විශ්වාසය කොටස් දෙකකට බෙදෙන අතර එය මිථ්‍යා විශ්වාස සහ සත්‍ය විශ්වාසයයි. විශ්වාසය තවදුරටත් සත්‍යයක් වනවාද? යන්න සලකා බැලිය යුතුයි. සැම විශ්වාසයක්ම සත්‍යයක් බවට පත්වන්නේ නැහැ. නමුත් සත්‍යයක් නම් , අප එය විශ්වාස කළ යුතුයි. මිථ්‍යා විශ්වාස යනු වැරැදි විශ්වාස වෙයි. මිථ්‍යා විශ්වාස තුළ සත්‍ය සෙවිය නොහැකිය.
අංගුත්තර නිකායෙහි උපාසක චණ්ඩාල නමින් සූත්‍රයක් සඳහන්ව ඇති අතර එම සූත්‍රයත් සමඟ උපාසක යන වචනයෙහි අර්ථය නිවැරැදිව වටහා ගැනීම වැදගත් වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි නොදන්නා දෙදෙනෙකු මේ ලෝකය තුළ සිටිනා බවත් , නොදනී හෙවත් නොදන්නා බව දනී යනු එක් පුද්ගලයෙකු බවත්, ,නොදනී නොදන්නා බවද නොදන්නා පුද්ගලයා දෙවන පුද්ගලයා බවත්ය.නොදන්නා බව නොදන්නා පුද්ගලයා භයානක වන අතර සෑම ප්‍රශ්නයකටම පනිමින් , සැම මාතෘකාවක්ම කතාකරන්න යයි.
උපාසක
රාජ්‍යපාලනය,ආයතන තුළ පවතින අඩුපාඩු, ගෙදර දොර පරිපාලනය ,විහාරාධිපති භූමිකාව පිළිබඳව කතාකරන ඇතැම් පුද්ගලයන් සිටින අතර ඔහු නොදන්නා බවද නොදනී.නොදන්නා බව දන්නා පුද්ගලයා සෑම කාරණාවකටම ඇඟිල්ල දිගු නොකර තමා නොදන්නා බව දන්නා නිසා නොදන්නා කාරණා දැන ගනී . යෝ බාලෝ මඤ්ඤතී බාල්‍යං යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි තමන්ගේ නොදන්නා බව දන්නා පුද්ගලයන්ටත් පණ්ඩිතයා ලෙස හැඳින්විය හැකිය. උපාසක යනු කවුද? උපාසක වන්නේ ඇයි? උපාසක වචනය බුද්ධ වචනයක් වෙයි. උපාසක යන වචනය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටතට පැමිණි වචනයක් වෙයි. බුදුරජාණන් වහන්සේ බිහිකරනු ලැබූ සංවිධානයෙහි සිවුවනක් පිරිසක් ඇතුළත් විය. බුදුරජාණන් වහන්සේ මෙම සංවිධානය බිහිකිරීමට පෙර බිහිව තිබූ සංවිධානය තුළද , කුල හතරක් ඇතුළත් වී තිබිණි. බුදුරජාණන් වහන්සේ එම කුල හතර ප්‍රතික්ෂේප කළ බැවින් බුදුරජාණන් වහන්සේගේ සංවිධානය තුළද කුල හතරක් අඩංඟු වන ආකාරයට මූලික වශයෙන් කුල දෙකක්ද,(ගිහි, පැවිදි) පසුකාලීනව එය කුල හතරක් බවට පරිවර්තනය විය. භික්ෂු,භික්ෂුණී, උපාසක, උපාසිකා යනු එම කුල හතර විය. ශාසනයෙහි බලධාරිත්වය,ශාසනයෙහි අයිතිය, ශාසනයෙහි වගකීම් ගිහි පැවිදි දෙපක්ෂය සතුවෙයි. ඇතැමි අවස්ථා තුළ ශාසනයෙහි අයිතිය, වගකීම ,බලධාරිත්වය,සියල්ලම ස්වාමීන්වහන්සේලාට පවරා දී ඇත. සියල්ල ස්වාමීන් වහන්සේට පවරා දී ,ඇතැම් පුද්ගලයන් කඩපිලට ගොස් පන්සල විෙවිචනය කරන අවස්ථා ද, නැතිවා නොවෙයි.
උපාසක චණ්ඩාල
උපාසක චණ්ඩාලයෙකුට එසේ හැසිරීමට අයිතියක් පැවතුණද, උපාසකයෙකුට එම අයිතිය නොමැති බව අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ කුල හතරක් සහිතව ගොඩනැංවූ සංවිධානය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් එය සිවු වනක් පිරිස ලෙස හැඳින්විණි. එය කුල හතරක් වුවද, ඒ සඳහා සිවු වනක් පිරිස යනුවෙන් වෙනම වචනයක්ද පාවිච්චි කර ඇත.
භික්ෂූණ් වහන්සේ කෙසේ විය යුතුද?’භික්ෂුණියක් කෙසේ විය යුතුද? උපාසක උපාසිකා කෙසේ විය යුතුද? යන කාරණාවන් වෙන වෙනම පැහැදිලි කර ඇත. උපාසක චණ්ඩාල සූත්‍රය ඇතුළත උපාසක වන්නා කවුරුන්ද ? උපාසක නොවන්නා කවුරුන්ද? යන කාරණාව පැහැදිලි කර ඇත. බුදුරජාණන් වහන්සේ බිහිකරනු ලැබූ සිවුවනක් පිරිස වන කුල හතරම සංවිධානය තුළ සමකොටස් කරුවන් වෙයි. එම සිවුවනක් පිරිස අතරින් ගිහි පිරිස සඳහා උපාසක යන වචනය බුදුරජාණන් වහන්සේ පාවිචිචි කර ඇත. උපාසක යන තත්ත්වය තුළ සිට උපාසක යන බුද්ධ වචනයෙහි සඳහන් නෙමි සියලු ගරුත්වය ලබාගනිමින් පහත් ක්‍රියාවන් කරන පිරිස චණ්ඩාලයන් ලෙස හඳුන්වා ඇත. උපාසක චණ්ඩාලයන් නමේ ගරුත්වය ලබාගත්තද, ඔවුන්ගේ සිත කය
වචනය ක්‍රියාත්මක වන්නේ බුද්ධ වචනයත් සමඟ නොවෙයි.
යම් පුුද්ගලයෙකු කතා කරන විට එය අසාගෙන සිටින බුද්ධිමත් පුද්ගලයාට ඔහුගේ සිත පිළිබඳ වැටහීමක් ඇති වෙයි. පරච්ත්ත විඡානන ඥානය අප තුළ නොමැති වුවද යමෙකු කතා කරන වචනය අසාගෙන සිටින විට එම වචන කතා කරන්නාගේ මනස කෙසේද? යන වග බුද්ධිමතා විසින් තේරුම් ගනු ලබයි. එම වචනය සඳහා පිළිතුරු අඥාන පුද්ගලයන් සපයනු ලබයි. එය ලෝක ස්වභාවය වෙයි. යමෙකු කතා කරන විට අසා සිටිය යුතුයි.අසාගෙන සිටි පමණින් ඔහු බුද්ධිමතෙකු බව මෙම ප්‍රකාශයෙන් නොහැඟෙයි. ඇතැම් විට බුද්ධිමතාත් , කපටියාත් අසාගෙන සිටිය හැකී.බුද්ධිමතා ඔහුගේ මනස වටහා ගනී. තුනුරුවන් පිළිබඳව, පන්සලේ ස්වාමීන් වහන්සේ පිළිබඳව සිතන ආකාරය ඔවුන්ගේ කතාව තුළින් වටහා ගතහැකිය. උපාසක චණ්ඩාලයාගේ ස්වභාවය අනුව ඔහු තුළ ලක්ෂණ පහක් තිබෙන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ශ්‍රද්ධාව නොමැතිකම පළමු ලක්ෂණයි.
ශ්‍රද්ධාව
සිත තුළ ශ්‍රද්ධාව නොමැති වුවද, පින්කම් කරනු ලබයි . දානය පිළිගැන්වුද, එවැනි දේ කිරීම වැඩකට නෙැමැති බව සිතමින් සිත තුළ ශ්‍රද්ධාවක් නොමැතිව එම කාර්යය තුළ නිරත වෙයි. ක්‍රියාව සහ කතාව එසේ පැවතුණද, මානසික තත්ත්වය එයිට වඩා වෙනස් ස්වභාවයක් පවතී. ශ්‍රද්ධාව නොමැති වන්නේ කවුරුන් පිළිබඳවද?පැහැදීම, ප්‍රසාදය, භක්තිය ගෞරවය යනු ශ්‍රද්ධාව යන වචනයෙහි සිංහල අර්ථය වෙයි. උපාසක චණ්ඩාලයා තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව නොමැති පුද්ගලයෙකි.බුද්ධ රත්නය, ධම්ම රත්නය , සංඝ රත්නය තුනුරුවන් වෙයි. පන්සලෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ තුළින් වරදක් හෝ අඩුපාඩුවක් වූ පමණින් බුදුදහම වෙනස් කිරීමට යාම සුදුසු නැහැ. ආර්ය පුද්ගල මහා සංඝ රත්නය යනු පන්සලේ ස්වාමීන් වහන්සේ පමණක් නොවෙයි.පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේට හැකියාවක් තිබෙනවා නමි, අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අධ්‍යාත්මික තත්වය දියුණු නම්,ආර්යය මහා සංඝ රත්නයට එකතු විය හැකිය. තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් තිබිය යුතුයි.
විශ්වාසය කොටස් දෙකකට බෙදෙන අතර එය මිථ්‍යා විශ්වාස සහ සත්‍ය විශ්වාසයයි. විශ්වාසය තවදුරටත් සත්‍යයක් වනවාද යන්න සලකා බැලිය යුතුයි. සැම විශ්වාසයක්ම සත්‍යයක් බවට පත්වන්නේ නැහැ. නමුත් සත්‍යයක් නම් , අප එය විශ්වාස කළ යුතුයි. මිථ්‍යා විශ්වාස යනු වැරැදි විශ්වාස වෙයි. මිථ්‍යා විශ්වාස තුළ සත්‍ය සෙවිය නොහැකිය.මිථ්‍යා විශ්වාස තුළ සිටින ඇතැම් පුද්ගලයන් තමාගේ නිවසට මීනී අළු දමා ඇති බවට විශ්වාස කරයි. මේ තරම් මිථ්‍යා මත තවත් ඇතිද? සොහොන තුළ පවා ගෙවල් සැදීමට ජීවත්ව සිටින මිනිසුන්ට හැකියාව ඇතත් ,ඔබ සාදන ලද නිවස වර්තමානය තුළ යහපත්ව තිබුණද,එම නිවස ගොඩනඟා තිබෙන ස්ථානය තුළ සොහොන් කෙතරම් ප්‍රමාණයක් තිබුණාද? යන්න ඔබවත් නොදන්නා කාරණාවක් වෙයි.
මිථ්‍යා විශ්වාස
උපාසක චණ්ඩාලයා එවැනි මිථ්‍යා විශ්වාස සත්‍ය ලෙස පිළිගනී. මිනී අළු ටිකකට බිය වන අනුවණ මිනිසුන් වර්තමානය තුළද නැතිවා නොවෙයි.අනුවණ මිනිසුන් ලෝකයෙන් ඉවත් කළ නොහැකිය. උපාසක චණ්ඩාලයාට එවැනි කතාව සත්‍ය විය හැකි වුවද, තුනුරුවන් පිළිබඳව විශ්වාසයෙන් පසුවන උපාසකයාට එවැනි ගැටළු ඇති නොවෙයි. ඔබට බියක්, තැතිගැනීමක් , ලොඹු දැහැගැනීමක් සැකයක් පැමිණුන හොත්, බිය නොවී බුදුගුණ සිහිකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. බිය වැඩිකම නිසා බුදුගුණ සිහිකිරීමට නොහැකි වුවහොත් ඔබ ධර්මය සිහිකළ යුතුයි. එසේත්් නොහැකි වුවහොත් සංඝ රත්නයෙහි ගුණ සිහිකළ යුතුයි. එවිට ඔබ තුළ පැවැති බිය පහව යයි. ෙමි ලෝකය තුළ ප්‍රශ්න අඩු බවත් , පිළිතුරු වැඩි බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.මේ ලෝකය තුළ ප්‍රශ්න අඩුව උත්තර වැඩිව පැවතුණද,ප්‍රශ්න වැඩි බවක් අපට හැඟෙයි.
උපාසක චණ්ඩාලයා ගේ ස්වභාවය එක අරමුණක නොසිටීමයි.
ඔහුට තුනුරුවන් පිළිබඳ විශ්වාස නැහැ. පංචශීලය ආරක්ෂා කරන බවට සමාජයට පෙන්නුම් කළද, ඔහු පංචශීලය ආරක්ෂා නොකරයි. පොහොයට අෂ්ටාංග ශීලය ආරක්ෂා කරන බවට පෙන්නුම් කළද, ආරක්ෂා නොකරයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment