Labels

Sunday, December 25, 2016

සොඳුරු ජීවිතයක ආරම්භය අවබෝධයයි

තෘප්තිමත් නොවී යමෙකු සිටිනවා නම් එයට හේතුව අනවබෝධයයි. බණ පොතෙහි උගන්වන මූලිකම කාරණාව නම් තමන් කරන කියන වැඩකටයුතු පිළිබඳව අවබෝධයක් තබාගෙන ලස්සන ජීවිතයක් ගත කළ යුතු බවයි. දවසින් දවස සැම අයෙකුටම ඉගෙන ගත යුතු කාරණා ඇත. මරණය දක්වාම ඉගෙන ගත යුතු කාරණා නැතිවා නොවෙයි.
නොකළ යුතු කටයුත්තක් කළ හොත් සංස්කෘතිය විසින් දඩුවම් ලබාදෙයි. අප කළ යුතු කාර්යභාරය කුමක්ද? යන වග සංස්කෘතිය විසින් ප්‍රකාශ කර තිබීම සංස්කෘතියක ජීවත් විමේ ලාභයයි.
කටයුතු කාර්යභාරය නියම කර තිබීම සංස්කෘතියක ජීවත් විමේ වාසියයි. ආහාර පාන අනුභව කරන විට අනුභව කළ යුත්තේ කෙසේද?යන සංස්කෘතිය විසින් ප්‍රකාශ කර ඇත. කෑම පිඟාන තුළ ආහාර ඇනීමේ සිට ආහාර විකීම හා ගිලීම දක්වා කළ යුත්තේ කෙසේද? ඇතැම් පිරිස් ආහාර ගත් පසු ඉඳුල් සෝදාහැරීම සඳහා නෑමට සිදුවෙයි.
තමන් කළ යුතු තමන්ට නියමිත කාර්යභාරය නොකිරීම පිළබඳව ගැටලු පවතී. එම කාර්යභාරය ශික්ෂණය නොවීම වර්තමාන ගැටලුවයි. එය සඳහා මූලික වශයෙන් අනවබෝධය බලපානු ලබයි. තමන් යම් කාර්යයක් කිරීමට යාෙමිදී එම ක්‍රියාව නිවැරැදිද? කළ යුතු කාර්යයක්ද? කළයුත්තේ කෙසේද? යන්න පිළිබඳව කිසියම් කාර්යයක් කිරීමට පෙර සිතා බැලිය යුතු බවට බුදුදහම උගන්වා ඇත.තමන් කතා කරන වචනය පිළිබඳව පවා මම ෙමි අවස්ථාව තුළ කතාකිරීම සුදුසුද? මම කතා කරන්නේ ද්වේෂයෙන්ද? වෛරයෙන්ද? ක්‍රෝධයෙන්ද? තමා විසින් සිතා බැලිය යුතුයි වෛරී සහගත වචන කතා කිරීම තහනම් වෙයි. නුසුදුසු ස්ථානවල කතා කිරීම තහනම් වෙයි. වචනයක් පිට කළ යුත්තේ හොඳට සිතා බලා පමණයි. අප දෙන දෙයම අපට ලැබෙන නිසා අප අයහපත් වචන කතා කරනවා නම් අපට ලැබෙන්නේද එම අයහපත් වචනමයි.බෞද්ධයෙකු ලෙස යමක් කිරීමට පෙරත් යමක් කීමට පෙරත් තුන් වතාවක් සිතිය යුතුබව ප්‍රකාශ කරයි.අප තුළ පවතින අවබෝධය අඩුකම නිසා නැවතත් සිතිය යුතු බව ප්‍රකාශ කරයි. ඉතාම හොඳින් තමා ගේ කටයුතු සාර්ථක කරගැනීමට තමාගේ මනස තුළ අවබෝධය තිබිය යුතුය. අවබෝධය රහිත පුද්ගලයන් සැම විටම තමන්ගේ අඩුපාඩු පිළිබඳව සිතන්නේ නැත. තමා කළයුතු නොකළයුතු කටයුතු කාරණා පිළිබඳව සිතන්නේ නැත. තමා විසින් කළ යුතු නොකළ යුතු කටයුතු කාරණා පිළිබඳව සිතන්නේ නැහැ . ඔහු තමාගේ කාර්යභාර්යය නිවැරැදිව කළා නම් ඔහු සතුටට පත් වෙයි. තෘප්තිමත් නොවී යමෙකු සිටිනවා නම් එයට හේතුව අනවබෝධයයි.
බණ පොතෙහි උගන්වන මූලිකම කාරණාව නම් තමන් කරන කියන වැඩකටයුතු පිළිබඳව අවබෝධයක් තබාගෙන ලස්සන ජීවිතයක් ගත කළ යුතු බවයි. දවසින් දවස සැම අයෙකුටම ඉගෙන ගත යුතු කාරණා ඇත. මරණය දක්වාම ඉගෙන ගත යුතු කාරණා නැතිවා නොවෙයි. නිවන් දකිනා ජාති දක්වාම පුද්ගලයාට ඉගෙන ගත යුතු කාරණා තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. වර්තමාන සමාජයෙහි ජීවත්වන මිනිසුන් ඉගෙනගත යුතු කාරණා පිළිබඳව ඉගෙන නොගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇත.තමන් සියල්ල දන්නා නිසා ඉගෙනනොගත යුතු බව ට ඇතැමුන් සිතයි. එම පුද්ගලයන් සූදානම් වන්නේ අනෙකාට ඉගැන්වීමටයි. වර්තමානය තුළ ජීවත් වන ඇතැම් පුද්ගලයන් අනෙකාගේ වරද දකිමින් නිතර එය කියා දීමට උත්සාහ කරයි. අනෙකාගේ අඩුපාඩු සොයමින් ඉගැන්වීමට උත්සාහ කරයි. අනෙකාට ඉගැන්වීමට පුදුම උනන්දුවක් වර්තමාන මිනිසුන් තුළ දක්නට ලැබෙයි. ඉගැන්වීම නොව ඉගෙන ගත යුතු බව බුදුදහම තුළ සඳහන් වෙයි. තමන්ගේ අඩුව ඉගෙන ගත යුතුයි.තමන්ගෙන් ඉටුවිය යුතු අවශ්‍ය යුතුකම ඉගෙනගත යුතුයි. තමාගේ සිත පාලනය කරගෙන ජීවත් වීමට ඉගෙන ගත යුතුයි. තමන් කරන කාර්යභාරය පිළිබඳව වෙනත් පුද්ගලයන්ගෙන් දෝෂාරෝපණය එයිද? යන්න සිතා බැලිය යුතුයි.
තමන්ගේ ජීවිතය ලස්සන කරගත යුතුය. තමාගේ ජීවිතය මෙතනින් අවසන් වන්නේ නැත. අප හරිහම්බ කරන සියල්ල අතහැර දමා පින් පව් පමණක් රැගෙන සංසාරය තුළ ගමන් කරයි. සංසාරය පුරා යන ගමනේදී පුරුද්දක් ලෙස ඉතිරිවන්නේ හොඳ නරක දෙක පමණයි. යහපත් කාර්යභාරය වැඩි වශයෙන් කළ විට එම යහපත් දෙය පුරුද්දක් ලෙස ඊළඟ භවයට බලපානු ලබයි. අයහපත් කාර්යය වැඩි වශයෙන් කළ විට එය පුරුද්දක් ලෙස ඊළඟ භවයටද බලපානු ලබයි. එම නිසා අපගේ ජීවිත තුළට යහපත් පුරුදු පුහුණු විය යුතුයි. බෞද්ධයන් ලෙස අප සියලු දෙනාටම අරමුණක් ඇත. අරමුණු අතර ප්‍රධාන අරමුණ වන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සසර දුක් කෙළවර කරගැනීමයි. අප ගමන් කරනු ලබන්නේ එම ගමනයි. එම ගමන යන අතරතුර අමතර වැඩකටයුතු ලෙස ඉපදීම අධ්‍යාපනය ලැබීම විවාහ වීම , දරුවන් හැදීම, නඩුහබ කියාගැනීම, දරුවන් පාසලට ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛන සෑදීම, යන කරණා මූලික අරමුණ අතර පවතින කුඩා අරමුණු වෙයි. කුඩා අරමුණ ඉටුකිරීමටයාමේදී ප්‍රධාන අරමුණ අමතක කර දමයි.

සංසාරය තුළ දිගු ගමනක යෙදෙන පිරිසක් බව අතමක නොකළ යුතුය. සංසාර ගමන කෙළවර කිරීම බලාපොරොත්තුවක් තිබෙනවා නම්, අප සැහැල්ලුවෙන් සතුටෙන් සැපයෙන් සිටිය යුතුයි. එය සඳහා අවබෝධය අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔබ වෑයම් කරනු ලබනවා නම්, ඔබ කළ යුතුවන්නේ මා විසින් නොකළ යුත්තේ කුමක්ද? යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමයි. මා විසින් නොකළ යුතු කාරණා මොනවාද? කළ යුතු කාර්යය හා නොකළ යුතු කාර්යය පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා නොකළ යුතු කාර්යයන් කළ යුතු කාර්යයන් බවට සිතා කිරීමට උත්සාහ කිරීම නිසා ගෙදර ගැටලු ඇති වෙයි.පවුල් සංස්ථාව තුළ සමාජය තුළ අවසාන වශයෙන් රටම ගැටලු සහගත වෙයි. ඔබ ඔබගේ ජීවිතය රසවත්ව ගතකිරීමට සිතනවා නම්, මා විසින් කළ යුත්තේ කුමක්ද?මා විසින් නොකළ යුත්තේ කුමක්ද? මා විසින් නොකිය යුතු වචනය කුමක්ද? මා විසින් කිව යුතු වචනය කුමක්ද?වර්තමාන සමාජය තුළ ඇතැමි දරුවන්ට තමාගේ අම්මා තාත්තා ගේ ගෙදරට දරු මුණුඹුරන් මිනිඹිරියන් එක්කාගෙන ගොස් සතුටෙන් කෑම ෙවිලක් කෑමට නොහැකි නිවෙස් ඇතැමි විට නැතිවා නොවෙයි. තමා විසින් කිව යුතු නොකිය යුතු වචනය කුමක්ද? මා විසින් කළ යුතු නොකළ යුතු කාර්යය කුමක්ද? යන්න නොසිතා ද්වේශයෙන් කටයුතුª කිරීම එයට හේතුවයි.ඔබ එසේ සිතා ජීවත් වනවා නම් ඔබගේ ජීව්ත තුළ සතුට සැහැල්ලුව මානසික සතුට කෙතරම්ද?කරදර කෙතරම් අඩුවෙයිද?





ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පශ්චාත් 
උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 21 වන බදාදා  දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment