මුළු මහත් ලෝකයේම හැම ලෝකයක් ගැනම සිතලා බලන්න. හිතන්න සිනමාලෝකය ගැන. එහෙම නැත්නම් දැන් වෙන ‘ලෝක’ හදාගෙන තියෙන්නේ. ක්‍රීඩා ලෝකය, අවිද්‍යා අන්ධකාරය ක්‍රිකට් ලෝකය, ඉස්සරවෙලා හිතමු ක්‍රිකට් ලෝකය ගැන. ක්‍රිකට් ලෝකයේ මොකක් ද වෙන්නේ. අර අහිංසක පිත්තයි බෝලයයි ආදියට පණගැන්වෙන්නේ පිල් දෙකක් බෙදුනාම නේද?
එතකොට නීති රීති තුළින් ඒවා තමයි නාමධර්ම ඊළඟට ජය පරාජය පිළිබඳ හැඟීම. ඒක නිසා අන්න ඒ ලෝකය ඇති වන්නේ අර මුළාව තුළයි. ‘අපි දෙපිලක් වෙමු’ කියලා එතන ඉඳලයි ක්‍රිකට් ක්‍රීඩාව. එතකොට ක්‍රිකට් ලෝකය එහෙමයි.
ඊළඟට සිනමා ලෝකය ගැන හිතන්න. ඒ අස්ථිර වූ තිරයේ වැටෙන දෙයත් ප්‍රේක්ෂකයාත් අතර තමයි ඒ ලෝකය යන්නේ. අවිද්‍යා අන්ධකාරය ඒකට උපකාරවෙනවා. දැන් අතනදී ක්‍රිකට් ක්‍රීඩාවේ දී අමතක කරගන්නවා තමන්ගේ සහෝදරකම්, යාළු කම් ඔක්කෝම අමතක කරලා ඔන්න දෙපිලක් වුණා. එතන දී අර යාලුකම් නැහැ. ඒ මුළාව තමයි අවිද්‍යාව. එතැන ඒ අවිද්‍යාව තුළින් කෙරෙන සංස්කාර තමයි. කාය සංස්කාර වෙන්න පුළුවන්. දැන් හිතාගන්න ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කාය සංස්කාර, වචීසංස්කාර මනෝසංස්කාර ඒවා තුළින් නේද ඔය ක්‍රිකට් ක්‍රීඩාවක් ඇතිවන්නේ. මිනිස්සු මුළාවෙලා දිවි නසාගන්නේ, ඒ ලෝකයක් හදාගෙන අන්තිම මුළාවක්, කල්පනා කරලා බලනකොට. තමන් ම හදාගත්තු එකක් තුළ නීතිරීති තුළ. අන්න ඒ වගේ තමා සිනමා ලෝකයත්. එක්කෝ තමන් හඳුනන කට්ටිය වෙන්න පුළුවන් රඟපාන්නේ. නමුත් අන්ධකාරය තුළ මම බොහෝ දෙනාගෙන් අසන ප්‍රශ්නයක් චිත්‍රපටියේ රසවිඳින වෙලාවට යන්තමින් හිතෙනවාද මා මේ රස විඳින්නේ අන්ධකාරයට පිංසිද්ධ වෙන්න කියලා. නැහැ. ඒ වෙලාවට අන්ධකාරය මතකත් නැහැ. මොකද අන්ධකාර පසුබිමේ තමයි චිත්‍රපටයක් ක්‍රියාත්මක වෙන්නේ. අර අවිද්‍යා අන්ධකාරය තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔය චලන චිත්‍ර උපමාව ඒක මගේ උපමාවක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ උපමාව. මම ඒක වඩා සවිස්තරව පෙන්නුම් කරලා තියෙනවා. එතකොට ඒ චලන චිත්‍ර ලෝකයේ, සිනමා ලෝකයේ අවිද්‍යා අන්ධකාරය තුළ සංස්කරණයක් කෙරෙනවා. ඒ ප්‍රේක්ෂකයා තුළ. ඒ තුළ තමයි සැප දුක් ආදී වින්දන තියෙන්නේ. එතකොට මේ විදියට ඕනෑ තරම් ලෝක හදා ගන්න පුළුවන්. පත්තරේ පෙරළලා බලනකොට එක් එක් ලෝකයක් වෙන්න පුළුවන්. ඒකට අදාළ නාමධර්ම රූපධර්ම තියෙනවා. ඕක තුළයි මේ ජීවිත මායාව යන්නේ.
එතකොට මේ මායාවේ තවත් පැත්තක් වටිනා පැත්තක්, හෙළි කරගන්න අපි ගනිමු උපමාවක්. දාම් ඇදිල්ලක්. දාම් පෙත. සෙන් බුද්ධාගම කියලා ඔබ අහලා ඇති ඔය “සෙන්” බුද්ධාගමේ ආචාර්යවරු මහ පුදුම කට්ටියක්. ඒ ගුරුවරු සමහරවිට ගෝලයින් හික්මවන්නේ, ප්‍රහේලිකා දීලා. විසඳන්න බැරි ප්‍රහේලිකා දීලා. අන්තිමට ඒ ප්‍රහේලිකාව තුළින් ඒ අයට ධර්මාවබෝධය ලැබුණා කියලා කියනවා. ඒ ධර්මාවබෝධය අප සෝවාන් කියන්නා වාගේ ඒ අය කියන්නේ ‘සටෝරි’ කියලා. ඔන්න දැන් පසුබිම දුන්නා. ඔන්න ඊළඟට කියනවා යම්කිසි කතන්තරයක්. ඒක සත්‍ය දෙයක් නොවේවා හෝ වේවා යමක් ඉගෙන ගන්න පුළුවන්. මෙහෙමයි කතාව. එක්තරා සෙන් ආචාර්යවරයෙක් ඉන්නවා හරි සැරයි, ගෝලයින් බොහොම සැරෙන් හික්මවන්නෙ. ඒ ගෝලයින් දෙන්නෙකුට පැවරුවා එක දවසක්දා පරදින්නේ නැතුව දාම් අදින්න කියලා. ගෝලයෝ දෙන්නට මං කියවපු කතාවේ ‘නම්’ නැහැ මම දැන් දෙනවා නම් දෙකක්. සිංහල නම් දෙකක්. එක්කෙනෙක් අජිත් අනිත් එක්කෙනා සුමිත්. එතකොට ගුරුවරයාගේ ගෝලයෝ දෙන්නා මතක තියා ගන්න එක්කෙනෙක් අජිත්, අනිත් එක්කෙනා සුමිත්. එතකොට මේ අජිත්ටයි, සුමිත්ටයි පවරනවා, ගුරුවරයා පරදින්නේ නැතිව දාම් අදින්න ඕනෑ. අදින කෙනාට මොකද වෙන්නේ? කඩුවකුත් අරගෙනයි මේ ඉන්නේ. බෙල්ල කපනවා එතනම. ඉතින් ගෝලයෝ දෙන්නා දන්නවා, කීවොත් කරන බව දන්නවා මේ ගුරුවරයා. ඉතින් මරබියේ අජිතුයි, සුමිතුයි මේ දාම් ඇදිල්ල පටන් ගත්තා. ගුරුවරයා කඩුව අමෝරාගෙන ඉන්නවා. ඔහොම ක්‍රීඩාව යන අතරේ අජිත් කවදාවත් පැරදුන කෙනෙක් නොවේ. සුමිත් හොඳ මිත්‍රයෙක්. ඉතින් මම මේ නම් දාන්නේ මේක අර්ථවත් කරන්නයි. ඒ මුල් කථාවේ නැහැ. අජිත් බොහොම පහසුවෙන් ඔන්න දිනන තැනට එනවා. තව ඉත්තන් දෙන්නෙක් ඇද්ද හැටියේ අජිත් දිනනවා. මේ අවස්ථාවේ දැක්කා තමන්ගේ යාළුවා සුමිත් දැන් ඉතින් මැරෙනවා නේද ගුරුවරයා අතින්. මම මගේ ජීවිතය පරිත්‍යාග කරනවා කියලා අජිත් කළේ මොකක් ද? පරදින විධියට ඉත්ත බොරු ඇදිල්ලක් ඇද්ද. ඔන්න දැන් ඊළඟ ඇදිල්ල තුළින් වෙන්නේ හිතාගන්න බොහොම උණුසුම් අවස්ථාවකට එන්නේ. මේ පිරිසටත් විනිශ්චය කරන්න ප්‍රශ්නයක් එන්නේ. දැන් ඊළඟ සැරේ ඉත්ත ඇද්ද හැටියේ අර දිනන්න ගිය අජිත් පරදිනවා. පරදින්න ගිය සුමිත් දිනනවා. අර දිනන්න ගිය, කවදාවත් පැරදුනේ නැති අජිත්ගේ බෙල්ල කපනවා ගුරුවරයා. එක්කෝ ඔළුව පලනවා. දැන් මොකක් ද ගුරුවරයා කරන්නේ?
පැපිලියාන සුනේත්‍රා මහා දේවි පිරිවෙන් විද්‍යායතනයේ
විහාරාධිකාරී දර්ශනපති
පුස්සැල්ලයායේ චන්දිම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදාදින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment