Labels

Friday, April 3, 2015

විවාහ ජීවිතයේ දී ස්ත්‍රීන් සතු කාර්යභාරය



පිළිබඳව ඇගැයුමක් කරන බුදුන් වහන්සේ ගෙදරක සාමය හා සුහදතාව බොහෝ දුරට රඳා පවතින්නේ බිරිඳ මත යයි පෙන්වා දී ඇති බව ඉතා පැහැදිලිය.

ස්ත්‍රීන් විසින් එදිනෙදා ජීවිතයේ දී කළ යුතු - නොකළ යුතු දේ පිළිබඳව කෙරෙන විස්තරය ඇති තතු ඒ සැටියෙන්ම දැක්මක් ලෙස මෙන්ම ඉතා ප්‍රයෝගික අවවාදයන් වශයෙන් ද හැඳින්විය හැකිය.

 විවිධ අවස්ථාවන්හී බුදුන් වහන්සේ බිරිඳක් විසින් කළ යුතු දේ වශයෙන් මේ කරුණු දක්වා ඇත.

(I) ස්වාමියා කෙරෙහි ද්වේශ සහගත සිතිවිලි ඇති කර නොගැනීම.

(II) කෲර ලෙස, පරුෂ ලෙස ක්‍රියානොකිරීම, සැමියා අභිබවා කටයුතු නොකිරීම.

(III) නාස්තිකාර ලෙස විය පැහැදම් නොකිරීම, සැමියාගේ ආදායම් ඉපයීමේ ශක්තිය සැලකිල්ලට ගෙන ගේ - දොර විය පැහැදම් ඒ අනුව පාලනය කිරීම.

(IV) සැමියා වෙහෙස මහන්සි වී උපයන වස්තුව ආරක්ෂා කිරීම

(V) නිතරම සාවධානව සිටිමින්, සිතින් හා ක්‍රියාවෙන් ආරක්ෂා කිරීම.

(VI) නිතරම සාවධානව සිටිමින්, සිතින් හා ක්‍රියාවෙන් තැන්පත් වීම.

(VII) සැමියාට අවංක වීම, කාමයෙහි වරදවා හැසිරීමට සිතීමෙන් පවා වැළකීම.

(VIII) ප්‍රියවචනයෙන් හා විනීත ක්‍රියාවෙන් යුක්ත වීම.

(IX) කරුණාවන්තවීම, ක්‍රියාශීලීවීම, වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීම.

(X) සැමියා කෙරෙහි දයාවෙන් හා කරුණාවෙන් යුක්ත වීම, තම එකම දරුවාගේ ආරක්ෂාව කෙරෙහි මවක දක්වන උනන්දුවට, ආදරයට සමාන ආකල්පයක් සැමියා කෙරෙහි ද දැක්වීම.

(XI) විනීතව හා ආත්ම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම.

(XII) සන්සුන්, තැන්පත් අවබෝධයෙන් යුත් කෙනෙකු වීම, සැමියාට බිරිඳක් වශයෙන් පමණක් නොව අවශ්‍ය වූ විටෙක මිතුරියක්, උපදේශිකාවක් ද වශයෙන් කටයුතු කිරීම

 

No comments:

Post a Comment