Labels

Monday, February 29, 2016

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


"භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ. ඉහත කී දෙයාකාර සංවර්ධනයට අදාළ කටයුත්තෙහි දක්ෂ වූ නිවන් අරමුණු කොට ක්‍රියා කරන බෞද්ධයා අවශ්‍යයෙන්ම දක්ෂයකු විය යුතු ය."
සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායෙහි ඇතුළත් මෙත්ත සූත්‍රය අපේ බෞද්ධයන් අතර අතිශයින්ම සම්භාවනාවට පත්ව ඇති බුද්ධ දේශනාවකි. එය කරණීය මෙත්ත සූත්‍රය ලෙස හඳුන්වන බෞද්ධයෝ සජ්ඣායනය කරන්නවුනට එමඟින් දේවාශිර්වාද ලැබෙන බවද පිළිගනිති. එම ජනපි‍්‍රය පිළිගැනීමෙන් ඔබ්බට ගිය විට පෙනී යන ඉතාමත් ම වැදගත් කරුණ නම් එම සූත්‍රය සිය පෞද්ගලිකත්වය දියුණු කර ගනිමින් සමාජ හිතකාමියෙකු බවට පත්වීම සඳහා ඉතා හොඳ මඟ පෙන්වීමක් ද කරන බව ය.
භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයකට අවතීර්ණ වනු පිණිස බෞද්ධයකු සිය චරිතය හැඩගස්වා ගත යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථාවලින් මනා කොට හෙළි කරනු ලැබේ.

Sunday, February 28, 2016

බුදුන් වහන්සේගේ වෛද්‍ය ඥානය



බුදුන් වහන්සේ වූ කලී සත්වයාගේ දුක් ව්‍යසන දුරුකිරීම සඳහා සාංසාරිකව දීර්ඝ කාලයක් තිස්සේ අනවරත පර්යේෂණයක නිරතව එහි ඵලප්‍රාප්තිය ළඟා කරගත් උතුමන් වහන්සේ නමකි. උන්වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ කායික රෝග ව්‍යපසමනය කිරීම නොව මානසික රෝග මූලිකව පවතින දුක සමනය කිරීමයි. එහෙත් කායික රෝග ව්‍යපසමනයකින් තොරව මානසික සමනයක් ඇති කිරීමේ දුෂ්කරතාව උන්වහන්සේ මැනවින් දැන සිටියහ.

Saturday, February 27, 2016

තිරිසන් අත්බවෙහි කටුකත්වය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 21 )


"විශේෂයෙන් කරත්ත අදින ගවයා වැනි සතුන් මිනිසුන්ගේ සේවා දායකයින් බවට පත් වී විශාල වශයෙන් දුක්ඛයන්ට භාජනය වෙති. තම ස්වාමියා විසින් කරත්තයට පටවන සියලු බර නෑ, බෑ නොකියා ඔහු විසින් කියන තැනට ඇදිය යුතුය. මෙය සත්වයාට මහත් පීඩාවකි. "

Friday, February 26, 2016

බුදුගුණ


අප නිතර ම බුදුරජාණන් වහන්සේගේ ‘අනන්ත ගුණ’ ගැන කියනවා. අපේ පැරණි පොතපතේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්නට බුදුගුණ කියැවෙන විවිධ නම් විශේෂ බුදුරජාණන් වහන්සේ කියන මේ වචනයට මුලින් යොදා තිබෙනවා. ඒ විතරක් නොවෙයි අනිත් අය බුදුගුණ ගැන කියනවා අහලත් තියෙනවා.එහි අදහස තමා බුදුගුණ අනන්ත බව.

Thursday, February 25, 2016

අභාවිත සිතකට පංචකාම ගුණ විපතක්ද? සැපතක්ද?


සුපසන් ජීවිතයකට දේශනා පෙළෙහි වානරයෙක් උපමා කොටගෙන දේශනා කළ ‘මක්කට’ නම් දහම් කතාවෙන් දුරුතු මස අමාවක පෝදා විග්‍රහ කළාසේ අස්‍රැතවත් පෘතග්ජන සිතක් දකින දකින දේ, ඇසෙන ඇසෙන දේ තමා සතු කර ගැනීමට යෑමේ දී ඇතිවන විනාශය කුමක් දැයි ඔබම තේරුම් ගත යුතුයි.

Wednesday, February 24, 2016

නිවන් මඟට පසුබිම



සිත එකඟ කර ගැනීම සමාධියයි. සැනින් අරමුණු ගනිමින් අරමුණින් අරමුණට මාරුවන සිත මොහොතකට නමුදු එක අරමුණක පිහිටුවා ගත හැකි නම් සිතෙහි ශක්තිය මතු කරගත හැකි ය. සිත ස්වභාවයෙන්ම ශක්තිමත්ය. බලවත්ය.

Tuesday, February 23, 2016

පින ලබා දෙයි සැපය



ඒ කාලයේ මනුෂ්‍ය ලෝකයේ පසේබුදු නමක් වැඩ සිටියා. මේ පුද්ගලයා හොඳ ගොවියෙක්. එදා මිනිසුන් ඒ පසේ බුදුවරයාණන් වහන්සේට දන් පූජා කළා. පැන් පූජා කළා. වන්දනාමාන කරමින් පින් රැස්කර ගත්තා. ඔවුන් ඒ සඳහා ගියේ මේ කුඹුර මැදින්. ගොවියාට යම් ශ්‍රද්ධාවක් තිබුණත් කුඹුරේ ගොයමට හානි සිදුවන නිසා එතැනින් යන පාර වසා දැමුවා. මිනිසුන් ඒ වැසූ පාර ඇරගෙන කුඹුර මැදින් ගියා.

Monday, February 22, 2016

සැමදා කුසල් කොට දන්නා උපායේ කිසිදා නොයන් මේ තිරිසන් අපායේ ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 20)


පසුගිය ලිපි කිහිපයෙන් සතර අපාය අතර එන පේ‍්‍රත අපාය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළෙමු. එයින් පේ‍්‍රත අපාය පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන ඇතැයි සිතමු. එබැවින් අද දින කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තිරිසන් අපාය පිළිබඳවයි. තිරිසන් අපාය පිළිබඳ එන දීර්ඝ විස්තරයක් සම්බුදු මුවින් භාෂිත මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බාලපණ්ඩිත සුත්‍රයේ එයි.එහි දී බුදුරජාණන් වහන්සේ තිරිසන්ගත සතුන් හා ඔවුන්ගේ ස්වභාවයන් මෙසේ විස්තර කළහ.

Sunday, February 21, 2016

සොරකමෙන් පේ‍්‍රතියක් වූ රූමතිය ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 19 )



ඒ සූඛරමුඛ පේ‍්‍රතයා මා විසින් ද දක්නා ලදිමි. ඔහු පැවසූ පරිද්දෙන්ම කාශ්‍යප බුදුන් දවස ඔහු කළ අකුශල කර්මයේ විපාක ඔහු තව බොහෝ කාලයක් විඳීයි. යනුවෙන් වදාරා එයම තේමා කොට ගනිමින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලාට දහම් දෙසූ සේක.

ඊර්ෂ්‍යා කරන්නා විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී


අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම අපට තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යාව යන චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුයි. ද්වේෂය පඨිඝය තරහව යන ගැටෙන සුළු මානසික තත්වය ඊර්ෂ්‍යාව තුළ සැඟවී ඇත. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මුලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත් අනෙකාගේ දියුණුව නොඉවසන්න පටන්ගැනීම තුළ අස්ථානයේ විචිකිච්ජාව නමැති චෛතසික තත්වයන් ඇති වේ.

Saturday, February 20, 2016

සපල නොවූ අදහස් ඇතිව මියයාම


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තං පුත්තපසුසම්මත්තං
ඛ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
මච්චු ආදාය ගච්ඡති

පින්වත්නි

Friday, February 19, 2016

සියලු දෙයට මනස මුල්වෙයි


උපදේශාත්මක ධර්ම ග්‍රන්ථයක් වශයෙන් ධම්මපදයෙහි වැදගත්කම ඉතා ඉහළය. ආගමික භේදයකින් තොරව සෑම අයෙකුටම තම ජීවිතය අර්ථවත් කරගැනීමට අවශ්‍ය උපදෙස් එහි ඇතුළත් වේ. ධම්මපදයෙහි පළමු වග්ගය යමක යනුවෙන් හඳුන්වන්නේ එහි අන්තර්ගත ගාථා යුගල වශයෙන් ඉදිරිපත් කර තිබෙන හෙයින්ය. එයින් එක් අතකින් යහපත් අංශයත් අනෙක් අතට අයහපත් අංශයත් පැහැදිලි කරයි.

Thursday, February 18, 2016

වැරැදි ලෙස විපර්යාසාකාරයෙන් දකින්නේ ඇයි?


"අප වරදවා ගත් සංඥාව වරදවාගත් සිත, වරදවා ගත් දැක්ම මුළුමණින්ම ජීවිතයම අඳුරට ගෙනයනවා. ඒ නිසා ඔබ ඔබේ විපල්ලාස තුනම නිවැරැදි කර ගැනීමට උත්සාහ කරන්න. මේ පංචස්කන්ධයේ තිබෙන නිසරුබව සරු ලෙස ගන්න එපා. මේ විපල්ලාස නිවැරැදි කරගත් විට ඔබටත් සසර ගමන කෙටි කරගෙන ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙන බව ඒකාන්තයි."

Wednesday, February 17, 2016

ආශා සහ අවශ්‍යතා හඳුනා ගැනීමට දුෂ්කර වන්නේ ඇයි?



සිල්වත්ව ජීවත්වීමට උත්සාහ දරන අපට එම සිල්වත් බව ආරක්ෂා කරගැනීමට නොහැකි වන ආකාරයේ චෛතසිකයන් ලෙස බාධාවන් පවතී. බූදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබුවා වු ශ්‍රී සද්ධර්මයට අනුව සිල්වත්කම යනු කායික හා වාචසික සංවර කමයි. ආර්යය විනයට හා ආර්යය ධර්මයට අනුව සංවරකමේ අර්ථය ලෙස දක්වා ඇත්තේ සාමාන්‍ය සම්මුති ලෝකය තුළ පවතින සංවරකම නොවේ. සම්මුති ලෝකය තුළ කය වචනය සංවර වීම තුළින් අදහස් වන්නේ,කළබලකාරී බවෙන් හා ඝෝෂා කිරීමකින් තොරව,

Tuesday, February 16, 2016

ජීවිතයෙන් ගත යුතු හරය කුමක්ද?


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
‘ඡ ඉමානී භික්ඛවෙ අනුත්තරියානී . කතමෙ දස්සනානුත්තරියං සවණානුත්තරියං ලභාණුත්තරියං , සික්ඛානුත්තරියං ,පාදචරියාණුත්තරියං අනුස්සුතාණුත්තරියං තී’

ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි

Monday, February 15, 2016

පත්තකම්ම සූත්‍රයන් තුළින් හෙළිවන ජීවන දර්ශනය


පුද්ගල පැවැත්මේදී යහපත් ජීවන දර්ශනයක් තිබිය යුතුවේ. එසේ නොවන්නේ නම් එය තමාටත් අනෙකාටත් පරිසරයටත් මහත් අසහනයක් ගෙන දේ. දියුණුම සත්ව කොට්ඨාශය වන මිනිසාගේ දියුණුව මැනෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකාරම් තුළිනි. එය සත්ව ක්‍රියාවන් ඉක්මවූ ගුණසම්පන්නකම් පෙන්වාදෙන තත්ත්වයක පැවතිය යුතුය. ඒ සඳහා උපදෙස් ලබාදෙන ප්‍රධාන සුත්‍ර හතරක් ලෙස පත්තකම්ම සූත්‍ර හැඳින්විය හැකිය.

දියුණුවට හානි කරන සැකය උපදවන මෝහය එපා


සැකය හෙවත් විචිකිච්ජාව නමැති මනෝභාවය පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමිවලට අනුව, සැකය හෙවත් විචිකිච්ජාව මෝහ මූලික වූ මානසික පසුබිමකි. මෙම විචිකිච්ජාව , සැකය දුරුකර ගැනීමකින් තොරව සත්වයාට නිර්වාණාවබෝධය සඳහා ගමන් කිරීමට කිසිසේත්ම අවස්ථාව ලැබෙන්නේ නැහැ. පළමු මාර්ග අංගය වන සෝතාපන්න තත්වයට පුද්ගලයකු පත්වීමේදී,, සැකය ප්‍රහීණ වන බව ධර්මයෙහි සඳහන් වේ. සක්කායදිට්ඨිය, විචිකිච්ජාව සහ සීලබ්බත පරාමාස යන මූලික මනෝභාවයන් තුනක් ප්‍රහීණ වෙයි.

කල්ප ගණනක් දුක් විඳින පිඹුරු ප්‍රේතයා ‘බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 18


දුරුතු පුර පසළොස්වක පොහෝ දින අපගේ අවධානය යොමු වූයේ කෙතරම් ධනය තිබුණත් දන් දීමට සිතක් නොවූ ධනපාල සිටුවරයා මරණනින් මතු කතරක එනමින්ම ප්‍රේතයෙක් ව උපන් ධනපාල පේතවත්ථුව හා ආත්ම පහකට පෙර සැරියුත් මහරහතන් වහන්සේගේ මව් වූ කාන්තාවක් ආහාර සඳහා ගෙදරට පැමිණි දුගී මගී යාචකාදීන් බැන එළවාගත් පවින් පේ‍්‍රතියක්ව උපන් තොරතුරු කියවෙන සාරිපුත්තථෙර මාතු පේතවත්ථුව විමසා බැලීමටයි.

Sunday, February 14, 2016

සිතීමේ හා විමසීමේ නිදහස


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චථ තුම්හෙ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉති කිරාය, මා පිටකසම්පදානේන මා තක්කහේතු මා නය හේතු මා ආකාරපරිවිතක්කෙන, මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා , මා භබ්බරූපකාය, මා සමණො නො ගරු”ති

සැදැහැවත්නි,

Saturday, February 13, 2016

මමත්වය දුරුකිරීම


අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් සකල ලෝකවාසී සත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් ඒ සියලු සත්ත්වයන්ට සසර කතරින් එතෙරවීමට උපකාරි වන උතුම් දහමක් තමයි දේශනා කොට වදාළේ.

සසර ගමන තරණය කළ විශුද්ධි දෙවියන් කවුරුන් ද?


අදත් බුද්ධ අවවාදයක් ඔබට සමීප කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ලෝකය ඇති තතු ඒ පරිද්දෙන් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අසිරිමත් අවබෝධයක් සඳහා යන්නට හැකි වටිනා දේශනාවක් අපට වදාළා.

Friday, February 12, 2016

මනසේ ඇති වරද හදා ගැනීම


දැන් අම්මා සිහි කරන්න පුළුවන් හැකියාව හිතේ තියෙන හැකියාව අම්මා කියලා සිහිකරන විටම වේගයෙන් එයා දුක පිරිසිඳ දකිනවා. මම අම්මා සිහි කරලා බලන්න කියලා ගියොත් ඇත්තටම එතන වෙන්නේ සතිපට්ඨානයට නුවණයි කන, බොන ආහාරයෙන් සැදුණු කෙස්, ලොම්, නිය, දත්, ආදී කුණුප කොටස්වලින් පිහිටලා තියෙන තැනක වර්ණ සටහන , චිත්‍රය ඇස් ඉදිරිපිටට එනවිටම , මේ දැන් තියෙන ගතිය මනසෙ සිහි වෙනවා නේද? දැන් එයාට යන්න පෙර සිටම නුවණයි, ගියවිට මට අම්මා හම්බවෙනවා නොවෙයි. අනාත්ම වූ ස්කන්ධ ටික ඇස් ඉදිරිපිටට එනවිට මේ ආත්ම සංඥාව සිහිකරගන්නවා නේද කියලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා
මෙහෙ ඉඳලා ඉන්න කෙනෙක් ගැන සිතලා දුක් විඳින්න තරම් මෝඩ නැහැ. මගේ මනසෙයි මේ හැඟීම තියෙන්නේ. එහෙමනම් ඊයේ මම අම්මා දැක්කා කියන තැනට ගියොත් එහෙමනම් ඊයේ ද තිබිලා තියෙන්නේ ඕකම නේද අනාත්ම වූ කෙස්, ලොම්, නිය, දත් , සම්, මස් කියන කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනකොටම මේ මගෙ අම්මා කියන හැඟීම් ටික ප්‍රපංච ටික ආදරය සෙනෙහස කියන ගති ටික මනසේ ඉපදිලා නේද කියලා සිහි ගන්වනවා.

සිතකට සුවය විවේකයයි


කවුරුන් සමඟ කතා කළත් කියන කතාවක් තමයි විවේකයක්, සහනයක් නැති බව, රැකියා කරන අය වැඩ කටයතු බහුල නිසා ආතතියෙන් පෙළෙනවා. පාසල් දරුවන්ට පාසලට අමතරව අතිරේක පන්ති අමතර බාහිර ක්‍රියාකාරකම් නිසා පරිසරයෙ මිහිරක් විඳගන්න ලැබෙන්න කලාතුරකින්. මව්වරුන්ට පවුලේ හැම දෙනා වෙනුවෙන්ම ඇප කැප වෙනව මිසක් පොතක් පත්තරයක් බලන්නවත් කෝ ඉඩක්.

Thursday, February 11, 2016

යොනිසො මනසිකාර යනු කුමක්ද?


පෘථග්ජන මිනිසුන්ගේ සිත් තුළ විවිධාකාරයෙන් සැක මතුවීම ස්වභාවයකි. සැකයක් මතුවන්නේ යම් දෙයක් පිළිබඳව නිවැරැදිව හා නිශ්චිතව අවබෝධ කර ගැනීමට නොහැකි වූ විටදීය. ඒ සඳහා සිතීමෙන් විමසීමෙන් සැකය පහව යන තෙක් නැවත නැවත විමර්ශනයක යෙදීම අත්‍යවශ්‍යය. එනිසා සැක කිරීම, ප්‍රශ්න කිරීම් පාපයක් ලෙස බුදුදහම නොදකියි. නොදැනුවත්කම් වලින් පිරුණූ මනස තුළ වැරදි මිථ්‍යා ආකල්ප පැළපදියම් වීමද ස්වභාවයකි. එසේ නොවන්නට නුවණින් සහ සිහියෙන් තතු විමසා දැනගත යුතුය.

Tuesday, February 9, 2016

පා දෝවනය කළ පැන් ඉසීමෙන් උමතු බව දුරු විය


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන භාවනා කිරීම සඳහා ඈත පළාතකට වැඩම කරනු ලැබුවා. කමටහන් ගැනීම යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ තමන්ගේ දැනුම, අවබෝධය අනුව බුදුරජාණන් වහන්සේ විසින් බණ භාවනා කිරීම සඳහා ලබාදෙනු ලබන මාතෘකා අනුව කටයුතු කිරීමය උන්වහන්සේත් ඒ ආකාරයට කමටහන් ලබාගෙන බණ භාවනා කිරීමට වැඩම කළා.

Monday, February 8, 2016

සුපසන් වූ ජීවිතයකට හිමිකම් කියයි ද?


අප තථාගත භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් අස්‍රැතවත් පෘතග්ජන වූ අපට කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළේ, තිරිසන් සතෙක් වූ ඉදිඹුවාට මනා වූ සිහිය පිහිටුවාගෙන සිවලාගෙන් ආරක්ෂා වීමට පුළුවන්කම ලැබුණ නම්, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබූ උසස් මනසක් ඇති අපට මාරයාගෙන් ආරක්ෂා වීමට නොහැකි වන්නේ ඇයි ද? කුම්මෝපම සූත්‍ර දේශනාවේ අවසාන කොටසින් අප තව දුරටත් මාරයාගෙන් ආරක්ෂා වීම පිළිබඳව විවරණය කර බලමු.

Sunday, February 7, 2016

පවින් වැළකී පින්කරගැනීමෙන් ලැබෙන්නේ විශාල දියුණුවක්


ගුණය යනු ධර්මයක් මිස තණ්හාවක් නෙමෙයි. ඒ නිසා හොඳ අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කරන්න හැම දෙනාම බොහොම ඕනෑ කමින් කටයුතු කළොත් බොහොම වටිනවා. පිනට දහමට ගුණයට නැඹුරුව කටයුතු කිරීමෙන් තමන්ට පුදුම ගුණයක් ශක්තියක් ගොඩනංවා ගැනීමට පුළුවන්.

Saturday, February 6, 2016

දන්දීමයි අතහැරීමයි


මිනිසුන් අතහැරීමට පුරුදු විය යුතුයි. අතහැරීමට පුරුදු විය යුත ªවන්නේ, අතහැරිය යුතුම නිසයි. අතහැරීම අනිවාර්යයම වූ කාරණාවක් නිසා අතහැරීම තුළ මිනිසකුට යම් තෘප්තියක් ලැබිය හැකි නම්, ඔහු උත්තරීතර ගැඹුර හා ශක්තිමත් මනසක් තිබෙන පුද්ගලයකු විය යුතුයි.

Friday, February 5, 2016

සත්වයා සහ කර්මය


සත්වයාගේ ජීවිතය ආරම්භ වූයේ කවදා ද? ජීවිතයක් අවසන් වන්නේ කෙසේද? සත්වයන්ට ඇත්තේ මේ ජීවිත පමණක්ද? අතීත, වර්තමාන හා අනාගත ජීවිත සමඟ සම්බන්ධතාවක් තිබේද? මේ ජීවිතයට බලපාන බාහිර හෝ අභ්‍යන්තර බලවේග තිබේද? මේ ශරීරයත් ජීවයත් එකක් ම ද? නැත්නම් ශරීරයත්, ජීවයත් දෙකක්ද? ලෝකයට අන්තයක් තිබේද? ලෝකයට අන්තයක් නැද්ද? මෙවැනි ප්‍රශ්නවලට මිනිසුන්ට සැමදා ම නිශ්චිත පිළිතුරු නොමැත. එනිසා විවිධ දාර්ශනිකයෝ සත්වයා සහ ලෝකයා පිළිබඳ ව විවිධ මත පළකරති.

Thursday, February 4, 2016

ඊර්ෂ්‍යාව සුව කළහැකිද?


“ඊර්ෂ්‍යාව සුව කළ නොහැකි රෝගයකි” යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවත්නා ප්‍රකට කියමනකි. මෙම කියමනට අනුව ඊර්ෂ්‍යාව රෝගයකි. බුදු දහම තුළ රෝග වර්ගීකරණය විවිධය. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි.

Wednesday, February 3, 2016

සැමට සෙත දෙන මෙත් සිත


පුහුදුන් සත්වයාගේ සිත නිරන්තරයෙන් ම පෙළෙන මූලික අකුසල් සිත් තුනට අප කියනවා ලෝභ, ද්වේෂ හා මෝහ කියලා. මේ සිත් තුනෙන් ම අපට අවැඩක් මයි ගෙන දෙන්නේ.

Tuesday, February 2, 2016

බෝසත් සිරිත


බෝසත් අවධියේ ප්‍රගුණ කළ සමාජ විඥානය බුද්ධත්වයෙන් තව තවත් තියුණු වූවා මිස මොට වූයේ නැත. යමෙක් එසේ සිතන්නේ නම් එය කෙතරම් අනුවණකමක්ද? උම්මග්ග ජාතකය කියැවීමෙන් බෝසතුන්ගේ ලෞකික හා අධ්‍යාත්මික ප්‍රඥා මහිමය තේරුම් ගත හැකිය.