Labels

Sunday, April 9, 2017

වැඩිහිටි මධ්‍යස්ථාන බිහිවීම වැළැක්වීමට නම්..

" එක එක්කෙනා වෙනුවෙන් උදවු උපකාර කරන්න එපා යනුවෙන් කාට හෝ උගන්වනවා නම්,එම එක එක්කෙනා අතර තමනුත් අයිති වෙයි. එය ඔබ අවබෝධ කරගත යුතුයි. දරුවන් හැදෙන වැඩෙන අවධියෙහි අප දරුවන්ගේ මනසට ලබාදෙන්නේ වෙනත් කාරණාවන් වෙයි. එම දෙන දෙය කෙතරම් භයානකද කියනවා නම්, එහි නරකම ප්‍රතිඵලය පළමු කොටම බුක්ති විඳීන්නේ නරක දීපු පුද්ගලයාමයි.'


අප කවුරුත් දැනුම තේරුම් ඇති කාලය තුළ අපගේ අම්මා ජීවත් වූයේ කෙසේද? යන බව අප සිතයි. අප දන්නා කාලය තුළ අපගේ තාත්තා ජීවත් වූයේ කුමන ආකාරයෙන්ද?
කවුරුත් බලන්නේ එය මිස නොදන්නා කාලය තුළ නොවෙයි. අප කවුරුන් හෝ අයෙකුට අඛණ්ඩව ගරු කරනවා නම්, එම ගරු කරන්නේ අපට දැනුම් තේරුම් ඇති අවධියෙහි ඔහු හෝ ඇය කටයුතු කරනු ලැබුෙවි කෙසේද?අපට නොතේරෙන අවධියෙහි දෙමව්පියන් ,වැඩිහිටියන්ඉතාම නිස්සරණාධ්‍යාසයෙන් බොහොම කැපවීමෙන් කටයුතු කර ඇති. නමුත් දරුවන් වැඩි හිටි වන විට දරුවන්ට දක්නට ලැබෙන්නේ වැඩිහිටියන් තුළ පවතින අතිශයින් ආත්මාර්ථකාමී අරමුණු ළමයා මාර්ගයෙන් ඉෂ්ට කර ගැනීමට යාමයි. එය තේරෙන විට හුදෙක් බලාපොරොත්තු මත පදනම්ව ගොඩනැඟුන සම්බන්ධකම් පමණයි කියන කාරණාව පෙන්නුම් වන විට ගනුදෙනු කරනු ලබන්නේ කෙලෙසද? දරුවන්ද වැඩිහිටියන් සමඟ ගනුදෙනු කරයි. "මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට" යනුවෙන් පසුව විමසීමෙන් ඵලක් නැහැ.

දරුවා දැනුම් තේරුම් එන අවධිය වන විට කාට හෝ යමක් ලබාදීමට උත්සාහ කරන අවස්ථාවක එක එක්කෙනා වෙනුවෙන් එච්චරට යමක් කළ යුතු නැති බව වැඩිහිටියන්ම ප්‍රකාශ කරන අවස්ථා නැතිවා නොවෙයි. ඒ අය මැනල කිරි නොදුන් බව ඇත්ත. වුවත්, පසුව මැනීමට උගන්වනු ලබයි. කාට හෝ අයෙකුට උදවුවක් කරන විට ඔයාට ලැබෙන දෙය කුමක්ද? යනුවෙන් විමසයි.එක එක්කෙනා වෙනුවෙන් නහින්නේ කුමකටද?එසේ අඛණ්ඩව ඇසෙන විට වැඩිහිටියා වෙනුවෙන් නැහෙන එකත් එම ගොඩටම කවදා හෝ අයත්වන බව අවසාන වශයෙන් වැඩිහිටියාම දන්නේ නැහැ.එක එක්කෙනා වෙනුවෙන් උදවු උපකාර කරන්න එපා යනුවෙන් කාට හෝ උගන්වනවා නම්,එම එක එක්කෙනා අතර තමනුත් අයිති වෙයි. එය ඔබ අවබෝධ කරගත යුතුයි. දරුවන් හැදෙන වැඩෙන අවධියෙහි අප දරුවන්ගේ මනසට ලබාදෙන්නේ වෙනත් කාරණාවන් වෙයි. එම දෙන දෙය කෙතරම් භයානකද කියනවා නම්, එහි නරකම ප්‍රතිඵලය පළමු කොටම බුක්ති විඳීන්නේ නරක දීපු පුද්ගලයාමයි. ලංකා සමාජය තුළ වැඩි හිටියා ඉතාම අන්ත අසරණ තැනට වැටී සිටින බවට අප කතා පැවැත්වුවාට වැඩක් නැහැ. එවැනි තත්ත්වයන් උදාවන්නේ ඇයිද? කියන කාරණාව විග්‍රහ කරගත යුතුයි. බුද්ධිමත්ව එම කාරණා සඳහා පිළිතුරු නොසෙවිව හොත් අපගේ රටේ වැඩිහිටි ආරක්ෂිත මධ්‍යස්ථාන වැඩිපුර බිහි වෙයි. එය වැළැක් විය නොහැකි තත්ත්වයක්. මගේ අම්මාට මම සළකන්නේ ඇයි? යනුවෙන් මම කල්පනා කරයි. මගේ කැත කුණු අතගාපු බව මට මතක නැහැ. මට ලේ කිරි කර පොවපු අවස්ථා පිළිබඳව සැබවින්ම මට කිසිම අදහසක් නැහැ. එම ඒ අවස්ථා මතක නැහැ නංගිට මල්ලිට කිරි දීපු බව මතක් වුවත්, තමන්ට කිරි දීපු අවස්ථා මතක නැහැ. එවැනි ආකාරයෙන් සාහිත්‍ය සිහිපත් කරගෙන ජීවත් වීම අපහසුයි. අඛණ්ඩව දේවල් කළ නොහැකි වෙයි. ඒ වගේ සාහිත්‍යකට ඉඩ ලැබෙන්නේත් අපට තේරෙන වයස වන විට අප දකින අම්මා ඉතාම නිවැරැදි අම්මෙක් නම්,පමණයි. අපෙ අම්මා මම වෙනුවෙන් කැපවීමක් කළ ඔබ මම පිළිගනු ලබන්නේ වර්තමානය වන විට අප දැනුම් තේරුම් ඇති කාලය තුළ සිට අපට නින්දාවක් ඇති වන ආකාරයෙන් ගම තුළ කයි කතන්දර හදාගෙන නැහැ. පදයක් හදාගෙන නැහැ. එම වර්තමාන අම්මා තාත්තා දෙස බලා අප නොදන්නා කාලයේ එම අම්මා තාත්තා කෙතරම් කැප වෙන්න ඇතිද? යනුවෙන් අප විශ්වාස කරයි. ඔබ කියන නිස්සරණාධ්‍යාසී කැප වීම ළමයි විශ්වාස කරන්නේ මේ මෙහොතේ ඔබ තුළ දක්නට ලැබෙනවා නම් පමණයි . ඔබ ළඟ තිබුණ ගුණය අඛණ්ඩව ගඟක් වගේ ගලවනවා නම් පමණයි. නැතහොත් එය දරුවා ඉදිරිපිට දිගහැරෙන ටෙලිනාට්‍යයක් වගෙයි.

එය සත්‍ය විය හැකි සේම අසත්‍යද විය හැකියි. එය නිශ්චිතව විශ්වාස කළ නොහැකියි. වැඩිහිටියෙකු පිළිබඳව දරුවන් තුළ ගෞරවයක් ගොඩනැඟෙන්නේ වැඩිහිටියෙකු ලෙස බව මතක තබාගත යුතුයි. වැඩිහිටියෙකු පිළිබඳව කවුරුන් තුළ හෝ ගෞරවයක් ගොඩනැඟෙන්නේ ඔහු හෝ ඇය ළමයෙකු ලෙස සිටිද්දී නොවෙයි. අඩුම වශයෙන් අවුරුදු විස්සක්වත් ගත වූවාට පසුවයි.

තමාගේ දෙමව්පියන් පිළිබඳව බිය මත පදනම් වුණ හැඟීම් ළමා කාලය තුළ පවතීයි.අම්මාට ගරු කරනු ලැබූවේ ඇය තේරුම් අරගෙනද?නැතහොත් ඇය පිළිබඳ පැවැති බියටද? ඔබ පන්තියේ ගුරුවරයාට ගරු කරනු ලැබූවේ ගුරුවරයාගේ විටනාකම තේරුම් අරගෙනද? නැතහොත් ගුරුවරයා පැමිණි විට ගරු නොකළ හොත් දඬුවමි කරන නිසාද?ඔබ විශ්ව විද්‍යාලයේදී ගුරුතුමා එන විට ගරු කළා නම්, එය තේරුම් අරගෙන කළ ක්‍රියාවක් වෙයි. ඔබ කුඩා කල ගුªරුවරයා පැමිණෙන විට ්අසුනෙන් නැගිටිනු ලැබුවේ විශාල අවබෝධයක් තුළ සිට නොවෙයි. විශ්ව විද්‍යාල යන වයසේ දරුවන් තුළ ගුරුවරයා පිළිබඳව අවබෝධයෙන් ගොෟරවය ගොඩ නැඟෙනුයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ඇතිවන සහකම්පනය තුළයි. ගුරුවරයා තේරුම් ගත්තාවූ කාරණා තමාටත් වැටහෙන විට ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සහකම්පනයක් ඇතිවෙයි. එය දෙදෙනාගේම හදවත එකම කාරණාවක් වෙනුවෙන් සැළීමට පටන් ගනී. ඒ අවස්ථාව වන විට සැබෑ ගෞරවයක් ගොඩනැඟෙයි. එය ශ්‍රද්ධාව සහිත ගෞරවයක් වෙයි. අපගේ අවබෝධය ඉහළට යාමත් සමඟ දෙමව්පියන් පිළිබඳව එවැනි ආකාරයෙන් ශ්‍රද්ධාවක් ගොඩනැඟෙයි. ඔබ දරුවන් පිළිබඳව සිදුකරනු ලබන කාරණා මෛත්‍රිය මුල් කරගෙන කළ යුතු බවට ඉතාමත්ම බුද්ධිමත්ව තේරුම් ගත යුතුයි. එය පදනම විය යුතුයි. මෛත්‍රිය මත පදනම් වූ විට අනෙකාගේ ගෞරවය පහසුව දියුණුව ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ හැකි වෙයි. එය සීමාවක් නොකර ඉටු කිරීම මෛත්‍රියේ ස්වභාවයයි. ආදරයට සීමාවන් පවතී. ඔබ මට වංචාවක් නොකර සිටින තාක්කල් මමත් ඔබට වංචා කරන්නේ නැහැ. ඔබ මම වෙනුවෙන් කැප වෙනවා නම්, මමත් ඔබ වෙනුවෙන් කැප වෙනවා. එවැනි ආකාරයෙන් ආදරයට සීමා තිබුණත් මෛත්‍රියට සීමා නැහැ. නිතිරීති නැහැ. මෛත්‍රියට අදාළව දමාගනු ලබන එකඟතා නැහැ. මෛත්‍රිය ගනුදෙනුවක් නොවෙයි.මෛත්‍රිය යනු අනෙකා වෙනුවෙන් නිරාමිසව කරනු ලබන ඉටුකිරීමයි. එය කායික කටයුතු නම් එය මෙත්තා සහගත කාය කර්ම වෙයි. එම කටයතු කිරීමට වචන පාවිච්චි කරනවා නම්, මෛත්‍රි සහගත වචීකර්ම යනුවෙන් හඳුන්වනු ලබයි. එය ඉටුකිරීමේ ශක්තිය මනසින් ලබාගන්තා නම්, එය මෛත්‍රි සහගත මනෝ කර්ම ලෙස හදුන්වයි.


හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 


ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා   දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment