අපේ රෙටි නාස්තිකාරකම් හතරක් පවතී. ඉඩ නාස්තිය,ආහාර නාස්තිය,ධන නාස්තිය නොහොත් සම්පත් නාස්තිය වශයෙනි. මෙම කාරණා හතරෙන් ආහාර නාස්තිය පිළිබදව අප පසුගිය පසළොස්වක පොහොය දිනයේදී ඔබ දැනුවත් කළෙමු.
මෙහිදී ඉඩ නාස්තිය පිළිබඳව සළකා බැලීමේදී, නිවසක් වටේට ඕනෑතරම් ඉඩ ප්‍රමාණයක් අපතේ යනවා දැකිය හැකියි . එම ඉඩ තිබෙන ස්ථානවල අඩුම වශයෙන් ගොටුකොළ ටිකක්වත් වවාගැනීමේ හැකියාවක් ඇත. ඒ ස්ථානවල රම්පෙ,කරපිංච වවාගත හැකියි. ඒ වගේම බණ්ඩක්කා , වම්බටු මිරිස් වවාගත හැකියි. වෙළෙඳ පොළෙන් ම්ලදී ගනු ලබන බොහෝ ද්‍රව්‍යයන් තමන්ට ප්‍රයෝජනවත් ප්‍රමාණයට වවාගත හැකියි. ඒ ආකාරයට කුඩා බිම් ප්‍රමාණය හෝ ප්‍රයෝජනවත් වන ආකාරයට යොදා නොගෙන එම භූමි ප්‍රමාණය නිකරුණේ අපතේ යාමට ඉඩ හැර තැබීම මහා අපරාධයකි. මෙවැනි තත්වය රටක නොතිබිය යුතු ඉතාම අවාසනාවන්ත තත්වයකි. මෙය ඉඩ නාස්තිය ලෙස සැලකිය හැකියි.
ඊ ළඟට අපේ රටේ සිදුවන කාල නාස්තිය ඉතාම ප්‍රබලයි. අපේ දරුවන්, වැඩිහිටියන් කවුරුත්වගේ නිකරුණේ කාලය නාස්තිකර දැමීමට පෙලඹී ඇත. සැන්දෑව වන විට රූපවාහිනිය ඉදිරියෙහි හෝ වෙනත් දෙයක් ඉදිරියෙහි ප්‍රයෝජනවත් නොවන ආකාරයට කාලය නාස්තිකර දමනු ලබයි.වර්තමානය වන විට තාත්තා අන්තර් ජාලයේ ව්‍යාපාරික කටයුතුවල, අමිමා අන්තර්ජාලයේ තොරතුරු බලාගෙන ව්‍යංජනයක් පිසයි. නංගී අන්තර්ජාලය බලාගෙන ලස්සනට ඩාන්ස් කරයි. මල්ලී අන්තර්ජාලයේ ගීත අසාගෙන සිටි අතරම ගෙදරක මිනිසුන් නොමැති ආකාරයෙන් පවුලකට හවසට ලැබී තිබෙන වැදගත්ම කාලය ප්‍රයෝජනවත් නොවන ආකාරයට විනාශ කර දමයි. දියුණුවන ලෝකය තුළ තාක්ෂණ මෙවලම් අපට අවශ්‍ය වුවද අප කාලය කළමනාකරණය කරගෙන එය අනාගත ආයෝජනය සඳහා වැදගත් වන ආකාරයට යොදා ගත යුතුය. වර්තමානය තුªළ ඇතැම් තරුණ මව්වරුන් ඇතැම් රූපවාහිනි නාලිකාවල අර්ථශූන්‍ය වැඩසටහන් නරඹමින් නිකරුණේ කාලය නාස්තිකර දමයි.මවගේ එම කාලය දරුවන්ගේ හෝ තම පවුලේ අනාගත ආයෝජනය සඳහා යොදාගනු ලබන්නේ නම්, කෙතරම් වටිනේද? එම නාස්තිකරනු ලබන කාලය ප්‍රයෝජනවත් වන්නේ නැහැ. එම නාස්තිවන මොහොත සදාකාලික නාස්තියක් මිස නැවත අපට ලබාගත නොහැකියි. ඒ නිසාම කාල නාස්තිය සහ ඉඩ නාස්තිය ඉතාම බරපතළ අපරාධ ලෙසට සැලිකිය හැකියි.
ධන නාස්තිය හෙවත් සම්පත් නාස්තිය පිළිබඳව විශේෂයෙන්ම සැලකිය යුතුය. උදාහරණයක් වශයෙන් විදුලි බල්බයක් ගතහොත් එම විදුලි බල්බයෙන් නිකුත්කරනු ලබන බලශක්තිය රටක් විසින් නිර්මාණය කරන්නක් . යම්කිසි අයෙකු එම බලශක්තිය සඳහා මිලක් ගෙව්වා විය හැකියි. ඔහු හෝ ඇය විසින් වැය කරනු ලැබූ බල ශක්තිය වෙනුවෙන් ගෙවන ලද මුදල ඔහුගේ පෞද්ගලික ධනයෙන් ගෙව්වා වුවද එම ධනයත් රට විසින් නිෂ්පාදනය කරනු ලැබූවාවූ ධනයක්. එම නිසාම කිසියම්ම හෝ විදුලි බුබලක් උදේ සිට රාත්‍රී වන තුරු නිකරුණේ දැල්වෙනවා නම්, එය සම්පත් නාස්තියක් වගේම ධනයද නාස්තිකිරීමකි.
ඒත් සමඟම යම්කිසි තැනැත්තකු හෝ තැනැත්තියක ජල කරාමය විවෘත කරගෙන මුහුණ සෝදනවා නම්, ඔහු හෝ ඇය මුහුණ සෝදා නිමවන තුරුම එම වතුර ප්‍රමාණය නාස්තිකාර ලෙස අපතේ යනු ලබයි. භාජනයකට ජලය රැස්කරගෙන තම කාර්යයන් ඉටුකරනු ලබනවා නම්, එම ජල නාස්තිය සිදු නොවේ. ජලය නාස්ති කරනු ලැබූවත්, විදුලිය නාස්තිකරනු ලැබූවත්, සුළඟ නාස්තිකරනු ලැබූවත්, මහපොළොව නාස්තිකරනු ලැබුවත් අවසානයේ එය ධන නාස්තියක් වනු ඇත.
ආහාර නාස්තිකිරීමත් ඉතාමත් බරපතල අවාසනාවන්ත කාරණාවක්. එය දියුණු රටක්, දියුණු මිනිසකු නොකරන ක්‍රියාවක්. එම නිසා පින්කම් කරද්දී වේවා, දානමාන කටයුතුවලදී වේවා, මඟුල් ගෙවල්, මළගෙවල් වලදී වේවා අප ආදර්ශ සම්පන්න වන තරමටම ශ්‍රී ලාංකේයා විශේෂයෙන්ම, බෞද්ධයා නාස්තිකාර ජීවිතයෙන් මිදිය යුතු වේ. විශාල ධන සම්පත් ප්‍රමාණයක් නොතිබුණත් මෙය වැදගත් කරුණක් වේ. මෙතරම් ප්‍රමාණයක් නාස්තිකරමින් මිනිසකු ජීවත්වනවාය යන කාරණාවේ ආර්ථික විද්‍යාත්මක ස්වභාවය වටහා ගත යුතුයි.
යමිකිසි තැනැත්තකු හෝ තැනැත්තියක විසින් නාස්තිකරන ලද මුදල රුපියල් දහදාහක් යැයි සිතුවහොත් එම රුපියල් දහදාහක මුදල නාස්තිකර කර ඔහුට හෝ ඇයට ජීවත් විය හැකි නම්, එම නාස්තිකාර රුපියල් දහදාහක් යනු අතිරික්තයක් වේ. එය ඉතිරි කළ හැකි වටිනාකමක් ලෙස සැලිකිය හැකියි. එම නිිසා නාස්තිකාර ධනය යනු අතිරික්තයකි. එම අතිරික්තය ඉතාම ප්‍රයෝජනවත් වුවක්. ඉඩ වශයෙන් ගනු ලැබුවත් අතිරික්තයක් වන අතර,කාලය වශයෙන් ගනු ලැබුවත් කාල අතිරික්තයක් වන අතර, ධනය වශයෙන් ගනු ලැබුවත් ධන අතිරික්තයක් ද වන අතර ආහාර වශයෙන් බැලූූවත් ආහාර අතිරික්තයක් ද වන බව අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණාවක් බව අවධාරණය කර ගත යුතුය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ දෙසැම්බර් 24 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment