යෝ චෙි වස්‌සසතං ජීවේ
දුප්පඤ්ඤො අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙයෙහිනෝ
පඤ්ඤාවන්තස්‌ස ඣායිතෝ
වර්ෂ සියයක් පුරා අඥානව ජීවත් වුවත් ඵළියක් නැත. ප්‍රඥවන්තව ගෙවන එක් දිනක් වුවද ඊට වඩා යහපත්ය.
ජීවිතයක් ගත කළ යුත්තේ කෙසේද යන්න ඉතා පැහැදිලිව පෙන්වා දෙන අවස්‌ථාවකි.
ඉහතින් ඇත්තේ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු කරුණක් නොවේ. එය බොහෝ විට සිදුවන්නේ අප පෙරාත්මවලදී ලබා ඇති කුසල්, අකුසල්, පින් පව් ආදී දෑහි බලපෑමක් සමඟය. කෙසේ හෝ අප දැන් එසේ වාසනාවන්ත වූ ආත්මභාවයක් ලබා ඇති බව නොරහසකි. එසේ නම් දැන් කළ යුත්තේ කුමක්‌ද?
ලොවෙහි වෙසෙන බොහෝ දෙනෙක් ජීවත්වන්නේ මනුෂ්‍යයකුව උපන් නිසාම බැව් බොහෝ අවස්‌ථාවලදී ඔවුනොවුන් කරන කියන දෑ අනුව සිතා ගත හැකිය . එසේ ජීවිතය නිස්‌කාරණයේ ගෙවා දැමීම සැබැවින්ම තමාටත් අනෙකාටත් යහපත පිණිස නොව අයහපතම පිණිස හේතුවන බැව් අප අත්විඳින බොහෝ ජීවන අවස්‌ථාවන් මගින්ම අවබෝධ කරගත හැකිය.
අප ජීවත්විය යුත්තේ කුමන කරුණක් සාක්‌ෂාත් කර ගැනීම පිණිසද යන පැනය අප අපගෙන්ම අසා අවබෝධ කරගත යුත්තේ නොවේද? මිනිසත් බව ලැබූ නිසාම ජීවත්වනවාද නොඑසේනම් මේ ලබාගත් ජීවිතය මතුවට වැඩදායී ලෙස පැවැතීමට කටයුතු ඒකරාශී කරගන්නවාද? අප සිතා බැලිය යුතු නොවේද මේ ගැන පෙරට වඩා? ජීවිතයෙහි ඇති අස්‌ථිරතාව, එසේම එහි ඇති වටිනාකම දැන හඳුනාගත් ප්‍රඥාවන්ත මනුෂ්‍යරත්නයෝ දිනපතාම වෙහෙසෙන්නේ තම දිවිය එකලු කර ගැනීම පිණිසය. දිවි එකලු කර ගැනීමට නම් අප ප්‍රඥාවන්ත විය යුතුය. ප්‍රඥාවන්ත භාවයට පත්වී එක් දිනකුදු ජීවත්වීම වර්ෂ සියයක් ජීවත්වීමට වඩා වටින්නේ ඒ නිසාය.
ප්‍රඥාවන්ත භාවය ඇති කරගන්නේ කෙසේද? අප ප්‍රඥාවන්තයින් දැයි හඳුනාගන්නේ කෙසේද? අප අසල ඇති වැදගත්ම පැනය එයම නොවේද? මේ කරුණ අප නිවැරදිව හඳුනාගත යුතුය. මේ ලෝකය පිළිබඳව මනා දැනීමක් ඇති කරගෙන, එසේම තම ජීවිතයෙහි ස්‌වභාවය පිළිබඳව මනා දැනීමක්, වැටහීමක් ඇතිකරගෙන ත්‍රිලක්‍ෂණය, පුනර්භවය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදි බෞද්ධ දර්ශනයෙහි පැනෙන කේන්ද්‍රීය ලක්‍ෂණ පිළිබඳ මනා දැනීමක් ඇතිකරගෙන ජීවත් වන්නේ නම් එයම ප්‍රඥාවන්ත ජීවිතයක ලක්‍ෂණයක් නොවේද? එපමණක් නොවේ. මෙම බෞද්ධ දර්ශනයේ න්‍යායයන් මනාව දැන ජීවිතය ලෝකෝත්තර විමුක්‌තිය කෙරෙහි මෙහෙයවීමෙන් සිදු කළ යුතු ප්‍රධාන කාර්යයකි. මෙවැනි වූ මාවතක ගමන් කරන්නා සැබැවින්ම ජයග්‍රහයකයෙකි. අපත් නැණවත් වෙමු. ඥානයෙන් පිරිපුන්, ජීවිතාවබෝධය ලැබූ තැනැත්තෙකු වීමට අදිටන් කර ගනිමු.
පදියතලාවේ ඤාණවිමල හිමි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
2017 අප්‍රේල් 10 වැනිදා සඳුදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:
Post a Comment