Labels

Friday, September 16, 2016

දිවා රැය වැඩිය යුතු සදාචාරය

නියම බෞද්ධයා කවුරුන්ද? යන වග හඳුනාගත හැක්කේ ඔහු විසින් සිදුකරන ලද ක්‍රියාවන් මුල් කරගෙනය. සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නේ නම් ඔහු සදාචාර සම්පන්න පුද්ගලයෙකු වන්නේය. ඒ අනුව බුදු දහමේ සදාචාරය යනුවෙන් ඉගැන්වෙන්නේ යහපත් හැසිරීමයි. යහපත් හැසිරීම තුන්ආකාරයකින් විය යුතුය. කයින් සංවර වීම ,වචනයෙන් සංවර වීම, මනසින් සංවර වීම එම තුන් ආකාරයයි.


කායෙන සංවරො සාධු – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො

ලොවෙහි විස්මිත දායාදයන්ගේ අතුරුදහන් වීම

දීඝ නිකායෙහි පාඨික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක උප්පත්ති කතාවෙහි සත්වයා, ප්‍රීතිය අනුභව කරගෙන, ශරීරයෙන් හටගත්තා වූ ප්‍රභාෂ්වර බව පොළොවෙහි ඇති වූ රස ඕජාව එනම් රස පොළොව, භූමි පප්පටකය, බදාලතාව, ඇල් සහල් ආදී වූ සත්වයෝ පරිභෝග කළ සියලු දේම, මේ සත්වයන් තුළ හටගත් ලාමක අකුසල් ධර්මයෝ නිසාම විනාශ වූ ආකාරය නිකිණි පුර පසළොස්වක පෝදා සිට අප කතා කරමින් පැමිණි අතර, අද අප ආහාරය නිසා ඇතිවන්නා වූ රස තෘෂ්ණාව හේතුවෙන් සත්වයා තුළ හටගත්තා වූ අකුසල ධර්මයෝ ගැන කතා කරමු.
වාසෙට්ඨයෙනි, ඒ කාලයේ එම සත්වයෝ නැවතත් එක තැනකට එක් රැස්වෙලා ඒ අය මෙහෙම කතා කරන්නට වුණා. බලන්න, මහා ඛේදයක් එනම් අපට මහා විපතක් සිද්ධ වෙලා සත්වයන්ගේ සිත්වල මලානික බවක් ඇති වෙන්නට පටන් ගත්තා.


විඤ්ඤාණය නිසා නාමරූපය පවතිනවා ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු -07 )

පටිච්ච සමුප්පාදයේ උගන්වන තුන්වන අංගය යන විඤ්ඤාණය ගැන මෙතැන් සිට කියා දෙනවා. මුලින් ම විඤ්ඤාණයේ සාමාන්‍ය ස්වභාවය අපි තේරුම් ගනිමු. ඒත් පටිච්ච සමුප්පාදයේ දී විස්තර කරන විඤ්ඤාණය ක්‍රියාවලිය ඊට වඩා වෙනස්. ඒක පටලවා ගන්න එපා, සාමාන්‍යයෙන් විඤ්ඤාණය කියන්නේ අපගේ සිතට. ඒත් සිතේ මනසේ, විඤ්ඤාණයේ සුළු වෙනස්කම් තියෙනවා. නමුත් සිත කියා ගත්තොත් මේක ලෙහෙසියි. කන්න ඕනෑ, නිදන්න ඕනෑ, වැඩපල කරන්න ඕනෑ, ධනය රැස්කරන්න ඕනෑ, ආදී වශයෙන් සිතන්නේ විඤ්ඤාණයයි.
අප ළඟ තිබෙන ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ගන්නා වූ වේදනා, සංඥා, සංඛාර ආදි වූ අරමුණුවල පටලවන්නේ මේ සිතයි. අප මුලාවට පත් කරලා සසර ඇවිද්දවන්නේ මේ සිතයි. මොහොතින් මොහොත වෙනස් වෙමින් යන දේවල් එහෙම වෙන්නේ නැහැ කියා සිතන්නේත් මේ සිතයි.

සිදුකළොත් ආනන්තරිය පාපය ගෙන දේ කල්පයක් විපාකය

මේ ජීවිතය මියගිය පසු ඒකාන්තයෙන් ම විපාක දෙන අකුසල කර්ම ආනන්තරීය කර්ම වශයෙන් හැඳින්වේ. ආනන්තරීය යන නම මෙහිදී යොදා ඇත්තේ කර්මයේ ස්වභාවය සලකාගෙන නොව කර්ම විපාකයේ ස්වභාවය සලකා ගෙනය. ආනන්තරීය කර්මයේ විශේෂය වන්නේ එයට ම ආවේණික වූ කර්ම විපාකයක් ඒකාන්ත වශයෙන් ම ලැබීමයි. එය ධර්ම නියාමතාවයකි.
ඒ අනුව යමෙක් මේ භවයෙහි දී ආනන්තරීය කර්මයක් සිදුකළේ නම් ඒ තැනැත්තාගේ ඊළඟ භවය ඒකාන්තයෙන් ම දුගතියකි. එම කර්ම විපාකය ඒකාන්තයෙන් ම ඊළඟ භවයේ දී විපාක දේ. කර්මය සිදුකළ භවයේදී මාර්ග ඵලාවබෝධයට පත්විය නොහැකිය.

ධර්මය විනය හා පැවිදි දිවිය

ධර්මය දේශනා සංඛ්‍යාතය. එය බුදුරදුන්ගේ දේශනාවයි. රාග, ද්වේශ, මෝහාදීන් දුරු කරන්නට උපකාරි වන බැවින්ද, භික්ෂු , භික්ෂුණීන්ගේ ශික්ෂණය හා ආයති සංවරය පිණිස වන බැවින්ද, ප්‍රාතිමෝක්ෂාදියෙහි දක්වන ලද නියමයන් විනය නම් වෙයි. විනය ප්‍රඥප්ති සංඛ්‍යාතය.
එය බුදුරදුන්ගේ පැනවීම් පෙන්වා දෙයි. තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත්, පනවන ලද විනයත් පරිනිර්වාණයෙන් පසු භික්ෂූන් විසින් ශාස්තෘවරයා ලෙස සැලකිය යුතු යැයි බුදුරදුන් විසින් පිරිනිවීමට ආසන්න සමයෙහි ඇනුදැන වදාළ බව පෙල දහම වාර්තා කරයි. ඒ අනුව ප්‍රථම සංගීතියේදී ම ධර්මයත්, විනයත් චිරස්ථායි ව පවිත්‍රව රැකගැනීම පිළිබඳව මහා කාශ්‍යපාදී මහ තෙරවරු වෙසෙසින් මැ කටයුතු සම්පාදනය කළහ.

නිවන් මඟ හෙළි කරන සති සම්බොජ්ඣංගය

“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි
“සති” යන පාලි භාෂාමය වචනයේ අරුත “සිහිය” යන්නයි. එහි අරුත වැඩි දුරටත් විස්තර කරන ආචාර්යවරු “සරණං සති (සිහි කිරීම සතියයි) කියති. අරමුණක් ඇති සැටියෙන් සිහිපත් කිරීම සති නමින් සැලකෙන බව ඒ අර්ථ විග්‍රහයන්ගෙන් වැඩි දුරටත් කියැවෙයි. සතිය යනු කලින් කළ කී දෑ අමතක වන්නට නොදී ඒ වූ සැටියෙන් සිතේ එළඹ සිටීම ස්වභාව කොට ඇති චෛතසිකයෙකි. සති චෛතසිකය සති පට්ඨානය, සතින්ද්‍රීය, සතිබල, සම්මාසති යන තැන්වල දී යෙදී බොජ්ඣංග ගැන විස්තර කිරීමේ දී යොදා ඇත්තේ සති සම්බොජ්ඣංග යනුවෙනි

බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වය

බුදුරදුන්ගේ නායකත්වයේ සුවිශේෂී ගුණය වන්නේ යථාවාදී තථාකාරි තථාවාදී යථාකාරි ගුණයයි. එනම් කියන දේ කරන බව හා කරන දේ කියන බවයි. උන්වහන්සේ ගේ සමස්ත දේශනාවන් තුළම මේ තත්ත්වය දැකිය හැකිය. ඉගැන්වීම හුදු වචන ප්‍රලාප බවට පත් නොවූහ. යමක අඩුපාඩුකම් දැකීම පහසු වුවද නිවැරදිව සිදුකිරීම අපහසුය. ඒ අතර බුදුරදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් වූහ. උන්වහන්සේගේ භාවිතය තුළින් ඉහත ගුණය ඔප්පුකර පෙන්වූහ. එවැනි අවස්ථා රාශියක් බෞද්ධ ඉතිහාසයේ දක්නට ලැබේ.
බෝසත් අවධියේ පටන්ම උන්වහන්සේ තුළ මෙය දක්නට ලැබුණි. කළගුණ සැලකීම සිදුකරන ලෙස සඳහන් කළා පමණක් නොව තමන්ට බුදුවීමට සෙවන දුන් ඇසතු බෝරුකට ප්‍රත්‍ය උපකාර සිදුකළහ. එහිදී උන්වහන්සේ තුළින් දැකිය හැකිවන්නේ කෘතවේදිත්වය ප්‍රකාශ කළ යුත්තේ මිනිසාට පමණක් නොවන බවයි. සිත්පිත් නැති වස්තූන්ටද එය සිදු කළ යුතු බවයි. මව්පියන්ට සලකන ලෙස දේශනා කළා සේම ප්‍රායෝගිකව උන්වහන්සේ එය ඉටුකර පෙන්වූහ. ගිලනුන්ට උවටැන් සිදුකරන මෙන් දේශනා කළා මෙන්ම පූතිගත්තතිස්ස හිමියන්ට උපස්ථාන සිදුකරමින් එය මනාව පෙන්වා වදාළහ. උපදෙස් දීමට පමණක් සීමා නොවී ක්‍රියාවෙන් එය සිදු කළහ.

ධම්මරථ සූත්‍රය

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගෙන් බණ ඇසූ එක්තරා තරුණයෙක් පැහැදී සසුන් ගත වී භාවනා කරන පිළිවෙළ ඉගෙන විවේකස්ථානයක නැවතී කමටහන් වැඩීය. ජීවිතාන්තය දක්වාම භාවනා කළත් මාර්ගඵල ආදියත් ලැබීමට අසමත්වීය. භාවනා කරද්දී සක්මන් මලුවේදීම අපවත් විය. තව්තිසා දෙව්ලොව උපත ලැබීය. භාවනා රම්මණය තදින් ගෙන විසූ බැවින් මළ බවවත් දෙව්ලොව උපන් බවවත් හේ නොදත්තේ ය.

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

Saturday, September 10, 2016

ධනය හා සැපත



භෞතික සැප ලෙස අත්ථි සුඛ, භෝගි සුඛ හා අනන සුඛ හා       අනවජ්ජ යන සැප හතර දැක්වේ. එයින් පළමුවන අත්ථි සුඛ යනුවෙන් අදහස් වන්නේ උපයාගත් යම් චංචල හෝ නිශ්චල ධන සම්පතක් තමා සතුව ඇත. (අත්ථි) යනුවෙන් කල්පනා කිරීමෙන් ලබන සැපතයි.

ලෝකය ගැන ගැඹුරු අවබෝධයක්

ආශාව, ලෝභය වැඩෙන හැටියටයි කෙනෙක් සිතින් අල්ලාගන්නේ. නමුත් හෙමිහිට කල්පනා කර බලන විට, මෙතන කුමක්ද තියෙන්නේ? අර කෙසෙල් ගසේ පතුරෙන් පතුර ගලවා බැලූ විට අරටුවක් නැති බව තේරුණා වගේ. මෙතන තියෙන්නේ සිතිවිලි ගොඩක් විතරයි.
අන්න ඒ විදියට හිතනකොට කල්පනා කරන කොට තමයි, අර ධර්මය ගැඹුරින්ම අවබෝධ වෙන්නේ, චතුරාර්ය සත්‍යය කියලා ඒ බුදුපියාණන් වහන්සේ දේශනාකර තියෙනවා.

ආදර්ශයෙන්ම පිරි සම්බුදු සිරිත

ආදර්ශමත් නායකත්වයක් වශයෙන් ක්‍රියා කිරීමේදී බොහෝ කැපකිරීමක් කළහැකි විය යුතුය.අසිරිමත් සම්බුද්ධ දිවියේ පමණක් නොව බෝසත් අවධියේ සිටම බුදුරදුන් තුළ මෙය ඉතා හොඳින් දක්නට ලැබුණි. නායකයෙකු වශයෙන් ධනය, බලය,කාලය,වස්තු සම්පත්තීන් මෙන්ම විශේෂයෙන් ශ්‍රමය කැප කළ හැකිවිය යුතුවේ. එසේ නොමැත්තෙක් සැබෑ නායකයෙකු ලෙස සැලකිය නොහැක. තමන්ට ලැබෙන සැපසම්පත්තීන් පවා කැපකිරීමට නායකයාට හැකිවිය යුතුමය.මේ අරුතින් ගත් විට අප බුදුරදුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් සැබෑ නායකයෙකි.
බෝසතාණන් වහන්සේ සසර පිරූ පාරමිතා තුළින්ම පැහැදිලි වන්නේ උන්වහන්සේගේ කැපකිරීම් වල ස්වභාවයයි. දානය යනු කැපකිරීමකි. තමන් සතු තමන්ට ප්‍රයෝජනවත් දෙයක් තවත් පිරිසක් විෂයෙහි බෙදාදීම හැමෝටම කළ නොහැකිය. බෝසතාණන් වහන්සේ පරිත්‍යාග කළේ භෞතික සම්පත් පමණක් නොව තම ශරීරය, ඇස් ඉස්, මස් මෙන්ම දූ දරුවන් පවා වෙස්සන්තර ආත්ම භාවයෙහිදී පරිත්‍යාග කළහ. එය මිහිපිට කෙනෙකුට කළ නොහැකි දෙයකි.

දියුණුව සළසා ගන්නේකෙසේද?

බුදුරජාණන්වහන්සේ දේශනා කළ නිර්වාණගාමී මාවතට එළඹීමට ප්‍රථම අප කළ යුතු ඉතා වැදගත් වූ කාරණාවක් නම් අපේ දෙලොව දියුණුව ඇති කර ගැනීමයි. බොහෝවිට ධර්මය පිළිබඳ මනා වැටහීමක් නොමැති ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ සම්බුදු හිමියන් දේශනා කළ ධර්මස්ඛන්ධය අදාළ වන්නේ පරලොව සැප පිණිස හේතු වන්නේය යන කාරණාවයි. නමුදු ඔවුන් නිසි අවබෝධයකින් තොරව පදනම් විරහිත එවන් ප්‍රකාශයන් සිදු කරන බව පෙනේ. මහාමංගල සූත්‍රය කරණීයමෙත්ත සූත්‍රය,වේළුද්වාර සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනා මගින් ඉහත සාවද්‍ය ප්‍රකාශයන් ඛණ්ඩණය වනු නියතය.

කුසල් යනුමොනවාද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං


පින්වත්නි,

සියලු පව් නොකරන්න. කුසලයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්විඳීමට සිදුවන ක්‍රියාය. සිත කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. පාපයෙන් වැළකීම පමණක් නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහරදෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතු ය. බුදු සමය අක්‍රීයව අවබෝධ කළ හැක්කක් නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්දැයි පළමුව හඳුනා ගත යුතු ය.

සදහම් දැනුම




හිතානුකම්පී දිවි පැවැත්ම

බුදුපියාණන් වහන්සේ එකී පරිසරය වෙනුවෙන් උන්වහන්සේගේ කෘතඤතාවය පෞද්ගලිකව පුදකරමින්, මෙම සියලු ගහකොළ පූජනීයයි වන්දනීයයි ගහට කොළට අමතරව බොහෝ දෙනා පූජනීයයි වන්දනීයයි. සෑම සතෙක්ම උපකාරකයන් වන්නේය යනුවෙන් නිහඬව අපට දැවැන්ත පාඩමක් කියාදී තිබෙනවා. එම පාඩම අපට කියාදී තිබෙන්නේ ජීවිතය පුරාවටම පාවිචිචි කිරීම සඳහායි.
ප්‍රත්‍යවේක්ෂණ ධර්මතාවය හෙවත් ප්‍රත්‍යාවේක්ෂා කිරීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද? භික්ෂූන් වහන්සේලාගේ භික්ෂු සමිප්‍රදාය තුළ ස්වාමීන් වහන්ස්ලාට ආෙවිණික ප්‍රත්‍යවේක්ෂා ක්‍රමයක් තිබෙනවා. දානය වළඳන විට, කිසියම් වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. සිවුර පොරවන විට, ඇඳ පුටු භාවිත කරන විට, ගිලන් පස වළඳන විටත් කිසියමි වාක්‍යයක් සිහිපත් කිරීමට තිබෙනවා. මෙම වාක්‍ය කිහිපය සිහිපත් කරනු ලබන්නේ කුමන හේතුවක් සඳහාද?

වස්සාන සමයයි ගිහි පැවිදි සම්බන්ධතාවයයි

“අයං වසසාන කාලො” මේ වස් කාලයයි. යන පාඨය බොහෝ විහාරස්ථානවලදී මෙකල ඔබ දකින්නට ඇත. ඒ වස් සමය දැන් එළඹී ඇත. උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩ සිටින සෑම විහාරස්ථානයක වස් විසීම සිදුකරනු ලබයි. බුදු සසුනේ ආරම්භක අවස්ථාවේ දීම වස් විසීම සිදු නොවුනත්, ඒ ආසන්නයේදීම වස්විසීම සිදුකරන්නට ඇතැයි සිතිය හැක.
බුදුරදුන්ගේ අවවාදය පරිදි ගම් නියම්ගම් සැරිසරමින් සදහම් චාරිකාවේ යෙදුන භික්ෂූන් වහන්සේලාට අව්ව, වැස්ස ගැන සිතන්නට අවස්ථාවක් නො ඇති විය.

පසුතැවීම සාධනීය විය යුතුයි

ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුතැවීම හෙවත් පශ්චාත්තාපවීම යන වචනය නිතර අප භාවිතා කරනු ලබන වචනයක්. එම මනෝභාවය තේරුම් ගැනීමත් එම මනෝභාවය කුමන ආකාරයෙන් අපට ප්‍රයෝජවත් වන්නේද? නොවන්නේද? යන කාරණාව පසුතැවීම යන කරුණට අදාලව ධර්මානුකූලව කෙසේ වටහාගත යුතු ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමි පුද්ගලයකුට යමිකිසි ක්‍රියාවක් කළ විට එහි ප්‍රතිඵල බුක්තිවිඳින්නට වන්නේ කදුළු පිරි මුහුණින් නම්,එම පසුතැවීම සාධනීය පසුතැවීමක් නොවෙයි. කඳුළු පිරි මුහුණින් එහි විපාක විඳිනවා කියන්නේම දුක යන හැඟීමට පමණක් යටත්වීමෙන් අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව නැතිකර ගැනීමය. සමහර කාරණා ක්‍රියාත්මක කළ විට එහි ප්‍රතිපල අපට බුක්ති විදින්නට ලැබෙන්නේ සිනහමුසු මුහුණින් වුවද, සමහර අවස්ථාවලදී කඳුළු සලමින් එහි ප්‍රතිඵලය බුක්ති විඳීමට සිදුවෙයි.

ගෘහ ආර්ථිකය කෙරෙහි බිරිඳකගේ වගකීම

මවගේ හා බිරිඳගේ හැදියාව ශක්තිමත් ගෘහ ආර්ථිකයකට පදනම වේ.
ගෘහ ආර්ථිකය කළමණාකරණය කිරීමේදී අරපිරිමැස්ම අතිශය වැදගත් අංගයකි. ධනය වියදම් කිරීම හා වැය කිරීමේ දී අන්තයකට නොගොස් මැදුම් පිළිවෙතක පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වේ. අරපිරිමැස්ම යනු ලෝභකම නොවන බව පැහැදිලිව තේරුම්ගත යුතු වේ. මවක හා බිරිඳකගේ අරපිරිමැස්ම ගෘහ ආර්ථිකය ස්ථාවරව පවත්වාගැනීමට හේතුවේ

බෞද්ධ ආර්ථික දර්ශනය යටතේ ගෘහ ආර්ථිකය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමුකර තිබේ. ගෘහ ආර්ථිකයේ ප්‍රධානත්වය හිමිවන්නේ නිවසේ ජීවත්වන මවට හෝ බිරිඳටය. බුදුසමයට අනුව කාන්තාව නිවසට කොටුකර තැබීමක් මෙයින් අදහස් නොවේ.

බොජ්ඣංග ධර්ම හැදෑරීමට පෙරවදනක්

මෙම සූත්‍ර දේශනාවන්ගෙන් කියවෙන්නේ රෝගාතුර ව (ආබාධිතෝ) දුකට පත් ව (දුක්ඛිතො) දැඩිසේ ගිලන් ව (බාළ්හ ගිලානො) සිටින අවස්ථා තුනකදීම සත්ත බොජ්ඣංගය රෝගියාට සිහිපත් කර දීමෙන් සුවපත් වූ අවස්ථා තුනක් ගැනය. මෙහි රෝගීන් වශයෙන් මහරහත් නමක්, අගසව් නමක්, බුදුවරයෙක් මුණ ගැසෙති. ලොව ජීවත් වූ ඉහළම ගණයේ බුද්ධිමතුන් තිදෙන දැඩි රෝගී බවින් මිදුණේ සත්ත බොජ්ඣංගයන් නාමික වශයෙන් තවකෙනකු කියනු අසා සිටීමෙනි.

මහා කස්සප, මහා මොග්ගල්ලාන, මහාචුන්ද නමින් සූත්‍රාන්ත දේශනා තුනක් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත ව පවතී. පිරුවානා පොතේ දෙවැනි බණවරෙහි බොජ්ඣංග පරිත්ත වශයෙන් දැක්වෙන එම සූත්‍රාන්ත දේශනා පිරිත් පොතට, එනම් චතුභාණවාර පාලියට උපුටා ගෙන ඇත්තේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුත්තයේ ගිලාන වර්ගයෙනි.

බුදු ඇසින් දුටුලෝකයේ ඇරඹුම

නිකිණි පුර පසළොස්වක පෝදා අප විමසන්නට වූ අග්ගඤ්ඤ සූත්‍ර දේශනා ලිපි පෙළෙහි නිකිණි මස අමාවක පෝදා එනම් අද දින ලෝකයේ උපත පිළිබඳවත්, රස තෘෂ්ණාවෙන් ලෝකයා පස් පව්, දස අකුසල්වලට යොමු වූ ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.
තථාගත බුදුරජාණන් වහන්සේ, වාසෙට්ඨ බ්‍රාහ්මණයාණන්හට මෙසේ සඳහන් කරනවා. වාසෙට්ඨයෙනි, දීර්ඝ කාලයක් ගත වෙන විට එනම් එක්තරා කාලයක දී මේ ලෝකය මුළුමනින් ම විනාශ ස්වභාවයට පත්වෙනවා. ඒ ආකාරයට ලෝකය නැසෙන විට ධ්‍යාන වඩන ලද සත්වයෝ පින් රැස් කළ සත්වයෝ “ආභස්සර” නම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එම සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ ධ්‍යාන චිත්ත බලයෙනි. ඒ අය කබලින්කාර ආහාර නම් වූ එනම් සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා වූ ආහාර ගන්නේ නැහැ.

Monday, September 5, 2016

ගිලන් උපස්තානය මහා අසුසස්

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම
ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ 
මම බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.







1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්‍රවයකට වත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි ප්‍රිය විප්‍රයෝග දුකකට පත් නොවීම.

Saturday, September 3, 2016

දහම තේරුම් ගැනීමට උපකාර වන්නේ අතහැරීමයි ( සම්බුද්ධ දේශනාවේ හරය තේරුම් ගනිමු - 05 )

කාල තරුණයාටත් අනිත්‍යතාව , දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහිලා මසුරන් මල්ල පිළිබඳව ආසාව අත්හැරියා. ඒ ආසාව අත්හරින කොට මේ ධර්මය බුදුපියාණන් වහන්සේ දේශනා කරන බණපදය, තේරෙන්න පටන් ගත්තා.
බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මහා ප්‍රාතිහාර්යයක්, මහ පුදුම කාරණයක්, මොකක්ද? මේ ධර්මය අල්ලන්න අල්ලන්න අතහැරෙනවා. අතහරින්න අතහරින්න, අහු වෙනවා. දැන් මේ දරුවා බැලුවේ ධර්මය අල්ල ගන්න, බණ පදයක් අල්ලගෙන ගෙදර ගිහිල්ලා ඒ මසුරන් ටික ලබාගන්නයි බලාපොරොත්තු වුණේ. නමුත් බණ පදය ‘අල්ලගන්න’ උත්සාහ කරනකොට ධර්මය අතහැරෙනවා. දැන් මේක අතහරින්න අතහරින්න, මසුරන් පිළිබඳ ආසාව අතහරින්න අතහරින්න ඔන්න බණපදය අහුවෙන්න පටන් ගත්තා.

බුදුරදුන් තුළ පැවැති අසිරිමත් නායකත්වය

" බුදුරදුන්ගේ ආදර්ශවත් නායකත්වයෙන් භාරතයේ පැවැති වර්ග වාදය ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම වර්ග භේදය පදනම් කොට පවත්වාගෙන පැමිණි අනෙක් සමාජ සංස්කාරයන්ද ඉවත දැමූහ. එකල බ්‍රාහ්මණ සමාජයේ බලය රඳවා ගැනීම සඳහා ඔවුන් විසින් ඇතිකරන ලද ආශ්‍රම ධර්ම, ස්වධර්ම, යාගය, කාන්තාව පහත් කොට සැලකීම වැනි ඉගැන්වීම්ද අර්ථශූන්‍ය ලෙස උන්වහන්සේ ඉවත දැමූහ. "

සිල් සුවඳ දසත පැතිරේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’

නපුප්ප ගන්ධෝ පට්වාතමේතී
න චන්දනං තගරමල්ලිකාවා
සතං ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
පින්වත්නි,
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ විමසූ පැනයකට මුල් වූ ගාථාවකි මේ. දෑ සමන්, ඉද්ද, සඳුන් ආදියෙහි සුවඳ යම් සීමාවකට පමණක් විහිදී යයි. නමුත් දිව්‍ය” බ්‍රහ්මාදී ලෝකවලට පවා විහිදී යන යම් සුවඳක් වේද? යන්න ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ්ගෙන් විමසූහ. එවිට බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ආනන්දය, දිව්‍ය, බ්‍රහ්ම ආදී ලෝකවලට පවා විහිදී යන සුවඳක් ඇත. එනම් සිල් සුවඳයි. දෑ සමන් සඳුන් ආදියෙහි සුවඳ උඩුසුළඟට ගසාගෙන නොයයි. සියලු දිශාවන්හි පැතිරෙන එම සුවඳ සිල් සුවඳ බව බුදුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දුන් සේක.

Friday, September 2, 2016

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II

ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේදී තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත, ආලෝකය නිවාදමා අඳුරට කැමතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ,

හිංසාවේ රාත්‍රිය

අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවීගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ලංවණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටු වෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවා වූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇතිවුණානම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.

ඇත් සවිය පරදන අතහැරීමේ අවිය

 මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි.

මෙන්න ලොව සුන්දරම වචන පෙළ

මනුෂ්‍යයෙකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට මෙලොවදී අසන්නට ලැබෙන ශ්‍රේෂ්ඨම, උතුම්ම අත්දැකීම කුමක්‌ද කියලා ඔබ දන්නවාද? මේ කියන්න යන වචන පෙළ විශ්වයේ ඔබට අසන්නට ලැබෙන සුන්දරම වචන පෙළයි. මේ වචන පෙළේ අර්ථය ඉක්‌මවා ගිය සුන්දරත්වයක්‌ මේ විශ්වයේ කොතැනකවත් නොමැත. මේ වචන පෙළේ සුන්දරත්වයක්‌ ඔබ දකින්න නම් ඔබ නිවන් මග වඩන කෙනෙක්‌ම වෙන්න ඕනේ.

අනේ ඔබ එවන් පාලකයකු වේ නම්...


පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය.

මේ ලොව පිරිසිදුම තාක්‍ෂණයයි


තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා "තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා" යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි.

අවසාන මෙහෙයුම

නිවන් අවබෝධය ලබාගැනීම සඳහා සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින්, තුන් සිව්රත්- පාත්‍රයත් දරමින් හුදෙකලාව නිවන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව ලෝකයේ ස්‌වභාවය අවබෝධකර ගැනීම, එසේ නොමැතිනම් නිවීම, එක ක්‍ෂණයකින් ලබන අත්දැකීමක්‌ නොවේ.

එය මෙහෙයුමක අවසාන ප්‍රතිඵලයයි.

මෙම මෙහෙයුමට යන කාලය ඔබගේ දක්‍ෂතාව මත, ඔබගේ අතහැරීම මත තීරණය වන්නකි. ඔබ අවසාන නිවන් මෙහෙයුමට අවතීර්ණ වන්නේ අවසාන තීරණයක්‌ අරගෙනය. එම තීරණය "එක්‌කෝ නිවීම,

කුලියට ගත් එළිය කුමට.......

 අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී, අඳුරට කැමතිවූ සිත ඇතිවෙනවා. කල්ප ගණන් අපි දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ ආලෝකයත් අඳුරත් අතර දෝලනය වෙමින් ගලාගෙන පැමිණි ගමනක්‌ මේක. මේ නිසා මේ දෙයාකාරයේ කැමැත්ත තවමත් අපට තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අඳුරට වඩා ආලෝකයට කැමතියි.

නිල මැස්‌සයි ඔබයි දෙන්නම දැන් සමයි

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි.

දැවෙන සමක්‌-නිවෙන මගක්‌

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී "මෙවලමක්‌" සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි.

ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම රතුවෙලා, ඉදිමිලා, මගේ සම කළු වෙලා, මගේ සම පැලිල, මගේ සමේ බිබිලි, තුවාල, අළුහම්, කබර දමලා, මගේ සම පිච්චිලා කියන වචන අපි නිතර භාවිතා කරනව. සම මගේ කියල විතරයි අපි දන්නෙ.

ප්‍රේත ලෝකයේ මනාලිය (ඔබම මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?)

තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර... මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු... විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි,

සයුරු සැපෙහි වේ මේ සා දෝසා

සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්‌, තැතිගැනීමක්‌. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක්‌ හැටියට. ඇස්‌ වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක්‌ විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, zඅපි තිරිසන් ලෝකයේ උපත නොලබනවා කියලා.