සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ගතවනවිට එනම් ක්‍රි.පූ. 306 – 307 අතර අවධියේ මිහිඳු මහ රහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළා.
ඒ පොසොන් පුර පසළොස්වක දිනකයි. මේ දිනය මේ රටේ නැකත් ක්‍රීඩා දිනයක් ලෙසයි එදා වෙන් වී තිබුණේ. මෙකල ලංකාවේ රජකම් කළ දෙවනපෑතිස් මහරජතුමා ප්‍රමුඛ රාජකීය පිරිස ක්‍රීඩාවක් වශයෙන් සිවුපාවුන්ට ජීවිත භය ගෙන දෙන හිංසක ක්‍රීඩාවක යෙදුන බව අප දන්නා කරුණක්. මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද, මෙම ක්‍රියාව හොඳ නරක හෙවත් විශ්ව සම්මත ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් අප වෙත ඉස්මතු කරවන්නක් නොවේද? මිනිසාට පමණක් නොව සිව්පාවාට පමණක් නොව ගහකොළ වැනි අජීවි වස්තූන්ටද හිංසා පීඩා වන ආකාරයෙන් ක්‍රියා කිරීම ශිෂ්ට සම්මත ලෝකයේ ගැරහීමට ලක්වන්නක්. එසේ නම් එදා තාවකාලික වින්දනයක් අරමුණු කොට රජතුමා වැනි ඉහළ පෙළේ පිරිසක් මුව දඩයම වැනි ක්‍රියාවක යෙදීමෙන් ම පෙනී යන්නේ එවකට ශ්‍රී ලංකා සමාජයේ පැවැති ඇගයීම් කුමන දිසාවකට ගමන් කර තිබේද යන්නයි. මෙය සමාජයේ ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් ද වෙනවා.
ආචාරධර්ම පිළිබඳ ලෝකයේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ගී‍්‍රක යුගයේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ ද මේ ගැන විවිධ මතවාද ඉදිරිපත් කර තිබෙනවා. ඒවා පිළිබඳ දීර්ඝ වශයෙන් කතා කිරීමට මෙහිදී අදහස් කරන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන ආචාර ධර්ම විධියයි අපට මෙහිදී වැදගත් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව යමක් හොඳයි කියා අපට කියන්නට පුළුවන් වන්නේ එම ක්‍රියාව තමන්ටත් අනුන්ටත් අයහපතක් අවැඩක් නොවේ නම් එයයි. ඒ අනුව එසේ යම් ක්‍රියාවකින් තමන්ට හෝ වෙනත් අයෙකුට අයහපතක්, අවැඩක්, හිංසාවක් වන්නේ නම් එය යහපත් හෝ හොඳක් නොවන බවයි. මෙය විශ්ව සම්මත සත්‍යයක්මයි. මේ විදිහට බුදුදහමේ ඉගැන්වීම අනුව හොඳ නරක කියන මේ ආචාරවිද්‍යාත්මක වචන දෙක විග්‍රහ කොට පෙන්වා දෙන්නට පුළුවනි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාව වන විට රටේ රාජ්‍ය පාලකයාව සිටි දෙවනපෑතිස් මහරජතුමා ඇතුළු මෙම රාජකීය පිරිස මුවකු ලුහුබැඳ යමින් සිදු කළ ක්‍රියාව ආචාරාත්මක වශයෙන් අපට හොඳ ක්‍රියාවක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්කමක් නැත. එසේ නම් එදා මේ රටේ කුමන ආකාරයෙන් සමාජ ඇගයීම්, සමාජ සම්බන්ධතා ගොඩනැගී තිබුණාදැයි අපට සිතා ගන්නටත් පුළුවනි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දුරාතීතයේ සිටම පැවැතියේ ඉතා කිට්ටු සම්බන්ධතාවක්, ගොඩබිමින් පවා ඉන්දියාවේ වර්තමාන මදුරාසියට යාමට හැකි තත්ත්වයක් තිබුණා. මේ නිසා ආගමික, සාමාජික, අධ්‍යාපනික වශයෙන් විවිධ පැතිවලින් මේ දෙරට ජනතාව එක්ව ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් ඉතා කෙටි කාලයක් තුළ මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිදු වුවත් ඒ වනවිටත් දඹදිව පැවැති බෞද්ධ විරෝධී විවිධ මිථ්‍යා ඇදහීම, ලංකාවට පමණක් ආවේණිකව පැවැති ඇදහීම හා බුදුදහමේ යම් යම් බලපෑම් මත ගොඩනැගුණු ඇදහීමද එකල පැවතුණා යැයි අපට සිතා ගත හැකිය.
මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට වැඩම කළේ අද අප කවදත් ගරු බුහුමන් දක්වන මිහින්තලාව හෙවත් මිස්සක පර්වතය මුදුනට යි. මුව දඩයමේ යෙදෙමින් සිටි රජතුමා ප්‍රමුඛ පිරිස හමු වූයේ පොසොන් පුර පසළොස්වක දිනකයි. රජතුමා හා මිහිඳු මාහිමියන් අතර පැවැති සංවාදයෙන් පසු දෙදෙනාම ඔවුනොවුන් හැඳින වටහාගෙන අනතුරුව එහිදීම ‘චුල්ලහත්ථපදෝපම’ සූත්‍රයෙන් මාහිමියන් රජු ඇතුළු පිරිසට දහම් දෙසා බුදුදහමේ ස්වභාවය හෙවත් බෞද්ධ ගමන් මඟ පැහැදිලි කර දී ඒ දහම් මග තමන් වහන්සේ ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත පිරිසක් ලෙස මෙරටට දහම් පණිවුඩය රැගෙන ආ බව පැහැදිලි කර දුන්නා.මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මදේශනාමාලාවක් වුණා. පළමුවෙන්ම දේශනා කළ ‘චුල්ලහත්ථිපදෝපම’ සූත්‍රයෙන් හා ‘සමචිත්ත පරියාය’ සූත්‍රයෙන් පසු දෙවැනි දින අනුරාධපුර රාජ මාලිගාවට වැඩමවා රජු හා අනුලා දේවිය ඇතුළු පිරිසට දේශනා කරන ලද ‘පේතවත්ථු’ සූත්‍රදේශනාව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. පේතවත්ථු සූත්‍රයේ සූත්‍ර 01ක් වර්ග හතරක් යටතේ දක්නට ලැබෙනවා. මේ හැම සූත්‍රයකින්ම පැහැදිලි වන්නේ යම්කිසි පාප ක්‍රියාවක් වැරැදි වැඩක්, සමාජයට හෝ තමන්ට අවැඩ පිණිස හේතුවන වැඩක් කිරීමෙන් එහි විපාක තමන්ට ම විඳින්නට වෙනවා කියන මේ කරුණයි. එයින් අපේක්ෂා කර ඇත්තේ ලක්වැසි ජනතාව සුමගට යොමු කිරීමයි.
මේ වනවිටත් මේ රටේ මළවුන් ඇදහීමේ ක්‍රමයක් එවක ආගමික විශ්වාස අතර තිබුණා. මේ සිරිතට නව අර්ථයක් මේ සූත්‍රදේශනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලබාදීමට ප්‍රයත්නයක් දරා තිබෙනවා. ඒ ක්‍රමයෙන් බලන විට පව් කරන අය පරලොව දුක් විඳින ප්‍රේතාත්මභාවයක් ලබන අතර එයින් නොනවතින උන්වහන්සේ එම දුක් සහිත ප්‍රේතාත්මභාවයන්ට යාමට ඉඩ නො දෙන්නට නම් නිවැරැදි යහපත් ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ඊට ජනතාව උනන්දු කරවීමේ අරමුණෙන් ඊළඟ ධර්මදේශනාව ලෙස විමානවත්ථු සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා. මේ ‘විමානවත්ථු’ දේශනාව තුළින් එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා යහපත් වැඩ කරන. නිවැරැදි ජීවිත ගත කරන අය පරලොව සැප විඳින ආකාරය. මෙය පෙන්වා දීම සඳහා දිව්‍ය විමානවල, සුගති භූමිවල උපදින එවැනි උදවිය පිළිබඳ විවිධ කතා පුවත් ගෙන හැර දැක්වීමක් එහි තිබෙනවා. ඒ දේශනා දෙකම එනම් අයහපත් දේ කරන කරන අය පරලොව ප්‍රේතාත්මභාවයක් ලබා කල්ප ගණන් දුක් විඳින ආකාරයත්, යහපත් දේ කරන අය දිව්‍යලෝකවල උපත ලබා සැප විඳින ආකාරයත් දැක්වෙන මේ ‘පේතවත්ථු’ ‘විමානවත්ථු’ දේශනාවන් ත්‍රිපිටකයෙන් තෝරා බේරා වෙන් කරගෙන විශේෂ වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ එදා සමාජයේ පැවැති අවශ්‍යතාවයක් සපුරාලන්නට බව පැහැදිලිව පෙන්වාදිය හැකි වෙනවා.
මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසූ බවත් යහපත අයහපත පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඒ කිසිම දහමකින් පෙන්වාදී නොතිබුණු බවත් සිතා ගැනීමට තරම් ඒ ආගම් ගැන විමසන විට පෙනී යනවා. එසේ තිබුණා නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකීය පිරිස නැකත් ක්‍රීඩා දිනයක් ලෙස සැලකුණු පොසොන් පොහෝ දින හිංසක විනෝද ක්‍රීඩාවක යෙදීමට ඉඩක් නැහැ. එසේ නම් ඒ තත්ත්වයෙන් මුදා මේ නවතම දහම අනුව ජීවිත ගොඩනගා ගැනීමට නම් ලක්වැසි ජනතාවට සුචරිතය පෙන්වා දීමට උන්වහන්සේ උනන්දු වූ බව පෙනෙනවා. එසේ නම් එය එදා අවශ්‍ය කර තිබුණු සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීම උන්වහන්සේගේ අරමුණ වුණා.
එපමණක් නොව අද අපේ බෞද්ධ සමාජයේ තහවුරුව පවතින මළගිය දෙමාපිය, ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීමේ චාරිත්‍රය තහවුරු වීමට බලපෑවේ උන්වහන්සේ දේශනා කළ පේතවත්ථු දේශනාවේ දැක්වෙන ‘තිරොතුඩ්ඪ’ සූත්‍ර දේශනාවයි. මෙයින් ප්‍රකාශ වන කතාව ඉතා වැදගත් වෙනවා. කොසොල් මහරජතුමාගේ ඤාති පිරිසක් ඵුස්ස’ නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එකට එක්ව ජීවත් වී විවිධ පින්කම් කරන විට එදා බුදුරජාණන් වහන්සේට වස් කාලයක නොකඩවා දානය පිළියෙල කරමින් කටයුතු කළා. එදා ඒ දන්වැට භාරව ජන ප්‍රධානියෙක් ලෙස මෙදා කොසොල් රජතුමා ක්‍රියා කළා. මේ අතර තමන්ගේ ම ඤාතිපිරිසක් මේ දන්වැට ගසාකමින් එම පින්කම කටයුතුවලට බාධා පැමිණෙනවා. ජනප්‍රධානියා ඇතුළු සුචරිතවත් පිරිස පසුව කල්ප දෙයානුවක් සුගති භූමිවල හා දිව්‍ය ලෝකවල ඉපිද සැප වින්දා මේ අතර දන්වැට ගසාකමින් පින්කම්වලට බාධාකළ ඤාති පිරිස ඒ කල්ප 92 හි ම පේ‍්‍රත ලෝකයන්හි ඉපිද දුක් වින්දා. ගෞතම බුදුරජාණන් වහන්සේ දවස මේ ජනප්‍රධානියා කොසොල් රජුව ඉපදුණා. රජතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සඟනට ඉතා ඉහළ මට්ටමේ මනා සංවිධානයක් කර මහාදානයක් පිරිනැමූ දවසක රාත්‍රියේ නින්දට ගිය පසු රජතුමා මහා භයානක සිහිනයක් දැක මහත් භීතියට පත් වුණා. රජතුමා පසුදින පාන්දරම දෙව්රමට ගොස් බුදුරජාණන් වහන්සේට මේ සිහිනයේ තොරතුරු කී පසු එදා දන්දුන් දින මළගිය ඤාතිප්‍රේතයන්ට පින් නොදුන් නිසා ඒ ඤාති ප්‍රේතයන් නිසා මෙවැනි හීනයක් දුටු බව ප්‍රකාශ කළා. එදිනම නැවතත් එවැනිම දනක් සූදානම් කර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟනට ආරාධනා කර පිළිගැන්නුවා. එදින මළගිය ඤාතින්ට පින් දුන්නා. එයින් ම සතුටට පත් ඤාති ප්‍රේතයන් ඒ දුක් සහිත ප්‍රේතාත්මකභාවයෙන් නිදහස් වුණා.
මේ දේශනාව ගත්විට මළ ගිය ඤාතීන්ට පින් පැමිණවීම තුළින් ප්‍රේතාත්මභාවයන් ලැබූ තම ඥාතීන් ලබා දෙන පින් අනුමෝදන් ව සැපයට පත් වෙනවා.කියන මේ කරුණ පමණක් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. ඒ ඤාතීන් සැපවත් වනවා වගේම දැහැමි සමාජයට අවශ්‍ය කරන මිනිස් හදවත්වල කරුණාව ජනිත කරවීම, කළගුණ සැලකීම වැනි ගුණධර්ම ප්‍රගුණ කරවීම, දුකට පත්වන අයට පිහිට වීමෙන් ඒ අය මුද වා ගැනීම වැනි සමාජ සාරධර්ම රාශියක්ද සමාජයට හුරු කිරීමට හේතු වෙනවා. බුද්ධ දේශනාවේ හා අට්ඨකතාවේ එන විස්තරයට අනුව කෙනෙක් මිය ගිය පසු ප්‍රේතාත්ම භාවයක් ලබන්නට හේතු වන්නේ අකුසල කර්ම කිරීමෙනු
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති,
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
රාජමහා විහාරාධිපති,
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 19 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment