි.
එසේනම් මෙලොවටත් පරලොවටත් සංසාරෙටම ගමන්කරන හොඳම දෙයක් හැටියට ඉවසීම හඳුන්වන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේලා කොපමණ ඉවසලා තියෙනවා ද සමහර ආත්මවල අතපය කපලා දාලා තියෙනවා. එක ආත්මයක පිය රජතුමාගේ අතපය, ඇඟ, මස්කෑලි ඔක්කොම කපලා විසි කරලා තියෙනවා. වෛරය බලන්න කොපමණ භයානක ද කියලා. එමනිසා ඉවසීම එතරම් ලෙහෙසි පහසු කරුණක් නෙමෙයි. තරහ, වෛර, ක්‍රෝධ ඔක්කොම යටපත් වෙලා මේ කියන ඉවසීම ඉදිරියට අවශ්‍යයයි. මේවා ලෙහෙසි පහසුවෙන් දියුණු කරගන්න බෑ. පාරමී ගුණ දියුණුකරන උතුමන්ට තමයි විශේෂයෙන් ඉවසීම තිබෙන්නේ. ඒ චරිත කථා ආදර්ශයට අරගෙන අපත් ඉවසීම දියුණු කරන්න මහන්සි ගත යුතුයි. හත්වැන්න සත්‍ය පාවිච්චි කිරීමයි. සමහර අයෙක් බොරුවෙන් , වංචාවෙන්, කපටිකමෙන් ජීවත් වෙනවා. ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්නේ නෑ. ඇහෙන් දැක්කත් නෑ කියනවා. කනෙන් ඇසුවත් නෑ කියනවා. ඇසින් නොදැක්ක දේ දැක්කා කියනවා. කනෙන් නොඇසූ දේ ඇසුණා කියනවා. ඔය වගේ බොරු ප්‍රකාශ කරනවා. එබඳු අයට කවදාකවත් යහපතක් දියුණුවක් ලබන්න පුළුවන් කමක් නෑ. බුදුවරු බෝධිසම්භාර පුරන දවසක කිසිම හේතුවක් නිසාවත් බොරුවක් කියලා නෑ.
සත්‍යවාදී උතුමෝ අතුරින් ප්‍රථමස්ථානය හිමිවන්නේ බුදු කෙනෙකුට පමණයි. මේ චතුරාර්ය සත්‍ය කියන උතුම් ධර්මය බොරුකාරයන්ට අවබෝධ කරගන්න බෑ. ඒ ධර්මය අවබෝධ වෙන්නේ සත්‍යවාදී කෙනෙකුට පමණයි. චතුරාර්ය සත්‍ය කියලා ඒකට නමක් තියෙන්නේ ඒ නිසයි. ඒ හතරම සත්‍යයක්. බොරුව , වංචාව , කපටිකමින් ජීවත් වූ අයට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. අවංකව භක්ත්‍යාදරයෙන් ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යවාදීව කටයුතු කරන අයට පමණක් ලොවුතුරු දහම අවබෝධ කරගන්නට පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශකරන කොට සමහරවිට ජන සමාජයට නොයෙක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කමක් නැහැ එය තාවකාලිකයි. තමාට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. ඒක නිවටකමක් එහෙම නෙමෙයි මහා උදාර ගුණයක් හැටියට සැලකිය යුතුයි.
ලොවුතුරු තථාගත දහමෙහි මේ සත්‍ය බොහොම අගේ ඇති ලෙසට සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා අනිවාර්යෙන්ම සත්‍යවාදී කෙනෙක් වීමයි. අනිවාර්යයෙන් බොරු කීමෙන් වළකින්නම ඕන. බොරුව, වංචාව , කපටිකම, ලෝකයේ පහත් දෙයක් ලෙසයි සළකන්නේ. එහෙමනම් දෙවියෝ පවා ප්‍රශංසා කරනවා සත්‍යවාදී පුද්ගලයාට. ජන සමාජයෙන් කීර්ති, ප්‍රශංසා හොඳට ලැබෙනවා. ඒවගේම ජන ප්‍රසාදයට පත් වෙනවා. එබඳු තත්ත්වයට පත් වීම සඳහා බොහොම හොඳම කාරණයක් තමයි මේ සත්‍යගවේෂී බව.
ඊළඟට අධිෂ්ඨානය. මේ සංසාර ගමන යද්දී අප ළග හොඳ අධිෂ්ඨාන ප්‍රාර්ථනාවක් තිබීම අවශ්‍යයයි. ජිවිතය ඇති තුරා අපට කල්‍යාණ මිත්‍රයෝ ලැබේවා! හොඳ මව්පියෝ ලැබේවා. හොඳ ඥාතිවරු ලැබේවා. දන්දෙන්න ලැබේවා. භාවනා කරන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා කියල කවුරුත් මේ කියන උතුම් අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගත්තොත් බොහොම වටිනවා. ඒවා තණ්හාව නෙමෙයි. ඒවාට කියන්නේ ධර්ම ඡන්ද කියලයි. ධනය ලැබේවා, වස්තු ලැබේවා, දෙව්ලොව ලැබේවා, බඹලොව ලැබේවා කියලා කෙනෙක් සිතුවා නම් ඒක තණ්හාවයි. ඒක නෙමෙයි , අපට අවශ්‍ය කරන්නේ හොඳ ගුණ සම්පත් ජීවිතයක් ලබාගැනීමයි.
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment