Labels

Saturday, April 4, 2015

මිහිරි වදනක්

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

වචනය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ අදහස්, සත්පුරුෂ මඟ සොයන ධර්මකාමි සෑම කෙනෙකුටම එකසේ වැදගත් ය. ඔබ ළමා, තරුණ සහ වැඩිහිටි අයෙක් වුවද
මේ උතුම් වූ දේශනා පෙළෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ ගන්න
යම් කෙනෙක් දෑතින් කරන විපතකට වඩා වචනයෙන් කරන විපත් බලවත් වෙන්නට පුළුවන්. සාමාන්‍ය ලෝකයා පවසන ආකාරයට, රළු පරොස් වචන හී තළ තරමට සිත, හදවත පසාරු කරගෙන යමින් මානසික වේදනා ගෙන දේවි. මේ නිසා වචනය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ අදහස්, සත්පුරුෂ මඟ සොයන ධර්මකාමි සෑම කෙනෙකුටම එකසේ වැදගත් ය. ඔබ ළමා, තරුණ සහ වැඩිහිටි අයෙක් වුවද මේ උතුම් වූ දේශනා පෙළෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ ගන්න. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේසනා කරති. “තයෝමෙ භික්ඛවෙ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං කතමෙ තයෝ: ගූථභාණී, පුපාඵභාණී, මධුභාණී” “මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර තුන් දෙනෙක් ද ? ගූථභාණි, පුප්ඵභාණී, මධුභාණී යනුවෙනි.”මෙම වචන තුනෙන් විස්තර කරන පුද්ගලයන් තුන්දෙනා පිළිබඳ හඳුනා ගනිමු. මෙය කියවන ඔබ, මෙම දහම් විස්තරය ඔබ තුළින් දකින්නට උත්සාහ ගන්න. නුගුණ බැහැර කොට සුගුණ චරිතයට පුරුදු කර ගැනීම වටී. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවෙන්ම පළමුව “ගූථභාණී” පුද්ගලයාව හඳුනා ගනිමු. “මේ ලෝකයෙහි යම්කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ, පිරිසක් මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේනා මැදට හෝ රජ පිරිස් මැදට ගියේ, මෙසේ ප්‍රශ්න කරන්නේ වෙයි. යමක් දන්නේ නම් කියන්න යැයි පවසන විට නොදන්නේ දනිමි’ යි කියයි. දැනගෙන සිටින්නේ ‘නොදනිමි’ යි කියයි. නොදකින ලද යමක් ගැන දකිමි යි කියයි. දකින ලද්දේ ‘නොදනිමියි’ කියයි. මෙසේ තමා හේතුකොට ගෙන හෝ අනුන් හේතු කොටගෙන හෝ ආමිෂය හෙවත් ලාභප්‍රයෝජනයක් හේතුකොටගෙන, මුසා හෙවත් බොරු කියයි ද, හෙතෙම “ගූථභාණී” පුද්ගලයා යයි, කියනු ලැබේ.”
“ගූථ” නම් වු වචනයේ තේරුම ශරීරයෙන් බැහැර කරන “මල” වලට කියන පාලි වචනයයි. එවැනිම දුර්ගන්ධ වචන කතා කරන හෝ කියන පුද්ගලයා හැඳීන්වූයේ එම වචනයෙනි. මෙවැනි පුද්ගලයන් ගෙදර සිටියත්, කාර්යාලයේ හෝ රාජකාරි ස්ථානයේ කටයුතු කළත්, තමා ජීවත්ව සිටින ප්‍රදේශයෙහි පිරිස ඇසුරු කළත් ඤාතීන් හමු වූ විටත් වඩාත්ම බොරු කියන්නෙකි. ඉඩ ලද ඕනෑම අවස්ථාවක බොරු කියන්නෙකි. නිදසුනක් ලෙස දක්වන්නේ, නොදන්නා දේවල් හැටියට පැවසීමත් දන්නා දේවල් නොදන්නා හැටියට පැවසීමත් ය. එමෙන්ම දැකපු දේවල් නොදැක්කා ලෙසත් නොදැකපු දේ දැකපු හැටියටත් පැවසීමය. එවැනි පුද්ගලයින් එසේ බොරු කියන්නේ කුමන කරුණක් නිසාද? තමා හේතුකොටගෙනය. එනම් දැඩිව උපාදානය හෙවත් සිතින් අල්ලාගත් “මම මාගේය” නම් වූ වැරැදි වූ ආත්ම දෘෂ්ඨිය නිසාය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නම් වූ අරමුණ ලබමින් සතුටුවීම, මේ ආත්ම දෘෂ්ඨියේ ලක්‍ෂණයකි. එම අරමුණු ඉටුකර ගැනීම හෙවත් තමා කැමැති ආකාරයට පවත්වා ගැනීමට බොරු කියයි. දැකපු හෝ දකින දෙයක් නොදැක්කා හෝ නොදකින හැටියටත් පවසන්නේ තමා වෙනුවෙනි. දන්නා දෙයක් නොදන්නා ලෙසත් නොදන්නා දෙයක් දන්නා ලෙසත් පවසමින් මුසාවක් ම කියන්නේ තමා හා බැඳුණු පාපකාරී තෘෂ්ණාව නිසාය. එමෙන්ම ස්වල්ප වූ ලෞකික යමක් වෙනුවෙන් ද යම් කෙනෙක් බොරු කියති. එවැනි පුද්ගලයන් පිළිබඳව සමාජයේ පවතින අදහසක් වන්නේ “කට ඇරියොත් බොරුවක්ම කියන” තැනැත්තෙකු ලෙසය. මෙවැනි පුද්ගලයන් මුළු පෙදෙසම දුගඳ හමන “ගූථභාණී” පුද්ගලයන් ය. බොරු කියන්නා හිස් අයෙක් බවට පත්වෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින් රාහුල තෙරුන් වහන්සේට දේශනා කරන ලදී. මොනතරම් උගත් අයෙක් වුවද, ධනවත් අයෙක් වුවද, ප්‍රසන්න කෙනෙක් වුවද බොරු කියන අයෙක් නම් කටින් දුගඳ පතුරුවන හිස් පුද්ගලයෙක්මය.
පුප්ඵභාණී පුද්ගලයා නම් කවරෙක් ද? මෙලොව යමෙක් සභාවකට ගියේද, පිරිස් මැදට ගියේද ඥාතීන් මැදට ගියේද සේනා හෝ රජ කුලයන් මැදට ගියේ, ප්‍රශ්න කරන විට නොදන්නා දේවල් නොදන්නා බවටත් දන්නා දේවල් දන්නා බවටත් පවසයි. දකින හෝ දුටු දේවල් දුටු බවටත් නොදකින හෝ නොදුටු දේවල් නොදුටු බවටත් පවසයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ ලාභ ප්‍රයෝජන හේතු කොටගෙන බොරු නොකියයි. මෙවැනි පුද්ගලයා හඳුන්වන්නේ “පුප්ඵභාණී” ලෙසය. මෙවැනි පුද්ගලයාගේ සිරිත නම් දන්නා දේ දන්නා හැටියටත් නොදන්නා දෙය නොදන්නා හැටියටත් පැවසීමය. දුටු දේ දුටු බවට විනා නොදුටු බවට බොරු නොකියන්නේය. නොදුටු යමක් දුටු හැටියටත් නොකියන්නේය. තමා නිසාවත් අනුන් නිසාවත් ලෞකික වස්තු කිසිවක් නිසාවත් බොරුවක් නොකියන්නේ ය. සමහරු තමා වෙනුවෙන් පමණක් නොව තමාගේ පවුලේ හෝ ඥාති හෝ හිතවතුන් වෙනුවෙන් බොරු කියති. එනමුත් මලක් බදු සුපසන් වදන් ඇති “ පුප්ඵභාණී” පුද්ගලයා කිසිවිටෙකත් බොරු නොකියයි. ස්වල්ප වූ දෙයටත් බොරු කියන්නට පුරුදු වී ඇති පුද්ගලයෝ “ එක බොරුවක් වහන්නට බොරු දහසක් නමුත් කියන්නට ලජ්ජා නොවෙති. මේ නිසා බොරු නොකියන පුද්ගලයා මොනතරම් ගරුකළ යුතු අයෙක් ද? සැබෑවටම ඔහු හෝ ඇය සියලු දෙනාම ඇළුම් කරන පුෂ්පයෙකි.
මධුභාණී පුද්ගලයා යනු කවරෙක්ද? මෙලොව යම් පුද්ගලයෙක් පරුෂ වචන දුරුකොට රළු වචනවලින් වැලකී සිටී. යම් වදනක් නිදොස්ද (නෙලා) කනට සුව දේද (කණ්ණසුඛා) ප්‍රිය බව ඇතිවේද (පේමනීයා) හද ගනීද (හදයංගමා) සභ්‍ය ද (පොරි) බොහෝ දෙනා කැමැති ද (බහුජන කන්තා) බොහෝ දෙනා මනාපද (බහුජන මනාපා), මෙවැනි වචනම පවසයි ද, එම පුද්ගලයා මධුභාණී නම් වෙයි. නිවරැදි, අසන්නට ප්‍රියජනක, හදවතට දැනෙන වචනවලට මනුෂ්‍යයෝ මොනතරම් කැමති වෙත් ද?
මනුෂ්‍යයෝ පමණක් නොව තිරිසන් සතුන් පවා ප්‍රිය වදන්වලට කැමැතිය. බොරු නොකියන සත්‍ය පවසන අයට සත් පුරුෂයෝ ඉතාමත් කැමැතිය. “යම් අයෙක් පිළිබඳව මෙසේ අසන්නට ලැබේ නම්, එයම සුවයකි. එනම්” ඒ අය සමඟ කතා කරන්නට බියවෙන්නට එපා. කිසිදා බොරුවක් නම් කියන්නේ නැහැ. තමා නිසාවත් අනුන් නිසාවත් බොරු නම් කියන්නේ නැහැ. සත්පුරුෂයා මිල මුදල් කෝටි ගණනාවක් දෙනවා යැයි කීවද බොරුවක් නම් කියන්නේ නැත. ආර්යන් වහන්සේ ජීවිතය නැති වුවද බොරු නම් නොකියති. මේ නිසා ඔවුහු මධුභාණී නම් වේමය. ධර්ම මාර්ගයේදී සත්‍ය පැවසීම ඉතාම අවශ්‍ය ගුණාංගයකි. කටින් පව් කරන්නා සසර දීර්ඝ කරගන්නෙකි. මෙලොව සත්පුරුෂයන්ගේ අපවාදයට ලක්වන්නෙකි. දුගතියට මං තනාගන්නෙකි. එහෙත් මධුභාණී පුද්ගලයා ආර්යන් වහන්සේලාගේ ප්‍රසංශාවට ලක්වන්නෙකි. නිවන් මඟට සත්‍ය පාරමිතාව ද අත්‍යවශ්‍යමය. උතුම් වු ධර්මාවබෝධයම වේවා.

'2012 ක් වූ ජූනි  04 වනදා සදුදා දින නිකුත් වු බුදු සරන අන්තර්ජාල කලාපයෙන් උපුටා ගැනිමනි.


මිහිරි වදනක්

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

වචනය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ අදහස්, සත්පුරුෂ මඟ සොයන ධර්මකාමි සෑම කෙනෙකුටම එකසේ වැදගත් ය. ඔබ ළමා, තරුණ සහ වැඩිහිටි අයෙක් වුවද

මේ උතුම් වූ දේශනා පෙළෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ ගන්න

යම් කෙනෙක් දෑතින් කරන විපතකට වඩා වචනයෙන් කරන විපත් බලවත් වෙන්නට පුළුවන්. සාමාන්‍ය ලෝකයා පවසන ආකාරයට, රළු පරොස් වචන හී තළ තරමට සිත, හදවත පසාරු කරගෙන යමින් මානසික වේදනා ගෙන දේවි. මේ නිසා වචනය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ අදහස්, සත්පුරුෂ මඟ සොයන ධර්මකාමි සෑම කෙනෙකුටම එකසේ වැදගත් ය. ඔබ ළමා, තරුණ සහ වැඩිහිටි අයෙක් වුවද මේ උතුම් වූ දේශනා පෙළෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ ගන්න. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේසනා කරති. “තයෝමෙ භික්ඛවෙ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං කතමෙ තයෝ: ගූථභාණී, පුපාඵභාණී, මධුභාණී” “මහණෙනි, මේ ලෝකයෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. කවර තුන් දෙනෙක් ද ? ගූථභාණි, පුප්ඵභාණී, මධුභාණී යනුවෙනි.”මෙම වචන තුනෙන් විස්තර කරන පුද්ගලයන් තුන්දෙනා පිළිබඳ හඳුනා ගනිමු. මෙය කියවන ඔබ, මෙම දහම් විස්තරය ඔබ තුළින් දකින්නට උත්සාහ ගන්න. නුගුණ බැහැර කොට සුගුණ චරිතයට පුරුදු කර ගැනීම වටී. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවෙන්ම පළමුව “ගූථභාණී” පුද්ගලයාව හඳුනා ගනිමු. “මේ ලෝකයෙහි යම්කිසි පුද්ගලයෙක් සභාවට ගියේ හෝ, පිරිසක් මැදට ගියේ හෝ නෑයන් මැදට ගියේ හෝ සේනා මැදට හෝ රජ පිරිස් මැදට ගියේ, මෙසේ ප්‍රශ්න කරන්නේ වෙයි. යමක් දන්නේ නම් කියන්න යැයි පවසන විට නොදන්නේ දනිමි’ යි කියයි. දැනගෙන සිටින්නේ ‘නොදනිමි’ යි කියයි. නොදකින ලද යමක් ගැන දකිමි යි කියයි. දකින ලද්දේ ‘නොදනිමියි’ කියයි. මෙසේ තමා හේතුකොට ගෙන හෝ අනුන් හේතු කොටගෙන හෝ ආමිෂය හෙවත් ලාභප්‍රයෝජනයක් හේතුකොටගෙන, මුසා හෙවත් බොරු කියයි ද, හෙතෙම “ගූථභාණී” පුද්ගලයා යයි, කියනු ලැබේ.”

“ගූථ” නම් වු වචනයේ තේරුම ශරීරයෙන් බැහැර කරන “මල” වලට කියන පාලි වචනයයි. එවැනිම දුර්ගන්ධ වචන කතා කරන හෝ කියන පුද්ගලයා හැඳීන්වූයේ එම වචනයෙනි. මෙවැනි පුද්ගලයන් ගෙදර සිටියත්, කාර්යාලයේ හෝ රාජකාරි ස්ථානයේ කටයුතු කළත්, තමා ජීවත්ව සිටින ප්‍රදේශයෙහි පිරිස ඇසුරු කළත් ඤාතීන් හමු වූ විටත් වඩාත්ම බොරු කියන්නෙකි. ඉඩ ලද ඕනෑම අවස්ථාවක බොරු කියන්නෙකි. නිදසුනක් ලෙස දක්වන්නේ, නොදන්නා දේවල් හැටියට පැවසීමත් දන්නා දේවල් නොදන්නා හැටියට පැවසීමත් ය. එමෙන්ම දැකපු දේවල් නොදැක්කා ලෙසත් නොදැකපු දේ දැකපු හැටියටත් පැවසීමය. එවැනි පුද්ගලයින් එසේ බොරු කියන්නේ කුමන කරුණක් නිසාද? තමා හේතුකොටගෙනය. එනම් දැඩිව උපාදානය හෙවත් සිතින් අල්ලාගත් “මම මාගේය” නම් වූ වැරැදි වූ ආත්ම දෘෂ්ඨිය නිසාය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වූ ඉන්ද්‍රියන්ගෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නම් වූ අරමුණ ලබමින් සතුටුවීම, මේ ආත්ම දෘෂ්ඨියේ ලක්‍ෂණයකි. එම අරමුණු ඉටුකර ගැනීම හෙවත් තමා කැමැති ආකාරයට පවත්වා ගැනීමට බොරු කියයි. දැකපු හෝ දකින දෙයක් නොදැක්කා හෝ නොදකින හැටියටත් පවසන්නේ තමා වෙනුවෙනි. දන්නා දෙයක් නොදන්නා ලෙසත් නොදන්නා දෙයක් දන්නා ලෙසත් පවසමින් මුසාවක් ම කියන්නේ තමා හා බැඳුණු පාපකාරී තෘෂ්ණාව නිසාය. එමෙන්ම ස්වල්ප වූ ලෞකික යමක් වෙනුවෙන් ද යම් කෙනෙක් බොරු කියති. එවැනි පුද්ගලයන් පිළිබඳව සමාජයේ පවතින අදහසක් වන්නේ “කට ඇරියොත් බොරුවක්ම කියන” තැනැත්තෙකු ලෙසය. මෙවැනි පුද්ගලයන් මුළු පෙදෙසම දුගඳ හමන “ගූථභාණී” පුද්ගලයන් ය. බොරු කියන්නා හිස් අයෙක් බවට පත්වෙන බව භාග්‍යවතුන් වහන්සේ විසින් රාහුල තෙරුන් වහන්සේට දේශනා කරන ලදී. මොනතරම් උගත් අයෙක් වුවද, ධනවත් අයෙක් වුවද, ප්‍රසන්න කෙනෙක් වුවද බොරු කියන අයෙක් නම් කටින් දුගඳ පතුරුවන හිස් පුද්ගලයෙක්මය.
පුප්ඵභාණී පුද්ගලයා නම් කවරෙක් ද? මෙලොව යමෙක් සභාවකට ගියේද, පිරිස් මැදට ගියේද ඥාතීන් මැදට ගියේද සේනා හෝ රජ කුලයන් මැදට ගියේ, ප්‍රශ්න කරන විට නොදන්නා දේවල් නොදන්නා බවටත් දන්නා දේවල් දන්නා බවටත් පවසයි. දකින හෝ දුටු දේවල් දුටු බවටත් නොදකින හෝ නොදුටු දේවල් නොදුටු බවටත් පවසයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ ලාභ ප්‍රයෝජන හේතු කොටගෙන බොරු නොකියයි. මෙවැනි පුද්ගලයා හඳුන්වන්නේ “පුප්ඵභාණී” ලෙසය. මෙවැනි පුද්ගලයාගේ සිරිත නම් දන්නා දේ දන්නා හැටියටත් නොදන්නා දෙය නොදන්නා හැටියටත් පැවසීමය. දුටු දේ දුටු බවට විනා නොදුටු බවට බොරු නොකියන්නේය. නොදුටු යමක් දුටු හැටියටත් නොකියන්නේය. තමා නිසාවත් අනුන් නිසාවත් ලෞකික වස්තු කිසිවක් නිසාවත් බොරුවක් නොකියන්නේ ය. සමහරු තමා වෙනුවෙන් පමණක් නොව තමාගේ පවුලේ හෝ ඥාති හෝ හිතවතුන් වෙනුවෙන් බොරු කියති. එනමුත් මලක් බදු සුපසන් වදන් ඇති “ පුප්ඵභාණී” පුද්ගලයා කිසිවිටෙකත් බොරු නොකියයි. ස්වල්ප වූ දෙයටත් බොරු කියන්නට පුරුදු වී ඇති පුද්ගලයෝ “ එක බොරුවක් වහන්නට බොරු දහසක් නමුත් කියන්නට ලජ්ජා නොවෙති. මේ නිසා බොරු නොකියන පුද්ගලයා මොනතරම් ගරුකළ යුතු අයෙක් ද? සැබෑවටම ඔහු හෝ ඇය සියලු දෙනාම ඇළුම් කරන පුෂ්පයෙකි.
මධුභාණී පුද්ගලයා යනු කවරෙක්ද? මෙලොව යම් පුද්ගලයෙක් පරුෂ වචන දුරුකොට රළු වචනවලින් වැලකී සිටී. යම් වදනක් නිදොස්ද (නෙලා) කනට සුව දේද (කණ්ණසුඛා) ප්‍රිය බව ඇතිවේද (පේමනීයා) හද ගනීද (හදයංගමා) සභ්‍ය ද (පොරි) බොහෝ දෙනා කැමැති ද (බහුජන කන්තා) බොහෝ දෙනා මනාපද (බහුජන මනාපා), මෙවැනි වචනම පවසයි ද, එම පුද්ගලයා මධුභාණී නම් වෙයි. නිවරැදි, අසන්නට ප්‍රියජනක, හදවතට දැනෙන වචනවලට මනුෂ්‍යයෝ මොනතරම් කැමති වෙත් ද?

මනුෂ්‍යයෝ පමණක් නොව තිරිසන් සතුන් පවා ප්‍රිය වදන්වලට කැමැතිය. බොරු නොකියන සත්‍ය පවසන අයට සත් පුරුෂයෝ ඉතාමත් කැමැතිය. “යම් අයෙක් පිළිබඳව මෙසේ අසන්නට ලැබේ නම්, එයම සුවයකි. එනම්” ඒ අය සමඟ කතා කරන්නට බියවෙන්නට එපා. කිසිදා බොරුවක් නම් කියන්නේ නැහැ. තමා නිසාවත් අනුන් නිසාවත් බොරු නම් කියන්නේ නැහැ. සත්පුරුෂයා මිල මුදල් කෝටි ගණනාවක් දෙනවා යැයි කීවද බොරුවක් නම් කියන්නේ නැත. ආර්යන් වහන්සේ ජීවිතය නැති වුවද බොරු නම් නොකියති. මේ නිසා ඔවුහු මධුභාණී නම් වේමය. ධර්ම මාර්ගයේදී සත්‍ය පැවසීම ඉතාම අවශ්‍ය ගුණාංගයකි. කටින් පව් කරන්නා සසර දීර්ඝ කරගන්නෙකි. මෙලොව සත්පුරුෂයන්ගේ අපවාදයට ලක්වන්නෙකි. දුගතියට මං තනාගන්නෙකි. එහෙත් මධුභාණී පුද්ගලයා ආර්යන් වහන්සේලාගේ ප්‍රසංශාවට ලක්වන්නෙකි. නිවන් මඟට සත්‍ය පාරමිතාව ද අත්‍යවශ්‍යමය. උතුම් වු ධර්මාවබෝධයම වේවා.'

No comments:

Post a Comment