රන් රිදී, මුතු මැණික්, ගේ දොර, ඉඩ කඩම් වැනි යෙදුම් සිංහල භාෂාවේ හඳුන්වන්නේ යුගල පද වශයෙනි. වත් පිළිවෙත් යන යෙදුම ද එවැනි යෙදුමක් ලෙසයි පෙනෙන්නේ. වත් සහ පිළිවෙත් කියන පද දෙකට අරුත් දෙකක් තිබෙන බව පෙනෙයි. යමෙකු තමන් සිටින ස්ථානයට හා එතැන ඇති පරිසරයටත් බඩු භාණ්ඩ ආදියත් වෙනුවෙන් කළයුතු දේවල් වත් යනුවෙන් දැක්වෙයි. ඒ ඒ ස්ථානය හා අවස්ථාවන්හි දී පුද්ගලයින් විසින් කළයුතු හෝ නොකර හරින දේ පිළිවෙත්වලට ඇතුළත් වේ. ඒ අනුව 'වත්' හා පිළිවෙත් ප්‍රධාන වශයෙන් දෙකොටසක් හැටියට දැක්වීමට පුළුවනි.
අප සමඟ ජීවත් වන විවිධ පුද්ගලයින් වෙනුවෙන් අප කරන වත් හා පිළිවෙත්
අප ජීවත්වන පරිසරයේ යහපත පිණිස අප විසින් කළයුතු වතාවත් වශයෙනි.
බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ සමාජය බෞද්ධ සමාජයයි.







































