Labels

Saturday, September 2, 2017

මතකයට ගැනීම අසීරු ද?

බමුණාගේ ගැටලුව


‘සංගාරව’ බමුණා බුදුරදුන් හමුවී ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා කලින් උගත් දේ දැන් මතකයේ නැතැ’යි ඊට හේතු කුමක්දැ’යි විමසී ය . එහි දී බුදුරදුන් , සංගාරය ආශාව (කාමච්ඡන්දය) නිසා කලින් උගත් දේ මතකයට ගැනීමට අසීරුය. එය සායමක් දියවුණු ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ ය. තරහක් (ව්‍යාපාද) ඇතිවූ විට කැකෑරුණු ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීම අපහසු ය. එසේම නිදිමතක් (ථීනමිද්ධ) ඇතිවූවිට , දිය සෙවෙල් ඇති ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ කලින් උගත් දේ මතකයට ගැනීමට අසීරු ය. එමෙන්ම නොසන්සුන්කම (උද්දච්ච) ඇති විටත් සුළඟින් ජලයෙහි රැල්ලක් ඇතිවිට මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීමට අසීරු ය. සැකය (විචිකිච්ඡා) ඇති විටත් කළුවරට රාත්‍රියෙහි ජලයෙහි මුව නිමිත්ත නොපෙනෙන්නා සේ මතකයට ගැනීම අසීරු ය. මෙසේ බුදුරජාණන් වහන්සේ සංගාරව බමුණාට දේශනා කොට වදාළ සේක. (සංගාරව සූත්‍රය)

දිගු කාලීන මතකය හා කෙටි කාලීන මතකය‍


මතකය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇති කරුණු සාකච්ඡා කිරීමෙන් මේ පිළිබඳ දැනුම පුහුණු කර ගත හැකි ය. සීයාගේ මුහුණ හෝ ඊයේ ආහාරයට ගත් දේ මතක් කිරීමේදී කෙටි කාලීන මතකය හෝ Term Memory)STM  දීර්ඝ කාලීන මතකය (Long Term Memory) LTM වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි ය.
කෙටි කාලීන මතකය ඉතා ඉක්මනින් අමතක වේ. උදාහරණයක් වශයෙන් අලුත් දුරකථන අංකයකින් ඇමතුමක් ගත් සැනින් මතකය ගිලිහීමට පුළුවන. නමුත් ඒ අංකයට නැවත නැවතත් ඇමතුම් ගැනීමේ දී එය දිගු කාලීන මතකයට (LTM) යයි.

මතක බැංකුව


අපගේ මතක බැංකුව (Memory Bank) අසීමිත ධාරිතාවයකින් යුක්ත ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් හෝ ඩිමෙන්සියා (Demencia) වැනි රෝගයකින් මතකය හීන වන්නට පුළුවන. අප දිනපතා ඇස, කන ආදී ඉන්ද්‍රියන් මඟින් ගන්නා සන්නිවේදන (sensory inputh) මස්තිෂ්කය හරහා පැතිරෙයි. එයින් සියයට පහක් පමණ කෙටි කාලීන මතකයේ (STM) රැඳෙයි. අප දවසේ වැඩකටයුතු කරන්නේ ඒ මතකයෙනි
උදාහරණයක් වශයෙන් දිනකට එක් වතාවක් දිය නෑමෙන් පසු අද දිය නෑ බව මතකයේ තිබෙන බැවින් දෙතුන් වතාවක් දිය නෑමට උත්සාහ නොගනී. නමුත්, වසරකට පෙර කිසියම් දිනක දිය නෑ බව මතක තබා ගැනීමට අසීරු ය. එබැවින් දීර්ඝ කාලීන මතකය (LTM) කරගෙන යාමට කරුණු රාශියක් හේතුවන බව පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇත.

මතකයට බලපාන සාධක


1.එමෝෂනල් ස්ටේට් (Emotional state) මඟින් බොහෝ කල් මතකයේ රැදේවි. හොඳ අවධියෙන් සිටීම, ප්‍රබෝධය ඇතිකර ගැනීම, දැඩි අධිෂ්ඨානය, විෂය පිළිබඳ බලවත් ආශාව නිසා නියුරෝ ට්‍රාන්ස් මීටර් (Neuro trans mitter)සක්‍රීය වෙයි.

2. නැවත නැවත අභ්‍යාස කිරීම (Rehearsal)

3.ඇසෝසේෂන් (Association) කරුණු පිළිබඳ අලුත් තොරතුරු ලබා දීම(Update) එය මතකයේ දීර්ඝව පවත්වා ගැනීමට ඉවහල් වෙයි.

4.පොමටික් මෙමරි (Pomatic memory) පින්තූර හා රූප සටහන් භාවිතය සමහර විට ගුරවරයාගේ ඇඳුම හා උගන්වන විලාශය ද මතකයට බලපාන බව සොයාගෙන ඇත.

කෙටි කාලීන මතකයන් (STM) දීර්ඝ කාලීන මතකයන්ට (LTM)  පරිවර්තනය වීමට යම් කාලයක් ගනියි.
මතකය හා දැනුමේ විවිධ ප්‍රභේද මඟින් මෙම ක්‍රියාවලිය සිදුවන කාලය වෙනස් වෙයි. රූප සටහන් ඇසුරින් මතකය මොළයේ පිටුපස ඔක්සිපිටල් කෝටෙක්ස් (Occipital Cortex) වල සටහන් වන අතර පිරිතක් හෝ සංගීතයක් මොළයේ දෙපැත්තේ ටෙම්පරල් කෝටෙක්ස් ˆ(Temporal Cotex) හි සටහන් වෙයි.
ඉගෙන ගැනීමේ දී අප ගන්නා තොරතුරු සමාන්තර පරිපත ඔස්සේ සිටෝලස් (Sittoealous) වලට සහ ඇමිග්ඩ්ලා (Amygdala) යැවෙන අතර මතකයේ විශාල කාර්ය භාරයන් ඒ ඉන්ද්‍රියන් මඟින් සිදු වේ. ඒවා නැවත නැවත ස්නායු මඟින් මොළයේ ඉදිරියට ෆරන්ටනල් ලෝබ් (Frontal Lobe) වලට යාම හා ආපසු ලබා ගැනීම දිගින් දිගටම සිදුවීමේදී මතකය හොඳින් තහවුරු ෙවි.
අනෙක් සතුන්ගේ මෙන් නොව මනුෂ්‍යයාගේ මතකය සිදු වන යාන්ත්‍රණය ඉගැන්වීම ඉවසිල්ලෙන් කළ යුතු ය. පරීක්ෂණ දත්ත අනුව මොළයේ නියුරෝනයක (Neuron) අගය ඇති ඩෙන්ඩ්රිට්ස් (Dendrites) වල භෞතික වෙනස්කමක් වන බව ඉලෙක්ටෙ‍්‍රීන කැමරා මඟින් හඳුනාගෙන ඇත. ඒ සඳහා ප්‍රෝටීනයක් එම ශෛලවල තැන්පත් වේ. එය දීර්ඝ කාලීන මතකයට (LTM) හේතුවක් වේ


බණ්ඩාරවෙල කිතල්ඇල්ල 
ආරණ්‍ය සේනාසනයේ 
මධ්‍යස්ථානාධිපති
මඩවල උපාලි හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment