අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ ගොවිතැන් සහ ඒ හා බැඳි පැවැති සංස්කෘතික ලක්ෂණ අගය කරමින් දේශනා ගණනාවක් අපට දැකගත හැකිය. ගොවියා යනු ‘බෙත්තානං ආධිපතීනි ඛත්තියෝ’ යනුවෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත්තේ කෙතට අධිපති වංශය රාජවංශය යනුයි. මෙය සිංහල වහරේ කියැවෙන්නේ ගොවියා රජකමට පවා සුදුසු වන බවයි.
එසේම ගොවිතැන ධාර්මික ව්‍යාපාරයක් වන බවත් එය මූලික බෞද්ධ දර්ශනයක් සමඟ බැඳී පැවැති බවත් සූත්‍ර දේශනා විග්‍රහයේදී මනාව පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේගේ චීවරය සකස් වනුයේ ද කුඹුරේ ඇති ස්වභාවය අනුකූල කරගනිමිනි. කුඹුරේ ඇති ක්‍රමවත් බව සහ බිම් සැකසීමේ ඇති සුවිශේෂි ලක්ෂණ බුද්ධ චීවරයට එක් කිරීම විශේෂත්වයකි.
එක්තරා බමුණෙකු තම කුඹුර සැකසීමේ දී වැපිරීම, බෝග රෝපණය, අස්වැන්න නෙළීම ආදිය එකින් එකට පැහැදිලි කර ස්වභාවික විනාශයකදී ඇති විය හැකි තත්ත්වය පාලනය කර ගැනීම සඳහා භය හා ශෝකය උපදින්නේ තණ්හාව නිසාම බව පෙන්වා දෙමින් බමුණාගේ සිත් සතන් සනසවමින් දේශනාව සිදු කර ඇත. වර්තමානයේ ගොවිතැන බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ධාර්මික ගොවිතැන සමඟ එකඟ ද යන්න අප විමසිය යුතු වේ. ගොවිතැන කර්මාන්තයක් බවට පත් වීමේ දී ගොවියාගේ අසීමාන්තික ආශාවන් නිසා එහි අවසානය අධාර්මික තත්ත්වයට පත් වී ඇති අයුරු අද දවසේ දැකගත හැකි සත්‍යයයි.
ධාර්මික වූ ලාංකික ගොවියා හිමිදිරි පාන්දර කුඹුරට යන්නේ තණුªරුවන් වැඳ පන්සිල් සමාදන්ව සියලු සත්වයෝ සුවපත් වේවා යන ධාර්මික සිතිවිලි සිත්හි දරාගෙනය. මේ රටේ මිනිසුන් මන්ත්‍රයක් වශයෙන් මතුරන ගාථාවක් වේ නම් ඒ,
“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධාන සාසනං” යන ගාථාවයි.
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
ඒතං බුද්ධාන සාසනං” යන ගාථාවයි.
මේ ගාථාව 108 වරක් පිරිසුදු වතුර වීදුරුවට මතුරා ඵල නැති ගසකට ඉසීමෙන් ඵල හට ගන්නා බව, කෘමි උවදුරින් හේන කුඹුර මුදා ගැනීමටත්, පිරිත් පැන් ඉසීමෙන් එයින් මිදෙන බව ගොවියා හොඳින් දැන සිටියේ ය. එසේම විවිධ කෙම් වර්ග හේන කුඹුර ආශි‍්‍රතව සිදුකරන බව දැක ගත හැකිව තිබූ අතර, කන්නයට, කලාවට කුඹුරු කිරීමේ ක්‍රමවේදයක් පුරාණයේ සිට පුරුදු වී සිටියේ ය. එසේම බිත්තර වී සකස් කිරීමේ දී රතන සූත්‍රයේ එන ‘ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං’ ආදි ගාථා කියා බීජ සාදා ගත්හ. වන සතුන් වෙත කරුණාව මෛත්‍රීය දක්වපු සමාජය අතීත කෙම් ක්‍රමය දැක්වෙන්නේ ඛුද්දක ජිනපංජ්රය වැලිවලට මතුරා ඉසීමෙන් එයින් කුඹුර හේන මුදා ගත් බව පැරැණි ගොවියා දැන සිටියේ ය. අලි හේන් වදින විට නාලගිරි දැහැන මතුරා බුදු ගුණ සිහි කර ධාර්මික ගොවිතැනේ අපූර්වත්වය මුළු ලෝකයට කියා පෑ සිංහල ගොවියා පැරකුම් යුගයේ පටන් තම භෝග සශ්‍රීකත්වය හා සාමූහිකත්වයේ එකතුව බව පෙන්වීය.
වර්තමානයේ ගොවියාට සහ ගොවිතැනට උදා වී ඇති තත්ත්වය කුමක්ද යන්න අප විමසා බැලිය යුතු වේ. සමස්ත බෞද්ධ සමාජයම ගොවි සමාජයක් වන අතර සියලු පව් නොකරන කුසල් වඩන සිරිත එහිලා ප්‍රධානය. එහෙත් වර්තමානය වන විට ඉතා උග්‍ර විෂ සහිත කෘමි නාශක හා වල් නාශක ගොවිතැනට යෙදීම තුළ ඇති වී ඇති ඉරණම කුමක්ද?
ජලය, ජීවීන් ,පොළොව ,ගොවිතැන , ආර්ථිකය යන සියල්ල මේ නිසා බිඳ වැටී ඇති බව කිව යුතු වේ. වර්තමානයේ කෘෂි රසායනික පොහොර භාවිතය නිසා ජලාශ හා ජල සම්පත අතිශයින් දූෂිත තත්ත්වය පැමිණ තිබේ. නොයෙකුත් විෂ රසායනික අධික බව ජලයේ ස්වභාවික ජීවයට බදා ඇති කර තිබේ. අප කුඩා කල ඇළදොළ වල සිටි හඳයන් තිත්ත පැටව්, දණ්ඩියන් හා ලූලන් වැනි මාළු අද අතුරුදහන්ව ගොසිනි. ජලාශ වල දුගඳක් හමන්නේ මිය ගිය ජීවීන් මෙන්ම ජලාශයට එක්ව ඇති විවිධ රසායනික හේතුවෙනි. මෙසේ විෂ රසායනික යොදන්නේ වල් නාශක සහ කෘෂිනාශක වශයෙනි. එහෙත් පාරම්පරික ගොවිතැන උපයෝගී කරගත් ධර්මිෂ්ඨ සමාජය තුළ මෙවැනි දේ දැකිය නොහැකිය. මේ හේතුවෙන් කුඩා කෘමියාගේ පටන් සමස්ත ජීවී පද්ධතියටම විශාල විනාශයක් අත් වී ඇති බව පැහැදිලි වන්නේ අද වන විට ජෛව විවිධත්වයේ විශේෂ ලක්ෂණ විනාශ වී හමාර නිසාය. ලංකාවේ මිනිසුන් පිළිකා, වකුගඩුරෝග, ඇතුළු බෝ නොවෙන රෝග වැළඳී ලක්ෂ සංඛ්‍යාත රෝගීහු ප්‍රමාණයක් මරණයේ දින ගණන් කරමින් සිටිති. මේ ආකාරයට තව වසර 10 ක් හෝ 20 ක් අධාර්මික ගොවිතැන් පැවතුණොත් මෙරට විශාලා මහනුවරක් වනු බව කිවයුතුම ය. ජලය සම්පතක් කොට සැලකූ බුදුදහම වතුරට මලපහ කිරීම, කෙළ ගැසීම පවා විනය විරෝධි ක්‍රියාවන් ලෙස පෙන්නා දී ඇත. එසේ ධර්මයේ දක්වා ඇත්තේ ජීවයේ පැවැත්ම ජලය මත පවතින නිසාවෙනි. පාණාතිපාතා ශික්ෂා පදය සමාදන් වූ සමාජයක් ගොවිතැන මූලික කරගෙන සතුන් මරමින් භෝග සුරකින්නේ ඇයි? මීට හොඳම උත්තරය කොරියාවෙන් ලබාගත හැකිය. ඔවුන් වී ගොවිතැන් කරන්නේ අවුරුද්දට වතාවයි. නමුත් එම එක කන්නයට අවුරුද්දකට රටට අවශ්‍ය සියලු සහල් ප්‍රමාණය නිපදවයි. ඔවුන් පොළොවට වස විස යොදන්නේ නැත. කුඹුරේ ඇති වල් මර්දනය සඳහා විශේෂ ගොලුබෙලි වර්ගයක් සිටිති. ගොයම් ගස හැරෙන්න අනෙක් සියලු වල්ගස් ඔවුහු විනාශ කරති. ඉතින් ලංකාවේ කුඹුරු වලටත් මේ වගේ සරල විසඳුම් දෙන්න බැරි ඇයි? සාමාන්‍යයෙන් කොළ හකුළන දළඹුවගේ ස්වාභාවික සතුරන් විශාල ප්‍රමාණයක් කුඹුරේම සිටින බවත්, කුඹුරට හානිකර කෘමීන් හත්පංගුව විනාශ කිරීමට විසිහත් පංගුවක් කුඹුරට හිතකර කෘමීන් සිටින බවත් හෙළි වී ඇත. එමගින් හානිකර කෘමීන් පාලනය වෙයි. අප විසින් කෘමි නාශක යෙදීමෙන් වැඩිවශයෙන් විනාශ වෙන්නේ ගොයමට හිතකර කෘමීන් ය. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියූ අපට පෙනෙන නොපෙනෙන සතුන් විනාශ කිරීමේ මහා පාපකර්මයේ පලවිපාකය මේ අත්භවයේදීම විපාක දෙමින් පවතියි. ඔබ අප ඉතා හොඳින් දන්නා නයිට්‍රජන් වාතයේ සිට පසට එක් කරන ඇසට නොපෙනෙන ජීවීහු සිටිති. ඒ වගේම ගැඩවිල්ලන් විසින් පස පෝෂණය කරනවා. මේ නිසා එසේ ජීවිත විනාශ නොකරන ක්‍රමවේද එදා සිට අද දක්වා ධාර්මික ගොවිතැන තුළ පවතින බව පාරම්පරික ගොවියා හොඳින් දන්නා කරුණකි.
බුදුරජාණන් වහන්සේ උණු ජලය පවා පොළවට බැහැර කළ යුතු විශේෂ ක්‍රමවේද දේශනා කර තිබේ. එසේ කරන්නේ අපට නොපෙනෙන විශේෂ ජීවීන් විසින් මෙහි සක්‍රීයභාවය එනම් ජීව ගුණය ආරක්ෂා කරමින් විශාල කාර්යභාරයක් කරන නිසයි. මේ ජීවීන් විශාල කාර්යයක නියුතුව සිටියි මොවුන් විසින් හානිකර සත්ව කොටස් ජීර්ණය නොකරේනම් අද ලෝකය කසළ ගොඩක් බවට පත්වනු නිසැකය. විශාල වනාන්තර වල මොනයම් කාලගුණ තත්ත්වයක් යටතේ වුවද ගස්, වැල් වැඩෙයි. ඵලදාව ලැබෙයි. සත්තු ජීවත් වෙති. කවුරුන් හෝ ඒවාට පොහොර දාන්නේ නැත. හේතුව පසට විශේෂ පොහොරක් අවශ්‍ය නොවීමයි. අවශ්‍ය වන්නේ පවතින තත්ත්වය ක්‍රමවත් කිරීම පමණි.
ගොවියා ගොවිතැන තුළින් තමා උපයාගත් ධනයේ ධාර්මිකත්වය ගැන සලකාබලා සතුටු වෙයි. සත්ව සන්තතිය ද තම සාමූහිකත්වයේ එකතුවක් ලෙස ඔවුහු සැළකූහ. ඒ නිසාම කුඹුරේ කොටසක් කුරුල්ලන්ට වෙන් කිරීම වැනි මහ උදාර කාර්යයන් ඉටු කළහ. එය නම් කළේ කුරුළු පාළුව වශයෙනි. එබඳු ගොවියා සිල්වත්ය, ගුණවත්ය, ධර්මානුකූලය. එහෙත් බහු ජාතික සමාගම් හරහා අප රට තුළ පැවැති මේ මිනිසත්කම විනාශ කර ආර්ථික අපේක්ෂාව පමණක් ඉලක්ක වශයෙන් ගොවියාට ලබා දුණි. අද වන විට එම ආර්ථික ඉලක්කයද වෙනස් වී ඇත.
මුළු මහත් ලෝකයම තිරසාර ගොවිතැනක්, පරිසර හිතකාමී වගා ක්‍රමවේදයක් පිළිබඳ අවධානය යොමුකර නොයෙක් ජාත්‍යන්තර සංවිධාන හරහා සම්මුති අත්සන් කරමින් සිටින යුගයකි මේ යුගය. අප විසින් ලෝකයට පෙන්වා දිය යුත්තේ බෞද්ධ ක්‍රමවේදය අනුව ගොඩනැගුණු ගොවි සංස්කෘතිය, මීට වසර දෙදහස් ගණනකට පෙර මේ පින්බිමේ පැවැති බවයි.
ආර්ථික වටිනාකම, සෞඛ්‍ය සම්පන්න වීම යන ප්‍රධාන අංග දෙකට අද පාරිභෝගිකයා විශේෂ අවධානය යොමුකර තියෙනවා. ඒ අනුව මිනිසුන් වස, විෂයෙන් තොර ආහාර සඳහා ඉහළ මිලක් ගෙවමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අපේක්ෂා කරන බව පැහැදිලිය. එනම් පාරම්පරික ගොවිතැන තුළ මිනිසාට හිතකර ආහාර භෝග නිපදෙන අතරම ගොවියාට ද සුවිශේෂ ආර්ථික වාසියක් ද හිමිවනු ඇත. නූතන ලෝකයේ වස විෂයෙන් තොර ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. බෞද්ධ ඔබ විසින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් සිදු කරන්නේ නම් එයට වස විස නොතිබිය යුතුයි.
ශාස්ත්‍රපති
පාහියංගල ආනන්දසාගර හිමි
පාහියංගල ආනන්දසාගර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 15 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment