ඉගෙන ගන්නා දරුවන් ක්‍රිඩා කටයුතු වලින් වැළකිය යුතුයි, ඉගෙන ගන්නා දරුවන් සෞන්දර්යාත්මක කටයුතුවල නියැලීමෙන් වැළකිය යුතුයි, ඉගෙන ගන්නා දරුවන් සමාජයේ පොදු වැඩවලට සහභාගි නොවිය යුතුයි, ඇතැම් වෙලාවට සමහර ගෙවල්වල දරුවන් අතුªගෑම පවා නොකර සිටියි. දරුවා ඉගෙන ගන්න නිසා අම්මා බත් කවයි.
දරුවට ඇත්තේ වාඩි වී අම්මා කවන බත් කට කන අතර තුර පොත බැලීම පමණයි. තව අවුරුදු 20ක් 30ක් වන විට රෝගීන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරනා බව අප අවබෝධ කරගත යුතුයි. බුද්ධ වචනයට පිටින් අප ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. බෞද්ධ වචනයට අනුව බාහු සච්චංච හෙවත් දැනුම ලබාගත යුතුවා සේම සිප්පංච හෙවත් කුසලතා හා හැකියාවන් තමන් තුළ ගොඩ නගා නොගත හොත් ඔබ එතනම අසාර්ථක වුවකු විම වැළැක්විය නොහැකියි.
ළමයකුට පමණක් නොව වැඩිහිටියකුට වුවත් තමන්ගේ අධ්‍යාත්මික සංයමයක් ගොඩනගා ගැනීමට එවැනි කුසලතා තිබීම අවශ්‍යයයි. ක්‍රීඩා කරන ළමයකු තමාගේ චෛතසිකයන් තුළ තිබෙන විකෘතිය නිසා අනෙක් අයට හිංසා කරන්නේ නැත. ක්‍රීඩා කරන දරුවකු හිංසා කරන්නේ නැත. ක්‍රීඩාවට යන්න නොදී ගේ ඇතුළෙම ජීවත් වන ළමයා ගෙදර උපකරණ කැඩීමට , ගෙදර අයට තුවාල කිරීමට, නංගිට, මල්ලිට සතුටින් සිටීමට ඉඩ නොදී සිටීමට පෙළඹෙයි. හැම දරුවකු තුළම චිත්ත වේග යමි ප්‍රමාණයක් හෝ පවතියි. එම ච්ත්ත වේග එළියට දැමීම සඳහා සාධාරණ ක්‍රමයක් දරුවට දිය යුතුයි. ක්‍රීඩාව යනු දරුවකු තුළ පවතින අයහපත් චිත්තවේග ප්‍රමාණයක් එලියට දැමීම සඳහා ළමයකුට ලබාදෙන සාධාරණ අවස්ථාවක් වේ. එසේ නොවුන හොත් ඇතැම් විට එම චිත්ත වේග අසාධාරණ ආකාරයට එලියට පැමිණෙයි. මිනිසුන් වැඩිහිටි වන විට අනෙකා සමග ගැටීමට අවශ්‍යතාවයක් පැමිණෙයි. අනෙකා සමග ගැටීමේ අවශ්‍යතාවයක් ළමයින් තුළ පවතින අතර එය සාමාන්‍ය ච්ත්ත වේගයන් වේ. එසේ නොවන්නේ නම්, එම ළමයින් රෝගීන් වේ. අනෙකා සමග ගැටීම යන ච්ත්ත වේග දරුවන් තුළ අවශ්‍යතාවයක් තිබෙන බව වටහා ගත යුතුයි. ඇතැම් අම්මල දරුවන්ට භාවනා කිරීමට උගන්වන්න උත්සාහ කරයි. දරුවා හරිම දඟයි. එනිසා භාවනාවක් කියලා දෙන්න බැරිද? එම දරුවා පිට්ටනියකට යැවීම කළ යුතුවා මිස දරුවන්ට කුමන භාවනාවක්ද? අම්මාටවත් කර ගැනීමට නොහැකි භාවනාව අවුරුදු දහහතරක දරුවා ලවා හෝ කරවා ගැනීමට ඇතැම් අම්මාවරුන් කල්පනා කරනු ලබයි.
ළමයාගේ සිත අධ්‍යාත්මය ක්‍රියා කිරීම තුළින් සන්සුන් වෙයි. එම දරුවගේ ච්ත්තවේගයන් පිටකර ගැනීම ට සීමාවක්, වේලාවක් ලබා දිය යුතුයි. දියණියකට නම්, ක්‍රීඩාවක් තෝරා ගැනීමේදී, ගැලපෙන ක්‍රීඩා සහ නොගැලපෙන ක්‍රීඩා තියෙනවා. මැහුම් , ගෙතුම් , නර්තනය, සංගීතය, ච්ත්‍ර ඇඳීම වැනි කුසලතා දියණියකට තිබිය යුතුයි. ඉතාම හොඳ නිර්මාණශීලි ච්ත්‍රයක් ඇඳ නිමවන විට දුවකුගේ චෛතසිකයන් පාලනය වෙයි. ඉතාම හොඳ ගීතයක් වාදනය කර නිම වන විට පියානෝවෙන්, වයලීනයෙන්, ගිටාරයෙන්, දියණියගේ සිත පාලනය වෙයි. සංගීතය ඉගෙන ගත්තාට අනාගතයට ඇති ප්‍රයෝජනය කුමක්ද? සංගීතය ඉගෙන ගෙන කන්ඩද? ච්ත්‍ර අඳින්නේ කුමකටද? කියා අප සිතනු ලැබුවාට ඒ තුළින් සිත සුවපත් කරගැනීමට හැකි වෙයි. චිත්‍ර තිබෙන්නේ සිත සුවපත් කරගැනීමට මිස කන්න නොවේ.
අවුරුදු පනස්පහ පසුකරන විට බණ ඇසීමෙන් සිත සුවපත් වෙයි. ඒ වන විට පැවැත්මට අදාළ වන සියලු වැඩ අවසන්ව ඇති බැවින් ස්වාමීන් වහන්සේලා දේශනා කරන අනිත්‍යතා ධර්මයත්, ජීවිතයේ නිස්සාරතාවයත් , කාමයේ ආදීනවයත් කාමයේ නිස්සාරබවත් වටහා ගැනීමට නම්, අවුරුදු පනස්පහක් වත් විය යුතුයි. ඒ වන විට ලැබිය යුතු වින්දනයත් ලබා , ලැබිය යුතු දඬුවමත් ලබා එහි රස නීරස දෙකම දැනගෙන අවසානයි. ආගමික ඉගැන්වීම් තුළින් ගිහියාට සංවර කරගැනීමට සැලකිය යුතු කුසලතාවක් පෙර සංසාරයේවත් පාරමී වශයෙන් පුරල තිබිය යුතුයි. රාහුල පොඩි හාමුදුරුවන් අවුරුදු හතකදී රහත් වුණා නම්, අපේ අවුරුදු දහහතරක ළමයාට ඇයි එක විදිහකටවත් ඉන්න බැරි? යනුවෙන් ඇතැමුන් ප්‍රශ්න නගයි. රාහුල පොඩි හාමුදුරුවන් යනු, උන්වහන්සේ සංසාරයේ අනන්ත කාලයක් ගෞතම බෝධ්සත්වයන් වහන්සේගේ පුතණුවන් වීමට පාරමී පුරාගෙන පැමිණි දරුවෙකු බව ඔබ කල්පනා කළ යුතුයි.
සංසාරයේ පාරමී පුරණ ලද දරුවකුට අවුරුදු හතකදී අවබෝධයක් පැමිණිම නිවැරැදියි. බුදුරදුන් ජීවමාන කාලය තුළදී එකටම ඉපදුනේ බුදුපියාණන් වහන්සේ සමඟම පාරමිතා පුරපු පිරිසයි. ඒ පිරිසට නිවන් දැකීම සඳහා කුසල් වැඩී තිබූ පිරිසක්. අප ළගට පැමිණ සිටින ළමයා එවැනි සංසාරික පුහුණුුවක් තිබෙන දරුවකු නොවෙයි නම්, එම ළමයා අවුරුදු හතකදී භාවනා කරන්නේ කෙසේද? ඔබ මඳක් සිතා බලන්න. මෙම ළමයි පිළිබඳව ළමයින්ගේ මනස පිළිබඳව නිවැරැදිව වටහා ගන්න . දෙමව්පියන් වන ඔබ ළමයින් යනු කවුද? යන්න වග හා ළමා මනස පිළිබඳව තේරුම් ගත යුතුයි. ඒ නිසා එම ළමයින් තුළ කුසලතා ඇති කිරීම අකටයුත්තක් නොවන කාරණාවක් වන්නාසේම එම ක්‍රියාවන් තුළ සැම විටම නිරත විය යුතුය. වැඩිහිටියන් ලෙස දරුවන් දෙතුන් දෙනකු සිටින ගෙදරක් තුළදී ඒ පිළිබඳව වැඩිපුර අවධානය යොමුකළ යුතුවේ. මනුෂ්‍යන් සමඟ කටයුතු කිරීම වීදුරුවලින් නිපදවූ භාජන සමඟ වැඩකරනවා වගේ ප්‍රවේසමෙන් කළ යුතු වූවක්. තමන්ගේ දරුවන් පිළිබඳව බුද්ධිමත් විය යුතුයි. ඒ නිසා ළමයින් තුළ කිසියම් කුසලතාවයක් වර්ධනය කිරීම ඔබ විසින් කළ යුතුයි. ඒ වගේම විනයෝච සුසික්ඛිතෝ ගිහියාට සාර්ථක වීමට වුවමනා නම්, තමන් කරන වැඩ සම්බන්ධව විනයක් තිබිය යුතුයි. අපේ ගෙදර ආහාර ගනු ලබන්නේ කොතනද? කාලය තුළ එක් අයකු කෑම කන විට තව කෙනකු කාමරය තුළ කෑම කන්න බැහැ. එකම ස්ථානයක කෑම ගැනීම හා සියලු දෙනා එකට එකතුවි ආහාර ගත යුතු අතර ඒ සදහා විනයක් තිබිය යුතුය. ඇ¾දුම් ඇඳිය යුත්තේ කුමන ස්ථානයකද? ඇඳුම් ගැලවිය යුත්තේ කුමන ස්ථානයකද? යන්න පිළිබඳව ගිහියා තුළ විනයක් තිබිය යුතුය.
ප්‍රාතිමෝක්ෂ විනය, දසසිල් විනය ස්වාමීන් වහන්සේලාට පනවා ඇත. සොරකම් කරන්න එපා, ප්‍රාණඝාත කරන්න එපා, කාමමිත්‍යාචාරයට යන්න එපා , බොරු කියන්න එපා , සුරාව බොන්න එපා යනුවෙන් ආගමික විනය වශයෙන් ගිහියන් වන ඔබ අවම වශයෙන් පිළිපැදිය යුතුය. එයට අමතරව ගිහියන් වැසිකිළියට යන විටª පාවහන් පැළද.ීමකින් තොරව වැසිකිළිය පරිහරණය නොකළ යුතුය. එසේ වන විට ගෙදර පිරිසුදුව අලංකාරවත්ව පවත්වා ගත හැකිවේ. හැම කටයුත්තකදීම විනයක් තිබිය යුතුය. මෙම විනය අප තුළ අප ගොඩ නගා ගන්නේ නැත්නම් අපට සාර්ථක මිනිසුන් විය නොහැකියි. එම විනය අප තුළ ගොඩනගා ගතහොත් ගෙවල් දොරවල් මෙයට වඩා පිරිසුදුවට , පිළිවෙළට අලංකාරවත්ව, ලස්සනට තබාගත හැකියි.
පාරේ ගමන් කිරීම පිළිබඳව , කතා කිරීම කතා, නොකිරීම පිළිබඳව, විනය ඉගැන්විය යුතුය. එම විනය අප තුළ ගොඩනගා නොගතහොත් අප සාර්ථක වන්නේ නැත.
බාහු සච්චංච හෙවත් දැනුම සිප්පංච හෙවත් කුසලතා හා හැකියාවන්, විනයෝච හෙවත් විනය යන කාරණා තිබෙන ප්‍රද්ගලයා සාර්ථක මිනිසකු වෙයි. ගිහිකම තුළ පවතින ගැටළු අඩුකර ගත හැකියි.
අප වේලාවට අනුව වැඩ කිරීමට පුරුදු විය යුතුය. විනය අප තුළින් ගිලිහී ගිය විට අප පසුතැවෙන්න පටන් ගනී. එය පසුතැවෙනවා යනු නැවතත් එවැනි සිදුවීමක් සිදු නොවීමට වග බලා ගැනීම කළ යුතුයි. විනය ගිලිහී ගිය අයෙකු නැවතත් එයම කළහොත් එම පසුතැවීමෙන් ඵලක් වන්නේ නැත. පසුතැවීම වචනයට පමණක් සීමා කොකර ඉතාම හොඳ ගිහි විනයක් ගොඩ නගා ගත යුතුයි. ගිහි විනය ඔබ තුළ ඇතිකර ගැනීම තුළින් ඔබ සාර්ථක මිනිසකු විය හැකිය.
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment