Labels

Sunday, May 28, 2017

සතුටින් ජීවත් වෙන්න නම් යහපත් සිතුවිලි ඇතිකරගන්න

දෙහදක් එකතු වන මේ මංගල මල් සමයේ ජීවිතයට කොයිතරම් නම් දේවල් එකතුකර ගන්න තියෙනවාද? අද සදහම් සෙවණ තුළින් මේ පිළිබඳ දහම් දෙසුම අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්‍රමහා පණ්ඩිත,පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගෙනි. 
වර්තමානයේ අලුතින් යුග දිවියට ඇතුළුවන තරුණ පරම්පරාවේ ජීවිතවල ප්‍රශ්න වැඩියි. සමහර අය කියනවා මම අවුරුදු හතක් තිස්සේ යාළුවෙලා හිටපු කෙනාගෙ හැටි දැනගත්තෙ කසාද බැඳලා ගිහින් සතියෙන් කියලා. තවත් සමහර තරුණ පිරිමි ළමයි කියනවා මම අවුරුදු දහයක් දොළහක් ආදරය කළේ මේ ගෑනු ළමයට ද කියලා හිතුණේ පවුල් ජීවිතය ගත කරන්න අරගත්තට පස්සෙ කියලා. මේ හැම කතාවෙම සත්‍යයක් තියෙනවා. ඒ මොකද ආදරය කරන කාලසීමාවයි පවුල් ජීවිතය ගත කරන කාලසීමාවයි අතර ලොකු වෙනස් තියෙනවා.
ආදරය කරන කාලේ ඔය ඇත්තන්ගෙ ජීවිතය වෙන්නෙ පුංචි පරාසයක්.

Saturday, May 27, 2017

සතර ආකාර උතුම් පැවතුම්

 ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් කළ ධර්මානුශාසනාවක් ඇසුරිනි
මානුෂීය ධර්ම ලෙස පුරුදු පුහුණු කර ගත හැකි සතර ආකාර උතුම් පැවතුම් ‘සිව් බඹ විහරණ’ ලෙස සම්බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ පැවතුම් අතර ‘මෙත්තා’ හෙවත් මෛත්‍රිය යන්න අපට හුරු පුරුදු වචනයක්.එහෙත් ,හිතන තරම් පහසුවෙන් පුරුදු පුහුණු කළ නොහැකි ගුණයක්.
මෛත්‍රි ගුණයෙහි ඇල්මක් නෑ. බැඳීමක් නෑ. පිරිසුදුයි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා!යි කියන විට අපි සියලු සතුන් කෙරෙහි ඇළෙන්නේ නෑ. පේ‍්‍රමයෙන් බැඳීමක් නෑ. එසේ නොඇළුණු සිතින් අනුන්ගේ සැනසීම ප්‍රාර්ථනා කරන විට අපේ සිතත් සැනසෙනවා. නිරෝගී වෙනවා.
අන් දුකේදී සිත කම්පාවීම කරුණාවයි. දුකෙන් මුදවා ගැනීමට තිබෙන ඕනෑකමයි. ‘මුදිතා’ නම් මොළොක් බවයි.

Friday, May 19, 2017

භූ චලන ගැන බුදුවදනක්‌

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙනුවෙන් මෙත් කරුණායෙන් අවුරුදු අසූවක්‌ පමණ වැඩ වාසය කොට අවසානයේ චාපාල චෛත්‍යයෙහි (ආරාමයෙහි) වැඩවසන සමයේ උන්වහන්සේ මනා සිහිනුවණින් යුතුව ආයුසංස්‌කාරක අත්හළ සේක. එවිටම මහා භූමි චලනයක්‌ ඇති විය. ආනන්ද තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ භූමි චලනයක්‌ ඇතිවීමට හේතු විමසීය.
"අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." මහා භූමි චලනයක්‌ ඇතිවීමට හේතු අටකි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනය ආරම්භ කළ සේක.

සියළු බුදුරජාණන් වහන්සේලාට නොවෙනස්වන කරැණු

1. වැඩ වසන්නේ එකම ස්ථානයක පිහිටියාවූ බෝධි පර්යංකයක වීම.
2. පළමු ධර්ම දේශනාව දේශනා කරන්නේ ඉසිපතනයෙහි මිගදායේ වීම.
3. දිව්‍ය ලෝකයට වැඩම කොට නැවත මිනිස් ලොවට වැඩම කරන්නේ සංකස්ස නගරයට වීම.
4. ජේතවනාරාමය නම් සුවඳ කුටිය ගන්ධ කුටිය එකම සිථානයක පිහිටා තිබීම.


සියළු බුදුරජාණන් වහන්සේලාට අසමානවන කරැණු...

Saturday, May 13, 2017

අසංඛත වූ නිවන නොතිබෙන්නට...

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ ලෙස තුන්ලොවේ ගුණරාව පැතිර ගියේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. එක්‌දිනක්‌ සම්බුදුහිමියන් සම්මුඛ වීමට පැමිණි තැනැත්තෙක්‌ උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ''මේ වේගයෙන් ගලායන සංසාරය නවතින්නේ කොතැනකද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැනකද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොතැනද? යනුවෙනි.

සසර ගමනින් නිදහස්‌ නොවූ කෙනකු නම් මෙබඳු පැනයක්‌ කෙසේ විසඳන්නේද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ වූ ප්‍රඥ ඇති සම්බුදු හිමියෝ ඉහතින් විමසූ පැනයට මෙසේ පිළිතුරු දේශනාකොට වදාළ සේක.

කිසිවක්‌ නොසොයන්න හමුවීමට කිසිවක්‌ නැත

යථාභූත ඤාණ දර්ශනය යනු ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දැකීමයි. යථා + භූත + ඤාණ + දර්ශනය "යථා" යනු ප්‍රකෘතියයි. ප්‍රකෘතිය යනු ඇත්තයි. එකම ඇත්ත අනිත්‍යයි. "භූත" යනු ප්‍රකට බවයි. විද්‍යමාන වන බවයි. හටගත් බවයි. "ඤාණ දර්ශනය යනු විදසුන් නුවණින් දැකීමයි. ප්‍රඥවෙන් දැකීමයි. නිරන්තරයෙන්ම අතොරක්‌ නැතිව පටිච්ච සමුප්පන්න බව හෙවත් ඉධප්පච්චයතාව, ධම්මට්‌ඨතිතාව, ධම්ම නියාමතාව, අනිත්‍යය තුළ විද්‍යමානයි. "ඇත" හෝ "නැත"

සාතාගිර හේමවත නමැති යක්‌ෂයන්වූ ත්‍රිපිටකධාරී භික්‌ෂුන් දෙනම

කාශ්‍යප බුදු සසුනේ බොහෝ ම මිත්‍ර්‍ර කුල පුත්‍රයන් දෙදෙනෙකු පැවිදි විය. දෙදෙනාම තරුණ කාලයෙහි ම පැවිදි වූ බැවින් ග්‍රන්ථධූරය හැදෑරී ය. ප්‍රකෘතියෙන්ම ප්‍රඥාවන්ත වූ මේ දෙනම නොබෝ කලකින්ම ත්‍රිsපිටකධාරී ව්‍යක්‌ත බහුශ්‍ර්‍රeත භික්‌ෂුන් දෙනමක්‌ විය. එසේම විනය විනිශ්චයේ ද අති දක්‌ෂ වූහ. එක එක නමට පන්සිය ගණනේ දහසක්‌ පිරිවර භික්‌ෂුන් ද වූහ. එනමුදු අවාසනාවක මහිමය නම් අධර්මවාදී දුස්‌සීල භික්‌ෂුන් ගේ ලාභ සත්කාර හමුවේ හිස නමන්නට විය.

බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සොයාගැනීම


සිද්ධාර්ථ ගෞතමයාණෝ සුවිශේෂ පර්යේෂණයකට මුල පිරේ. එනම් දුක නැති කරගන්නේ කෙසේද යන්නයි. මෙය මානව ඉතිහාසයේ සුවිශේෂ අවස්‌ථාවකි. බොහෝ ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය හීන කරවයි. ආත්ම විශ්වාසයෙන් දෛනික ජීවිතය දුකෙන් මුදා සැනසීම ඇතිකරගැනීමේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුදත් මගයි. උන්වහන්සේගේ සොයාගැනීම දුක නැතිකරගැනීමයි. මෙය ධර්මය ලෙස ප්‍රචලිතය.

සාමයට මග හෙළිකළ බක්‌ පොහෝ දින ජාතක දේශනා

සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩ සිටි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ලොව බලා වදාරන්නාහු ලංකාද්වීපයේ සිටි චූලෝදර හා මහෝදර නම් නා රජුන් දෙපොළ මැණික්‌ පුටුවක්‌ මුල් කරගෙන යුද්ධ කිරීමට යන බව දැක ඔවුන් පිළිබඳ මහත් කරුණාවෙන් යුක්‌තව බක්‌ මස අව පසළොස්‌වක පොහෝ දින දෙවැනි වර මේ ලංකාද්වීපයට වැඩි සේක. උන්වහන්සේ ලංකාවේ නාගදීපයට වැඩම කොට අහසේ සිට පෙළහර පා නාගයන් දමනය කර ඔවුනට සමගියේ අගය හා සාමයට මග දේශනා කළ සේක. 

සීලය අනවශ්‍යද?

අහසින් කඩා වැටුණා සේ පැමිණ සීලය අවැසි නැත, සීලයෙන් තොරව නිවන් ලැබේය, එය කරන්නේ මෙසේය කියා අලුත් බණ කියන ශ්‍රමණ වේශධාරී පිරිසක්‌ අද සමාජයේ අන්ධ භක්‌තියෙන් හෙබි නාමික බෞද්ධයින් අසරණ කරනු පෙනෙයි. ඔවුනට අනුව සීලය යනු නිඝන්ට වතකි. බුද්ධ දේශනාවෙහි සීලය නොමැත. සිල් රැකීම අනවශ්‍ය දුක්‌ විඳීමකි. එසේම සීලයෙන් තොරව ක්‌ෂණික නිවන් මාර්ග පනවන ඔවුන් කා බී විනෝද වන ලෙස අවවාද අනුශාසනා සිදු කරනු ද පෙනෙයි.

සියල්ල කර්මයෙන් සිදු නොවේ

සොබා දහමේ සිද්ධි හා නිපැයුම් ආකස්මිකව සිදු නොවේ. ඊට මුල්වන කාරණා සමූහයකි. මෙසේ සොබාදහම කාරණා හා ඵල සමූහයක් ලෙස පැවතීම ධම්ම නියාමය යටතේ විවරණය කෙරේ. එය පටිච්ච සමුප්පාද නම් වෙයි. ‘පටිච්ච’ යනු ‘යමක් මත රඳා පැවතීම’ යි. හේතු නිසා සියල්ල හටගනී. එම හේතූන් නැතිව යාමෙන් සියල්ල නැති වෙයි.
ලෝකය හා සත්වයාගේ පැවැත්ම, නිර්මාණය හා විනාශය පිළිබඳ මතවාදී ඉතිහාසය මානව සමාජය තරම්ම පැරැණිය. මේ සඳහා පිළිතුරු වශයෙන් ඊශ්වර නිර්මාණවාදය (දේවනිර්මාණය) අහේතු අප්පච්චය වාදය, පුබ්බෙකත හේතු වාදය, නියතිවාදය වැනි අර්ථ දැක්වීම් රැසක් ඉදිරිපත් වී ඇත. මේ සියලු මතවාද බැහැර කළ බුදුසමයෙන් ඉදිරිපත් කෙරෙනුයේ ප්‍රතීත්‍යසමුත්පන්න (පටිච්ච සමුප්පන්න) දර්ශනයයි. ලෝකය හා සත්ත්වයා පිළිබඳව කරන ලද ආර්ය පර්යේෂණයකින් අනතුරුව ඉදිරිපත් කෙරුණු මෙම දර්ශනයේ එක් පැතිකඩක් ලෙස පංචනියාම ධර්ම විස්තරය දැක්වේ.

ධම්මසංගණී ප්‍රකරණයට ලියූ අක්ථසාලිනී අටුවාවේ ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන නියාම ධර්ම පහ මෙසේ නම් කර ඇත.




කර්මය පිළිබඳ අගනා දෙසුමක්

“පින්වත් මානවකය, සත්ත්වයෝ වනාහි තමන්ගේ කර්මය තමන් සතු කොට (කම්මස්සකා) ඇත්තාහ. එසේ ම කර්මය දායාද කොට (කම්මදායාද ) ඇත්තාහ. කර්මය උපතට හේතුව කොට (කම්මයෝනි) ඇත්තාහ. කර්මය නෑයා කොට (කම්මබන්ධු) ඇත්තාහ. කර්මය පිළිසරණ කොට (කම්ම පටිසරණා) ඇත්තාහ. සත්ත්වයන් උසස් පහත් බවට පමුණුවනු ලබන්නේ, කර්මය විසිනි.
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයක සුභ නම් මානවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේ සමඟින් පිළිසඳර කථාවක යෙදුණු සුභ විසින් අනතුරු ව මෙම ප්‍රශ්නය විමසන ලදී.
“පින්වත් ගෞතමයන් වහන්ස, මිනිසුන් අතර විවිධ උස්පහත්කම් දක්නට ලැබේ. එයට හේතුව කුමක් ද? පින්වත් ගෞතමයන් වහන්ස, ඇතැම් මනුෂ්‍යයෝ අල්ප වූ ආයුෂ ඇත්තෝ ය. ඇතැම් මනුෂ්‍යයෝ දීර්ඝායුෂ ඇත්තෝ ය. එසේ ම බොහෝ ආබාධ ඇත්තා වූ ද අල්ප ආබාධ ඇත්තා වූ ද දුර්වර්ණ වූ ද, වර්ණවත් වූ ද යසස් අඩු වූ (අල්පේශාක්‍ය ) ද බොහෝ යසස් ඇත්තා වූ (මහේශාක්‍ය) ද , අල්ප භෝග ඇත්තා වූ ද, මහාභෝග ඇත්තා වූ ද, කුලයෙන් හීන වූ ද, කුලයෙන් උසස් වූ ද, නුවණ නැත්තා වූ ද, නුවණින් යුතු වූ ද මනුෂ්‍යයෝ දක්නට ලැබෙත්. පින්වත් ගෞතමයන් වහන්ස, මේ වෙනස්කම් වලට හේතුව කුමක්ද? “

Thursday, May 11, 2017

පිරිහෙන ගෙවල්

කුටුම්භ සංරක්‍ෂණයේ යෙදෙන සියලු ගිහි පිංවතුන්ගේ බලාපොරොත්තුව පැහැබර අනාගතයට තම පවුල යොමු කිරීමයි. ඒ වෙනුවෙන් දිවා රෑ අසීsමිතව කටයුතු කරන ඔවුහු බොහෝවිට කායික හෝ මානසික සුඛවිහරණය ද අනාගතය වෙනුවෙන් කැපකරති. එහෙත් ඉලක්‌ක කරා හැල්මේ දුවන බොහෝ දෙනෙක්‌ ඉලක්‌කයම එකම ජීවන අරමුණ යෑයි සිතීම මුලාවකි. ඉලක්‌කය දිනාගන්නා දිනය පිළිබඳ සිතේ ඇති බලාපොරොත්තු ගමනට ඉන්ධන ද සපයන බව සැබෑ වුවත් දහනය වන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය නම් එය කෙතරම් මුලාවක්‌ද?

අනුසස්‌ ලැබෙන බණ අසන සැටි


තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නේ චතුරාර්ය සත්‍යය සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්චසමුප්පාදය ලෝකයාට දේශනා කිරීමටය. එම ධර්මය අවබෝධ කොට දුක්‌ සහිත සසරින් මිදෙන මග පෙන්වාදී සසර කතරින් එතෙර කරවීමටය. එය අතිශය දුර්ලභ දේශනාවකි. එබැවින් අං.නි. සාරන්දද සූත්‍රයට අනුව තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළවීම දුර්ලභ කරුණක්‌ වේ.

කෑලගසේ උපමාව - කිංසූකෝපම සුත්‍රය

ධර්මය අවබෝධකර නො ගත් එක්‌තරා භික්‌ෂුවක්‌, රහතන් වහන්සේලා සතර නමක්‌ වෙත පිවිස, 'මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ ද?' යන ප්‍රශ්නය විමසූ කල්හි, දුන් පරස්‌පර පිළිතුරු කෙරෙහි සතුටු නොවූ හෙයින්, භාග්‍යවතුන් වහන්සේ වෙත පිවිස, එම කාරණය සැලකරන ලදී. එවිට සර්වඥයන් වහන්සේ කෑල ගසක්‌ (එරබදු ගසක්‌) උපමා කොට, එම රහතන් වහන්සේලා දුන් පිළිතුරු නිවැරදි බව සනාතකර කළ දේශනය, කිංසූකෝපම සූත්‍රයේ (සං.නි-බු.ජ4-368) සඳහන් ව ඇත. 

හැබෑ බුද්ධ පූජාව

නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස!

"නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පූජං කරොන්තී නාම ධම්මනුධම්මං පටිපඡ්ජන්තා එව පන මං පූජෙන්තී නාම"

"මල් සුවඳ ආදියෙන් මට පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝම (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්"

(ධම්මපදට්‌ඨ කතා - ධම්මාරාම වත්ථු)

බුදු රජාණන් වහන්සේ මෙයින් තෙමසකට පසුව පිරිනිවන් පාන්නෙමියි වදාළ විට දහස්‌ ගණනින් භික්‌ෂුහු රැස්‌ව භාග්‍යවතුන් වහන්සේගේ වටා වැඩ සිටියහ.

දිවියෙහි වටිනාම අවස්‌ථාව

යෝ චෙි වස්‌සසතං ජීවේ
දුප්පඤ්ඤො අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙයෙහිනෝ
පඤ්ඤාවන්තස්‌ස ඣායිතෝ

වර්ෂ සියයක්‌ පුරා අඥානව ජීවත් වුවත් ඵළියක්‌ නැත. ප්‍රඥවන්තව ගෙවන එක්‌ දිනක්‌ වුවද ඊට වඩා යහපත්ය.

ජීවිතයක්‌ ගත කළ යුත්තේ කෙසේද යන්න ඉතා පැහැදිලිව පෙන්වා දෙන අවස්‌ථාවකි.

සැනසීමේ ක්‍ෂේමභූමි සතිපට්‌ඨානයයි


ඔබට යම්කිසි කෙනෙක්‌ හෝ දෙයක්‌ ගැන දකිනකොට ප්‍රිය ස්‌වභාවයක්‌ ඇතිවුනොත් ඔබ හොඳට හිත හඳුනාගන්න. මගේ හිතේ මේ කැමැත්ත යෙදිලා නේද, මේ හිත දැන් සරාගයි නේද කියල හිත හඳුනාගන්න. ඔබට හිත හඳුනාගන්න බැරිවෙන වෙලාවට ඔෙරී හිතේ තියෙන හැඟීම රූපෙට බැඳෙනවා. ආදරය මේ ළමයාට කියල හිතෙනවා, ආස මේ මලට යි කියල හිතෙනවා, ආස මේ ගෙදරට යි කියල හිතෙනවා. ඔබ චිත්තානුපස්‌සනාවට හිත තබන කොට ඔබේ ආසාව කියන ගතිය ඔෙරී හිතේ ඇතිවෙන ගතියක්‌ බව එන්න එන්න ඔබට පැහැදිලියි. ඒ එක්‌කම ඒ ආසාව බාහිර වස්‌තුවකට තබපු ගමන් වේගයෙන් අතීතයට ගහගෙන යනවා, වේගයෙන් අනාගතයට ගහගෙන යනවා. මාරයා ඔබව බාහිරයටම අරගෙන යන්න ඉඩ ලබනවා. ඔබ යම් කැමැත්තක්‌ වේවා මේ කැමැත්ත ඇතිවෙලා තියෙන්නේ හිතට නේද කියල ''සරාගං වා චිත්තං 'සරාගං චිත්ත'න්ති පජානාති'' රාග සහිත සිත ඔබ හඳුනාගන්න.

පස්මහ බැලුම් බැලුවේ ඇයි?

බෝසත් දිව්‍ය රාජයණන් වහන්සේ මිනිස් ලොව මවුකුසක පිළිසිඳ ගන්නේ කාලය, දීපය, දේශය, කුලය , මව යන පස්මහ බැලුම් බැලීම හෙවත් පංච මහා විලෝකනය කිරීමෙන් අනතුරුවය. පස්මහ බැලුම් තුළ තිබෙන්නේ කිසියම් ඓතිහාසික වූ ද, පාරිසරික වූද, අධ්‍යාත්මික වූද හේතුන් කොටසකි.
බුදු කෙනෙක් ලොව පහළ වීම දුර්ලභ, අසීරුම අවස්ථාවකි. මනුලොව පරමායුෂ අවුරුදු විසිදහස, දස දහස පමස වන කාලයන්ද තිබේ. එවැනි කාලයක බුදු කෙනෙක් ලොව පහළ වන්නේ නැත. ඊට හේතුව ඒසා දීර්ඝ කාලයක් ජීවත්වන මිනිසාට ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ස්වභාවයන්හි ඇති දුක් සහිත බව වේදනා සහිත බව තේරුම් ගත නොහැකි වීමය. එහෙත් මිනිස් පරමායුෂ අවුරුදු සියයක් වන කල්හි ඒ සියල්ල අත්විඳින්නට ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වන්නේද මේ පරමායුෂ සීමාවේදීය.
පස්මහබැලුම් තුළ වූ ‘කාලය’ නම් කාරණය තුළ ඇත්තේ එම පරමායුෂ සීමාවය.
එකල මිනිසුන්ගේ ජීවිතයන්හි ඉතා සංකීර්ණ බවක් තිබුණි. සිදුහත් කුමරු මහබිනික්මන් කළේ සතර පෙරනිමිති දැකීමෙන් පසුව බව අපි දනිමු. එහෙත් ඊට පෙර ජීවිතය ගැන අවබෝධ වන්නට, දුක හඳුනා ගන්නට කුමරු ප්‍රඥාවන්ත නොවූයේද? එලෙස එම සිදුවීම ලඝු කොට නොසිතිය යුතුය. සිදුහත් කුමරු දකින්නේ සතර පෙරනිමිති පමණද?

සමාජය සරු කරන බෞද්ධ ආචාර ධර්ම

සාමාන්‍ය සරල අදහස අනුව බලන විට “ආචාර” යනු හැසිරීම යි. ඒ වුණත් “ආචාර ධර්ම” යන වචනයෙන් අදහස් කරන්නේ ඊට වඩා පුළුල් වූ අර්ථයක්. එනම් යහපත් හැසිරීමට අවශ්‍ය කරන ගුණාංග මොනවා ද යන්න ආචාර ධර්මවලින් අදහස් කරනවා. මේ අදහසට විරුද්ධ වචනාර්ථය විමසූවිට එහි අර්ථය වඩාත් තේරුම් ගන්නට පුළුවනි. එනම් “අනාචාර ධර්ම” යන වචනය යි. මේ වචනය කියන විට ම අපට වැටහෙනවා අයහපත් අසාර්ථක, විෂමාචාර, විලිබිය නැති හැසිරීම එයින් අදහස් කරන බව.
“ආචාර” යන වචනයේ අර්ථය තවදුරටත් වැඩි දියුණු කරන වචනයකි. “සදාචාර” යන්න මිනිසාට උසස් මනසක් තිබෙනවා. ඒ නිසා ම “මනුස්ස” යන වචනය නිර්මාණය වී තිබෙනවා. මනසේ උසස් බවක් තිබීම මිනිසා ට ඇති මූලික ම ලක්ෂණයක්. ඉතින් මේ මනස උසස් බවට පත් කරන්නේ මිනිසාට වෙනත් සතුන්ට වඩා උසස් ලෙස මනස මෙහෙයවීමට ඇති හැකියාව නිසයි. තිරිසන්ගත සතුන්ට ඔවුන් සතු මනස උසස් බවට පත් කරගැනීමට හැකියාවක් නැහැ. මිනිසාට ඒ ශක්තිය තිබෙනවා.
මව්පියන් “මුල්ගුරුවරුන්” වශයෙන් සලකා ඔවුන්ගෙන් ලබා ගන්නා දැනමුතුකම්වලින් වගේ ම ගමේ පන්සලෙන්, පාසලෙන්, පසුව සමාජයෙන්, ඇසුරට පත්වන කල්‍යාණමිත්‍රයන්ගෙන් තමන් අදහන ආගම ධර්මයෙන් ලබා ගන්නා දැනුමෙන් ශක්තියෙන් ඒ මනස උසස් තත්වයට පත් කර ගැනීමේ අපූරු ශක්තිය උරුම වී තිබෙනවා. ඒ නිසා මව්පියන්, වැඩිහිටියන්, පවුලේ දෙටු සහෝදර සහෝදරියන්, වෙතින්, ගමේ පන්සලෙන් මේ ආචාරධර්ම දරුවන්ට හුරු කරවීමේ වගකිම මැනවින් ඉටු කිරීම අවශ්‍ය වෙනවා.

මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත් වූවෙසක් දිනය

" බුදුරජාණන් වහන්සේට ගෞරව නමස්කාර කිරීම සඳහා ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජා පවත්වන සියලු බොදුනුවන් විසින් ඒ අතරම සිහිකළ යුතු වැදගත් කරුණක් නම් මිනිසත් බවේ අගයත් මිනිස් ජීවිතය අවබෝධයෙන් ගතකළ හොත් තමන්ට හා ලෝකයාට කෙතරම් විශාල සේවයක් කළ හැකි ද යන්නයි.'
වෙසක් දිනය බෞද්ධයන්ගේ පරම පූජනීයත්වයට පත්වන්නේ ගෞතම බෝසතාණන් වහන්සේ සත්‍ය වූ ඉතිහාසයක් ඇති මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලබා මනුෂ්‍යත්වයේ අග්‍රඵලය වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව එතෙක් මිනිසාට අවබෝධ කළ නොහැකි වූ සත්‍යාවබෝධය තුළින් මානව චින්තනයට සනාතනික දහමක් එක්කොට ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් වශයෙන් (අච්චරීය මනුස්ස) පරීනිර්වාණයට පත්වූයේ වෙසක් පුරපසළොස්වක පොහොය දිනය වීම නිසාය. උන්වහන්සේ උපන්නේ ලෝකයක් මවාගෙන නොවේ.
මැවී ඇති ලෝකය උන්වහන්සේ මිනිසාට ඉදිරිපත් කළේ දෙවියන්ගෙන් ලැබුණු පණිවුඩයක් ලෙස නොවේ. උන්වහන්සේ ඉදිරිපත් කළේ මිනිසා හමුවෙහි ඇති ගැටලුවක්, එය ජයගැනීම සඳහා මිනිසා විසින්ම සොයා ගත යුතු විසඳුමක්ය. එබැවින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතයත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයත් ලෝකයේ පහළ වූ වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුට සමාන කළ නොහැක. වෙනත් ආගමික ඉගැන්වීම්වල මෙන් නොව බුදුදහමට අනුව මිනිසා තමා විසින්ම තමන්ගේ සැකසීම හෙවත් විමුක්තිය ලබාගත යුතුය. බාහිර ශාසනයන් හී මිනිසා කොතෙක් උත්සාහ කළද අවසාන වශයෙන් ඔහුට විමුක්තිය ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත පරිදිය.
මේ අනුව වෙසක් දිනය තුළින් අපට ලබාදෙන උත්තරීතර පණිවිඩය වන්නේ මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වයයි.

සම්බුදු තෙමඟුල හා සබැඳි ඓතිහාසික ස්ථාන

පරිනිබ්බාන සූත්‍රයේදී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු, සංවේගය ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන බුදුරදුන් විසින් පෙන්වාදුන් සේක. එනම් උන්වහන්සේ උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යනුවෙනි.

ශාක්‍ය ජනපදය හා ලුම්බිනිය

සිදුහත් කුමරාගේ දෙමාපියන් ලෙසින් සඳහන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහි හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර, ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රෝහිණී ගංඟාවේ දෙතෙර පිහිටා තිබුණි.

බුද්ධාගම පොතපතට හා වැඳුම් පිදුම්වලට පමණක් සීමා කළ යුතු ආගමක්ද?


දරු සොවින් පෙළුනු කිසා ගෝතමියට බුදුරදුන් බණ කීවේ නැත. මරණය ගැණ ඇයටම අවබෝධවන ක්‍රමයක් සැලැස්සූහ. ඒ නිසා බණෙන් හැදිය නො හැකි මිනිසුන් හැදිය හැකි තවත් නොයෙක් ක්‍රම ඇත. අප එම ක්‍රම ගැන සොයා බැලිය යුතුය."
මේ රටේ බෞද්ධයන් දැනට බුද්ධාගම අදහා ගෙන යන තාලයෙන් පෙනී යන්නේ වැඩිකල් නො ගොසින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් වූ ඇදහිලි ක්‍රමයක් බවට බුද්ධාගම පරිවර්තනය වන බවයි. බෞද්ධයකු ගේ මූලික ගුණධර්ම පහක් වූ පන්සිල් උත්සවයක හෝ රැස්වීමක හෝ ආරම්භයේ දී කියනු ලබන පාට පහක් බවට පත්ව ඇත.
සියයට සියයක්ම ක්‍රියාවේ යෙදවිය යුතු පන්සිල් සියයට සියයක්ම ක්‍රියාවේ නො යෙදෙන පාලි වචන බවට පත්ව ඇත. මෙකල පන්සිල් ඇත්තේ පන්සිල් දෙන භික්ෂූන් වහන්සේ තුළය. හැම තැනකදී ම පන්සිල් සමාදන් වන දහසක් දෙනා ගෙන් එක කෙනෙකුට දෙන්නෙකුට පමණි. පන්සිල් ඇත්තේ. හැම වැදගත් අවස්ථාවක දී ම එදිනෙදා ජීවිතයේ සිදුවන සිදු විය හැකි වැරැදි පහක් (පව් පහක්) නොකරමි යි පොරොන්දු වන එකම මිනිස් ජනකාය බෞද්ධයෝ යි. මේ පොරොන්දු පහ ඇත්ත වශයෙන්ම කඩ නොකොට රකිතොත් ඒ මිනිස් ජනකායගේ ඇති ශ්‍රේෂ්ඨකම කිව නොහැකි තරම්ය.
බුද්ධාගම අදහන අතරම පිළිපැදිය යුතු ආගමකි. බුද්ධාගම යනු මිනිසකු ජීවත් විය යුතු හොඳම ක්‍රමයයි. ජීවිතයක් ගෙන යායුතු නියම ක්‍රමය උගන්වන ආගම, බුද්ධාගමයි. බුද්ධාගමේ සඳහන් කරුණු පොත්වල තිබීමෙන් හෝ ඒවා ගැන සිත සිතා සිටීමෙන් හෝ කිසි පලක් නැත. එහි සඳහන් ගුණ ධර්ම, ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයට යොදා අත්හදාබැලිය යුතුය. ක්‍රියාවේ යෙදවිය යුතුය.

ලොවම එකලු කළ වෙසක් පුන් පොහොය දිනය

සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන ආගමික දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.
අපගේ ශාස්තෘන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ නමින් උපත ලබා සත්පියුමක් මතින් පා තැබූ අසිරිමත් දිනය වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. එසේම උන්වහන්සේ අසම සම බුද්ධත්වය ලැබුවේද, ලොවට අනියත වටහාදුන් සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දවසකයි. මෙය බුද්ධ චරිතයට ඇතුළත් වූ වැදගත් වූ කාරණා තුනයි. තෙමඟුල සිදුවූ වෙසක් දවස ආගමික වශයෙන් ලෝක බෞද්ධ ජනතාව බොහොම ඉහළින් අගයනවා. තවද වෙසක් පොහොය දිනයෙහි වැදගත්කම දැක්වෙන සුවිශේෂී කාරණාවන් තිබෙනවා.
අප මහ බෝසතාණන් වහන්සේ සසරේ එක්තරා ආත්ම භාවයක සුමේධ තාපසයාණන්ව, දීපංකර බුදු පියාණන්ගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි. සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.

Wednesday, May 10, 2017

සංසාරයටත් නිර්වාණයටත් මඟ සදන සිත


සිත ඉතා ගැඹුරුය. තේරුම් ගන්නට අසීරු ය. ගැඹුරුවූත්, තේරුම්ගත නොහැකි වූත් සිත ගැන වෙනත් කිසිඳු ආගමක, දර්ශනයක, පැහැදිලි විග්‍රහයක් නැත. මනෝ විද්‍යාවේද සවිස්තර නොවේ. එහෙත් සිත ගැන, මනස පිළිබඳ ඉතා ගැඹුරු වූද, එහෙත් ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් දැකිය හැකි ආකාරය පිළිබඳ අපූර්ව වූද විග්‍රහයක් බුදුදහමේ ඉගැන්වේ.
‘සිත’ කියන්නේ කුමකටද? එය නිවැරැදිව අවබෝධ කරගන්නේ කෙසේද? එහි ස්වභාවය, නියම ස්වරූපය කෙබඳුද? සිත හඳුනා ගන්නේ කෙසේද? සිත වැරැදි මඟක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක්ද? නිවැරැදි මගක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක් ද? දුර්වලතා හඳුනාගෙන නිවැරැදි මඟක ගමන් කරන්නේ කෙසේද? ආදි ලෙස විවිධ පැතිකඩවලින් සිත ගැන කළ දීර්ඝ විග්‍රහයක් බුදු දහමේ සඳහන්ය.
චිත්ත, මනෝ, විඤ්ඤාණ ආදි වචනවලින් බුදු දහමේ සිත පිළිබඳ කියැවේ. විග්‍රහකර බැලීමේදී තරමක වෙනස්කම්, භාවිත කර ඇති අවස්ථා අනුව දැකගත හැකි වුවද මුලික අර්ථයෙහි වෙනසක් දැකීමට නුපුළුවන. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙලෙස දේශනා කළහ.
“නා හං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං චිත්තං” “සිත වැනි වැදගත් වන වෙනත් කිසිම දෙයක් මේ ලොව මා දැක නැත. සිත වැනි වටිනා වෙනත් කිසිම දෙයක් මේලොව මා දැක නැත. සිත වැඩිදියුණු කරනවා නම්, නිවැරැදිව මෙහෙයවනවා නම් මිනිසාට ඔහුගේ සිත උතුම් මෙහෙයක්, උතුම් සේවාවක් ඉටු කරදෙනු ඒකාන්තය”යි උන්වහන්සේ පැහැදිලි කළහ.

තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ක්‍රම

තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් යුතුව ශ්‍රී සද්ධර්මය දේශනා කර වදාළා. ඒ වදාළා වූ ධර්ම දේශනා ක්‍රම හෙවත් දේශනා ශෛලිය මෙසේ විමසා බලමු.
තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම දේශනාව කොටස් දෙකකින් යුක්තව අපට වටහා ගත හැකිය. එනම් වෝහාර හෙවත් සම්මුති දේශනා සාමුක්ඛංසික හෙවත් පරමත්ථ දේශනාව වශයෙනුයි.
සීලයේ පිහිටා ධර්මානුකූල ජීවිතයක ලෞකික ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය පිළිබඳව සම්මුති දේශනාවන් හි අඩංගුව පවතිනවා. ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැනසිල්ල ලබන ආකාරය පරමත්ථ දේශනාවල අඩංගුව පවතිනවා.
තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් ගේ මානසික ස්වභාවය හෙවත් සසරගතව පුරුදු කරන ලද පාරමී ධර්මවල ස්වභාවය අනුව වර්තමානයේ ඇති කරගත්තා වූ ඤාණ ශක්තිය හා මානසික ස්වභාවය අධිගමයට හෙවත් මාර්ගඵල අවබෝධයට ඇති හැකියාව නුවණින් දැක ධර්මය දේශනා කර වදාළා.
තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව මූලික වශයෙන් ම අපට මේ ලෙසින් අවබෝධයක් ඇති කර ගත හැකියි.

ලෝකය විග්‍රහ කළ බුදුරජාණන් වහන්සේ

මීට වසර 2561කට පමණ පෙර ඉන්දියාවේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔක්කාක රජ පරපුරේ රාජකීය පුත්‍රයෙකු ලෙස උපන් සිද්ධාර්ථ නම් වූ අතිවිශේෂ මිනිස් චරිතය ලෝකයෙහි පූජනීයභාවයට පත්වුණේ ශාස්තෘවරයෙකු වශයෙන්.කෙසේ වුවත්,සැබෑ ලෙසම ක්‍රි.පූ. 6 වන සියවසේ භාරත දේශයෙහි තිබූ දාර්ශනික විප්ලවයට, දාර්ශනික සාකච්ඡාවට එක්වූ එක්තරා දාර්ශනික යෞවනයෙකු ලෙස ගෞතම ගෝත්‍රීය විශිෂ්ට මිනිසා හඳුනාගත යුතුයි.
බුදුපියාණන් වහන්සේ නමින් ,අමාමෑණියන් වහන්සේ නමින්, භාග්‍යවතුන් වහන්සේ නමින් හා තථාගතයන් වහන්සේ නමින් සුවිශේෂී ගුණපද රාශියකින් සම්භාවනාවටද , වන්දනාවටද, පූජනාවටද,ලක්කරන මෙකී විශිෂ්ට මිනිසා සැබවින්ම ලෝකය මැනවින් විග්‍රහ කළා. ලෝකය මැනවින් විග්‍රහ කිරීම, සත්ත්වයා මැනවින් විග්‍රහ කිරීම, ලෝකයේ යථාව පිළිබඳව දාර්ශනික ප්‍රපංච ,දාර්ශනික අදහස් හා මත ඉදිරිපත් කිරීම ආගමක් නිර්මාණය කිරීමක් ලෙස අප පසු කාලයකදී හඳුනාගත් බව සඳහන් කළ යුතුයි.

පෘථග්ජනයාගේ ස්වභාවය

බෞද්ධ සමාජයේ ඇතැමෙක් බොහෝ කලක සිට නිවැරැදි අර්ථය නොසළකා “පෘථග්ජන” යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කර ගැනීමට “අප ඉතින් තාම පෘථග්ජනයෝ නොවැ” යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත්නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමැති නොවනු ඇත.
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයා හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී අස්සුතවා පෘථජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා) යන පද යුගලයම භාවිත කොට තිබේ. අශ්‍රැතවත් යනු සද්ධර්ම ශ්‍රවණය තුළින් උපදවාගත යුතු දේ උපදවා නොගත් තැනැත්තා යන්නයි. මේ අශ්‍රැතවත් පෘථග්ජනයාගේ මූලික ලක්ෂණ පිළිබඳව අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ ලද්දේ ය. එනම් අශ්‍රැතවත් පෘථග්ජනයා වනාහි

1. අරියානං අදස්සාවි - සැබෑ ආර්ය පුද්ගලයන් නොහඳුනයි
2. අරියධම්මස්ස අකෝවිදෝ - ආර්ය ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
3. අරියධම්මේ අවිනීතෝ - ආර්ය ධර්මයෙහි නොහික්මුණ කෙනෙකි.
4. සප්පුරිසානං අදස්සාවී – සැබෑ සද්පුරුෂයන් නොහඳුනයි.
5. සප්පුරිසධම්මස්ස අකෝවිදෝ - සද්්පුරුෂ ධර්මය තේරුම් ගැනීමට අදක්ෂ වෙයි.
6. සප්පුරිසධම්මේ අවිනීතෝ - සද්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු කෙනෙකි.

නිවන් මඟට පමුණුවන ආර්ය මාර්ගය


රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ ඇලුණු තැනැත්තා සත්ත්වයා වශයෙන් හඳුන්වනු ලබයි. ඒ සත්ත්වයා එහි ඇලී වාසය කරන තාක් ඔහුට හිමිවන්නේ දුකක්මැයි. සත්ත්වයාට එම පඤ්චස්කන්ධයට ඇලීමෙන් හටගත් දුකින් නිදහස්වීමට ඇති ප්‍රතිපදාව හෙවත් වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ අර්හත් යන සතරමග ඵලවලට පත් උත්තමයන් ආර්යයන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් ඒ ආර්යභාවයට පැමිණීමට මේ ප්‍රතිපදාව අනුගමනය කළ නිසා එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද හඳුන්වයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මය තුළ විවිධ නම්වලින් හඳුන්වයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී එය මැදුම් පිළිවෙත නමින් දක්වා තිබේ.

ලොවට සැනසීමේ මඟ කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ

බුදු වීමට පෙර බුදුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නම් වූහ. පුරාකෘත කුශල ශක්තිය නිසා ඍද්ධිබල සම්පන්න පෞරුෂේය චරිතයක් එම කුමරාට හිමිවිය. තරුණ වියේ දී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය පවුලක සෞන්දර්යාත්මක ජීවිතයක් ගෙවූ අතර ත්‍රිවේදය, ගණිතය, මිනින්දෝරු ශාස්ත්‍රය, තර්කය, න්‍යාය, ලලිත කලා, ජ්‍යොතිෂ, වෛද්‍ය විද්‍යාව ආදී විවිධ ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳ පරතෙරට පත් විය. ජව සම්පන්න තරුණයෙකු වශයෙන් ද තම මිත්‍රයන් සමඟ සමස්ත ඉන්දියාවේ සොළොස් මහ ජනපදයන්හි හැසිර ලබාගත් ඥාන සම්භාරයක් සහ ජීවිත පරිඥානයක් සතුව සිටි කෙනෙකි.
එසේම යශෝධරා නම් සුරූපී කුමරිය සමඟ විවාහ ජීවිතයක් ගෙවමින් රාහුල නම් පුත් කුමරෙකු ද ලොවට සුජාත කළ පියෙකි. මෙබඳු පසුබිමක සිට සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතය අතහැර යාම විශේෂ සිද්ධියකි. එය රාජකීය කුමරෙකු රජ පෙළපතෙන් සමුගැනීමක් විය. දිව්‍යාංගනාවක බඳු බිරිඳක හා පුත් කුමරෙකු අතහැර යාමේ ශෝකජනක සිදුවීමක් විය. සැප අතහැර දුක පිළිගැනීමේ තීරණාත්මක හා විප්ලවීය ක්‍රියාදාමයක් විය.

දන්නා දෙයින් නොදන්නා තැනට...

බුදුරජාණන් වහන්සේ වනාහි සහශ්‍ර සංඛ්‍යාත වූ ගිහි පැවිදි ශිෂ්‍ය සමූහයකට ජීවිතය, ලෝකය හා සමාජය පිළිබඳ විශිෂ්ටතම ඥාන සම්භාරයක් දායාද කොට දෙමින් නිසි නිවැරැදි උසස් චර්යාව වෙත ඔවුන් යොමු කොට වදාළ අසමසම අද්විතීය ආචාර්යවරයෙකි.
විශිෂ්ටතම ඥානයෙන් හෙවත් විද්‍යාවෙන් ද විශිෂ්ටතම ප්‍රතිපදාවෙන් හෙවත් චර්ණයෙන්ද සම්පූර්ණත්වයට පත් ආචාර්යවරයෙකු වූ උන්වහන්සේ සිය ශිෂ්‍ය ප්‍රජාව ද එලෙසම සම්පූර්ණත්වයට පත් කරවනු පිණිස අනූපමේය වූ කැප වීමකින් යුතුව ඔවුනට අවශ්‍ය මඟ පෙන්වූහ. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ වූ කලී සත්‍ය අවබෝධ කළ සේක් සෙස්සනටද එය අවබෝධ කරවනු පිණිස දහම් දෙසති. වටහාගත් දහමින් හික්මීම ලද උන්වහන්සේ සෙස්සනටද එකී හික්මීම උදා කරලනු පිණිස දහම් දෙසති. උසස් හික්මීමෙන් ශාන්ත බවට පත් උන්වහන්සේ සෙසු ප්‍රජාව ද ශාන්ත බවට පත් කරවනු පිණිස දහම් දෙසති. සියලු කෙලෙස් මලින් බැහැර කරවනු පිණිස දහම් දෙසති. ආචාර්යවරයකු වශයෙන් පිරිපුන් බවට පත් උන්වහන්සේ සිදු කොට වදාළ අධ්‍යාපන මෙහෙවරෙහි ස්වභාවය මෙයින් පෙනෙයි. වරෙක බුදුරදුන් වෙත පැමිණි මාරයා දැන් ඔබට පිරිනිවන් පාන්නට සුදුසු කාලය යැයි සැලකළ විට උන්වහන්සේ දුන් පිළිතුර ද මෙහි දී සිහිපත් කරනු වටියි.

ලෝසතට වැඩ සලසන ලෝ වැඩ සඟරාව - අංක 04

මෙනරම් නරදම් සැරිදම් සඟන ට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකො ට
වෙසෙසින් පෙළඹේ නොමදත් දනහ ට
පවසම් කළ කම පල දැන් හෙළු කො ට


මමෝරම්‍ය වූ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට භක්තියෙන් සිත, කය, වචන යන ත්‍රිවිධද්වාරයෙන් විශේෂයෙන් නමස්කාර කොට පාලි ධර්මය නොදත් ජනයාහට කුසලාකුසල කර්මඵල විපාක හෙළ බසින් ප්‍රකාශ කරමි” යනු ඉහත සඳහන් කවියෙහි සරල තේරුමයි.

බුදුරදුන් දැක්වීම සඳහා කවියෙහි යොදා ඇත්තේ නරදම් සැරියන වචනයයි. පාලි භාෂාවෙන් පුරිසදම්ම සාරථි යන්න මෙහි හෙළයට නඟා ඇත. අග්ගිසිඛ, ධූමසිඛ, චුලෝදර, මහෝදර ආදි නර රජවරුන්ද සෝණ දණ්ඩ, කූඨදන්ත, පොක්ඛරසාථි ආදි බ්‍රාහ්මණයන්ද ආලවක, සුචිරෝම, ඛරරෝම වැනි යක්ෂයන්ද බක ආදි බ්‍රහ්මයන්ද නාලාගිරි ආදී මත් ඇතුන්ද වශයෙන් නොදැමුණූ සැඩ පරුෂ බොහෝ අය දමනය කළ හෙයින් උන්වහන්සේ නරදම්සැරි නම් වූහ. සුවාසුදහසක් ධර්මස්ඛන්ධය දලු කොල, අතු, පොතු, මුල් ආදියෙන් සැදුම්ලත් මහා ගසකට සමකළ හැකිය. එම වෘක්ෂයෙහි කවර දෙස ලස්සනට තිබුණත් වඩාත් වටින්නේ අරටුවයි. එමෙන් බුද්ධ ධර්මය නමැති මහා වෘක්ෂයෙහි අගනා අරටුවට සමාන කළ හැක්කේ පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය කර්මය ආදි අන් කිසිදු ආගමක නොදැක්වෙන අසම වූ ධර්ම කරුණුය. ඒ අතුරෙන් ජන ජීවිතයට වඩාත් ලංව පවතින කර්මය පිළිබඳව කරුණු දැක්වීම බෙහෙවින් අගනේය.

උතුම් සම්බුද්ධත්වය

‘යංකිංචි විත්තං ඉධවා හුරංවා
සග්ගෙසු වායං රතනං පනීතං
න නෝ සමං අත්ති තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පනීතං
එතේන සච්චේන සුවත්ථි හොතු’
(රතන සූත්‍රය)

අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. බෝසත් උපත, සම්බුද්ධත්වාබෝධය, පරිනිර්වාණය සිදු වූ මෙම පරම පූජනීය පොහෝ දින ශ්‍රද්ධා ශීලා දී ගුණයෙහි පිහිටා ධර්මාවබෝධයෙහි උත්සුක වීම අත්‍යවශ්‍ය වන්නේ ය.

2561 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකාද්වීප වාසීන්ට බෙහෙවින් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි පැවැත්වෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කරගෙන විවිධ රටවල පැවැත්වූ මෙම මහෝත්සවය 14 වැනි වරට අපේ රටෙහි පවත් වනු ලබන අතර එහි තේමාව වන්නේ සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදෙසා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගන්නා ආකාරයයි. මෙමගින් අද්‍යතන ලෝකයට ලබාදිය හැකි ආධ්‍යාත්මීය, චින්තනමය, චර්යාමය ගුණාංග අතිශයින්ම අර්ථවත් වන බව ඉතා පැහැදිලි කරුණකි. වෙසක් චින්තනය සමග බුද්ධානුභාවය මෙනෙහි කිරීම විශ්වයටම ශාන්තියක් වන්නේ ය.
රතනසූත්‍ර දේශනාවෙහි ඇතුළත් උක්ත ගාථා ධර්මය මෙලෙසින් පරිවර්තනය කළ හැකිය. ‘

Tuesday, May 9, 2017

මිතුරු නොවන මිතුරන් හඳුනා ගනිමු


" යම් පුද්ගලයන් කෙරෙහි සද්ධාව නොමැතිද, දුස්සීල වෙයි ද ධර්ම විනය නොදන්නේ වේද, මසුරුකම ඇත්තේ වේද, නුවණ නැත්තේ වේද ඔවුහු පාප මිත්‍රයෝ වෙති. මෙම අමිත්‍රයින් සිංහ ව්‍යාඝ්‍රාදී වන සතුන්ගෙන් වන භය ඇති මාර්ගයක් මෙන් දුරින්ම දුරු කළ යුතු ය."
නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මංපි සමනුපස්සාමි යෙන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලාධම්මා පරිහායන්ති යථා ඉදං භික්ඛවෙ පාප මිත්තතා, පාපමිත්තස්ස භික්ඛවෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලාධම්මා පරිහායන්තී’ ති.

මසුරුකමේ අනුරූපී විපාක ඉසුරුබවේ අඩුවක්මය සැම දාක

අහාරය වැළැක්වීමේ කර්මයෙන් ලද දරුණු විපාක විස්තර කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ හතළිස් එක්වන වන ජාතක කථාව ලෝසක ජාතකයයි. එය ලෝසක තිස්ස නම් එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා දේශනා කරන ලද්දකි.

කොසොල් රට පවුල් දහසක් වෙසෙන ගමක එක්තරා ධීවර පවුලක ධීවර කාන්තාවකට දරුවෙකු පිළිසිඳ ගත්තේය. එම දරුවා පිළිසිඳ ගත් දිනයෙහි ම ධීවරයන්ට මසුන් නොලැබුණ අතර ගම ද සත්වරක් ගින්නෙන් දැවී ගිය අතර සත්වරක් ම රජුගේ උදහසට ලක් වී දඩ ගෙවන්නට ද සිදු විය. මෙසේ ක්‍රමයෙන් එම ධීවර ගම්මානය පිරිහීමට පත් වූ අතර එයට හේතු සෙවූ ඔවුන්ට පෙනීගියේ මෙම ධීවර කාන්තාවගේ කුස පිළිසිඳගත් දරුවාගේ අවාසනාව නිසා එසේ අභාග්‍යමත් කාලයක් උදා වී තිබෙන බවයි. ගම්වැසියන් සියලු දෙන එක් වී එම ධීවර පවුල ගමෙන් බැහැර කරනු ලැබීය. අතිශය දුකට පත් ධීවර කාත්තාව කෙසේ හෝ තම දරුගැබ ආරක්ෂා කොට ගෙන නිසි කල පැමිණි පසුව දරුවා බිහි කළාය.

රාත්‍රියට පිරිත් දැමීම හොඳ ද?නරක ද?

මෘදු වූත්, සුමට වූත්, සුමිහිරි වූත් වදන් තුළින් සහනදායී සාමකාමී වටපිටාවක් ගොඩ නැඟිය හැකියි. එසේ නම් ගැඹුරු වූ මානසික භක්තිය තුළින් ගොඩ නැඟෙන සත්‍ය වූත්, හරවත් වූත් වාග් මාලාවකට ඇත්තේ එයටත් වඩා අපරිමිත වූ බලයකි.
 ‘පිරිත’ නමින් හැඳින්වෙන්නේ ද සත්‍ය වූ ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශීර්වාද දේශනයකි. මේ නිසාම පිරිත තුළ ඇත්තේ අසීමිත බලයකි. ශක්තියකි.

Monday, May 8, 2017

බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් සැප සතුට හැමදාමත් රැඳේවි

පින්බර වෙසක් පුන් පෝය දිනයක් වෙනුවෙන් වෙසක් සඳ ගුවනට මෝදු වී තිබේ. මේ වෙසක් සඳත් ඔබට සිහිකැඳවන්නේ පින් සිතුවිල්ලට ඉඩ දෙන ලෙසයි. පින් පුරන්නට සියල්ල අතහැර නවගුණවැල අතට ගත යුතුද? 
ජීවිතයේ සතුට අතහැර දුක්ඛ සත්‍ය මෙනෙහි කරමින් පින්පුරණා තරුණ පරපුරක් අද අප රටේ සිටිති. මේ තරුණ දූපුතුන්ට ජීවිතය අස්වද්දා ගත යුතු තරුණ වියේදීම ජීවිතය අතහැරී තිබේ. සැබැවින්ම මේ ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් පටලවා ගැනීමක්ද? එය එසේ විය යුතුද? රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියෝ අපේ විමසුමට බුදුදහම ඇසුරින් මෙලෙස කරුණු කාරණා පසිඳලන සේක.

හිරි ඔතප් නොවූ තැන...

ලජ්ජා බය නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු බව අපේ පැරැන්නෝ කීවේ සුළු අර්ථයකින් නොවේ. විටෙක බස රසවත් කළ, පෝෂණය කළ මේ කියමන් පවට ලජ්ජා බිය නැති පුද්ගලයන්, නින්දාවට හිරි ඔතප් නැති පුද්ගලයන් උපහාසයට ලක් කළේ අන් අයටද වරදෙහි ආදීනව ඉඟි කරමිනි. කාලයක් පුරා පරපුරෙන් පරපුරට රැකි සමාජ ආචාර ධර්ම , සිරිත් විරිත් කඩ කරන, ශික්ෂණයෙන් බැහැර, කවරෙකුට වුව මෙ වැනි කියමන් ගළපන්නට ඔවුහු පසුබට නොවූහ.
එකල දරුවන් ශික්ෂණය කිරීමෙහි ලා අම්මාගෙන් තාත්තගෙන් මෙන්ම කිරි අම්මා, කිරි අත්තාගෙන්ද නොමද ආදර්ශ, අවවාද ලැබුණි, දහම් පාසලෙන්, පාඨශාලාවෙන් වැඩි බරක් දුන්නේ පාඩමේ ප්‍රශ්නවලට පිළිතුරු ලියනවාට වඩා ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු කියා දීමටය. දරුවන් ගුණයෙන් පෝෂණය කරන්නටය. ඒ සමබර බව එදා දරුවන් ශික්ෂණය කළේය.
අද අපේ සමහර තරුණ දරුවන් හැසිරෙන ආකාරයෙහි හිරි ඔතප් ඇති බවක් නොපෙනේ. අඩුම තරමේ ඒ හැසිරීම් නිසා අඳුරු වන අනාගතය ගැන, මවුපිය නෑදෑයන්ට, හිතමිතුරු, අසල්වැසියන්ට මුහුණ දෙන්නේ කෙලෙසද යන්න ගැන යම් තරමට හෝ අවබෝධයක් නොවූ බවක් පසුගියදා සිදුවු සිදුවීම් දෙස බැලීමෙන් පැහැදිලිය. සම වයස් මිතුරු මිතුරියන් සමඟ ඇති කරගන්නා මතභේද, හිංසාකාරී සිතිවිලි දුර දිග ගෙන යාමෙන් නිරපරාදේ මේ තරුණ ජීවිත තමන්ට මෙන්ම අධ්‍යාපනය ලබන ආයතනයන්ට ඇතිකර දුන් කැළල සුළුවෙන් අමතක නොකළ යුතු වන්නේ ඒ ආදර්ශම බාල පරපුරටද යන්නට ඉඩ ඇති බැවිනි.

ඇලීමතුළ ගැටීමක් නිර්මාණය කරයි

වේදනාව නිසා යමිකිසි සුවයක් දැනුනොත් ,එය ෙවිදනාවෙහි ආස්වාදයයි. ඇතැම් රූප දක්නට ලැබෙන විට ඇසට දැනෙන සුවයත් මිහිරි ශබ්දයක් කනට ඇසෙන විට කනට දැනෙන සුවයත් නිසා ඇති වන ෙවිදනාව තුළ සොම්නසක් උපදී. ඕනෑම ෙවිදනාවක් ඇතුළත සුවයක් දැනෙයි. ෙවිදනාවෙහි ආදීනවය නම්, එම සුවය සැමදාම එම ෙවිදනාව පැවැති ආකාරයටම නොදැනීමයි. එක කාලයක් තුළ රූපයක් දැකීමෙන් සිතට දැනෙන සුඛ ෙවිදනාව තවත් කාලයකදී එලෙසම නොදැනෙයි.
උද්‍යෝගය නැති වීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. ෙවිදනාව එකම ආකාරයක දැනෙනවා යනුවෙන් ස්ථිර බවක් නැතිකම ෙවිදනාෙවි ස්වභාවයයි. ෙවිදනාෙවි ආදීනවය නම්, ෙවිදනාවෙහි අනිත්‍ය ස්වභාවයයි. ෙවිදනාව නිත්‍ය ලෙස එකම ආකාරයට පවත්වාගෙන යා හැකි නම්, ආලුනාට ගැටලුවක් ඇති නොවෙයි.
රූපය නිත්‍ය නම්, අපට ආසාවක් ඇතිවුණ දවසෙහි රූපයෙහි පැවති ස්වරූපය අඛණ්ඩව පවතිනවා නම්, ඇලුනාට ප්‍රශ්නයක් නැහැ.රූපය වෙනස් වෙයි. ෙවිදනාවද වෙනස් වෙයි. එම නිසා එවැනි දේ සඳහා ඡන්ද රාග ගොඩනඟා ගැනීම තේරුමක් නොමැති බවත් නිස්සරණයට යා යුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේද එම කාරණාව පිළිබඳ ඇති කරගනු ලැබූ අවබෝධය තුළයි.ඡන්ද රාග හට ගැනීමෙන් ඇතිවන ඇලීම තුළ ගැටීමකුත් නිර්මාණය වෙයි.

ශ්‍රේෂ්ඨ හැසිරීම වන්නේ කුමක් ද ?

අධර්මයේ හැසිරෙන අයහපත් වූ ජීවිතයකට වඩා ධර්මයේ හැසිරෙන යහපත් වූ ජීවිතයක් ම ශ්‍රේෂ්ඨවන බවයි. එසේ දැනුමක් පැවතුණු ධනංජානි බමුණා පවා, ‘අප්‍රමාදයට වෙලාවක් නැත. මවුපියන් අඹු දරුවන් ආදීන් වෙනුවෙන් අපගේ ජීවිතය පවත්වන්නේ’ යැයි පැවසුවේ ඉහත සඳහන් කළ ආකාරයෙන් ජීවිතය පිළිබඳව, ධර්මය පිළිබඳව, කර්මය හා ඵලය පිළිබඳව ඇති අනවබෝධය නිසාය."
සැරියුත් මහ රහතුන් වහන්සේ විසින් ධනංජානි බමුණාගෙන් අසන ලද ප්‍රශ්නවල පවතිනා උතුම් බව නුවණින් මෙනෙහි කොට බලමු. ධනංජානියනි, යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරීමත්, යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්ම චාරීව, සමචාරීව එනම් යහපත් වූ හැසිරීම්වලින් යුක්ත වීමත් අතරින් වඩාත් ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද?
සැරියුත් තෙරණුවනි, මට වැටහෙනවා, ධනංජානි බමුණා සඳහන් කරනවා. යමෙක් මවුපියන් හේතුවෙන් අධර්මචාරීව, විෂමචාරීව හැසිරෙනවාද? එය කිසි විටක ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් මවුපියන් වෙනුවෙන් ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවා ද? එයම ශ්‍රේෂ්ඨ වෙනවා. සැරියුත් තෙරණුවනි, අධර්මයේ හැසිරෙනවාට වඩා, නපුරු ලෙස හැසිරෙනවාට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීමම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.
ධනංජානි, යම් කර්මාන්තයකින් මවුපියන් පෝෂණය කරන්නට, හැකිවෙනවාද? පව්කම් කරන්නට නොහැකි වෙනවාද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්නට හැකිවෙනවාද? එබඳු අන්‍යය සහේතුක ධාර්මික කර්මාන්තයක් හෝ කර්මාන්ත බොහෝමය. ධනංජානි, කුමක් ද ඔබ සිතන්නෙ. යමෙක් අඹු දරුවන් නිසා හෝ අධර්මයේ විෂමචාරීව හැසිරෙනවාද? යමෙක් අඹු දරුවන් නිසා ධර්මචාරීව, සමචාරීව හැසිරෙනවාද? මෙයින් වඩා ශ්‍රේෂ්ඨවන්නේ කුමක් ද? අඹු දරුවන් වෙනුවෙන් වූවත්, අධර්මචාරීව, විෂමචාරීව හැසිරීම ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. යමෙක් අඹු දරුවන් හේතුවෙන් හෝ ධර්මචාරීව, සමචාරීව එනම් යහපත් ලෙස හැසිරීම සිදු කරනවා නම් එයම ශ්‍රේෂ්ඨයි. අධර්මයේ හැසිරීමට වඩා ධර්මයේ හැසිරීම, යහපතේ හැසිරීම වඩා ශ්‍රේෂ්ඨ වෙනවා.
ධනංජානියනි, එසේ නම් පවසන්න, යම් කර්මාන්තයකින් අඹු දරුවන් පෝෂණය කරන්න හැකිවේද? පව්කම් නොකර සිටින්නට හැකිවේද? පුණ්‍ය ප්‍රතිපදා පිළිපදින්න හැකිවේද? අන්න එබඳු වූ සහේතුක සාධාරණ, ධාර්මික කර්මාන්ත බොහෝමයක් තියෙනවා. සැරියුත් මහ රහතුන් වහන්සේ ලබාදුන් පිළිතුර මෙහි දී ධර්මයට ගලපා ගත යුතුයි.

ගෘහ ජීවිතයේ සාර්ථක මඟ

සමාජ සංස්ථාවේ මූලික අඩිතාලම වන්නේ ගෘහයයි. සමාජ සංස්ථාවේ ප්‍රගමණය ආරම්භ වන්නේ ගෘහ ජීවිතය තුළිනි. සමස්තයක් වශයෙන් අප මුළු ලෝකය ගැනම සිතා බලන කල එහි මූල බීජය වන්නේ ගෘහ ජීවිතය නොහොත් පවුලයි. එහි දී වගකිව යුත්තන් වන්නේ ද ගෘහ මූලිකයා හා ගෘහ මූලිකාවයි. එය ගොඩ නැගෙන්නේ ස්වාමි භාර්යා සංකල්පය මතය. එම දෙපළ මුල්වී ගොඩනගන අත්තිවාරම සාර්ථක ගෘහ ජිවිතයක අඩිතාලම වනු ඇත.
මෙහි දී සාකච්ඡාවට බඳුන් වන්නේ ගෘහ ජීවිතයක් සාර්ථක වන මඟයි. ස්වාමි, භාර්යා සංකල්පය ඔස්සේ විහිදෙන පවුල් සංස්ථාව වන්නේ මවුපිය දූ දරු සංකල්පයයි. ස්වාමි, භාර්යා දෙපළගේ පිරිසුදු ජීවිතය දීර්ඝ පවුල් පසුබිමකට උරුමකම් කියනු ඇත. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර ඇසුරෙන් කරුණු දේශනා කොට ඇත. නිවසක් අලංකාර වන්නේ එහි ජීවත් වන්නන්ගේ පිරිසුදු අපිරිසුදු ගුණ අගුණ මතය.

දහම උගත් පමණින් නිවන් දැකිය හැකිද?

"යම් ගාථාවක් තිබෙන ස්ථානය දැනගෙන ඒ සඳහා අටුවාව ලිවීම පිළිබඳ කරුණු දැනගෙන අටුවාෙවි වාක්‍ය කට පාඩම් කරගෙන නැවත සැරයක් ලිවීමට හැකි වූ විට අවබෝධයක් උගත්කමක් ලැබෙයි. එම ගාථාව ලිව්ෙවි කවුද? කිව්ෙවි කවුද? අටුවාව ලිව්වෙ කවුද? අටුවාවට ටීකාවක් ලිව්වද?ටීකාවට ටිප්පනියක් ලිව්වද?වචන හරිද? වචනවල ව්‍යාකරණ හරිද? යන කාරණා දැන ගැනීමෙන් උගත්කමක් ලැබෙයි. නමුත් අවබෝධය ලැබෙන්නේ නැහැ.එම නිසා අවබෝධය ලබන්න උගත් වෙන්නම අවශ්‍ය නැහැ. අවබෝධය ලබාගැනීම සඳහා උගත් වුවත් නොවුවත් ප්‍රශ්නයක් නැහැ."
අප බොහොම ශ්‍රද්ධාවෙන් බණ අසන පිරිසක් වගේම ශාසන කාර්යභාරයෙහි සැදැහැ සිතින් නියුක්ත වන පිරිසක්. බෞද්ධ භාවයෙහි අවසානම අපේක්ෂාව නිවන සාක්ෂාත්කර ගැනීමයි. කවුරුන් විසින් කුමන ආකාරයෙන් පින්දහම් කළත් අපගේ අවසාන බලාපොරොත්තුව නිවන් සැපත ලඟා කර ගැනීම හෙවත් නිර්වාණාවබෝධයයි. නිර්වාණාවබෝධය සඳහා බුදුපියාණන් වහන්සේගේ අසුහාර දහසක් ධර්මස්කන්ධයම දැනගෙන පාඩම් කරගෙන සිටීම පමණක්ම අවශ්‍ය වන්නේ නැහැ.බුදුපියාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අහල දැනගත් පිරිස පමණක්ම බුදුපියාණන් වහන්සේගේ සමයෙහි නිවනින් නිවී සැනසුනා නොවෙයි.
වචන තුන හතරක කුඩා වාක්‍යයක් අහල නිවන් දැකපු පුද්ගලයන් පිළිබඳව පොත පතෙහි සඳහන් වෙයි. එම නිසා බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව නිවන් සාක්ෂාත් වන්නේ නැහැ. බණ දහම පිළිබඳව දන්නා ප්‍රමාණයට විභාග ලිවිය හැකියි. බණ දහම් දන්නා ප්‍රමාණයට අනුව දැන උගත් විය හැකියි. නිවන් සැපත ලැබෙන්නේ දන්නා ප්‍රමාණයට නොවෙයි. කරුණු දැනගැනීම පමණක් වැදගත් වන්නේ නැහැ.කුඩා නිදර්ශනයකින් හෝ ඇත්ත අවබෝධ කරගැනීම වැදගත් වෙයි. නිදර්ශනය හුදෙක් නිදර්ශනයක් පමණයි. ඒ එක්තරා නිදර්ශනයකින් මහා ගැඹුරු කාරණාවක් ගැඹුරු සත්‍යයක් සත්‍යයේක්ෂණය කරගැනීමට හෙවත් හරියටම නිවැරැදිව තේරුම් ගැනීමට හැකි වෙයි. කමටහන් වඩන යෝගාවචරයන් පිළිබඳව ඔබ අසා ඇති. සමහර විටෙක ගලා බස්නා දිහ දහරක් ලඟ සිට දිය දහර පිළිබඳව කල්පනා කරමින් නිවන්

බුද්ධිමත් ඇසුර ජීවිතය ලස්සන කරයි

"ධර්මය අවශ්‍ය වන්නේ ජීවිතය ලස්සන කරගැනීමටයි. ජීවිතය ලස්සන කරගැනීමට අවශ්‍ය නැත්නම් ධර්මය අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ එවැනි ආකාරයෙන් ධර්මය දේශනා කර තිබෙන්නේද සංසාරය තුළ ජීවත් වන විට සතුටින් ජීවත් වීම අවශ්‍ය නිසයි. යමෙකුට එම සතුට අවශ්‍ය නැත්නම්, ධර්මයත් අවබෝධයත් අවශ්‍ය නැහැ. කමින් බොමින් නිදියමින් කාලය ගත කළ හැකියි. ඇතැමි දෙනා ජීවත් වෙනවා යනුවෙන් සිතා සිටින්නේ එවැනි ආකාරයටයි. "
සමාජයක ජීවත්වීෙමිදී පුද්ගල ඇසුර ඉතාම වැදගත් වෙයි බුදුන් වැඳ,දෙවියන් වැඳ ,මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර අවසානයේ සංසාරය පුරාම අපට හොඳ ආශ්‍රයක් ලැෙබිවා,නරක ඇසුර නොලැබේවා යනුවෙන් ගාථාවකින් ප්‍රාර්ථනා කරයි.
ඔබ කිසියම් කාරණාවක් පිළිබඳව දැනුවත් වුණා නම්, එම කාරණාව දැන ගැනීමට උගතෙකු ඇසුර කළ පුංචි වේලාවක විය යුතුයි. ඔබට කිසියම් දුර්ගුණයක් තිබෙනවා නම්, එම දුර්ගුණය ඔබට ලැබුණේ මෝඩයෙකු ඇසුරු කළ පුංචි ෙවිලාවක් තුළ විය හැකියි.තමා තුළ පවතින මෝඩ ගති සහ බුද්ධිමත් ගති තමා විසින් තමාට අවංකවම ලියා බලන්න. බුද්ධිමත් ගතිවලට වඩා මෝඩගති වැඩිවෙයි.

අභියෝග කළ නොහැකි සර්වඥතා ඤාණ


අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ සම්බුදු නුවණ ආශ්චර්යවත් එකක්. උන්වහන්සේගේ සම්බුදු නුවණ සර්වඥතා නුවණ වශයෙන් අප හඳුන්වනවා. මේ ලෝකයේ දැනගත යුතු දේවල් යම්තාක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒතාක් ය. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය යම්තාක් වේද, මේ ලෝකයේ දැනගත යුතු දේවල් ඇත්තේ එපමණය. උන්වහන්සේගේ සම්බුදු නුවණට හසු නොවුනා වූ දෙයක් ලෝකයේ නැහැ.

ප්‍රතිභානයෙන් වැටහීම

දිනක් අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැක තිබෙනවා ක්ෂත්‍රීය පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු, ගෘහපති පණ්ඩිතවරු ඒවගේ ම ශ්‍රමණ පණ්ඩිතවරු ඔබ වහන්සේ හමුවීමට පැමිණ නොයෙක් ප්‍රශ්න අසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මනාකොට, නිවැරැදිවම, පිළිතුරු ලබා දෙනවා. ස්වාමිනි, මේ ආකාරයට හැම ප්‍රශ්නයකටම මනාකොට පිළිතුරු දීම පිණිස කලින්ම සැලැස්මක් ඇතිවද ඉන්නේ? යම් කෙනෙක් පැමිණ මෙසේ ඇසුවොත් මෙසේ පිළිතුරු දෙනවා කියා. එසේ නැත්නම් තථාගතයන් වහන්සේහට ඒ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුරු ඒ අවස්ථාවේම ප්‍රතිභානයෙන් වැටහෙනවාද?

හදවතට තෙතමනයක්.

අන්‍යෝන්‍ය  සුහදත්වය, සාමය, සමගිය දුරාතීතයේ සිටම අපේ සමාජයට නුපුරුදු අත්දැකීමක් නොවීය. එහි කිසිවෙක් සිය යුතුකම්, වගකීම් පැහැර නොහළහ. වහලයට පොල් අතු සෙවිළි කිරීමේ සිට ගොයම් කයියට, හේනට, කුඹුරට, කමතට, මංගල්‍යයට, අවමංගල්‍යයට, ගමේ පන්සලේ පිරිතට, පින්කමට ආදී මේ කවර කටයුත්තක දී වුව ඒ සුහදත්වය කැපී පෙනුණි. සංවේදීකමෙන් පොහොසත් හදවත් අනුන්ගේ දුක මඟ නොහළහ.
ඒ හදවත්හි වූ තෙතමනය ටිකෙන් ටික වියළී යන්නට පටන් ගත්තේ ආර්ථික වෙනස් වීම් සමඟ ය. පරම්පරා බොහෝ ගණනක් නොව ස්වල්පයක් ඉක්මවන්නට පෙර අපි ඒ අනර්ථය භුක්ති විඳිමු. තාක්ෂණය මොන තරම් දියුණුව වුවද අප ඉදිරියට යා යුතු වන්නේ මානව ගුණධර්ම අමතක කොට නොවේ. ඒ සෑම පියවරකම මිනිස් සුවඳ සටහන් විය යුතු ය. නිරවුල් මනසින්, සතුටින් ජීවත් වන්නට වඩාත් යෝග්‍ය වන්නේ එවැනි මිනිසුන්ගෙන් පොහොසත් පරිසරයක් ය. ධර්මානුකූල පැවැත්ම එවැනි පරිසරයක් නිර්මාණය කිරීමේ ඇති එකම මඟ ය.
අපේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළේ ධර්ම චර්යාවෙහි හැසිරීමෙන් හා සහජීවනයෙන්, අන්‍යොන්‍ය විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය පී‍්‍රතිමත් කර ගන්නා ලෙසටය.
‘ධම්මො හවෙ රක්ඛති ධම්මා චාරී’ යැයි ධර්මයෙහි ඉගැන්වේ. ධර්මයට අනුව ජීවත්වනවා නම් ධර්මය විසින්ම අප ආරක්ෂා කරනු ලබන බව ඉන් කියැවේ. එසේ මනාව පිළිපදින ලද ධර්මය සැප, සතුට ගෙන දෙන බව බුදුහිමියන්ගේ ඉගැන්වීමයි. ධර්ම චර්යාවෙන් යුතු පුද්ගලයා දස අකුසලයන්හි නොයෙදේ. එනම් සිතින්, කයින්, වචනයෙන් වන වරදින් මිදේ. දස කුසල කර්මයන්හිම නිරත වේ. වැරදිවලින් මිදෙන විට ජීවිතය සැපවත් වේ. පරලොව ද සුගතිගාමී වේ. නරකාදී සතර අපාගත නොවේ. මනුෂ්‍ය දිව්‍ය, බ්‍රහ්මාදී සම්පත් ලැබේ. වරදින් මිදෙන පුද්ගලයා අර්ථවත් වන්නේ තමන්ට පමණක් නොවේ. ඒ ජීවිතයේ යහපත් ඵල සමාජයට ද හිමි වේ.

කළ හැකි උතුම් දානය

සියලු දන්දීම් අතර ධර්ම දානයම උතුම් වන බව, විශිෂ්ඨ වන බව සම්බුදු දහමේ ඉගැන්වේ. ඒ අප විසින් සිතින්, වචනයෙන්, කයින් රැස්කර ගනු ලබන කුසල කර්මයන් ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම රැස් කරගන්නා නිසාය. බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර සිටම යම් යම් දානයන්, පුණ්‍ය කටයුතු, ව්‍රත සමාදන් වීම සිදු විය. එහෙත් ඒවා කුසල කර්ම වූයේ නැත. බුද්ධ ශාසනයක් නැතිවද ‘පින්’ කර ගත හැකිය.
යම් තාපසවරුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් අසා, දැන ඉගෙන පින් රැස් කිරීමට පුළුවන.එහෙත් කුසල් රැස් කරන්නට නම් සම්මා සම්බුදු ශාසනයක් මුණ ගැසී, සම්මා සම්බුදුවරයෙකුගෙන් හෝ, ඒ ශාසනය තුළ නිවන් මඟ පාදා ගත් ආර්ය ශ්‍රාවකයකුගෙන් හෝ මාර්ගඵල අත්පත් කර ගන්නට පිළිවෙත් පුරන ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා දැන ගත යුතු වේ.
‘සුනාථ ධාරෙථ චරාථ ධම්මේ’
මෙහි ‘ධාරෙථ’ යනු ධාරණය කර ගැනීමය. ‘චරාථ’ යනු ක්‍රියාත්මක කිරීමය. ධාරණයටත්, ක්‍රියාවටත් පෙර ශ්‍රවණය කළ යුතු ය. ‘සුනාථ’ නම් ශ්‍රවණයයි. ශ්‍රවණය කිරීමකින් තොරව ස්වයංභූඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමක් පමණි.

බුද්ධිමය වාසනාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නිහීයතී පුරිසො නිහීනසේවී
නචහායෙච කදාචි තුල්‍යසේවී
සෙට්ඨමුපනමං උදෙති ඛිප්පං
තස්මා අත්තනො උත්තරීං භජෙථාති
පින්වතුනි,
සකල ජන මන ආනන්ද කරවූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ මෙලොව පරලොව දියුණුව උදෙසා හොඳ සමාජ ආශ්‍රයක් අවශ්‍ය බව මෙම ගාථා ධර්මයෙන් පෙන්වා වදාළ සේක.
පුද්ගලයෙකු සමාජගත වන්නේ දෙමවුපිය ආශ්‍රයෙන් හා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුවය. එහෙයින් මූලික දැනීම හා ශික්ෂණය අවශ්‍යවන්නේ එම යෝග්‍යතම කාල පරිච්ඡේදයටය. දූදරුවන් හදන වඩන දෙමවුපියන් දරුවන්ට පෙරදිගින් රක්ෂාවරණය සපයන අතර දරුවන් වෙනුවෙන් ප්‍රධානා කාරණ පහක් ඉෂ්ට සිද්ධ කළයුතු වග සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන්නේ ය.

‘පාපා නිවාරෙන්ති – පවින් වැළැක්වීම, 

‘කල්‍යාණෙනිවෙසෙන්ති – යහපතේ යෙදවීම, 

‘සිප්පං සික්ඛාපෙන්ති’ – ඉගැන්වීම, 

‘පතිරූපෙන දාරෙන සංයොජෙන්ති’ – ආවාහ විවාහ කරදීම, 

‘දයාජ්ජං නීය්‍යාදෙන්ති’ – දායාදදීම යනුවෙනි.

සදහම් දැනුම

ප්‍රශ්නය -
මෙම පාලි පාඨයෙන් කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න ‘කො පන භන්තෙ හේතු - කො හෙවත් පැවිදි ජීවිතයෙහිදී උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි. පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.
ස්වාමීනි! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමාන බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිත කළ යුතු ය. පැහැදිලි කරන්න.

Sunday, May 7, 2017

සීලයේ අනුසස්

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නිය පිටට වැලි ස්වල්පයක් ගෙන භික්ෂූන් වහන්සේ අමතා, “මහණෙනි, වැඩි ප්‍රමාණයක් වැලි තිබෙන්නේ මාගේ නිය පිටෙහි ද? එසේත් නැතිනම් මේ මහ පොළොවෙහිද?”යි විමසූහ.
‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ මහපොළොවේ ඇති වැලි ප්‍රමාණය අප්‍රමාණය. ඔබ වහන්සේගේ නිය පිට ඇත්තේ ඉතා ස්වල්පයක් පමණ’ය යි භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ.
මෙය උපමා කරගනිමින් නඛසිඛ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ මහපොළොවේ වැලි කැට ගණනට මිනිසුන් වේ නම් ඒ මිනිසුන්ගේ මරණින් මතු නැවත මිනිසත් බවක් ලබන්නේ තමන් වහන්සේගේ නිය පිට වූ වැලිකැට ස්වල්පය මෙන් ඉතා ටික දෙනෙක් පමණක් බවය.
දුර්ලභ ලෙසින් මනුලොව ඉපිද, මිනිස්කම ඉක්ම වූ , පාපයන්හි නියැළෙමින් නැවත මිනිසත් බවක් නොලබන පිරිස මහත් බව, ගණනය කළ නොහැකි බව පෙන්වා දීමටය උන්වහන්සේ උත්සාහ කළේ.
‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ’ යනු අවස්ථාවට උචිත ලෙස භාවිත කෙරෙන ජන කියමනකි. බෞද්ධ දර්ශනය ඇසුරින් ජන සමාජයේ ප්‍රචලිත වූ මේ උපමාව පසුබිම් වන්නේද ඉතා දුර්ලභ අවස්ථාවක් විස්තර කිරීමේ දීය. එය දහමෙහි සඳහන් වන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් පුරසඳ දකිනවා වගේ යනුවෙනි. විය ගස යනු ශක්තිමත් ලීයකින් තැනූවකි. ලෙහෙසියෙන් නොදිරන්නේය. ගොවිතැන ජීවනෝපාය කරගත් අතීත ජන සමාජයට නැතිවම බැරි වූවකි. වියගස කලෙකින් දිරා ගියද වෙනත්
ප්‍රයෝජනයකට වුව ගත හැකිය. විසිකර හරින්නේ එය ද මගහැරුණේ නම් ය. එසේ වීසිකළ විය ගසක් මහ වැස්සකට හසුව මග නොරැඳී ගංගාවකට වැටෙන්නේය. ගඟෙන් මහ මුහුදට ගසාගෙන යන්නේය. මහ මුහුද කුණු කසළ බාර ගන්නේ නැත. වැටෙන දේ නැවත ගොඩ ගැසීම මුහුදේ සැටිය. එයින්ද මඟ හැරී මේ විය ගස මුහුද මැදටම තල්ලු වී යන්නේය. ඒ මොහොතේ මුහුදු පතුලේ සිටින එක් කණ කැස්බෑවෙක් දිය මතට එන්නේය. විය සිදුරෙන් අහස බලන්නේය. ඒ මොහොතේ වළාවෙන් මිදුණු අහසේ පුරහද පායා තිබිය යුතුය.
මේ ඉතා කලාතුරකින් විය හැකි දෙයකි.

බුදු ගුණ භාවනාවෙන් ලැබෙන පින අපමණයි

" මේ ජීවිතයේ සුවපත් නින්දක් ලබන්න පුළුවන්. සුවපත් අවදිවීමක් ලබන්න පුළුවන්. ඇතැමෙකුට නින්ද යන්නේ නැහැ. ඇතැමෙකු නිසි වේලාවට අවදි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට බෙහෙත් හේත් ගන්නවාට වඩා බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම ප්‍රභල වෙයි. යක්ෂ, ප්‍රේත , අමනුෂ්‍ය පිරිස ද බුදු ගුණවලට බිය වෙති. බුදු ගුණ භාවනාවෙන් ලැබෙන අසීමිත පින මෙපමණයි යනුවෙන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ."

චිත්ත සමාධිය ලැබෙන සමථ භාවනාව, උපචාර සමාධි සහ අනුපචාර සමාධි වලට පත්කර ගන්න පුළුවන්. එය ධ්‍යාන අභිඥා උපදවා ගන්නත් සමර්ථ වෙයි. සමථ භාවනාවෙන් සිත දියුණු කිරීම යනු පංචනීවරණයන්ගෙන් සන්සිඳීමයි.  නීවරණ පහක් බුදු දහමේ සඳහන් වෙයි. පෘතග්ජන සෑම කෙනෙකුටම 
සිතේ පහළවෙන නිවන යටපත්කරන, සුගතිය යටපත් කරන ධර්මතා පහක් වෙයි. කාමච්ඡන්ද නීවරණය,ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ඡ කුක්කුච්ඡ නීවරණය, විචිකිච්ඡා නීවරණ වශයෙන් නීවරණ පහකි. සෑම සිතකම බලපවත්වන්නා වූ මේ පංචනීවරණයෝ තම තමාගේ නුවණින් පිරික්සා ඒවා දුරු කිරීමට කටයුතු කළ යුතුයි. එයයි සමථ භාවනාව.