නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යේ කේචි බුද්ධං සරණං ගතාසෙ
නතෙ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දෙහං
දේවකායං පරිපූරෙස්සන්ති
ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි”
සසර සැරිසරණ අසරණ සත්වයන්ගේ ජාති, ජරා, ව්‍යාධි, මරණාදි අපමණ දුක්ගිනි නිවා සදහම් අමා දිය දහරින් සිත් සතන් සනසන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් සරණ ගිය කෙනෙකු සතර අපායේ නූපදින අතර මිනිස් කය අත්හැර දෙව් කය ලබන්නේය.
බුදුන්, දහම්, සඟුන් සරණයාම බුදු දහම පිළිපැදීමේ ප්‍රථම පියවර වන නිසා පවිත්‍ර චේතනාවෙන්ම කළ යුතු වන්නේය. මේ පිළිබඳව දැනගත යුතු ප්‍රධාන කරුණු කීපයක් ඇත.
1. තෙරුවන් 2. සරණ හා සරණාගමන ඵල 3. සරණාගමන ප්‍රභේද 4. විමුක්ති මාර්ගයට හේතුවන සරණාගමන
බුද්ධ, ධම්ම , සංඝ යන තෙරුවන් අසංඛ්‍ය සංඛ්‍යාත ජනී ජනයාගේ සිත්ඇදගන්නා නිසා රත්න නම් වන්නේය. එමෙන්ම රන්,රිදී, මුතු මැණික් ආදි අනර්ඝ වස්තූන් කිරීම, මැනීමාදී නයින් අගය කිරීමට භාජනය වන නමුත් බුද්ධාදී උතුමන් හා එම ශ්‍රී සද්ධර්මය මහා සංඝරත්නය යන කිසිම කවර කිරීමකින් හෝ ප්‍රමාණ කළ නොහැක්කේම වේ.
අප්පමානෝ බුද්ධෝ, අප්පමානෝ ධම්මෝ, අප්පමානෝ සංඝෝ ආදි නයින් බුද්ධාදී තෙරුවන් ගුණාත්මක භාවයෙන්, විපුල ප්‍රයෝජන වශයෙන් සිතා කියා නිම කළ නොහැක්කේමය. සරණාගතයන්ට එම සරණාගමනයෙන් බිය, ත්‍රාසය, දුක, දුර්ගති පරිකිලේශ හිංසන දුරුවන්වීමෙන් ලෞකික හා ලෝකෝත්තර සහනයක් ලැබෙන නිසා සරණ නම් වන්නේය. එම වචනයේම සිහිකිරීමත් අනුගමනයත්, ප්‍රතිෂ්ඨාවත් අර්ථාන්විතව විද්‍යමාන වන නිසා
බුද්ධං සරණං ගච්ඡාමි , ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමී යන වචන හා වාක්‍ය පළමුවත් දෙවනුවත්, තෙවනුවත් නවවරක් මුවින් ප්‍රකාශ කරනවිට විඤ්ඤාණයටද සම්මස් නහර,ඇට, ඇටමිදුළු දක්වා ව්‍යාප්තව එක් සත්වයෙකු ලබාගන්නා ශ්‍රද්ධාදී කුසල ශක්තිය සංසාර ගමන කෙළවර උතුම් නිවනින් සැනසෙන තුරු නොනැසී පවතින්නේය.
මනුලොව ලොව්තුරු බුදුරජාණන් වහන්සේ නමක් පහළව තෙරුවන් ඇතිවී යළි නැතිවී ගියද? මතු තවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවනතුරු විශ්වයේ කොතනක හෝ අල්පමාත්‍රවූද ආධ්‍යාත්මික ශක්තියක් ඇත්නම් ඒ මේ උතුම් තෙරුවන් මූලිකව පවතින්නේමය. අවශේෂ ශක්තීන් වෙනස්වන කාලයත් සමඟ අභාවයට යන්නේය.
බුද්ධාදී තෙරුවන් සරණයාමේදී චිත්ත සන්තානයේ ඇතිවන ස්වභාවය අනුව ප්‍රභේද වන්නේය.
1.ආත්මනිර්යාතන සරණාගමනය
තමන්ගේ ආත්මය බුද්ධාදී තෙරුවන්ට පූජාකොට ආත්මීය හැඟීම් තුනීකොට සරණයාම ආත්ම සන්නිර්යාතන සරණාගමන නම් වන්නේය.
2. තත් පරායන සරණාගමනය –අද පටන් කොට බුද්ධ පරායණව ධම්ම පරායණව, සංඝපරායණව සරණ යන්නේ නම් එම තත්පරායණ සරණාගමන නම් වන්නේය.
3.ශිෂ්‍ය භාවෝපගමන සරණ
අද පටන්කොට මම බුදුරදුන් ගේ ශිෂ්‍යයෙක් වෙමි , ධර්මයේ ශිෂ්‍යයෙක් වෙමි, සංඝයාගේ ශිෂ්‍යයෙක් වෙමි, මෙසේ තෙරුවන්ට ශිෂ්‍යභාවය ප්‍රකාශයට පත්කරගනිමින් සරණයාම ශිෂ්‍ය භාවෝපාගමන සරණාගමන නම් වන්නේය.
4.පණිපාත සරණාගමනය
මම අද පටන් තෙරුවන්ට අභිවාදන, උපස්ථාන අංජලි කර්මාදී වශයෙන් දක්වන ලද වතාවත් කිරීමාදී නයින් සරණයාම ප්‍රණිපාත සරණාගමන නම් වන්නේය.
ලෝකෝත්තර සරණාගමනය සෝවාන් ආදි මාර්ගඵල දිට්ඨිගත උතුමන්ට ප්‍රඥා සංඛ්‍යාත සම්මාදිට්ඨියත්, සමගාමීව සිදුවන්නේය. එය අවෙච්ච ප්‍රසාදන ලක්ෂණයෙන් තිරසර වන්නේය. සෝවාන් මාර්ගයෙන් සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන ප්‍රහීණ කළ නිසා තෙරුවන් සරණයාම තිරසර වන්නේය.
බුද්ධාදී තෙරුවන් සරණ යන උපාසකයන්ට එහි ලෞකික ප්‍රතිවිපාක වශයෙන් ජීවිතාන්තය දක්වා භවභෝග සම්පත් ලැබීම ඉතා භයානක අතුරු අන්තරා වලින් ආරක්ෂාවීම භාග්‍ය සම්පන්න දූදරු සම්පත් ලැබීමාදිය මෙන්ම භවාන්තරයේදී යළිත් තෙරුවන් ආශ්‍රය නිශ්‍රය කිරීමේ පතිරූප දේශවාසය ලබන්නේය.
යොච බුද්ධංච ධම්මංච
සංඝංච සරණං ගතො
චත්තාරි අරිය සච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති
ආදි වශයෙන් දේශිත ධර්මය අනුව බුද්ධාදී තෙරුවන් සරණයාමේ ලෝකෝත්තර ආනිශංස වශයෙන් ශ්‍රද්ධා චෛතසිකය මූලික කරගෙන දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාභාගී වන්නේය.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ රත්නයත් බරණැස ඉසිපතන මිගදායේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් ධර්ම රත්නයත් එම උතුම් දහම දැනගෙන බුද්ධ ශ්‍රාවකත්වයට පත්වු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පසුව සංඝරත්නයත් පහළවීමෙන් සත්ව ලෝකයට සිදුවූ යහපත කෙසේ නම් කියා නිම කළ හැක්කේද ?
අප තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටි කල් තැන් පටන් වසර 2600 ට අධික කාලයක් පුරා තෙරුවන් සරණ ගිය කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයන් මෙන්ම මෙම සම්බුද්ධ ශාසනය අන්තර්ධානය දක්වා කෙළ කෝටි ගණන් සත්වයන්ද සතර අපා දුක් වේදනාවන්ගෙන් මිදී සැනසුම ලැබීම මනුලොව මහා අසිරියකි. කල්ප ගණන් බුද්ධාදී තෙරුවන් පිළිබඳ නාම මාත්‍රය පවා අසන්නට නොලැබෙන අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේද ගෙවා මෙම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පවත්නා සුළු කාල පරිච්ඡේදය කෙතරම් අනඟි වන්නේද, බුද්ධිය ඇත්නම් පරිසරය ඇත්නම් උතුම් මනුකයක් ලබාගත් අය තෙරුවන් සරණ අතැර වෙනත් සරණක් පතන්නේ කිනම් පාපයක් නිසාද
මෙලොව උපන් සෑම මිනිසාම ඉපදෙන මොහොතේම ආගම දහමක් සම්බන්ධ වන්නේ නැත. තමා උපන් පරිසරයේ බුද්ධිය අනුව තමාට ආරෝපණය වන ආගම නිසා ස්වයං චින්තනයෙන් දුර්වල වන මංමුලාවන, මිනිසුන් නිසාම මෙතරම් සුන්දර ලෝකයේ මෙවන් අනඟි දහමක් පසෙක තබා මිථ්‍යා චින්තන ජාලයේ මැදිවී තමනුත් දුක්වී සෙසු අයත් එම නිමක් නැති දුකට සන්තාපයට සම්ප්‍රේෂණය කිරීම උදාර මානුෂිකත්වයට නොගැලපේ.
බුද්ධාදී තෙරුවන්ගේ බලය, ජීවය ශක්තිය, භාග්‍ය පිළිබඳව සිතාමතා තෙරුවන් සරණයාමෙන්, පන්සිල් රැකීමෙන්, දහම් පිළිපැදීමෙන් දෙලොව ශාන්තිය හා භවාන්තරයේ දේවමානුසිකාදී සැප සම්පත් හා අවසානයේ ජාති,ජරා, ව්‍යාධි මරණාදී දුක්වේදනාවන්ගෙන් තොරවූ ශාන්ත සුන්දර අමාමහ නිවන් සම්පත් ලබාගැනීමට උත්සාහවන්න.
බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:
Post a Comment