Labels

Wednesday, March 9, 2016

සියල්ලෙන් නිදහස්‌වන්න


බෞද්ධයාගේ දහම බුදුදහමයි. බෞද්ධ හෙවත් බුද්ධ යනු බුද්ධිමත් බවයි. බෝසත් යනු සත්‍යයෙහි ඇලුනාවූ නොහොත් සත්‍ය සොයායන උතුමෝය. බෝසත් උතුමෝ අසත්‍ය අතහැර සත්‍ය වෙතද මිත්‍යාදෘෂ්ටිය අතහැර සම්මා දිට්‌ඨිය වෙතද පියමං කරති. සත්‍යාවබෝධය සඳහා සතිය අත්‍යවශ්‍යයි.

'සතිමා විනෙයH ලෝකේ අභිඡ්Cධා දොමනස්‌සං' සිහිය ඇත්තා සිතේ ඇලීම ගැටීම දුරලීම සඳහාම ප්‍රතිපදාවක යෙදේ. දැඩි ලෝභය හා දොම්නස්‌ බව යනු 'තණ්‌හාවයි'. මේ චෛතසික හටගන්නේ සිත තුළය. තණ්‌හාව දුකට මුලයි. තණහාය ජායතී සෝකෝ' 'සතිමා' හෙවත් සිහිය ඇති යෝගාවචරයා යෝනිසෝමනසිකාරයෙන් දුකට හේතුවූ තණ්‌හාව ක්‌ෂයකිරීමට උත්සාහ ගනී.

මහරහත් උතුමන් හැර අන් සියලු දෙනාම උත්සාහ ගන්නේ, මහන්සි ගන්නේ හොඳ අය වෙන්නයි. හේතුව තමන් ජීවත්වන සිටින්නේ ලෝකය තුළ නිසයි. ලෝකය යනු 'අසත්' ය. 'අසත්' යනු හොඳ නැති බවයි. ඒ නිසා ලෝකය තුළ සිටිනතාක්‌ කල් තමන්ට හොඳ කෙනෙක්‌ විය නොහැක. එය සිහිනයක්‌ පමණි. ඒ නිසා සිහිය ඇත්තා ශාන්තිය සැනසීම, නිවීම සඳහා ලෝකයෙන් දුකෙන් අත්මිදීම සඳහා උත්සාහ කරයි.. ආඝාධයකට වැටුණු කෙනෙක්‌ ඉන්ගොඩ ඒමට උත්සාහ කරන්නා සේ බන්ධනාගාරගත වූවෙක්‌ බන්ධනාගාරයෙන් නිදහස්‌a වීමට උත්සාහ කරන්නා සේය.

මම සුවපත් වේවා කියන්නේ තමන් දුකෙන් සිටින නිසාය. මම මෛත්‍රී සිත් ඇත්තෙක්‌ වෙම්වා යි පවත්නේ තමන් වෛරී කෙනෙක්‌ නිසාය. මිත්‍රශීලී වෙම්වා කියන්නේ තමන් මිත්‍ර ෙද්‍රdaහියෙක්‌ නිසයි. මම ගුණවතෙක්‌ වේවායි පතන්නේ තමන් ගුණමකුවෙක්‌ නිසයි. නිදුක්‌ වෙත්වා කියන්නේ දුකෙන් සිටින නිසයි. මම නිරෝගී වෙත්වා කියන්නේ තමන් රෝගී බවෙන් යුත් නිසයි. බිය නැත්තෙක්‌ වෙම්වා කියන්නේ බියෙන් වෙසෙන නිසයි. ඊර්ෂ්‍යා නැත්තෙක්‌ වෙම්වා කියන්නේ ඊර්ෂ්‍යාවෙන් යුක්‌ත නිසයි. මම ශෝක නැත්තෙක්‌ වෙම්වා කියන්නේ තමන් නිතර ශෝකයෙන් සිටින නිසයි. මම මානසික සුවයෙන් සුවපත් වේවා කියන්නේ තමන් මානසික රෝගියෙක්‌ නිසයි. චෛතසික සුවයෙන් සුවපත් වේවා කියන්නේ චෛතසික රෝගවලින් යුත් නිසයි. රාග ගිනි නිමාවේ කියන්නේ සිතරාග ගින්නෙන් ගිනිගෙන සිටින නිසයි. මෝහයෙන් මිදේවාකියන්නේ මෝහයෙන් මුලාවී සිටින නිසයි. නිවන් දකිත්වා කියන්නේ ඉහත සියලු දුක්‌ නිවීම සඳහාය. මෙසේ අයහපත් තැනින් අත්මිදී යහපත් තැනක්‌ ලැබ සැනසීම, සතුට, සහනය, නිවීම ප්‍රාර්ථනා කරනවා. හේතුව ලෝකය දුක්‌ ගොඩක්‌ නිසයි.

මහරහත් උතුමන් ඉහත ප්‍රාර්ථනා කරන්නේ නැත.හේතුව ලෝකයෙන් එතෙරවී සිටින නිසාය. අභාග්‍යසම්පන්න ලෝක ධර්මයන්ගෙන් හෙවත් දුකෙන් සදාකාලිකව නිදහස්‌වූ නිසාය. අප පරිහරණය කරන කාමභෝගී ලෝකය බුද්ධාදී උතුමන් අසුරු ගහන මොහොතක්‌ වර්ණනා කරන්නේ නැත. හේතුව සැප නැත. තියෙන්නේ දුක පමණි. සැප ඇත්තේ ලෝකෝත්තරයේය. ඒ නිවන් සැපයි.

නිබ්බාණනං චා උපනිධාය - සබ්බා උප්පතියෝ දුග්ගතිං' නිර්වාණය හමුවේ සියලු ලෝක ධාතූන් දුගති වේ. උපතක්‌ ඇත්නම් ඒ දුගතියම වේ. ජරා ධර්මය පළමුකොට ඇති දුක්‌ සමූහයක ආරම්භය වන නිසාය. 

ලෝකය තුළ සතුට නැත්තේ අසතුට ඇති නිසාය. සාමය නැත්තේ යුද්ධය ඇති නිසාය. සැනසීම නැත්තේ වැනසීම ඇති නිසාය. උසස්‌ බව නැත්තේ පහත් බව ඇති නිසාය. දැනුවත් බව නැත්තේ නොදැනුවත් බව ඇති නිසාය. නිවීම නැත්තේ ඇවිලීම ඇතිනිසාය. අන්ධකාරය ඇත්තේ ආලෝකය නැති නිසාය. විද්‍යාව නැත්තේ අවිද්‍යාව නිසාය. සම්මා දිට්‌ඨිය නැත්තේ මිද්‍යාදෘෂ්ටිය ඇති නිසාය. මිනිසා ලෝකය තුළ සැප ඇතැයි නැති සැපයක්‌ හොයාගෙන නිරන්තරයෙන් මිරිඟුවක්‌ හඹා ගෙන යනවා. සතිය වඩන්න. ඇත්ත දකින්න. අවිද්‍යා කඩතුරාවෙන් නුවණැස වහලා. භෞතිකත්වය යනු අවිද්‍යාවයි. භෞතිකත්වය පදනම්කරගෙනය තණ්‌හාව ජනිත වෙන්නේ. පංචකාම සම්පත්ම උතුම් සැපයයි ඉලක්‌ක කරගෙන ජීවන රටාවකට කොටුකර ඇති මානසිකත්වයක්‌ තුළ ලෝකෝත්තර ගුණ ධර්ම ගැන සිතීම පවා විහිලුවකි. ඉඳුරන් පිනවීම සඳහාම අවශ්‍ය වටපිටාව සකසා ඇති ලෞකික ලෝකය තුළ අසත්ධර්මය රජකරයි. සත්ධර්මය යටපත්වෙයි.

මේ නිසා ශාන්ති නායකයාණන් වහන්සේ විසින් අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය සාමාන්‍ය පුහුදුන් සමාජය වෙත සමාජගත කිරීමේදී ගෙනයාමේදී සන්නිවේදනයේදී ඇතිවිය හැකි ගැටලු සහගත ස්‌වභාවය බුද්ධිමතුන්ට මෙසේ සිහිපත් කරති. 

- අධිගතො ඛෝ ම්‍යායං ධම්මො

මා විසින් අවබෝධ කළ ධර්මය

- ගම්භිරෝ - ගැඹුරුයි

- දුද්දසෝ - දැකමට අපහසුයි. අපහසුවෙක්‌ නමුත් දැකිය යුතුයි.

- දුරනූබොධො - අවබෝධයට අපහසුයි. අපහසුවෙන් නමුත් අවබෝධ කටයුතුයි.

සන්තෝ - ශාන්තයි

පණිතෝ - මිහිරියි. ප්‍රනීතයි.

- අතක්‌කාවචරෝ - තර්කයට හසු නොවේ. ප්‍රඥවට ගෝචර වේ.

- නිපුණෝ - පරිපූර්ණ නිපුණ බවෙන් යුක්‌තය. ඉතා සියුම්ය.

- පණ්‌ඩිත වේදනීයො - පණ්‌ඩිතයන් සඳහායි. නුවණැත්තන් සඳහායි.

'පඤ්Æවන්තස්‌සායං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්‌ස්‌ මගේ දහම ප්‍රඥවන්තයන් සඳහායි. දුප්ප්‍රඥයන් සඳහා නොවේ. බුද්ධිමත් බෞද්ධයා මේ ගැනත් හිතන්නෘ

'සුබ නිමිත්තං භික්‌ඛවේ, අයෝනිසෝ මනසිකරොන්තො, අනුප්පන්නෝච කාමච්ඡන්දො උප්පඡ්ජති, උප්aපන්නෝ ච කාමච්ඡන්දො, භියෙHd භාවාය වේපුල්ලාය සංවත්තති...

භෞතික ලෝකයේ විද්‍යමාන වන්නාවූ නිමිති හෙවත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම යන අරමුනු අයෝනිසෝ මනසිකාරය නිසා 'සුබ' වශයෙන් දකී. ඒ නිසාම කාමච්ඡන්දය හටගනී. උපන් කාමච්ඡන්දය බොහෝ සේ වැඩේ. විපුල බවට පත්වේ.

ලෝකයාගේ සාමාන්‍ය ස්‌වභාවය ඉඳුරන් පිනවීමය. ඇස, කන, නාසය, දිව, කය, මන නිරන්තර පිනවීම සඳහාම වූ මානසිකත්වයම තුළ කි¹ බැස ගෙන සිටියි. ඇස බලාපොරොත්තු වන්නේ ප්‍රියමනාප දැකුම්කළු, මිහිරි අරමුණුයි. ඒ නිසා ඇසෙයි ගින්න හටගනී. ඒ රාග ගින්නයි. ප්‍රිය රූපය ඇසෙන් ඉවත්වීමේදීත් අප්‍රිය අරමුණු නෙත ගැටෙන විටත් 'ද්වේෂය' ගැටීම හටගනී. ඒ දෙවැනි ගින්නයි. එය ඇලීම, ගැටීම නම් වේ. තණ්‌හාවයි. 

තණ්‌හාය ජායතී සෝකෝ

තණ්‌හාය ජායති භයං'

යනුවෙන් වදාළේ මේ ස්‌වභාවයයි. මේ ධර්මතාව කන, නාසය ආදී සියලුම ආයතන සඳහා පොදුය.

සමස්‌තයක්‌ වශයෙන් ගත කල සියලුම රූපයන් පඨවි, අපෝ, තේජෝ, වායෝ යන ධාතුන්ගේ හෙවත් ශක්‌තීන්ගේ ඝණීභූත භාවය නිසා විද්‍යාමාන වේ. ධාතුන්ගේ ස්‌වභාවය අතරක්‌ නැතිව නිරන්තර වෙනස්‌වීමයි. මේ වෙනස්‌වීම ඇතිවීම, නැතිවීම සමුදය, වය ධර්මතාවය යථාවත්ව, ඇත්ත ඇති සැටියෙන් නොදකිනනිසා රූපය, නිත්‍යයි, සැපයි, ආත්මයි කියා වැරදියට දකිනවා. මෙසේ අනිත්‍යවූ රූපය නිත්‍ය වශයෙන් දැකීම නිසාද දුකවූ රූපය සැපයි කියා දැකීම නිසාද අනාත්ම රූපය ආත්මයි කියා දැකීම නිසාද (අයෝනිසෝ මනසිකාරය නිසා) නූපන් කාමච්ඡන්දය හටගන්නවා. උපන් කාමච්ඡන්දය වඩා වැඩෙනවා. ඒ සමගම සියලුම ආයතනවලින් කර්මය රැස්‌ කරනවා.

ඊළඟට තථාගතයන් වහන්සේ ද්වේෂය (පටිඝය) ගැටෙන නිසා උපදින හැටි මෙසේ පැහැදිලි කරති.

'පටිඝ නිමිත්තං භික්‌ඛ වේ, අයෝනිසෝ මනසි කාරොන්තො අනුප්පන්නෝ ච ව්‍යාපාදො උප්පඡ්ජති. උප්aපන්නෝච ව්‍යාපාදොa භියෙHd භාවාය, වේපුල්ලාය සංවත්තති'

ආයතන හය සම්බන්ධ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප අයෝනිසො මනසිකාර මතින් අප්‍රියයි, අමනාපයි යනුවෙන් ගත් පසු නූපන් ව්‍යාපාද සිත හට ගැනීමට හේතු- වේ. උපන් ව්‍යාපාදය බොහෝ සේ වැඩේ. විපුල වේ.

එහෙත් සිතේ යථාර්ථය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයාට කෙසේ වත් ඉහත ඇලීම ගැටීම හෙවත් තණ්‌හාවට තමාගේ සිත පත්කර නොගැනීමට හැකියාව ඇත. ඒ යෝනිසෝ මනසිරකය තුළ සිටින නිසාය.

තණ්‌හාව නිසා මිනිසා අකුසලයට පවට පත් කරන ආකාරය ඉතා පැහැදිලිව මෙසේ දක්‌වා ඇත.

- තණ්‌හා පටිච්ච පරියේසනා

තණ්‌හාව නිසා ප්‍රිය රූපාදී අරමුඅණු සොයනවා.

- පටියේසං පටිච්ච ලාභා

සෙවීම නිසා ලැබීම

- ලාභං පටිච්ච විනිච්ඡයො

ලැබීම නිසා හොඳ නරක විනිශ්චය

- විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො

විනිශ්චයෙන් පසුව දැඩිව බැඳීම

- ඡන්දරාගං පටිච්ච අඡ්Cධාසානං

ඡන්දරාගය නිසා කිඳා බැසීම

- අඡ්Cධාසානං පටිච්ච පරිග්ගහො

කි¹ බැසීම නිසා දැඩිව අල්ලාගැනීම

- පරිග්ගහං පටිච්ච මච්ඡරියං 

දැඩිව අල්ලා ගැනීම නිසා මසුරු බව

- මච්ඡරියං පටිච්ච ආරක්‌ඛෝ

මසුරු බව නිසා රැකීම

- ආරක්‌ඛාධිකරණං දණ්‌ඩාදාන

රැකීම නිසා දඬුමුගුරුවලින් ගැසීම

- සත්ථා දාන

ආයුධවලින් ගැසීම

- කලහ - විග්ගහ 

කලහ කිරීම, කෝලාහල කිරීම

-විවාද - වාද විවාද කිරීම

- තුවං තුවං - බැණ වැදීම

- පේසුඤ්ඤ - නොහොබිනා බස්‌ බිනීම

- මුසාවාදා - බොරු කීම

- අනේක පාපකා අකුසලා සම්භවන්ති - අනේක විධ පාපකර්ම - අකුසල කර්ම හටගනී.

තණ්‌හාව නිසා මුලු සමාජයම දුකෙන් දුකට පත්වන ආකාරය ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කර ඇත. මුළු ලෝකයම තණ්‌හාවෙන්, මසුරුකමෙන්, ආශාවන්ගෙන් කැළඹී කැකැරී ඇත. වෛරයෙන්, තරහවෙන්, ද්වේෂයෙන්, කුපිත වී ගිනිගෙන අඬ දබර කර අවුලෙන් අවුලට පත්වෙති. පසුතැවීමෙන් කනස්‌සල්ලෙන් මානසික ආතතියෙන් පෙලෙන්නන් දවසින් දවස වැඩිවේ. ලෝකය තුළ සිටින තාක්‌ ඉහත ව්‍යසනයන්ට ගොදුරුවීම අනිවාර්යය.


ගම්පහ සිරිසීවලී හිමි

2016 නවම් මස 22 වැනිදා සඳුදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment