Labels

Friday, April 3, 2015

ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සංයුක්ත වූ උතුම් ආර්ය මාර්ගය


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සිලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජූටූයෙජටං

සකල ජන මනානන්ද කරවූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරූජාණන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරූණාදී දුක්වේදනා විඳිමින් අපමණ දිගුකලක් සසර සැරිසරණ සත්වයන්ට නිවන් සුව ලබාගැනීමෙහි මාර්ගය වශයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සංයුක්ත වූ උතුම් ආර්ය මාර්ගය දේශනා කළ සේක.
යම්සේ පිනුම් කාර පුරුෂතෙම තමා ශිල්ප දක්වනු පිණිස පොළොව සමකරවා මෘදු භූමියෙහි තම ශිල්ප දස්කම් දක්වන්නාසේ නිවන් මහ සොයන යෝගාවචරයා ශීලයෙහි පිහිටා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්නේය.
‘ඉදංච මූලං කුසූලාභිවුද්ධියා’ ආදීනූයින් දේශිත පරිදි පංචූසීලයේ පටන් උතුම් වූ ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය දක්වා සෑම ශික්‍ෂාපූදයක්ම නිවන් සුවය සිතන පතන අයට ප්‍රතිෂ්ඨාපනය වන්නේය. තවද සෑම බුදුවූරයන් වහන්සේලාගේම දේශනාවල උපූරිම අර්ථය වශයෙන් ශීලයම දේශනා කොට ඇත්තේමය.
ප්‍රාණඝාතය නොකිරිම ආදි කොට ඇති සෑම ශික්‍ෂාපූදයක්ම අපේ හිත, කය, වචනය සංවර කර ගැනීමටත් එමගින් ශ්‍රද්ධාදී කුසල චේතූනාවන් ඇතුල් කරූගැනීමටත් හැකිවන්නේය.
පංචූශීලය,අෂ්ඨාංගික උපෝසථ ශීලය දස සාමූණේර සීලය, නව කෙළ දහස් අසුකෝටි පනස් ලක්‍ෂ එක්දූහස් සතිසක් මහා සංවර ශීලය , චාරිත්‍ර වාරිත්‍ර සීලය ආදී නයින් විවිධාකාරූවුවද එයින් කෙරෙන කාර්ය පසිඳුරන් අරූමුණක් පාසාම ගැටීමෙන් සිත චලනය නොවීමයි.
සිල්වතා කලක් යනවිට ගුණවතා වන්නේය. එමෙන්ම ස්වයං උත්සාහයෙන් උපයා සපයාගත් සම්පතින් ධනවත් වන්නේය. කිත් යසස් දස දිසා පැතිරී බලවතා වන්නේය. රජ මැති ඇමති පිරිස් අතර විසාරද වන්නේය. එමතුද නොව දිවි පෙවෙත් කෙළවර සිත් නොමුලාව මිය පරලොව යන්නේ දෙව් මිනිස් සුගතියෙහි උපදින්නේය.
සීලයෙන් පවිත්‍ර වූ ආධ්‍යාත්මයට සමාධි භාවනාවෙන් චිත්ත විශුද්ධිය ඇතුළත් වන්නේය. චිත්තං පඤ්ඤංච භාවයං, යනුවෙන් දේශනා කළ පරිදි පවිත්‍ර සන්තානය තුළ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ප්‍රබලව තිරූසර වන්නේය. ශ්‍රද්ධාවෙන් බුද්ධාදී තෙරුවන් පිළිබූඳව විශ්වාසය තහවුරු වන අතර සතියෙන් කාමච්ඡන්ද ,ව්‍යාපාද ආදී පංචූනීවරණ ධර්මූයන් පිළිබඳව අවූධානයෙන් එම පාපධර්මයන්ගේ ආදීනව මෙනෙහි කරවන්නේය. බාහිර වශයෙන් සන්තාන ගත වන්නට අවකාශ නොදි කුසල පක්‍ෂය ආරක්‍ෂා කරන්නේය. මේ නිසා චිත්ත සමාධිය තහවුරු කරූගැනීමෙහිලා චිත්තානුපස්සනාව අත්‍යවශ්‍ය වන්නේය.
ඌහණ ලක්‍ෂණය හෙවත් අරමුණු දැඩිකොට ගැනීමේ ස්වභාවය ඇති සතියෙන් මෙනෙහි කරණ විට සිතින් සිත තුළ ඇති රාග වීතරාග දෝස වී තදෝසාදී එකනෙකට වෙනස්ව ඇතිවන හා නැතිවන ස්වූභාවයන් දක්නට පුළුවන. යළි ඇතිවන ථීනමිද්ධ නීවාරණය විරිය ඉන්ද්‍රිය ශක්තියෙන් නිවාරණය කළ හැකි වන්නේය.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධ ආර්යමාර් ගාංග සීල විශුද්ධියෙන් සම්පූර්ණ වන අතර සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ත්‍රිවිධාංග සමාධියට අයත් වේ. උපස්ථම්භ ලක්‍ෂණ වන විර්ය ආධාර කරගෙන
නූපන් අකුසල් නූපූදීමට
උපන් අකුසල් ප්‍රහීණ කිරීමට
නූපන් කුසල් ඉපදවීමට
උපන්කුසල් තිරූසර කිරීමට හා වැඩිකර ගැනීමට
උත්සාහගන්නා යෝගාවචරයා සමාධියෙන් ප්‍රඥාමාර්ගයට යොමු වන්නේය
සො ධම්මං දෙසෙති. ආදි කල්‍යාණං ,මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්‍ථං සව්‍යංජනං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති
ආදි නයින් අප බුදුරජාණන් වහන්සේ වඩින ගම් නියම්ගම් නගරවල ජනතාව තමන් වහන්සේගේ ලොව්තුරු ගුණය හා කීර්තිරාවය හඳුනාගන්නේ මෙම උතුම් ආර්යමාර්ගය මනුලොවට දේශනා කිරීමෙනි. එය විශ්ව ශක්තියක් වුවද යම් කලෙක ලොව්තුරා බුදුකෙනෙක් පහළවීමෙන් පමණක් එම විශ්ව ධර්ම ශක්තිය ඇතිවන්නේය.
සීලයෙන් ආදි කල්‍යාණයද සමාධියෙන් මධ්‍ය කල්‍යාණයද ප්‍රඥාවෙන් පරි‍යෝසාන කල්‍යාණයද සම්පූර්ණත්වයට පත්වන්නේය. සීලූයෙන් කාමසුඛල්ලිකානුයෝගාන්තයද සමාධියෙන් අත්තකිලූමූථානු යෝගාන්තයද ප්‍රතික්‍ෂේප වන අතර ප්‍රඥාවෙන් ආර්යමාර්ග ප්‍රතිපූදාවද ප්‍රකාශ කෙරෙන්නේය. තවද සීලූයෙන් කාමාදී ආශ්‍රවයන් තදංග වශයෙන් ප්‍රහාණය වන අතර සමාධියෙන් වික්ඛම්භන වශයෙන්ද ප්‍රඥාවෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රඥාවිමුක්තිය ඇතිවන්නේය.
නාම රූප ධර්මයන් ස්කන්ධ,ධාතු, ආයූතන පටිච්ච සමුප්පන්න වශයෙන් යෝනිසෝ, මනසිකාරයෙන් මෙනෙහි කිරීමෙන් දිට්ඨි විශුද්ධියෙන් චිත්ත සන්තානය ප්‍රභාමත් වන්නේය. අඳුරු වලාකුලු අතූරින් පුන් සඳ පායා සම්පූර්ණයෙන් දීප්තිවන්නා සේ යථාර්ථ ඤාණ දර්ශනයෙන් මිථ්‍යාදෘෂ්ටි අන්ධකාරය පහවයන්නේය.
කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවො
තස්මා පුනබ්භවොහොති
එවං ලොකො පවත්තති
කර්මයෙන් විපාකය පවත්නා අතර විපාකයෙන් පුනර්භවයක් ඇතිවේ. මේ නයින් සත්ව ලෝකය පවත්නේ වේ. මෙහි පැවැත්ම යනු නාමූරූපයන්ගේ චලන මාත්‍රය බව නුවණින් වටහා ගැනීම දිට්ඨි විශුද්ධියයි.
නාම රූප ධර්මයන්ගේ යථාර්ථ අවූබෝධය නිසා බුද්ධ, ධම්ම , සංඝ, සික්ඛා, පුබ්බන්ත,අපූරන්ත, පුබ්බන්තාපූරන්ත, පටිච්චසමුප්පාදූධම්ම යන අටතැන්හි විචිකිච්ඡාව දුරුවීම සංඛ්‍යාත කංඛාවිතරණ විශුද්ධියෙන් නිර්වාණමාර්ගය සංයුක්ත වන්නේය.
නාම රූප ධර්මයන් හඳුනා ගැනීම නිර්වාණ මාර්ගයේ ප්‍රධානතම කාර්ය වන අතර පියවරෙන් පියූවර අරමුණ ගැනීම හඳුනාගැනීම, තීරණය, ප්‍රහාණය යන කාර්යයන් ඉෂ්ට සිද්ධ කරගන්නා විට ‘මග්ගා’ මග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් නිවන් මග නොමග දන්නා නුවණින් චිත්තූසන්තානය පවිත්‍ර වේ.
සිතට පහූළූවන ඉතා සියුම් අරමුණු උත්පාද , ඨිති භංග වශයෙන් දන්නා නුවණ ඇති බව ප්‍රත්‍යක්‍ෂ බැවින් ඤාණ දර්ශනය යැයි කියනු ලැබේ. සීලයෙන්, චිත්තයෙන්, දිට්ඨියෙන්, කංඛාවිතූරූණයෙන් පවිත්‍ර වූ චිත්ත සන්තානය තුළින් ඤාණ දර්ශනය පහළ වන විට නාම රූප ධර්මයන් පිළිබඳ විදර්ශනා ඤාණයෙන් ඤාණ දර්ශන විශුද්ධි තැනක් පිළිවෙළින් ඇතිවේ. මග නොමග දන්නා වූ මග්ගාමග්ග ඤාණ දර්ශන විශුද්ධියද පැහැදිළිවම නිවන් මඟ දක්නා වූ පටිපදා ඤාණ දර්ශන විශුද්ධියද දස සංයෝජන පිළිවෙළින් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් ආදි මාර්ග ඵල ලබාදෙන ඤාණ දර්ශන විශුද්ධියද පහළ වන්නේය.
උදය – ව්‍යය ඤාණයේ පටන් සත්‍යානුලෝමික ඤාණය දක්වා නව මහා විදර්ශනා ඤාණූයෙන් නිත්‍ය වශූයෙන්ම නිර්වාණ ශාන්ති මාර්ගය හඳුනා ගන්නේය. නාම රූප ධර්මූයන් දිය බුබුළු සේ මොහොතකට සිය දහස්වර ඉපූදීම හා විනාශය දක්නා නුවණ නම්වූ උදයව්‍යයානු දර්ශන ඤාණය බිඳීමම අරමුණු කරගත් භංගානුදර්ශනයද එමෙන්ම මෙතරම් ඉක්මනින් බිඳීම නිසා ඇතිවන භයතුපස්ථාන ඤාණයද එහි වැරදි දක්නා ආදීනවානු දර්ශනයද ඉන් කළකිරීම සංඛ්‍යාත නිර්විදානු දර්ශනයද , වහා එයින් මිදීම සංඛ්‍යාත මුංචිතු කම්‍යතා ඤානයද යළිත් නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කිරිම නම් වූ ප්‍රති සංඛාතමුංචිතකම්‍යතා ඤානයද යලිත් නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම නම් වූ ප්‍රතිසංඛ්‍යානු දර්ශන ඤානය හා සංස්කාරූධර්මයන් කෙරෙහි උපේක්‍ෂාඤානය , චතුරාර්ය සත්‍ය පිළිබඳ අවූබෝධය යයි කියන ලද සත්‍යානුලෝමික ඤාණය යන ඉතා සියුම් වූද ගැඹුරුවූද නව මහා විදර්ශනා ඤාණ පහළ වන්නේය.
මෙසේ නව මහා විදර්ශනා ඤාණයෙන් ඉතා සියුම්ව නාමරූප ධර්මයන් විමර්ශූනය කරමින් ගෝත්‍රභුඤාණය උපදවා ගන්නේය. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ,සීලබ්බත පරාමාස යන ත්‍රිවිධ සංයෝජන ප්‍රහීණ කිරීමෙන් ලබන ප්‍රථම ආර්ය ඵලය නම්වූ සෝවාන් ඵලයට පැමිණෙන්නේය.
අප්පූවත්තං අනුපායාසං නිරෝධ නිබ්බාණං පක්ඛන්ධතීති ගෝත්‍රභු’ යන දේශනා විවූරණයට අනුව සංසාර පැවැත්මට හේතුවන සංස්කාර ධර්මයන් පිළිබඳ සියලු අරමුණු අභිබවා යන බැවින් ගෝත්‍රභූ යන නමින් හඳුන්වන ලොකෝත්තර ඤාණය යළි පුනරාගමනයත් නොකරන්නේය. සත්‍යානු ලෝමඤාණයෙන් කෙලෙස් අඳුරු දුරුකොට නාම රූප ධර්මයන්ගේ යථාර්ථය දක්නට හැකිවන අතර ගෝත්‍රභුඤාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට උතුම් නිවන් සම්පත්
ලබාගන්නේය.


අස්ගිරි මහා සංඝ සභාවේ
මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි


බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment