ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුතැවීම හෙවත් පශ්චාත්තාපවීම යන වචනය නිතර අප භාවිතා කරනු ලබන වචනයක්. එම මනෝභාවය තේරුම් ගැනීමත් එම මනෝභාවය කුමන ආකාරයෙන් අපට ප්‍රයෝජවත් වන්නේද? නොවන්නේද? යන කාරණාව පසුතැවීම යන කරුණට අදාලව ධර්මානුකූලව කෙසේ වටහාගත යුතු ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමි පුද්ගලයකුට යමිකිසි ක්‍රියාවක් කළ විට එහි ප්‍රතිඵල බුක්තිවිඳින්නට වන්නේ කදුළු පිරි මුහුණින් නම්,එම පසුතැවීම සාධනීය පසුතැවීමක් නොවෙයි. කඳුළු පිරි මුහුණින් එහි විපාක විඳිනවා කියන්නේම දුක යන හැඟීමට පමණක් යටත්වීමෙන් අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව නැතිකර ගැනීමය. සමහර කාරණා ක්‍රියාත්මක කළ විට එහි ප්‍රතිපල අපට බුක්ති විදින්නට ලැබෙන්නේ සිනහමුසු මුහුණින් වුවද, සමහර අවස්ථාවලදී කඳුළු සලමින් එහි ප්‍රතිඵලය බුක්ති විඳීමට සිදුවෙයි.
ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කරමින් සිටින විට, යමිකිසි ආකාරයකට දුකක් වේදනාවක් දැනුනත්, අප නිවැරැදි වනවා නමි, ගැටළුවක් වන්නේ නැහැ. එම දුක සහ එම ෙවිදනාව ඔස්සේ අප නිවැරැදි වනවා නමි,එම පසුතැවිල්ල යහපත් පසුතැවිල්ලක් ෙවිවි.
අප කළ වැරැද්ද සම්බන්ධව දුක උරුම කළ කාරණාව පිළිබඳව වටහා ගැනීමකින් තොරව වෙන කාරණා සිතාගෙන අඬනවා නමි අපගේ පසුතැවිල්ලෙන් අප නිවැරැදි වන්නේ නැහැ. ,පසුතැවිල්ල තුළ සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙන බව අප දැනගත යුතුයි. පසුතැවී පසුතැවී සිටින්නේ කුමටද? කියලා යමි පුද්ගලයෙක් ප්‍රශ්න කළ හැකියි. පසුතැවීම තුළ සිදුවන්නේ ,මම කළ අයහපත් ක්‍රියාව පිළිබඳව පසුතැවෙනවා නමි,එම පසුතැවීම සාධනීයයි. නමුත් පසුතැවීම තුළ තවදුරටත් මම මනසිනුත් කඩාවැටීම නමි,නිවැරැදි වීමක් නොවෙයි නමි,එම පශ්චාත්තාපය හෙවත් ක්‍රියාකාරකමට පසුව ඇතිකරගන්නාවූ තැවීම දැවීම යහපත් නොවන නිශේධනීය කාරණාවක් වෙයි.
බෞද්ධයන් ලෙස අපගේ ජීවිත තුළ පසුතැවීම යන මනෝභාවය රහත් වන තුරුම වරින් වර පැමිණෙන අතර එය නැවැත්වීය නොහැකියි. සෑම විට අප උත්සාහ කළ යූත්තේ පසුතැවීම තුළ නිවැරැදි වීමටයි. පසුතැවීම වැසීමට අප වෙනත් දේ කළාට කවදාවත් නිවැරැදි වන්නේ නැහැ. එක ස්වාමිදියණියක් තම ජීවිත කාලය පුරාම බොහොම රළු ආකාරයට තම ස්වාමිපුරුෂයාට නපුරුකමි කළා. දැඩිලෙස ඔහුට පිඩාදෙමින් ඔහුට දුක උරුම කරමින් දරුවන් ඉදිරියේ ඔහු හෑල්ලුවට ලක්කරමින් කටයුතු කළා. ටික කලක් ගත වන විට ඔහු අධික ලෙස කායිකව රෝගාතුර වූවිට එම කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ කායිකව ඇතිවුණ රෝගවලට ඇප උපස්ථාන කළා. කාලය ගත වීමත් සමඟ ඔහු මිය ගියා. ඔහු මිය ගියාට පසු ්එම කාන්තාව විවිධ පන්සල් තෝරාගෙන විවිධ පිළිම තබමින් විිවිධ බෝධිප්‍රකාර බඳිමින් කටයුතු කරනු ලැබුවත් ඇයට එයින් ගැලවීමක් නැහැ.මගේ ස්වාමිපුරුෂයා රෝගී විමට ප්‍රධාන හේතුව වූයේ මම විසින් ඇතිකළ පීඩාව තුළ ඔහු පළමුවෙන්ම මනසින් ගිලන් වීම නිසයි. මනසින් ගිලන් වූ විට කයෙන් ගිලන් වීමට පටන් ගන්නවා. කය ලෙඩ වුණාට පසුව කරන සැලකිලි උපස්ථාන සියල්ලම තමාගේ සාවද්‍ය මනසින් නිදහස් වීමට කරන වැඩ. දැන් ඇය බෝධිඝර, පන්සල්වල තාප්ප අෂ්ටපරිස්කාර පුජාවන් ආදී පින්කමි රාශියක් කරනු ලබයි. තවම ඇයගේ සාවද්‍ය මනසින් ඇයට නිදහස් වීමට බැරිවුණා.
ඇය තම ජීවිත කාලය පුරාවටම තම ස්වාමිපුරුෂයාට සතුටක් අත්වන ආකාරයට ජීවත් නොවුන බව ඇය දන්නවා.අප කරනු ලබනදේ පිළිබ ඳව පසුතැවීම කියන කාරණාවෙදි එවැනි දේ තුළින් වසාදැමීමට දැඟලුවත් එය කවදාවත් වසන්න බැහැ. අපගේ රෙටි බොහෝ මිනිසුනට සිදුව ඇත්තේ තමාගේ වෘත්තීයමය තත්වය අදාළ ආයතනය තුළදී පමණක් භාවිත කිරීමට නොතේරෙන කමයි. තමන්ගේ වෘත්තීමය තත්වය තමන්ගේ ආයතන තුළ පමණක් පාවිචිචි කරලා ඒ අය ගෙදරට පැමිණෙන විට ගෘහයට අදාළ වන තත්වයේ සිටිනවා නමි, මිනිසුන්ට හිංසා කරනු ලබන්නේ නැහැ. කාන්තාවන් පිරිමින්ටවත් , පිරිමි කාන්තාවන්ටවත් මානසික හිංසා කරන්නේ නැහැ.
එම කාන්තාවට සිදුවුණ දෙය සත්‍ය වශයෙන්ම ඛෙදවාචකයක්. කළු ලෑල්ලයි ෙවිවැලයි පාසලේ තබා ගෙදර පැමිණීමට එතුමියට බැරිවුණා. එතුමිය ගෙදරට පැමිණිලත් තමන්ගේ ස්වාමිපුරුෂයා ශිෂ්‍යයකු ආකාරයට දකින්න ගත්තා. තමන්ගේ දරුවන් දරුවන් ආකාරයට නොදැක ඔවුන් පන්ති කාමරයේ සිටින ශිෂ්‍යයන් ආකාරයට දකින්න උත්සාහ කළා. ඇය කළ ක්‍රියාකාරකම් අවසානයේදී ඇය විඳවන්න වෙන තැන කරා රැගෙන ගියා. ඇයගේ විශ්‍රාම දිවියේ සම්පූර්ණ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම පින්දහමි සඳහා වියදමි කරනවා. එහෙත් ඇය සුවපත් නොවී සැම විටම මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. තමන් තම ස්වාමි පුරුෂයාට ක්‍රියාකළ ආකාරය නිවැරැදිද? මිනිසුන් මරුණාට පසුව පැමිණෙන සාවද්‍ය හැඟීම දරාගැනීම හරිම අපහසුයි. පින්දහමි නොකළානමි , එතුමිය ෙමිවනවිටත් මානසික රෝහලේ රෝගියකු විය හැකියි. අපගේ වාසනාවකට වගේ සත් දවසේ පින්කමි තුන්මාසයේ පින්කමි,අවුරුද්දේ පින්කමි ආදී පින්කමි තුළින් පින්දීල මානසික පීඩාවන්ගෙන් නිදහස් වීමට යමි යමි පින්කමි කොටසක් තිබෙනවා. එසේ නොවුණා නමි, තමන් කළ ක්‍රියාකාරකම පිළිබඳව පැමිණෙන සාවද්‍ය හැඟීමෙන් කෙසේ නිදහස් විය හැකිද? ඔබගේ ජීවිතයට එවැනි පසුතැවිලි ඇතිවන ආකාරයෙන් අනෙකුත් අයට කටයුතු කරන්න යන්න එපා.ඔබ සැම විටම උත්සාහ කළ යුත්තේ තමන් කරන දේ පිළිබඳව අනෙකුත් පුද්ගලයාට දැනෙන්නේ කොහොමද? කියන කාරණාව පිළිබඳව සිතල කටයුතු කිරීම වැදගත් වෙයි.
ඔබගේ හැම හැසීරීමක්ම අනෙකුත් පුද්ගලයාට කායිකව අපහසුවක් නොවුණත් දිවිනසා ගැනීමට සිතෙන තරමි මානසික අපහසුතා ඇතිකරනවා විය හැකියි.ඔබ ප්‍රකාශ කරන වාක්‍ය ඔබ අනෙකා දෙස බලන ආකාරය ඔබ අනෙකුත් පුද්ගලයාට ආහාර පාන දෙන ආකාරය , ඔබ ගෙදරට පැමිණුනාට පසුව අනෙකුත් පුද්ගලයාට පෙනෙන්න බෑගය සෙරෙප්පු තබන ආකාරය යන සෑම ක්‍රියාකාරකමක් තවත් අයෙකු මානසිකව හොඳටම තුවාල කළ හැකියි. පසුවදී හෝ තමන් අයෙකුට තුවාල කළබව දැනගතහොත් එයාගේ ඉතිරි ජීිවිත කාලයම හරියට විඳවල මැරෙන්න සිදුවෙයි. පින්කමි කෙතරමි කරනු ලැබුවත් ඇතිවීමක් නැත්තේ සහ මම අසවලා වෙනුවෙන් පින්කමි කළා තව මදිද ? යනුවෙන් තව අයගෙන් විමසනු ලබන්නේත් තමා තුළ පවතින සාවද්‍ය චේතනාවමයි.
ඇතැමි අවස්ථාවලදී මරණයකට පසුව අපට ඇඬෙන්නේ අහිංසකව නොවෙයි. මරණයකට පසුව ඇඬෙන විට සමහර විට අපට එවැනි ප්‍රශ්න තිබිය හැකියි. මම ඔහුට හෝ ඇයට සැලකුවා ඇතිද? කාගේ හෝ මරණයකට පසුව බොහොම තදින් පැමිණෙන හැඟීමක් . මම සලකපු ආකාරය හරිද? එවැනි ආකාරයට ඔබගෙන් මඟහැරී ගිය පිරිස් ඇති වුණත් ඉතිරි අය සම්බන්ධව එසේ වෙන්න එපා. යමි පුද්ගලයන් පිළිබ ඳව ඔවුන් වෙනුවෙන් ඔබගේ යුතුකමි කොටස ඉෂ්ට නොකළා විය හැකියි. එය අප පීඩාවට පත්වන ආකාරය තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟ මෙතෙක් කාලයක් ඔබට ජීවත් වීමට නොහැකි වුණා විය හැකි වුණත් ඉදිරියට හෝ ඔබ බාහිර පුද්ගලයන් සමඟ සැමියා බිරිඳ දරුවන් දෙමවුපියන් ඥාතීන් සමඟ හෝ නොනෑයන් සමඟ වැඩකටයුතු කරද්දී සැම විටම මම මේ කරගෙන යනු ලබන වැඩ කලාව අනුව පසුව පසුතැවිලි නොවී සිටීමට මට හැකිවෙයිද? පසුතැවිලි නොවී සිටීමට හැකිදේ පමණක් ඔබ කරන්න.
පසුතැවිලි නොවී සිටීමට නමි, කෙතරම් ද්වේෂ සහගත වුවත් එවැනි දේවල් කරන්න එපා. පසුකාලීනව නිවැරැදි කීරීම සදහා කෙතරම් දේවල් කරනු ලැබුවත් එය හරියන්නේ නැහැ. ඇතැමි පිරිස් කිසිදුි කලබලයකින් තොරව සැමදාම පින්දහමි කරගෙන ගිය ආකාරයට පින්දහම් කරගෙන යනවා. අවුරුදු පනහක් හැටක් යනකම්, කිසිදු පිනක් දහමක් නොකර ඉඳල එකසැරයටම භාවනා කරමින් පින්කමි කරමින්,ඉඩකඩමි පූජාකරකමින් විශාල ගොඩනැගිලි හදමින් බොහෝ දේ කරනු ලබන්නේ සාවද්‍ය මනසින් නිදහස් වීමටයි. එම කරන දේ තුළින් ඔහුට පින්රැස් වුවත් කුසලයක් වැඩෙන එකක් නැහැ. ඔහු කරනු ලබන්නේ සාවද්‍ය මනස මඟහැරීම නිසයි.
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවතආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ නිකිණි අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ අගෝස්තු 31 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment