Labels

Friday, April 3, 2015

බුදු හිමි සතු අනන්ත ගුණ



ඔබ මහා උගතෙකු වුව ද, සසරින් මිදෙන අයුරැ අපට ඉගැන්වූ බුදු හිමි සතු අනන්ත ගුණයන්ගෙන් මූලික ගුණ නවයක්වත් විස්තරාත්මක ව පැවසීමට නොදන්නේ නම් එය මහා විපතකි. එහෙයින් සියළු දෙනාගේ යහපත පිණිස සහ දරැවන්ට ඉගැන්වීම පිණිස බුදු ගුණ දැන ඉගෙන ගනිත්වා!

1. අරහං ෴ සියළු පවින් මිදුන සේක. රහසින්වත් පව් නොකළ සේක. ඕනෑම උතුම් පූජාවකට සුදුසු වන සේක.

2. සම්මා සම්බුද්ධ ෴ ගුරෑපදේශ රහිත ව ස්වකීය ඥානයෙන් ම ධර්මාවබෝධය කර ගත් සේක.
3. විජ්ජාචරණ සම්පණ්නෝ ෴ සියළුම විද්‍යාවන්ගෙන් ද, ඒවා අවබෝධ කර ගැනීමට හේතුවන අනන්ත ශීලාදියෙන් ද පරිපූර්ණ වන සේක.

4. සුගත ෴ නිවනට හේතු වන හොඳම මඟ ගත් සේක. යහපත්, අර්ථ පූර්ණ වචන වලින් යුක්ත වන සේක.

5. ලෝකවිදූ ෴ තුන් ලෝකය ම තුල උන්වහන්සේට ආවරණය වුනා වූ කිසිවක් ම නැත. ලෝකය පිලිබඳ සියල්ල අවබෝධ කර ඇති සේක.

6. අනුත්තරෝ පුරිසදම්ම සාරථි ෴ සදහටම පහළ වන හොඳම මනුෂ්‍ය පුහුණු කරැ, මනුෂ්‍යයන් දමනය කිරීමෙහි ප්රථමයා වන සේක.

7. සත්ථා දේවමනුස්සානං ෴ මිනිස්සුන්ගේ පමණක් නොව සියළු දෙවියන්ගේ ද වැඳුම් පිදුම් ලබන ගුරැවරයාණන් ය.

8. බුද්ධෝ ෴ තමා විසින් තනිව ගාම්භීර ධර්මය අවබෝධ කර ගන්නවාට අමතර ව, අන් අයට ද අති විශේෂ උපක්රම මගින් ධර්මය අවබෝධ කරවීමට සමත් වන සේක.

9. භගවා ෴ අනන්ත අප්රමාණ වූ මේ සියළුම ගුණයන්, ඥානයන්, කරැණාවන් දරා ගැනීමට තරම් වාසනාවන්ත වූ එක ම පුද්ගලයා ය.

උපුටා ගැනිමකි

No comments:

Post a Comment