Labels

Monday, May 8, 2017

ඇලීමතුළ ගැටීමක් නිර්මාණය කරයි

වේදනාව නිසා යමිකිසි සුවයක් දැනුනොත් ,එය ෙවිදනාවෙහි ආස්වාදයයි. ඇතැම් රූප දක්නට ලැබෙන විට ඇසට දැනෙන සුවයත් මිහිරි ශබ්දයක් කනට ඇසෙන විට කනට දැනෙන සුවයත් නිසා ඇති වන ෙවිදනාව තුළ සොම්නසක් උපදී. ඕනෑම ෙවිදනාවක් ඇතුළත සුවයක් දැනෙයි. ෙවිදනාවෙහි ආදීනවය නම්, එම සුවය සැමදාම එම ෙවිදනාව පැවැති ආකාරයටම නොදැනීමයි. එක කාලයක් තුළ රූපයක් දැකීමෙන් සිතට දැනෙන සුඛ ෙවිදනාව තවත් කාලයකදී එලෙසම නොදැනෙයි.
උද්‍යෝගය නැති වීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. ෙවිදනාව එකම ආකාරයක දැනෙනවා යනුවෙන් ස්ථිර බවක් නැතිකම ෙවිදනාෙවි ස්වභාවයයි. ෙවිදනාෙවි ආදීනවය නම්, ෙවිදනාවෙහි අනිත්‍ය ස්වභාවයයි. ෙවිදනාව නිත්‍ය ලෙස එකම ආකාරයට පවත්වාගෙන යා හැකි නම්, ආලුනාට ගැටලුවක් ඇති නොවෙයි.
රූපය නිත්‍ය නම්, අපට ආසාවක් ඇතිවුණ දවසෙහි රූපයෙහි පැවති ස්වරූපය අඛණ්ඩව පවතිනවා නම්, ඇලුනාට ප්‍රශ්නයක් නැහැ.රූපය වෙනස් වෙයි. ෙවිදනාවද වෙනස් වෙයි. එම නිසා එවැනි දේ සඳහා ඡන්ද රාග ගොඩනඟා ගැනීම තේරුමක් නොමැති බවත් නිස්සරණයට යා යුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේද එම කාරණාව පිළිබඳ ඇති කරගනු ලැබූ අවබෝධය තුළයි.ඡන්ද රාග හට ගැනීමෙන් ඇතිවන ඇලීම තුළ ගැටීමකුත් නිර්මාණය වෙයි.


‍‍වෙිදනාව


අපගේ මනස යම්කිසි වින්ඳනයකට වසඟ වුවහොත් එය වෙනස් වෙන බව පිළිගැනීමට හෝ උහුලාගැනීමකට එම මනස කැමැති වන්නේ නැහැ.යථාර්ථය පිළිගැනීමට සූදානම් නොවන තැන අප හඬාවැළපෙයි. ආදීනවයන් පිළිගැනීමට සූදානම් නොවන නිසා, අප යම් සම්බන්ධකමක් පටන් ගන්නා විටම ආදීනවයක් තිබෙන බව දැනගෙන සිටිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාළහ.
එම වෙනස් වීමට කවදා හෝ මුහුණ දිය යුතුයි. එම වෙනස කාලය සහ අවකාශය අතර ප්‍රශ්නයක් පමණක් වෙයි. කුමන මොහොතක හෝ එයට මුහුණ දිය යුතුයි. ෙවිදනාවෙහි ආදීනවය වශයෙන් වේදනාව වෙනස් වන බවත්,අඛණ්ඩව ෙවිදනාව පවත්වාගෙන යාමට බැරි බවත් ෙවිදනාවට අවශ්‍ය ආකාරයට අප පවත්වන්න බැරිකම නිසාත් එය වෙනස් වෙමින් ජරාජීර්ණතාවයට පත්වෙන නිසාත් ඡන්ද රාග ඇතිකර ගැනීමෙන් තේරුමක් නැති බව වටහාගත යුතුයි.
ඊළඟට "සංඥාව" දක්වා ඇත. "සංඥාව" සරල ලෙස "හඳුනාගැනීම" ලෙස අර්ථගැන්විය හැකිය.
ෙවිදනාවකට පසු තාවකාලික හඳුනාගැනීමක් රූපයක් දකින විට ් ඇතිවන ෙවිදනාවක් සමඟ සංඥාවක් ඇති වෙයි. ෙවිදනාව තුළ තාවකාලික වශයෙන් සරල හඳුනාගැනිමක් හටගනී. රූපයත් සමඟ ගනුදෙනු කිරීමෙන් මනසෙහි ඇතිවන සංඥාවෙන් සොම්නසක් උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.
ඇතැමුන් පැරැණි සංඥාා සමඟ ජීවත් වෙයි. දකින ලද මුල්ම දවසේ ඇතිවුණ සංඥාාවෙන් ගැලවිය නොහැකිව සිටී.පළමු සංඥාාව සුඛ ෙවිදනාවක් වෙයි. එම සංඥාාවට ආදරය කිරිමට පටන් ගනී. අතීතයේදී මනසේ ඇතිවුණ සංඥාව හේතු කොට ගෙන වර්තමානය තුළත් ආදරය කරයි. එවැනි සංඥාාවන් සඳහා ඉක්මනින් ලොබ බඳින නිසාම අප ප්‍රවේසම් විය යුතුයි.සංඥාාව අඛණ්ඩව එකම ආකාරයක පවතින එකක් නොවන නිසා සංඥාාව වෙනස් වෙයි. සංඥාාව මිරිඟුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.ඈතින් වතුර තිබෙන බව දක්නට ලැබුණත් එතැට පැමිණි පසු වතුර දක්නට නොමැති වීම මිරිඟුවේ ස්වභාවයයි.

සංඥාව

අප සංඥාාවන් ගොඩනඟාගනු ලැබුවද අවසාන වශයෙන් එතැනට ගොස් බලන විට කිසිවක් දක්නට නොලැබෙන බව බොහෝ දෙනෙකෙªට පසුව වැටහෙයි. විවාහයට පෙර කෙතරම් සංඥාාවන් පැවතුණත් විවාහයට පසු සියලු සංඥාාවන් අවසන් වෙයි. විවාහ නොවුණ පුද්ගලයන්ට එය නොවැටහෙන කාරණාවක් වෙයි.සංඥාාව නිත්‍යයයි, සංඥාාව සදාකාලිකයි යනුවෙන් කිසිදා නොසිතිය යුතුයි. සංඥාාව අනිත්‍ය බවත්, සංඥාාව වෙනස් වන සුළු බවත්,එය සංඥාවෙහි ආදීනවය බවත් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.සංඥාාව ඇතිවන විටම එය මිරිඟුවක් බව දැනගත යුතුයි. මිරිඟුව පසුපස යාමෙන් විශාල අර්බුද රැසකට මුහුණ දීමට සිදුවන බව සිතිය යුතුයි. මට පෙනෙන්න තිබෙන්නේ මිරිඟුවක් මෙයට වඩා ඇත්තක්, මෙයට වඩා වෙනත් පැති මෙහි තිබෙනවා. වර්තමානයෙහි පවතින තත්ත්වය අනාගතයෙහි වෙනස් වෙන නිසා වර්තමානයෙහි ඇතිවන සංඥාවත් සමඟ ඇලීමට යාම අවශ්‍ය නැහැ. එහි සත්‍ය ස්වභාවය මෙය නොවෙයි.
අතීත හැඟීමත් සමඟ මනසෙහි ගොඩනඟාගෙන සිටින සංඥාාවත් සමඟ ඇති කරගනු ලැබූ සංකල්ප සමඟ නිසා තමා වද විඳින බව අවබෝධ කරගැනීම වැදගත් වෙයි. මෙම ප්‍රශ්නය වටහාගැනීමෙන්,ඔහුට ෙමි ලෝකය තුළ පවතින භෞතික ප්‍රශ්න බොහොමයක් විසඳාගත හැකියි. ඇතැමුන්ට ගැලවීමට බැරිව තිබෙන්නේද,අතීතයේදී ඇතිවූ සංඥාා සමඟ ගොඩනැඟුªන සංකල්ප රූප නිසා මිස වර්තමානයෙහි ඇතිවුන සංඥාා සමඟ නොවෙයි.

සංස්කාර


සංස්කාර යනු ස්ථාවර සංකල්පයි.එය අපගේ කර්ම ශක්තියයි. රූප දැකල ශබ්ද අහල එය රසවීදීමෙන් ඇතිකරගනු ලබන ෙවිදනාව නිසා අඛණ්ඩව සංඥාා ඇතිකරගෙන දීර්ඝ කාලීනව කටයුතු කිරිමට යාමෙන් සංස්කාර උපදී. කර්ම ශක්තීන්ගේ තෘෂ්ණාව මෝහය ද්වේෂය සමඟ සංස්කාර ධර්ම උපදී.
ස්ථාවරව සංවිඤ්ඤාණික මනසෙහි දිගින් දිගටම හටගනී. රූපයත් සමඟ වේදනවාත් සමඟ දිගින් දිගටම කටයුතු කිරීම පුරුද්දක් විය හැකි වුුවද, පුරුද්දක් වශයෙන් කරනු ලබන දේ මනස ස්ථාවර කරගනී.මනස එය පුරුද්දක් වශයෙන් සිදුනොකරයි. අප ෙවිදනාව සංඥාාව මත පදනම්ව කරන ක්‍රියාකාරකම්වල ඊළඟ භවය නිර්මාණය කළ හැකි තත්ත්වයේ ශක්තීන් නිර්මාණය කරයි. ඊළඟ භවයට ගෙනයා හැකි බලගතු ශක්තීන් වෙයි. සංවිඤ්ඤාාණික මනස හෙවත් දැනුවත් මනසින් එය කරනු ලබයි.බොහෝ අවස්ථාවල අප ජීවත් වනුයේ දැනුවත් මනසින් නොවෙයි.

විඤ්ඤාණය


බොහෝ අවස්ථාවල අප මෙහෙයවනු ලබන්නේ උප විඤ්ඤාාණයයි. උප විඤ්ඤාාණය මත පදනම්ව ඇතැම් කාරණා සිදුකරන විට සංවිඤ්ඤාාණික මනස එය හඳුනාගන්නා බව අප සිතන්නේ නැහැ. එදිනෙදා පුරුදු උප විඤ්ඤාාණය තුළින් කරගෙන ගියත් සංවිඤ්ඤාාණික මනසෙහි ස්ථාවර වශයෙන් ඇතැම් ශක්තීන් උපදී. එම ශක්තීන් ස්ථාවර සංකල්ප වෙයි. මගේ සිත සංස්කාර ගොඩනඟන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් පසු වදාරනු ලැබුෙවිද එම කාරණාවයි.
මගේ සිත විසංයෝජනය වී ඇති නිසා තවදුරටත් සංයෝජනයක් ඇති නොවන බවයි. තවදුරටත් ඇලීම්, ගැටීම්, බැඳීම් නැති බවත් කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බවත්,වදාරා ඇත.කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බව බුදුහිමියන්ගේ අදහසයි. තණ්හාවෙහි ආස්වාදයක් තිබෙනවා. ද්වේෂය තුළත් ආස්වාදයක් ඇතිකරයි. ගැටීම තුළ දුකක් තිබුණත්,ආස්වාදයක්ද පවතී.ආස්වාදය ඇතුළෙහිම ආදීනවයන් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
බුදුරජාණන් වහන්සේ සංස්කාර කෙසෙල් කොටයකට උපමා කරයි. කෙසෙල් ගසේ පිල්ල පිල්ල ගලවාගෙන යනවිට ඇති දෙයක් නැහැ සංස්කාරත් ඒ වගෙයි. අප සිතින් ගොඩනඟන මනෝරාජ්‍යයන් එකින් එක සුද්ද කර බලන විට එහි ඇති දෙයක් නැහැ. ඒ තුළ මතුපිටින් වින්ඳනය කළ හැකි දේ පමණක් පැවතියත් යථාර්ථයක් වශයෙන් ගත හැකි දෙයක් නැහැ.
සංස්කාරවලට නොඇලීම නිස්සරණ යයි. ඡන්ද රාග ඇතිකර නොගැනීම නිස්සරණයයි. අප විසින් ගොඩනංවනු ලබන සංවිඤ්ඤාණික සිත විඤ්ඤාණයයි. අප විසින් කර්ම ශක්තියත් සමඟ ඊළඟ භවයට ගෙන යාම සඳහා ගොඩ නගන සිත් සහ සිතිවිලි පරම්පරාවයි. මීලඟ භවයට අප ගෙන යනු ලබන චිත්ත චෛතසික පරම්පරාවයි. එම විඤ්ඤාාණයෙහි ආස්වාදයක් පවතී. විඤ්ඤාාණයෙහි ආදීනවය නම් විඤ්ඤාාණයත් නිත්‍ය එකක් නොවෙයි. විිඤ්ඤාාණයට නොඇලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි.

විඤ්ඤාාණය ගොඩනැංවීම නැති කරන කාරණාවලට ඇලිය යුතුයි.කර්ම ශක්තින්ගෙන් විඤ්ඤාාණයක් ගොඩනංවනවා යනු අප සසරෙහි නැවත නැවතත් ඉපදීමයි.නැවත නැවතත් ඉපදෙනවා යනු නැවත නැවතත් හමුවීමයි. නැවත නැවත හමුවෙනවා යනු නැවත නැවත වෙන්වීමයි. එම නිසා විඤා්ඤාාණයටවත් ඡන්ද රාග සාදා නොගත යුතු බව දේශනා කරයි.

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 පෙබරවාරි 26 වන ඉරිදා වන සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment